Wednesday, March 29, 2017

තොරතුරු පනත සහ මාලින්ද සෙනෙවිරත්න


චායාරූපයේ වම් කොනේ සිටින්නේ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා ය.



මාධ්‍යවේදී  මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා සරස තුමා ගේ පාසැල් මිතුරෙකි. එතුමා සරස තුමාලාට වසර තුනක් පමන ජේශ්ඨ සිසුවෙකු ලෙස පේරාදෙනියේ ඉගෙන ගන්නා අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලබූ ශිශ්‍යත්වයක් මත එහි ගොස් 1993 දී උපාදිය ලබාගන පශ්චාත් උපාදිය සඳහා කොර්නෙල් විශ්ව විද්යාලයට ඇතුලත් වූ සැබෑ ශාශ්ත්‍රවන්තයෙකි.

විදෙස් රහස් ඔත්තු සේවා වල මෙහෙයුමක් වූ මහින්ද එලවීමේ "යහපාලන විජ්ජාව" නිශ්පාදනය කර අද්‍යක්ශනය කලේ  දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සන්විදාන ය.




පසුගිය පෙබරවාරි මාසයේ දී සම්මත කරගන්නට යෙදුනු 2016 නොම්මර 12 දරන තොරතුරු දැණගැණීමේ පනත ශ්‍රී ලන්කා පාර්ලිමේන්තුවෙට ඉදිරිපත් වුනේ වුනේ දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සන්විදානවල මහත් වූ බලපෑම නිසා බව කවුරුත් දන්නා රහසකි.

 එම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සන්විදාන වලට අවශ්‍ය වූයේ මේම යෝජිත පනත රාජ්‍ය අන්සයට පමනක් බලපාන ලෙස සකස් කිරීමය.

අප මිත්‍ර මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා මෙයට මැදිහත්වන්නේ එවැනි වාතාවරනයකදී ය.  රාජ්‍ය අන්සයේ තොරතුරු පමනක් නොව එම පනත රාජ්‍ය නොවන සන්විදාන තොරතුරු වලටත් බලාත්මක විය යුතු බවට යෝජනා කරමින් ඒ සඳහා සක්‍රීයව පෙනීසිටිමින්, තම සටන ජයග්‍රහනය කරන තෙක් ම ඔහු සටන් කලේය.

මෙන්න ඔහු අප සැම වෙනුවෙන් දිනා දුන් වගන්තිය....



මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා ගේ එම දූරදර්ශී ක්‍රියාව නිසාම කලම්බො ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලන්කා ඇන් ජී ඕ ලොව හොල්ලන් හිටිනා යහපාලන ඔස්තාද් පාකියසෝති සරවනමුත්තු රජකම් කරනා සෙන්ටර් ෆෝර් පොලිසි ඕල්ටර්නේටිව් සන්විදානයට නිර්භීත අභියෝගයක් කරමින් එම ආයතනයේ  2014 හී සිදු වූ දූශන ක්‍රියා වෙනුවෙන් සිදු කල පරීක්ශන වල ප්‍රතිපල වාර්තාව ඉල්ලා සිටියේය.

කවුරුන් කලත් දූශන වන්චා පිලිකෙවු කරනා සින්හල බ්ලොග් සහෘදයෝ මේ ක්‍රියාදාමය ගැන අමන්නාන්දයට පත් වන බව සරස තුමා විස්වාස කරයි.

ගරු මාලින්ද සෙනෙවිරත්න මැතිතුමනි, ඔබට ස්තූතියි!

ගරු මාලින්ද සෙනෙවිරත්න මැතිතුමා 2020 දී ජනාදිපතිවරණයට ඉදිරිපත් වීමට කැම්පේන් එක ආරම්භ කලේ ඊයේ පෙරේදා ය. 




 ගරු මාලින්ද සෙනෙවිරත්න මැතිතුමාට ජය ව්වේවා!


Monday, March 27, 2017

ඖශද සමාගම් හා වෛද්‍යවරුන් ට කොන්ෆරන්ස් චාරිකා





ඩෙන්මාර්කයේ කෝපෙන්හේගන් නුවර පැවති යුරෝපීය පිලිකා සන්ගමය මගින් පැවැත්වූ 2016 EUROPEAN SOCIETY FOR MEDICAL ONCOLOGY, සමුලුවට සාභාගී වීම සඳහා ඖශද සමාගම් වලින් සන්තොසම් ගත්තේ යැයි ද එයට හේතු කවරේදැයි ද විමසා ශ්‍රී ලන්කාවේ පිලිකා විශේශ්ඥ වෛද්‍යවරුන් හට අල්ලස් කොමිසම මගින් එන්තරවාසි එවා ඇති බව ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කෙනෙකු නොවන සරස තුමා ඔබ සැමට මහත් වගකීමකින් දන්වා සිටී.

එම පිලිකා විශේශඥ වෛද්‍යවරුන් හමුවී මේ පිලිබඳව ඔවුන් ගේ අදහස් දැනගැනීමට සරස තුමා උත්සුක විය.

පහත පලවන්නේ එම පිලිකා විශේශ්ඥ වෛද්‍යවරුන් ගේ ප්‍රකාශයි:

විශේශඥ වෛද්‍ය රන්දිල් මහත්මිය: අපි තොරණ බලන්න ගියාම තොරණ හැදුවේ කොහොමද, කවුද සල්ලි දෙන්නේ, කවුද ෆ්ලැෂ් කොටේ කරකවන්නේ, කවුද චිත්‍ර අඳින්නේ, කවුද බල්බ් වැල් ස්ථාන ගත කරන්නේ වගේ දේවල් ඒ හැටි හොයන්නේ නැහැ වගේ ම මෙම කොන්ෆරන්ස් එකට යන්න සල්ලි දුන්න අයගේ  ඒ අංශය ගැනත් සොයා බැලීමක් මගෙන් වන්නේ නැහැ ඔන්න! හැබැයි එකක්!, රජයේ වැඩක් නොවන නිසා, ඩ්‍රග් කොම්පැනි තමන්ට කැමති කෙනෙකු, තමන්ට කැමති තැනක තියෙන සම්මන්ත්‍රනයකට, කැමති වියදමක් දැරීම  අතිශයින් ම පිරිසිදුයි.


විශේශඥ වෛද්‍ය ඇල්බට්: මම ඩ්‍රග් කොම්පැනියට වැඩ කරන්නේ නෑ.. කස්ටිය මාව දවල් තාරකා විද්‍යාඥයෙක් කියල හිතන් හිටියට මම කරන්නෙ ඩ්‍රග් කොම්පැනියට පි රට සවාරි දෙන දොස්තරලා ව නිර්දේශ කරන එක පමනයි. මම හිතන් හිටියෙ මේ පාර කොන්ෆරන්ස් එක ඉන්දියාවෙ තියයි කියලා. කොහෙද අර කොම්පැනියෙ ඉන්ගලන්තෙ හෙඩ් ඔෆිස් එකේ හාදය මටත් කියන්නෙ නැතිව ඒක කෝපෙන්හේගන් දැම්ම නේ.. මට මල පැනලයි ඉන්නෙ හොඳේ?

*විශේශඥ වෛද්‍ය වන්අයි: මේ පාර ඩෙන්මාර්ක් ගෙනිච්චි ගයිඩ් ඩොක්ටර්ස්ලා ව  නරක තැන් වලටත් ගෙනිහිලා නේ... මම නම් පහුගිය අවුරුද්දෙ ගයිඩ් වැඩෙ කරද්දි එහෙම නරක තැන් වලට ගෙනියන්න කියලා බලපෑම් තිබ්බෙ නෑ.

 *විශේශඥ වෛද්‍ය උඩුවා : නෑ මම වෙලේ සුදා ගෙන් සල්ලි ගන්නේ නෑ.. ඒත් මේ රතුවරෙන්තු මහත්තයා ට්‍රිප් එකක්  ස්පොන්සර් කරන්නම් කිවුවාම බෑ කියන්නෙ කොහොමද? අපි ඉතින් බෝතල් පත්තර වලට ප්‍රසිද්දයි නේ...ඒත් ටිකක් අප්සැට් අර බිබිලෙ පුපුරයිද කියලා...

*විශේශඥ වෛද්‍ය මහාචාර්ය මාතලන් මැති තුමා: නොගියෙමි... මුල් එකෙන්ම වනයක් බව තේරිනී.... උඹ කේස් එක දන්නේ නෑ නේ... දැන දැන ඇන්දෙන්න බෑ නේ... එතකොට වෙස් නැට්ටුවෙක් වෙනවා... අපිත් ඔය මළදානෙන් කලින්ම කියලම අයින් උනේ මහත්වරු වගේ ජීවත් වෙන්න ඕන නිසා තමයි. උඹ ඒකත් දන්නවනේ..?
 ඒකනේ අපි ඩ්‍රග් කොම්පැනි වල සල්ලි වලින් කෝපන්හේගන් කොන්ෆරන්ස් යන්නෙ නැතිව අපේ අතේ මුඩ්ල වියදම් කරලා ඉන්දියාවෙ තිබුන කොන්ෆරන්ස් එකට ගියේ...

*විශේශඥ වෛද්‍ය කල්යානම්: මම මේ ට්‍රිප් එක ඕගනයිස් කලේ නෑ. යන්න හොඳ දොස්තරලා තෝරලා සන්විදායක මන්ඩලේට දුන්නා විතරයි. ඒත් සන්විදායකයන් ව ම දන්නෙත් නෑ... කෝපන්හේගන් ගියාම ආයෙ මොනාද... සැප කනේ නේ...?

*විශේශඥ වෛද්‍ය බස්සි මහත්මිය: කතා කරන්න එපා.. මල පැනලයි ඉන්නෙ... මේ පට්ට£%$"" මේ පාර මාව කොන්ෆරන්ස් යන්න ඉන්වයිට් කලේවත් නෑ නේ...  )(&^$.

*මේල් නර්ස් සාශ්තෲ මහතා: ගියපාර මම ගියා. ඒ ඇති. මේ පාරත් මුන් ටික යවන්න සපෝට් එකක් දෙන්න කිවුවාම මම නයි ටී ඇණ් එකට ගිහින් ගොන් කතා ටිකක් කිවුවා තමා... ඩ්‍රග් කොම්පැනියෙ මහත්තයා මට කතාකරලා අයිසෙ ශාශ්තෲ, තමුසේ මෙක තියාගන්නව කියලා මොණර කොල පහක් මගේ සාක්කුවට දැම්ම... ඒ මදිද?
දැන් හැම කොන්ෆරන්ස් එකේටම ගිය අයගෙන් මේ වගේ බ්‍රයිබරි එකෙන් ප්‍රශ්න අහනවද? 

*නීතිඥ්ඥ ප්‍රාජේ මහතා: මන් ඩොකෙක් නෙවෙයි. ඒත් මට යන්න ටිකට් දුන්නා මම ගියා.... ඒකෙ වැරැද්ද මොකද්ද? සිද්දාලෙප කොම්පැනියෙන් ටිකට් එකක් දුන්නත් අපායට යන්න, ඒත් මම යනවනේ.... 

*විශේශඥ වෛද්‍ය කරූ තුමා: මුන් ට පිස්සු. අර රෝල්ස් පැටිස් එහෙම ගිල දානවා පේනකොට මට හිතෙන්නෙ මුන් ව කෝපන්හේගන් නෙවෙයි පෙරෙරා ඇන් සන්ස් එකට ගෙනිච්චත් ඇතිය කියලයි.

*විශේශඥ වෛද්‍ය PRRAජිත තුමා: නඩේ ගුරා විදියට එන්න කියලා. මේ සක්කිලි ටික එකතුවෙලා මට නූතන සේනක බිබිලෙ කිවුවා නේ.. බිබිලෙ ලොක්කා ඒ කාලෙ පේරාදෙනියෙ ඉන්නකොට තිබුන බඩු කේස් ආරන්චිවෙලාද දැන්නෑ.... අර මගේ කකුල් දෙක මිරිකා මිරිකා හිටපු කොට තට්ට ඩෑල් එක කවුද දන්නෙ නෑ... ඌත් ඩ්‍රග් කොම්පැණියෙම වෙන්න ඇති.....මොනා වුනත් මුන් ගේ නඩේ එක්ක කෝපන්හේගන් ගිය එක හොඳයි. මෙකට වියදම් කල ඩ්‍රග් කොම්පැනියට නඩු දාලා උන් සප්ලයි කරන ඩ්‍රග් ටිකත් චතුරගෙ කොම්පැණියට දෙන්න ඕනේ හිටන්!


 වැඩි විස්තර පුවත්පත් වලින්!

තොරතුරු අයිතිය.


2016 අන්ක 12 දරණ තොරතුරු දැණගැනීමේ පනත සක්‍රිය වුනේ 2017 පෙබරවාරි මාසයේ ය.

එම පනතට අනුව සියලු රාජ්‍ය ආයතන සහ දෙස් විදෙස් ආධාර ලබනා රාජ්ය නොවනා ආයතන වහාම තාවකාලික තොරතුරු නිලධාරියෙකු පත් කල යුතු අතර මාස තුනක් යෑමට ප්‍රතම ස්තීර තොරතුරු නිලධාරියෙකු පත් කල යුතුය.

එලෙස තොරතුරු නිලධාරියෙකු පත් කිරීමට අපොහොසත් වන අවස්තාවලදී ආයතන ප්‍රධානියා එයට වගකිව යුතුය.

තත්වය මෙසේ තිබියදී බොහෝ රාජ්‍ය ආයතන තවමත් තාවකාලික හෝ තොරතුරු නිලධාරියෙකු පත් කර නැත.

මහ ජනතාව ලබාගත් අයිතියක් වන තොරතුරු ලබාගැනීම ගැන විස්තර විමසා ලිපියක් යැවුවත් එයට පිලිතුරු ලැබෙන්නේ නැත. අඩුම තරමින් එම තොරතුරු ඉල්ලා යවන ලද ලිපිය ලැබූ බවට වත් දන්වන්නේ නැත.

මේ තත්වය කවදා වෙනස්වේද?

Sunday, March 26, 2017

පැනයට පිලිතුරු





 

හෙල වියුනු ලොව නව ආරක වියුනු හා ආලෝචන හදුන්වාදීමේ පුරෝගාමී  ලාංකීය උගතකු, බුද්ධිමතකු, ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයකු, විද්වත් වෘත්තිකයකු සහ ජාතිමාමක ලාංකිකයකු වන සදප්ම්ටන් වාසී අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිතුමා සරස තුමා ගෙන් ඇසූ පැනයක් පහත පල වේ

ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියක් වියුණු ලොව බිහි ඇත.  ඔබ මෙකී සරලමතිකයන් පිළිබඳ දරන පැහැදිලි අස්ථානය කුමක් ද

මෙය බැරෑරුම් පැනයකි. පිලිතුරට පෙර පැනයේ පසුබිම ගැන කුඩා පැහැදිලිකිරීමක් අවශ්‍ය බව සර ස තුමා ගේ හැඟීමයි.

පැනයෙන් පැහැදිලි වන පරිදිම මෙය නව ප්‍රවනතාවකි. අතීතයේ දී මෙවන්  ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන උදවිය සිටියේ නැතිම තරම් ය. එහෙත් දැන් දැන් එවන් සරලමතිකයන් වැඩි වැඩියෙන් අප සමාජයේ සිටී.

මා සිතනා අන්දමට මෙම ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන  සරලමතිකයන් ගේ සීග්‍ර ප්‍රචාරණයට ප්‍රදානතම හේතුව ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලින් ඉගෙන වෘතිකයන් හා වියතුන් වූ  විද්වතුන් ම ය.

තමන් ගේ බාල කාලයේ සිට ම ඊරිසියාව නැමැති කොලපැහැති ඇස් ඇති මොන්ස්ටරයා ගේ බලයට යටත් වී තමා සමග එකට ලාන්කීය උසස් අධ්යාපන ආයතන වල  ඉගෙන ගන්නා එහෙත් තමාට වඩා යමක් කමක් ඇති, තමා මෙන් ග්‍රාමීය නොව නගරයේ ජීවත් වන, තමාගේ පාසලට වඩා උසස් පාසැලකින් අධ්යාපනය ලද, තමාට වඩා හොඳ පෞර්ශ්‍යත්වයක් ඇති අය සමග සඟවාගත් වෛරයකින් පසු වී, ඉඩක් ලද සෑම විටම ඔවුන් ව පාගා දැමීමට කටයුතු කිරීම මේ විගඩමේ මුල් ම අදියරයි.

කෙසේ හෝ වන්ගුවක් ගසා අමාරුවෙන් විබාග සමත් වී වෘතීය ජීවිතය අරඹන මේ විද්වත් හු තම ජීවිතයම කැප කරන්නේ ලොක්කන් පසුපස යමින්, දේසපාලකයන් ට මුට්ටිය අල්ලමින් සමහර වි ඉතාමත් නීච අන්දමට ආගමික නායකයන් පවා යොදාගනිමින් තමාට සුදුසුකම් නැති ඉහල තනතුරු ලබාගැනීමට ය.

තනතුරින් ඉන්ජිනේරු, විද්‍යාඥ සහ රටේත් නැති ගොන් පාට් තිබේ යැ‍යි පාරම්බාන්නා ගේ ජීවිතයේ සොඳුරුම අවස්තාව කාලයක් එකසිය ගනනට මිනී මැරූ දත් ගලවා නැවු අටක් ගත් කට ඇරියොත් බොරු කියනා දේසපාලුවෙකු දෙපාමුල කුඩා බලු පැටියෙකු මෙන් වැටී සිටීම බව අප ඊයේ ඉගෙන ගත්තෙමු. 

එය සාදාරනීකරනය කරන්නේ  එම දේසපාලුවා බෙහෙත් මිල අඩුකෙරුවා ඒ නිසා එයා මාර චරිතයක් කියා ය. සරස තුමා ට මතක් වන්නේ බල්ලාගේ නැට්ටේ බැඳුනු මී වදය ගැන ය.  

මෙම පිටකොන්දක් නැති වෘතික විද්වත්හු කට ඇරියොත් විවේචනය කරන්නේ ලාන්කිකත්වයයි. නැතහොත් ජාතිකත්වයයි. රට ජාතිය ගැන හැඟීමක් ඇති මනුස්සයා ව බයිට් එකට ගනී. අම්බානක රැඩිකල් ය. ප්‍රසිද්දියේම තමන් නිරාගමිකයෙකු බව පවසා සිටී. එහෙත් නයි ටී එන් එකේ පැය දෙකේ සම්මුක සාකච්චාවට ආවාම සින්හල බෞද්ද පසුබිම ගැන දොඩොවයි. නක්ශශ්ත්යරට ඔලොක්කු කරමින් හොරෙන් හොරෙන් හඳහන් පිටපත් සිරි ලන්කාවට එවා හඳහන් බලවයි.. අපල කියා දැනගත්තොත් හොරෙන් හොරෙන් සෙත් ශාන්ති කරගනියි. ජීවම් කල යන්ත්තර අනුන් ට නොපෙනෙනා ලෙස ඉන වටේ හොරෙන් බැඳ ගනී.

අධීන ව කාගේ හෝ පසුපස නොගොස් යම් උත්සවයක් සන්විදානය කරනවාට වඩා තම කොඳු ඇට ටික ඉවත් කරගෙන වෙලේ සුදාගෙන් හෝ මුදල් ආදාර ගෙන ලස්සනට වෘතීය නිවේදක නිවේදිකාවන් ගෙනැවිත් පොඩි ඩාන්සින් ක්ලිප් දෙකතුනක් ද ඇතුලත් කර තරු හෝටලයක එම උත්සවය සන්විදානය කර ඔන්න අපි වැඩේ ලස්සනට කලා කියමින් ප්‍රීති වන  මෙවන් හාදයෝ දෙස බලා ඉන්නා සාමාන්‍ය වෘතිකයන් නොවන අයට දැනෙන්නේ කුමක් ද?

ඔවුන් ට දැනෙන්නේ මෙසේය:

මේ මහත්තයා අසවල් ලාන්කීය උසස් අධ්යාපන ආයතනයේ උපාදි ගත්තෙකි... එහෙත් කට ඇරියොත් මෙරටට දොස් කියයි බැන අඬ ගසයි. ප්‍රසිද්දියේ නිරාගමික නමුත් හොරෙන් පන්සල් යයි හඳහන් බලාගනී. ලොක්කන් ට හා දේසපාලුවන් ට එයා දන ගසා පසඟ පිහිටුවා වැඳ වැටේ. මොකාගෙන් නමුත් ආදාර අරගෙන තම ස්වාදීනත්වය පාවා දෙයි. අපිටත් ඉහලට යන්න නම් මේ මහතා ගේ ගති ගුන ආරොපනය කර ගත යුතුය යන්නයි!

නියම ලෙස අද්යාපනයක් ලබා වෘතීය සුදුසුකම් ලැබූ උදවිය තම පෞර්ශයේ අඩුපාඩු නිසාම තමාට වඩා සුදුසුකම් ලැබූ වෘතීය සගයන් කපාදමද්දී තව කපටි රැලක් ඉස්මතු වෙති.
 
විද්වතුන් හෝ වෘතිකයන් වෙන්න බලාගෙන ඉගෙනීම පටන් ගෙන අඥාන කම නිසා ඊරිසියාව මොලේට ගසා පන්ති වෛරය ඉස්මොලේ ගොස් ඉගෙනීම කඩාකප්පල් කරගෙන විප්ලව කිරීමට ගිහින් අන්තිමට තම විප්ලවීය සොයුරන් ලා පාවාදී තමන් ජීවිතය බේරාගෙන එන විදියට ගහ උලුවස්සා න්‍යායෙන් වෙන්ඩ ශාශ්තෘන් ලෙස පෙනී සිටිමින් ඉන්නා දෙකයි පනහේ හෑල් කෑලි සහ පාසලේ ඉගෙනගන්නා කාලේ උසස් පෙල අසමත්ව එහෙත් වෙන යම් ජිල්මාට් එකකින් ලෝකේ නමක් දිනා ගත් සුද්දෙකුට ලන් වී කිසිම පිලිගත් උසස් අද්යාපන සුදුකමක් නැතිවම ඉන්නා හාදයෝ තමා ට තමන් ම වෘතීය පට්ටමක් දෙති. ඉන්පසු එම ලොවෙත් නැති වෘතීය හාදයෝ නයි ටී එන් වැඩසටහන් වලට සම්මාන උලෙලවල් වලට තමන් වෘතීය පොරවල් කියමින් සාබාගී වෙති. සැබැ වෘතීය විද්වතුන් දෙවියන් නැති දෙවොල යක්ශයන් ට බාර දී අයින් වී සිටිති.

මෙම වෙන්ඩ වෘතීය හාදයෝ  ලැබුනු හැම තැනම ඔවුන් ට අද්යාපනය ලබාගැනීමට නොහැකි වූ උසස් අද්යාපන අයතන වලට බැන අඬගාති. අපහාස කරති.

සැබෑ වෘතීය සුදුසුකම් ලැබූවනට අවස්තා අහිමි කරති, කපා දමති, එලවාදමති.

 මේ ව්‍යාජ වෘතිකයන් තමාට හිතෙනා තමාට වාසි සහගත ගජබින්න සත්‍ය ලෙස සමාජගත කරති. සැබෑ වෘතිකයන් හා ඊර්ශ්‍යාව පතුරවති. ඊර්ශ්‍යාව නැමැති බිජුවට ට සරුසාර කෙතක් වන් ශී ලාන්කික සමාජයේ සැබැ වෘතිකයන් පරදා මේ ව්‍යාජ වෘතිකයෝ ජයගනිති.

ඒ හැමටම වඩා ඔවුන් වියුනු ලොව කරණම් ගසමින් තමා වන් ම ගොන් පාට් කරුවන් සමග සන්ධානගත වෙමින් තැනින් තැන අන්ඩ උස්සා මුත්‍රා පිටකරමින් තම වපසරිය සනිටුහන් කරති.



ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියක් වියුණු ලොව බිහිවීම ඉතින් පුදුමයක් ද?





Wednesday, March 22, 2017

සම්මාන සහ ව්‍යාපාරික වස්තු

නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙල හැරෙන්නේ පොල් පැලේ කන්න බව සරස තුමාට දැනුනේ පලමුවන සම්මාන උලෙල දිනවලමය. එම සම්මාන උලෙල හැමෝම අතර ජනප්‍රිය, කවුරුත් කියුට් කියා කියනා මෝඩ බූරුවන් ඉදිරිය දමා සැඟවුනු කස්ටියක් හසුරවන බව ඇස් කන් ඇරගෙන සිටිනා සරස තුමා තේරුම් ගත්තේ වසර දෙකකට කලින් ය.

සරස තුමා නෙලුම් යායේ සෝ කෝල්ඩ් නිර්මාතෘ වන අජිත් ධර්මාගෙන් එහි අය වැය වාර්තාවක් ඉල්ලුවේ ෆේස් ටු ෆේස් ගේම ඉල්ලමිනි. චතුර සේනාරත්න ආබ්බ බබ් බබ බ ආ අබබ් බ බාඅබ්බ බබ් බබ බ ආ අබබ් බ බාඅබ්බ බබ් බබ බ ආ අබබ් බ බ කියමින් විනෝදය සපයන්නා සේ අජිත් ධර්මා ස්ලිපරි ටෝක් නැවු ගනනට දෙමින් අය වැය වාර්තා දීමෙන් ලිස්සා යන්නට හැදුවේය, ගමක මරණාදාර සමිතියක පවා අත්‍යාවශ්‍යයෙන් ම  සපයන අය වැය වාර්තාව අන්තර්ජාතික හාදයන් දෙන්නට කැමති නොවීම හොරකමේ සුගන්දය බ්ලොග් ලොවේ විදහා හැරියේය. 

 සම්මාන දෙන්න දේසපාලුවෙකු වන කරූ ජයසූරිය ගෙන්නූවේ ඇයි කියා ඇසුවාම අජිත් ධර්මා තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීමට කරූ ගේ සේවය අගය කරමින් එම ආරාදනාව කල බව කීවේය.

 සරස තුමා එම උත්තර වලින් රැවටුනේ නැත. බ්ලොග් ලියන කියවන ඔහෙලාත් ඒ අජිත් ධර්මා ගේ මොන්ටිසෝරි කතා වලට නොරැවටුන බව සරස තුමා ට විස්වාසය.

ඒ වනාහී ඉතිහාසයයි.

දැන් නෙලුම් යාය මහා බ්ලොග් වන්චාවේ කූටප්‍රාප්තිය රඟදැක්වීමට ආසන්නය.

ලහි ලහියේ වෝටර්ස් එජ් එකේ පැවති මාද්‍ය සාකච්චාවකට බ්ලොග් සන්සදේ කියලා නැති සන්විදානයක හාදයෙකු ද වුර්තීය බ්ලොග් ලියන්නෙකු කියාගන්නා අන්කල් කෙනෙකුද, ඇන්ටි කෑලි දෙකක් ද සාභාගී විය.

 ඒගොල්ලෝ ලඟ තබා තිබූ බෝඩ් ලෑලි වලට අනුව එක ඇන්ටි කෙනෙක් ව්‍යාජ ඔප්පු සකස්කොට දේපල වන්චාවකට නඩු වැටී, එයින් බේරීමට එන්ගලන්තයට ගොස් සිටිනා ජ්‍යාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුධාරී, හොරඔප්පුලියනප්පු මැතිතුමා ගේ නියෝජිතයෙකි. අනෙක් කියුට් ඇන්ටි කෑල්ල වනාහී මින් පෙර අසා නොතිබූ නෙලුම් යාය පඩනම නැමති පඩ සන්විදානයක් නියෝජනය කොලේය.

එතුමියන් ලා කියා සිටියේ මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙලේ සම්භාවනීය අමුත්තන් ලෙස ශ්‍රී ලන්කා පාර්ලිමේන්තු ඉතිහාසයේ හිටි මුස්පේන්තුම කතා නායක කරූ ජයසූරියද දත් ගලවා නැවු අටක් මිලට ගත් රාජිත සේනාරත් න ද සාබාගී කරවාගන්නා බවය.

ඊයේ පෙරේදා හිටන්, නැති බ්ලොග් සන්සදේ හාදයා කියන්නේ නෙලුම් යාය පඩනමේ ඇන්ටි කෑල්ල ට මෙවර බ්ලොග් සම්මාන උලෙලේ ඉවෙන්ට් මැනේජ්‍රස් වරිය බවය. අජිත් ධර්මා නම් කියන්නේ මීට පෙර එයා නම් මේ නෙලුම් පඩනමේ ඇන්ටි කෑල්ලව දන්නේ නැත කියා ය. බ්ලොග් සම්මාන සන්විදායකයෙකු වන අටම්පහුර තුමා ද එම ඇන්ටිව මීට කලින් නොදන්නා බව පෙනී යයි. එයා තාම නෙලුම් පඩනමේ ඉන්නවාද නැද්ද කියා දන්නේ උඩ ඉන්නා දෙවියෝය.

 දැන් දැන් බ්ලොග් සම්මාන ගැන තීරණ ගන්නේ එම නෙලුම් පඩනමේ ඇන්ටි කෑල්ල ය..

මේක හරියට වෙඩින් ප්ලෑනර් ඇන්ටි මනමාලයා එක්ක හනිමූන් ගියා වගේ කියලා හිතෙන්නේ සරස තුමා ට විතරද හිටන්?

ෆීලින්ග් කොන්ෆියුස්ඩ් විත් අජිත් ධර්මා ඇන්ඩ් අටම්පහුර හිටන්!

සන්විදාය මන්ඩලේ ඉන්නා එක අන්දරේ කෙනෙක් කියන්නේ නයි ටී ඇන් එකේ පැය දෙකක විත ගොන් පාට් දාන්න බ්ලොගර්ලා ව විකුනන් කන කස්ටිය ට ලැබුනු අවස්තාව උදා කරලා දුන්නේ අගමැති මාද්‍ය අන්සේ වැඩ කරනා බ්ලොගියක් සමන් අතාවුදහෙට්ටි තුමා හරහා බවය. ඔහෙලා නෙලුන් යාය දේසපාලන පක්ස වලට සම්බන්ද නැහැ කියලා හිතන් හිටියා නේද?? සාදු කියන්න පින්වතුනි.

සරස තුමා ට සිතෙන්නේ වසර දෙකක් අනුන් ලවා ඇද්දවූ නෙලුම් යාය සම්මාන උලෙලේ අයිතිය අජිත් ධර්මා විසින් IPO එකකින් ඉහලම බිඩර් ට වැඩියෙන් ම ව්‍යාපාරික වස්තු කොටස් විකුනා අත සෝදාගෙන බවය. 2014 නෙලුන් උලෙලේ පෝස්ටරේ කියවුනේ "ජයග්‍රහනයේ කොටස්කරුවන් ට සම්මාන පුදනු ලැබේ" කියාය. හෆොයි! කොටස් ටික අජිත් ධර්මා කාටත් හොරෙන් විකුනලා වගේ ය.

රයිගම් සම්මාන, සුමති සම්මාන, සරසවිය සම්මාන වලට නීත්‍යානුකූල අයිතිකාරයන් සිටින්නා සේ නෙලුම් සම්මානෙටත් දැ
න් අයිත්කාරයෝ සිටිති. ඔයි එක එක ඇන්ටි කෑලි කරළියට බසින්නේ එම අයිතිකාරයන් ගේ නියෝජිතයන් වශයෙනි. 

සින්හල බ්ලොග් ලියන කියවන අපව විකුනා අවසානය.

ඔබට ශතුටුයිද දැන්?

පහත පලවන්නේ නෙලුම් යාය කැශුවල්ටියක් වූ හැමදෙනාගේම ආදරය ගෞරවය දිනාගත් සින්හල බ්ලොග් ලෝකේ රොමෑන්ටික් ඇට්ටරයා වන ගරු අරූ තුමා ට අවවාද දුන් අමරදාස සර් ගේ පින්තූරයකි.  සරස තුමා ගරු කරනා චරිතයක් වූ අරූ තුමා ට උපහාරයක් ලෙස අමරදාස සර් නම් වූ ඒ මහා පුරුශයා ගේ චායාරූපයක් මෙහි පල කරන්නෙමු. අප පසුගිය සෙනසුරාදා අමරදාස සර් ට අම්මානයක් දුන්නෙමු.

// මම අධ්‍යාත්මික වෙළඳුන් හා ගනුදෙනු කිරීමට ප්‍රියතාවයක් නොදක්වමි. එය ඉතා භයානක ගනුදෙනුවක් බව හය හතර තේරුම් ගන්නා කාලයේ සිට වටහා ගත්තෙක්මි. මට මේ බව මුලින්ම කියා දුන්නේ රාජකීය ප්‍රාථමික විදුහලේ අපේ ආදරණීය ගුරුතුමෙක්වූ අමරදාස සර් නම්වූ නිර්ව්‍යාජ මිනිසාය.කාලය ගෙවී යාමත් සමග අමරදාස සර්ගේ පාඩම කොතරම් නිවැරදිද යන්න අදත් මට පසක් වේ.//


Photo Credit : Photographic society, Royal College, Colombo 7. Sri Lanka

Monday, March 20, 2017

ලීකෙලි සම්මාන ගැන ප්‍රශ්න සහ උත්තර

 
 පහතින් පල වන්නේ සින්හල වියුනු ලෝකේ අප සැවොම ගරු කරනා මහත්මයෙකු වන ගරු අරුණ පෙරෙරා තුමා හෙවත් අරූ විසින් සරස තුමා ගේ මල්ලෙපොල් වියුනුවේ නගා තිබූ ආලෝචනයකි. අරූ තුමා එහි දී ඉතාම වැදගත් ප්‍රශ්න කීපයක් සම්මාන සන්විදායකයන් ගෙන් අසයි. එයට ඔවුන් පිලිතුරු දෙයිද?
 
මට ප්‍රශ්න කිහිපයක් පිලිබඳ විමසා ගැනීමට තිබේ. මේවා අසන්නට සිදුව තිබෙන්නේ, ලොවෙත් නැති අටම්පහුරක් වන බ්ලොග් සංසදයේ සභාපති යැයි කියන අපේ මිත්‍ර කමියා හෝ යාය සංවිධායකයෙක් යැයි සිතනා අටමාගෙන්ය. සංසදයේ මොන වර්ගයේ පක්කිලියන් ඉන්නවාදැයි නොදන්නා නිසා හොඳ මිනිසුන් යැයි අප සිතනා,උඹලා පිලිතුරු දීම සදාචාර සම්පන්නවේ.

මේ කෙලින බුලේ හැටියට කාටත් පෙනෙන්නේ,හෙට අයිටීඑන් එක හරහා සෙනසුරාදාට වෝටර්ස් එජ් එක තුලට ගලන්නේ පාලක පක්ෂයේ පල්දෝරු පද්ධතිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. දිනක නුදුරේදී තවත් කංඩායමක් විසින් දෙරණ හරහා කාගේ හරි බඩකඩුත්තු හෝටලයකට තවත් පක්ෂයක පල්දෝරු පද්ධතිය මුදා හැරීමේ ඉඩකඩ පවතී. අද එක් පල්හොරු රැලක් විසින් කරනා දේ හෙට තවත් රැළක් විසින් කරනා බව අප අනන්තවත් දැක තිබේ. මුන් මේ සඳහා පාවිච්චි කරන්නේ අහිංසක බ්ලොග්කරුවන් වීම කණගාටුවකි. දැණුවත්ව හෝ නොදැනුවත්ව ඔවුනුත් ඒ රැල්ලට හසුවී ගලාගෙන යයි.

ඒ කෙසේ වෙතත් මගේ ප්‍රශ්ණ මෙසේය. බ්ලොග් සංසදයේ හෝ බ්ලොග් උපදංශයේ සභාපති තුමාවත් පිලිතුරු දීම යෙහෙකි.

1} අප කවුරුත් දන්නා ප්‍රධාන නාළිකාවක ප්‍රයිම් ටයිම් බෙල්ට් එකක් (ප්‍රචාරයට නියමිත ටෙලිනාටකයක් අවලංගු කර බවටද රාවයක් පවති. මම නොදන්නෙමි ), හදිසියේම බ්ලොග් සඳහා වෙන්වන්නේ මුදල් ගෙවීමකින්ද, නැත්නම් වෙනත් මැදිහත්වීමක් මතද?

2} ගෙවීමේ පදනම මතනම් ඒ ගෙවන්නේ බ්ලොග් සංසදයෙන් හෝ වෙනත් ආයතනයකින්ද? වෙනත් මැදිහත්වීමකින් නම් ඒ කෙලෙසින්ද?

3} JDS Lanka වෙබ් පිටුවේ පළවූ ලිපියක්, බ්ලොග් සම්මාණයකට නිර්දේශ වන්නේ කුමන පදනමින්ද? ( ඒ ලේඛකයාට අහවල් දෙයක් ලබා දුන්නත් මට අවුලක් නැත ) නමුත් එහි පදනම කුමක් දැයි කිව මනාය.

මල්ලෙ පොල් තුමනි, මේ ගැටලුවට පිලිතුරු ලබා ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලමි. මගේ මේ කමෙන්ටුව, පෝස්ට් එකක් සේ සකසා හෝ ඔබේ මල්ලේ පළකරාට මගේ විරුද්ධත්වයක් නොමැත.ස්තූතියි.

Sunday, March 19, 2017

සම්මාන රාත්‍රිය.....

ඊයේ සවස සරස තුමා සම්මාන රාත්‍රියකට සාබාගී විය. ඒ එතුමාගේ කන්ඩායමේ (86') සිසුවන් හට ශිල්ප දුන් ගුරුවරුන් හා ගුරුවරියන් ගෞරව සම්මානයට පාත්‍ර කිරීමේ උත්සවයටයි.



Wednesday, March 15, 2017

කවුද බොලේ ඇලිස්?


මාද්ය සාකච්චා මේසේ කොනකින් පොලෝ සීයා ද  අපි නොදන්න සින්හල බ්ලොග් කරුවන්ගේ සන්සදය නැමති බලවත් සන්විදානයක් නියෝජනය කරමින් කල්යාන මිත්‍ර තුමා ද සිටියේය. ඒත් කියුට් කාන්තාවන් දෙදෙනාගේ සීදේවි කම මඩින්න එම පිරිමි පරාන දෙකට නැහැකි වූ බව සරස තුමා වාර්තා කරන්නේ සන්තෝසයෙනි.

 එක කාන්තාවක් හොර ඔප්පු ලියා මාට්ටු නොවී පිටරට පැනපු අන්තර්ජාතික පොලිසියේ රතු වරෙන්තු දාරී තුමා ගේ ලන්කානිවුස් වෙබ් නැමති සන්විදානය නියෝජනය කල අතර අනෙක් කාන්තාව නෙලුම්යාය පදනම නැමති අරුම පුදුම සන්විදානයක් නියෝජනය කලේය. 

එම කාන්තාවන් මාද්ය සාකච්චාවේදී කියා සිටියේ මෙවර ලීකෙලි උලෙල මහා උත්කර්ශවත් ලෙස පවත්වන බවය. විශේශ අමුත්තන් ලෙස යහපාලනේ අන්ත ගොන්පාට් දාන කරූ ජයසූරිය හා චතුර සේනාරත්න ගේ පුත්‍ර රාජිත සේනාරත්න ව ගෙන්වන බවද එතුමියන් ලා මතක් කලේය.

සින්හල බ්ලොග් ලියනා උන්දැලාට දැන් අමා සැටක් දැනෙනු ඇත. විශේශයෙන් ම රාජිත ව අලුත් ව්යවස්තාව ප්‍රොමෝට් කිරීමේ මහ තැන ලෙස පත් කර ඇති නිසා දැන් සෝ කෝල්ඩ් සින්හල බ්ලොග් කරුවන් ගේ සන්සදය ලීකෙලි ලැබාගැනීමට නම් අලුත් ව්යවස්තාව ප්‍රොමෝට් කොරන්න යැයි නහයෙන් පෙන්නනු ඇත!
සරස තුමා අය වැය ඉල්ලූ එකට එකට එක කිරීම වසයෙන් වෝටර්ස් එජ් හෝටලේ ලීකෙලි  සම්මාන දෙනවා කියා නිවේදනය කල එයා මයිල් ලීකෙලි කස්ටිය දැන් කාන්තාවන් දෙදෙනෙකුත්, යහපාලනේ දේසපාලුවන් වන කරූ ජයසූරිය සහ රාජිත සේනාරත්නවත් ගෙන්නන්නේ සරස තුමාට දන්නන්නදැයි එතුමා ලී කෑලි කස්ටියගෙන් ප්‍රශ්න කර සිටී.

රෙදිත් ඇඳගෙන යහපාලු දේසපාලුවන් ගෙන්නන ලීකෙලි උලෙලවල්වලට සම්බන්ද කල්යාන මිත්‍ර තුමා සහ අටම්පහුර තුමා හට සරස තුමා ගේ විප්ලවීය ආචාරය හිමිවෙයි.

Tuesday, March 14, 2017

විශ්ව විද්යාලයට බැඳෙනා ආචාර්ය වරුන් සඳහා වූ ඩිස්ක්ලේමරයයි!




නවක වධකයන් අරක් ගත් ශ්‍රී ලාන්කික විශ්ව විද්යාල පද්දතිය පිරිසිදු කර නවක වධය තුරන් කිරීම සඳහා මූලික වන්නේ ආචාර්ය මන්ඩලයේ ඇති කැපවීමයි. 

නවකයෙකු වශයෙන් විශ්ව විද්යාලයට ඇතුලත් වන සිසුවා හොඳටම වධයට ලක් වී, ඊලඟ වසරේ තම ජූනියර්ස් ලාට ඊටත් හොඳට වධය දෙයි. 

අවසන් වසරෙන් පසු ආචාර්ය මන්ඩලයට බැඳෙන්නේ ද නවකයන් ට ගේම දුන් මෙම ශිශ්යයන් ම බව විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසමට නොපෙනෙන්නේ ජාතියේ අවාසනාවට ය.

එහෙත් කසිප්පු පෙරුව එකා ට පොලිසියේ පත්වීමක් ලැබිලා කසිප්පු අල්ලන්න කඩා පැනීම වගේ තමන් ශිශ්‍යයන් ව සිටි කාලේ ඇස්ටි හැලෙන්න නවක වධය දීලා ආචාර්ය මන්ඩලේට බැඳුනු පසුව නවක වධක සිසු සිසුවියන් ඇල්ලීමට යෑම එතරම් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ!

එම නිසා අලුතින් විශ්ව විද්යාලීය ආචාර්ය මන්ඩලයබඳවාගැනීමේදී මෙම කොටස ඔවුන් ගේ පත්වීමේ ලිපියට ඇතුලත් කරන ලෙස සරස තුමා විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටී! 

ඔබ නවක ව්ධය දී තිබේද?  ඔවු / නැත

ඉහත ප්‍රශ්නයට උත්තරය ඔවු නම් කරුණාකර පහත සඳහන් ඩිස්ක්ලේමරය අත්සන් කරන්න:

.................................................. වන මා විසින්, මගේ ශිශ්ය අවදියේ දී නවක සිසුන් හට නවක වදය දී ඇති බව පිලිගනිමි. එම මුග්ද ක්‍රියාව මගේ සමාජ විරෝදී ගොන්  කම නිසා සිදු කල දෙයක් වන අතර මා අතින් වධයට ලක් වූ සියලු සිසු සිසුවියන් හට මගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරමි. මා අතින් එවැනි මරිමෝඩ සමාජ විරෝදී වැඩක් මින් මතු සිදු නොවන බවටත්  වර්තමානයේ හා අනාගතයේ එවැනි වධ හින්සා කරනා අමන ශිශ්ය ශිශ්යාවන්ට විරුද්දව මගේ උපරිම ශක්තියෙන් ක්‍රියා කරන බවට
ත් දිවුරා පොරොන්දු වෙමි.

...................දින ............................දී කියවා බලා තේරුම්ගෙන අත්සන් කලෙමි.



 ප : ලි :

13/03/17 දින පාලන මිලෙන් ඉවත්වූ කුකුල්මස් මහතාට සරස තුමා ගේ බලවත් කණගාටුව්!

Sunday, March 12, 2017

හාෆ් සෙන්චරි හිටන්..

සරස තුමා ගේ පාසල් කන්ඩායමේ (86 කන්ඩායම ) උපන් වසර නම් 1967 යි. ඒ අනුව සරස තුමා ගේ පාසල් කන්ඩායමේ මිතුරන් ට මේ වසරේ අවුරුදු පනහ පිරේ.

මේ ඒ වෙනුවෙන් දින තුනක් පුරා සන්විදානය කර තිබූ සර්වරාත්‍රික පිරිත් දේසන, බන භාවනා වැඩසටහන් හා බෝධිපූජා පින්කම් වල චායාරූපයන් ය. සරස තුමා බෝ පැලයක් බව මෙයින් ඔබ සැමට පැහැදිලි වෙනු ඇත.


 මේ උපන්දින කේක් එකය...













Tuesday, March 7, 2017

හොර ඔප්පු ලියන්නන් ගෙන් බේරීමට කේවියට් එකක් දැමුවෙමි.

                                                                      

පහත වීඩියෝව ඉයන් ගේ අවදානය සඳහා ඇතුලත් කරනා ලදී!

ලන්ඩන් වල අය වැය විරෝධී ඇල්බට් අන්කල් සහ හොර ඔප්පු ලියා මාට්ටු වී ලන්කාවෙන් පලාගිය  ඉන්ටෙර්පෝල් රතු වරෙන්තුධාරී හාදයා ගේ නිර්මානයක් වන මහින්ද මහත්තයාට මඩ ගැහීමේ එකායන ප්‍රාර්තනයෙන් ආරම්බ කල සින්හලෙන් බ්ලොග් ලියන්නන් අන්දා සම්මාන දී තමන් අතට ගානක් කපාගැණීමේ වාර්ශික අහවල් එක මේ පාර වඩාත් උත්කර්ශවශ්‍රීයෙන් පැවැත්වෙන්නේ සරස තුමා ගේ නෙගටිව් ඇඩ්වටයිසින් වලට පින්සිද්ද වෙන්න බව කලාහිත තුමා පවසයි

 අය වැ‍ය ප්‍රසිද්දියට පත් නොකර මුදල් යටි මඩි ගසා ගැනීම කලාවක් නම් ලන්ඩන් වල තට්ට ඇල්බට් එහි පිකාසෝ බව අකමැත්තෙන් වුවද පිලිගැනීමට සරස තුමා ට සිදු වී ඇත.

මොකා වුනත් මොන වන්ගුවක් ගහලා ගානක් කපාගැණීම අගය කරනා සරස තුමා මලාට අයවැය නොපෙන්නන ලන්ඩන් වල තට්ට ඇල්බට් ට ද, හොර ඔප්පු ලියා මාට්ටු වී පොලීසියෙන් කට්ටි පැන ලන්ඩන් වලට වී ඉන්නා හාදයාටද සම්මාන දෙනවා කියමින් තිරය පිටුපස ඉඳන් කීයක් හෝ අතමිටමොලවා ගන්නා සියලු දෙනාට ද තම සුබපැතුම් පිරිනමයි.




ඒත් සරස තුමාට සිතෙන්නේ ගියවාරේ හෝල් සැපයූ කරුණාරත්න කියන උප ඇමැති මෙවර මෙගාපොලිස් සහ හප්පා පලා යන ඇමැති චම්පික රණවක ගේ පක්සෙට බැඳීම නිසා රණවක ගේ යටතේ ඇති වෝටර්ස් එජ් එක කරුණාරත්න හරහා ලැබෙන්නට ඇති බවකි.

චම්පික රණවක ගේ ගෝලබාලයන් ට වෝටර්ස් එජ් විසේස පහසුකම් ලැබෙනවා කියා අපට කියා දුන්නේ ඔහු ගේ හිටපු මිත්‍රයෙකු වන සුකී තුමා ය. 


 එවන් චූටි අවදානමක් ඇති නිසා, සම්මාන ගන්න ගිහින්, පිස්සෙක්, පිස්සෙක් වගේ හිසට කරන්ට් අල්ලාගන්නේ නැතිව ආපහු පරිස්සමින් තමතමන්ගේ නිවෙස් බලා යන එක ඔහෙලාගේ වගකීමක් බව සරස තුමා මතක් කර සිටී.


මෙවර හොරාට ඔප්පු ලියන්නා ද ඉන්ටර්පෝල් රතු වරෙන්තුවට කෝචොක් එකක් දමා වෙනත් නමකින්  ලන්කාවට ඒමට හැකියාවක් පවතින හෙයින් ආරක්ශිත ක්‍රියාමාර්ග ගැනීමට සරස තුමා ට සිදු විය. ඒ නිසා හෙට උදේම සරස තුමා ගේ නීතිඥ්ඥ මහතා හමු වී ඉඩකඩම් වල ඔප්පු වලට කේවියට් caveat එකක් දැමාගැනීමට සරස තුමා තීරණය කලේය.

නොදන්නා අය ගේ දැනගැනීම සඳහා : කේවියට් එකක් දැමූ පසු ඔප්පුවක් ලියා ඉඩමක් ලියාපදින්චි කිරීමට පෙර කේවියට් එක දැමූ තැනැත්තාටම අහක් කිරීමට සිදු වන බැවින් හොර ඔප්පු වලින් සිදු වීමට හැකි හතුරු ආන්තරා සිදු නොවේ.

 අවසාන වසයෙන් සරස තුමා සින්හල බ්ලොග් ලියන්නන්ට මේ පණිවිඩය දෙන්නට සූදානම් ය.

එනම්, ආදි කාලේ ගාල්ල ආසනයට අමරසූරිය තුමා ට එරෙහිව චන්දේ ඉල්ලූ W දහනායක තුමා කී පරිදි ම..  "මම ගහ හොලොවන්නම්, ඔහෙලා අහුලාගන්න කියා ය"!

Saturday, March 4, 2017

සින්හල බ්ලොග් අවකාසේ ව්‍යවස්තා නරිනාටක

සින්හල බ්ලොග් අවකාසේ ඊලඟට රඟදැක්වීමට නියමිතව ඇත්තේ ව්‍යවස්තා නරිනාටකයයි. බොහෝ විට මෙය අද්‍යක්ශනය කරනු ඇත්තේ ස්පොන්සර්ලාගෙන් ඉහගෙන කෑමට දක්ස  ලන්ඩන් වල ඇල්බට් තට්ට මහතා ය. 

වසර දෙක තුනකට ඉහත දී මහින්ද මහත්තයාට ගේම දෙන්න සැට් වුනු පඟර නැට්ටන් සියලු දෙනා ව එක් කර ගැනීම ලන්ඩන් වල ඇල්බට් අන්කල් ට සිම්පල් වැඩකි. සිරිකොතින් අනුග්‍රාකත්වයක් ලබාගෙන ඔබ තමුන්නාන්සේලා කඩේ යවමින් ශ්‍රී ලන්කාවට දැන් තිබෙනා ඉතාම දැවෙනා ප්‍රශ්නය වනාහී නව ව්‍යවස්තාවක් නැති බව යැයි ලන්ඩන් වල ඇල්බට් අන්කල්  නැති කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කොරනාවිට ඔහු ගේ සහචර බ්ලොග් ලියන්නෝ පන්තේරු ගසමින් ඩෙඟා නටනු ඇත.

පොඩි කාලේ ජේ වී පී කර නැත්තටම නැති වී ලාන්තරස් වෙලා දැන් යන්තම් සිරිකොත හැලි වලන් හෝදන ලියනා අප්පුලා නව ව්‍යවස්තාවෙන් අපේ රටට උදාවෙන ශ්‍රී සෞභාග්‍යය ගැන කැට තියමින් කතා කරනු ඇත. ඒ කතා ගල් පැලෙනා බොරු බව වටහාගන්න.

සින්හල බ්ලොග් අවකාසවාසී ගරු මැතිතුමනි, තුමියනි, හොරුන් ට අහු නොවන්න. කුලියට කඩේ යන්නන් සමග කඩේ යන්න එක් නොවන්න. ඔබගේ ස්වාදීනත්වය කිසිම කෙනෙකුට කිසිම කාරනාවක් සඳහා වුවත් පාවා නොදෙන්න!

සරස තුමා ගේ සතිඅන්ත පනිවිඩයකි!

Wednesday, March 1, 2017

සන්වේගයෙන් දැනුම්දීමයි!



ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් යෝජිත නව අය වැය ( අය වැය කියන්නේ තට්ට අජියලා නොදෙනා එක ය! ) ලේඛනයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ එක්සත් ජනපද ආධාර ආයතනයට (USAID) වාර්ශිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන 50.1 පමන මුදල 37% ප්‍රතිශතයකින් කපා හැර ඇති බව සරස තුමා දන්වන්නේ සන්වේගයෙනි.

ඇමෙරිකා එක්සත් ජනපදයට අකමැති රාජ්‍ය නායකයන් ව පන්නා දමා රෙජීම් චේන්ජ් කොරන්න යොදාගත් එම ඩොලර් බිලියන 50.1 මුදල ට තට්ටු වීම නිසා අමෙරිකන් ගැති රාජ්‍ය නොවන සන්විදාන වලට හොම්බෙන් යන්න සිදුවීම ඉර හඳ සේ විස්වාසය. 


මීටත් වඩා කණගාටුදායක කතාව වන්නේ අමෙරිකා එක්සත් ජනපදය මගින් එක්සත් ජාතීන් ට ප්‍රදානය කරනු ලබන මුදල් ද 40% ක ප්‍රතිශතයකින් කපා දමනු ලැබීමය... (සමහර විට UNDP සල්ලි ලී කෑලි බෙදනා හොර සම්මාන වලට දීලා මාට්ටු වුනු නිසා වෙන්න පුලුවන..)

මෙම අරමුදල් කපාහැරීම නිසා ශ්‍රී ලන්කා වි‍යවස්තා මන්ඩලේ වැඩවාසය කරනා පවුල් ගහේ මුදුන් මුලක් වූ සර්වෝදය නායක ආරියරත්න ගේ පටන් කලින් ජවිපෙ දැන් එජාප සිරිකොත හැලි වලන් සෝදන ලියන අප්පුලා හරහා සින්හල බ්ලොග් ලියන්නන් මුරුන්ගා අත්තේ තබා ලීකෑලි සම්මාන දී ගාන කපාගෙන අනුන් ගේ මුදලින් ලන්කාවට ඇවිත් තරු පන්තියේ හෝටල වල නිවාඩු ගත කරනා ඇල්බට් අන්කල් ලා තෙක් හැම දෙනාටම සෙනසුරු අපලයක් ලබනා බව පෙනේ.

 සිරිකොත ආශ්‍රිතව ගෘහ කර්මාන්ත වල යෙදෙනා එම කලින් ජවිපෙ දැන් එජාප සිරිකොත හැලි වලන් සෝදන ලියන අප්පුලා සහ අනුන් ගේ මුදලින් නිවාඩුවට ලන්කාවට කඩා පාත් වී ලී කැබලි බෙදනා ඇල්බට් අන්කල් ලා ට උපකාරයක් වශයෙන් සරස තුමා මේ ඔත්තුව දෙන්න කැමති ය. එනම් පෙර්පෙචුවල් ට්‍රෙශරීස් මාධ්ය ජාලය කුලියට ලියන්නන්, හැලි වලන් සෝදන්නන් හයර් කරනා බව ය. තම දැලිගෑවුනු නම සුදු කිරීමට සම්මාන ලී කෑලි වලටත් මුදල් දෙන්න ඒගොල්ලෝ සූදානම් ය.

අයදුම්පතක් දැම්මොත් නරකද හිටන්?