Thursday, November 29, 2018

තෙමිච්ච නිලි ඇන්ටිලා

Image may contain: one or more people and people standing

එලවාපු රනිල් වික්‍රමසිංහව නැවත අගමැති කරන්න දාරානිපාත වැස්සෙ තෙමි තෙමී ලියමනක් ලියාගෙන ජනාදිපති සිරිසේනව බැහැදකින්න ගිය ශ්‍රී ලංකාවේ කාන්තාවෝ කියන කස්ටිය ගෙ පොටෝ එකක් ඔයගොල්ලොත් දකින්න ඇති නේ...


හොඳ වෙලාවට ඒකෙ කාන්තාවෝ කියලා ගහගෙන ආවෙ... නැත්නම් පිරිමිද ගෑනුද කියලා පැටලවෙන්නත් ඉඩ තිබුනා.. විසේසයෙන් ම මේකප් හේදිලා ගිය නිලි ඇන්ටිලා දැක්කාම..

මේ පොටෝ දැකලා මට පරණ කතාවක් මතක් වුනා...





එකපාරක් මම වැඩ කල පේරාදෙනි විශ්ව විද්යාලෙ වෛද්ය පීඨෙ භෞතවේද දෙපාර්තමේන්තුවෙ කොමන් රූම් එකේ අපේ කට්ටියක් අමුත්තෙක් වටා වටවෙලා ඉන්නවා... 

මාත් එක්ක වැඩ කලා කාන්තා වෛද්යවරියක්. කොලඹ ශාන්ත බ්රිජට් කන්යාරාමේ ඉගෙනගත්තු ඇය ඉතාම ගුණවත්, බොහෝ මහන්සිවී වෛද්ය ශිශ්යයන් ට උගන්වන හැමෝටම උදවු කරන ප්‍රසන්න කාන්තාවක්.  

ඇය මට ඒ කස්ටි පෙන්නලා මෙන්න මෙහෙම කියනවා: 

Who is that little chap? I have seen him in the TV!

මට මැරෙන්න හිනා...

කවුද එතැන කස්ටිය වටකරගෙන හිටි අමුත්තා?

වෙනින් කවුරුත් නෙවෙයි, අමරදේව මාස්ටර්!!!!


කතාවේ ආදර්ශය:
මේ තෙමිච්චි නිලි ඇන්ටිලා කොපමන රනිල් වෙනුවෙන් කඩේ ගියත් (සමහරවිට ලිට්‍රෝ ගෑස් කඩේටත් වෙන්න පුලුවන්...) රනිල් මේ ගෑනු එකෙක්වත් දන්නෙ නෑ... අඳුනන්නෙ නෑ
ඌ සිංහල ටෙලිනාට්ටි පිච්චැර් බලන එකෙක් වත් සිංහල සින්දු අහන එකෙක් වත් නෙවෙයි...

6 comments:

  1. ඊ ළග උද්ගෝෂණය වැස්සට එරෙහිවයි.

    ReplyDelete
  2. අම්මපා මුන් නිලියන්ද ..... නැතිනම් උන් සිතාගෙන ඉන්නවද නිලියන් කියලා ?

    ReplyDelete
  3. ඔය මොනව කිව්වත් උන් ග්‍රේට්! එක මිනිහෙක්වත් ගියාද ඔය වගේ වැස්සෙ තෙමීගෙන, නෑ නෙ.

    ReplyDelete
  4. තෙමෙන තරමට සාර්ථකවෙන බුසිනෙස් වලට තව හොදට තෙමෙන්න ඕනේ මෙයා

    ReplyDelete
  5. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

    දිගු කලකට පසු ඔබතුමන් අමතන්නේ සොම්නසිනි. ඔබතුමන්ගේ සුවියත් වියුණු සම්ප්‍රදානයෙන් තොර වූ පසුගිය වර්ෂය මා ගත කළේ දොම්නසිනි. සරසතුමෝ කෙටි කලකට නිහඬ වතට පිළිපන්හ; මම ද එවතට ම පිළිපන්නෙමි. අතිගරු සරසතුමන් නැති සිංහල වියුණු ලොව නිසරුනීරස ය; තර්කවිතර්කමුක්ත ය; වාදවිවාදමුක්ත ය; සංවාදවිසංවාදමුක්ත ය; විචාරප්‍රතිවිචාරමුක්ත ය; අසනිසදයෝපහාසමුක්ත ය; නව්‍යඥානසම්පාදනමුක්ත ය. නෙත යොමුවන තන් තන්හි පරවම්භන ය; අත්තුක්කංසන පරවම්භවන ය; පිෂ්ටපේෂණ ය; විලාපමරලතෝනි ය. අතිගරු සරසතුමන්ගේ වියුණු සම්ප්‍රදානයෙන් සන්තර්පිත පාඨකසජ්ජනීජනයා කවර ලෙසකින් අන්‍යාවලේඛනයන්ගෙන් සන්තර්පණය වන්න ද?

    අතිගරු සරසතුමනි. වියුණුකරණයෙන් ඔබතුමන් සමුගත් තැන මම ද එතැනින් නික්ම ගියෙමි. පසුගිය වර්ෂයක කාලය මා ගත කළේ ජීවිතයේ සන්‍ධ්‍යාසමයෙහි සුලභ ව්‍යාධිනට එරෙහි ව නිබඳ අරගල කරමින් ය. අවශේෂ කාලය කායික වෛද්‍ය විද්‍යා ග්‍රන්ථ කීපයක සංස්කරණ කටයුතු සඳහා වැය විණ. සිංහල වියුණු අවකාශය නම් අතිභයංකර කලාපයෙහි සැරිසැරීමට වඩා ශාස්ත්‍රීය ව්‍යායාමයක නිමග්න ව අල්පශේෂ විශ්‍රාම කාලය ගත කිරීම මගේ මේ නහිනදෙහින වයසට වඩා සුදුසු ය.

    මගේ පෙර කල භාවිත වූ ඉලෙක්ට්‍රොනික තැපැල් ගිණුම කලකට පෙර අහෝසි වී ගිය බව ඔබතුමන් දනිතියි මම සිතමි. ඔබතුමන්ගේ ද මා හිතෛෂී පිළියන්දල ප‍්‍රදීප් අර්ජුන ජයතුංග නීතිඥතුමාගේ ද සබඳතා තොරතුරු පෙර කී ඉලෙක්ට්‍රොනික තැපැල් ගිණුම අහෝසි වීම සමඟ ම අහිමි විණ. මම මගේ පෞද්ගලික ඉලෙක්ට්‍රොනික තැපැල් ගිණුමෙන් ඉලෙක්ට්‍රොනික ලිපියක් අතිගරු සරසතුමාගේ මල්ලේ පොල් වියුණුවේ ඉලෙක්ට්‍රොනික ලිපිනයට එවමි. ඉනික්බිති අපට බොහෝ දෑ කතා කළ හැකි ය. පසුගිය සමයේ සිදුවීම් පිළිබඳ නෙක තොරතුරු සාකච්ඡා කළ යුතු මුත් මෙය එසඳහා නිසි තැන නො වේ.

    මා සන්මිත්‍ර අතිගරු සරසතුමනි, බාධක ජයගෙන ඉදිරියට ම ගොස් සාධාරණත්වය සඳහා හඬ නඟන්නට ද ජීවනාභිලාෂයන් සඵල කර ගන්නට ද ඔබතුමාට මේ අභිනව වර්ෂයේ ද හැකි වේවා යි මම හෘදයංගම ව ප්‍රාර්ථනා කරමි. අතිගරු සරසතුමන්ගේ මිත්‍රසන්ථවය මට ශාස්ත්‍රීය වාජීකරණයක් වූ බව අවසන් වසයෙන් සිහි කරමි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete