Wednesday, August 17, 2016

ඉයන් තුමා ගේ සින්හල සින්දු යාය... සර ස තුමා ගේ හද බැඳි ගී....

ගරු සබාවෙන් අවසරයි....

සින්හල බ්ලොග් ලියනා හිතවතුන්, මද්යස්තයන්, තරහකරුවන් සහ ඇනෝ වරුන්ගෙන් අවසරයි!

අද සර ස තුමා කතා කොරන්න යන්නේ ඉයන් තුමා විසින් ඉදිරිපත් කෙරුනු ව සුන්දර ගී තරඟය නිසා හෙල බ්ලොග් කලා කෙත එකම සින්දු යායක් වීම ගැනයි! 

එවැනි අති සාර්තක වියායාමයකට සහබාගී වීමට ලැබීම ස ර ස තුමා ගේ බාග්යයක් බව එතුමා ගේ විස්වාසයයි!

ඉතින් ඉයන් තුමා ගේ ඇරයුම පරිදි ස ර ස තුමාත් එතුමා ගේ සිත් ගත් ගී මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කොර සිටිනවා! 

ආදරනීය රත්තරන් නන්ගී මල්ලී, අම්මේ තාත්තේ, අයියේ අක්කේ ගහන්න අත්න්පොලොසන් නාදයක්!

1. හාපුරා කියලා ජෝති ගෙන් පටන් ගනිමු.... නින්ද නේන රාත්‍රියේ...




2. දෙවනුව.... අපේ කාලේ පේරාදෙනි ඉන්ජිනේරු පීටේ සමකාලීනයෙකු වූ සමන් චන්ද්‍රනාත් ජිනදාස ගේ තුමුල නමුණුකුල ගිරිහිස.... පේරාදෙනි සරසවියේදී සජීවී ව රසවිඳ...


3. තෙවනුව B and S ගේ බොක්කටම වදිනා.... උන්මාදිනී හැන්ගුනා....

4. හතරවෙනුව..... සැමදා හද පාරනා..... ගුනදාස කපුගේ මහත්මයා ගේ.... විදුලි මිනි පහන්.....



5. පස්වෙනුව.... නුගේගොඩ එක ටියුශන් පන්තියේ සිටියදී නන්දා මාලනී මහත්මිය ගේ ගීත වලින් අප සැනසූ... දීපිකා ප්‍රියදර්ශනී ගේ සිනා පොදක් වී.... 


6. සයවෙනුව.... පොඩි කාලේ නැරඹූ ටෙලි නාට්ටියකින්... ටිලානි අමරසින්හ ගායනා කල මල් පිපෙයි දෙනෙත් හැරෙයි.....


7. හත්වෙනුව ඔහොම හොඳඳ චිත්‍රපටියෙන්... ඇන්ටන් ජෝන්ස් ගායනා කල (තැන්කූ අජිත් තුමා ) ඔමරි පපා මුකුලු පපා...



8. අට වෙනි තැනට අමරසිරි පීරිස් මහත්තයා ගේ මගේ පුන්චි රෝස මලේ....



9. නව වෙනි තැනට... සින්දු යාය තියා කිසිම සයිබර් යායකට කරූ කෙනෙක් නැතිවම බෑ.... ඒ හන්දාම... කරූ!... කරුනාරත්න දිවුල්ගනේ මහතා ගේ රෝස තොල් සිඹිම්....


10. ජෝති ට එකක් පමනක් දීලා පුලුවන්ද? ඒ නිසා.... මේ ජීවනයේ...


11. ස ර ස තුමා ට පලමුව මේ ගීය ලැබුනේ බොහෝම ආදරය කරනා කෙනෙකු ගෙන්  තෑග්ගක් විදියට... B and S ගේ රැස් විහිදෙන සමනලියක් ගෙන්...



12. දොලොස් වෙනුව... හිතට දැනෙනා... නිමල් ගුනසේකර මහත්ත්යා ගේ.. ආවාට තිබුනත්...




13. දහතුන්වනුව නීලා වික්‍රමසින්හ මහත්මිය ගේ බෝදියේ විහාරයේ




14. ඊලඟට හැමදාම ඇසෙන විට නැවත නැවත අහන්නට ආස හිතෙනා... ඒ ජේ කරීම් මහත්තයාගේ... සාදු සිරීපා....



15.  අරුනාචලම් සහ මාර්ස් සාලා වල ශිශ්ය සාද වලදී ඉතාම සන්වේදී ලෙස බෝතල් අඩියෙන් ම මතු වෙන අමරදේව මහත්තයා ගේ....බිංදු බිංදු රන් ගෝමර මාලා බන්දා ගෙල වට ඔමරි ලතාවට 


16. අවසාන ගීතය ලෙස ලයාන්විතව හරූන් ලන්ත්‍රා මහත්මයා ගයනා.... මගෙ නාමලී



මගේ ගීත සැට් එක මෙයින් අවසානයි.... ගීත ඇසූ ඔබ සැමට ඉස්තූතියි!

70 comments:

  1. 4,6,7,10,12,13 සුපිරි සිංදු, බොහොම ස්තූතියි සාරස තුමා. පිටුවට ඇඩ් කලා

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉයන් තුමා

      Delete
  2. මගේ නාමලී කියන්නේ කැමතිම එකක්. සරසෝ අමතක වුණානේ මට. ඔමරි පපා කියන්නේ ඇන්ටන් ජෝන්ස්. 4, 10, 12 මමත් කැමතිම සින්දු ටිකක්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ අජිත් තුමා

      Delete
  3. නියමයි සරස තුමෝ! (අප්පුඩි සහ විසිල් ගසමින්)

    ReplyDelete
    Replies
    1. :D අහසෙන එන්න රත්තරන් මල්ලිට අත්පොලොසන් නාදයක් දෙන්න මල්ලිලා....

      Delete
  4. 2, 6, 11, 16 මේ සිංදු ටිකට වැඩි කැමත්තක් තියනවා... අනික්වට අකමැති නෑ... මරු සිංදු ටික:d..:d......

    ReplyDelete
    Replies
    1. එහෙමයි,
      මරු සින්දු... තැන්කූ ඈ....

      Delete
  5. //අරුනාචලම් සහ මාර්ස් සාලා වල ශිශ්ය සාද වලදී ඉතාම සන්වේදී ලෙස බෝතල් අඩියෙන් ම මතු වෙන අමරදේව මහත්තයා ගේ....බිංදු බිංදු රන් ගෝමර මාලා බන්දා ගෙල වට ඔමරි ලතාවට//
    සා රස අපිව අතීතයට ගෙනියනවා. වැඩිපුර ඉන්ජෝ නැති අරුනාචලම්, ජයතිලක සාලා වල සුළුතරය වී සිටිද්දී නිතර ඇහුණු සින්දුවක් වගේම වගේම ජේපී එකේ සිටිද්දී එය අයිති කරගෙන සිටි ඇග්රි බැච් එකක තේමා ගීතය.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කන්ඩායම් නායක නිරෝන් (ඇග්‍රි ) ඇස් පියාගෙන ඔය ගීත ගයනවා තාමත් මතකයි.......

      ජයතිලකේ නම් ඕව ගායනා කොලේ මෙඩ්ඩෝ, ඩෙන්ටෝ සහ වෙටාලා...

      Delete
  6. ඉයන්ගෙ සින්දු රැල්ල නිසාම මේ පැත්තට කඩා වැදුනේ, මමත් කැමතිම සින්දු 2ක් තියෙනවා මෙතන බොධියේ විහාරයේ සහ , ආවාට තිබුනත් ගීත. ආවාට තිබුනත් මගේ ලිස්ට් එකට දාන්ත් හදලා දසම ගානක වෙනසකින් නෙතට උලෙළක් ජය ගත්තා.

    ReplyDelete
    Replies
    1. රැස් විහිදෙන සමනලියක් ගීතයට කැමති නැතෙයි?

      Delete
    2. කැමති කැමතී ඒත් වඩා කැමති දෙක තමා කිව්වේ මේ ලිස්ට් එකේ

      Delete
  7. ආවාට තිබුනත් ....කියනවනේ මං ඉස්සර ඉස්කෝලේ සාහිත්‍ය සමිතියෙදි ..ටීචර්ල හිනාවෙවි අහං ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒක ලස්සන සින්දුවක්!

      Delete
  8. ක්ලැරන්ස්ගේ එක සින්දුවක්වත් නැද්ද?
    නිමල් ගුනසේකරට මමත් කැමතියි. ඒත් ඒ මොකද කියන්න තේරෙන්නෙ නෑ.
    මිනිහගෙ කටහඬත් ගොර ගොර ගානවා. පෙනුමත් හොල්මනක් වගේ. සින්දුවලත් විශේෂයක් නෑ. ඒ වුනාට සිංදු වලට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ක්ලැරන්ස් ගේ දැමිය යුතු සින්දු බොහෝ තිබේ....ඉඩ කඩ ප්‍රස්නේ....

      Delete
  9. /* අපේ කාලේ පේරාදෙනි ඉන්ජිනේරු පීටේ සමකාලීනයෙකු වූ සමන් චන්ද්‍රනාත් ජිනදාස */

    මා දන්නා පරිදි සමන් ජයනාත් ජිනදාස 1985 දෙසැම්බරයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අවසන් කළා!

    ReplyDelete
    Replies
    1. 1992දී EOE එකේ පැවති ගාන්ධර්ව සභාවේ අවසන් වටයේ තරඟයට විනිසුරුවන් ලෙස සමන් ජයනාත් සහ දීපිකා ප්‍රියදර්ශනී සහභාගී වුණා. එදින, සමන් විසින් ඒ වන විට එළිදක්වා නොතිබුණු මෙම ගීතය (ඇතැම් විට මෙවැනි සෙනඟක් ඉදිරිපිට මුල් වරට) ගායනා කළා. සා රසට මතක ඇත්තේ මේ අවස්ථාව විය යුතුයි.

      Delete
    2. පසු කාලීනව වලේ පැවති සන්ගීත සන්ද්යාවන්ටත් සමන් ජයනාත් සාබාගී වී ඔය ගීතය කීවා මතකයි....

      රසික ලොක්කා කියනා දේ ඇත්ත නේ... සමන් ජයනාත් ස ර ස තුමා ගේ සමකාලීන නොව පෙරකාලීනයෙක්!

      Delete
    3. සීනියර් බැච් එකේ බැචෙක් නේ

      Delete
    4. අල්ලපු කාමරේ රූම් මේට් වෙලත් හිටියේ...

      Delete
  10. හොඳ සිලෙක්ෂන් එකක්.... මික්ස්

    ReplyDelete
    Replies
    1. ලෙමන් ලයිම් නොව මික්ස්ඩ් ෆෘට් මල්ලි!

      Delete
  11. KO BAN MAHA RAJJURUWOO GAN KIYUAPU SINDUWA

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=UkQ3Z6PydmU

      Delete
    2. https://www.youtube.com/watch?v=a22_25hQB00

      Delete
  12. මේ සිංදු ටික මම රෑ වෙලාම අහනවා.දැන් අහල රහ අඩුකරගන්න බෑ අප්පා... පැණි බේරෙන සිලෙක්ශන් එකක්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා නොම්මර එකෙ පැනියෙක් නේ ගස් ලබු තුමෝ....

      තැන්කූ වේවා!!

      Delete
  13. මම හිතුවේ සරසා තුමා කැමතිම පොල් කඩන ගීතයට කියල

    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සාරස කැමතිම ගීය ගැන විස්තරයක් මේ ලිපියේ ඇත.
      http://rasikalogy.blogspot.com.au/2015/04/artistes-and-artists-vs-henchmen.html
      .

      Delete
    3. බ්ලොග් බයි සේනා සංවිදායකකමට කෙලවෙයිද?

      Delete
    4. //බ්ලොග් බයි සේනා සංවිදායකකමට කෙලවෙයිද?//

      එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ටොයියෝ යනව පාද යාත්‍රාවක් එහෙම වුණොත්

      Delete
    5. // මම හිතුවේ සරසා තුමා කැමතිම පොල් කඩන ගීතයට කියල //

      නෑ... ලෝ නා මුනි රාජ ගේ සිරි දලදා පුරවමූ ගීතයට....:D

      Delete
    6. // රසිකොලොජිස්ට් - RasikologistAugust 18, 2016 at 1:35 AM
      සාරස කැමතිම ගීය ගැන විස්තරයක් මේ ලිපියේ ඇත. //

      මා ගැන මා පවා නොදන්නා දේ දැනගන්න රසිකලොජි ගෙන් අහන්න..... නැත්නම් කෝපිකඩේ දයාවතී ගෙන් අහන්න!

      :D

      Delete
    7. //Pra JayAugust 18, 2016 at 1:39 AM
      බ්ලොග් බයි සේනා සංවිදායකකමට කෙලවෙයිද? //

      මාර කේස් එකක් නේද වෙන්න යන්නේ?

      Delete
    8. // එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ටොයියෝ යනව පාද යාත්‍රාවක් එහෙම වුණොත්//

      එහෙම වුනොත් ස ර ස තුමා ගේ ගාත්‍රා දිගේ මූත්‍රා තමා...:D

      ඉයන් ලා ඉන්නකොට අපි බය වෙන්නේ මොකටද?

      Delete
  14. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සින්දු යාය පටන් අරන් ඔහෙත් කොලේ සින්හල බ්ලොග් අවකාසේ පොල්මන්කාරයන්ට ලැජ්ජ හිතෙන ලස්සන වැඩක් නේ ඉයන් තුමා!

      තැන්කූ වේවා!!

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මීට කලින් බලපු බ්ලොග් ලිස්ට් වල අහල නැති එක සිංදුවක් හරි තිබ්බ මේකෙ නම් ඔක්කොම සිංදු අහල තියනව ) සරස තුමා භාතිය සන්තුෂ්ලගෙ රසිකයෙක් වගේ :)

    ReplyDelete
  17. හත,දොළහා,දාහහතර හැර අනෙක් එව්වාට මමත් කැමතියි.එත් අර ගීත තුන එච්චර උනන්දුවක් දක්වන ගීත නෙමේ මම."මහා රජාණෙනි" ප්‍රශස්තිය සරසාතුමාගේ ලිස්ට් එකේ නැති වුනේ කොහොමැයි :D

    ReplyDelete
    Replies
    1. මම දැන් චීන රනිල් පාක්සිකයෙක් නේ හිටන්!

      Delete
  18. මම අහල නැති සින්දු ටිකකුත් තියෙනවා මේ ලිස්ට් එකේ. :)

    ReplyDelete
  19. අවංක නෑ.. හොදට සෝර්ට් කරල බලෙන් හදපු ලිස්ට් එකක්. ටෙලිපොම්ට් එක බලා කළ කතාවක්.. හැක්

    ReplyDelete
  20. Replies
    1. ඔබතුමා ගේ "ගී සන්කල්පය" නැගලා යනවා නේද ඉයන් තුමෝ?

      Delete
  21. විචිත්‍ර ගීත ටිකක්නේ සාරස තුමා අර භාරත තුමායි සන්තුෂ් තුමයි කියන සින්දුව ලස්සනයි නේ

    ReplyDelete
    Replies
    1. ඒකේ සන්ගීතය කොහොමද... විශිශ්ටයි නේද?

      Delete
  22. ඉයන් තුමාටත් සින්දු තෝරපු හැමෝටටමත් ජය වේවා!

    ReplyDelete
  23. සා රස තුමෝ, නියම සින්දු ටිකක්, එකක් වත් අතරින්න බැ... "සාදු සිරීපා...." සින්දුව ඇහුවේ අදමයි...

    ReplyDelete
    Replies
    1. අප මුදන ලෙසේ මේ ගෝර බවේ..
      ඔබ වින්දවූ ඒ මාර දුකා....

      කොච්චර ලස්සන සින්දුවක් ද?

      Delete
  24. සාරසෝ, සුපිරිම සින්දු ටිකක් මචෝ.

    අර ඇන්ටන් ජෝන්ස් ගේ සින්දුව සහ චිත්‍රපටි කෑල්ල අවුරුදු පහළොවකට විතර පස්සේ තමයි අද මේ දැක්කේ.

    භාතිය සන්තුෂ් ලාගේ "රස විහිදෙන" එකත් මගේ ෆෙවරිට් ලිස්ට් එකේ උඩ හරියෙම තියෙන එකක්.

    "තුමුල නමුනුකුල" එක මගෙත් ටොප් 16 වල තියෙනවා නේ..

    ReplyDelete
  25. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
  26. මගෙ ආසම සින්දු එකතුවක්.මොණර කිකිළියේ මගේ ලිස්ට් එකටත් ඉබේම එක් වුණ ගීතයක්.මගෙ නාමලී ලියන්න හදලත් ඒක අත ඇරලා හංසරාණී තෝරාගත්ත..

    ReplyDelete
  27. 1,2,3,4, 10,11,12,16....මා ඉතා ප්‍රිය කරන ගීත...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මගේ තේරීමෙන් බාගයකට වඩා ඔබේ සිත් ගත් ගී...

      Delete
  28. අප්පට සිලි.. මේ ටික කියන්න කව්දැයි සෙට් වෙන්නේ? මෑත කාලින සිංදු වලින් උන්මාදිනි ගීතයටත්, ටිකක් පරණ ඒවගෙන් නිමල් ගුණසේකර මහත්මයාගේ ආවාට තිබුනත් ගීතයටත් මොකක්දෝ විශේෂ ලව් එකක් තියෙනවා.. අනිත්ව ඔක්කොම කොහොමත් ආස සිංදු.. :)


    ReplyDelete
    Replies
    1. එක සිත් ඇත්තන් ගේ ගීත තේරීම.....

      Delete
  29. කියෙවුවෙමි... අනර්ගය!

    ReplyDelete