Wednesday, August 31, 2016

බෝගන් වරු.






රෙඩ් නෙක්ස්ලා, හිලිබිලී ලා සහ වයිට් ට්‍රෑශ් තුමන් ලා ගැන අසා දැක තිබුනද බෝගන්ස් ලා ගැන ස ර ස තුමා ඉස් ඉසෙල්ලාම දැනගත්තේ එතුමා ගේ කුඩා දියනිය පාසැලෙන් ගෙදර ගෙන එන විටකදී ය. 

පාසැල් ක්‍රියාකාරකමක් සඳහා දුන් පැවරුමක දී බෝගන් සඟ්ස්කෘතිය ගැන ඉගෙනෙගෙන එන ලෙස ගුරුවරිය ඇයට දන්වා තිබුනි...

නොදන්නා බෝගන් සඟ්ස්කෘතිය ගැන ස ර ස තුමා අසා දැනගත්තේ රැකියාවට ගිය විටකදී එකට වැඩ කොරනා අයවලුන් ගෙනි.

එම විස්තරයට අනුව බෝගන් ලා ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්ත වාසී වැඩි ඉගෙනුමක් නැති, වැඩක් පොලක් කිරීමට අකමැති එහෙත් මුදල් ඉපයීම අතේ පයේ කැත්තේ උදැල්ලේ වැඩකොරනා නිතර බීමතින් සිටිනා කොටු කොටු ෆ්ලැනල් ඇඳුම් ඇඳගත්, දුම්පානයට ඇබ්බැහි වූ, පච්ච වලින් සිරුර සරසාගත්  පසුබට ජනතාවකි.

තම සවුක්‍ය තත්වය ගැන උනන්දු නොවනා බෝගන් ලා බොහෝ විට නොසැලකිල්ල නිසා දත් හැලුනු දුප්පත් කම විනෝදයක් ලෙස සලකා කටයුතු කොරනා කස්ටියකි.

මගේ රස්සාව කරනා ඉස්තානයේ උදවිය කියූ තවත් දෙයක් නම් අප අසා කොරනා ශේන් වෝන් තුමා ද බෝගන් වරයෙකු බවය! එය ඇත්තද බොරුද කියා ස ර ස තුමා නොදනිමි.

දැනගත් දේ දියනියට කියාදුන් ස ර ස තුමා පසුකලෙක ඇයත් සමගම එස් බී එස් නාලිකාවේ විකාශය වූ බෝගන් ප්‍රයිඩ් නම් වූ ටෙලි නාට්යය රසවින්දා මතකය!
  

32 comments:

  1. අනේ මට තේරෙන්නේ නැ මෙව්වා

    ReplyDelete
    Replies
    1. බෝගන් වරු ඔසී සමාජයේ එක්තරා සාමාජිකයන් කන්ඩායමක්. කන බොන, දුමක් මලක් අදින, අතේ පයේ වැඩ කරන, පොලොවේ ප්ය තබාගෙන ඉන්න කස්ටියක්. එතුමන්ලාගේ ජීවන ක්‍රමය ගැන ඒගොල්ලෝ බොහොම අභිමානයෙන් ඉන්නේ...

      Delete
    2. ආ ආතල් ඩයල් ටිකක්

      Delete
    3. ටිකක් කොක්කට බරයි... අත තිබ්බොත් ගෝරි ගොඩයි ටයිප්

      Delete
    4. නිකරුනේ කුණුහබ්බ වපුරන , අංශුමාත්‍රයක් මොලේ නැති එත් අයින්ස්ටයින්ලා කියලා හිතන් ඉන්න , බෝතලේ වටේ සෙට් වෙලා පස්සේ මරාගන්න , තම තමන්ට උචිත පොන්නයා වචනයෙන් එකිනෙකා අමතගන්න ජහපාලන බෝගන් සැට් එකේ වැසිකිලි වලිය සරස් බරස් තුමා ත් වින්දනය කලේද ? පව් කාලකන්නි

      Delete
    5. පොල්කුඩු මැවිසුරු මහ බෝගන් කාරයා ඉන්නේ සිනුවර බව ස ර ස තුමා ගේ විස්වාසයයි!

      Delete
  2. මෙහෙව් පිරිසක් ඉන්න බව ඔන්න දැනගත්තා.. යටි පෙලක් තිබ්බ නම් ගස්ලබ්බ මෝරලා මදි වගේ තේරුංගන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ දේවල් දැනගෙන සිටීම ජීවිතේට ප්‍රොයෝජනයි!

      Delete
  3. "දත් හැලුනු දුප්පත් කම"
    මේකනම් සරස තුමාගෙම වචනයක් වෙන්න ඕනැ

    ReplyDelete
    Replies
    1. ඇනෝ ජපන් තුමෝ... ඔස්ට්‍රේලියාවේ ඉස්පිරිතාල සවුක්ය සේවා සම්පූර්නයෙන් නොමිලේ ලබා ගත හැකි වුනත් දන්ත වෛද්ය සේවා මුදලට පමනයි. මැල්බොන් එකෙත් මා හිතන විදියට නොමිලේ දන්ත වෛද්ය සේවා ලබා දෙන්නේ හී පමනයි.

      ඉතින් බොහෝ දරිද්‍රතාවයෙන් පෙලෙන ඔසී ලා දත් ලෙඩ හැදුනාම මුදල් අගහිඟ කම් නිසා අවසානය තෙක් බලාසිට දත් ගලවාගැනීම හෝ දත් වැටීම නිසා ඔවුන් ගේ කටෙ දත් අඩුයි!

      Delete
    2. Erratum: මැල්බොන් එකෙත් මා හිතන විදියට නොමිලේ දන්ත වෛද්ය සේවා ලබා දෙන්නේ Royal Dental Hospital හී පමනයි.

      Delete
  4. රෙඩ් නෙක් කෙනෙක් ගැන මම පෝස්ටුවක් දැම්මා

    ReplyDelete
    Replies
    1. ඔවු... මේ බෝගන් ලාත් ඒ වගේ ම කස්ටිය!

      Delete
  5. බෝගන් වරු ගැන ඔබ තුමාගෙන් දැනගත්තයි කියමුකො හිටං. දැන් එතකොට ගෝබන් වරුයි යහපාලනෙයි අතර වෙනස මොකක්ද කියල හිටං කියල දීපන්කො සා ර ස තුමෝ..?? 🙃

    ReplyDelete
    Replies
    1. බෝගන් වරු කොටු කොටු ශර්ට් අඳිනවාය (පින්තූර බලන්න ) යහපාලනේ අර්ජුන ලා දුමින්ද ලා කොටු කොටු පනිනවාය!

      Delete
    2. ඔහෙ පලයන්..!! එතකොට මහින්ද මාමි කැඩුවේ ගල් හත වෙන්ට ඇති හිටං. 😂😂😂😜😜😜

      Delete
  6. දැං ඔහේ කියන්නෙ අපේ ජනාධිපතිතුමා බෝගන්ලටත් ණයයි කියලද? එන්න එපා අපේ චතූගෙ තාත්තට අනංමනං කියන්න හරිද?

    ReplyDelete
    Replies
    1. මල්සරා T56 න් අයිවන් ගේ හදවතට වෙඩි තියලා වගේ......

      Delete
    2. මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා
      චතු නගා දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා

      Delete
    3. අසාද්යයි හිටන්!
      අගේට හිටිය අයිවන් ....

      Delete
    4. අයි වන් ඇන්ඩ් ඔන්ලි ලව්පූස් ට සිකුරා ICU ගාණට උච්චවෙලා. කම්මලකට ගිහින් අතබලා ලාඩමක් ගසා ගන්න ලෙස ජෝතිශවේදීන් නියමකර ඇත

      Delete
    5. සිකුරා නළල් තලේ
      සිඹිනා ලෙසින්ම හිනැහේවී
      අඹරා නීල වරල
      සිකි පිල සේම දෙපස සලාවී
      මොණරා නෙවෙයි දෙවියනී
      ඒ මේ ලන්දේ - දේවතාවී...

      මෙන්න අහන්න

      Delete
  7. මහින්ද මහත්තයටත් ඕකේ මෙම්බර් ෂිප් එක අරන් දුන්නොත් මොකෝ... ඔය කියපු ටිකමයි එතුමා මේ දවස්වල කරන්නේ.. දනිසුත් පණ නෑ ලූ.. ගහපු බඩු ගානට දනිස් දෙක තියෙන එකයි පුදුමේ...

    ReplyDelete
    Replies
    1. ඔහෙගේ ගුරුතුමා ටත් කොටු කොටු කමිසයක් අන්දලා දතක් දෙකක් ගලවලා සිනුවර වාසී බෝගන් වරයෙක් කොරමුද හිටන්?

      Delete
  8. Replies
    1. පොඩි පොඩි කේස් තිබුනත්, සමස්තයක් වසයෙන් ඔවුන් සන්තෝසෙන් සහ අභිමානයෙන් ඉන්නා උදවිය...

      Delete
  9. බෝග්න් ප්‍රයිඩ් තමයි මට මතක් උනෙත් කියනකොට.. ඉන්දියාවේ පකිස්තානේ පටාන් ල ගැනත් මේ වගෙ ලියුවනම් නරකද?

    ReplyDelete
    Replies
    1. පතාන් ලා කියන්නේ අහවල් එක දිගයි කියලා කටකතා වල කියවෙන කස්ටියද?

      Delete
    2. අහවල් එක දිගයි- තෙම්පරාදුව කොටයි (short tempered) :)

      Delete
  10. https://www.pinterest.com/buttsmcbutts/victorian-working-classlower-class-clothing-1840-1/
    ඉස්සර ඉඳන්ම ප්ලේඩ් රෙද්දන් මහන ගවුම් ශර්ට් වර්කින් ක්ලාස්වගේ

    (පටන් ගත්තෙ නම් හයිලන්ඩ් ස්කොට්ස් / අනිත් ගේලික් ජාතීන්)

    ReplyDelete