Monday, August 29, 2016

පීටර් කුරුවිට තුමා



ස ර ස තුමා හා පුරා කියා පීටර් කුරුවිට තුමා ගැන දැනගත්තේ මැල්බොන් එකේ හිටන් එස් බී එස් නාලිකාව නරඹන කාලයේය. 

එහි මීව් ඔහාරා තුමිය විසින් කොරනා ෆුඩ් සෆාරි වැඩසටහන ස ර ස තුමා ගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහනකි. එම ෆුඩ් සෆාරි හී සිරි ලන්කා කෑම ගැන කියා දෙන්න ආ අයගෙන් සිත් ගනා සුලු හාදයා වුනේ පීටර් කුරුවිට තුමා ය.

ශ්‍රී ලාන්කික පියෙකුට හා යුරෝපීය මවකට දාව උපන් කුරුවිට තුමා පසු කලෙක ඔස්ට්‍රේලියාවය සන්ක්‍රමනය වී සිඩ්නි නුවර ඉහල පන්නයේ ආපනශාලා කීපයක හිමිකාරීත්වය දරනා සෙල්බිරිටි චෙෆ් කෙනෙකි.

ලෝක ප්‍රසිද්ද සෙලිබ්‍රිටි චෙෆ් ලා කොරනා අන්දමේ කොටස් කීපයකින් යුතු රූපවාහිනී වැඩසටහන් කීපයක් ම කිරීමට කුරුවිට තුමා වාසනාවන්ත වී ඇත. 


එතුමා ගේ මේ වැඩසටහන් TLC සහ The Food Channel වැනි රූපවාහිනී චැනල නරඹන සිරි ලාන්කිකයන් හට ද නැරැඹීමේ අවස්තාව ලැබී ඇත.

ස ර ස තුමා පීටර් කුරුවිට තුමා ට හදවතින් ම සුබ පතමි!

21 comments:

  1. පට්ට ආසාවෙන් බැලුවා ඉස්සර නම් වීඩියෝ කීපයක්ම . . මේ දාලා තියෙන ඒවත් බලන්න ඕන. ස්තූතියි

    ReplyDelete
  2. අපේ ඉවාන්අයියා වගේ

    ReplyDelete
  3. 'ෆොක්ස් ලයිෆ් " චැනල් එකෙත් ඔහුගේ වැඩසටහන් නිතරම ඉදිරිපත් කරනවා. මාත් කිහිප වතාවක්ම මේ වැඩසටහන බලලා තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා!!!
      පීටර් කුරුවිට තුමාටත් ජයවේවා!!!

      Delete
  4. වැව් ඉස්මත්තගෙ කමෙන්ට් එක විතරයි මතක. ;-)

    ReplyDelete
    Replies
    1. අයිවන් තුමාත් නිකන් පීටර් තුමා වගේය කියලා???

      Delete
  5. වැව් ඉස්මත්තගෙ කමෙන්ට් එක විතරයි මතක. ;-)

    ReplyDelete
  6. සාරස තුමාට අප්පච්චි ගැන ලියන්න මුකුත්ම නෑ වගේ, අද මේ කුරුවිට තුමෙක් ඇදගෙන ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා ඔයි දේසපාලනේ ගැන කතා කොරන්නේ නැහැ නේ හිටන්!

      Delete
  7. පීටර් කුරුවිට සාර්ථක ව්‍යාපිරකයෙක් වගේම ලංකාවට ආදරේ කෙනෙක්..
    මේ වගේ මිනිස්සු ලංකාවට ආඩම්බරයක්..

    ReplyDelete
    Replies
    1. මමත් දකින දේ සහ ඔහු ගැන අගේ කරන දේ ඒකයි... ඔහු හැකි හැම වෙලේම සිරි ලන්කාව ප්‍රොමෝට් කරනවා

      Delete
  8. ඒ මනුස්සයා වැඩසටහන් වලදී පුළුවන් තරම් ලංකාවේ පරණ විදිහට අපේ කෑම හදල පෙන්නන්න හදනවා, මමත් හරි කැමතියි මිනිහගේ වැඩසටහන් වලට...

    ඒකටත් එක්ක එක වතාවක් ලංකාවේ ඉන්න ගොන් අම්මණ්ඩි කෙනෙක් පොල් සම්බලයක් හදල පෙන්නුවා. පොල් ටිකක් ගෑවා, මිරිස් කුඩු ටිකක් දැම්මා, ලුණු සහ අදාල කළමනා පොඩ්ඩක් දාල අතින් කළවම් කරා...
    ඔන්න ලංකාවේ සම්බෝලේ කියල පෙන්නුවා කියහන්කෝ Fox Life හරි Fox Travel හරි කෑම ගැන වැඩසටහන් යන චැනල් එකක...

    ReplyDelete
    Replies
    1. අහෝ... ලැජ්ජයි නේද?

      ඒකට පීටර් තුමා.... දිය කිරෙන් තම්බලා අන්තිමට මිටි කිරි දාන හැටි, අතට දෙහි මිරිකලා ඇට වෙන් කොරගන්න හැටි වගේ දේසීය දේ නියමෙටම කොරනවා!

      Delete
  9. මෙතුමා ගැන ඇහුවෙ අදයි. බලං යද්දි සේරම දෙනා "තුමා"ලනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම්!
      යූ ටියුබ් එකෙන් වත් බලන්න... ඔබතුමා ගොඩාක් කැමැති වෙයි!

      Delete