Friday, July 29, 2016

චීන මුතු වැලෙන් ගොඩ ගිය මහින්ද මාමා








සින්ගප්පූරුවේ සහ හොන්කොන් වල දියුනුවට එවකට ආර්තික යෝදයා වූ ඇමෙරිකාව වියට්නාමය සමග සහ කොරියාව සමග කල යුද්ද වල දී අමෙරිකානු බටයන් ට විවේකය සහ සතුට (R and R)  අවස්තා ලබාදීම සහ අමෙරිකාවේ මිතුරෙකු ව සිට උදවු කිරීම එම රටවල දියුනුවට අසීමිතව බලපෑවා..... 

තායිවානය සහ දකුනු කොරියාවත් එවකට ආර්තික යෝදයා වූ අමෙරිකාව සමග දැඩි සම්බන්දතා ඇති  කරගෙන ආර්තික වාසි ලබාගෙන දියුනු වුනා... 

රටක භූගෝලීය පිහිටීම එම රටේ වාසියට පාවිච්චි කලේ එහෙමයි!

වර්තමානයේ ලෝකේ විසාලම සහ මෙතෙක් නොවූ විරූ ආර්තික යෝදයා වන චීනයේ ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් (String of pearls ) නැමති ආරක්ශ්ස්න ප්‍රතිපත්තිය ( අහලා නැත්නම් G String කියලා ගූගල් කොරලා අනුරූප බලන්නකෝ ) සමග යමින් එයට සක්‍රිය දායකත්වය සපයමින් මහින්ද මාමාත් කොලේ සිරි ලන්කාවේ භූගෝලීය පිහිටීම වාසියකට හරවාගෙන චීනයේ  ප්‍රසාදයට පත් වෙලා ඔවුන් ගේ  මුදල් ලන්කාවට ලබාගෙන රට දියුනු කිරීමයි....

ඒ කාලේ ඔනෑම සන්වර්දන වියාපෘතියක් පටන් අරන් පවත්වාගෙන යන්න මහින්ද මාමාට චීනෙන් ලැබුනු ඕපන් චෙක් එක උදවු වුනා...

යහපාලනේ ගොම්බිජ්ජෝ මේ වර්තමාන ලෝක ආර්තික තත්වයන් වටහා ගත්තේ නැහැ...

බන්කොලොත් අමෙරිකාවත්, ත්‍රස්තවාදයෙන් දිනපතා පරිප්පු කන යුරෝපයත් ඊටත් වඩා පසුගාමී ඉන්දියාවත්

 යහපාලනේට උදවු කොරයි කියා එම අට පාස් ගන් කබරයෝ විස්වාස කොලා...

දැන් කවුරුත් ලන්කාවට මුදල් දෙන්නේ නැහැ... ලන්කාව තුල නිශ්පාදනයකුත් නැහැ...

චීනය අපේ රටෙන් මිල දී ගත් රබර් සහ මැනික් වැනි කර්මාන්ත දැන් හොම්බෙන්ගි හින්...

අන්තිමට යහපාලන ගොම්බිජ්ජන්ට යන්තම් හෝ මුදලක් දෙන්නේ කවුද? 

චීනය! 

පොර්ට් සිටි තහනම් කල ගොමපාලනේ දැන් ඒක නැවත පටන් අරන්... මත්තල චීනෙට දෙන්න යනවා.... සොරි ඩොට් කොම් තමයි!

චීනේ තරහ කොරගන්නේ නැතිව මෝඩ දේසපාලනේ නොකර චීනයට ගොන් පාට් නොදමා හිටියා නම් අදටත් චීන මුදලින් ලන්කා ආර්තිකය අකන්ඩ වර්දනයක් ලබාගන්නවා..

Wednesday, July 27, 2016

මාකස් වාදී නව රැල්ල

අපේ කාලේ සිරිලන්කාවේ හිටියේ මාර්ක්ස් වාදීන් ය. 

රතු දෑකැති මිටි කොඩිය උස්සාගේන රැවුල් වවාගෙන හිටු මාර්ක්ස්වාදී උන්දැලා හන්දියේ පෙට්ටි කඩේ මුදලාලි ට ආදරේට කිවුවේ දනපතියා කියා ය. 

කවුරුන් හෝ කෙනෙක් කර්මාන්තසාලාවක්, සුලු වියාපාරයක් වැනි දෙයක් පටන් ගත්තානම් එම ආයතන වල සේවකයන් ව මනරන්ජන වැඩවර්ජන වලට පොලොඹවා වියාපාරය කම්බස් කර දැමීම එම මාර්ක්ස්වාදීන් ගේ විනෝදාන්සය විය.

හැමදාම මාර්ක්ස්වාදීන් ගේ හින්සාවට ලක් වූ සිරි ලන්කාවේ දනපති පන්තිය මාර්ක්ස්වාදීන් ගේ ඇට තලා පුස්සා කිරීමේ වියාපෘතිය රාජකීය විද්යාලයේ ආදි සිසු රනිල් වික්‍රමසින්හ මැතිතුමාට බාර දුන් හ.

සූර මොලකාරයෙකු වූ රනිල් තුමා සමාජයේ දුප්පත් පීඩිතයන් ගේ මාර්ක්ස්වාදී පක්සය වන ජ වි පෙ ට වැඩේ දෙන්න සැට් විය. 

පලමු අදියරේ දී තමන් හට ආම් බාන් කිරීමට අපහසු ව හිටි පීඩිත කුල වල මාර්ක්ස් වාදීන්  හට සම්ප්‍රදායිකව අයත් ව තිබූ ජ වි පෙ නායකත්වය රනිල් ගේ සමකුල දිසානයකලාට, හේරත් ලාට සහ රත්නායකලා ට ලබා දීම රනිල් තුමා ගේ මුල් ම ජයග්‍රහනයයි!

ඉන් පසු දිගට හරහට සෝ කෝල්ඩ් බිම්ම්මට්ටමේ ජෙප්පන් ගේ මොල සේදීම කරගෙන යෑමට රනිල් තුමා ට පහසු වුනේ බොහෝ ජෙප්පෝ තමන් ගේ පීඩිත පන්තිය අත හැර දොස්තරලා, ඉන්ජිනේරුවෝ සහ අනෙකුත් වුර්තීය වේදීන් වීම සහ තවත් කොටහක් විදේසගතව විස්කි බ්‍රැන්ඩි පාවිච්චි කොරනා සමාජ තත්වය ට පත් වීමය.

උනු හන්දා අහක දාන්නත් බැරිය.. කිරි හන්දා බොන්නත් බැරිය... තමන් එවකට ආදර බක්තියෙන් කැපකිරීම් කොල පක්සේ හරමානිස් ලා ට දෙන්නට බැරි බව ඉස්සර හරමානිස් දැන් වෙන්ඩ පොශ් ටොය්යන් වන හාදයෝ තීරනය කොලහ.... හරමානිස් ලා ගෙන් නොව වෙන්ඩ ටොයියන් ගෙන් අපමන වාසි ඇති බව පසක් කොරගත් සමකුල නායක ජෙප්පෝ බිම් මට්ටමේ සාදුකින් පෙලෙන කාඩරයන් වූ  හරමානිස් ලා ට සුහද කොකා පෙන්නා, වෙන්ඩ ටොයි ක්ලොසට් ජෙප්පන් ගේ සුරතලුන් බවට පත් විය!

සමන්තබද්‍ර උන්නාන්සේ තම අනුගාමිකයන් හට හිතේ කුකුසක් නැතිව පස් පවු සමග ජීවිතේ රස විඳීමට බුද්දාගම වෙනස් කොලා මෙන් රනිල් ගේ සම කුල ජෙප්ප නායකත්වය ද මාර්ක්ස්වාදය වෙනස් කොට තම කාඩරයන් ගේ ඔලු හෝදා ඔවුන් මාකස්වාදීන් බවට පත් කලහ.

පෝර සහනාදාර කැපුවාම ඇල් මැරුනු විරෝදතා දක්වන වර්තමාන ජෙප්ප නායකත්වය හයිබ්‍රිඩ් කාර් වලට බදු ඉහල දැම්මාම අවි අමෝරාගේන් ඉදිරියට ඒමේ රහස මෙයයි!

සාන්ත තෝමස් කොලීජියේ ඉගෙන ස්ටැලියන් කන්ඩායමේ ජනප්‍රිය සාමාජික ක්‍රිශ්මාල් වර්නසූරිය  තම ජාතික ලැයිස්තුවට දැමීමේ හිටන්, අන්කල් ජොන්සන් ලවා තම සන්වත්සරේ ලාම්පු පත්තුකිරීම දක්වා කොරනා ලද ගොබ්බ දේසපාලනේ දැන් ජවිපෙ ට හොඳටම පුරුදු වෙලා ය!

එහි අලුත් ම ප්‍රවනතාව නම් ඉස්සර දනපති ප්‍රතිගාමී කොම්ප්‍රදෝරු පන්තිය ආදී නම්බු නාම වලින් සන්ග්‍රහ කොරන්නට යෙදුනු වියාපාරිකයන් සමග බදුල්ලට ගොස් දුපත්තුන් හට ආදාර ලබා දීමයි!

සූරාකන දනපතින් ට විරුද්දව විප්ලවය කිරීමට එක්වෙයවු කියා  සාදුකින් පෙලෙන්නන් ට කෑගැහූ ගොන් බඩජාරි කටවල් වලින් ම ... අනේ දුපත්ත මිනිසුනේ, ඔයි සල්ලිකර මහත්වරුන් ට විරුද්දව පන්ඩිත වැඩ නොකර එතුමන්ලා දෙන ආදාරයක් අරගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියා කියවන්නට යෙදීම ගැන ස ර ස තුමා ට නම් ගමකට සන්තෝසය!

විපලවය වෙනුවෙන් ජීවිත පූජා කොරන්න සැට් වෙලා හිටි ගොන් ජෙප්පන් ට මරිසිය දමා ඔවුන් ගේ කටින් ම සාදුකින් පෙලෙනවුන් ඉදිරියේ මුදලාලි මහත්තුරුන් ගේ ගුන වරනනා කොරවීම සමත් වූ රනිල් තුමා ගේ රාජකීය මොලය ට අපි ගරු කොරමු!

මාර්ක්ස්වාදීන් මාකස් වාදීන් බවට පත්වීම කොම්ප්‍රදෝරු වරුන් ගේ සුලු දනේශ්වර බුරුශුවා පන්තියේ පස්චාත් නූතන්වාදී ජිජැක් ආපොහනවාදයෙන් සමාන්තර පෘතිවියේ බෞතිකවාදී චතුස්කෝටික මෙවුවා එකක් බව මෙයින් පැහැදිලි වේ!

Monday, July 25, 2016

සිරි රනිලාන්ඩුව


උම්මග්ග ජාතකේ සිරි කාලකන්නි කතාවේ පින්ගුත්තර හාදයා ට ලලනාවන් අරහන් ය. 
එතුමා ආසියාවේ ම හොඳම මොලය ලෙස මහාචාර්ය දිසාපාමොක් විසින් තෝරාගත් පසු මහාචාරිය තුමා ගේ දෝනියැන්දා වන මිස් ඒසියා කොන්ටෙස්ට් එක දිනූ උදුම්බරා කෙලී ව කසාද බන්දා දෙන ලදී.
ලොල්ලෙකු වූ බුද්දිමත් සිරි කාලකන්නි පින්ගුත්තර තුමා ලස්සන කෙල්ලෙකු වූ උදුම්බරා ව දිවුල් ගහකට යවා ගහ මුල කටු කොහොල් අතුරා, සැතිරිය ගෙන් මිදුනෙමි යැයි පවසා පලා ගියේය.

වර්තමානයේ හරක් විජේසූරිය මහඇදුරුතුමා මිට්ටර් සෝබිත සමග එක් වී රනිල් තුමා ව ආසියාවේ හොඳම මොලය ලෙස විරුදාවලි නගා, සිරි සේනව ඇඟේ පටලවා යහපාලනය හෙවත් සිරිරනිලාන්ඩුව බිහිකෙරුවේය.

සිරි කාලකන්නි ඉස්ටෝරියේ පින්ගුත්තර ලෙස ම රනිල්තුමා ද ලොල්ලුපිටියේ හාදයෙකි! 

ඔලු දෙකේ සිරිරනිලාන්ඩුවේ ලොක්කන් දෙදෙනාම   W.A සිල්වා ශූරීන්  ගේ දෙයියන්නේ රටේ පොතේ එන බබානිස් ගුරා සේ කට ඇරියොත් සාප වදින ලෙවල් එකේ කටවහ කාරයෝ ය.

සිරා ඉන්ගලන්තෙට, ප්‍රන්සයට, ජර්මනියට සහ තුර්කියට ගියේය. 

ඉන්ගලන්තය බ්‍රෙක්සිට් වී ගියේය. ප්‍රන්සයේ සහ ජර්මනියේ බෝම්බ පුපුරන්නේ දවසට දෙක ගනනේය. අක හිටන් හිට් තුර්කිය ද හමුදා කුමන්ත්‍රනයකට මැදි වී දිනපතා දහස් ගනන් ජනතාව හිර මැදිරි වලට ගාල් වෙති!

රනිලා ගේ කට ද ඊට දෙවනි නැත... කිලියාපිටියට ෆොක්ස්වැගන් කර්මාන්තසාලාව ගේනවා කියා කට ගන්නට පෙර ලෝකේ විසාලම මෝටර් රත කරුමාන්තසාලාව වන ෆොක්ස්වැගන් ෆැක්ටරිය බන්කොලොත් විය! 

අමෙරිකාවට ලොන්තපෝල් ටෝක් දී කට ගත්තා විතරයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්මතුවී ආවේය... දැන් ඇමෙරිකාවට දෙවි පිහිටය!

මුන් දෙදෙනාම සිරිරනිලාන්ඩුව හදාගෙන එක් වී කන්නේ අපේ සිරිලන්කාවය!

බුදුන් ගේ දේසය වන සිරි ලන්කාවට ජේසු පිහිටය!








Tuesday, July 19, 2016

අන්තරේ මාට්ටු!

අන්තර් විස්ස විජ්ජාලීය සිස්ය බලමන්ඩලේ පිටුපස සිට එය මෙහෙයවන්නේ කවුරුන්දැයි සැකය ස ර ස තුමා ට පහල වූයේ එතුමා පේරාදෙනි සරසවියේ සිස්යයෙකු ව හිටි කාලයේය හිටන්!

සිස්ය සුබසාදනය සහ උන්නතිය වෙනුවෙන් අවදානයට ලක් විය යුතු දහසකුත් එකක් කරුනු නොදැක්කා සේ හිටන්, කාටවත් වැඩක් නැති මරි මෝඩ කාරනා වලට අන්තරේ කරගහන්නේ ඇයි දැයි ස ර ස තුමා ට ප්‍රස්නයක් විය.

විස්ස විජ්ජාල ආචාර්ය මන්ඩලේ උදවිය විසින් කරන්නට යෙදෙනා ඉස්ත්‍රී දූශන වල හිටන් විබාගෙට පෙර ප්‍රස්න පත්තර පිටකිරීම වැනි එකී නොකී දසහක් කරුනු කාරනා දැක දැකම නොදැක්කා සේ සිටීම අරගල කරනවා කියාගන්නා සිය වියාපාරයට තරම් නොවේ.

උදාහරනයක් වසයෙන්, අද සයිටම් වලට විරුද්දව පාරට බැහැලා ඉන්නා උදවිය දැන දැනම පේරාදෙනි වෛද්ය පීටේ කාය ව්යච්චේද විද්යා මහාචාරිනී මල්කාන්ති චන්ද්‍රසේකර මැතිනිය පේරාදෙනියෙන් පඩි ගනිමින් ඉන්නා ගමන් ම එතුමිය ගේ අකල් මරනය තෙක් ම සයිටම් හී පීටාදිපතිනිය ව සිටි බව අන්තරේ සහ සියලු සිස්ය සියාවන් දැන ගෙන හිටියේය. පැහැදිලිවම වැරදි කිරියාවක් වන එම තත්වයට අන්තරේ මීක් කියා වත් හඬක් නොනැගීය... එහෙත් අද එලියට ඇවිත් පොර ටෝක් දෙති!

ස ර ස තුමා ඉහතින් සඳහන් කොරේ අන්තරේ සහ සිරි ලන්කා සිස්ය වියාපාර වල ගොන් පාට් ලක්ස ගනනින් එකක් පමනය!

මේ දිනවල යාපනේ නාහෙට නොඅහන දෙමල ගොබිලන් කීපදෙනෙක් සින්හල සිසු සිසුවියන් ට එලව එලවා පහරදීම නිසා අන්තරේ කබලෙන් ලිපට වැටුනේය.

කැලණි විස්ස විජ්ජාලේ කලිසම් කේස් එකට ඇතුලට යැවූ ආවේගසීලී මල්ලිලා සහ නන්ගිලා තවම ඇතුලේ ය. එහෙත් යාපනේ සින්හල සිසු සිසුවියන පැනි එන්න නෙලූ දෙමල ගොබිලන් ව පොලෝසියෙන් අල්ලන්නේ නැත....( බයට න්වෙවෙයි... හිරිකිටහ හන්දාය! )

වහාම තම සහෝදර සිසු සිසුවියන් ට පහරදුන් දෙමල අනාදිකාරයෝ හිරබාරෙට ගන්න යැයි කීමට අන්තරේ දිව නැමෙන්නේ නැත. ඒ අන්තරේ තීරන ගන්නේ සිසු සිසුවියන් නොව පසුබිමින් සිටිනා ඩොලර් කාක්කන් නිසා ය.

සහෝදර සිසු සිසුවියන් ගේ කචබචයෙන් බේරීමට අන්තරේ මිලියන් ගානක් වියදම් කර ලස්සන පෝස්ටර් තොගයක් ම රට වටා අලවා ඇත... 

ඉල්ලන්නේ සින්හල සිසු සිසුවියන් ට පහරදුන් එවුන් ට දඬුවම් දෙන්න කියා නොවේ. වැරදි කර හිරබාරෙට නියම වූ කැලැනියේ කස්ටිය ව හිරෙන් නිදහස් කොරන්න කියා ය!

අනේ අන්තරේ... අපට ඔහෙලා ගැන දුක ය!


Saturday, July 16, 2016

ගල් අඟුරු කකා ඇල්වතුරත් නිවලම බොන පැනමා යන සුහද කොකා!



චම්පක රනවක ලමයාට විරුද්දව මහරජානෝ ගේ කීම පිට වාසු විසින් මඩ ගසනා බව මාජ්ජ වල පලවිය.

එසේ නම් ජෙප්පෙක් වන වසන්ත වපරසින්හ විසින් චම්පක රනවක ලමයාට විරුද්දව දූසන සන්වර්දන කොමිටිය වෙත පෙස්සම් ගැසුවේ රනිල්තුමා ගේ මග පෙන්වීම යටතේ දැයි ස ර ස තුමා ප්‍රස්න කොර සිටී.

Thursday, July 14, 2016

අද හොඳම දවස....




අද දහවල් බොම්බේලුකින් වපරසින්හ තුමා චම්පක රනවක ගල් අඟුරු ටෙන්ඩරේකින් හොරකම් කලා කියා දූසන සන්වර්දන මන්ඩලේට පෙස්සමක් ගැසුවෙමි. 

ඒ, අනේ අර වාසුදේව හොරා කීවාට මම නම් ගල් අඟුරු ටෙන්ඩරේකින් හොරකම් කොලේ නෑ කියා චම්පක රනවක අද ප්‍රෙස් කොන්ෆරන්ස් තියා වේලෙන්නටත් කලින් ය.

තම කප්පම නොලැබීම නිසා හිතේ අමාරුවට පත් වී රේගුවේ හොරකම් ගැන හෙලි කොල අනුර කුමාර දිසානායකට විරුද්දව රවී තුමා නඩු දමන්න යන්නේත් අදය.

මාතර යාපා කෙනෙක් ඇවිත් VAT පනත පාර්ලිමේන්තුවට ගේන එක කල් දානවා කියා කීවේත් අද ය.

VAT පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඊට අත් උස්සන මන්ත්‍රීලාට හරක් ප****යෙන් ගහපල්ලා කියා යූ ඇන් පී එකෙන් දහ දොලොස් වතාවක් චන්දේ ඉල්ලා නෝන්ඩි වූ ශ්‍රීනාත් පෙරේරා සහ අනුර කුමාරට කලක පෙර හමු වූ ටොප් බඩුව වන ක්‍රිශ්මාල් වර්නසූරිය අද  කියා සිටියේ ඔවුන් අටවාගත් විද්වත් ගොන් පාට් එකේ බැනරය යටතේය!

විසිල් බලයේ ආචාරිය උපාදි නැති මහාචාරියා හරක් විජේසූරිය සහ උයන්කනගොඩ තුමා ලා නාමල් ගේ අම්මට යනුවෙන් මාජ්ජ සාකාච්චා ඇමැතුවේත් අද ය!

මෙතෙක් රාජපස්සලා ට බලු බැනුම් දෙස දෙවොල් තැබූ සිරි ලන්කා සොරිසේන පිලේ උප කතානායක, උප ඇමතිලා හේම වැලිකඩ ගිහින් නාමල්තුමා ට වැඳ අවසර ගත්තේත් අද ය!


හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස්ට් එකට දෙවාතාවක් ම පෙනී සිටීමේ වාසනාව කුකුලා ට ලැබුනේද අද බව ස ර ස තුමා ලියනා මේ ගොන් කතා කියවන පින්වතුන් දැන ගත යුතු ය!

අද හොඳම දවස....





Tuesday, July 12, 2016

ශැටිපිකේට් සහ මුදල් තෑගි



මම කොයි වගේද තුමා ගේ අලුත් ම පෝස්ට් එකේ තියෙන්නේ එතුමා නව නිපැයුම් කරුවෙක් විදියට පදක්කම් ලබාගන්නා පොටෝ එකක්... 

 ඔහෙලට කියන්න ස ර ස තුමා ටත් එදා ම ඔයි කියනා ශැටිපිකේට් සහ මුදල් තෑගි ලැබුනා නෙව අර වල්ල පට්ටා කේස් එකට....


පුන්චි ලෝකෙක නේ අපි ජීවත් වෙන්නේ!

Thursday, July 7, 2016

VAT සෙල්ලම






VAT එකට විරුද්දව බොහෝ වෙලෙන්දෝ පාරට බැස්සහ. ඉතිරිය නුදුරු අනාගතේ දී පාරට බහින්නට සූදානම් ය.

සිරීසේන හුටන් තුමා කඩ කාරයන් ට කියන්නේ බද්ද කඩ කාරයා ගෙන් නොව පාරිබෝගිකයා ගෙන් අය වන නිසා කඩ කාරයන් කලබල කිරීම අසාදාරනයි කියා ය.සාමාන්යයෙන් මරි මෝඩ කතා කියූවද මෙහි දී හුටන් තුමා කියනා කතාව ඇත්තය. ඒත් මුදලාලිලා හුටන්කතනය නොඇසූකන් ව ගේමට සැට් වෙලා ය. එයට හේතුව කුමක් ද?

දැවෙනා VAT බද්ද පිලිඹඳ ප්‍රශ්නය ස ර ස තුමා ට වැටහෙන්නේ මේ ලෙසටය!

ස රස තුමා ෆුඩ් සිටියට ගොස් බිස්කට් පැකැට්ටුවක් රුපියල් සීයකට එහි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට  මිල දී ගත්තොත් දැනටත් එයින් රුපියල් එකොලහක් රජයට බද්ද ලෙස ලැබෙනවා. ෆුඩ් සිටියට හිමි වන්නේ නිශ්පාදකයා දෙනු ලබන සීයට දහයක් පමන වන ලාබයයි!

නිශ්පාදකයා ගේ මිල රුපියල් හැත්තෑ නවයයි. ලාබය රුපියල් දහයයි. ආන්ඩුවට ගෙවනා VAT බද්ද රුපියල් එකොලහයි ලෙසටයි!

එම බිස්කට් පැකැට්ටුවම ස ර ස තුමා ලඟ ඇති කඩයෙන් ගත් විට ගෙවන්නේත් රුපියල් සීයක් වන උපරිම සිල්ලර මිලයි! දැනට VAT බදු නොගෙවන කඩකාරයා රජයට හිමි විය යුතු ව තිබූ රුපියල්  එකොලහ හිමීට තම සාක්කුවට දා ගන්නවා...


එහෙත් රවී තුමා ගේ බජට්ටුව අනුව දිනකට රුපියල් 33000 වෙලෙඳාමක් ඇති (ලාබය නොවේ ) පෙට්ටි කඩේටත් බද්ද ගෙවන්න ලියාපදින්චි වෙන්න වෙනවා.


මෙතුවක් කල් ආන්ඩුවට නොදී සාකුවේ ගල් කරගත් VAT බදු සඳහා පාරිබෝගිකයා ගෙන් අය කොල මුදල මෙතැන් සිට පෙට්ටි කඩේ මුදලාලිට රජයට දන් දීමට සිදු වනවා.

වඩාත් ම බියකරු කේස් එක නම් එපමනක් VAT බද්ද ගෙවනවා නම් පෙට්ටි මුදලාලියා විසින් ගෙවිය යුතු සත්ය ආදායම් බද්දත් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද යන ගනිත සූත්‍රයෙන් දේසීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන ගැන්න ලැබෙනවා.

මෙතුවක් කල් හොරාට ගෙවූ අන්තිම් අඩු මුදලක් වූ ආදායම් බද්ද නියමාකාරයෙන් ගෙවීමට සිදු වීම නිසා පෙට්ටි මුදලාලියෝ සීයට හැත්තෑවකට පමන හාට් ඇටෑක් හැදෙන්න නියමිත බව රාජිත සවුක්ය තුමා ඇස්තමේන්තු කොර තිබෙනවා.

කතාව අවසාන කොරන්න පෙර ස ර ස තුමා නැසීගිය සුගතපාල ද සිල්වා මහත්තයා ගේ බල්ලෝ බත් කති පොතෙන් මෙන්න මේ අදහසක් දෙන  වාක්යයක් උපුටා දක්වන්න කැමැත්යි... "බුලත් තට්ටුවක් තියාගෙන ඉන්නා බුලත් මුදලාලි හිතන්නේත් ඔහු දනපතියෙකු කියා ය. ඔහු හොඳ යූ ඇන් පී කාරයෙකි!!"

ඉතින් පින්වතුනි ඔබ දන්නා හඳුනන කඩ කාරයෝ පෙට්ටි කඩ කාරයෝ සහ වෙලෙන්දෝ සාමාන්යයෙන් කුමන පක්සෙකට චන්දේ දෙන කස්ටිය දැ‍යි හිතා බලන්න....
අසාද්ය සාලිලාට මුලා වෙලා යහපාලනේට චන්දේ දුන් මුස්ලිම් මිනිසුන් ගේ ප්‍රදාන ආදායම් මාර්ගය කුමක් දැයි විමසා බලන්න....

ඊට පසු මේ වනවිට කඩ වසා උද්ගෝසනේ කොරන්නේ යහපාලනේට කඩේ ගිය කඩ කාරයෝ ම නේදයි විමසන්න!

Saturday, July 2, 2016

රාජකීය පාලනය

යහපාලනේ කියා කිවුවාට එය සත්ය වසයෙන් ම රාජකීය පාලනයකි!

මහ බැන්කුවේ අදිපත් දූරයට රනිල්තුමා යෝජනා කොල ඉන්ද්‍රජිත් කුමරාස්වාමි මහතා පත් වී ඇත.

හරක් විජේසූරිය ගේ ඊරිසියාකාර තර්ජන වලට හිස පාත් නොකොට කොන්ද කෙලින් තියාගෙන තම පාසැලේ ම ආදි සිසුවෙකු එම දූරයට පත් කිරීම ගැන ස ර ස තුමා රනිල් තුමා ට තම කෘතඤතාවය පල කොරති!

ප. ලි: 
ඉන්දර්ජිත් මහත්තයා කොටියෙකු බව අරයා මෙයා එහෙන් මෙහෙන් කසු කුසු ගාති. ඇයි, කොටින් ට බැන්කු කොරන්න බැරිදැයි ස ර ස තුමා ඒ කස්ටිය ගෙන් අසා සිටී!