Monday, August 22, 2016

අහෝ ජර්මනිය...



හදිසි ත්‍රස්ත ක්‍රියාවකදී ජීවිත බේරාගැනීම සඳහා දින දහයකට සෑහෙන කෑමත්, දින පහකට සෑහෙන බීමත් හැම නිවසකම තබා ගත යුතු බවට ජර්මන් රජය එහි ජනතාවගෙන් ඉල්ලා සිටීමට යන බවට වාර්තා පල වෙයි. 

කැම දින දයකට නම් බීමත් දින දහයකට රැස් කරගෙන සිටිය යුතු නොවේදැයි කෙනෙනුට සිතිය හැකිය. එසේ සිතුනත් ඒ ප්‍රශ්න වලට ලිබරල් ජර්මනියේ ඉඩක් නැත!

යුරෝපා සන්ගමයේ මුදල් පසුම්බිය සහ එහි කර්මාන්තශාලාව වන ජර්මනිය යන්තම් ලිවීමට හා කියවීමට පමනක් සමත් මූලදර්මවාදීන් ගේ ග්‍රහනයට නතුව බොක්සින් කොටුවට තුවාය විසිකිරීම දෙස සර ස තුමා බලා සිටින්නේ කනගාටුවෙනි!

රටට නොගැළපෙන ලෝකයට නොගැලපෙන කෘතිම මනුශ්යත්වයක් ගැන විස්වාසය තබාගෙන සිටිමින් අනුන් ගේ ලණු කන දේසපාලකයන් ගෙන් ජර්මනිය ඇතුලු යුරෝපයට වන හානිය බලවත් ය....

මෙහි අවසානය වනුයේ ප්‍රන්සයේ මාරින් ල පෙන් වැනි උග්‍ර දක්ශිනාන්සිකයන් අතට සියලු යුරෝපීය රටවල ආන්ඩු බලය මාරු වීමය!

යුරෝපයේ එසේ දක්සිනාන්සක රජයන් පිහිටවීමෙන් පසුව ඔවුන් ගෙන් පඩි ගන්නා අපේ ඇණ් ජී ඕ කාරයෝ ද තමන් ගේ ලිබරල් සමාන්ත්මකතා සින්දු වෙනස් කොරමින් අපි වෙනුවෙන් අපි ගීතය ගායනා කොරනු දකින්නට අපේ ඇස් පින් කර තිබේද?

16 comments:

  1. හැබැයි එහෙම වීම අපේ සම හරක්ට නම් මාර ආතල් එකෙකි. මෑත කාලෙ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා අන්න බලාපියව් ඇමරිකාවත් ජාතිකවාදී මාර්ගයේ යනවා කියා බෙරිහන් දුන් ආකාරයට ජර්මනියත් පෙන්වා බෙරිහන් දීමට අවස්තාවක් ලැබෙනු ඇත

    ReplyDelete
    Replies
    1. අන්තවාදීන් කීපදෙනෙකු තම අඳ ගෝලයන් කපටි ලෙස යොදාගැනීම නිසා යුරෝපය දිය වී යයි.......

      Delete
  2. ඕවා ආතල් සීන්ය...

    ReplyDelete
    Replies
    1. මෙහි ආදීනව පසුව තේරේවි....

      Delete
  3. විය යුත්තක් ඇත්නම් එය එසේම සිදු වෙයි.

    ReplyDelete
  4. Replies
    1. එක්තරා විදියකට එම අනාවැකි සත්ය වෙමින් පවතිනවා නේද?

      Delete
  5. කල්ලෝ බල්ලෝ වෙයිද මන්දා මෙහෙම ගිහින්..
    ජයවේවා..!!

    ReplyDelete
  6. //රටට නොගැළපෙන ලෝකයට නොගැලපෙන කෘතිම මනුශ්යත්වයක් ගැන විස්වාසය තබාගෙන සිටිමින් //

    අන්තයට ගිය ලිබරල්වාදයද ඉතා භයානකය. ප්‍රස්නයවන්නේ එයින් පාඩමක් ඉගන ගන්නාවිට යලි මද්ධ‍යස්ථවීමට අවස්ථා අඩු වී ජනතාව අන්තවාදයේ (ක්සෙනෆෝබියාවේ ) අනිත් කොනට යාමට ඇති අවදානමයි.

    ReplyDelete
  7. බොහෝ විට ලැබුනු නිදහස අනිසි විදිහට භාවිතා කරන්න ගියාම සබ්බ සකලමනාවටම කෙලවේ කියලා දැනගෙන මේවා දකින අනිත් රටවල අය පාඩම් ඉගෙනගන්නවා නම් ඒකත් සමහරවිට ලොකු දෙයක් වේවි නේහ්

    ReplyDelete
    Replies
    1. බුද්දිමත් කතාවක්!

      ජයවේවා!

      Delete