Tuesday, May 9, 2017
වෙ ස ක් සුබ මඟුල් මුඵ ලොවට ම වේ වා!!
ක ප් කෙ ළ අදික වන සිව් අසකට පොරෙණ
වි ප් කු ල මිණි වැලග මිණි රුවනය හරණ
ලොප්ක ළ දුසිරි සුමේදය පඩි සද වරණ
ඔ ප් ක ළ රන් කමල් එක සිරි වන ස රණ
බි ය ක රු කුදිටු ගණදුරු දුරු කළ මි තු රු
දි ව කු රු මුනිඳු දැක වැද හෙව මඩ අ තු රු
මොකැදු රු බුදු බවට විවරණය විසි තු රු
සි ත යු රු ලද බැවින් වි තිලොවෙක මි තු රු
අ ත ප ත් අමා මොක් හැර අප වෙත් පෙමිනා
සි දු ප ත් සසර හිමි සද දුක් යුතු නොමිනා
දු ක ප ත් අප නිසා ඇස් ඉස් දන් දෙමිනා
අ ග ප ත් විය පුරා දස පෙරුමන් දමිනා
බොස ත් සුමේද ව දිවිකුරු මුනි වෙතිනි
ඒ ප ත් විවරණය තැන් පටනෙත් නිතිනි
පොසත් වෙසතුරු ව දිනි මෙ අතර සිතිනි
නැ අ ත් හැරි දිනක් පෙරුමන් දම බැතිනි
පු ව ත ර සමතිසක් පෙරුමන් දම ස පු රා
සි රි බ ර දෙවි රදුව වුන් සද තුසි පු රා
බ ඹ සු ර අයදමින් කළ සිතු බැති ස පු රා
හි මි ව ර කල් බලා අත් හැර එ සුර පු රා
ලො ව තු ළ සකල සිරි පිරි පුර කිඹුල් ව ත
ස ක කු ල පියුම් වන පොබ කළ ගුවන් ව ත
සි රි ක ළ උර සුරැදි සරසමි මඬල ව ත
ගු ණ දු ල සුදොවුන් අග රජිදුට පැ ව ත
මා යා වන ලොවට රුසිරෙන් අග පැ මි නි
මා යා බදු බසැති නිමසන ගුණ ද මි නි
මා යා මහ නැමති අග මෙහෙසිය පෙ මි නි
මා යා සසර වනසන හිමිනු දකි මි නි
පි ළි සි ද එ මවු ගැබ පුණු පෝ දින ඇසලේ
ම න න ද නිමිති පෙන්වා මිහි කර සසලේ
වි දි ලෙ ද එකඩ දස මස පත් සද තොසලේ
ය න ලෙ ද බිසව නික්මිනි සිය පුර නිසලේ
පු රා ලොව සසක් කැඵවැති වු නේයා
හැ රා දුක පසක් සැප සැම තැ නේ යා
තු රා මල් ගසක් නැත නොපිපු නේ යා
වි රා ජි ත වෙසක් සුමඟුල් දි නේ යා
පි රි ව ර ඇමති කුලඟන මෙහෙසිය කැ ටු ව
ය න ව ර අතර මග සිරි පිරි නොව ප ටු ව
පු ව ත ර ලුම්බිනි නම් රජු යන දු ටු ව
එ ම ව ර එහි වඩින ලෙස එ බසව තු ට ව
ස පැ මි ණ සුපිපි සල් රුක සල සිසිල් වන
සු ර ති නි රැගත් සද සල් සා සුපුල් වන
බු දු ව න තිලෝ ගුරු හිමි සද විපුල් වන
බි හි වු න මහ බඹුගේ සුර’තට විමල් වන
පි පු නා සුවඳ මල් මුඵ ලොව මඟුල් වියේ
තෙ වු නා සුර පුරය අව පුර අගුල් වියේ
දි වු නා සතුට ආ සුර සෙන් ව්පුල් වියේ
දි ය නා තිලෝ ගුරු බෝසත් උදුල් වියේ
බැ ස ලා එසත් පියරක් වැඩ දෙස උ තු රු
ක ර ලා අබිරු සී නද හිමි මර ස තු රු
නි ස ලා ව ම සිටින සිය පිරිවර උ තු රු
පෙ ර ලා කපිලවත් පුර පැමිණි විසි තු රු
උ ප න් දින පසින් සත දත් පඬි පැමිණ
ඇ සි න් සිය බලා හිමි උතුමා පෙමින
යෙහෙන් ලොව’ග පත් වෙමය බුදු වෙමින
එ යි න් පළ කළෝ සිදුහත් යන නමින
පෙ ර පස සඳ ලෙසේ දින දින වැඩෙමි න් දා
ප ර සිදු දිය කුසේ සිය යස කොඩි බ න් දා
ත ර වරඟන ඇසේ රු රසදුන අ න් දා
සු ර රජු එකලෙසේ වන සැප විදිමි න් දා
ර ම ම ය සුරම්මය සුබ යන තෙ පහ තු ළේ
ර ම ම ය යසෝදර කුමරිය හා ල තු ළේ
පො ම ම ය වඩන විද විද සැප ති ලො තු ළේ
නි ම් න ය කර එ හළ හිමි වුදු සිරි ප තු ළේ
දැ ක තු න් නිමිති සසරට කලකි රි ලා
සු ප ස න් මහණ රුව දැන තොස පි රි ලා
ව ර ඹු න් කරණ රඟ දෙස නොම හැ රි ලා
ය න මෙ න් මහබිනක්මනට ම සැ රි ලා
ගො සි න් එදිනු’පන් රාහුල පුත් සො ඳු රා
ඇ සි න් දැක නො අල්වා සියතින් ඉ දු රා
ල සි න් එලිපතින් ගත් සිය පා උ දු රා
හි සි න් නිති වදිව් තිලොවග මොක් ඇ දු රා
පු නු පියයුරු තිසර පැහැසර වන ක ම ලි
ප න් සර යසෝදර සිය බිසව ද කො ම ලි
ව න් සුර පුර සැපත් රජ සැප හැර නි ම ලි
ස න් මැති සමග අස’රා ගොස් සිතු පෙ ම ලි
අ රු ණට මළමුවෙන් ගොස් හිම ගඟිනෙ ත ර
ග රු කොට මහණ වි නෙකි දුක් විද ල ත ර
ස රු වෙන සුජාතා දුන් කිරි පිඬු ප ත ර
පි රු මහ මෙතින් වළදා හිමි සද එ ත ර
සු ප ස න් දුමිදු ළඟ සුපවර විදුර සු න
අ ර මි න් බුදු වෙමැයි වඩවමිනි විද සු න
කෙ ලෙ සු න් සමග කරමින් මර බල පෙ සු න
ගෙ ව මි න් එ රැ රිවි එත පෙරගිර අ සු න
දැ න ග ත සියලු තතු සව්නේ ගෙ වා ලා
පි ණ මි න මොක් සැපෙන් බව දුක් නි වා ලා
බු දු වු න හිමි තුමා කෙලෙසුන් ද වා ලා
අ ද දි න බව අසව් දෙ සවන් පො වා ලා
ව ස් වා දහම් වැසි මිසදුටු ගිම සි න් දා
ලි ස් වා බව බැදුම් නිරයෙහි දොර බ න් දා
බ ස් වා මොක් ලොව සුදනන් කැ න් දා
න ස් වා දැඩි සතුන් එඩි පැ මෙත් ක න් දා
ප ළ ක ර සුවාසු දහසක් දම් ක ද ය
හෙ ලි ක ර කුදිටු දොස වෙසෙසින් පිරිසි ද ය
පු ව ත ර සුර බඹුන් පුද සිරි ලැබ සො ද ය
මු නි ව ර තිලෝ ගුරු දසඹුල් හිමිස ද ය
ස ක් රජ යසැති මල්ලව නිරිදුන් නු ව ර
එ ක් ලෙස පිපි දෙසල් තුර යහනත ප ව ර
එ ක් වුණ බුදු පුදට මැද අමර පිරි ව ර
මො ක් පුර වැඩියෙ මෙ සසර කර ඉ ව ර
අ ද ය හිමි තුමා මෙ දියත දිනු දි න ය
අ ද ය හිමි තුමා කෙලෙසුන් දිනු දි න ය
අ ද ය හිමි තුමා මොක් පුර දිනු දි න ය
අ ද ය ලෙව පෙමා වන සුමඟුල් දි න ය
න ස නා පිණිස පත් දනපල් ඇතු හ ට ද
න ද නා රහල් පිය සුදොවුන් රජු හ ට ද
මෙ ති නා එක සදිසි ඔබ ගුණෙහි අප ට ද
නි ති නා සැපත වේවා කුදිටු දන ට ද
දො ස ක් කිසිවකුට දෙ ලොවම නොම වේ වා
වි ස ක් බදු කුදිටු සමයම් දුරු වේ වා
ස ස ක් අද දිලි සෙ ලක සුදිඵම් වේ වා
වෙ ස ක් සුබ මඟුල් මුඵ ලොවට ම වේ වා!!
පියදාස සිරිසේන ගරු මැතිඳුන් ගේ අෂ්ට ලෝක ධර්ම චක්‍රය පොතෙනි!
Subscribe to:
Post Comments (Atom)
බක්තිමත් රෝමානු කතෝලිකයන් වන අපට වෙසක් නෑ ගරු සාරසතුමා.
ReplyDeleteහා හොඳයි...
Deleteඇනොගේ කොමෙන්ට් එක දැකල මතක් වුනේ, කෝ මේ ඉයන්ගේ අතෙවසික ජි-වන?
Delete// AnonymousMay 9, 2017 at 5:54 PM
Deleteඇනොගේ කොමෙන්ට් එක දැකල මතක් වුනේ, කෝ මේ ඉයන්ගේ අතෙවසික ජි-වන? //
හැබෑට ... කෝ මේ ජී වනේ?
ජීවිතේ ගැන බ්ලොග් ලියන්න මිනිසුන් පෙළඹෙන්නෙ නැත්තෙ ලංකාවෙ විවිධ දාර්ශනික වෙස් ගත් අසහනකාරයන් නිර්නාමිකව ඇවිත් කුණුහරුප ලියන නිසායි. හැබැයි උන්ට බය වෙලා මේ සමාජය වෙනස් කරන්නට බැහැ.
Deleteබ්ලොග් පාවිච්චි කර කුණුහරුප ලියන්නට හිතාගෙන ඉන්න අයට මා කියන්නේ නිර්නාමිකව පෙනී ඉන්න සමාජ මාධ්‍යවලින් ලැබී තිබෙන අවකාශය නිසා තිරිසනුන් නො වන ලෙසයි.
ඔබ තිරිසනුන් වූ පළියට අප මිනිසුන් වන එක නවතින්නේ නැත.
මම 3
ReplyDeleteමම වැඩිපුර දන්නේ යොහොව්වා ගැන
යොහොව්වා ට ජයවේවා
Deleteසාරස තුමාටත් ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා!! ලියලා තියෙන්නේ සිරිසේන කෙනෙක් උනත් කවි ටික නං පංකාදු පහයි..
ReplyDeleteකවියක් ලියාගෙන විරිදුවක් කියාගෙන හිටියනම් කොයි සිරිසේනත් අගයෙන් වැඩියි...
Deleteකමී තුමාටත් ප්‍රීති වෙසක්!
සිත් නිවේවා..!
ReplyDeleteජයවේවා..!!
නිදුක් වෙත්වා!!
ReplyDeleteනිරෝගී වෙත්වා!!
සිරි තෙමඟුලක් සාරස.
ReplyDeleteඒක නෙවෙයි සාරස,2016 ලෝකේ ඇති උනා කියපු ට්‍රම්ප් රැල්ලට මොකද උනේ වදාරනු මැනවි.
ප්‍රංසේ 34% ද දේසප්ප්‍රේමින් උන්නේ.
ද .කොරියාවෙ යුද්දෙට අකමැති සාමකාමී මිනිහෙක් ජනාධිපති කලේ උන්ට වැඩ වැඩි නිසාද ?
2020 ලංකාවේ බූරුවංසලාටත් මේ ටිකමද?
නිදුක් වෙත්වා!!
Deleteනිරෝගී වෙත්වා!!
සා රස තුමාටත් පවුලේ සැමටත් නිදුක්, නිරෝගී, සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!
ReplyDelete@ Asanga
Deleteඅපේ ගෙදරත් කූඩු 16ක් හැදුවා. වයිෆුයි පොඩි පුතයි කුඩු ඇලෙව්වේ. ප්ලාස්ටික් කූඩු මේ තුන්වෙනි අවුරුද්ද පාවිච්චි කරන. ලී කූඩු හතරවෙනි අවුරුද්ද. ලී කූඩු මේ පාර විතරයි පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඒවා ගුල්ලෝ ගහල තිබුනා කුඩු 12 කින් කෑලි අරං 5ක් අටවා ගත්ත.
ඇනෝ තුමාටත්, ආලෝචනය ලියපු මැතිතුමාටත්, සාමය සපිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා
Delete//Asanga ManpitiyaMay 10, 2017 at 5:30 AM
Deleteසා රස තුමාටත් පවුලේ සැමටත් නිදුක්, නිරෝගී, සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!//
ගරු අසන්ග මාන්පිටිය තුමාටත් පවුලේ සැමටත් නිදුක්, නිරෝගී, සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!
ප ළ ක ර සුවාසු දහසක් දම් ක ද ය
ReplyDeleteහෙ ලි ක ර කුදිටු දොස වෙසෙසින් පිරිසි ද ය
පු ව ත ර සුර බඹුන් පුද සිරි ලැබ සො ද ය
මු නි ව ර තිලෝ ගුරු දසඹුල් හිමිස ද ය
http://sinhala.adaderana.lk/webgossip/aluth-budu-kenek/
සාධු! සාධු!! සාධු!!!
සාධු! සාධු!! සාධු!!!
Deleteසරස තුමාටත් සුභ වෙසක් මංගල්‍යයක්. සරස පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකටම වඩා වැදගත්ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්‌ථාත්‍රය සිහිකිරීම් වස් වෙසක් අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණු බවත්, චීන ජාතික පාහියන් (Fa-Hsien) හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි.
ReplyDeleteපුරාන ලංකාවේ පැවැති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහා වංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි. පූ. 101 - 77) රාජ්‍ය සමයේදී ය. දුටුගැමුණු රජු වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ වග එහි කියෑවෙයි. ඓතිහාසික වාර්තා නොමැති වුවද වෙසක් උත්සවය එයට කලින්ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකිය. දේවානම් පියතිස්‌ස රජු වෙසක් උත්සවය සිදු කරන්නට ඇතැයි පිළිගත හැකිය. එබැවින් බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත්වූ බව සිතීම හේතු යුක්‌ති සහගතය. දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්aඩව පැවැත්වූහ. භාතිය රජු (ක්‍රි. ව. 38 - 67) වෙසක් උත්සව විසි අටක් සිදු කළේය. බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් පැවැත්වූ මෙම උත්සවයේදී දුගී, මගී යාචකාදීන්ට කෑම් බීම් දීමේ සිරිතද පැවතිණි. වසභ රජු ද (ක්‍රි.ව. 127 - 171), ඔටුනු පළන් වර්ෂයේ තමන්ම පිළිවෙළින් වෙසක් උත්සව විසි හතරක් කරවීය. වෝහාරිකතිස්‌ස රජු ද (ක්‍රි. ව. 269 - 291) වෙසක් උත්සවය සිදුකොට ලක්‌දිව සියලු භික්‌ෂූන් වහන්සේලාට තුන් සිවුරු පිදීය. එමතු නොව ගෝඨාභය රජු ද (ක්‍රි. ව. 323 -333) ජෙට්‌ඨතිස්‌ස රජුද (ක්‍රි. ව. 611 - 617) දල්ල මොග්ගල්ලාන රජුද (ක්‍රි. ව. 851 - 885) 2 වැනි සේන රජුද, රටවාසීන් හා එක්‌ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වූ බව සඳහන්ව තිබේ.
සරස රාජානුග්‍රහය මත වර්ෂයක් පාසාම අති උත්කර්ෂවත් අන්දමින් වෙසක් උත්සවය පැවැත්වීම කෙරෙහි පූර්වෝක්‌ත රජවරුන් උත්සාහ ගෙන ඇත. මේ අනුව රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක්‌ද වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණි. රාජ්‍ය චාරිත්‍රයක් ලෙස සෑම රජ කෙනකුගේම අනිවාර්ය ධර්මතාවක් වූ මෙය පොළොන්නරු යුගය වනවිට තව තවත් දියුණුවට පත්විය. දඹදෙණි යුගයේ පැවැති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තාවක් "පූජාවලිය" තුළින් හමුවෙයි.
TBC
Cont'd
Deleteඒ මෙසේ වෙසක් උත්සවයක්;
"එදවස් මේඝරාජයාණන් හස්‌තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඬලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්‌තිරූප පංතීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍රරාජයා ගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංන්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස්a ගණන් සංඝයා හා මුළු ලක්‌දිව සියලු මනුෂ්‍ය සේනා රැස්‌කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට..."
සරස මෙම වෙසක් උත්සවය සිදු කරනුයේ දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු ගේ (ක්‍රි. ව. 1250 - 1285) මූලිකත්වයෙනි. ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංගෝපාංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවැති වෙසක් උත්සවයක නියම ස්‌වරූපය යෑයි පැවැසිය හැකිය. මෙහි "බුදු මඟුලට බැස" යනුවෙන් සඳහන්ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා "බුදු මඟුල" යන්න යොදා ඇති බැව් පැහැදිලිය.
TBC
Cont'd
Deleteසරස නුවර යුගයේ මෙරට පැවැති උත්සව හතරක් ගැන සඳහන් වන අතර, එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙස දක්‌වා ඇත. තවද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්‌වමින් සම්මත නීති මාලාවක්‌ද එකල පැවැති බව මහාවංසයෙන් තහවුරු වෙයි. වෙසක් උත්සවය ආරම්භ කළ යුත්තේ කෙසේද? ආරම්භ කරන්නේ කුමකින්ද? යනු එම නීති මාලාවට අන්තර්ගත වී තිබෙන්නට ඇතැයි, විශ්වාස කල හැකිය.
කෝට්‌ටේ යුගයෙහි කළ වෙසක් උත්සව ගැන කරුණු විරල ය. බුද්ධ පූජා පැවැත්වූ රජවරුන් රාශියක ගැන සඳහන් වෙතත් ඒවා වෙසක් උත්සව දැයි නිර්ණය කිරීම අපහසුය.
සරස කොළඹ යුගයේදී ඉතා විචිත්‍ර අන්දමින් වෙසක් උත්සවය සිදු කෙරිණි. මේ තාක් ලංකාවෙහි වාර්ෂිකව වෙසක් උත්සවය සිදු කෙරෙයි. වෙසක් පොහොය දා සිද්ධස්‌ථාන වැඳීම සඳහා වන්දනාවේ යන සැදැහැවතුන් උදෙසා සංග්‍රහ කිරීම පිණිස යම් යම් පුද්ගලයෝ සමිති වශයෙන් සංවිධානය වී රටපුරා දන්සල් පවත්වති. තවද මෙකල සිදු කෙරෙන වෙසක් උත්සවයන් හිදී "වෙසක් තොරණ" හා "වෙසක් පහන් කූඩු" කෙරෙහිද ඉතා උසස් ස්‌ථානයක් හිමි වෙයි.
ලන්කාවේ වෙසක් උත්සව පැවැත්වීම ගැන ඓතිහාසික කරුණු ආලෝචනයකට එක් කල ගරු ඇණෝ තුමාට පින් සිදු වේ.
Deleteහුකස් සදු දදු
ReplyDeleteඅඩසියවසක තාත්තයි
ReplyDeleteදරු පැටව් දෙන්නයි
නෝනාමහත්තයයි
දැක්කාම සතුටුයි
ප්‍රීති වෙසක් !!!
ප්‍රීති වෙසක් !!!
Deleteසාරස වෙසක් පොහොය නිමිත්තෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොටුව චෛත්‍ය පාරේ ඉදි කර තිබූ විශාල ප‍්‍රමාණයේ වෙසක් තොරණ ඊයේ රාත‍්‍රියේ බිමට කඩා වැටී තිබේ.
ReplyDeleteඅද විවෘත කිරීමට නියමිතව තිබූ තොරණ කඩා වැටීම නිසා තොරණ මුළුමනින්ම විනාශ වී ඇති අතර වරාය අධිකාරිය විසින් මෙම තොරණ ඉදිකරනු ලැබුවේ සිවුවන වරටයි.
මෙම තොරණ හා වෙසක් කලාපය ඇමති අර්ජුන රණතුංග විසින් අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබූ අතර එම අවස්ථාව ආවරණයට සහභාගී වන්නැයි සියළු මාධ්‍ය වෙතද දන්වා තිබින.
වරායට අසුභ පාටයි!
Deleteවරායේ නත්තල්ගහ හදපු එකේ විපාකය ������
Deleteසරස මේකේ යටි අරමුණ මිනිස්සු දන්නේ නෑ.
Deleteමේකේ තිබුනේ යකඩ බට සහ සමහර චිත්‍ර කිහිපයක් පමණයි බව බැලූ බැල්මටම පේනවා. තොරනකට වැඩියෙම සල්ලි යන්නේ විදිලි පහන් සහ වයර් වලට දැන් මෙතෙන තියෙන්නේ විදිලිපහන් පැනල කිහිපයයි අනිත් ඒවා මේ කඩා වැටෙන අවස්ථාවේ සවිකරලා නෑ කියල සමහරු කියනව. දැන් මේ සවිකරපු නැති අති විශාල විදිලිපහන් පැනල ඇත්තටම මිලට ගත්තාද ඒවා හැදුවාද ?එහෙම නැතිනම් ඒ සඳහා වෙන්කළ මුදල් යහපාලන විද්යානුකුල ක්‍රමය අනුව යටිමඩි ගැහුවද ?
යකඩ තොරණක් හිතා මතා කඩාවැටෙන්න සකසන්න ලේසියි කල යුත්තේ යකඩ බට සවිකරන කලම්ප ඇන බුරුල් කිරීම විතරයි.
ඊටපස්සේ මිලට ගෙන විනාස උනා කියල බලබ කටු ස්වල්පයක් පෙන්වා ගත්තේ නැති බල්බ් වල මුදල සාක්කුවට දාගන්න පහසුයි.
ස රස බෝසත් උපත, සම්බුද්ධත්වාබෝධය, පරිනිර්වාණය සිදු වූ මෙම පූජනීය පොහෝ දින ශ්‍රද්ධා ශීලා දී ගුණයෙහි පිහිටා ධර්මාවබෝධයෙහි උත්සුක වීම අත්‍යවශ්‍ය වන්නේ ය.
ReplyDeleteසරස 2561 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලංකාද්වීප වාසීන්ට බෙහෙවින් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි පැවැත්වෙන හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කරගෙන විවිධ රටවල පැවැත්වූ මෙම මහෝත්සවය 14 වැනි වරට අපේ රටෙහි පවත් වනු ලබන අතර එහි තේමාව වන්නේ "සමාජ සාධාරණත්වය හා තිරසර ලෝක සාමය උදෙසා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගන්නා ආකාරය"යි.
මෙමගින් අද්‍යතන ලෝකයට ලබාදිය හැකි ආධ්‍යාත්මීය, චින්තනමය, චර්යාමය ගුණාංග අතිශයින්ම අර්ථවත් වන බව ඉතා පැහැදිලි කරුණකි. වෙසක් චින්තනය සමග බුද්ධානුභාවය මෙනෙහි කිරීම විශ්වයටම ශාන්තියක් වන්නේ ය.
යං කිංචි විත්තං ඉධවාහුරංවා
සග්ගෙසු වායං රතනං පනීතං
න නෝ සමං අත්ති තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පනීතං
එතේන සච්චේන සුවත්ථි හොතු’
(රතන සූත්‍රය)
රතනසූත්‍ර දේශනාවෙහි ඇතුළත් උක්ත ගාථා ධර්මය මෙලෙසින් පරිවර්තනය කළ හැකිය. ‘මේ මනුෂ්‍ය ලෝකයෙහිද නාග සුපර්ණාදී සෙසු ලෝක හෝ සතුට උපදව වන යම්කිසි සැපතක් වස්තුවක් ඇද්ද ස්වර්ගයක් වශයෙන් සලකන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධරත්නය හා සදෘශ නොවේය. බුද්ධරත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍යය හේතුකොට ගෙන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. (සියලු සත්වයන්ට සෙතක්ම වේවා)
මෙම ප්‍රාර්ථනාව වර්තමාන ලෝකයට අත්‍යවශ්‍ය වන්නේ ස්වාභාවික විපත් ආදියෙන් සිදුවන ජීවිත විනාශාදී ව්‍යසනයන් එමෙන්ම බල අරගලය හා සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ තරගයත්, එකිනෙකා පරයා කටයුතු කිරීමේ අනර්ථකාරී ක්‍රියාදාමයත් තුළින් ලෝකයෙහි ඇතිවන ගැටුම් ව්‍යාකූලතා පිළිබඳව අවධානය යොමු කරන විටයි.
බුදුවරයන්ගේ පහළ වීම සියලු සත්ත්වයන්ගේ සැප පිණිස හේතු වන්නේ ය. ‘බුද්ධ’ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද, තථාගතයන් වහන්සේම සේල නම් බමුණාට වදාළ අයුරින් ලෝකයෙහි දතයුතු සියල්ලම තථාගතයන් වහන්සේ විසින් වෙසෙසින් දක්නා ලදහ. වැඩිය යුතු සියල්ල වඩනා ලදහ. ඈ හල යුතු සියල්ල අත්හලහ. එහෙයින් මම බුද්ධ නම් වෙමි. යනුවෙන් බුද්ධත්වයෙහි අර්ථවත් බවත් ගාම්භීරත්වයත් දේශනා පාලියෙන්ම ඉදිරිපත් වේ. සුබ වෙසක් මංගල්‍යයක් වේවා
සාරසතුමා වෙසක් දිනය තුළින් අපට ලබාදෙන උත්තරීතර පණිවිඩය වන්නේ මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වයයි. දෙවියෙකු හෝ දේවාල මහිමයකින් තොරව මිනිසාට තමන්ගේම උත්සාහයෙන් සත්‍යාවබෝධය සිදුකළ හැකි බව පෙන්වාදීමෙන් බුදුන් වහන්සේ අදෘෂ්‍යමාන බලවේග ඉදිරියේ වැඳ වැටෙන මිනිසා තුළ ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවය ඇතිකළ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා වන්නේය. එබැවින් බුදුන් ගෞරව නමස්කාර කිරීම සඳහා ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජා පවත්වන සියලු බොදුනුවන් විසින් ඒ අතරම සිහිකළ යුතු වැදගත් කරුණක් නම් මිනිසත් බවේ අගයත් මිනිස් ජීවිතය අවබෝධයෙන් ගතකළ හොත් තමන්ට හා ලෝකයාට කෙතරම් විශාල සේවයක් කළ හැකි ද යන්නයි.
ReplyDeleteබුදුන් එදා ජීවමානව වැඩසිටිමින් හතළිස්පස් වසරක් මුළුල්ලේම සිදුකළේ මිනිසුන් වෙත තමන්ගේ වගකීම පෙන්වාදීමයි සාරසතුමා.
සර්වබලධාරි දෙවි කෙනෙක් විශ්වාස නොකරන හෙයින් වෙනත් ආගම් වල දෙවියන්ට හිමිවන උත්තරීතර ස්ථානය බුදුදහමෙහි ලැබෙන්නේ මිනිසාටය. මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වය දක්වන බුදුන් එය දුර්ලභ වූ අවස්ථාවක් (දුල්ලභංච මනුස්සත්ත) ලැබිය යුතු තත්ත්වයන් (කිචේඡා මනුස්ස පටිලාභෝ) යනුවෙන් පැහැදිලි කරයි. සමස්ත වශයෙන් ඉපදීම දුකක් යැයි විග්‍රහ කරනු ලැබුවද මිනිසා පවුකාරයෙක් ලෙස බුදුන් කවර ආකාරයකින්වත් හඳුන්වා දුන්නේ නැත. මිනිසත්බවක් ලබන්නේ කුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ධර්මයේ විස්තර කරයි. එසේම මිනිස් ලොව සුගති වලින් එකකි. බුදුසමයේ දෙවිදේවතාවන් ගැන සඳහන් වුවද ඔවුහුද මිනිසුන් මෙන් ජරා, මරණ දෙකට ගොදුරු වෙති. මිනිසුන් මෙන් පින් පවු ඵල විපාක ඉපිද මියයන්නෝය.
බුදුදහමට අනුව මිනිසුන් කරන පව් වලට වැරැදි වලට සමාව දීමට දෙවියන්ට පුළුවන් කමක් නැත. පව් කරන අය දෙවියන් අතරද සිටින හෙයිනි. එනිසා තමාට තමාගේ පිහිට මිස අන්‍යයන්ගේ පිහිටක් නොපතන ලෙස දැක්වූ බුදුන් තමාට තමා දිවයිනක් කොට විසිය යුතු බව ප්‍රකාශ කළහ. (අත්තදීපා විහරථ අත්තසරණ අනඤ්ඤසරණ)
// සාරසතුමා වෙසක් දිනය තුළින් අපට ලබාදෙන උත්තරීතර පණිවිඩය වන්නේ මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වයයි. දෙවියෙකු හෝ දේවාල මහිමයකින් තොරව මිනිසාට තමන්ගේම උත්සාහයෙන් සත්‍යාවබෝධය සිදුකළ හැකි බව පෙන්වාදීමෙන් බුදුන් වහන්සේ අදෘෂ්‍යමාන බලවේග ඉදිරියේ වැඳ වැටෙන මිනිසා තුළ ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවය ඇතිකළ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා වන්නේය //
Deleteඔබේ ආලෝචනය සමග හිස නමා එකඟ වෙමි ඇනෝ තුමෝ
සාරසතුමා මැවී ඇති ලෝකය බුදුන් මිනිසාට ඉදිරිපත් කළේ දෙවියන්ගෙන් ලැබුණු පණිවුඩයක් ලෙස නොවේ. බුදුන් ඉදිරිපත් කළේ මිනිසා හමුවෙහි ඇති ගැටලුවක්, එය ජයගැනීම සඳහා මිනිසා විසින්ම සොයා ගත යුතු විසඳුමක්ය. එබැවින් බුදුන්ගේ ශ්‍රේෂ්ඨ චරිතයත්, බුදුන් දේශනා කළ ධර්මයත් ලෝකයේ පහළ වූ වෙනත් කිසිදු ශාස්තෘවරයෙකුට සමාන කළ නොහැක. වෙනත් ආගමික ඉගැන්වීම්වල මෙන් නොව බුදුදහමට අනුව මිනිසා තමා විසින්ම තමන්ගේ සැකසීම හෙවත් විමුක්තිය ලබාගත යුතුය.
ReplyDeleteසරස බාහිර ශාසනයන් හී මිනිසා කොතෙක් උත්සාහ කළද අවසාන වශයෙන් ඔහුට විමුක්තිය ලැබෙන්නේ දෙවියන්ගේ කැමැත්ත පරිදිය
සා රස මනුෂ්‍යත්වයේ උත්තරීතර භාවයට පත් බුදුන් අනුස්මරණය කරන වෙසක් සමයේ අපට කළ හැකි උසස්ම ගෞරවය නම් මනුෂ්‍යත්වයේ අගය වටහාගෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක් වීමට වෙර දැරීමයි.
Deleteමිනිස්කම් නැතිවී යන සමාජයක් නැවත ගොඩනැගීමට හැකිවන්නේ මිනිසාටමය. එය ගෞතම බුදුන් වෙසක් දිනයේ අපට ලබාදුන් ශ්‍රේෂ්ඨ පණිවිඩයයි.