Sunday, April 30, 2017

පෙර සූදානම



හෙට, එනම් මැයි පලමුවෙනි දා කොලඹ ගාලු මුවදොර පිටියේ පැවැතෙන්නට නියමිත මහා ජන රැලියේ පෙර සූදානම විපරම් කර සොයා බලන්නට සරස් තුමා අද සවස එහි ගියේය. එතැනදී ගත් චායාරූප දෙකකි මේ.

 

Friday, April 28, 2017

එන්න යන්න ගෝල් ෆේස්!


ලබන මැයි 1, කම්කරු දිනය සැමරීමට සරස තුමා සහ එම මැතිනිය, සුපුරුදු පරිදි ශ්‍රී ලන්කා නිදහස් පක්ශයේ එ ජා ප විරෝදී පාර්ශවය සමග කොලඹ ගාලු මුවදොර දී එක් වනු ඇත.

එන්න, ඉතිහාසයට සාක්කි කරුවෙකු වන්න.

සමහර විට මෙය ශ්‍රී ලන්කාවේ ප්‍රදාන පක්ශයකින් කරගත් මහා සිය දිවි හානිකරගැනීම වන්නට පුලුවන. කිලෝමීටර එකකට ආසන්න සහ මීටර් සීයක් පමන පලලකින් යුතු
ක්කර දොලහක් පමන වූ වපසරියකින් යුතු ගාලු මුවදොර පිටිය පිරවීම ඉතාම අපහසු කාරියකි. එක්තරා සාදාරන ප්‍රමානයකට එම පිටිය පිරෙවුනේ නැත්නම් නෙලුම් පොහොට්ටුව නොපිපී ම මියෑදෙනු නිසැකය.

අනිත් අතින් බලනා කල, එවන් විශාල පිටියක සාදාරන අන්දමේ මිනිසුන් සංඛ්‍යාවකින් පුරවාගැනීමට හැකි වේ නම් එය ශ්‍රී ලන්කා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ශයක් වනු ඇත.

කුමක් වුවත් එදින ඔබ අප සැම අද්දකින්නේ ඓතිහාසික සිදුවීම් දාමයකි.

එන්න, අප හා එක්වන්න!

Thursday, April 27, 2017

වෘත්තීය සුදු හුණු ගෑම




යහපාලනේට කඩේ ගිහින් මානව හිමිකම් ආරක්ශා කරන්න පෙනී හිටි සමහර වෘත්තීය ලියනප්පුලා හදිසියේම පොන්සේකා ව අප් කිරීමට පටන් ගෙන ඇත. 

මානව හිමිකම් රැවුල නම් පොන්සේකා කැඳ බව මුලු රට ම දනී. එය වඩාත් ම හොඳින් දන්නේ ලසන්ත වික්‍රමතුංග ය.

පූති මාංශයේ මුලත් මැදත් අගත් එකසේ ගඳ ගසනා බව දැන දැනත්, "ඉස්සර කාලෙ මොනවා කලත් එයා දේසපාලනේට ආවට පස්සේ
රි හොඳයි නේ මෙයා"  පුලුවන් නම් පොන්සේකා දේසපාලකයෙක් වසයෙන් කල වැරද්දක් කියන්න කියමින් සින්හල බ්ලොග් ඔස්තාද් ලා වුර්තීය තොඳොල් වීමක් ප්‍රදශනය කරන්නට පටන් ගෙන ඇත. 


යහපාලනේ කරන්නට පිහිටවූ ආන්ඩුව කරන්නේ මහ බැංකුව මංකොල්ලකෑම ආදී ආනාදි ක්‍රියා බව ද, අඩුම තරමේ ස්වභාවික ආපදාවකදී වුවද මෙලෝ බෝලයක් කිරීමට හැකියාවක් නැති බවද  දැනගත් රටේ මහජනතාව අසහනයට හා  ඉච්චා බංගත්වයට පත් වී සිටිද්දී, ඊට පිලිතුරක් ලෙස යහපාලනේ කියාගන්න රජයෙන් එලියට ආවේ අරක්කු බීගත් චන්ඩියෙකු ට යකා නටන්න ලයිසන් දීමක් වැනි ක්‍රියාවකි.

 ඒ බව දැන දැන ම මේ  වෘත්තීය බ්ලොග්කරුවා පොන්සේකා නම් ලයිසන් ලැබූ චන්ඩියා ගේ දේසපාලන හැසිරීමට සුදු හුණු ගෑමට මෙහෙය  වීම ගැන එම ලියනප්පු ව මෙහෙයවන හාදයා ට සර ස තුමා තම ප්‍රනාමය පුද කරයි

Wednesday, April 26, 2017

කඩුවෙල බඩු බනිස්!







මීතොටමුල්ල කුණු කන්දට ද්‍රව්‍යමය දායකත්වය සැපයූයේ කොලඹ නගර සබාව ම නොවේ. අත යට ඩීල් මගින් කඩුවෙල, බියගම ආදී නගර සබාත් මල්වට්ටියට අත ගසා ඇති බව පෙනෙන්නට තිබේ.

කොහොමින් කොහොමින් හරි මේ කුණු නාඩගමේ එක් කූටප්‍රාප්තියක් කඩුවෙල නගරසභාවේ පරිපාලනය විසින් ඊයේ සිදු කරන ලදී. එනම් දැනට දිනක් හැර දිනක් කරනා කුණු එකතුකිරීම නවතා දැමීම ය. 

සියලු ම තෙත් සහ දිරා යන කුණු එකතු කිරීම සම්පූර්නයෙන් ම නවතන අතර ප්ලාස්ටික් වැනි දෑ පමනක් එකතුකිරීම මසකට වරක් සිදු කරනා බව ශබ්ද විකාශන මගින් නගර සභාව ජනතාවට දැනුම් දෙන ලදී.

කොලඹ වසා පැතිරුනු අපාර්ට්මන්ට් රැල්ල, කෝට්ටේ හරහා කඩුවෙලට ද පැමින ඇත. දිනෙන් දිනම නව අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් කඩුවෙල නගර සභා සීමාවේ ද ඉහල යමින් පවතී. 

එම අපාර්ට්මන්ට් වල වෙසෙන අය හා අනෙකුත් සමස්ත ජනතාව තම කුණු වලට කරන්නට යන දේ ගැන සරස තුමා අවදානයෙන් බලා සිටී.

ප: ලි: එතුමා සිටින්නේ කෝට්ටේ නගර සීමාවේ ය. 

Tuesday, April 25, 2017

අලුත් බල ඇනියක්

දිවයිනේ නන් දෙසින් දිනපතාම වාගේ පැන නගිනා වර්ජන, උද්ගෝශන හා විරෝදතා මැඬලීමට ෆීල්ඩ් මාශල් ෆොන්සෙකා යටතේ ආයුද සන්නද්ද බලඇනියක් පිහිටවීමට කැබිනට් අනුමැතිය ලැබුනු බව මාධ්ය වාර්තා කරයි.

තමන් බුද්දිමතුන් කියාගන්නා අන්දොස් අප්පුහාමිලා සහ මානව හිමිකම් වලට තදින් ම සන්වේදී වැලපෙන හදවත් එකතු වී තනා ගත් මේ යහපාලනාන්ඩුවේ එම තීරණය ගැනද එම නව බලඇනියට ද   සරස තුමා තම ශුබාශින්ශන එක් කරයි!

ජයින් ජයිම වේවා!!!!

Monday, April 24, 2017

මොලයක් කල හදියක්....


ශ්‍රී ලන්කාවේ වර්තමාන දේශපාලකයන් අතර රනිල් වික්‍රමසිංහ තරම් දූශනයෙන් තොර ආර්තිකය ගොඩ දැමීමට සුදුසු කෙනෙක් ඇත්නම් තමාට කියා දන්වන ලෙස පසුගියදා "බවු" "බවු" ගෑවේ සින්හල බ්ලොග් ඔස්තාද් කෙනෙකි.

එම බ්ලොග් ඔස්තාද් ගෙන් සූ විසි විවරණ ලැබූ වික්‍රමසිංහයානෝ පලමුව චීන ආයෝජනයන් වන පොර්ට් සිටි ය අවලංගු   කලහ, මත්තල ගුවන්තුටුපොලේ වී ගබඩා කලහ, මගම්පුර වරාය අමතක කලහ. ඉන් පසු ඔහු තමන්ට සුදුසු නැති පුටුවට ඔසොවා තැබූ විදෙස් මිතුරන් ගේ උදවු ඉල්ලුවේ රටට විදෙස් ආයෝජන ගෙන ඒමටය. 

පලමු ආයෝජනය ජර්මනියෙනි. කුලියාපිටියේ පිහිටවූ ෆෝක්ස්වාගන් කර්මාන්තශාලාව මුලු ආසියාවටම වාහන අපනනයන කරයි. ඉතාලි ටයර් කර්මාන්ත ශාලාව මුලු හොරණ නගරයම වසා පැතිර සිටී.

 විදෙස් ආයෝජන ගෙන ඒමෙන් නොනැවතුනු වික්‍රමසිංහයානෝ ශ්‍රී ලන්කා මහ බැංකුව බිඳ එහි වූ මුදල් ද සේවක අර්තසාදකයේ මුදල් ද ගෙන නැගෙනහිර පලාතේ ඩිස්ටිලරියක් ද බස්නාහිර පලාතේ මහා පත්තරයක් ද පටන් ගත්තේය.

චීනයට නොදී තහනම් කල පෝර්ට් සිටිය හා මාගම්පුර වරාය නැවත චීනයටම විකිනූ විකුනුම්
සිංහයානෝ ගේ අලුත් ම වෑයම ත්‍රිකුනාමලය ඉන්දියාවට විකිනීමයි.

මෙවන් නලුවෙකු නොව දූශනයෙන් තොර නඟාසිටුවන මොලයකට සූ විසි විවරණ දුන් සින්හල බ්ලොග් ඔස්තාද් ට ජයින් ජයි ම වේවා!

Sunday, April 23, 2017

වැඩ බැරිසේන, පෙට්‍රොල් වලටත් ගැසට් එකක් ගහමුද හිටන්?






රනිල් වික්‍රමසිංහ කඩිමුඩියේ ම ඉන්දියාවට ගියේ ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්තාවට අයත් තෙල් ටැංකි අනූ නවයක් ඉන්දියාවට පවරා දීමේ කර්තව්‍යය සඳහා ගිවිසුම් සකස් කිරීමට යැයි කතා බහක් පැතිරෙමින් තිබුණි.

හදිසියේම සමාජ ජාලා වලින් කියැවුනේ එම සිද්දිය නිසාම ඊට විරෝධතාවය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියලු දෙනා හෙට එනම් අප්‍රේල් විසි හතර වන දා මහා වැඩ වැර්ජනයකට යන බව ය. 

ඊට ප්‍රතිචාර ලෙස සරස තුමා කලේ කඩිමුඩියේ ම ඇතුල් කෝට්ටේ පිරවුම් හලට ගොස් එහි අදික තදබදය දැක, ඊට වඩා පොම්ප සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල පිරවුම් හලට ගොස් පෝලිමක සිට වාහනයේ ඉන්ධන ටැංකිය පුරවා ගැනීමයි.

නැවත නිවෙසට පැමින ප්‍රවුර්ති නරඹද්දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් ගේ මහා වැඩවර්ජනයේ කතාව ඇත්තක් බව සනාත විය. ඊට අමතරව එම කාරණයට ම විරෝදය පා වරායේ සේවකයන් ද මහා වැඩවර්ජනයකට යන බව ප්‍රචාරය විය.

 මේ හදිසියේ වැඩ වර්ජන වලට යාමෙන් රටවැසියාට සිදු වන ඉමහත් කරදර නිසාම, කුණු වලට ගැසට් ගසා පීචං වූ වැඩ බැරිසේන ට සරස තුමා ආරාදනා කර සිටින්නේ, ඉන්ධන වලට හා වරායේ වැඩටත් ගැසට් දෙකක් ම ගසා තවදුරටත් දෙගුණයකින් ම පීචං වන ලෙසටය.

පීචං වීමේ උපන් හපනෙකු වූ වැඩ බැරිසේන  අප ව ඩිසපොයින්ට් නොකර ඉදිරි පැය කීපය තුල දී ගැසට් දෙකම ගසනා බව සරස තුමා ගේ විස්වාසයයි!

 

Friday, April 21, 2017

විරෝදතා සඳහා හේතුවක් කුලියට දීම.



මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයෙන් පසු කුණු දැමීමට විකල්ප ස්තාන සෙවීම යහපාලන රජයට ඉතාම අමාරු කාරියක් වුනේ සියලු කුණු දමනා ස්තාන වලට කුණු ලොරි වලට යන්නට නොදී ප්‍රදේශවාසීන් පාරවල් අහුරා විරෝදතා දැක්වීම නිසා ය.

එහි ප්‍රතිඵලයක් ලෙස තම ප්‍රදේශ වල කුණු දැමීමට විරුද්දව සියලුම අන්දමේ විරෝදතා පැවැත්වීම තහනම් කරමින් ආන්ඩුවේ අති විශේශ ගැසට් පත්‍රයක් නිකුත් කලේ සිරිසේන ගේ අත්සනිනි. එම ගැසට් පත්‍රයට අනුව කුණු දැමීමට විරුද්ද  විරෝදතා කරුවන් වරෙන්තු නැතිව අත් අඩන්ගුවට ගැනීමට පොලිසියට හැකිය.

 පොලිස් අතඩන්ගුවට පත් වීමෙන් මිදී විරෝදතාව දිගටම කරගෙන යෑමට නම් විරෝදතාවයේ හෙඩිම නොහොත් අරමුණ වෙනස් එකක් බව පෙන්විය යුතුය. 

උදාහරනයක් වශයෙන් අපේ ගමට පාර හදනු යැයි කියා විරෝදතා කරුවන් කුණු දමන ස්තාන වලට යන පාරවල් අහුරමින් විරෝදතා කොරොත් කුමක් වේද?

වඩාත් ම අවදානය ට ලක් විය යුතු කරුණ වන්නේ මීතොටමුල්ලේ ඛේදවාචකයට කලින් ආන්ඩුවට හිසරදයක් ව පැවති සයිටම් විරෝදය මේ විරෝදතාවට මුසු වේද යන්න ය.. සයිටම් විරෝදය තහනම් කොරමින් තවමත් ගැසට් නිවේදන නිකුත් වී නොමැති නිසා කුණු විරෝදී ජනතාව එක් වරම සයිටම් විරෝදීන් වී එම විරෝදතා කුණු දමනා ස්තාන වලට යන පාර අවහිර කරමින් සිදු වූවොත් වන්නේ කුමක්ද?

අපි ඇස් පිය නොහෙලා බලා සිටිමු!

Thursday, April 20, 2017

බක බක ගානා එකා කුන්චනාද කිරීමට උත්සාහ කිරීම හෙවත් ජ වි පෙ ඩීල්.

පසුගියදාක එක්තරා රූපවහිනී දේශපාලන වැඩසටහනකදී, මාතර ජනතාවගේ චන්දයෙන් පැරදී හිටපු විගනකාදිපති ගේ මන්ත්‍රී ආසනය බලාත්කාරයෙන් ඩැහැගෙන පාර්ලිමේන්තුවට ආ සුනිල් හඳුන්නෙතිති මන්ත්‍රී තුමා එක්තරා අනාවරණයක් කලේය.

එනම් එතුමා හඳුනන කැනඩාවේ සුදෙශ් නැමැති ව්‍යාපාරිකයෙකු කසල ප්‍රතිචක්‍රීකරන කර්මාන්තශාලාවක් මීතොටමුල්ලේ ස්තාපිත කිරීමට අවසර ඉල්ලා සිටි කල එක්තරා ඇමැතියෙක් එම ව්‍යාපාරිකයාගෙන් කර්මාන්තශාලාවේ අයිතියෙන් 50% ඉල්ලා සිටිය නිසා එම ව්‍යාපෘතිය නතර වූ බව ය. 

කුණු කන්ද ගැන ඩීල් දැමීමට ඉදිරිපත් වූ එක්තරා ඇමැතියෙක් ලෙස වටේ යන්නේ නැතිව, එම ක්‍රියාව සිදු කල ඇමැතියා නම් කිරීමට තරම් කොන්දක් හඳුන්නෙති මන්ත්‍රී තුමාට නැති වීම ගැන අපට කනගාටු ය.

එම ක්‍රියාවට සම්බන්ද පසුගිය රජයේ ඇමැති, මේ රජයේද ඇමැති කෙනෙක් නොවේ නම්, ඔහු ගේ නම ප්‍රසිද්ද කිරීම නිසා ආරක්ශාවේ ප්‍රශ්නයක්  ජ වි පේ මන්ත්‍රී වරයාට ඇති නොවනු ඇත. 

හැබැයි ඒ ඇමති මේ රජයේද ඇමති කෙනෙක් නම් යහපාලන ආන්ඩුවේ ජ වි පෙ සමග අත් වැල් අල්ලාගෙන ඉන්න ඇමැතියෙක් ව නම් කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රී වරයා පසුබට වීම සාදාරණ ය.

මේ රජයේ බලවත් පුද්ගලයන් වන මයිත්‍රීපාල සිරිසේන හා චම්පක රනවක ගිය රජයේ පරිසර ඇමැතීන් ලෙස හිට බව ද අප අමතක කල යුතු නැත.

හැබැයි ඒ ඇමතියා මේ රජයේ ඇමතියෙක් නොවේ නම්, දැණ් ඔහුට රාජ්‍ය බලය නැත්නම්, ඔහුගේ නම මාද්යයට හෙලි කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රී වරයා පැකිලෙන්නේ ඩීල් එකක් දමා බ්ලැක් මේල් කර කීයක් හෝ ගානක් කපා ගැනීමට බව අප සැම තේරුම් ගත යුතුය! 







Wednesday, April 19, 2017

බොරු සින්හ වෙස් ගත් පඬු හැලියට වැටුනු නරියා ගේ කතා වස්තුව.





පසුගියදා මීතොටමුල්ල කුණු කන්ද ආපදාවට ලක් වූ අවස්තාවේ අනතුරට ලක් ව මිය ගිය අයට රුපියල් ලක්ශයක් ප්‍රදානය කරන බවට රජය ප්‍රකාශ කලේ දින කීපයකට පෙර දී ය.


කුණු කන්ද කඩාවැටී තිබියදීත් පැත්ත පලාතකටවත් නොපැමිනි සිරිසේන පසූදා යාපනයට ගියේ නාගදීපේ බලන්න යනවා යැයි බොරු හේතුවකුත් සාදාගෙනය. දඹුලු ගොහින් තලගොයි දේනුවත් සුරතල් කර ආපසු පැමිනියද අද වන තෙක් ම ඔහු කුණු කන්ද පැත්ත පලාතක ගියේ නැත්තේ ගුටිකෑමට ඇති බිය නිසාය. කොහොමින් කොහොමින් හරි ඒකෙන් කෙලවුනේ නාගදීපේ මහ නායකය හාමුදුරුවන් වන බ්‍රාහ්මණ වත්තේ සිරි සීවලී මහ තෙරණුවන් ට ය. සිරිසේන නාගදීපේ ගිය දාට පහුවෙනිදා සීවලී හාමුදුරුවෝ නිවන් පුරයට වැඩම කලහ!

අතගසනා හැම දේම කෙලවෙන නැකතක් හිමි සිරිසේන දිනෙන් දින නැගී එන ජනතා කලකිරීම හා අප්‍රසාදය මැඩලා තමන් ට ලකුණු දා ගැනීමට අද තිබුනු මාද්‍ය සන්දර්ශනයක දී මලගියවුන් ට රුපියල් ලක්ශයක වන්දිය නිර්දේශ කල අයට දෙස් දෙවොල් තියමින් නියම ගමේ මෑන් කෙනෙකු මෙන් බැනවැදුනේ එහෙම තීරණයකට රජය ඇවිත් නෑ කියමිනි!

නියම නායකයෝ නිසි කල තීරන ගනිති. තම ගෝලබාලයන් ලවා ඒවා ක්‍රියාත්මක කරති.
සිරිසේන කිසිම දිනෙක නිසි තීරණ ගන්නේ නැත. එවිට ඔහු වෙනුවෙන් තීරණ ගන්නා නිලදාරීන් හට වැඩේ කෙලවුනොත් කුරුන් ගුරුන් ට පොලී මුදලාලි බනිනා සේ බනින්නේය.

පඬු හැලියේ වැටී හිටියේ නරියෙකු මිස ආප්ප කන  සින්හයෙකු නොවන බව දැණ් හැමෝටම පැහැදිලි ය!
 


 

Tuesday, April 18, 2017

යෝජනා හා චෝදනා වලට ආරාධනා


අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හෙල වියුනු ලොව දෙස බස රැස ලැදි එකතුවේ ගෞරව බහුමානයට පත් වූ වියත් රසකාමියෙකු බව පාඨක ඔබ සැම දන්නේය.


 ගරු සරසතුමාගේ සෑම වියුණු සටහනක් ම පාහේ අවම ලෙස ආලෝචන සියයක් පමණ ලබන නිසා ඔබතුමාට ඇතැම් ආලෝචන මඟ හැරේ. ගරු සරසතුමනි, ඔබතුමා රාජ්‍ය සේවයට බැණ වදිමින් එහෙත් රාජ්‍ය සේවයේ නියුක්ත තම භාර්යාවගේ වැටුපෙන් යැපෙන ඊනියා වෘත්තිය වියුණුකරුවකු නො වන නිසා ද ඔබතුමා පිළිගත්, කාර්යබහුල වෘත්තිකයකු වන නිසා ද ඔබතුමාට ඇතැම් ආලෝචන මඟ හැරීම සාධාරණ තත්ත්වයකි. එනිසා මම පහත යෝජනා ඔබතුමා වෙත ඉදිරිපත් කරමි:

1.මල්ලේ පොල් වියුණුවට අනුබද්ධිත ව මල්ලේ පොල් පදනමක් පිහිටුවීම.

2.එහි භාරකාරත්වය සඳහා නිශ්චිත නිල නාමයක් රහිත ශෝභමාන ලලනාවක පත් කිරීම (මේ සඳහා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, සී.එම්.එස්. කාන්තා විද්‍යාලය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය, හිල්වුඩ් විද්‍යාලය, මහාමායා විද්‍යාලය ඈ ශාස්ත්‍රාලයක ශික්‍ෂණය ලද ලලනාවක තෝරා ගැනීම යහපත් ය).

3.මල්ලේ පොල් වියුණුව කළමනාකරණය මල්ලේ පොල් පදනමේ ලලනාවට බාර කිරීම.

4.මල්ලේ පොල් පදනමට පත් කර ගනු ලබන ලලනාව ද සහභාගී කර ගෙන මාධ්‍ය සාකච්ඡා කීපයක් පැවැත්වීම. (මාධ්‍ය ඉදිරියේ දී කෝප නො වී සිටීමට පදනමේ ලලනාවට විශේෂ පුහුණුවක් ලබා දීම යහපත් ය).

5.මල්ලේ පොල් වියුණුවට චෝදනා ලැබෙන කල ඔබතුමා මල්ලේ පොල් වියුණුවේ සංස්කාරක පමණක් බව සඳහන් කර සියලු චෝදනා මල්ලේ පොල් පදනමට යොමු කිරීම.


 මේ සම්බන්දයෙන් පාඨක ඔබගේද යෝජනා හා චෝදනා සරස තුමා ගෞරවයෙන් බලාපොරොත්තු වෙයි!

Saturday, April 15, 2017

යහපාලන ආපදා කලමනාකරණය..



අනාචාරිය පිනාචාරිලා, ගාමිනී අන්ගොඩලා, පිස්සු සෝබිතලා, පිරිමි මිසීලා, දබර අමිලලා හා අලුත් පරපුරේ කොලකලාකරුවන් විසින් අප් කරන්නට යෙදුනු, ලෝටස් අජිත්ලා, මාතලන්ලා, ඉයන්ලා, ඉන්දිකලා, රාජ් ලා ඇතුලු අටෝරාසියක් බ්ලොග් කරුවන් ගේ වන්දිභට්ට ලියවිලි වලින් දිලෙන්නට සැලැස්වූ යහපාලනේ ආපදා කමනාකරණයයි මේ.

කුණු කන්ද කඩා වැටී පැය අටක් ගතවෙලාත්, එකම ට්‍රැක්ටරයක්වත්, එක්ස්කැවේටරයක් වත් යොදා අබලි ද්‍රව්‍ය ඉවත් නොකිරීම ගැන ප්‍රදේශවාසීන් චෝදනා කරනා අන්දමද , ඊට පිලිතුරු ලෙස පොලොස්පති කොලොන්නාවේ තියෙන්නේ ප්‍රාදේසීය සබාවක් ද කියා අසන අන්දමත් කොලොන්නාව මහ නගර සභාවේ වගකිවයුතු කෙනෙක් හෙට උදේට ට්‍රැක්ටරේ එවන්නට සූදානම් වීමත් යන උන්මත්තක කතා ඔබට මේ වීඩියෝවෙන් නැරඹිය හැකිය!



නිවාස 150 වඩා කුණු කන්දට යට වෙලා තිබියදීත් "නෑ සර්, කිසිම ප්‍රශ්නයක් නෑ" කියා දුරකතනයට උත්තර දෙන නීතිය නවා කුණු හන්ගන පොලිස් ලොක්කන් සිටින්නේද යහපාලනේ බව සිහි තබාගත යුතුය!






ප්‍රස්නයක් නෑ.... සිගරට් වෙලෙඳාම අඩු වුනා නේ....

Wednesday, April 12, 2017

සොබාවික ශාක පොහොර / හෝමෝන

දේසපාලනය දැන් අප්‍රසන්නය, දේසපාලනයෙන් තොර දෙයක් ලියන්නය කියලා සරසාශ්‍රිත [(c) PraJay ] එනම් සරස තුමා ගේ මල්ලෙ පොල් වියුනුව අත නොහැර ආලෝචනා පල කරනා ගරු කටයුතු ඇනෝ වරයෙක් පසුගියදා ඉල්ලා සිටියා. එම ගරු ඇනෝ තුමා ගේ ඉල්ලීමට පිලිතුරු වසයෙන් එතුමාට ගෞරව පූර්වකව මා මේ වියුනුව පලකරනවා. 

පසුගිය වසරේ සරස තුමා ආරම්භ කල නිවාඩු නිකේතන ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස එහි භූමියේ පලදායී භෝගයක් වගාකිරීම දැන් කෙරීගෙන යනවා. ඉඩම පිලියෙල කරගෙන තේ පැල සිටුවා දැන් මාස හයක් පමන වෙනවා. පසුගිය මාස කීපයේ පැවති දැඩි නියඟ නිසාම තේ පැල වැඩීම බාල වුවත්, ඒකටත් එක්ක දැන් දිනපත වරුසාව කඩා හැලෙන නිසා තේ පැල සාරෙට වැඩෙනවා.

තේ පැල සිටෙවුවාම සති දෙකක් ඇතුලත එයට පොහොර දමන්නය කියලා අවවාද ලැබුනු නිසා පෝර ඉඩමේ කොටසක තිබූ පැල වලට දැමිල්ලත් කෙරෙවුවා. හැබැයි මා එය එතරම් කැමැත්තකින් කල දෙයක් නෙවෙයි.

පසුව මට අපේ ලන්කා සිතිවිලි තුමා ලිවුව ලිපියක් මතක් වෙලා ඒක හොයාගෙන කියෙවුවා. ඇත්තටම ඒක එතුමා ගේ ලිපියකට ආලෝචනයක් වශයෙන් තිබිලා මට සොයා ගන්න හැ
කි වුනා..

එතුමා ගේ වචනයෙන් ම කියනවා නම්:
 
අනෙක් කරුණ ශුද්‍රජීවින් යොදාගැනීම. සරල ක්‍රමයක් පැහැදිලි කරලා තිබුන සොබාවික හෝමෝනයක් ඇතිකර ගැනීමට, මිට මාළු ග්රෑම් 500ක් සක්කර (හකුරුත් )ගත හැකියි ග්රෑම් 500 ක් සමග මිශ්‍රකර (මාලු කුඩාවට කපාගන සහ හකුරු කුඩු කරගෙන ) දවස් 15ක් වසා තබන්න ඉන්පසු ඔබට පැනියක් වැනි දෙයක් ලැබෙයි, මෙය 1 ක ගොටසට වතුර 20 දමා මල් නොඑන ගෙඩි නොඑන ඇස්වලට ගසන්න.

 මම ලන්කා සිතිවිලි තුමා ගේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් කලා. මේ වෙනුවෙන් ම මාලු ගන්නවා වෙනුවට  ගෙදර කෑමට ගේන මාලු වල ඔලු වරල් හා අනෙකුත් අහක දමන කෑලි ප්ලාස්ටික් කෑන් එකකට ද්මා එයට සක්කර කැට දාලා වහලා තිබ්බා, ඇතුලේ වායු හැදෙනා නිසා කෑන් එකේ මූඩිය කීප සැරයක් ම අරින්න සිද්ද වුනා. එපමනයි. මාස දෙකකදී පමන සියලු දේ දියවුනු ද්‍රාවනයක් ලැඹුනා. තේ පැල වලට පෝර දානවා වෙනුවට එම ද්‍රාවනේ 1: 20 අනුපාතයට ජලය සමග මිශ්‍ර කර පැල වලට ඉස්සා.

මේ ක්‍රමය සාර්තක වුනු නිසා වැඩිම වාසි ලැබුනේ අපේ කසල බැහැර කිරීමේ ක්‍රමයටයි.

අප සැවොම දන්නා පරිදි ලන්කාව පුරාම පලාත් පාලන නියෝජිතයන් නැති නිසා කසල බැහැර කිරීම අන්තිම දුර්වල වෙලා තිබෙනවා. එවැන් පසුබිමක, මාලු අපද්‍රව්‍ය කසල බාල්දි වල මලු වල දමා තිබුනාම බල්ලෝ ඇදලා එකම අප්‍රසන්න කාලගෝට්ටියයි.

දැන් සරස තුමා ගේ නිවසේ
මාලු අපද්‍රව්ය එකතු කරන්න ප්ලාස්ටික් කෑන් තබා තිබෙනවා.... පාවිච්චි කල සොෆ්ට්ලාන් කෑන් වලට අපි මාලු අපද්‍රව්ය එකතු කරලා ඒකට උක් හකුරු සක්කර ටොප් අප් කරනවා.  සුමාන තුනකදී පමන එම මාලු අපද්‍රව්‍ය දියවෙලා කුනු ගඳ නොගසන දියරයක් බවට පත් වෙලා... එම දියරය පොහොර ලෙස යොදන්න පුලුවනි!!!

 මේ පොහොර / ශාක හෝමෝනය හොඳ ප්‍රතිපල දෙන බව දැන් මා අත්දැකීමන් ම දන්නවා. මගේ බලාපොරොත්තුව එය දිගටම පාවිච්චි කරන්නයි.

පසුගිය මැතිවරනයේදී එ ජා පය තේ දලු කිලෝවකට රුපියල් 85ක් පොරොන්දු වුනා. ඒත් චන්දෙන් පස්සේ ඒක රුපියල් 55 ට පල්ලම් බැස්සා. පසුගිය සති කීපයේ සිට නැවත තේ දලු වලට හොඳ මිලක් තිබෙනවා. දැන් දලු කිලෝවක් රුපියල් 98 පමන වෙනවා.

කුඩා දලු හිමියන් ගේ පලදාව වැඩි කරන්න ලන්කා සිතිවිලි තුමා කියාදුන්න මේ ක්‍රමය යෝදා ගත්තා නම් අපේ ලොකුම පාරිසරික ගැටලුවක් ද විසඳන්න හැකි වෙන බව සරස තුමා ගේ විස්වාසයයි!

Sunday, April 9, 2017

ස්තූති කිරීමයි.




වැරදි පෙන්වාදී ඒවා නිවැරදි කිරීමට යොමුකිරීම හා හොඳ දේ දුටුවාම ඒවා අගේ කිරීම සරස තුමා ගේ යුතුකමයි.

ජානදිපතිවරනෙට කලින් සින්හල බොග් වීරයෝ ද, සමාජ ජාලා ඔස්තාද් ලා ද, සුවයන්පන්ඩිත ක්‍රියාකාරීන් ද මේ රට චීනෙට විකුනනවා කියා මහා සද්දයක් නැගීය.

චීනා නය දෙන්නේ ගිනි පොලියට කියා හර්ශ ද සිල්වා හිටපු ආර්තික විසේසඤයා උඩු බුරලීය.

චන්දෙන් දිනුවාම අමෙරිකාවේ සහ යුරෝපයේ උදවුවෙන් ලාබෙට පොලී රහිත නය අරගෙන මේ රට කේතුමතී පුරයක් කොරනා අන්දම මවපෑය..

චන්දේ දිනාපු හුටන් තුමා ලෝකේ වටේ වටවන්දනාවේ ගිහිනුත් තුට්ටු දෙකකට වඩා ආදාර වසයෙන් ලබා ගැනීමට නොහැකිව අපේ රටට ලැබුනු අන්තර්ජාතික පිලිගැනීම ගැන අත්මේස් නොමැතිව උඩ පැන්නේය.

මේ අතර අමෙරිකානු ඩොලර් මහතා තම ගනන් පෙන්වමින් රුපියල් එකසිය පනහේ psychological barrier එක පනිමින් සිටිමි.

තම බටහිර මිතුරන් ගෙන් තඹ සතයක් නොලද රනිල් තුමා චීනය ර ගොස් බේජින් නුවර දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ පුදා ගනීමට වන්දනා ගමනක් යන බව අපට ආරන්චි ය.

යහපාලකයෝ තහනම් කල පෝට් සිටිය නැවත ඇරඹීමට චීන්නු පැමිනෙති...
වැල්කම් බැක්!
 
 
අද වන විට අමෙරිකානු සහ ඉන්දියානු ආදාර අරගෙන යහපාලනේට  කඩේ ගිය බොරු බුද්දිමතුන් ලා සහ සාමාන්ය ඉයන් ලා (simple Simon et al) ගේ චීන විරෝදී ගොන් පාට් කම්මුතු කරමින් යහපාලන ගොම්බිජ්ජෝ මාගම්පුර වරාය හා පෝර්ට් සිටිය චීන ව්‍යවසායකයන් ට විකුනා දමා ඇත. යැන්කි ඩිකී ගේ බෑනා අතින් ම  එලඹෙන ලෝක බලතුලනයේ යෝදයෙකු වන චීනයට ඔවුන් ගේ ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් නම් ආරක්ශක සැළැස්මට අනුකූලව ඕනෑවටත් වඩා උදවු උපකාර කිරීමට සිදුවීම දෛවයේ සරදමකි!
 
 චීන පරිපාලනය යටතේ ඒ ආයතන දිනෙන් දින දියුනුවට පත් වෙන බව සරස තුමා විශ්වාස කරයි!
 
 වඩාත් ම සතුටට කාරනය වන්නේ යහපාලකයන් ට තග දමා බය කරමින් ක්‍රියා කරනා චීන මහජන සමූහාන්ඩුවේ තානාපති තුමා කුමක් හෝ වැදගත් ගිවිසුමක් යහපාලනය සමග එලඹුනු වහාම පසු දිනම මහින්ද මහත්තයා හමුවීමට එතුමාගේ නිල නිවෙසට ගොස් කරුනු පැහැදිලි කරදීම ය.... අපි තාමත් මහින්ද ලොක්කාට සලකනවා කිය යහපාලකයන් ට පෙන්වීම ය!

Thursday, April 6, 2017

අර්ජුන් මහේන්ද්‍රන් ගේ ඌරු වයස





ශ්‍රී ලන්කා මහබැන්කුවේ මුදල් නයට අරන් වැඩි පොලියකට ශ්‍රී ලන්කා මහබැන්කුවටම පොලියට දුන් හිටපු මහ බැණ්කු අදිපති යූ ඇන් පී ලොක්කා ගේ ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන්, එතුමාගේ ඌරු වයස ගෙවා දමමමින් සිටී. 

  එතුමා ඌරෙකු වන්නේ  සෙනසුරු අපල කාලේ විශ්නු දෙවියෝත් බට කැලේක ඌරෙක් වෙලා හිටි ක්‍රමවේදය අනුව ය.

මේ රට කාපු ජනාදිපති වන සොරිසේන ගේ මෝඩ කමට පත් කරන්නට යෙදුනු බැඳුම්කර වන්චාව පිලිබඳ ජනාදිපති කොමිසමේ දී
අර්ජුන් මහේන්ද්‍රන් ගේ හිටපු යටත්වැසියෝ විනෝදාත්මක සාක්කි දෙන්න පටන් අරගෙන බව පුවත්පත් වලින් දැනගත් අර්ජුන් මහේන්ද්‍රන්   ඔහුගේ නීතිඥ්ඥයා ලවා මොනාද කාපු රිලවෙකු වගේ සාක්කි දෙන අය දිහා බලාගෙන ඉන්න අවසර ඉල්ලීය.
අර්ජුන් මහේන්ද්‍රන් ගේ ඌරු වයස ලබාගෙන එනු දුටු ජනාදිපති කොමිසන් කාරයෝ එම ඉල්ලීමට ඉඩ දුන්නේය. දැන් අර්ජුන් මහේන්ද්‍රන් තුමා හෙනහුරා ලැබූ විශ්නු දෙවියෝ මෙන් බටකොල කමින් ඌරු සෙයියාවෙන් ජනාදිපති කොමිසමේ සාක්කි දීම බලාගෙන සිටී.

අර්ජුන් මහේන්ද්‍රන් ගේ ඌරු වයසේ උච්චවීම සිදු වුනේ අද ය. ඒ කොමිසම් සාමාජික විනිසුරු චිත්‍රසිරි මැතිතුමා ගේ අතටම අසු වන පරිදෙන් හා කොමිසමට අපාහාසයක්, අගෞරවයක් වන පරිද්දෙන් අර්ජුන් මහේන්ද්‍රන් තුමා ඔහු ගේ ස්මාර්ට් ෆෝන් එක ඔබ ඔබා සිටීම ය. 

 මල පැනපු විනිසුරු තෙමේ, අර්ජුන් මහේන්ද්‍රන් තුමා ගේ නීතිඥ්ඥයන් කැඳවා තුමා ට ටොක්කක් ඇන කන් දෙක අල්ලන් ගෙම්බා පනින්න කියා දඬුවමක් දුන්නේය.

අහෝ... රටක් රාජ්ජයක් වගේ හිටි
අර්ජුන් මහේන්ද්‍රන් තුමා ට සිද්ද වුනු විපතක මහත!!



කරුමේ කියන්නේ  බැඳුම්කර සොරකම වැනි දූසන වන්චා කොපමනක්  මේ යහපාලනේ යටතේ සිදු වුවත්, ඉයන් හා ඔහුගේ සින්හල බ්ලොග් ලියනා ලිලිපුට්ටන් රැල ට තාමත් අගේ යහපාලනේ වීම ය! 

දැන් හම්බන්තොට හොඳ ය.. ගල් නැත...මත්තල  වී ගබඩා කරනු නොලැබේ.. පෝර්ට් සිටි මනරම් ය... මේ කේතුමතී ගේ ආච්චිගේ දේසයයි!

Wednesday, April 5, 2017

නෙලුම්යාය සම්මාන උලෙලේ නව හිමිකරුවන් ගේ දැනගැනීම සඳහා....






මෙවුවා කතා කරන පින්තූර වේ. 

මොකද කියන්නේ... ආපහු ලන්කාවට ඇවිත් හොරාට ලියාපු තෑගි ඔප්පු ආයෙත් හොරාට ලියලා කාට හරි විකුනමුද හිටන්?

Sunday, April 2, 2017

සිරියාවතී ට කරදරයක්...




මිනිස්සු කරදරේට වැටෙනවාට සරස තුමා අකමැති ය. යමෙක් අමාරුවේ වැටෙනවා තේරුනාම සරස තුමා ඒ මිනිසුන් ට කේස් එක පෙන්නාදී පරෙස්සමින් ඉන්නා ලෙස දන්වයි.  ( බොරු නම් නෙලුම්යාය හිටපු වැඩ්ඩෙක් වූ පසුගියදා පස්චාත් භාගයට වලලු දාපු අතකින් පා පහර ලබා එලියට වීසි වූ අජියා ගෙන් අහන්න ). 

ස්තුලභාවයෙන් අභියෝගයට ලක් වූ (මහතයි කියලා පොලිටිකලි කරෙක්ට් විදියට ලියන්නේ එසේ ය ) සිරියාවතී මහත්මිය, සරස තුමා වන මා ඔබ හට  දැනුම් දෙන්නේ අනාගතයේ පරෙස්සමින් ඉන්නා ලෙස ය.

 ගරු සිරියාවතී මහත්මිය. ඔබ වාසය කරන්නේ ඉතාමත් කෲශ වූ සිරුරක් හිමි සිරියාලතා මහත්මිය ගේ නිවෙසට එහා නිවසේ බව ඔබ දන්නෙහිය. එසේම එකී සිරියාලතා මහත්මිය සෙවය කරන්නේ ගරු සිරිපාල රියැදුරු මහතාගේ ගෘහ සේවිකාව ලෙස බවත් ඔබ නොදන්නවා නොවේ.

එහෙත් ගරු සිරියාවතී මැතිනියනි, ඔබ නොදන්නා කාරනා කීපයක් ම දැන් මතු වෙමින් ඇවිත් ඔබේ භෞමික අඛන්ඩතාවයට සහ ඒකීය භාවයට හානිකර ලෙස පෙලගැසෙමින් තිබේ.

ඔබ නොදැන සිටින්නේ පෙර කී සිරිපාල රියැදුරු තුමා සේවය කරන්නේ බැඳුම්කරාචාර්ය ගරු අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසේ බව ය. ගරු ජනාදිපති සොරිසේන තුමා අද (අප්‍රේල් 02 දින ) කොලඹදී පැවති ශ්‍රී ල නි ප තරුණ සමිතියේ දී තමන් වහන්සේ ඕනෑම දේස්පාලන පක්සයක ඕනෑම තරාතිරමක් දරනා කෙනෙක් රටේ ආර්තිකයට පහර වැදෙන සේ සොරකම් වන්චා කරයිද ඒ තැනැත්තාට නිර්භීතව සහ සෘජුව නීතිය ක්‍රියාත්මක කරණවා යැයි සින්හ සෙයියාවෙන් ගර්ජනා කල බව ය.   

 ගරු සිරියාවතී මහත්මිය,
 මදක් කල්පනා කර බලන්න. දැන් රජ මාලිගයේ දන්ඩනායක ඇතා වැරදිකාරයා පාගා මැරීමට බැඳුම්කරාදිපති අර්ජුන් මහතා ගේ නිවෙසට යන කල, සිරිකොතින් ලැබෙනා කෙටි පනිවිඩය නිසා වමට හැරී සිරිපාල රියැදුරු මහතා හමුවීමට නොයන්නේද? ඉන්පසු ත්මා පාගා මරන්න එන හස්තියා දැක සිරිපාල රියැදුරු තුමා පුන්චිඅම්මාගේ පුතා ට දුරකතනයෙන් අමතන්නේ නැද්ද? එම දුර කතන ඇමතුමට ප්‍රතිචාර ලෙස  රටේ මිනිසුන් ට දුන් පොරොන්දුවලට අනුව කාව හෝ දන්ඩනයට යටත් කල යුතු නිසා නැවත රජ මාලිගයෙන් හස්තියා ව ගයිඩ් කරන්නේ සිරිපාල රියැදුරු තුමා ගේ ගෙදර වැඩ කරනා සිරියාලතා මහත්මිය ගේ නිවෙසට නොවේද?
ගරු සිරියාවතී මහත්මිය, දැන් මදක් නැවතී හිතා බලන්න.

සිරියාලතා මහත්මිය වැනි කෲශ වූ ඇටසැකිල්ලක් පාගා මරා උගේ ශී පාදයේ  තුවාල ඇති කර ගැණීමට රාජකීය හස්තියා ගේ භාරකාර කුජීත තුමා හස්තියාට ඉඩ දෙයිද? 

එවන් රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයක දී සාමාන්‍යයෙන් සිදු වන පරිදි අලියාට පාගන්න සිරියලතා මහත්මිය ගේ නිවෙස අහල පහල ඇඟක් බඩක් තිබෙනා කෙනෙකුට ඉන්නේ කවුද?

ස්තුලභාවයෙන් අභියෝගයට ලක් වූ ඔබ තුමිය පමනක් ම නේද?

දැන් ඔබට ඔබ සිටිනා භයානක අනතුර තේරෙන්න ඇතැයි ද ගරු සරස තුමා ඉතාම කාරුණිකව ඔබ හට කල මේ පෙර දැණුම්දීම නිසා හැකි ඉක්මනින් ඔබතුමිය ගේ ස්තීර පදින්චිය වෙනස් කරගෙන සොරිසේන ගේ රාජකීය හස්තියා ගේ පාදස්පර්ශයට පත් නොවී බොහෝ කල ජීව්ත් වෙන්නට වාසනා ලැබෙනු ඇතැයි ද ගරු සරස තුමා ඉත සිතින් ප්‍රාර්තනා කර සිටී!