Monday, February 29, 2016

කිරිඇල්ල ට ඉස්තූතියි!



නිර්මාල් ප්‍රමුක සිරි ලාන්කික විස්සවිජ්ජාල ආචාරියන් ගේ සැබෑ තරම දන්නා ලක්ශ්මන් කිරිඇල්ල මැති තුමා තමන් ගේ හෙන්චයියෙකුට කතිකාචාර්ය තනතුරක් දෙන්න යැයි ලිපියක් යැවීම ස ර ස තුමා ගේ අවදානයට ලක් වන්නකි.

එම ලිපිය යැවීමට විරුද්දව කෑ කෝ ගසනා කස්ටියට ස ර ස තුමා යමක් මතක් කර දීමට කැමතිය.

කතිකාචාර්ය තනතුරු වලට සම්මුක පරීක්ශන තේරීම් කමිටු වල ඉන්නේ ආචාරිය මහාචාරිය වරුයි. එවැනි ප්‍රබුද්දයන් අතින් තෙරීමට ලක් වූ අය ට වඩා සුදුසුකම් ඇති බවට තේරීමට ලක් නොවූ බොහේ දෙනා උසාවියට ගොස් නඩු තීන්දු වල බලයෙන් ආචාර්ය මන්ඩලයේ සේවය ලබා ගත් බව බොහේ දෙනා නොදනිති!

උපාදියේ පන්ති සමාර්තයක් නැති අඟනාවන්ට පන්ති සමාර්ත ඇති අය ඇයැදුම් කර සිටියඩීම ලින්ගික අල්ලස් ලබාගෙන රස්සාව හිමි වීමේ අවස්තා ද ස ර ස තුමා දනිමු!

වැඩිය අද්යාපනයට බර නොවූ පොඩ්ඩක් කුලප්පුව ඇති සෙක්සි කෙල්ලන් හට පන්ති සාමාර්ත ද ලබා දී ඊට පසු ආචාර්ය මන්ඩලයට තෝරා ගැනීම ද එතරම් දුර්ලබ නැත.

අචාර්ය වරු සහ මහාචාර්ය වරු එකතුවී ලින්ගික අල්ලස් වලට, නෑකමට, ජාතියට, ආගමට සහ කුලයට ඇද සුදුස්සා කපා දමා නුසුදුස්සාට කතිකාචාර්ය පට්ටම් දෙන මෙහෙවු රටේ විස්ස විජ්ජාල බාර රාජකීය විද්යාලයේ ආදි ශිශ්ය  ලක්ශ්මන් කිරිඇල්ල මැතිතුමාට තම හෙන්චයියෙකුට ලැච්චරර් පෝස්ට් එකක් ලබා දෙන්න බැරිනම් එම ඇමති කමෙන් ඇති වැඩේ මොකක්ද?

ලක්ශ්මන් කිරිඇල්ලලා වැනි උදවිය කාගේ කවුද කියා ඔය නිර්මාල් ලා වාගේ රනිල්හාමුට කඩේ ගිය  පහඳලා දැනගත්තොත් හොඳය!

Tuesday, February 23, 2016

මේ වෙන්ඩ පොශ් බයියන් හඳුනාගැනීමේ කාලයයි



මහින්ද ලොක්කා ට සපෝට් කොලොත් තමන් ගේ මීහරක් අතීතය දැන් ඉන්න සහ අනාගතේ යැමට බලාපොරොත්තු වන පොශ් සමාජයට හසු වී පීචන් වේය යන බියෙන් පෙලුනු සමහර වෙන්ඩ පොශ් හාදයෝ රනිල් ට චන්දේ දී තමන් ටොයියන් බව ලොවටම කියා පෑහ!

රනිල් රනිල්, අපේ රනිල් කියා බයිලා කියාගෙන තමන් ලඟට එන්නේ සත්ය ටොයියන් නොව වෙන්ඩපොශ් බයියන් බව දැන දැනම සත්ය ටොයියො වෙන්ඩ බයියන් ව ෆුඩ් සිටි පිටත් කලහ....

මහින්ද ලොක්කා කල නොකල සියලු දේ ට බැන වදිමින් එම වෙන්ඩ පොශ් සත්ය බයියෝ මහා කලබලයක් කලහ... 

විසේසයෙන් ම බොග් අවකාසේ හා සමාජ ජාලා වල වසුරු පහ කරමින් කවි බන වදාලහ!

කිසිදා වෙනස් නොවන රනිල් ආන්ඩුව අතට ගත්තාට පසු ආන්ඩු මට්ටු කිරීම පටන් ගත්තේය...

රාජ් වැනි ඔපීසියේ බයිට් නාස්ති කොරමින් සමාජ ජාලා වල සර්කස් දැක්වූවන් ගේ සිහින මෝටර් රතයට කෙලවා දැමීය.... වසර තුනෙන් තුනේ කොන්ට්‍රැක්ට් පදනම මත සේවය අලුත් කරන බව කීවේය.... රාජ් ට සහ එවැනි රාජ්ය සේවක මහින්ද විරෝදී වෙන්ඩපොශ් එවුන් ට ගුඩ් ලක් යැ!

දැනටම වාහන බලපත්‍ර ලබමින් ම මහින්ද ලොක්කාට බැන බැන හිටි උදවිය ගේ බලපත්‍රයට කෙලීය...

යන්තන් රබර් රොටියක් දමාගෙන දලු කිලෝවක් විකුනාගෙන හිටි ඈයන් ට කඳුලු එන්නම දුන්නේය...

සියල්ලටම වඩා කොහෙද යන ඉන්දියන්  ගිවිසුම් ගසා අයි ටී කාරයන් ගේ මිනී වල කැපීය...

ටී එන් එල් එකට විස්සයි විස්ස ක්‍රීඩා විකාසනය දී නිර්මාල් දේවසිරිසේනගේ ඇඳුම් ද ගැලවීය.


දැන් අර වෙන්ඩ පොශ් එහෙත් සත්ය බයියො ටික ටික රනිල් ව විවේචනය කොරති...

ස ර ස තුමා මේ නව ප්‍රවනතාව දෙස උද්යෝගයෙන් බලාගෙන සත්ය ටොයියන් ගෙන් වෙන්ඩපොශ් බයියෝ වෙන්කරගැනීමට උත්සාහ කරමින් සිටිමි!

Wednesday, February 3, 2016

වල්ලා පට්ටා කතා...








ලොකු පුතා තුමා ගේ වල්ලා පට්ට කතා කියවනකොට ස ර ස තුමා කොල්ලා කාලේ කල වල්ලා පට්ටා වික්‍රමයක් ගැන මතක් වුනා... 

සාමාන්යයෙන් ස ර ස තුමා එතුමා ගේ අත්දැකීම් බොග් අවකාසේ බෙදා හදා නොගත්තාට මේ වල්ලා පට්ටා කතාව කියන්න හිතුනේ ලොකු පුතා තුමා ට උපහාරයක් වසයෙන්...

ඔය සිරි ලන්කාවට ආවේනික වල්ලා පට්ටා නොහොත් Gyrinops walla ස්වබාවික අනතුරකට පතික්‍රියාවක් වසයෙන් සාදන රසායනික සන්කීර්නයක් තමා විසාල වසයෙන් මිල අදික  අගාර් වූඩ් (Agarwood) නොහොත් අගිල් කියනා බාන්ඩේ. අගිල් අමුද්‍රවුයයක් ලෙස පාවිච්චි කොරලා අරාබි කාරයන් සඳහා හදනා අවුඩ් ඔයිල් ඉතාමත් මිල අදිකයි පින්වතුනි!

පිටරටින් ගේනා ඇක්වලේරියා (Aquilariaසාකයට යම් උත්ප්‍රේරනයක් කොට අගිල් නිපදිය හැකි වුවත් සිරි ලාන්කීය වල්ලා පට්ටා වලට එම තවමත් උත්ප්‍රේරන සෙල්ලම හරි ගිහින් නැහැ කියලා විස්ස විජ්ජාල ආචාරිය වරයෙක් කියනවා ස ර ස තුමාටයි එතුමාගේ මිත්‍රයො කීප දෙනෙකුටයි දැනගන්න ලැබුනා....

මේක ඇහුවට පස්සේ ස ර ස තුමා සහ මිතුරු තොමෝලා වල්ලා පට්ටා ගස් ටිකක් සොයාගෙන ගිහින් පොඩි පහේ පරියේසන ටිකක් කරලා වල්ලා පට්ටා ගස් සෑහෙන ප්‍රමානයක් මරා දැමීමෙන් පසුව ....*&%$£<^%

ඔයාකාරයෙන් පරීක්සන සිජ්ජ කොරලා නාත දෙවි පිහිටෙන් අන්තිමට කස්ටියට පුලුවන් වුනා වල්ලා පට්ටා ගස් වල අගිල් නොහොත් අගාර් වුඩ් කියනා වටිනා ද්‍රවුයය හදනා රසායන මිශ්‍රනයක්, කොපමන කලක්, කොපමන සාන්ද්‍රනයක්, කොපමන පරිමාවකින්  එන්නත් කල යුතුද කියා සොයාගන්න...

කිවුවට විස්වාස කොරන්න පින්වතුනි එම ක්‍රමේට නිපදවුනු අගිල් වුරුතීය ගස්ගෙම්බන් කීප දෙනෙකු ගේ දැඩි තත්ව පරීක්ශාවකට ලක් වෙලා කොලිටි පාස් වුනා නොවැ...

අපිතුමාලා ඉතින් එම ක්‍රමේට පේටන් බලපත්‍ර එහෙම ලබාගෙන 2014 ස්‍රි ලන්කා නව නිපැයුම් කරුවන් ගේ තරඟයට එය එදිරිපත් කලා. කියන්න සන්තෝසයි පින්වතුනි එම තරඟයෙන් විවුර්ත පරිසර අන්සේ දෙවැනි තැන ලබලා මුදල් තෑගි සහ සහතික පත් ලබාගන්නත් ස ර ස තුමා සහ මිත්තර තුමාලට ඇහැකි වුනා ....

එහි දී ලැබුනු සහතිකේ ඔන්න පින්තූරයක් ලෙස පල කොලා....

දැන් සාදු කියන්න පින්වතුනි...