Thursday, August 30, 2018

සම්මානිත මහදැනමුත්තා....







ඉන්දියානු වෙලෙඳ ගිවිසුම සහ සින්ගප්පූරු නිදහස් වෙලෙඳ ගිවිසුම වෙනුවෙන් සමාජ ජාලා වල හා රූපවාහිනී සාකච්චා වල දී පාදයක් පෙරට ගෙන ආරක්ශිත පහරවල් එල්ලකරන රොහාන් සමරජීව මහත්තයා මතකද?
එතුමා ප්‍රමානික විද්වතුන් අතර අප්‍රමානික හාදයෙකි...  LIRNEasia නැම්ති රාජ්‍ය නොවන සංවිදානයේ ආරම්භක සභාපතිවරයායි.

එම ආයතනයේ වෙබ් අඩවියේ සමරජීව මහත්තයාගේ ජීව විස්තර ඇතුලත් ව ඇත https://lirneasia.net/people/rohan-samarajiva/ 

පලමු පින්තූරෙන් පෙනෙන්නේ එම වෙබ් අඩවියේ සඳහන් ව ඇති පරිදි එතුමා ශ්‍රී ලංකාවේ සම්භාවනීය විශ්ව විද්යාලයක් වන  මොරටුව විශ්ව විද්යාලයේ සම්මානිත මහාචාර්ය වරයෙකු ව සිටි බව කියැවෙන පිටුවයි.

සරස තුමා කරුණු දැනගැණීමේ පනත යටතේ මොරටුව විශ්ව විද්යාලයට ලිපියක් යොමු කලේ සමරජීව මහත්ත්යා ගේ එම සම්මානිත මහාචාර්ය කතාවේ සත්ය අසත්ය තාවය දැනගැනීමටයි.

එම ඉල්ලීමට පිලිතුරු ලෙස මොරටු විශ්ව විද්යාලයේ ලේඛකාදිකාරී තැන්පත් ජවුෆර් සිද්දීක් මහතා සරස  තුමා වෙත එවූ ඊ මේල් පනිවිඩය ඉහත දැක්වේ!

ඔබ සැමට සම්මානිත මහදැණමුත්තන්ගේම සරණයි!!