Saturday, October 29, 2016

අටවිසි බැඳුම්කර පිරිත...







රනිලන්කරෝ මහා වීරෝ - යූ එන් පී මහායසෝ
පොන්සි රූපෝ ලෝකහිතෝ - කොල්ලන්ගේ ජුතින්ධරෝ

සොරිසේනෝ සැමදා කක්කෝ - මංගලො මහා නපුන්සකෝ
චන්ද්‍රිකෝ වෙරි වෙන ධීරෝ - රාජිතෝ නැවු වද්ධනෝ

සොභිතෝ මරලා දැම්මෝ - නැතුවම මරණ සහතිකෝ
සජියෝ ලෝකපජ්ජොතෝ - උස්සානන් කොරති සිකිරුට්ටෝ

අර්ජුනයෝ මහා බැඳුම්කරෝ - බෑනානන්ච ලාබ කොරෝ
මහා රනිලෝ සූර චෞරෝ - අර්ජුනයාට උදවුකරෝ

අනුර කුමරෝ කාරුණිකෝ - බැඳුම්කරේ අමතකකොරෝ
කෝප් කොමිටිය යකා නටෝ - ඇදලා වරදසංවරෝ

ඵුස්සො වරද පිලිගත්තෝ - විපක්සේච  අනූපමෝ
සුසිල් ප්‍රෙම්ජයන්තෝ කෙලියෝ - දයාසිරිත් එකතුවුනෝ

සොරිසේනෝ සත්ථවාහෝ -අඟේ ඉඳන් කන කනෝ
ටොමියෝසිරි සම්පන්නෝ -ඇඟපුරා ගොම ගාගත්තෝ


යූ ඇන්පී සිරිලන්කෝ - දෙගොල්ලෝ රට කාදමතෝ
ජෙප්පෝ මාරාරි සංගමං - සිරිකොතන්  සමුපගමුං

ඒතේන සච්චවජ්ජේන - හොතු මෙ ජය මංගලං

Thursday, October 27, 2016

මාමේ බාල සමාගමෝ!




මාමා බෑනාට දාලා දුන්නේ බාල සමාගමක් ය. මහ බැන්කුවේ මුදලින් මහ බැන්කුවටම කෙලියාම වැඩේ ගැස්සෙන බව නලුවන් නොවන මොලයන් හට පෙනුනේ නැත.

සෑම ප්‍රයිමරි ඩීලර් කෙනෙකු ම තම ගිනුම් වාර්තා ප්‍රසිද්ද කොල යුතුය කියා නීතියන් තියෙනා බව මාමාටත්, බෑනාටත් මිට්ට බීන් ටත් අමතක විය.

කරුමෙට එම ලාබ අලාබ ප්‍රසිද්දියට පත් වූ දා සිට අමතක වන්නට ඉඩ හැර තිබූ කේප්ප වස්සන් ගේ කෝප්ප වාර්තාව නව ජවයකින් ඉදිරියට පැමිනියේය. 

විසි දෙනෙකු සේවය කොරනා මාමාගේ බාල සමාගම මාස 14ට රුපියල් බිලියන් 10.1 ක ලාබයක් ඉපයීම සාදාරනී කරන්නට ගොස් හර්ශයා ටොමියා සහ බනානා ටුජී තුමාලා නාගත්තෙමි. එමෙන් ම ජෙප්පන් ගේ කැඳ බීපු පාවාදෙන ගතිය පෙන්වීමට හඳුන්නෙති සමත් විය..... 

මහත්වරුනි...මාමාගේ බාල සමාගම දෙස අප බලා සිටිමු

Wednesday, October 26, 2016

පර්පෙචුවල් ට්‍රෙශරීස් මල්වානෙන් මතුවීම





රනිල් තුමා ගේ නයහිමියා හෙවත් පොලී මුදලාලි වන අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් විසින් තමා පසුගිය මාස 14 ට මහබැන්කු බාන්ඩාගාරේ සුද්ද කර රුපියල් බිලියන 10.1 ක සුද්ද ලාබයක් ලැබූ පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමේ අද්යක්සකයෙක් නොවන බව වගකීමකින් යුතුව ප්‍රකාස කොට ඇත.

මෙහෙම ගියාම අච්චර ලාබයක් ලැබූ ආයතනේ ද්යක්සකලා ගෙන්වා ප්‍රශ්න කොලාම, මුදිත ජයකොඩි මල්වානේ ඉඩම තමාට අයත් නැතැයි කීවා සේ ඔවුනුත් බෑනා ගේ සමාගමේ කිසිම දේකට සම්බන්ද නැතැයි පවසනු ඇත. එවිට ආන්ඩුව කල යුත්තේ අයිතිකරුවෙකු නැථි මෙච්චර ලාබ ලැඹූ පර්පෙචුවල් ට්‍රෙසහරීස් සමාගම රාජසන්තක කොට එහි ඇති සල්ලි, රජයේ ඒකාබද්ද අරමුදලට බැර කිරීමය.

ආර්තික විද්යාව ගැන මෙලෝ හසරක් නොදන්නා සර ස තුමා එතුමාගේ පුස් අන්දරේ ගතිය නිසා මේ දේවල් ගැන ලියුවාට සින්හල බොගේ ආර්තික උස්තාද් ඉකොනොමැට්ටා තුමා මේම වන්චාව ගැන මීක් නොකියා නැට්ට අදෝමුකයේ ගහගෙන ඉන්නේ මන්දැයි අප හට නොතේරේ! 

සමහර විට ඔහු මහින්ද මහත්ත්යාඅගේ වැරදි ආර්තික කලමණාකරණය පමනක් දකිනා උපන් ගෙයි යූ ඇන් පී කාරයෙකු නිසා වන්නට පුලුවන...

Monday, October 24, 2016

ලැජ්ජාවක් අනේ මුන් ගේ ගෑවිලා නැතී





කෝප් කමිටුවේ මහ පුටුවට පැන්නා
මහින්දට ගේම දෙමි කියමින් උඩ පැන්නා
අර්ජුන් මාමා ගේ බෑනා ගොඩ යන්නා
හඳුන්නෙත්ති අද හොඳටම පච වෙන්නා

හොරු අල්ලන්න වන්චාවන් වලකන්න
මහජන මුදල් නැති කල අය කුදලන්න
සීතාම්බර සලුව ඇඳගත් ජෙප්පෝ මෙන්න
සැට් විය මුලු රටම අඳුරින් ගොඩ ගන්න

රනිල් තුමා කෑගසුවා කොර සද්ද
එතුමා එක්ක සෙල්ලම් නැහැ දන්නැද්ද?
බටලන්දේ කොරපු දේ අමතක වෙද්ද..
ජෙප්පෝ අතහරිති යහපාලන හොද්ද

ගමට යන්න බැහැ කොල්ලෝ කෝචොක් දමතී
රජසබයේ කවටයන් වී අරිති හතී
ලැජ්ජාවක් අනේ මුන් ගේ ගෑවිලා නැතී
ජෙප්පන් දකින විට හැමටම කැවෙති කිතී


Sunday, October 23, 2016

බෙහෙත් ගන්න ඈයොන් ට දැනුම්දීමයි....




නෝනාවරුනි, මහත්වරුනි!
ඔහෙලා කවුරුහරි දිනපතා බෙහෙත් එහෙම ගන්නවාද....? එසේනම් වාහාම ලඟම ඇති පාමසියට ගොස් අවස්ය බෙහෙත් ලබාගන්න. සවුක්කිය ඇමැතියා ගේ නව ගැසට් එකට අනුව බෙහෙත් ජාති 48ක පාලන මිලක් නියම කර ඇත. එම මිලට ගත හැකි වන බෙහෙත් වර්ග ඉතා අඩුය... තිබෙන ඒවා උනු කැවුම් ලෙස විකිනේ...

වහාම ලඟම ඇති පාමසියට ගොස් ඔබේ බෙහෙත් මිල දී ගන්න!

වැලි සොලි අලි!

අබෞද්දයන් ව අමන්නාන්දයට පත් කිරීම සඳහා පන්සල් සහ දේවාල වලට කඩන් පැන වත්තේ බැඳ හිටි අලි අල්ලාගෙන ගොස් හාමුදුරුවරුන් ට නඩු දමා හිරේ විලන්ගුවේ දැමීම යහපාලනේ විනෝදාන්සයක් ව තිබුනි. 

උදේට කුකුල් මස් කා දවල්ට පෝක් වලඳා රැට මට්න් කන ප්‍රොගතිශීලී වෙන්ඩපොශ් හාල්කෑලි, කොටස් වෙලෙඳපොලට බිල් තියා අතේ මාට්ටු වූ ඔටාරා ලා ගේ ගජබින්න වලට රැවටී අලි පිලිඹඳව පුදුම ආදර කරුනාවක් ගොඩනගාගෙන පෙරහැරේ අලි යෑම ලෝකේ අන්ක එකේ සත්ව හින්සාව ලෙස හන්වඩු ගැසීය!

යහපාලන දඩබල්ලන් ගෙන් බේරීමට පන්සලට ආපු පින්වතෙක් අලියා අමතක වෙලා ගියා කීව උඩුවේ හාමුදුරුවන් ව හිරේ දමා, සොබිත හිමි ගේ මරණයට යහපාලනේ වගකිවයුතු යැයි වදාල විගසම එතුමාව හිරෙන් නිදහස් කලේ මැලේසියාවේ කුවාලාලම්පූර් ගුවන් තොටුපලේ බොඅයින් 747 යානා තුනක් ම අයිතිකරුවන්ට අමතක වී ගිය වකවානුවක ය!

වෙන්ඩපොශ් ප්‍රොගොතිසීලීන් ගේ යහපාලන සැප කැඩෙනා කටකතාවක් පැතිරෙමින් පවතී....

එනම්, සොරිසේන හිටන්, බුද්දි අන්ස වාර්තා සහ සාත්තරකාරයන් ගේ කෙප්ප රිපෝර්ට්  කියවා බිය වී වෙවුලා වැටට උඩින් පැනලා දුවලා පන්සල් හා දේවාල වලින් අතඩන්ගුවට ගත්තු අලි එම පන්සල් සහ දේවාල වලටම නැවත් බාර දීමට යනවා කියා ය!

ආතල් බිඳෙන කතා කීවා ට වැලි සොලි ය... අපි සැපෙන්.. ඔබලාට සැපද හිටන්?

Wednesday, October 19, 2016

ගෝලයෝ දුවමින් කිරීම



ගුරා හිටගෙන කොරනා දේ ගෝලයෝ දුවමින් කරතියි කියා කතාවක් තිබේ. සොරිසේන සුමානෙකට විතර කලින් සුවාදීන කොමිසO වලටත්, අනෙකුත් දූසන වන්චා සොයනා ඈයොන්ටත් ප්‍රසිද්දියේ දාපු පුස් ටෝක් එක නැගලා ගියෙමි. 

දැන් පැමින ඇත්තේ ගුරා සාදාරනීකොරනය කිරීමට උත්සාහ කොරමින් ගෝලයන් විසින් දුවමින් කොරමින් හත් පොලේ ගා ගැනීම ය.

රාජිත කියන්නේ දිල් අක්කී විසින් මහින්ද මහත්තයා ට අයත් යැයි කටකතා පැතිරුනු සහ රාජිත ගේ පුත් චතුර කියනා රූකඩයා ඇස් දෙකෙන් ම දැක්කා කියාපු ඩුබායි බැන්කු ගිනුම ගැන විස්තර ඉල්ලා ඩුබායි රජ්ජුරුවන් ට  ලියූ ලියුමකට හුටන් සොරිසේන ගේ අත්සන ලබා ගත් බවත් ඊට පැයකට පසු මහින්ද මහත්තයා සොරිසේනට කෝල් එකක් දමා ඒ ලියුමට අස්සන දැමීම ගැන කෝචොක් එකක් දැම්ම බවත් ය.

කෙසේ හෝ අවසන් ප්‍රතිපලය වුනා කියන්නේ ඩුබායි බැන්කුව සොරිසේන ගේ අස්සන සහිත රාජ්ය තාන්ත්‍රික ලියුම කුණු කූඩයට දමා ගිනුම් විස්තර දීම ප්‍රතික්ශේප කිරීමය!

කැබිනට් පොරකාසක රාජිත කී කතාව ඇත්ත නම් අපේ මහින්ද මහත්තයා දිවා රෑ විචාරක ව ඇනෝලා බයිට් එකට ගන්නා සේ සොරිසේන ව බයිට් කොරමින් දැහැමෙන් සෙමෙන් රාජ්ය විචාරන බව ය.

ඒ අස්සේ චම්පික හප්පා පලායන ඇමැතිලා ගේ පක්සේ කියන්නේ ජනතාව වීදි බැස අල්ලස් කොමිසම සහ FCID එක වැටලිය යුතු බව ය...

වඩාත් ම සිත්ගන්නාසුලු පබ්ලික් සුලුදිය පහකිරීම කොරන්නේ අදිකරන ඇමැති විජේදාස විසිනි.... ඒ ඔහු සුවර්නවාහිනිය ඇවිත් හරක් විජේසූරිය මහාචාරියා ටොම් පචයෙකු බව පොරසිද්දියේ කියා සිටීම ය.

අහෝ හිනා වෙලා ඉල ඇට කඩාගන්න සිජ්ජ වෙන්නේ අපට ය!

Wednesday, October 12, 2016

හුටන් ට මල පැනීම හෙවත් නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇද වීම...



එකට කෑවත් බොක්ක වෙනස් යන පුරාණ වාක්යය සනාත කොරමින්, රනිල් තුමා මාස කීපයකට පෙර සොරිසේනට උගුල් ඇටවීම පටන් ගන්නා ලදී. 

කරනා තරම් දහබලුකම් කොරමින්, ඒවා සොරිසේන ගේ එකවුන්ට් එකට බැර කොරමින් රනිල් සහ සමාගම කොරගෙන යනලද්දාවූ, සොරිසේන විසින් වැඩිවිස්තර පුවත්පත් වලින් දැනගත්තාවූ සක්කිලි වැඩ අලුයම ලූ කෙල පිඬක් සේ සලකා තූ කියා ඉවතලන්නට සොරිසේන නැමැති අකෘතඤ අමනතුමා අද (12/10/2016) සවස සමත් විය!


වෙන්ඩ ටොයියන් සහ ගොබ්බ සිවිල් සමාජරෝගීන් විසින් යහපාලනයක් ගෙන ඒමට කියා හුටන් හිටන් කෙනෙකු ට තීන්ත ගා අලුත් ඇඳුම් අඳවා කොරනාලද බහුරූ කෝලම අවසන් වී යන බව ස ර ස තුමා ට පෙනීයයි...

පලුගස්දමන සමූපාකාර සන්ගමේ කාරක සබිකයෙකු විදියට තම දේසපාලු ජීවිතේ ඇරඹූ හුටන් හිටන් සොරිසේනට මහින්ද තුමා ගේ කස්ටිය විසින් රට වටේම තිබේනා එකම චන්දේ වන සමූපාකාර සමිති නිලවරණ දින ගැනීම ගැන මහත් සන්වේගයක් ඉපදී ඇති සෙයකි!


මල පැනපු සොරිසේන විසින් හිටපු ආරක්ශක ලේකම් ගරු ගෝටාභය රාජපක්ශ මැතිතුමාව උසාවියට තඩ්ලාගෙන ඒම් පිලිකුල් සහගත ලෙස හෙලාදකිමින් බැන අඬගෑවේ රනිල් තුමා ගේ පත්තර සහ වෙබ් සයිට් විසින් දහම් කොලුවාට ඇටවූ උගුල නිසා කේන්ති ගොස් නොවන බව කරුණාවෙන් සැලකිය යුතුය!


අපට නම් ගමකට සතුටුය... ඔබට සතුටුයිද දැන්?

Saturday, October 8, 2016

කඳ සුරිඳු වලප





මූනු සයක් අත් දොලහක් ඇති දෙවියා
පෙර රජ කල සිටම රුහුනේ වැඩ හිටියා
යහපාලනෙන් උගෙ අලි පැටියට කෙලියා
වනජීවියෙන් ගෙන යති දෙවියගෙ අලියා


යුදයට අදිපතිලු හරි බලගතු කෙනෙකි එයා
තේවානි ට වඩා වල්ලිට දැක්වීය දයා
හරෝ හරා කියමින් කාටත් නොකියා
එෆ් සී අයිඩියෙන් කුදලාගෙන අරන් ගියා


තමන් ගේ අලි ඇත්තු බැරි නම් රැකගන්ට
අපේ වැඩක් හැකි වෙද කොරවා ගන්ට?
පූජා වට්ටි අරගෙන කොලඹට එන්ට
කඩුවෙල උසාවිය ලඟ ඔබ සැම බැහගන්ට


රුහුනේ බලවතෙකු වූ පව අද පලදෙන්නේ
උසාවියෙන් වැලිකඩටය ගෙන යන්නේ
නඩු අහනා තුරාවට හිරබාරෙට ගන්නේ
කඳසුරිඳුනේ කවදද එලියට එන්නේ?


Thursday, October 6, 2016

අලුතින් බයිට්....



සමාජරෝගී ජාලා මගින් දොස්තරලා ට බැස්ටිය දීම නැවතෙමින් පවතී. 

සිස්සත්වෙන් ඉහල ලකුණු අරන් සමත් වූ දරුවන් බොහොමයක්දොස්තරලා වන්නට ඕනෑ යැයි කීම මීට හේතුව වන්නට පුලුවන... 

නැත්නම් දොස්තරලා ට ගේම ඉල්ලූ මූලකාරකයට හේතු වූ අති උතුම් සයිටමයේ ඩිසෙක්ශන් සාලා වල හැමවලෙන් ම ගොඩ යන අත්බූත උත්තානය වන්නා වන තාජුඩීන් වහන්සේ ගේ ඇට කෑලි හමුවීම වෙන්න ටත් පුලුවන.

අද වන විට අලුත් ම සමාජ අවුට්කාස්ට් ලෙස අන්ක එකට පත් වන්නේ විනිසුරුවරුන් සහ ලෝයර් ලා ය! 

ව්ලැඩිමීර් ලෙනින් මහත්තයා දාපු නඩුවක් නිසා කවුදෝ ගොබිලෙක් උසාවියක් ගැන හැදූ චිත්තරපටියක් වාරනේට ලක් කොලා කියලා විනිසුරුවරුන් ට හා ලෝයර්ලාට සමාජරෝගී ජාලා වලින් දිගට හරහට දෙනවාය.

දොස්තරලාට බැන්න කටටවල් වලින් ම නීතිඤ්ඤ මහත්තුරු සහ නෝනලා ට දෙසා බානවා ස ර ස තුමා බලා සිටින්නේ කනගාටුවෙනි. 

Wednesday, October 5, 2016

සබන් කොලේ තබා ඇරීම



කක්කා ජාතික පක්සේ නායක රනිල්තුමා සාමාන්නියෙන් ඉතා සීමිත ප්‍රමානයක් වන එතුමා ගේ ලඟම මිතුරන් සහ පාට්නර්ස් ලා හැර පක්සේ  අනෙක් අයට පෙරලා පහර දෙන, නැවත ප්‍රතිඋපකාර නොකරන, ඔවුන් ව විහිලුකාරයන් බවට පත් කොරන ගොබිලෙකු බව දන්නෝ දනිති!

ස ර ස තුමා ට වඩා සමීප කොලඹ දිස්ත්‍රික්කයේ එවකට කක්කා ජාතික පක්සේ වෙනුවෙන් දර දිය ඇද්ද, අතින් කයිට් කොරන් හරක් බලාපු මන්ජුස්‍රී අරන්ගල සහ නිරෝශන් පාදුක්ක වැනි දේසපාලුවන් ට කෝචොක් එක දමා කිසිදාක එ ජා පයට පෝස්ටරයක් වත් නොඇලවූ  හිරුනිකා ලා, පාටලී ලා සහ සන්නස්ගල ලා අප් කොලේ රනිල් තුමා ය.

මේ ලිපිය කියවන බොහෝ දෙනා නොදනිතත්, පසුගිය වසර විසිපහක පමන කාලයක් ගාමිනී අතුකෝරල තුමා ගේ කාලේ සිටම රනිල්තුමා සහ අනෙක් කක්කා ජාතික පාක්සිකයන් ගේ නීති උපදේසක වූ නිස්සන්ක නානායක්කාර තුමා ට මහජන බැණ්කු අද්යක්සක දූරයක් ගැසට් කලද එයට පත් නොකොට මන් මුලා කොලේද රනිල් තුමා ය. දන්නා අඳුරන හිත මිතුරන් අතර නිස්සන්ක තුමා අන්තිම අසරන කෝචොක් එකකට ලක් විය!

එම කෝචොක් වීමට අලුතින් ම එකතු වූයේ සිරි ලන්කා මුස්ලිම් කස්ටිය ය. සාක් සමුලු විජ්ජුම්බරයේ දී රනිල්තුමා මුස්ලිම් පකිස්තානයට කනට ගසා ඉන්දියාවට ඇල්ලීම ස ර ස තුමා මදහසකින් යුතුව බලා සිටිමි!

එසේම සොරිසේන හුටන් තුමා ට සහ රනිල්තුමාට ගෙඩි පිටින් චන්දේ දුන්නු වතු කම්කරු දමිලයන් ට ද දින ගනනාවක් වැඩි පඩි ඉල්ලා මහපාරේ සන්චාරය කොරන්න සැලැස්වීම ද රනිල්තුමා ගේ අබාග්යයට සහ මුස්පේන්තු කමට තේ සහ රබර් මිල අඩු වීම නිසා සිජ්ජ වූ දෙයකැයි ස ර ස තුමා සිතා සිටමි! 

එම කාසියේම අනිත් පැත්ත වන සදා කක්කා ජාතික පක්සෙට චන්දේ දෙන වතු සමාගම් වල ලොක්කන් ද ඇටිකෙසෙල් කෑ මරියසෙල් ලා වගේ ගොන්පාට් වීම ද නරකම නැත...

අවසාන වසයෙන් කිවයුත්තේ බෑනා වන අරුජුන් ඇලෝසියස් සහ රවී තුමා හැර සියලු කක්කා ජාතික පාක්සිකයන් හට රනිල් තුමා සබන් කොලේ තබා අරිමින් සිටනා බවකි! 

සැපද හිටන්?

Tuesday, October 4, 2016

සාක්කුවල මුදල්



කක්කා ජාතික පක්සේ චන්දේ ඉල්ලුවේ ජනතාවගේ සාක්කුවල මුදල් ඇතිකොරන බවට පොරොන්දු දීලා ය.

එම පොරොන්දුව අකුරටම ඉස්ට කොරමින් සේවකයන් විසි දෙනෙක් පමනක් වැඩ කොරනා බෑනාට අයිති පෙර්පෙචුවල් ට්‍රෙශරීස් ආයතනයේ සුද්ද ලාබේ රුපියල් බිලියන 5.1 කින් ඉහල දැමීමට මාමා ද මාමාගේ අගමැටි යාලුවා ද සම්මාදම් විය.

ඉතින් මහතුනි එම සෙවකයන් විසි දෙනාගේ සාක්කු වල කොපමන මුදලක් රැස් වන්නට ඇත්ද?

ඒ එක්කම ආර්තික විස්ලේසන සින්හල බොග් අවකාසෙට ගෙන එන ඉකොනොමැට්ටා මෙම කාරනය ගැන නිස්සබ්දව සිටීමත් කොපමන වටිනවාද?