Monday, June 25, 2018

ලංකාවේ පලතුරු වගාව

branched banana tree සඳහා පින්තුර ප්‍රතිඵල


ලංකාවේ මොන පලතුරු වැවුවත් වැඩියෙන් ම වාර්ශිකව පැළකරනා එකම පලතුරු ගස නම් කෙසෙල් ගස ය. ඒ කෙසෙල්කැන ආ පසු අපේ මෝඩ ශ්‍රී ලාංකිකයෝ කෙසෙල් ගස කපා දමන බැවිනි.

එම නිසා සැම වසරකම කෙසෙල් හස් දහස් ගනන් කැපී යයි. දහස් ගනන් නැවත සිටුවයි.

මෛත්‍රීපාල තුමා පිටරට ගිය වෙලේ පිටරටවල් වල ගොවියෝ කෙසෙල් ගස නොකපා කැන පමනක් කපනවා දැක ඇත. කැන කැපූ පසු කෙසෙල් ගස අතු බෙදී මාස තුනකින් කැන් කීපයක් ම ලැබෙන අයුරු ඒ රටවල උගත් ගොවි මහතුන් සිරිසේන තුමා ට පෙන්වා දී ඇත.

එම නිසා එතුමා ලංකාවේ ගොවියන් හටත් බහු වාර්ශික කෙසෙල් වගාව පුහුණු කිරීමට අදිශ්ඨාන කරගෙන ඇත.

පලතුරු ගස් කැපීමේ තහනම ආවේ එලෙසිනි.

Thursday, June 14, 2018

ජේ ආර් ගේ සමාජවාදී කාලතරණය හෙවත් රොනල්ඩ් රේගන් ගෙන් උපදෙස් ගැනීම


ජේ ආර් ජයවර්දන තුමා උතුමානං වහන්සේ 1977 දී ශ්‍රී ලංකාවේ අගමැති වීමෙන් පසුව අයර්ලන්තවාසී අනුර කුමාර දිසානායක තුමා ගේ උපදෙස් සහ අනුග්‍රහය මත   ඩාස් කැපිටාල් නැමති සමාජවාදී කාලතරණ යානයක නැගී  198 1 දී බලයට පැමිනෙන්නට නියමිත එවකට අමෙරිකා වෙන්ඩ ජනාදිපති  රොනල්ඩ් රේගන් තුමාගෙන් සහ 1979 මහා බ්‍රිතාන්‍යයේ අගමැතිණිය වූ මාගරට් තැචර් තුමී සොයා ගොස් ඔවුන් ගෙන් ලැබූ උපදෙස් මත  1978 විදායක බලය සහිත ජනාදිපති ක්‍රමය නිර්මාණය කල බව ඊයේ අප හට වදාලේ විජිත බොන හේරත් තුමා විසිනි. ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (2018 ජූනි 14 දා ) හිරු නාලිකාවේ බලය නැමති දේශපාලන සංවාදයට සාබාගී වෙමින් සීයේ නෝට්ටු ලාභී ගොම්මන්පිල තුමා ව දැනුවත් කරමිනි.

එම බලය සංවාදය ගැන පස්චාත් මරණ පරීක්ශන පැවැත්වෙන අද දිනයේ කැලණිය ආසනේ ජේ ආර් ලොක්කා උතුමානං වහන්සේ මැතිවරණ මෙහෙයවනවා දැක තිබූ ත්‍රී වීල් රියැදුරු  ජේමිස් අයියා තුමා ප්‍රකාශ කර සිටියේ විජිත බොන හේරත් ගේ එම තර්කය සාවද්‍ය බවත් මාගරට් තැචර්තුමී ට ගල් අඟුරු කම්කරුවන් හට කෙලවලා දමන්නටත් රේගන් තුමා හට සෝවියට් දේශයේ බිඳ වැටීම ආරම්බ කිරීමටත් (රේගන් බලයෙන් ඉවත් වී වසර තුනකින් සෝවියට් දේසය කඩා වැටුනි) උපදෙස් දුන්නේ යැංකි ඩිකී තුමා හෙවත්  ජේ ආර් ජයවර්දන තුමා උතුමානං වහන්සේ බවත් ය!

ඉතිහාස පොත පත පෙරලා බැලූ සර ස තුමා තේරුම් ගත්තේ ජ වි පෙ පාර්ලිමේන්තු මංත්‍රී විජිත බොන හේරත් තුමා ගේ වචන වලට වඩා තී රෝද රත රියැදුරු ජේමිස් අයියා තුමා ගේ කතා විස්වාස කල හැකි බව ය!