Saturday, December 31, 2016

ලිඳට වස දැමීම හෙවත් ලිබරලුන් ගේ හෙලුව!







හිලරි ක්ලින්ටන් මැතිනිය පරදා අමෙරිකානු ජනාදිපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ජනාදිපති ලෙස දිවුරුම් දෙන්නේ 2017 ජනවාරි 20 දා ය.

එතෙක් ජනාදිපති ලෙස කටයුතු කරන්නේ ඔබාමා මැතිතුමා ය. ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ගේ ප්‍රදාන මැතිවරන පොරොන්දු ක්‍රියාවට නැගීමේ කාර්යය අපහසුවට ලක් කිරීමේ ක්‍රියාදාමයක් මේ දිනවල ඔබාමා
මැතිතුමා හරහා සිදු වෙමින් පවතී.

එයට ආසන්නම සිදුවීම නම් අමෙරිකානු ජනාදිපතිවරණයට බලපෑම් කිරීමට හිලරි ක්ලින්ටන් මැතිනියගේ පක්සයේ කොම්පියුටර් වලට හොරෙන් රින්ගා තොරතුරු හොරාගත්තා යන චෝදනාව මත ඔබාමා මැතිතුමා විසින් රුසියානු තානාපති නිලදාරීන් 35 දෙනෙකු හට  පැය 72ක් ඇතුලත අමෙරිකා එක්සත් ජනපදයෙන් පිට වන ලෙස නියෝග කිරීම ය. 

ඊට අමතරව රුසියාවට එරෙහි අමෙරිකානු සම්බාදක වැඩියෙන් පැනවූ  ඔබාමා මැතිතුමා අමෙරිකාවේ රුසියානු තානාපති කාර්යාලය මගින් ලෝන්ග් අයිලන්ඩ් හී  සහ මේරිලැන්ඩ් වල පවත්වාගෙන ගිය කාර්යාල දෙකක් ද වහාම වසා දමනා ලෙසත්  නියෝග දුන්නේය.

මෙහි දී අප විසින් සලකා බැලිය යුතු කාරනය වන්නේ සාම්ප්‍රදායික අමෙරිකානු ජනාදිපතිවරණ අපේක්ශකයෙකු ගේ රුසියානු විරෝදී කතා වලින් මිදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තමා ජයගත් පසු රුසියාව සහ එහි ජනාදිපති පුටින් මැතිතුමා සමග සමීප සම්බන්දතා පවත්වන බව කියා සිටීම ය.

බරක් ඔබාමා මැතිතුමා  හිතා මතා ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා ගේ අනාගත වැඩ පිලිවෙලට අකලන්චි ඇදීම සිදු කරනා බව මෙයින් පැහැදිලි වෙයි!

එක් රටකින් තව රටක තානාපති නිලදාරීන් පිටුවහල් කල විට එකට එක ලෙස එම රටෙන් ද අදාල රටේ තානාපති නිලදාරීන් පිටුවහල් කිරීම මෙතෙක් සම්මතව පැවති ක්‍රමයකි.

පරාජය බාර ගැනීමට නොහැකිව ජයග්‍රාහකයා ගේ ලිඳේ වතුරට වස එක් කරනා ලිබරල් ඔබාමා මැතිතුමා ට මතක හිටිනා කනේ පහරක් ගැසුවේ රුසියානු ජනාදිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා විසිනි. 
ඒ ඔබාමා ජනාදිපතිතුමා ගේ තානාපති නිලදාරීන් පිටුවහල් කිරීමට එකට එක වශයෙන් රුසියාවේ සිටිනා අමෙරිකානු තානාපති නිලදාරීන් ව පිටුවහල් කිරීමෙන් වැලකී සිටීමෙන් ය.

පුටින් ජනාදිපති තුමා ගේ එම ක්‍රියාව අමෙරිකානු ජනාදිපති ලෙස ලබන ජනවාරි 20 දා දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා විසින් ප්‍රසන්සාවට ලක් කර ඇත. 

නොබෙල් සාම තෑග්ග දිනා ඉන් පසු රටවල් අටකට බෝම්බ හෙලූ බොරු ලිබරල් වාදී ඔබාමා ලා ගේ  ගේ පහත් ක්‍රියා මුලු මහත් ලෝකයා ඉදිරියේ අවමානයට ලක් වූයේ එසේය!

 

Friday, December 30, 2016

හාල් කතා.....

යහපාලනේ ආපු ගමන් මත්තල ගුවන් තොටුපොලේ ගබඩා කල වී තම තමන් ගේ හෙන්චයියලාට කොමිස් මුදලක් තියාගෙන අත යටින් විකුනා තියෙන්නේ පොන් හැරිසන් ඇමැතියා බව කියන්නේ ජනාදිපති ගේ මල්ලී ඩඩ්ලි සේනානායක ය.

 ජනාදිපති ගේ මල්ලී වන ඩඩ්ලි සේනානායක විසින් සහල් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සහල් මිල නවා ජනතාව ගසා කන බව කියන්නේ විදුලිබල උප ඇමති අජිත් පොන් පෙරෙරා ය

හම්බන්තොට වරාය චීනයට විකිනීම පිලිබඳ කටයුත්තේ දී යහපාලන ප්‍රබලයෝ මිලියන් සීයක් කොමිස් ගැහුවා කියා කියන්නේ යහපාලනේ පන්ගුකාර හෙල උරුමේ නිශාන්ත දෙක ශ්‍රී රතනසින්හ ය.

 හෙල උරුමේ නායක චම්පක රණවක තමන් ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව ලීසින් ක්‍රමයට ඉල්ලුවා ය, දුන්නේ නැති නිසා තමන් ව පිස්සන් කොටුවට දමා ගේම ඉල්ලූ බව කියන්නේ සුකී නොහොත් හර්ශ තිලකසිරි ය. 

ප්‍රබාකරන් අද හිටියා නම් යහපාලන ආන්ඩුවේ අගමැති බව කියන්නේ විජයකලා කියන එ ජා ප මන්ත්‍රී වරියයි.

ජෝන් කෙරී විසින් අමෙරිකාවට ගේම ඉල්ලූ රටවල රෙජීම් චේන්ජ් එකට වියදම් කල ඩොලර් මිලියන 585 න් තමන් ට සත පහක් වත් ලැබුනේ නැති බව කියන්නේ සින්හල බ්ලොග් ඔස්තාද් ලා ය!




Tuesday, December 27, 2016

ජාතිකත්වයේ කමින් කලර්ස්!



සිරි ලාන්කිකයන් වන අප අනුකරනයේ දක්සයන් බව අවිවාදිතය. අනුකරනය නොව ගෙඩිය පිටින් ම කොපි කිරීමටත් අති හැකියාව ගැන අපි හැමෝම දනිමු.

ලෝකය පුරාම ජාතිකත්වයේ සැඩසුලන් හමනා බව යහපාලකයෝ දැනගත්තේ කිසිදා නොවූ පරිදි විදේස රටක ජනමත විචාරනයක මත වෙනස් කිරීම සඳහා බ්‍රිතාන්යය යුරෝපීය කොමිසමෙන් වෙන්වීමේ ජනමත විචාරනයේ කැණ්වසින් කිරීමට පොල් බූරු මන්ත්‍රීන් කීප පොලක් ම එන්ගලන්තයට යවා ඉල්ලන් පරිප්පු කෑමෙන් පසුවය!

පච හිලරි නෝනා දිනයි කියා හිතාන හිටි යහපාලකයෝ ජාතිකත්ව රැල්ලෙන් චන්දය දිනූ ට්‍රම්ප් මහත්තයා ගේ චන්ද කෙරුවාවෙන් කම්පනයට පත් ව, ඉන් දහසක් පාඩම් ඉගෙන,  අලුත් ප්‍රයෝගකාරී වියාජ ජාතිකත්ව රැල්ලක් නිර්මානය කරුනු දක්නට  තිබේ..

එම මහජනතාව රැවටීමේ මහා පෙරහැරේ පලමු කසකාරයා ලෙස එලියට බැස්සේ මේ රට සින්හලයන් ට අයිති රටක් නොවන බව ප්‍රසිද්දියේ ප්‍රකාස කල මහරගම මහා පාඥ්ඥයා ය. ලැජ්ජා නැති කම ඇමතිකමටත් වඩා ලොකු නිසා ජනාදිපති තමන් ගේ පන්සලට ආවේ නැති නිසා ආවේගසීලි ව මතක ඵලකට කුලුගෙඩි පහරින් කදා දැමූ අම්පිටියේ හාමුදුරුවන් ගේ පන්සලින් ම වැඩ ඇල්ලූ මහා පාඥ්ඥයා දැන් ජාතිකත්ව්යේ ප්‍රතිමූර්තියක් ව අපගේ නැති වූ ශ්‍රී විභූතිය සොයමින් නැගෙනහිර පලාතේ කරක් ගසයි.

ඊලඟට පෙරහැරේ යන්නට ආවේ පෙරමුනේ රාල හෙවත් ආලාපාලුවා ය. යහපාලනේට රෙදි නැතිවම කඩේ ගිය ආලාපාලුවා දැන් දැණ් නැවතත් සින්හල ජාතිකත්ව සලු පිලි පලඳිනු පෙනේ. ලඟදීම ඔහු ට රතනමචන් තෙරුන්නාසේ ද එක් වනු නියතය!

අවසානයට මතක් කරනා කාරනයෙන් නම් සරස තුමාත් අඤ්ඤකොරොස් විය. එය නම් මල්වතු විහාරයෙන් ද ලිඛිතව යෝජිත ව්‍යවස්තාවෙන් ජාතිකත්වය සුරකින්නැයි ලියමනක් රනිල් තුමාට දීමය! 

මෙහි දී අස්ගිරි විහාර ඉස්තාවරය එහි ලේකඛාදිකාරී සහ සරස තුමා ගේ ගුරුවරයෙකු වන අති පූජ්ය මැදගම ම්මානන්ද  හාමුදුරුවන්  වහන්සේ සැමදාම  ජාතිකත්ව මාවතේ තබාගත්  බව  මතක් කල යුතුය!


අවසාන වසයෙන් කිවයුත්තේ ලේකයේ නැගලා යන ජාතිකත්ව රැල්ලෙන් ගොඩ යෑමට යහපාලනයේ නායක කාරකාදීන් තීරනය කර ඇති බව ය.

පරෙස්සමින් වැඩ කටයුතු කොරන්න!

ඔබ සැමට සුබ 2017 ක් වේවා!

Sunday, December 25, 2016

පොලිටිකලි කරෙක්ට් වීම සහ නත්තලට කෙලවීම Very Merry!!





මුලින් ම කිව යුතු දේ නම් සරස තුමාට විවිදාකාර මිතුරු මිතුරියන් සිටිනා බවය. ඔවුන් අතර සින්හල, දෙමල, මුස්ලිම්, ලන්සි, සහ විදෙස් ජාතීන් ද බෞද්ද, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම ආගමිකයන් ද කිසිම ආගමක නොඅදහන්නෝද වෙති. 

සරස තුමා වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් සහ වෙනත් නැඹුරුවලට  ලක් වූ උදවිය ආස්සරේ කරේ කුඩා කාලේ සිට ය.

අප වෙසක් උතසවයට ලෑස්ති වෙන කල කැරකෙන කූඩු සහ නානා පාට ලයිට් වැළ් අමුනමින් සැරසිලි වල පෙරමුන ගත්තෝ අන්ය ආගමික දරුවන් ය. එම අන්යාගමික මිතු මිතුරියන් ගේ ආගමික උත්සව වලටද සන්ස්කෘතික උත්සව වලටද සරස තුමා සාබාගී වුනේ ඉතා සන්තෝසයෙනි.  

වෙනත් ජාතීන් සහ ආගමිකයන් අතර පහසුවෙන් ඉන්නට සරස තුමා ට හැකි වුනේ ඒ අභාශයට පින්සිද්ද වන්නටය.

කරුමයට මෙන් එවන් බහුවාර්ගික, බහුආගමික පසුබිමක හැදී නොවැඩුනු හාදයෝ අනෙකාගේ උත්සව  ඇවැතුම් පැවතුම් වලින් තමාට පීඩා සිදු වේ යන අමන කල්පනා වලින් පෙලෙති.

එවන් හාදයෝ ඉන්නේ ශ්‍රී ලන්කාවේ පමනක් නොවේ.... 

ඔවුන් හට පින්සිද්දවෙන්න නත්තල ද පොලිටිකලි කොරෙක්ට් වී අවසානය.

එම ගොබ්බ පොලිටිකලි කරෙක්ට් උදවියට අනුව මෙරි ක්‍රිස්මස් කියා කියනා එක වැර්දිය, නිවැරදි දේ නම් හැපී හොලිඩේස් කියා කීම ය. 



ක්‍රිස්මස් ට්‍රී කියා එකන් නැත.. ඇත්තේ හොලිඩේ ට්‍රී එක ය!

සරස තුමා ඉතාම ප්‍රිය කරනා ක්‍රිස්මස් කැරොල් ගායනා කිරීම වැරදිය... එය අන්යාගමිකයන් ගේ සිත රිදවන හේතුවක් ලු හිටන්!


ආර්තික සරණාගතයන් ලෙස ඔස්ට්‍රේලියාවට ගොහින් එහි ඉන්නා ඔස්ට්‍රේලියානුවන් ට ජාතිවාදී ලේබලය අලවමින්
 පාට් දැමීමේ පහත් ක්‍රියාව කරනා කස්ටියට පින් සිද්ද වෙන්න බොහෝ ඔස්ට්‍රේලියානු කනිශ්ට පාසැල් වල මෙවර නත්තල් කැරොල් පැවැත්වුනේ නැත. 

ඒ මදිවාට Merry Christmas යන වදන් නොදමා Very Merry යනුවෙන් කිසි තේරුමක් නැති පොලිටිකලි කරෙක්ට් මෝඩ වචන සහිත බැනර් සිඩ්නි නුවර වීදි දෙපස ප්‍රදර්ශනය විය.


ඔබාමලා එහෙම දවල මන්දිරේ මෙතුවක් කල් කියාපු හැපී හොලිඩේස් කතාව අපේ මනුස්සයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා බිඳ දමමින් මෙරි ක්‍රිස්මස් කියා කීවේය!

ඔබ සැමට Very Merry එකක් නොව නොහොත් සැබෑ Merry Christmas හෙවත් ප්‍රීතිමත් නත්තලක් වේවා!


Friday, December 23, 2016

බන්‍ධුල කුදලාගම මැතිඳුන් වෙත ගෞරවයෙනි ....!



මගේ උසස් පෙල සත්ව විද්යා ගුරුවරිය වූද 12 හා 13 වසර පන්ති බාර ගුරුවරීය වූද ෆේත් වික්‍රමසූරිය මහත්මිය (එකල ෆේත් ගුරුස්වාමි මෙනෙවිය ) අද මට හමු විය. ඇය හෙල බ්ලොග් අඹරේ වැජඹෙන අරුන මැතිඳුන් ගේ සහ ඉයන් තුමා ගේ ද ගුරුවරියකි.

ෆේත් මැතිනිය ගේ  සහ ඇගේ ස්වාමිපුරුශයා වූ වික්‍රමසූරිය මහාචාර්ය තුමා ගේ  කල්යාන මිතුරෙකු  වූ සදම්ප්ටනයේ ගරු බන්‍ධුල කුදලාගම  මැති සඳ වෙත ගෞරවයෙන් මෙම වියුනුව පුද කර සිටිමි!

Wednesday, December 21, 2016

ධර්මන් මහත්තයා ගේ පොත හා පොඩි බන්ඩා!





මාධ්යවේදී ධර්මන් වික්‍රමරත්න මහත්තයා ජවිපෙ 2 වැනි කැරැල්ල නමින් පොතක් ලියා උත්සවස්‍රීයෙන් ප්‍රකාශයට පත්කලේ 20 වන දා ය. එහි 58 වන පරිච්චේදය සරස තුමා විසින් පොඩිබන්ඩා ගැන ලියූ පෝස්ට් එක පාදක කරගනිමින් පොඩිබන්ඩා ගේ ජීවිතය ගැන ගවේශනාත්මකව ලියූ ලියවිල්ලකි. 

ධර්මන් මහත්ත්යා විසින් නැවත මතකයට නැන්ග් වූ පොඩිබන්ඩා පිලිබඳ මතකය මෙසේ රී පොස්ට් කොරමි:



පොඩිබන්ඩා

තනි අන්ඩෙන් ගෙම්බා පනිමින් ජේම්ස් පීරිස් ශාලාව පිහිටා ඇතිකුඩා කඳු ගැටය නැගීමේ ප්රීතිජනක අවස්තාව ප්රතමයෙන් මා හටලබා දුන්නේ පොඩි බංඩා 


හාල් කියා ගන්න බැරිව අවසාන පඩි කීපය අඬු හතරින්  ගෙම්බාපනිමින් නොව තලගොයෙක් ලෙස ඇදෙමින්  ජේ පී කන්ද තරනයකර “අමා සැපක් දැනේ ජේශ්ට උත්තමයා” යයි මා වාර්තා කලේ පොඩි බංඩා  බව කිසි දා අමතක නොවේ.


වචනයේ පරිසමාප්රත අර්තයෙන්  පොඩි බංඩෙකු වූ ඔහු කුඩාමනුස්සයෙකිපොකුටු කෙස් සහ කුරා උඩු රැවුල නිසා රූකාන්තගුනතිලක ගේ රුවට සමාන විය.
නවක ශිශ්යයන් ලෙස සරසවියට පැමිනි අපට වදය දීමට වඩා ගොන්පාට් දැමීමට උත්සුක වූ කන්ඩායමට ඔහු අයත් විය

වදකයෝ නිතරම රැවිම් ගෙරවුම් සහිත දරුනු මුහුනු පැලඳ සිටි අතර ගොන් පාට් කරුවෝ වදකයන්  හා නවකයන්සැ වොම එකතුව කරනා නාඩගම දෙස උපහාසයෙන් යුතුව බලා සිටි කන්ඩායමකි

ඉඳහිට් ඔවුන්  වදකයන් හට උදවු කිරීමට පෙලඹුනද අපව මරාගෙන කෑමට උත්සුක වූයේ නැත.
තනි අන්ඩෙන් ජේ පී කන්ද තරනය කරන ලෙස සිනාසෙමින් කීවා මිස අනෙක් ජේශ්ටයන් මෙන් පොඩි බංඩා අපට තර්ජනය කලේ නැතඑපමනක් නොව තනි අන්ඩෙන් ගෙම්බා පැන නන්නත්තාර වී සිටි අපව ජේ පී කැන්ටිමට ගෙන ගොස් ප්ලේන් ටී අරන් දුන්නාත් මතකය.
නවක වදය අවසානයේ පවත්වන්නට යෙදෙන බොඩි ෆීඩ් එකට දිනකිහිපයකට කලින් මාත් මගේ රූමාත් පේරාදෙනිය රාජකීය උද්භිද උද්යානයට ගියේ කොලඹ සිට නුවර සංචාරයකට පැමිනි පාසල් මිතුරන් කිහිප දෙනෙකු හමුවීමටයි.
මින් පෙර නුදුටු කෙනෙකු සමග පොඩි බංඩා ජේශ්ට උත්තමයාලොකු කතාවකට වැටී සිටියේ උද්යානයේ ඇති දෙබිඩි පොල් ගසක්යට ජේශ්ටයන් දුටුවාම මහ හැර යෑම ආනන්තරිය පාපකර්මයක් හෙයින් මාත් මගේ  රූමාත් පොඩි බංඩා ලඟට ගියේ වෙන කලහැක්කක් නොවූ නිසාය.
වෙනදා සරසවියේ දී අප පසු පස හඹා එමින් ගොන් පාට් දමන පොඩිබංඩා එදින අප ඔහු වෙත ඒම ගැන දැක්වූයේ නොසතුටකිපරුශ වචනයෙන් අප ඇමතූ ඔහු පට වහාම එතැනින් යන්නට අන කලේ එයත් ගොන් පාට් එකේම කොටසක් දැයි පහැදිලි නොවන නිසාම එතනම ටැග් ගැහෙමින් සිටි අප දෙදෙනාටම එතැනින් වහාම යනලෙස ආයාචනා කලේය

"මෙතන හිටියොත් උඹලට අනතුරක්වෙන්න පුලුවනි.... අපව එතැනින් පලවා හරිමින් ඔහු කීවේ වෙනදාමෙන් සිනා සෙමින් නොවේ".
මා අන්තිමට පොඩි බංඩා  දුටුවේ එදායඅපට අනතුරු හැඟවූ පොඩිබන්ඩා ලුහුබැඳ අනතුර පැමින ඇති බව ටික වෙලාවකට පසු සාලාවටගිය අප හට ආරන්චි විය.

පොඩි බංඩා පැහැර ගැනීමට ලක් වූයේ සරසවිය තුලදීම බව කනින් කොනින් නවකයන් වන අප දැනගන්නට ලබුනිකිසි කෙනෙකු පිලිබඳ කතා කිරීමට උනන්දු නොවීය
වෛද්ය ශිශ්ය පොඩි බංඩා අතුරුදහන් වියඔහු සිටියාද නොසිටියාද නොසිතා ඔහු ගේ කන්ඩායමේ සියලු සිසු සිසුවියන් පසු දින දේශනවලට සාබාගී වියදින කීපයකට පසු පොඩි බංඩා ගැන කිසිම කෙනෙකු උනන්දුවෙන් කතා කලා මට මතක නැත.

එහෙන් මෙහෙන් ඇසුනු කතා නිසා පොඩි බංඩා දඹුල්ල පලාතේගොවි පවුලක දරුවෙකු බවද ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගසාගෙන ඉගෙනීම කර ගෙන ගිය අයෙකු බවද දැනගන්නටලැබුනිඑම තොරතුරු වල සත්ය අසත්ය බාවය ගැන අසා දැනගන්නට කිසි කෙනෙකු නොවීය.

පසු කලෙක වෛද්ය පීට කැන්ටිමේ විරු සිසු ෆොටෝ අතර පොඩිබංඩා ගේ පින්තූරය  එල්ලිනි.... කතාව එච්චරය...
වසර බොහෝ ගනනකට පසු හදිසියේ දිනක මට පොඩි බංඩා ව මතක් වුනේ රූපවාහිනි ප්රවුර්ති නරඹද්දීය.
ජෙප්පන් ගේ මහ එකා වන අනුර කුමර කරුනානායක තුමා හයිබ්රිඩ් වාහන මෙරටට ගෙන්වන ආනයන කරුවන් ගේ දුක් අඳෝනා වලට සවන් දෙමින් කියා සිටියේ ඔවුන් ගේ ප්රශ්න ගැනතමාට වැටහෙන බවත් එම ප්රශ්න ජාතික විදායක සබාවට යොමුකර සහනයක් ලබා දෙන බවත් .
තම උගත් දරුවා නැති වූ සොවින්  ඔත්පල වී මරු තුරුලට නොගියේනම් පොඩි බංඩා ගේ දෙමවුපියනුත් එම අනුර කුමර ගේ කතාවප්රවුර්ති වලින් දැකගන්නට ඉඩ තිබුනේය.


තවමත් ජීවත්  සිටිනවා නම් ඔවුන් මහලු වයසේ පසුවන්නෝ වෙති...  සමහර විට ඔවුන් තම දරුවා දොස්තර විබාගය සමත් වී නැවත ගෙදර එන තුරු බලා ඉන්නවා වන්නට ඇත.....

අනුර කුමර තුමෝ... හයිබ්රිඩ් කාරයන්  සහන දෙන්න යන ගමනේ නරකද ඔබ තුමාලා ගේ යහපාලනයෙන් මිල අඩු කල සස්ටජන් ටින්එකකුත් අරන් දඹුල්ලෙන් බැහලා පොඩි බංඩා ගේ වියපත් දෙමවුපියන් වත් බලලා සමාව ගත්තොත්???