Thursday, June 29, 2017

අවවාදයයි.. රට බෙදන ව්‍යවස්තාව සම්මත වීමට නියමිතයි...FALSE FLAG OPERATIONS!






සරසවි සිසුන් මහපාරේ ය. වෛද්‍යවරුන් වැඩ වර්ජනයේය. කුණු දමනවාට විරුද්දව ප්‍රදේශවාසීන් උද්ගෝශනයේය. උමා ඔයට විරුද්දව මහජනතාව වීදි බැසලාය..ජනාදිපතිත් ඒ පැත්තේය. තැපෑල වැඩ වර්ජනයේය. පෙට්‍රෝලියම් වර්ජනයට ඔන්න මෙන්නය. අස්ගිරියට රජය පහරදෙති... රන්ගිරි දඹුලු විහාරය රජයට පවරාගන්න කැසකති.

මහජනතාවෙනි... ප්‍රවෙශමින් කටයුතු කරන්න... මේ ඔබ දකින්නේ 2015 මහින්ද මහත්තයාට විරුද්දව එක් රැස් වී කුමන්ත්‍රන කල දේසපාලුවෝ ඇන් ජී ඕ කාක්කෝ, විදෙස් ඔත්තු සේවා, පේරිමි නේස් නෝනලා, හර්ක් විජේසූරියලා, වී අන්ගොඩලා, රතනලා, පී සී රණවකලා, අසධ්‍ය සාලිලා, ඥානසාරලා එකතු වී එක්සත් වී මහා සන්ඝරත්නය සමග ඔබ අප සැම ගේ අවදානය වෙනත් දෙසකට යොමු කිරීමේ ෆෝල්ස් ෆ්ලෑග් ඔපරේශනයකි False Flag Operation!


ඉදිරි දින කීපය තුල දී මේ මහජන කැලඹීම් උද්ගෝශන සහ වර්ජන වලට පොලිස් පහර එල්ලවී කීප දෙනෙකු ජීවිතක්ශයට පත් වුවොත් ඒ ගැන පුදුම නොවන්න.. ඒ කුමන්ත්‍රණයේ ම කෑල්ලකි!

විවිද අන්දමේ දැවෙන ප්‍රශ්න ඇති කර මහ ජනතාව නොමග යවා, 2015 දී ඊලාම් ඩයස්පෝරාවට සහ විදෙස් ඔත්තු සේවාවලට පොරොන්දු වූ රට බෙදනා ව්‍යවස්තාව හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම රජයේ අරමුණයි.  

 එම උත්සාහයට ජ වි පෙ උපරිම දායකත්වය සපයන බව පෙනෙන්නේ හදිසියේම පහල වූ උමා ඔය උද්ගෝශනයයි. විජ්ජාරත්න කියනා පරිදිම මහින්ද මහත්තයාගේ කාලේ උමා ඔය ඉදිකිරීම් සිදුව ඇත්තේ 16% පමනකි. යහපාලනේ විසින් ඉතිරි 62% සිදු කල බවකි. ඉතින් හත්දෙයියනේ රනිල් හාමු එක්ක ඔච්චර සනීපෙට ආස්සරේ කරනා ජෙප්පන් ට 16% අවස්තාවේදීම ආන්ඩු මාරුවත් එක්ක උමා ඔය ඉදිකිරීම් නවත්වන්නට උවමනාවක් තිබ්බෙම නැද්ද? මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ දිනපතා ප්‍රශ්න අසමින් 16% අවස්තාවේදීම ඉදිකිරීම් නවත්වානොගත් ජ වි පෙ දැන් අවදි වෙලා බොරු කොඩි වනනු පෙනේ!

ස ර ස තුමා විසින් ඉහත පල කලේ දැන හෝ නොදැන විජ්ජාරත්නලා විසින් මහජනතාව ගේ ඇස් වලට වැලි ගසමින් False Flag Operation ක්‍රියා කරනා අන්දමයි!ජනතාවෙනි අවදියෙන් සිටින්න!!! රට බෙදන ව්‍යවස්තාවට ඉඩ නොදෙන්න!!

Wednesday, June 28, 2017

ආසියානු මානව හිමිකම් කොමිසම් විගඩම

ආසියානු මානව හිමිකම් කොමිසම Asian Human Rights Commission කියා අටමගලයක් හොන්ග් කොන්ග් රටේ තිබේ. බරසාර වචන යොදා නම හදා තිබුනාට රැවටෙන්න එපා... එම ආසියානු මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන් ගේ සන්විදානයට හෝ ආසියාන් සවිදානයට හෝ වෙන කිසි ගෝලීය ගෝලීය සන්විදානයකට අයත් නැති චූටි හාල් කෑලි  සන්විදානයකි.  කොටින් ම කියනවා නම් සින්හල බ්ලොග් ලියන්නන් විකුනන්නට හැදූ මලත් අය වැය වාර්තා නොපෙන්වන නෙලුම් යාය පදනම වගේ එකක් ය. එහි සේවය කරන්නේ දෙතුන් දෙනෙකු බවද එම දෙතුන් දෙනා අධ්‍යක්ශක වරුන් ලෙස  ද ක්‍රියා කරන බවද සමහරු පවසති. නෙලුම් යාය පදනම වගේමයි නේද?

 එහි වැඩියෙන් ම පෙන්වාදෙන්නේ ශ්‍රී ලන්කාවේ සිදු වුනායැයි කියනා මානව හිමිකම් කැඩීම් ය. ආසියාවේ වෙනත් රටවල් ගත් කල, පිලිපීනය, ඉන්දුනීසියාව සහ නේපාලයට ද විරුද්දව කුඩා කෙඳිරීම් දක්නට ඇත. 

ආසියානු මානව හිමිකම් කොමිසම් සන්විදානය කිසි දිනක චීනයට විරුද්දව හඬක් නොනගන්නේ කඩය වහලා හොන් කොන්ග් රටෙන් පිටවෙන්න කියලා චීනය පාට් එකක් දමයි කියා  ඇති බිය ට නොව චීනය මානව හිමිකම් කිසිවක් උල්ලන්ගනය නොකරන රටක් වීම නිසාමය!

ආසියානු මානව හිමිකම් කොමිසම මේ දිනවල මහ හඬින් කෑකොස්සන් ගසන්නේ පහුගියදා දෙරණ අද පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතිඥ ලක්ශාන් ඩයස් කියාපු පල්ලි 166ක් කැඩුවා කියනා කතාව අදිකරණ ඇමති විජේදාස රාජපක්ශ මහතා විසින් අභියෝගයට ලක් කල නිසා ය.  

සන්විදානය ලක්ශාන් ඩයස් ගැන මේ තරම් දුකින් කතා කරන්නේ සන්විදානයේ ලොක්කා 88/89 භීශන සමයේ ශ්‍රී ලන්කාවෙන් පැනගිය බැසිල් ප්‍රනාන්දු නම් හාදයා වීම නිසාය. බැසිල් ප්‍රනාන්දු ගේ බඩ රස්සාව මේ ආසියානු මානව හිමිකම් කොමිසම් ඇන් ජී ඕ කබල ඉදිරියට රෝල් කිරීම නිසාය. ලක්ශාන් ඩයසුත් පසුගිය කාලයේ හොන්ග් කොන්ග් රටේ YMCA හී ලිපිකරු ලෙස සේවය කල නිසා ය. බැසිල් ප්‍රනාන්දුට ශ්‍රී ලන්කාව ගැන වෛරයක් ඇති නිසාය. ඒ වෛරය හේතුවෙන් පුපුර පුපුරා ලන්කාවට මඩ ගසන්නට හැකි නිසාය. 

ඉතින් පින්වතුනි පොඩ්ඩක් සද්දෙට ආසියානු මානව හිමිකම් කොමිසම මාද්‍ය නිවේදනයක් පල කලාම එක්සත් ජාතීන් ගේ සන්විදානය පල කල මාද්‍ය නිවේදනයක් ලෙස ගනන් ගන්න එපා. නෙලුම් යාය පදනම පල අධෝවාතයක් ලෙසින් නොසලකා හරින්න.

Monday, June 26, 2017

රාජසන්තක කිරීමට එරෙහි වෙමු!



විශ්ව විද්‍යාල සිසු සිසුවියන් , රජයේ වෛද්ය නිලධාරීන් ගේ සන්ගමය, රජයේ වෛද්ය නිලධාරීන් ගේ සන්ගමය, රජයේ ගුරු සන්ගමය ඇතුලු බොහෝ මහජනතාව ඉල්ලා සිටින්නේ සයිටම් ආයතනය රාජසන්තක කරණු කියා ය.

ඊට පිලිතුරක් ලෙස රජය තීරණය කර ඇත්තේ ශ්‍යාමපෝලී මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් රන්ගිරි දඹුලු මහ විහාරය රාජසන්තක කිරීමට ය.

තේරුම්ගත නොහැකි ලෙස එ ජා ප මන්ත්‍රී කෙනෙකු වී ඉතා වේගයෙන් ඉහල නැග අධ්‍යාපන ඇමති වී සිටිනා අකිල විරාජ් කාරියවසම් නැමැත්තා කියන්නේ
රන්ගිරි දඹුලු මහ විහාරය  හී දෛනික ආදායම රුපියල් මිලියන තුන ඉක්මවන නිසා එම මුදල කලමනාකරණය කිරීමට රන්ගිරි දඹුලු මහ විහාරය රාජසන්තක කරන බවය.

මේ සම්බන්දයෙන් ස ර ස තුමාටත් වචන සුවල්පයක් කීමට ඇත.

ආගමික ආයතන වලට ලැබෙන මුදල් රජයට පවරාගත යුතු නම්, බෞද්දාගමට පමනක් නොව අනෙකුත් ආගම් වල පින්කැටත් රජයට පවරා ගන්න. 

විශේශයෙන් ම ශ්‍රී ලන්කාවේ හලාල් සහතිකය නිකුත් කරනා උලමා සන්විදානයේ පින් කැටේ බොහෝ මුදල් ඇති නිසා ඒකටත් බැළ්ම හෙලනු මැණවි. කොච්චිකඩේ පල්ලියේ සහ දවටගහ පල්ලියේ පින්කැට ගැනත් අවදානය යොමු කරමුද ඇමති තුමෝ?

අනෙක් කරුන නම්, රජයට මුදල් උපයන රේගුව, දේශීය ආදායම් සහ සුරාබදු ආයතන පෞද්ගලික අන්ශයට විකුනන්න කැසකවනා ඔහෙලා රන්ගිරි දඹුලු මහ විහාරයත් රජයට පවරාගෙන පසුව එය පෞද්ගලික අන්ශයට විකුනන්නේ නැහැයි කියා සහතිකයක් දෙන්න පුලුවන්ද??? 

රන්ගිරි දඹුලු මහ විහාරය රාජසන්තක කිරීමට එරෙහි වෙමු!

Sunday, June 25, 2017

වර්ජන, පොරොන්දු සහ රැවටීම්

දින තුනක් තිස්සේ නොනවත්වා වර්ජනයේ යෙදෙමින් හිටි රජයේ වෛද්‍ය නිලදාරීන් ගේ සන්ගමය පසුගියදා ජනාදිපති තුමා සමග පැවැත්වූ සාකච්චාවකින් පසු මාධ්‍යයට කියා සිටියේ එතුමන්ලාගේ ඉල්ලීම් වලට ජනාදිපති තුමා එකඟ වූ නිසා වර්ජනය හමාර කර නැවත වැඩට යන බව ය.

ඩෙන්ගු රෝගය අධි වසන්ගත තත්වයක් පවතින තත්වයක වෛද්‍යවරු වර්ජනය කරද්දී ඩෙන්ගු රෝගීන් ව අමාරුවේ නොදමා ඔවුන් ව රැකබලා ගැනීමට තරම් වගකීමකින් ක්‍රියා කලහ. එමෙන් ම අනෙකුත් හදිසි ප්‍රතිකාරද පිලිකා වකුගඩු, ගැබිනි මවු වරු  ආදී අන්ශවල ප්‍රතිකාර ද නොනවත්වා සිදු කරනා ලදී.

එහෙත් වෛද්‍යවරු නැවත වැඩට යනවා කී මොහොතේ සිට සමාජ ජාලා වල වසුරු වපුරමින් ගන්වතුර කාලේ ආදාර මුදල එකතුකර තමන් ගේ ගිනුම් වලට දමා ගැනීමට ප්‍රසිද්ද එ ජා ප හාල් කෑලි විසින් වෛද්‍යවරුන් වැඩට යන්නේ දිගටම වර්ජනය කලොත් ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙනවන බවට ජනාදිපතිතුමා තර්ජනය කල නිසා යැයි උඩඟු බස් දොඩවති.

 එම සමාජ ජාලා වසුරු වපුරන්නන් ගේ කතා දුටු වහාම සර ස තුමා ට මතක් වුනේ නොකෙරෙන වෙදකමට අවශ්ය වූ කෝඳුරු තෙල් පට්ට ගනනය.

මොකෙක් ට හෝ මෙම රජයේ වෛද්‍ය
නිලදාරීන් ගේ සන්ගමයේ වර්ජනය දිගටම පවත්වාගෙන යා යුතු බවක් පෙනේ. ඒ බව ඔප්පු වන්නේ වෛද්‍යවරු මාද්‍යයට නොකියූ රජයේ හා පෞද්ගලික අන්ශ සාබාගීත්වයෙන් සයිටම් ආයතනය පවත්වාගෙනයනු ලැබේ කියනා කෑල්ල ඇතුලත් කර ජනාදිපති ලේකම් විසින් නිකුත් කල ප්‍රකාශය කියවූ විට ය.

සමහර විට රජය උත්සාහ කරන්නේ වෛද්‍යවරුන් ට බොරු පොරොන්දු දී මේ වැඩ වර්ජනය දිගටම පවත්වාගෙන යෑමට වන්නට පුලුවන.ඒ සමගම වෛද්‍යවරුන් ගේ කේන්තිය අවුස්සා අත්‍යාවශ්‍ය සේවා ද නතරකරගැනීමට වන්නට පුලුවන.

 සරස තුමා ප්‍රායෝගිකව දන්නා පරිදි වෛද්‍යවරුන් ගෙන් 75% හා සරසවි සිසුන් ගෙන් 95% පමන දෙනා පසුගිය මැථිවරණ වල දී චන්දය ප්‍රකාශ කලේ යහපාලන ආන්ඩුවට ය.

හිත රිදී තිබේනා අවස්තාවකදී වුවත්, එම වෛද්‍යවරුන් ගෙන් හා සරසවි සිසුන් ගෙන් සරස තුමා ට අසන්නට ඇත්තේ තමා විසින් චන්දය දී අටවාගත් යහපාලන රජයෙන් මෙවන් පිලිකුල්සහගත සැලකීමක් ලැබීම ගැන ඔබට සතුටුද දැන් කියා ය!


 

Thursday, June 22, 2017

ඇප සරණයි...




A man is known by the company he keeps කියා කතාවක් ඇත.

පොලිසියට අවශ්‍ය සැකකරුවෙකු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා විසින් නම් කරන්නට යෙදුනු පූජ්‍ය ඥාණසාර හිමියන් ඊයේ උසාවි තුනකින් ම ඇප ලබාගැනීමට හැකි විය. ඊට පෙර සති තුනක පමන කාලයක් එතුමා පොලිස්පති තුමා පත් කරාපු පොලිස් කන්ඩායම් හතරකම ඇස් වල වැලි ගසා සැඟවී සිටීමට සමත් විය.

අන්තිම උසාවියේ මහේස්ත්‍රාත් තුමා පොලිසියට කීවේ පූජ්‍ය ඥාණසාර හිමියන් මුස්ලිම් ජාතිකයන් මරනවා කියා මහ රෑ මහේස්ත්‍රාත් තුමා ව අවදි කර වරෙන්තු ලබාගෙන මේ ලෙස ඇප ලබා ගන්නට පොලිසිය ඉඩ දෙන්නේ මන්ද යන්න ය. පිලිතුරු ලෙස පොලිසිය, පූජ්‍ය ඥාණසාර හිමියන් අතින් මැරුනා කියන්නට යෙදුනු මුස්ලිම් ජාතිකයන් නැවත උත්තානය උනා යැයි පවසන්නට ඇත.
 
පූජ්‍ය ඥාණසාර හිමියන් ට ඇප ලබාගැනීමට උසාවි ගිය  කන්ඩායමේ ඉදිරියෙන් ම හිටියේ යහපාලනේ ගේන්න සුපර් මාකට් ගිය දූශන සංවර්දන  පෙරමුනේ කාරක සභික සහ උප සන්විදායක පූජ්‍ය උලපනේ සුමන්ගල හිමියන් ය. 

දූශන සංවර්දන  පෙරමුනේ අනෙකුත් කාරක සභිකයන් අතර ඇමති චම්පක රණවක, ජනාදිපති උපදේශක ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න ද වෙති. 

 පුදුමයි නේද හිටන්??

 A man is known by the company he keeps කියා කතාවක් ඇත. ඒ කතාව එතැනින් අවසානය.

දැවෙන ප්‍රශ්නය නම් ඥාණසාර හිමියන් සැඟවී සිටියේ කොහිද යන්නය. සිරිකොත මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ යන උත්තර බාර ගන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

Tuesday, June 20, 2017

අස්ගිරි කතිකාව

අස්ගිරි පාර්ශවයේ ලේඛකාදිකාරී මැදගම දම්මානන්ද මහ නායක හිමි.


අස්ගිරි පාර්ශවයේ මහ නාහිමි වරුන් ඊයේ මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් රජයට කියා සිටියේ සියලුම වර්ගයේ අන්තවාදී ක්‍රියා සොයා බලන ලෙසත් සියලු වර්ගයේ අන්තවාදී කතා කියනා අයට විරුද්දව ජාති ආගම් භේදයකින් තොරව නීතිය එක සේ ක්‍රියා කරනා ලෙසත් ය. උතුරු නැගෙනහිර ප්‍රමුඛව රටේ අනෙකුත් ප්‍රදේශ වල සිදුකරමින් පවතින පුරාවස්තු විනාශය, පන්සල් වල ඉඩම් බලෙන් අල්ලාගැනීම  සහ බලහත්කාරකමින් මිනිසුන් පදින්චි කිරීම නවත්වන ලෙස ය.


 නාවලපිටියේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් තේ කර්මාන්ත ශාලාව ගිනිතිබ්බේ සිංහල අන්තවදීන් ය කියා ඇමති රාවුෆ් හකීම් ප්‍රසිද්දියේ ප්‍රකාශ කලේය. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මැති තුමා ඉදිරිපත් ව එම ගිනිගත් තේ කර්මාන්තශාලාවේ අයිතිකරු මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් එම ගිනිගැනීම විදුලි කාන්දුවක් නිසා බව රටටම දැන්වීය. එහෙත් රාවුෆ් හකීම් මැතිතුමා තමන් කල සාවද්‍ය ප්‍රකාශය ගැන සමාව ඉල්ලීමක් සමග නිවැරදිකිරීමක් සිදු කරන්නට කටයුතු යෙදුවේ නැත.
 
හොං කොං රටේ YMCA හී  සේවය කල ලක්ශාන් ඩයස් පසූගිය කාලේ ලංකාවේ  පල්ලි 166 ප්‍රහාරයට ලක් වුනා කියා පසුගියදා  රූපවාහිනී වැඩසටහනකදී කීවේය. 


රාවුෆ් හකීම් ලා සහ ලක්ශාන් ඩයස් ලා මෙසේ ප්‍රසිද්ද ප්‍රකශ ලෙස අමූලික බොරු කියන්නේ  ෆේක් නිවුස් තැනීමට මූලාශ්‍ර සපයා දීමට ට ය.  මතු දිනෙක ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට විරුද්දව කටයුතු කරනා වාර්තා පිලියෙල කරන්නට මෙසේ නිර්මාණය කරනා ලද ෆේක් නිවුස් මූලාශ්‍ර ලෙස බාවිතා වනු ඇත. 

එහි ප්‍රතිපල ලෙස පන්සල් ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගැනීම, පුරාවස්තු විනාශය සහ වන සන්හාර වඩා ප්‍රචන්ඩව සිදු වනු ඇත.

මෙවන් වාතාවරනයක් තුල, සාමය හා සමාදානය කඩ කරනා  පුද්ගලයන් ගේ භයානක ක්‍රියා ගැන සොයා බලා ජාති ආගම් භේදයකින් තොරව  වරදකරුවන් හට නීති මගින් ක්‍රියා කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කිරීම ගැන අස්ගිරි විහාරස්ත මහනාහිමි වරුන් හට අප පින් දිය යුතු ය.

Monday, June 19, 2017

වරෙන්තු

ගලගොඩ අත්තේ ඥානසාර හිමිට උසාවියෙන් වරෙන්තු නිකුත් වී ඇතත් එතුමා ව අත් අඩන්ගුවට ගැනීමට නොහැකිවීම ඇන් ජී ඕ නඩයට මහා හිසේ ඇම්මක් ඇති කල කාරණයක් වී ඇත. 

මේ අල්ලපනල්ලේ බොරදියේ  සුලු පන්න ධීවර කර්මාන්තයේ යෙදෙන  පොදු විපක්ශයේ මහත්වරු, තමන් ගේ ඇමැති නිල නිවසේ ඥානසාර හිමි සඟවා ගෙන සිටිතැයි අභූත චෝදනා නගන්නේ ඇල්වතුරත් නිවලාම බොන, තරුණයන් හප්පා පලා නොයනා, සුකී ගේ හිසට කරන්ට් ඇල්ලුවේම නැති ඇමති ගරු පාටලී චම්පක රනවක මැතිතුමාටය.

මෙච්චර බලගතු නීතිය නවනා ශ්‍රී ලන්කා පොලිසියට ඥානසාර හිමි තාමත්  අත් අඩන්ගුවට ගැනීමට නොහැකි වීම  අරලිය ගහ මන්දිරේ තියෙනවාය කියා අර ගොන්ජා රාමනායක හෙලි කල භූ ගත් බන්කරේ තාමත් සැපෙන් සනීපෙන් තිබෙනා බව ට ප්‍රබල ශාක්ශියකි.

දැන් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියස ඇති ඔප්ශන්ස් මොනවාදැයි අප කල්පනා කරමු. ස ර ස තුමා නම් සිතන්නේ හිමියන් ගේ වරෙන්තුව නිසා එතුමා සින්හල බ්ලොග් පදනමක අයිතිකාරයා වන්නට සුදුසුකම් ලැබූ බවයි! 

කහමල්යාය පදනම කියා ඇන් ජී ඕ එකක් අටවාගන්නට මූලික සුදුකම වූ උසාවි වරෙන්තුව ලැබූ ඥානසාර හිමියන් හට තවත් තට්ටයෙකු ඇබිත්ත කමට යොදාගෙන බ්ලොග් සම්මාන සහ සමාජ සත්කාර කිරීම පටන් ගත හැකිය. එයා මයිල් නැත්නම් උන්වහන්සේගේ කිහිල්ලේ මයිල් ටිකක් වත් යොදාගෙන තට්ට ගෙඩියන් ශ්‍රී ලන්කාවට ගෙන්නා ගැණීම සුලු කාරණාවකි.

අනාගත කහමල්යාය පදනමට ජය වේවා!


 ප:ලි: 
කොමෙන්ට් මොඩරෙශන් අයින් කලෙමි. වගකීමෙන් පානය කරන්න. පිස්සු කෙලියොත් මනෝ කිචිස්සක කෙනෙක් ලඟට යවනු ලැබේ!




 

Friday, June 16, 2017

ගංවතුරෙන් දියවී ඩෙංගු වයිරසයෙන් සුනු විසුනු වූ කුහක කම.

යහපාලන සියඹලාන්ඩුවේ ජාතික සම්පත් විකුනාගෙන කෑමට සහ ඉන්දියානු ශ්‍රමිකයන් හ ශ්‍රී ලංකා ශ්‍රම වෙලෙඳපොල විවුර්ත කිරීමට කොන්දක් ඇතිව විරුද්ද වුනේ රජයේ වෛද්ය නිලදාරීන් ගේ සන්ගමය පමනි. 

 වෙලාවට කලාවට තම විරුද්දවාදීන් හට under the belt වර්ගයේ ප්‍රහාර එල්ල කරනා යහපාලන සියඹලාන්ඩුව කලේ සිරිකොතේ මෙහෙයවීමෙන් සමාජ ජාලා වල වසුරු වපුරන ඩිජිටල් බලකාය රජයේ වෛද්‍ය නිලදාරීන් ගේ සන්ගමයට විරුද්දව උසී ගැන්වීමයි.

සිරිකොතේ මෙහෙයවීමෙන් සමාජ ජාලා වල වසුරු වපුරන ඩිජිටල් බලකාය වැඩේට බැස්සේ එකල මතුවෙමින් තිබූ යේ  සයිටම් විරෝදී ස්ථාවරයත් සමගිනි. වෛද්‍යවරු සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට  විරුද්දවන්නේ කුහක කමට යැයි ජනප්‍රිය සටන් පාඨය නිර්මාණය වුනේ මේ ආකාරය ට ය.

සමාජ ජාලා බටකැලේ ගිනිගත්තේය. මහින්දට මහත්තයාට  හොරා හොරා හොරා කියපු උන්දැලා සහ තව බොහෝ උදවිය වෛද්‍යවරුන් හට කුහකයා යැයි කීමට පටන්ගත්තේ විලාසිතාවකට මෙනි.

කලක් ගතවිය. හදිසියේම හට ගත් මහ වැසි නිසා ගංවතුර සන නාය යෑම් ආපදා තත්වයක් හටගත්තේය. ජනතාවගේ ආදරනීය නායකයා ඔස්ට්‍රේලියාවේ සිටිද්දී, වැඩට බැස්සේ වෛද්‍යවරුන් ය. මහ වැස්සේ, නාය යෑම් ආපදා මැද තම ශෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී සෞඛ්‍ය කඳවුරු සහ සුව සායන මෙහෙයවමින්, ආපදාවට ලක් වූ රෝගීන් හට ප්‍රතිකාර ලබා දෙමින් මහඟු සේවයක් කරනා ලද්දේ වෛද්‍යවරුන් ය.

ඒ අතර වෛද්‍යවරුන් හට කුහකයි කියමින් කෝචොක් කල සමහර සමාජ ජාල වීරයන් ගංවතුර සඳහා මුදල් ආධාර තම පෞද්ගලික ගිනුම් වලට එකතු කර කොමිසන් ගසා මාට්ටු වීම දෛවයේ සරදමකි!

කුහකයන් කියූ වෛද්‍යවරු ජනතාවට සේවය කරද්දී සමාජ ජාලා දෙවිවරු ආධාර මාටියා ගැසීම කොපමන වේගයෙන් කලාද කීවොත්, සමාජ ජාලා වල මුදල් ආධාර එකතු කරන හොරුන් ට අහු නොවෙන්නැයි රජයේ නිවේදන පවා නිකුත් විය!

ජනතාව ගේ හිතමිත්‍ර සුරතල් අගමැති තමන් ගේ ලෙඩ රෝග පරීක්ශා කර ගන්න අමෙරිකාවේ ගොස් සති තුනක් ගත කලේය. ඒ අතරතුර ලන්කාවේ මහජනතාව බලා ගත්තේ කුහක වෛද්‍යවරුන් විසිනි. පෙරලා පැමිනි අගමැති කීවේ පාර්ලිමේන්තු මැති ඇමති වරුන් හට ඇමෙරිකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබාගැනීමට ක්‍රමවේදයක් සලසන බව ය. ලන්කාවේ ලෙඩ්ඩුන් ට කුහක වෛද්‍යවරුන්ගේම පිහිට ය.


ගංවතුරෙන් පසු ඩෙංගු අධිවසන්ගත තත්වයක් ඇති වී තිබේ. ඇඳන් 180 තිබෙනා මුල්ලේරියව බෝවෙන රෝග රෝහලේ ලෙඩුන් 500 ප්‍රතිකාර ගන්නා නිසා එම රෝහල තවදුරටත් ලෙඩුන් බාර නොගන්නා බව නිවේදනය කලේය! 

සමාජ ජාලා වල වීරයන් සේ "කුහක" වෛද්‍යවරුන් හට පහරදුන් මහජනතාව දැන් අත්දැකීමෙන් ම ඉගෙන ගත්තේ තමන් ට අසනීප වුනාම යන්නට ඇත්තේ සින්ගප්පූරුවේ මවුන්ට් එලසබෙත් වත් ඇමෙරිකාවේ රෝහල් වත් නොව ශ්‍රී ලන්කාවේ ඇති  රජයේ හෝ පෞද්ගලික රෝහල් වලට බව ය.. ඒවායේ සේවය කරන්නේ සෝ කෝල්ඩ් "කුහක" වෛද්‍යවරුන් බවය!!

ඩෙංගු අධිවසන්ගතය නිසා හැමෝගේම කවුරුහරි රෝහල් ගත වී "කුහක" වෛද්‍යවරුන් ගේ සේවය ලබාගන්නා නිසාම වර්තමානයේ කුහක කතාව සමාජ ජාලා වල ඇසෙන්නේ නැත. කුහකත්වය නැසූ ඩෙංගු වයිරසයට ජය වේවා!

 

Thursday, June 15, 2017

ශ්‍රී ලංකාවට සිදු වූ හූනියම....

තමන් හට යම් කෙනෙකු විසින් හූනියමක් කලැයි ජනාදිපති සිරිසේන විස්සෝප වෙනු රූපවාහිනී ප්‍රවෘත්ති වලට පෙන්වන්ට යෙදුනි. ඒ ගැන එයා මහ ලොකු කතා කීපයක් ම කීවේය.

ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ගේ පැත්තෙනුත් මේ ගැන පැමිනිල්ලක් ඇති බව සිරිසේන ජනාදිපති නොදන්න පාට ය.

නිස් අධ්‍යාපනයක් නොලද, කිසිම පෞර්ශ‍යක් නැති අලුකෙහෙල් ලෙල්ලක් වැනි නූගත් මිනිසෙකු බැරි මරගාතේ ඉදිරිපත් වී තමන් ට කරන්නට නොව හිතන්නට පවා අපහසු කාරියක් වන රට පාලනය රුපියල් දහයේ කාබන් පෑනෙන් අස්සන් කර බදා ගත්තු දා හිටන්  ශ්‍රී ලංකාවේ මහජනතාවට හූනියමක් සිද්ද වෙලා ඇති බව ඉතාම පැහැදිලි ය.

ශ්‍රී ලංකාවට මේ හූනියම සිද්ද කලේ RAW සහ CIA සන්විදාන වල කට්ටඩියන් විසිනි. කොට්ටොරුකම් කරමින් දුම්මල ඇල්ලුවේ මැරිච්චි සෝබිත, පනපිටින් ඉන්න රතන, හරක් විජේසූරිය, වී අන්ගොඩ, නිර්මාල් දේවසිරි, දබර කරන අමිල, පිරිමි හෙදිය, අසාද්‍ය සාලි වැනි අය හා ජ වි පෙ, දූශන සන්වර්දන පෙරමුණ, හෙර කරුමය වැනි ආයතන  ය.

මේ හූනියම වැඩ බාරගත්තු දා ම AAT සාමාජිකත්ව Level I පමනක් සමත් ව ඇති තම සහෝදරයා ටෙලෙකොම් සමාගමේ සාමාන්‍යාදිකාරී ලෙස පත් කර උගත් බුද්දිමත් ජනතාවට සුහද කොකා පෙන්වීය. 

කොටු පැන මාට්ටු වී පොරෝ පාර කා මියෑදුනු අනෙක් සහෝදරයා ගේ මලගමටවත් හූනියම සාභාගී නොවීය.

එලෙස අප හිස මත පාත් වූ මේ හූනියම පලාත් පාලන ආයතන වල නියෝජිතයන් නැවත පත් කිරීමකින් තොරව විසුරුවා හැරියේ මහින්ද මහත්තයාට පාඩමක් ඉගැන්වීමට ය. එහෙත් එයින් සිදු වුනේ පලාත් පාලන ආයතන වල සේවා සැපයීඑම කඩා වැටී මුලු රට පුරා මැස්සන් සහ මදුරුවන් බෝ වීමය. 

අප කියන්නේ බොරුවක් නම් හූනියමට මුල්ලේරියාව උන රෝහලට ගොස් එහි කොරිඩෝ සිසාරා වැතිර සිටිනා ඩෙන්ගු රෝගීන් ගෙන් අසා දැනගත හැකිය.

ශ්‍රී ලංකාවෙ මහාජනතා වන අප 2020 තෙක් බලාසිටින්නේ මේ හූනියම කපා පිස්සු හැදුනු පුලතිසිපුර බූතයා ව බෝතලයකට දමා වලලා දැමීමට ය!

Tuesday, June 13, 2017

කුණු!


අරලිය ගහ මන්දිරය පසෙකින් ඇති කුණු කන්ද චායාරූප  .

 නිවැරදි කිරීමයි: මේ චායාරූප ගෙන ඇත්තේ විශ්ව චින්තන මහතා නොව හර්ශ මදුරන්ග ජයසේකර මැතිතුමා (c) ය. එම ප්‍රමාදදෝශය පෙන්වාදුන් ගරු කේ එච් අකලන්ක තුමා ට අප ගේ ස්තූතිය.



පෙර කිසිදා නොවූ විරූ කුණු ගොඩකින් කොලඹ නගරය හා තදාසන්න ප්‍රදේශ වැසී යමින් පවතී. 

එකල පැවති නිසි ක්‍රමවේදයකට පවාත්වගෙන යමින් තිබූ කුණු එකතු කිරීම හා බැහැර කිරීම මුලුමනින් ම අඩාල වී ඇති බව සැමටම පෙනී යයි. ඉහත චායාරූපයෙන් පෙනෙන්නේ අගමැති ඉන්නා අරලියගහ මැදුරේ පසෙක ගොඩගසා ඇති කුණු කන්ද ය. අහවල් එක පමනක් නොව නහයක් ද නොමැති හෝන්තුවක් අගමැති කර ගත් ලක්ස 62 ක මෝඩ තකතීරුවන් ට ගැලපෙන හාදයා ට තම දෙපා මුල කුණු එකතුවීම ගානක් වත් නැති පාට ය.

ඕලන්ද රෝහල් ගොඩනැගිල්ලේ පසෙකින් ඇති කුණු කන්ද චායාරූප (c) විශ්ව චින්තන මහතා.



මේ කොලඹ හන්දියේ ඕලන්ද රෝහල් ගොඩනැගිල්ලේ තත්වයයි. රුපියල් දහදාහක් පමන වියදම් කර කකුලු අමාත්‍යන්සයට ගොස් නහය වහගෙන කකුලුවන් කන්නට දැන් දේශීයයන්ට සහ විදේශීයයන් ට හැකියාව තිබේ.  


කුණු කලමනාකරණය කරනා පලාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණ පවත්වන්න බයෙන් නා නා ප්‍රකාර වැල් බයිලා ගායනා කරනා යහපාලන ගොබ්බසේනලා ට පින් සිදු වන්නට මහජනතාව වන අප කුණු වලින් ස්වයන්පෝශිත ව සිටිමු.


මේ කුණු කරදරය හා එයට සමගාමීව එන මැසි වසන්ගතය දරා ගත නොහැකි සිවිල් ජනතාව (අර හොර හරක් විජේසූරිය අනාචාර්ය තුමා නොව සැබෑ සිවිල් ජනතාව ) දැන් තම අසහනය සමාජ ජාලා වලින් එලි දැක්වීමට පටන් ගනිමින් තිබේ. මේ අසහන රැල්ල කැරැල්ලක් වීමට ඇති ඉඩකඩ බොහෝ ය! පහත තිබෙන්නේ Facebook හී පලවූවකි.
 
                                                          ලිලන්ත බෝදිවඩුගේ (c)


කුණු ටික වෙලාවට එකතුකරගෙන යන්නටවත් නොහැකි මේ පර යහපාලන ගොන් පාර්ට් මල්වට්ටියට අත ගැසූ දේශීය හා විදේශීය පඬිතුමන් ලා හා ගොන්වහන්සේලා නිශ්ශබ්දව සිටී. ඒ කාලේ පොඩ්ඩ බැරිවෙනකොට මහ හඬ නැගූ ව්‍යාජ සිවිල් සමාජ ක්‍රියාකරුවනි, හරක් විජේසූරිය වරුනි, පිරිමි හෙදියනි, වි අන්ඩොඩ වරුනි, දබර කොරන අමිල ම්හතුනි, මැරිච්ච සෝබිතවරුනි, දූසන සන්වර්දන පෙරමුනේ තෙන්නකෝන් වරුනි, විනිවිද නොපෙනන වැලිඅමුනවරුනි, දැන් තොපි වත් පාරට බැහැලා කුණු ඉවත් කරපල්ලා!!!
 

Sunday, June 11, 2017

ට්‍රොල් කරන ලොල් ඇනෝ වහන්සේලා වෙතයි...

යහපාලනගාමී විවිද ලාභාපේක්ශිත සින්හල බ්ලොග් කරුවන් ගේ ඇසට කටු ඇන කන පැලෙන්න කකුලට ගැසීම අභිප්‍රාය කරගත්  මල්ලෙ පොල් බ්ලොග් පිටුවට ඇවිත් යකා නටා එහි සන්ස්කාරක වරුන් ගේ පෞද්ගලික ජීවිතය ගන මඩ ගසමින් සන්වාද වෙන අතකට යොමු කිරීමේ ට්‍රොල් වරුන් ගේ සාමූහික උත්සාහය සඵල නොවන බව දැන්වීමට කැමැත්තෙමු.

 කෙනෙක් තවකෙකුට අපහාස කිරීමට උත්සාහ කිරීම සාර්තක වන්නේ අපහාසය ට ලක් වන පුද්ගලයා එම අපහාසය බාර ගත්තොත් පමනකි. 

සරස තුමා මේ ට්‍රොල් කරන ලොල් ඇනෝ වහන්සේලා ගේ අපහාස කිරීමේ උත්සාහයන් බාර නොගනී. හැරෙන තැපෑලෙන් එවූ තැනැත්තාටම පිටත් කර යවති.

අප වනාහී ඌවෙන් රුහුනට ගොස් රිච්මන්ඩ් සහ මහින්ද සිසුන් ගේ අපයෝජනයට ලක් වූවන් නොවෙමු! නෙලුම් කොලේ දිය නොරැඳෙන්නාක් මෙන්, කබර හමේ ඝනකම නිසාම එයට සීරීමක් වත් හෝ ඇති නොවන්නාක් මෙන්, සින්හල බ්ලොග් කරුවන් ගේ හෝ කොමෙන්ට් කියවන්නන් ගේ ට්‍රොල් කිරීම සරස තුමා ට අබමල් රේනුවක වත් සිත් රිදවීමක් හෝ ආවේගශීලීත්වයක් ගෙන නොදෙයි.


කරුණාභරිත හදකින් යුතු සරස තුමා මේ  ට්‍රොල් කරන ලොල් ඇනෝ වහන්සේලා හට කියන්නේ අල කිරීමත් කලාවක් බව ය. ට්‍රොල් කිරීම හෙවත් අල කිරීම අපට හොඳින් හුරු පුරුදු දෙයකි. පේරාදෙනි විශ්ව විද්‍යාලයේ ජයතිලක ශාලාවේ ජෙප්පන් ව උපායෙන් පරදා ශාලා සන්ගමය පිහිටවූ අන්තර් විශ්ව විද්‍යාලීය කුඩා අලපාත්ති කරුවන් ගේ සන්ගමයේ ගරු ලේකම් වූ සරස තුමා ගෙන් අලකිරීමේ නොහොත් ට්‍රොල් කිරීමේ කලාව ඉගෙන ගන්නා ලෙස සරස තුමා එම ට්‍රොල් කරන ලොල් ඇනෝ වහන්සේලා ගෙන් ඉල්ලා සිටී



Wednesday, June 7, 2017

උස නම් සිකුරටි සුදු නම් ධනපති


වර්ණබේදය වැරැද්දක් බව නොදන්න සමාජවාදියෝ!


සිංහල භාශාව පමණක් ලිවීමට හා කියවීමට භාවිතා කරනා සමාජවාදීන් කියා කියාගන්නා පුද්ගලයන් වයස 45 පැන්නාම සමාජවාදය ගැන භයානක අර්ථ දැක්වීම් කරන බව එම පුද්ගලයන් හොඳින් නිරීක්ශනය කරන්නෙකුට පෙනී යයි.

 මෙවැනි අභූත අදහස් ඉදිරිපත්කරමින් ඉදිරියටම යන සමාජවාදීන් නවතින්නේ නන්දන ගුණතිලකලා වෙලා යූ එන් පී එකේ ය.  

එම මොලේ කචල් සමාජවාදී කොහොර්ට් එකට අලුතින් බැඳෙන්නේ ජ වි පෙ මහනායක අනුර කුමාර දිසානායක ය.

ඉහතින් දක්වා ඇති හඟුරන්කෙත ප්‍රදේශයේ පැවති ජනහමුවක දී ඔහු දැන දැන බොරු කියමින් අලුත් සමාජවාදයක් ගැන කතා කරයි.

අපි වගේ නෙවෙයි, ඒගොල්ලන්ගේ ලමයි ඉගෙන ගන්න යන්නේ පිටරටවලට කියමින් තලු ගසමින් අනුර කුමාර කියන්නේ ලොකුම කෙප්පයකි.
මා දන්නා බොහෝ ජෙප්පන් පවුල් පිටින් ම විදේශගත වන අතර බැරි නම් තම දරුවන් හෝ විදෙස් අද්‍යාපනයට යොමු කරයි.

අනුර කුමාර දිසානායක ට කලින් ජ වි පෙ මහනායක වෙලා හිටි සොමවන්ස අමරසින්හ මහතා ගේ දරුවන් ඉගෙන ගත්තේ එන්ගලන්තයේ ය. විජේවීර ගේ පුත්‍රයාත් විදෙස් ගතව ඉගෙනගන්නා බව පුවත් පත් වල පලවිය.  

ඉහත වීඩියෝවේ විනාඩි 1.19 සිට අනුර කුමාර සමාජවාදයට නව අරුතක් දෙමින් "ඒගොල්ලෝ සුද්දෝ වගේ අපි වගේ කලු නැතැයි" කියමින් කොමියුනිස්ට් මොන්ගොල් කතාවක් කියයි. 

අනේ අනුර ගොන් වහන්ස, සමේ පාට අනුව පුද්ගලයන් වර්ග කිරීම නීති විරෝදී බව සලකන්න. ඔහෙලා ගේ මාර්ක්ස් වාදයේ පියා වන කාල් මාක්ස් ගේද, සමාජවාදයේ සහ කොමියුනිස්ට් වාදයේ  ලොක්කන් වන ලෙනින්, ට්‍රොට්ස්කි සහ ෆෙඩ්‍රික් එන්ගල්ස් යන මේ හැමෝම තඩි සුද්දන් බව සලකන්න. 

ඉතින් සමේ පාටින් බැලුවොත් රනිල්ලා සහ මහින්දලා ඔහේට වඩා ලෙනින් ලා සහ කාල් මාක්ස් ලා ට සමීප බව අද වත් ඉගෙනගන්න.. 

ඔහෙලාගේ හිටපු නායක සිරි අයියා හෙවත් සෝමවන්ස අමරසින්හත් සුදුම සුදු අයියා කෙනෙකු බව මතක් කර ගන්න... ඔහේගෙම බාසාවට අනුව කිරි ටොයියා වගේ ඉන්නා  ලාල් කාන්ති නන්ගී ට සරස තුමා "උම්මා" එකක් දුන් බව පවසන්න.... මෙ කර්තව්‍යයන් ඉවර වුනාම සිරිකොත ගිහින් චුට්ටක් විවේක ගන්න හිටන්!

Sunday, June 4, 2017

ඉන්දික තොටවත්ත සන්නිය







ජ්යොතිශ්‍ය විසේසඥවරුන් යැයි පෙනී සිටිමින් මෙ රටේ පමනක් නොව පිට රට වල පවා ජීවත් වන ලාන්කිකයන් රවටා මුදල් හම්බ කරනා පට්ට හොරුන් අතර ප්‍රමුඛයෙකු වන ඉන්දික තොටවත්ත මහතාට කුරා කල බිවූ රන් කිරි මතක් වෙන්නට ම නෙලන්නට මාද්‍යවේදියෙකු වන චාපා බන්ඩාර මහතා සමත් වී තිබෙනවා.

 පසුගියදා ශ්‍රී TV හී ප්‍රචාරය වූ වැඩසටහනකදී, තමන් ට අධිමානසික තත්වයක් තිබෙනවා යැයි පාරම් බෑ ඉන්දික ට චාපා බන්ඩාර ඉදිරිපත් කල අභියෝගයන් ට මුහුන දෙන්නට බැරි වී කුජීත වී යන ආකාරය මුලු රටටම ප්‍රදර්ශනය වුනා.

තමන් දාර්ශනිකයෙක් යැයි කියාගන්නා මේ බොරුකාර සාත්තරකාරයා හරිහමන් ප්‍රාථමික අධ්‍යාපනයක් වත් ලැබූවෙක් දැයි සැක සහිතය.

කරදර වලට පත් වූ අසරණ මිනිසුන් ගේ ඇඳි වත පවා මන්කොල්ලාකන ඉන්දික තොටවත්ත වැනි හොර සාත්තරකරුවන් ගේ සත්‍ය තත්වය ප්‍රසිදියේ පෙන්වාදීම ගැන චාපා බන්ඩාර මහතාට අපගේ ගෞරවය හිමි වෙනවා.

Saturday, June 3, 2017

මැස්සන් වැඩිවෙලා....




පසුගිය මහ මැතිවරනයේදී දිවයිනේ සියලු ශ්‍රී ල නි ප පලාත් පාලන ආයතන වල මන්ත්‍රීන් මහින්ද රාජපක්ශ මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපැ වෙතැයි සිතූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊරිසියාවෙන් වෙවුලාගොස් එම පලාත් පාලන ආයතන වල කාලය දික් නොකර ඒවා අහෝසි වෙන්නට ඉඩ හැරියේය.

 ඉන් පසුව සිදු වූ දේශපාලන බල පෙරලි නිසා මයිත්‍රීපාල සිරිසේන මහතාට දැන් පලාත් පාලන චන්දයකට යන්නට නොහැකිය. ඒ චන්දයකට ගියොත් ඇපත් නැතිවෙන නිසා ය. මහින්ද රාජපක්ශ මැතිතුමා ගේ කාලේ නියම වෙලාවටත් කලින් පවත්වන්නට යෙදුනු මැතිවරණ වර්තමාන යහපාලනේ යටතේ කල් යෑමේ රහස මෙයයි.

කෙසේ හෝ මේ පලාත් පාලන චන්ද කල් යෑම නිසාම මේ රටේ මහජනතාවට පීඩා සිදු වීම හෝ පීඩාවක් සිදුවුනාම පලාත් පාලන ආයතන වල නියෝජිතයන් ගේ සේවය ලබා ගැණීමේ අයිතිය නැති වී ගොසිනි.




අපට තිබේනා දැවෙනාම ප්‍රශ්නය නම් කුණු ඉවත් නොකිරීමයි. මේ නිසා ගෘහස්ත කුණු එකතුවීම හා එසේ එකතු වූ කුණු කාටත් හොරෙන් පොදු ස්තාන වලට විසිකිරීම නිසා නගරාශ්‍රිත මැසි ඝනත්වය ඉතාම ඉහල තත්වයකට පත් වී ඇත. සින්හලෙන් කියනවානම් බැලූ බැලූ අත මැස්සන් ය. 


දිවා කල පමනක් නොව රාත්‍රී කාලයේත් මේ මැස්සෝ අපට කරදර කරති. නිවාස පමනක් නොව සියලු සේවා ස්තාන ද මැස්සන් ගේ අනසක ට යටහ් වී ගොසිනි.

වෙනසක් බලාගෙන ජනවාරි අට වැනිදා සිය දිවි හානිකරගත් මොට්ට රැලක් ඉන්නා රටේ මහජනතාව වන අපට සිදු වූයේ මැස්සන් ගේ අත් අඩන්ගුවට පත් වීමට ය.


ලඟදීම අප සොයා එන මැස්සන් ගෙන් බෝවන ලෙඩ රෝග සඳහා දැන් ම සිට සූදානම් වෙමු.

Thursday, June 1, 2017

අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හට ඉක්මන් සුවය පතමු!

 සිංහල බ්ලොග් ලියන කියවන අප සැමට මහෝඝයක් වූ භාශා විශාරද අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන්  අසනීපයෙන් පෙලෙනා බැවු සැල වී අප මහත් කණගාටුවකට පත් වුනෙමු. එතුමන් හට ඉක්මන් සුවය ලැබේවා යැයි ප්‍රාර්තනා කරමු!
 
Dear Dr Kumar Kaluarachchi,

It is with some real relief that I bring this news from the southern part of England. The imminent recovery of our mentor, teacher, colleague, and erstwhile friend Dr Bandula Kudalagama from a serious pneumonia is something I wish to share with you and other well-wishers including Pradeep A Jayatunge.

Dr Kudalagama has been on ventilator for several days, and we were able to wean him off the ventilator last evening. He has achieved the haemodynamic stability without the aid of inotropic medications, and is currently on the continuation of intravenous antibiotics. Further investigations are planned to elucidate a possible underlying pathology predisposing him to thrice recurring left-sided pneumonia since fall. Dr Wickremadithya, a specialist in pulmonology, and a group of intensivists are taking care of Dr Kudalagama at the moment. An extensive haemotalogocal assessment will be carried out in the due course.

On behalf of Kudalagama family, I wish to thank Dr Kaluarachchi for his enormous moral support in his friend's illness. Thank you so much. Dr Sera, the wife of Dr Kudalagama, acknowledges Pradeep's email of good wishes, and hopes to let her husband know about it sooner. I wish to thank the anonymous comment writers for their tremendous encouragement through their malicious, slanderous, scornful, wrathful, insulting, scourging, cursing, vengeful, revengeful, and hateful greetings. Thank you so much. 'But man is not made for defeat,' said Ernst Hemingway, 'A man can be destroyed but not defeated.' It is ironic in deed that the self-acclaimed Sri Lankan Godfather of Hemingway has forgotten his champion writer's famous saying!

Regards,

Segiriye Keerale.
ReplyDelete
Replies
  1. @Mr.Keerale of Sigiriya,
    Thank you for the information.
    Delete
     
  2. Dear Mr Keerale,

    Thank you very much for bringing the good news. Yes, as you clearly stated, Dr Kudalagama is our mentor, teacher, colleague, and erstwhile friend. In addition to that, he managed to bring a gold standard to Sinhala Blogging, with his beautiful use of Sinhala Language and deep knowledge in any chosen field.

    I am sure Dr Kudalagama, with the help of you and few of his close associates managed to bring in a great readership to this blog, making it one of the best performing Sinhala Blogs. I know for sure that most folks drop in here just to read what Dr Kudalagama has written.

    As you clearly mentioned, anonymous comment writers made loads of malicious, slanderous, scornful, wrathful, insulting, scourging, cursing, vengeful, revengeful, and hateful comments to Dr Kudalagama's responses. While some of them are clearly hawing a big grudge against Dr Kudalagama, I feel that most of others wanted to provoke the great man just to see beautiful responses to the stones they pelted.

    Dr Kudalagama is a great person and a sea of Knowledge. I do pray and wish a very speedy recovery for him.

    Mr Keerale,
    Please give my regards to Dr Sera. Please inform her that we shall carry on with the battle Dr Kudalagama started and never let his "opponents" to concur the Sinhala Blog-sphere.