Wednesday, May 31, 2017

පස්චාත් ආපදා ඇමති කුට්ටම ඇනීම



පසුගිය දිනෙක කඩුවෙල බනානා ටුජී, වර්තමාන අසමත් යහපාලනේ ගේන්න තමන් බොහෝ දර දිය ඇද්ද බවත්, එයට ප්‍රතිචාරයක් ලෙස තමන් හට ඇමති කුට්ටමේ කොලයක් වෙන්නට අවස්තාව ලැබී නැති බවත්, යම් හෙයකින් අවස්තාව දුන්නොත් වැඩ කිඩ පෙන්නම් ය කියාත් ප්‍රකාශ කර තිබිනි.

ඒ ප්‍රකාශය හිතේ දරා සිටි හොරිසේන මැතිඳා මේවර පස්චාත් ආපදා කුට්ටම ඇනීමේ මහෝත්සවයේ දී  බනානා ටුජී ට අලුතින් කිසිම වගකීමක් නොදෙන්නට වග බලා ගත්තේය. 

 මෙවරත් ඇමති කුට්ටමේ පොරක් වන්නට ඉඩ නොලැබීම සම්බන්දයෙන් සරස තුමා කඩුවෙල බනානා ටුජී ට තම සාතිශය සංවේගය පල කර සිටී.

 එයින් නොනැවතුනු හොරිසේනයානෝ එරාන්, හර්ශ, ගොන්ජා සහ රන්ගේ වැනි හාදයන් කීප දෙනෙකුට උප ඇමති කම් දී, තමන් සුදුස්සාට නිසි  තැන දුන්නා ය කියා උදම් ඇනුවේය. කඩුවෙල බනානා ටුජී සුදුස්සෙකු නොවන බවද, එජාප සිරස පිල ( හෙවත් සජිත් පිල ) නියෝජනය කරනා කිසිම හාදයෙකුට ඇමති කුට්ටමේ තැනක් නැති බව මෙයින් පෙනී යයි. 

මෙසේ සුදුස්සාට සුදුසු දේ තියරියට අනුව පත් කල අලුත් ඇමති කුට්ටමේ හිටිනා ගොන්ජා හට මීගමුවේ මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් ගණිතය විශය සම්බන්දයෙන් ආචාර්‍ය උපාදියක් ඇති බව දන්නෝ දනිති. 

සාමාන්‍ය පෙල ගණිතය අසමත් මුදල් ඇමතිට අලුතින් උප ඇමතියෙකු ලෙස පත් කල එරාන්, සාමාන්‍ය පෙල පලමු උත්සාහයේ දී ගණිතය සමත් වුනා ද කියා සර ස තුමා තොරතුරු දැණගැනීමේ පනත හරහා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වේ. 

හොරු හොරු හොරු සහ ගංවතුර හොරු.





මේ ගංවතුර ආපදා සමයේ එක්තරා මහත්මයෙකුට ආධාර එකතුකර විපතට පත් වූවන් හට දෙන්නට සිතක් පහලවිය.

 සමාජ ජාලා වල, විශේශයෙන් ම Facebook හී යහපාලනේ හදන්න ෆුඩ් සිටි යන ගමන් ම මහින්ද මහත්තයාට "හොරා" "හොරා" "හොරා" කියා කොමෙන්ටු දැමීමෙන් ජනප්‍රියතාවයට පත් වූ මෙම මහත්මයා ගංවතුර ආධාර ඉල්ලීමේදී තම බැංකු ගිනුමට මුදල් තැන්පත් කරන්නැයි Facebook හී ආයාචනයක් කලේ ගිනුමේ අංකය ද සමගිනි.

එම මහත්මයා එකතු කරනා සහ ආධාර වලට වියදම් කරනා සියලු මුදල් වෙනුවෙන් අය වැය වාර්තාවක් හී පල කරනා බව තවත් යහපාලනේ හදන්න ෆුඩ් සිටි ගිය මහත්මියක් ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා ය. ( බලපන් ලෝටස් අජ්ජෝ,, වැදගත් මිනිස්සු මොකක් හෝ සමාජ ක්‍රියාකාරකමකින් පසු අය වැය ප්‍රසිද්ද කරණා අන්දම හිටන්!

කෙසේ වුවත් ඉහත මුදල් එකතු කල මහත්මයා ගේ හා අය වැය දෙන්නට පොරොන්දු වූ මහත්මිය ගේ අවාසනාවට "මෙන්න හොරු ගංවතුර ආධාර එකතු කරනෝ" වැනි කතා වලින් සමාජ ජාලය පිරී ගියේය. ඔය වගේ වැඩ කරන්නේ සෝ කෝල්ඩ් යාලුවන් ම තමයි හිටන්

වැඩේට දරුණුම ප්‍රහාරය එල්ල වුනේ එදා රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයෙනි. සමාජ ජාලා වල විශේශයෙන් Facebook හී ගංවතුර ආධාර සඳහා වන්චාකාරයෝ මුදල් එකතු කරන බවත් ඒ වන්චා කාරයන්ට නොරැවෙටන ලෙසත් රූපවාහිනිය මහජනතාව දැනුවත් කලේය. සමහර විට රූපවාහිනියට ඔයි නිවුස් එක දී වැඩේ අල කලේත් අර මහත්මයාගේ ලඟම යාලුවෙකු වෙන්නට ඇති හැකියාව බොහෝ ය.

පසු දින සි හොරා හොරා හොරා කතාව ලැවු ගිනි මෙන් Facebook හී පැතුරුනි. 

කෙසේ වුවත් එම මහත්මයා වන්චා කාරයෙකු කියා සරස තුමා විස්වාස කරන්නේ නැත. ඒසේ විස්වාස කරණවානම් මහත්මයා කියා අමතන්නේත් නැත.


කොහොමින් කොහොමින් හරි Facebook හී තම බැංකු ගිනුමේ අංකය  ප්‍රදර්ශනය කරමින් එකතු කල මහත්මයා මේ හොරා නැමති නම්බු නාමය ගැන කලකිරී ආයෙත් නම් තමන් කිසිම සමාජ සේවයකට මුදල් එකතු නොකරමියි දිවුරා පොරොන්දු විය. 

එම දිව්රුම දුන් සටහන වෙත ගිය සමහරු, අනේ ඔයා මහින්ද මහත්තයාට හා රාජපක්ශ පරම්පරාවට ම හොරා හොරා හොරා කියලා උඩපැන්නා නේද? ඔයාලගේ ආන්ඩුව ඇවිත් අවුරුදු දෙකක් ගිහිනුත් තාම එක හොරකමකටවත් මෙතුමන්ලා ව අල්ලා ගන්න බැරි වුනා නේද.... ඔහෙලා එතුමන්ලාට හොරා හොරා හොරා කියද්දී එතුමන්ලාට කොපමන දුකක් කලකිරීමක් ඇතිවෙන්නට ඇත් දැ‍යි අසමින් කෝචොක් දමති.

කල දේ පල දේ කියා කතාවක් තිබේ... කර්ම ඉස් අ බිච් හිටන්!

Saturday, May 27, 2017

ආපදා කලමනාකරණ යහපාලන ඉස්ටැයිල්

ඕස්ට්‍රේලියානු නිලමැසි සන්චාරය අහවර කර සියරට පැමිනි හොරිසේන තුමා විසින් අද රාජ්‍ය නිලධාරීන් ට චක්‍ර ලේඛ ගැන සිතන්නේ නැතිව ගිය ආන්ඩුව කාලේ කලාක් මෙන් ක්ශනික තීරණ ගෙන ජනතාවට සහන සපයන්නැයි උපදෙස් දුන්නේ ය.

හරක් විජේසූරිය වැනි උසස් පෙල අසමත් මහහාචාරියෝ විසින් සිහිනයෙන් දකිනා ලද රාජ්‍යය තැනීමට ගොස් හොම්බෙන් ගිය හොරිසේන තුමා දැ
න් පේ ජනපති මහින්ද රාජපක්ශ මැතිතුමා ගේ ක්‍රමයට රාජ්‍ය විචාරීමට උත්සාහ කිරීම හොඳ ප්‍රවනතාවයකි. එහෙත් අශ්ව රතය අදින්නට අශ්වයා හට පුලුවන් වුවද උගේ ඇඟේ වෙසෙන මැක්කාට එය ඉතා අසීරු කාර්‍යයක් බව අපි දනිමු.

රාජ්‍ය නිලධාරීන් FCID කැඳවා වද දීමෙන් පසුව ඔවුන් ගෙන් ආපදා සේවා බලාපොරොත්තු වීම විහිලුවකි. බැසිල් රාජපක්ශ මැති තුමා ට FCID ආයතනයෙන් නඩු දමා ඇත්තේ ගම් සභා හා ප්‍රාදේශීය සභා වලට GI පයිප්ප දුන්නාය කියා ය. අද ඒ GI පයිප්ප නැතිනම් අවතැන් වූවන් හට තාවකාලික නවාතැන් දෙන්න වෙන්නේ සොරිසේනගේ අරලිය හෝටල වල ය!

මෙවන් විපත් වලදී සැනෙකින් ඉදිරිපත් ව ජනතාවට සහන සපයන නියෝජිතයන් සිටිනා ගම්  සබා හා ප්‍රාදේශීය සබා පමනක් නොව නගර සබා හා මහ නගරසබා ද විසිරුවාහැරීමෙන් පසුව විධිමත් ආපදා කලමනාකාරණයක් බලාපොරොත්තුවීම නිකිනි සෙවීම මෙන් අපහසු දෙයකි. ගොන් හොරිසේනයෝ, ඒ පලාත් පාලන ආයතන විසුරුවාහැර ජනතාවට සහන සපයන්න හිටි නියෝජිතයෝ ද නැතිබන්ගස්තාන කලේ උඹමයි! 

යහපාලනේ විසින් පට්ට ගහනා ආගමික සන්හිඳියාව ද දෝරේ යමින් පවතී. මේ වන විට යහපාලනේ විසින් සංඝ්‍යා වහන්සේලා සීයකට අදික ප්‍රමානයක් හිරේ දමලා ය. ඒත් රජය විසින් නිවේදනය කරනා ආපදා වලට ලක් වූවන් හට සෙවන දෙන තාවකාලික කඳවුරු පැවැත්වෙන්නේ රජයේ පාසල් වල හෝ බෞද්ද සිද්දස්තාන වල පමනි!!! අන්‍ය ආගමික ස්තාන වල දොරවල් අරින්න යතුරු නැති පාටය. සන්හිඳියාව වනාහී ඩයෝඩයකි.. ගලන්නේ එක පැත්තකට පමනි!

 අවසාන වශයෙන් කිව යුත්තේ මේ ආපදා කාලයේදී ඔබ අප සැම දෙනාටම අටපාස් ආමි කාරයාගේ හා කුහක දෙස්තර ගේ පිහිටයි කියා ය!

Wednesday, May 24, 2017

රාජ්‍ය නිල මැසි සංචාර



 Turnbull meets Turndonkey


ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් මැතිතුමා ගේ ආරාදනයෙන් රාජ්‍ය නිල සංචාරයක්  සඳහා ජනපති සොරිසේන පිටත් ව ගිය බව රාජ්‍ය මාද්‍ය හොරණෑ ගසති.

එහෙත් සොරිසේන කැන්බරා ගුවන්තොටෙන් ගොඩබසින වේලාව ටර්න්බුල් මහතාට අමතකව ගිය හෙයින් සොරිසේනව පිලිගැනීමට ගොස් සිටියේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලන්කා මහ කොමසාරිස් තුමා ය.

ඔස්ට්‍රේලියානු රූපවාහිනී සේවය වන ABC ආයතනයේ හෝ වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආයතන වල වෙබ් අඩවි වලද සොරිසේනයා ගේ ගැන අන්දො සන්සාරයක් සඳහන් ව නැත.

එහෙයින් තවදුරටත් බේගල් දෙසා බාන්නේ නැතිව බොහොම හදිසියේ ඔස්ට්‍රේලියාවට ගිය සොරිසේන  ගිය කර්මාන්තයක් කරගෙන (යූ නෝ වට් අයි මීන් )  නැවත ශ්‍රී ලන්කාවට පැමිනෙන තෙක් නිශබ්ද්දව සිටිනා ලෙස හෙයා මැරීඩ් චයිනීස් හෙවත් කොන්ඩේ බැඳපු චීනෙක් නොවනා සරස තුමා රාජ්‍ය මාද්‍ය වලින් ඉල්ලා සිටී.

Sunday, May 21, 2017

ලෝකේ හොඳම මුදල් ඇමතිට රස්සාව නැතිවීම....




අද තම රැකියාව අහිමිකරගත් ලෝකේ හොඳම මුදල් ඇමතිට සරස තුමා ගේ බලවත් කණගාටුව හිටන්.

එක්කෝ රවී ට හොඳ මුදල් ඇමති සම්මානේ දුන් අන්තර්ජාතික ආයතනය පිස්සු ය.. නැත්නම් රවී ව මුදල් ඇමැති කමෙන් පැන්නූ සිරිබාල  ගිරිසේනට පිස්සු ය. සමහර විට මේ දෙගොල්ලටම පිස්සු වන්නට බැරි නැත.

Friday, May 19, 2017

දැඩි තීරණ ගන්නා මෛත්‍රී-බාල ගිරි-සේන

ඇමැති මන්ඩලේ වෙනස්කිරීම සම්බන්දයෙන් කීප සැරයක් ම දැඩි තීරණ ගන්න උත්සාහ කල යහපාලනේ ජනාදිපති තුමාට බාලගිරි දෝසය වැලඳී ඇති හෙයින් තාවකාලිකව එතුමා ගේ ශ්‍රී නාමය මෛත්‍රීබාල ගිරිසේන ලෙස වෙනස් කර නැති බව ශ්‍රී ලාන්කික ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයට මෙයින් දැනුම් දෙමි.

ඒ වගත් මේසේම,
සරස තුමා වම්හ!

ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය....

අද  (මැයි 19) මහින්ද රාජපක්ශ මැතිඳු හා ගෝටාභය රාජපක්ශ මැතිඳු සහෝදර සමාගම විසින් ද්‍රවිඩ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කල දවසයි. නියත වශයෙන් ම ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය ලෙස නම් කල යුත්තේ අදයි!

එහෙත් නිල වශයෙන් ගත් කල ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය පෙබරවාරි 04 වෙනිදා යි. 

ජ්‍යාත්න්තර වශයෙන් ගත් කල පෙබරවාරි 04 වෙනිදා යනු ලෝක පිලිකා දිනයයි! 

 පිලිකාව යනු භායනක රෝගයකි. එයිනුත් පිත්තාශයේ හෝ අග්න්‍යාශයේ පිලිකා ඉතා දරුණු ය. හැදුනොත් මවුන්ට් එලිසබෙත් යන්න වෙනවා සත්තයි. ඊටත් වඩා කේස් නම් ඔස්ට්‍රේලියාවේ හෝ ඇමෙරිකාවේ උනත් යන්න වෙන්න පුලුවනි.

එම නිසා ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය ජ්‍යාත්‍යන්තර පිලිකා දිනයෙන් ඉවත් කර
මහින්ද රාජපක්ශ මැතිඳු හා ගෝටාභය රාජපක්ශ මැතිඳු සහෝදර සමාගම විසින් ද්‍රවිඩ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කල දවස වන මැයි 19 දා නිල වශයෙන් නියම කරන ලෙස සරස තුමා ආන්ඩුවෙන් ඉල්ලයි.

Wednesday, May 17, 2017

කලවැද්දාට වඳිනා ගාතාව






හිටපු ජවිපෙ ක්‍රියාධරයෙකු සේම වර්තමාන පෙරටුගාමී පක්ශයේ නායක කුමාර් ගුනරත්නම් ජීවිතය බේරා ගත්තේ තමන් ගේ දෙපාමුල දනගසා වැඳ වැටී බව ගරු කලවැද්දා තුමා ප්‍රකාශ කලේ මීට දින කීපයකට පෙර දී ය.

පෙරටුගාමී පක්ශය හෝ කුමාර් ගුනරත්නම් මෙතෙක් එම ප්‍රකාශය නිවැරදි කිරීමට උත්සාහ නොකල හෙයින් එය සත්‍යයක් ලෙස බාරගැනීමට මහජනතාව වන අපට සිදු වේ.

 මෙම වාතාවරනය තුල සරස තුමා ගේ සිතේ ප්‍රශ්න කීපයක් පැන නැගී ඇත.

ජීවිතේ බේරාගන්න ගරු කලවැද්දා තුමා ට වඳින ගාතාව කුමක් ද?

කුමාර් ගුනරත්නම් දිවි බේරා ගත්තේ ගරු කලවැද්දා තුමාට වැඳ වැටිලා නම් අනුර කුමාර දිසානායක  ජීවිතේ බේරා ගත්තේ කුමන වැද්දකුගේ දෙපා මුල වැඳ වැටිලාද?

එසේම අනුර ට පිටුපසින් ඉන්නා ටින්ටින්, විජිත හේරත්, හඳුන්නේත්ති බිමල්, ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, දූශන සමරසින්හ ආදී ජ වි පෙ ක්‍රියාධරයන් බිම දිග ඇදී වැඳ වැටුනේ කාගේ දෙපා ලඟද?

 වැඳීම ගෝත්‍රික සමාජේ ලක්ශනයක් ය, තමා නම් තම දරුවන් හට කාටවත් වඳින්න උගන්වන්නේ නැතිය, හිටපු ගුරුවරයෙක් වන තමා ට යම් ශිශ්‍යයෙක් වැඳින්න ආවොත් එපා කියනවා ය යන අම්බානට වෙන්ඩ රැඩිකල් සහ කිසිදා පොශ් නොවෙනා හාදයෙක් තම බ්ලොගේ කයිවාරු ගැසුවේ මීට මාස කීපයකට පෙර දී ය.

වැඳීම පිලිකුල් කරනා එම හාදයා, පෝස්ටර් ඇලවීම, බස් ගිනි තැබීම, ට්‍රාන්ස්ෆෝර්මර් වල තෙල් බැස්සීම වැනි දේශමාමක ක්‍රියා නිසා හමුදා බාරයට පත් ව සිට ජීවිතේ බේරා ගත්තේ කාගේ දෙපාමුල වැඳ වැටිලාද හිටන්?


 සරස තුමා වන මා විසින් හුදී ජන පහන් සන්වේගය පිනිස කබ්බන් ෆෝම් කිරීමට මේ ලිපිය ලියන ලදී!

Tuesday, May 16, 2017

ලේබල් ඇලවීම


එක්තරා වෘශභරාජ වියුනුකරුවෙකු සරස තුමාට ගරු කිරීමක්  වශයෙන්  ජාතිවාදියා කියන ලේබලය අලවන්නට උත්සාහයක් දරනු පෙනේ.

සරස තුමා කුඩා කාලේ පටන් ම සින්හල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් විතරක් නොව ඉන්දියානු බොරා, පාර්සි වැනි ජාතීන් ට අයත් දරුවන් සමග හැදී වැඩී තාමත් ඔවුන් සමග සබඳතා පවත්වයි.

අද දවසේ මෙන් හන්දියෙන් හන්දියට ජ්‍යාත්‍යන්තර පාසැල් සුලබ නොවූ ඒ කාලයේ විදේශ වලින් පැමින පරම්පරා ගනනාවක් මෙහි ශ්‍රී ලන්කාවේ ජීවත් වූ පාර්සි, බෝරා, බහායි, මේමන්, සින්ධි, මාලදිවයින් ජාතීන් තම පිරිමි දරුවන් එවූ එක් පාසැලක් නම්  සරස තුමා ඉගෙනගත් පාසැලයි. එම දරුවන් සමග එක පන්තියේ, එක ක්‍රීඩාන්ගනයේ උරෙනුර ගැටී ජීවත් වූ සරස තුමාට ඔවුන් පිට මිනිස්සු වූයේ නැත.

ඔවුන් ගෙන් සමහරු සින්හල භාශාවෙන් ඉගෙන ඉතා හොඳ ප්‍රතිපල ද ලබාගත්තා
සරස තුමාට මතකය. විශේශයෙන් ම සරස තුමාගේ එක පන්තියේ උන් සින්ධි ජාතිකයෙකු වූ රාම් (රාම් මහබූබානි ) අ පො ස උසස් පෙලට ජීව විද්‍යා ධාරාවෙන් පලමු උත්සාහයේදී ම C හතරක් (සම්මාන හතරක් ) ගත්තා සරස තුමාට කිසිදිනෙක අමතක නොවේ.

පසුව පේරාදෙනි සරසවියේ ද සියලු ජාතීන් සමග ඉමහත් පහසුවෙන් කටයුතු කිරීමට කුඩා කල සරස තුමා ලැබූ ආභාශය ඉවහල් විය.
වෘශභරාජ වියුනුකරු  නොදන්නවා වුවද, පේරාදෙනි නේවාසිකාගාර කාමර වල ජීවත් වන යාපනේ දමිල සිසුන් මඩකලපු දමිල සිසුන් හෝ වතුකරේ දමිල සිසුන් ව තම කාමර වලට වැද්ද ගත්තේ නැත. 

කුල මල නොතකන මුස්ලිම් වරු පවා මාතලෙන්, නුවරින්  හා මාවනැල්ලෙන් ආ උදවිය නැගෙනහිර කාතන්කුඩි, සයින්දමරඳු වැනි අම්පාර දිස්ත්‍රික්කයෙන් ආ මුස්ලිම් සිසුන් නොතකා හැරීම සාමාන්‍ය සිද්දියක් විය. 

එහෙත් විවිද අදහස් දරනා එම සියලු සිසුවන් ව බේදයකින් තොරොව ආශ්‍රය කිරීමට එදා සරස තුමා ට ශක්තිය තිබිනි.

අවසන් වසරේ උගනිද්දී ජේශ්ඨ ශිශ්‍ය උපදේශක ගේ ඉල්ලීමකට කන් දී එවකට සබ්ජෙක්ට්ස් කීපයක් අසමත් ව හිටි  සයින්දමරඳු වලින් පැමිනි මුස්ලිම් සිසුවෙකු ව සරස තුමා ගේ කාමරයේ නවතාගැනීමට එකඟ වූ නිසා නැගෙනහිර මී කිරි ද, විවිද මත්ස්‍ය ආහාරද සමග සමස්ත මුස්ලිම් සිසුවන් ගේ ගෞරවයට ලක්වන්නට ද සරස තුමා සමත් විය. 

එවන් විවිධාකාර සිසු සම්බන්ධතා පැවැතියද ඒ හැම දෙනාම සරස තුමාව හැම විටම ආරාදිතයෙකු ලෙස තම කාමර වලට සාදරයෙන් පිලිගත්තේ සරස තුමා තුල පැවති අනායාසයෙන් සැම දෙනා ඇසුරු කිරීමේ ශික්ශනය නිසා ය.



ශිශ්‍යයෙකු ව සිටි කාලේ ලැබුනු මෙම ශික්ශනය නිසාම  පසු කලෙක විදේශ රටවල විවිද ජාතීන් වලට අයත් ජනයා සමග ඉගෙනගෙන සහ රැකියාව කිරීම සරස තුමා ඉතාම පහසු විය.. 

සරස තුමා ජාතිවාදියෙකු උනා නම් එය එසේ වන්නේ නැත!
 

සරස තුමා ට ජාතිවාදීයා කියනා අය දුර ඈත ඩොටේ පාසැලේ සින්හල ලමයි එක්ක පමනක් ඉගෙනගත්තු උදවිය . වෙනත් ජාතිකයන් සමග ඉගෙනගත්, ක්‍රීඩාකල, විනෝද වූ හාදයෙකු නොවේ.

තමන් සමග එකට ඉගෙනගත් මිල මුදල් තියෙන සහෝදර ශිශ්‍යයන්  එක්ක ඊරිසියා වෙලා ජේ වී පී එකට බැඳිලා බස් ගිනිතියපු, ට්‍රාන්ස්ෆොර්මර් වල තෙල් බස්සපු, තරමක වත් පොහොසත් සිසුන් ගේ නෑ හිතමිතුරන් ව විදුලි කණුවකට බැඳ වෙඩි තියාපු නල්ලමලේ මානව හිතවාදියෝ ය.  

ඊට පස්සේ පොලිසියට හසු වී කඳවුරු ගත වී අර පොන්සේකා කීවාක් මෙන් කුමාර් ගුනරත්නම් එයාට දනගහලා වැඳලා ජීවිතේ බේරාගත්තා වගේ කවුරුහරි පොන්සේකා කෙනෙකුට දන ගහලා වැඳලා එලියට ඇවිත් පොඩි පොඩි මානව හිතවාදී ප්‍රොජෙක්ට්ස් දෙක තුනකින් පස්සේ සිරිකොත හරහා හන්දිකඩාල් ගිහින් ලෙනින් ටත් කොමියුනිස්ට් වාදය උගන්වන වෘශභරාජ වියුනු ලියනා බක පඬියෝ ය.

 තණකොල පමනක් බුදිමින් හිටි වෘශභරාජ වියුනුකරු තුමා ට සිරිකොත අනුග්‍රහයෙන් පිදුරු කට්ටක් හා පුඤ්ඤක්කු ටිකක් ලැබුනාම අනෙකා දෙසට ඇඟිල්ල දික් කර තණකොලවාදියා යැයි චෝදනා කිරීම විහිලුවක් බව කාරුණිකව මතක් කරමි!

Monday, May 15, 2017

හෆොයි බනානා ටුජී.....

යහපාලනේ ගේන්න හරකෙක් මෙන් බර ඇද්ද, දිනපත මහින්ද මහත්තයාට හා ඔහු ගේ පවුලේ උදවියට විරුද්දව පට්ටපල් අතේ පත්තුවෙන බොරු ගොතමින් මාද්‍ය සන්දර්ශන කල බනානා ටුජී ට ආන්ඩුව පිහිටවූ පසු  රනිල් තුමාගෙන් ලැබුනේ අහක දාන මස්කටුවක් වැනි උප ඇමති කෑල්ලකි......

ජනතා සේවය කියමින් සොරාකෑම සඳහා එම මස් කටුව ප්‍රමානවත් නැති බව බනානා ටුජී තුමා ගිය සතියේ ප්‍රකාශයක් කලේය. එයින් නොනැවතී ඔහු ඒ කාලේ දෙනියාය භූගත මාලිගාවක් හදනවා කියමින් අපහාස කල මහින්ද මහත්තයාගේ නැගෙනිය ගේ හත් දවසේ බණ ට සභාගී විය.

 දෙකයි දෙකයි එකතු කලාම විසිහතරයි කියා උත්තරය ලබාදීමට බනානා ටුජී ලාගෙන් ම ඉගෙනගත් මාද්‍ය කාරයෝ ටුජී බණ ගෙදර යෑමේ පින්තූර පල කර තිබුනේ ඔහු එකාබද්දයට පිල් මාරු කරනා බව අඟවමිනි.

එම මාද්‍ය කාරයන් සමග මල පැන්න ටුජී ඊයේ කියා සිටියේ ඩොලර් බිලියන් හතරක් හොරකම් කල රාජපක්ශලා එක්ක එයා ගේ ගණු දෙණු නැති බව ය.

 අනේ ගොන් ටුජියෝ... දැන් තියෙන්නේ ඔහෙලාගේ ආන්ඩුවක් ය. මහින්ද මහත්තයා හා ඔහුගේ පවුලේ උදවිය ඩොලර් බිලියන හතරක් හොරකම් කලා නම්, නීති මගින් කටයුතු නොකරන්නේ ඇයි?

ඔහෙලාගේ ආන්ඩුව අටවලා අවුරුදු දෙකකුත් පහුවෙලා තිබියදී තාම නඩු දාලා තියෙන්නේ බැසිල් මහත්තයා පලාත් පාලන ආයතන වලට බෙදා දුන් GI පයිප්ප වලට විතරයි නේද? මරණෙට මගුලට හා ඔහෙලාගේ රාජ්‍ය මාද්‍ය සන්දර්ශනවලට තාමත් භාවිතා වෙන්නේ
එම GI පයිප්ප නේද?

ඇමැති කෙනෙක් වෙන්නට පෙර චන්දෙට කලින් හොරු අල්ලනවා කියලා පොලොවේ පස් කාපු ඔහෙලා ඒ පොරොන්දුව ඉශ්ට කොලොත් නරකද හිටන්?

Sunday, May 14, 2017

පටියෙන් පහරදී පාර දිගේ ඇදගෙනයාම....

පටියෙන් පහරදී පාර දිගේ ඇදගෙනයාම කෙනෙකුට ඉතාම වේදනාකාරී අත්දැකීමකි. එසේ පහර කා ඇදගෙනයාමට ද ලක් වූ පසු හොරි කසමින්, ගිනි පිඹිමින් කාලය ගත කරන්නට වීම කාලකන්නි කමකි.

 එක්සත් ජාතීන් ගේ වෙසක් උතසවයේ දී බෞද්ද කොඩිය අප්සයිඩ් ඩවුන් පැලැඳ ජාතියට ෆන් එකක් දුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට අත් වී ඇත්තේ එවන් කාලකන්ණි ඉරණමකි.

 මිනිස්සු බිලියන භාගයක් පමණ නිසි වැසිකිලි පහසුකම් නැතිවීම නිසාම පාරේ මලපහ කරනා ඉන්දියාවේ අගමැති පැමින ශ්‍රී ලංකිකයන්ට නිවාස සාදා පරිත්‍යාග කරන්නට පොරොන්දු වී කිසිම ගිවිසුමකට අස්සන් නොකර තම රට ගිය දාම දකුනු ආසියානු රටවල් වලින් ඉන්දියාව පමනක් වර්ජනය කරන්නට යෙදුනු  චීන පටිය හා පාර Belt and Road initiative වෑයමේ විශේශ අමුත්තෙකු ලෙස සාභාගී වෙන්නට සිදුවීම චීන අයෝමය හස්තයේ දෘඩ භාවය පෙන්නා දෙන්නකි.


 රුසියන් ජනපති පුටින් විසින් ඉතාම ප්‍රායෝගික කර්තව්‍යයක් ලෙස වර්ණනා කරන්නට යෙදුනු මේ සමුලුවේ රාජ්ය නායකයන් සහ වෙනත් ආරාදිතයන් හට චීන ජනපති පැවැසුවේ මේ පටිය හා පාර වෑයම චීනය ඩොලර් බිලියන 300 වැය කිරීමට සූදානම් බව ය.

අමෙරිකානු හා ඉන්දියානු රහස් ඔත්තු සේවා විසින් කරණා ලද රත්තරන් අශ්ව මෙහෙයුම් නිසා බලයට පැමිනි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරනයට පෙර කියනා ලද්දේ චීන රජයේ අනුග්‍රහයෙන් ඉඳිකෙරෙනා පෝර්ට් සිටි සංවර්දන ව්‍යාපෘතිය වහාම නතර කරන බවකි.

කියනා දේ කරනා පුද්ගලයෙකු ලෙසම එම ව්‍යාපෘතිය නතර කල
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා  ට චීන අයෝමය හතයෙන් ලැබුනු ටොකු පහරවල් දරාගත නොහැකිව, පොර්ට් සිටිය නැවත පටන්ගත්තා ඔබ සැමට මතක ඇතැයි සිතමි.

 මෝඩ කමේ උල්පත වූ, මුදලට කෑදර ජෙප්පන් සමග පෙර්ට් සිටි එපා යනුවෙන් කල උද්ගෝශන අලුයම ලූ කෙල පිඬක් සේ අහක දැමූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් කියන්නේ පොර්ට් සිටිය හොඳායි කියා ය.

පුරාණ සේද මාවත යලි පුණර්ජීවනය කිරීම ඓතිහාසික චීන අභිප්‍රායට අනුව පබලු වැල සංකල්පය (string of pearls)  යටතේ ලෝකයේ සමුද්‍ර නාවිකකරණයේ චීන අභිලාශ සාක්ශාත් කර ගැණීමේ උත්සාහයක් ලෙස ලොව වටා ඇති චීනයට වටිනා නාවික මර්මස්තාන දියුනු කිරීමට උදවු දීම නිසා හම්බන්තොට වරායත් පෝර්ට් සිටියත් බිහි විය.

කාර්මික නිශ්පාදනයේ යෝදයෙක් ව දිනෙන් දින ලෝක නායකයෙකු ලෙස ඉදිරියට යන චීනය සමග උපායමාර්ගික ගිවිසුම් වලට එලෙඹ ශ්‍රී ලංකා ව දියුනුවට රැගෙන යෑම ගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මැතිතුමා  කටයුතු කරනා ලදී.

ඒ කාලේ විරුද්ද පක්ශයේ සිට ඒ හැමටම විරුද්ද වූ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දවසේ චීන ජනාදිපති ගේ පා මුල ඇද වැටී හොසෑනා ගායනා කිරීම සංවේගයට කාරණයකි. 

ඉන්දියන් අගමැති මෝඩි රටින් පිටවන්නත් කලින් ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට චීනේ බේජින් වෙත ගොස් චීනුන් ගේ දෙපා මුල වැටෙන්නට සිදු වුනේ ඉන්දියානු හා අමෙරිකානු ලණු කෑවාම චීන කඹ මලපහ  කිරීමට සිදු වූ නිසයි. 

මොනවා කරන්නද රනිල්, දැන් ඉතින් ආප්පපාල එක්ක එකතුවෙලා මෝදි ගේ හොරි කසපන්, චීනුන් ට ගිනි පිඹපන්!

 චීන ජනතාවට ජය වේවා!
පටිය සහ පාර වෑයම දිනේවා!

Thursday, May 11, 2017

ප්‍රාදේශීය බල පෙරලි




ගරු ගීතා කුමාරසින්හ මහත්මිය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ ජාතික දේශපාලනයට සමාන්තරව ප්‍රාදේශීය දේශපාලනයේ බල පෙරලියකට පාර කැපෙන බව පෙනී යයි.

පසුගිය මැයි පලමුවෙනි දා පවත්වන්නට යෙදුනු රැලි මේ රටේ දේශපාලන දිශානතිය වෙනස් කල හැරවුම් ලක්ශයන් වූ බව සැක හැර පැවසිය හැකිය. 

ගාලු මුවදොර පිටිය අතුරු සිදුරු නැතිව පිරවූ එකාබද්ද විපක්ශය තම හයිය පෙන්නුවා පමනක් නොව නිශ්ශබ්ද විප්ලවයක් ද සිදු කලේය. එනම් ශ්‍රී ලන්කා නිදහස් පක්ශයේ සැබෑ බලය පවතින්නේ කා අතේද යන්න ලොවට ම ප්‍රදර්ශනය කිරීම ය. 

එම පණිවිඩය වඩාත් ම තදින් කා වැදී තිබෙන්නේ අන් කවරෙකුටවත් නොව මැද මට්ටමේ  දේශපාලකයන් වන පලාත් සභා මන්ත්‍රීන් ලා ට ය.

ගාලු මුවදොර මැයි රැලියට සැබෑ ශක්තියක් වූයේ පහලම ස්තරයේ දේශපාලකයන් වන ප්‍රාදේශීය සභා, ගම් සභා, නගර සභා හා මහ නගර සභා මන්ත්‍රීන් ව සිට දැන් ජොබ්ලස් වෙලා සිටිනා දේශපාලකයන් ය. ඔවුන් ගේ දේශපාලනය සැමවිටම බිම් මට්ටමේ දේශපාලනයකි.  මහජනතාව ඔවුන් හට සවන් දෙයි.. ඔවුන් මහජනතාව සමග ගැටෙමින් දේශපාලනය කරයි. 

 පලාත් සභා මන්ත්‍රීන් වන මැද ස්තරයේ දේශපාලකයන් ට චන්දයකට මුහුන දීමට නම් මේ පහලම බිම් මට්ටමේ දේශපාලකයන් ගේ පූර්ණ සහයෝගය අත්‍යාවශ්‍ය වේ. නැත්නම් දිස්ත්‍රික්කයක් පුරා චන්ද සොයා යෑම කල හැකි දෙයක් නොවේ.

බිම් මට්ටමේ දේශපාලකයන් ඉන්නේ මහින්ද මහත්තයා ගාව බව සැක හැර දැනගත් නිදහස් පක්ශයේ මැද මට්ටමේ පලාත් සභා දේශපාලකයෝ සියල්ල දැන් මහින්ද මහත්තයා වෙත නැවී ඇත. තව මාස තුනකින් පමන විසුරුවා හැරෙන පලාත් සභා වලට  නැවත මැතිවරණයටක මුහුන දෙන්න ඔවුන් සූදානම් වන්නේ මහින්ද මහත්තයා ගේ පක්ශයෙනි.

 උතුරුමැද පලාත්සභාවේ දැන් බහුතරය මහින්ද මහත්තයා සතු ය. සබරගමුව ද එම අඩි පාරේ යන බව පෙනී යයි. 

 සොරිසේන ආප්පපාල ලඟදීම එම පලාත් සභා දෙකම විසිරුවා නොහැරියොත්, මහින්ද මහත්තයා ගේ පැත්තෙන් අලුත් මහ ඇමැති වරුන් දෙදෙනෙක් පත්වීම නොවැලැක්විය හැක්කකි!
 

Wednesday, May 10, 2017

ගාල්ලේ අර්බූදය





ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසින්හ මැතිනිය ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම නිසා ව්‍යවස්තා අර්බූදයක් පැන නැගී ඇති බවක් පෙනී යයි.

එහි සිදුවියහැකි සිදුවීම් නම්:

1. සන්දාන ලැයිස්තුවේ ඊලඟට ඉන්නා පියසේන ගමගේ මන්ත්‍රීවරයෙකු ලෙස නම්කිරීම.

2. දිස්ත්‍රික්කයේම සන්දාන ලැයිස්තුව අහෝසිවී සියලු ආසන එජාප හා ජවිපෙ අතර බෙදී යාම. එවිට ජාතික ලැයිස්තු ආසන දෙකක් ද සන්දානයට අහිමි වීම


ඉහත පලමු හැකියාව සිදු වුනොත් ආන්ඩුවට වාසි සහගත ය.

දෙවන  හැකියා
සිද්ද වුනෝතින් සොරිසේන ට සොරි ඩොට් කොම් ය.
 


සන්දාන ලැස්තුවම අහෝසි වුනොත් ආප්පසිරා ගේ දෑත් ශක්තිමත් කරන්න ගාල්ල සන්දානයෙන් පත් වූ ඛනිජ තෙල් ඇමති චන්දිම, මුතුහෙට්ටි හා මනූශ ටත් ආසන අහිමි වී එජාපය පාර්ලිමේන්තුවේ මුලු ආසන සන්ක්‍යාවෙන් බාගයකට වඩා හිමි කර ගැනීම ය.  





සිදුවන්නේ කුමක් දැයි අප අබලා සිටිමු.
 


Tuesday, May 9, 2017

වෙ ස ක් සුබ මඟුල් මුඵ ලොවට ම වේ වා!!



ක ප් කෙ ළ අදික වන සිව් අසකට පොරෙණ
වි ප් කු ල මිණි වැලග මිණි රුවනය හරණ
ලොප්ක ළ දුසිරි සුමේදය පඩි සද වරණ
ඔ ප් ක ළ රන් කමල් එක සිරි වන ස රණ


බි ය ක රු කුදිටු ගණදුරු දුරු කළ මි තු රු
දි ව කු රු මුනිඳු දැක වැද හෙව මඩ අ තු රු
මොකැදු රු බුදු බවට විවරණය විසි තු රු
සි ත යු රු ලද බැවින් වි තිලොවෙක මි තු රු


අ ත ප ත් අමා මොක් හැර අප වෙත් පෙමිනා
සි දු ප ත් සසර හිමි සද දුක් යුතු නොමිනා
දු ක ප ත් අප නිසා ඇස් ඉස් දන් දෙමිනා
අ ග ප ත් විය පුරා දස පෙරුමන් දමිනා


බොස ත් සුමේද ව දිවිකුරු මුනි වෙතිනි
ඒ ප ත් විවරණය තැන් පටනෙත් නිතිනි
පොසත් වෙසතුරු ව දිනි මෙ අතර සිතිනි
නැ අ ත් හැරි දිනක් පෙරුමන් දම බැතිනි


පු ව ත ර සමතිසක් පෙරුමන් දම ස පු රා
සි රි බ ර දෙවි රදුව වුන් සද තුසි පු රා
බ ඹ සු ර අයදමින් කළ සිතු බැති ස පු රා
හි මි ව ර කල් බලා අත් හැර එ සුර පු රා


ලො ව තු ළ සකල සිරි පිරි පුර කිඹුල් ව ත
ස ක කු ල පියුම් වන පොබ කළ ගුවන් ව ත
සි රි ක ළ උර සුරැදි සරසමි මඬල ව ත
ගු ණ දු ල සුදොවුන් අග රජිදුට පැ ව‍ ත


මා යා වන ලොවට රුසිරෙන් අග පැ මි නි
මා යා බදු බසැති නිමසන ගුණ ද මි නි
මා යා මහ නැමති අග මෙහෙසිය පෙ මි නි
මා යා සසර වනසන හිමිනු දකි මි නි


පි ළි සි ද එ මවු ගැබ පුණු පෝ දින ඇසලේ
ම න න ද නිමිති පෙන්වා මිහි කර සසලේ
වි දි ලෙ ද එකඩ දස මස පත් සද තොසලේ
ය න ලෙ ද බිසව නික්මිනි සිය පුර නිසලේ


පු රා ලොව සසක් කැඵවැති වු නේයා
හැ රා දුක පසක් සැප සැම තැ නේ යා
තු රා මල් ගසක් නැත නොපිපු නේ යා
වි රා ජි ත වෙසක් සුමඟුල් දි නේ යා


පි රි ව ර ඇමති කුලඟන මෙහෙසිය කැ ටු ව
ය න ව ර අතර මග සිරි පිරි නොව ප ටු ව
පු ව ත ර ලුම්බිනි නම් රජු යන දු ටු ව
එ ම ව ර එහි වඩින ලෙස එ බසව තු ට ව


ස පැ මි ණ සුපිපි සල් රුක සල සිසිල් වන
සු ර ති නි රැගත් සද සල් සා සුපුල් වන
බු දු ව න තිලෝ ගුරු හිමි සද විපුල් වන
බි හි වු න මහ බඹුගේ සුර’තට විමල් වන


පි පු නා සුවඳ මල් මුඵ ලොව මඟුල් වියේ
තෙ වු නා සුර පුරය අව පුර අගුල් වියේ
දි වු නා සතුට ආ සුර සෙන් ව්පුල් වියේ
දි ය නා තිලෝ ගුරු බෝසත් උදුල් වියේ


බැ ස ලා එසත් පියරක් වැඩ දෙස උ තු රු
ක ර ලා අබිරු සී නද හිමි මර ස තු රු
නි ස ලා ව ම සිටින සිය පිරිවර උ තු රු
 පෙ ර ලා කපිලවත් පුර පැමිණි විසි තු රු

උ ප න් දින පසින් සත දත් පඬි පැමිණ
ඇ සි න් සිය බලා හිමි උතුමා පෙමින
යෙහෙන් ලොව’ග පත් වෙමය බුදු වෙමින
එ යි න් පළ කළෝ සිදුහත් යන නමින




පෙ ර පස සඳ ලෙසේ දින දින වැඩෙමි න් දා
ප ර සිදු දිය කුසේ සිය යස කොඩි බ න් දා
ත ර වරඟන ඇසේ රු රසදුන අ න් දා
සු ර රජු එකලෙසේ වන සැප විදිමි න් දා


ර ම ම ය සුරම්මය සුබ යන තෙ පහ තු ළේ
ර ම ම ය යසෝදර කුමරිය හා ල තු ළේ
පො ම ම ය වඩන විද විද සැප ති ලො තු ළේ
නි ම් න ය කර එ හළ හිමි වුදු සිරි ප තු ළේ


දැ ක තු න් නිමිති සසරට කලකි රි ලා
සු ප ස න් මහණ රුව දැන තොස පි රි ලා
ව ර ඹු න් කරණ රඟ දෙස නොම හැ රි ලා
ය න මෙ න් මහබිනක්මනට ම සැ රි ලා


ගො සි න් එදිනු’පන් රාහුල පුත් සො ඳු රා
ඇ සි න් දැක නො අල්වා සියතින් ඉ දු රා
ල සි න් එලිපතින් ගත් සිය පා උ දු රා
හි සි න් නිති වදිව් තිලොවග මොක් ඇ දු රා


පු නු පියයුරු තිසර පැහැසර වන ක ම ලි
ප න් සර යසෝදර සිය බිසව ද කො ම ලි
ව න් සුර පුර සැපත් රජ සැප හැර නි ම ලි
ස න් මැති සමග අස’රා ගොස් සිතු පෙ ම ලි


අ රු ණට මළමුවෙන් ගොස් හිම ගඟිනෙ ත ර
ග රු කොට මහණ වි නෙකි දුක් විද ල ත ර
ස රු වෙන සුජාතා දුන් කිරි පිඬු ප ත ර
පි රු මහ මෙතින් වළදා හිමි සද එ ත ර


සු ප ස න් දුමිදු ළඟ සුපවර විදුර සු න
අ ර මි න් බුදු වෙමැයි වඩවමිනි විද සු න
කෙ ලෙ සු න් සමග කරමින් මර බල පෙ සු න
ගෙ ව මි න් එ රැ රිවි එත පෙරගිර අ සු න


දැ න ග ත සියලු තතු සව්නේ ගෙ වා ලා
පි ණ මි න මොක් සැපෙන් බව දුක් නි වා ලා
බු දු වු න හිමි තුමා කෙලෙසුන් ද වා ලා
අ ද දි න බව අසව් දෙ සවන් පො වා ලා


ව ස් වා දහම් වැසි මිසදුටු ගිම සි න් දා
ලි ස් වා බව බැදුම් නිරයෙහි දොර බ න් දා
බ ස් වා මොක් ලොව සුදනන් කැ න් දා
න ස් වා දැඩි සතුන් එඩි පැ මෙත් ක න් දා


ප ළ ක ර සුවාසු දහසක් දම් ක ද ය
හෙ ලි ක ර කුදිටු දොස වෙසෙසින් පිරිසි ද ය
පු ව ත ර සුර බඹුන් පුද සිරි ලැබ සො ද ය
මු නි ව ර තිලෝ ගුරු දසඹුල් හිමිස ද ය


ස ක් රජ යසැති මල්ලව නිරිදුන් නු ව ර
එ ක් ලෙස පිපි දෙසල් තුර යහනත ප ව ර
 එ ක් වුණ බුදු පුදට මැද අමර පිරි ව ර
මො ක් පුර වැඩියෙ මෙ සසර කර ඉ ව ර


අ ද ය හිමි තුමා මෙ දියත දිනු දි න ය
අ ද ය හිමි තුමා කෙලෙසුන් දිනු දි න ය
අ ද ය හිමි තුමා මොක් පුර දිනු දි න ය
අ ද ය ලෙව පෙමා වන සුමඟුල් දි න ය


න ස නා පිණිස පත් දනපල් ඇතු හ ට ද
න ද නා රහල් පිය සුදොවුන් රජු හ ට ද
මෙ ති නා එක සදිසි ඔබ ගුණෙහි අප ට ද
නි ති නා සැපත වේවා කුදිටු දන ට ද


දො ස ක් කිසිවකුට දෙ ලොවම නොම වේ වා
වි ස ක් බදු කුදිටු සමයම් දුරු වේ වා
ස ස ක් අද දිලි සෙ ලක සුදිඵම් වේ වා
වෙ ස ක් සුබ මඟුල් මුඵ ලොවට ම වේ වා!!


පියදාස සිරිසේන ගරු මැතිඳුන් ගේ අෂ්ට ලෝක ධර්ම චක්‍රය පොතෙනි!

Monday, May 8, 2017

ලුවක් කෝපි ( Kopi Luwak ) සහ කලවැද්දා!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුමා ගේ කෝපි බීමේ පුරුද්ද ගැන නොයෙකුත් දේශපාලන කතිකා අප අසා ඇත්තෙමු. 

එයින් වඩාත් ම ප්‍රසිද්ද කතාව නම් ඒකාලේ එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරුපස්වන විදායක ජනපති වන ගරු මහින්ද රාජපක්ස මැතිඳුන් හමු වී කලු කෝපි බොන ගමන් සිරිකොත පාර කාපට් කිරීම, සජිත් ට ටොක්කක් ඇන්නවීම, කුරුඳුපොලු බලකායට මාතර පුරවර ට ඇතුලුවීමට අවසර ගැනීම වැනි දේසපාලනික සිල්ලර කතාබහ කල ආකාරයයි.

කාලය වෙනස්වී දැන් අගමැති තුමා ලෙස පත් වී ඇත... ඒ සමගම එතුමා ගේ කෝපි බීම ද වෙනස් වී ඇති බව දේශපාලනික විචාරකයන් ගේ මතයයි.

එකල එතුමා බිවුවේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරුපස්වන විදායක ජනපති වන ගරු මහින්ද රාජපක්ස මැතිඳුන් පිලිගන්වන්නට යෙදුනු හරිශ්චන්ද්‍ර කෝපි ය. 

එහෙත් එතුමා අගමැති වෙලා බීවේ ලෝකේ රට රට වල සංචාරය කර ඒ රටවල දී රාජ්‍ය නායකයන් හා ව්‍යාපාරික භවතුන් විසින්  සංග්‍රහ කරන්නට යෙදුනු ලෝකයේ මිලෙන් අධික ම කෝපි වර්ගය වන ලුවක් කෝපි ( Kopi Luwak )ය.


ඔබ සැම දන්නා පරිදි ලුවක් කෝපි (Kopi Luwak) නිපදවන්නේ කෝපි ඇට සිවිඩ්ඩ පිටින් ම අනුභව කල කලවැද්දන්  මලපහ සමග එලියට දමනා අඩක් ජීර්ණය වූ කෝපි ඇට වලිනි


ලුවක් කෝපි වලට වහවැටුනු අපේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුමා ට ලෝකයේ මිලෙන් අධික ම කෝපි වර්ගය වන  ලුවක් කෝපි ශ්‍රී ලන්කාවේද නිශ්පාදනය කර ඔබේ අපේ සාක්කු මුදල් වලින් පුරවන්නට සිතුනේය. 



කලවැද්දා ගේ මලපහ වල කෝපි ඇට ....


එම නිසා එතුමා ලුවක් කෝපි නිශ්පාදනය අත්‍යාවශ්‍ය කලවැද්දා ට විශේශ බලතල දෙන්නට සූදානම් වන බව දේශපාලන ආරන්චි මාර්ග පවසයි. 

 එම නිසා දැන් ශ්‍රී ලාංකාවේ කලවැද්දා පොරක් වී ඇත!

Sunday, May 7, 2017

ප්‍රාඥයා කලවැදි ප්‍රහාරයකට ලක්වීම




කොලඹ ප්‍රාඥයා හෙට සවස හදිසි කලවැදි ප්‍රහාරයකට ලක් වී ඇමතිකම නැති වී යෑමේ අනතුරකට පත් වීමට නියමිත බව එහෙන් මෙහෙන් කියවේ. කතාවේ සත්‍ය අසත්‍යතාවය නොදනිමි. 

කෙසේ වෙතත් ඔබට සුභ ගමන්!

Wednesday, May 3, 2017

විශ්ව විද්‍යාල ප්‍රමිති





ශ්‍රී ලංකා  විශ්ව විද්‍යාල ප්‍රමිති ගැන හැමෝම කතා වෙන කාලයක් නේ මේක. 

GMOA වෛද්‍යවරු ඇතුලු බොහොමයක් ශ්‍රී ලාංකිකයන් හිතන්නේ රජයේ විශ්ව විද්‍යාල ප්‍රමිතියෙන් බොහොම උසස් කියලා. මොකද එසේ ප්‍රමිතියෙන් උසස් වෙන විදියට නීති රීති පනවලා තියෙනවනේ. 

 හැබැයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ නීති නවන්න ලෝක ප්‍රසිද්දියට පත් වෙච්චි උදවිය කියලා කාටත් අමතක වෙලා වගේ. ඉතින් සරස තුමා මේ කතාව ලියන්නේ එසේ අමතක වෙච්චි අයට සිහි කැඳවීමක් කරන්නයි.

සරස තුමා පලමු වසරෙ භෞතවේදය (Physiology) විශය හදාරනකොට රටේ නම් දරාපු ආචාර්ය මන්ඩලයක ගෙන් ඉගෙනගන්න එතුමාට අවස්තාව උදාවුනා. ප්‍රසිද්ද පියානෝ වාදකයෙකු හා සන්ගීතඥයෙකු වූ මහාචාර්‍ය වැලන්ටයින් බස්නායක මැති තුමා ගෙන් ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක්. එතුමා ට පුලුවන් සින්හල දෙමල සහ ඉන්ග්‍රීසි භාශා ත්‍රිත්වයෙන් ම උගන්වන්න. එතුමා ගැණ වෙනම බ්ලො ලිපි කීපයක් ලියන්න කාරනා සරස තුමා ගේ මතකයට එනවා. 

මහාචාරිනී මාලිනී උඩුපිහිල්ල, මහාචාරිනී ප්‍රේමලතා බාලසූරිය, වෛද්ය නීටා ජයසින්හ, වර්තමාන වෛද්‍ය පීට පීඨාදිපති මහාචාර්ය වජිර වීරසින්හ, වෛද්ය ජයන්ත රාජරත්න වැනි දක්ශ ආචාර්ය මන්ඩලයක් හිටපු භෞතවේද දෙපාර්තමේන්තුවේ එක්තරා වෛද්යවරියක් තාවකාලික ආචාර්යවරියක් ලෙස සේවය කලා. අපට ඇය කලේ එකම එක දේශනයක් බව සරස තුමාට හොඳටම මතකයි. 

තාවකාලික සේවයේ හිටි ඇය ස්තීර කතිකාචාර්ය වරියක් වෙන්න අපමන උනන්දුවකින් වැඩ කල බව ඒ කාලේ ප්‍රසිද්ද රහසක්.

කොපමන උත්සාහ කලත් ඇයට ස්තීර ආචාර්ය වරියක් වෙන්න බැරි වුනේ ඇගේ අධ්‍යාපන සුදුසුකම් නිසයි. මෙයා ශිශ්‍යාවක් ව හිටි කාලේ හැම විබාගයකම අඩුම තරමේ එකම එක විශයක් හෝ අසමත් වෙලා  නැවත විභාගය ට සාබාගී වෙලා තියෙන කෙනෙක්. අවසාන විබාගෙත් ෆේල් වෙලා. පන්ති සාමාර්ත නැහැ. කිසිම විශයකට සම්මාන සාමාර්ත නැහැ.

ශ්‍රී ලංකා  රාජ්‍ය විශ්ව විද්‍යාල වල රජයේ අන පනත් මගින් පවත්වාගෙන යන ප්‍රමිතිය නිසා මෙවැනි ඌන සාමාර්ත සහිත අයට ස්තීර ආචාර්ය මන්ඩලයට බැඳෙන්න බැහැ. ප්‍රමිතිය කියන දේ වටින්නේ ඒ නිසයි.
පසු කාලෙක ඒ ආචාර්යවරිය දන්ත වෛද්‍ය පීඨයේ තාවකාලික සේවයට ගියා කියලා ආරන්චියක් පැතිර ගියා.

කාලය ගෙවිලා සරස තුමා ල පාස් අවුට් වෙලා ආචාර්ය මංඩලේට බැඳිලා පස්චාත් උපාදි අරන් ආපහු ලන්කාවට ආවා. ආචාර්ය වරිය තාවකාලික සේවයේ හිටියේ. 


 වසරකට පමන පස්සෙ  දැනගන්න ලැබුනා අර පෙර කී ආචාර්යවරියත් ක්‍රම සහ විදි පාවිච්චි කරලා ස්තීර සේවයට බැඳිලාය කියලා.


ක්‍රමය සිම්පල්. 
ඇය ගේ නියෝජිතයෙක්  ඉස්සෙල්ලාම ෆැකල්ටි ක්ලබ් එකේ දී පරිපාලනය සමග ඩීල් එකක් දාගෙන (පේරාදෙනි විශ්වවිද්යාලය ඇසුරු කල හැමෝම හයරින් ඇන්ඩ් ෆයරින් වලට ෆැකල්ටි ක්ලබ් එකේ දායකත්වය හොඳහැටි දන්නවා).

ඊට පස්සෙ විශ්ව විද්යාල පරිපාලනය දන්ත වෛද්ය පීටේ එක්තරා දෙපාර්තමේන්තුවක ස්තීර කතිකාචාර්‍ය තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා අයැදුම් පත් කැඳවනවා. 

නියමිත සුදුසුකම් ඇති පාලොස් දෙනෙකුත් කිසිම සුදුසුකම් නැති අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා. කලින් කතාකරගෙන එකඟතාවයකට පැමින ඇති පරිදි, පරිපාලනය එම පුරප්පාඩු දැන්වීම අවලන්ගු කරනවා. 

නැවතත් විශ්ව විද්යාල පරිපාලනය එම තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා අයැදුම් පත් කැඳවනවා.

මේ පාර නියමිත සුදුසුකම් ඇති  දාහතර දෙනෙකුත්  අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා.  නියමිත සුදුකම් ඇති එක් අයදුම්කරුවෙකු ට වැඩේ එපා වෙලා. පරිපාලනය එම පුරප්පාඩු දැන්වීමත් අවලන්ගු කරනවා. 

 අනේ පින්වතුනි මේ සෙල්ලම පාලොස් වතාවක් කරනවා. 

සියලු සුදුසුකම් සැපිරූ අයදුම්කරුවෝ වෙන රැකියා හොයාගෙන මේ තරඟයෙන් ඉවත් වනවා...

පාලොස් වතාවක් අවලන්ගු කල මේ තනතුර සඳහා අන්තිමට දාපු දැන්වීමට අයැදුම් කරන්නේ අපේ කතා නායිකාව විතරමයි.

පුදුමයි ඒත් ඇත්තයි, ඒ පාර
විශ්ව විද්යාල පරිපාලනය සම්මුක පරීක්ශනය තියලා අයදුම් කල එකම අයදුම්කාරි ව තනතුරට තෝරා ගන්නවා...

ඊට පස්සෙ අර ෆැකල්ටි ක්ලබ් එක හරහා ම ඇය ගඟෙන් එගොඩ පීඨෙ ගොන් පාට් කාරයෙක් එක්ක එකතුවෙලා බොරු පරීක්ශනයක් කරලා නිබන්දනයක් ලියලා MPhill උපාදියත් ලබාගෙන ජේශ්ඨ කතිකාචාරිනියකුත් වෙනවා. දැන් සමහර විට මහාචාරිනියක් වෙන්නත් පුලුවනි...

සරස තුමා මේ කතාව යාලුවෙකුට කිවුවාම එයා විස්වාස කලේම නෑ... මොන පිස්සුද, ඔය දන්ත වෛද්ය පීටෙ මහාචාර්‍යවරයෙක් නේ ටී වී එකේ සාකච්චා වලට SAITM පැත්ත  වෙනුවෙන් සාබාගී වෙන්නෙ... ඔය කතාව ඇත්තනම් වල ප්‍රමිතිය අවුල් ය, සුදුසුකම් නැති ආචාර්යමන්ඩලයක් ය ඉන්නේ කියලා කියලා එයා ප්‍රසිද්දියේම කියන්නෙ නැද්ද??? යාලුවා සරස තුමාගෙන් ඇහුවා.

යාලුවා දන්නේ නෑ අපේ ඌනසාමාර්ථ කතානායිකාව කසාදා බැඳලා ඉන්නේ SAITM වෙනුවෙන් නිර්භීතව සටන් වදින ඒ මහාචාර්ය තුමා ය කියලා.! ඉතින් කොහොමෙයි දන් වලඳන්නෙ හිටන්???




Tuesday, May 2, 2017

ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය






සිංහල බ්ලොග් අවකාසේ  අලුත් ප්‍රවනතාවක් තමා ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය. 

තේරෙන බාසාවෙන් කියනවා නම්, ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය යනු යම් කෙනෙක් එක්තරා බ්ලොග් එකකට ගොහින් එහි කොමෙන්ට් එකක් දැම්මාම, එතුමා හෝ අන් අයෙක් ඒ කොමෙන්ට් එක එහෙම් පිටින් ම හෝ යම් යම් සංශෝදන සහිතව වෙනත් බ්ලොගේක් පිටුවක අලුත් කොමෙන්ට් එකක් ලෙස කපා ඇලවීමයි.
 

මුලදී මෙය සරස තුමා ට යම් කම්පනයක් ඇතිකලද දැන් එම ආලෝචනා සහ සංශෝදිත ආලෝචනා කියවීම එක්තරා විදියක සන්තෝසයක්. විශේශයෙන් ම කෙනෙක් යම් කරුණක් වෙනුවෙන් හරබර තර්කයක් ගොඩනගා ලියනා ලද ආලෝචනයක් වෙනත් බ්ලොග් පිටුවක කොමෙන්ටුවක් විදියට ඊට ගැලපෙන එහෙත් එහෙන් පිටින් ම අර්ත්යෙන් බැහැර ( out of context ) වචන සමූහයක් ලෙස පලකිරීම එක අතකින් තදබල උපහාසයක්. 

මෙහි සරස තුමා දකින වැරැද්ද නම්, කෙනෙක් යම් දෙයක් ලිවුවාම, යම් නිර්මාණයක් කලාම ඒක ඔහුගේ හෝ ඇයගේ බුද්ධිමය දේපලක් වෙනවා. බුද්ධිමය දේපල අපහරණය එතරම් සුදුසු දෙයක් නොවෙයි.

 විශේශයෙන් මෙය plagiarism නැමැති වරද යටතෙ දඬුවම් ලැබිය හැකි වරදක්. කෙනෙක් තව කෙනෙක් ගේ බුද්ධිමය දේපලක් මූලාශ්‍ර සඳහන් නොකර පාවිච්චි කරලා යම් නිර්මානයක් කලොත් ඒ නිර්මානය ප්‍රතික්ශේප කරන්න රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන බැඳී සිටිනවා (පර්යේශන පත්‍රිකා හා තීසීස් ආදිය )


මූලාශ්‍ර හෝ මුල් අයිතිකරුවන් ගේ නම් සඳහන් නොකර තමන් ලීවා වගේ ලිවීම සිංහල ජනතාවට පොදු ලක්ශනයක් ද කියලා වෙලාවකට සරස තුමා ට හිතෙනවා. 

 සිදත් සඟරාවේ උපදෙසක් වන "වහරනු සෙරෙන් සපයා" කියන වැකිය අප භාවිතා කරන්නේ "වහරනු සොරෙන් සපයා" වෙන්නට ඔනේ.

සැකයක් තියෙනවා නම් හෙලයේ මහා ගත් කතු මාර්ටින් වික්‍රමසින්හ මැතිතුමා ගේ අයිරාන්ගනී නැමති පොත කියවන්න.


එන්න අපි වෙන අය ලියූ ආලෝචනා එහෙම්පිටින් ම හෝ කපා කොටා අච්චාරු කර වෙන බ්ලොග් පිටුවල අලවා විනෝද වෙමු.
ජයවේවා!