Tuesday, February 21, 2023

සමාජවාදී රාජ්‍යයක පරිපාලනය

 

අඅපි බලයට පත් වුනාම රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරනවා, පලදායිතාව වැඩි කරනවා, දූශිත නිලධාරීන් අවුරුදු තුනකට හිරේ දානවා ආදී වශයෙන් දේශපාලන වේදිකාවල කෙරෙනා කථා ඔබ අසා ඇත. පවතින රාජ්‍ය සේවකයන් ම යොදාගෙන එලෙස කාර්‍යක්ශමතාව හා පලදායිතාව වැඩි කරගෙන තම පාලනයට අකුල් හෙලන නිලධාරීන් සිරගත කරනා ක්‍රමවේද කුමක්ද? එවන් පරිපාලනයක් උදාකිරීමට ඔවුන් විසින් භාවිතා කරනු ලබන උපක්‍රම මොනවාද?


සමාජවාදී රාජ්‍යයක පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පරිපාලනයට වඩා වෙනස් වන්නේය.  අධිකරණය, ත්‍රිවිද හමුදා, පොලිසිය ඇතුලු සියලුම රාජ්ය ආයතන වල ඉහල පුටු වලට පක්ශ සාමාජිකත්වය ඇති අය ස්තානගත කරනු ඇත. එලෙස පත් කරනු ලබන අය මීට පෙර ලොකු වගකීම් නොදැරූ, සමහර විට මීට පෙර කිසිම රැකියාවක් නොකල, වසර ගනන් සරසවි වල විබාග අසමත් වෙමින් යන්තම් උපාධිය සම්පූර්ණ කල පක්ශයේ පූර්ණකාලීන් වීමේ වැඩි හැකියාවක් ඇත (සාමාන්‍යයෙන් පක්ශයේ පූර්ණකාලීන් වන්නේ එවන් කුලකයට අයත් වන්නන් බැවිනි!). 


අධිකරණය මෙතුවක් කල් භාවිතා කල නීති පධ්දති සමාජවාදී ක්‍රමයකදී වෙනස්වීම අනිවාර්ය ක්‍රියාවකි. දැනට අධිකරනයේ සේවය කරනා සියලු පාර්ශවකරුවන් ව නැවත අධ්යාපනයකට ලක් කර එය සමාජවාදී ක්‍රම වලට අනුගත කරනු ඇත. නඩුවක දී විත්තිය හා පැමිනිල්ල යන උභය පාරශවය වෙනුන් ම රජයේ නීතිඥයන් පෙනී සිටිනා බැවින් පෞද්ගලික නීතිඥ වරුන් අවශ්‍ය නොවනු ඇත (1973 දී කියුබාව නඩුවකදී පෞද්ගලික නීතිඥය සහාය ලබාගැනීම අහෝසි කලේය!).


ත්‍රිවිද හමුදා වල හා පොලිසියේ සේනාදිනායක අණදෙන්නා වන්නේ පක්ශයේ ලේකම් තුමා ය (උදාහරනයක් ලෙස වර්හමාන චීනයේ කොමියුනිස්ට් පක්ශ ලේකම් ශි ජින් පිං චීන සන්නධ්ද හමුදා වල අණ දෙන නිලධාරී වන්නේය!). ත්‍රිවිද හමුදාවට අයත් සියලු පහසුකම් දේශපාලන මංඩලයේ පොදු පහසුකම් වන්නේය. ත්‍රිවිද හමුදා පත්කිරීම්, උසස්වීම් සහ සේවයෙන් පහකිරීම් පක්ශ ලේකම් හරහා දේශපාලන මංඩලයේන් සිදු කරනු ඇත.



සියලුම රාජ්‍ය ආයතන වල දිනපතා කරන කියන දෑ පක්ශයට වාර්තා කිරීම උදෙසා දේශපාලන නිලදාරීන් හෙවත් පොලිට්කල් කොමිසාර් ලා පත් කෙරේ. රස්සාව බේරාගැණීමට නම් එවන් පොලිටිකල් කොමිසාර් ලා සමග යහපත් සමබ්න්දතාවයක් පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය වේ! 


වගාබිම් සමූහ කොමියුන වලට බාරදී ඒවා පරිපාලනයට පක්ශයෙන් අධ්යක්ශක මන්ඩල පත් කෙරෙනු ඇත. තම ජීවිතයම කුඹුරට කැප කල ගොවියාට උපදෙස් දීමට සරසවි වල වසර ගනන් අංඩර කෑ ඇට්ටරයන් අධ්යක්ශකවරුන් ලෙස ඉදිරිපත් වනු ඇත.


පෞද්ගලික සමාගම්, ව්යාපාර හා කම්හල් වල අයිතිය රජයට මාරු වන අතර අධ්යක්ශක මන්ඩල වලට පක්ශ සාමාජිකයන් පමනක් පත් කෙරෙනු ඇත.  


ගමේ මරණාධාර සමිතිය, පන්සලේ දායක සබාව, මහිලා සමිතිය වැණි සියලු සමිති සමාගම් පක්ශ නියෝජිතයන් ගේ අනුදැනුම සහ උපදෙස් මත පමනක් ක්‍රියාත්මක වනු ඇත. 


පෙර පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා සියලුම අධ්යාපන ආයතන වල බලය හා පරිපාලනය කෙලින්ම පක්ශය විසින් අත්පත්කරගෙන පක්ශයේ දේශපාලන මංඩලය විසින් අනුමත කරනු ලැබූ විෂයය නිර්දේශය භාවිතයට ගැනෙනු ඇත. 


වැඩපොලේ , වගාබිමේ තමන් ලඟම සිටින පුද්ගලයා තමා පිලිබඳව පක්ශයට ඔත්තු සපයනවාදැ‍යි බියෙන් ජීවත්වීමට මහජනතාවට සිදු වනු ඇත. සමහර විට එකම පවුලේ උදවිය පවා තම දෙමාපියන්ට හා සොඉයුරු සොයුරියන් ට විරුද්දව පක්ශයට ඔත්තු සැපයීම පවා සිදු වනු ඇත. 


මේ කමියුනිස්ට් ක්‍රමයක් යටටේ සිද්ද වෙන්න හැකි දේවල් වලින් අතලොස්සක් පමනකි.  

Friday, February 10, 2023

පූර්ණකාලීන දීමනා සහ බදු

 



ජ වි පෙ පූර්ණකාලීන් ට සහ පක්ශයෙන් පත් වන පාර්ලිමේන්තු, පලාත්සභා හා පලාත්පාලන ආයතන මංත්‍රී වරුන් ගේ සියලු වැටුප් පක්ශ අටමුදලට බැර කරනා බව පුවුන් පවසන්නේ ආඩම්බරයෙනි. පඩි නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවාම වැටුප් වෙනුවට පක්ශයෙන් ඔවුන් හට මාසික දීමනාවක් ලැබෙන බව පිලිගනිති.


ශ්‍රී ලංකා පුරවැසියන් හට රුපියල් වලින් ලැබෙනා සියලු වැටුප් හා දීමනා ආදායම් බදු වලට යටත් බව නීතිය රැකගන්න කෑමොර ගසනා ජවිපේ පූර්ණකාලීන් හා මංත්‍රී ලා දනිති.


එසේ නම් පසුගිය ජනවාරි මාසයේ ඔවුන් හට පක්ශයෙන් ලැබුනු දීමනාවට ආදායම් බදු ගෙවුවාදැයි මම ඔවුන් ගෙන් විමසීමට කැමැත්තෙමි. 


අඩුම තරමින් ලක්ශ හතරක් පහක් මාසික දීමනා ලෙස ලබාගන්නා පූර්ණකාලීන් හා මංත්‍රී ලා ජවිපෙ සිටිනා බව මගේ ඇස්තමේන්තුවයි. 

 එහි දී මා වැරදි නම් නිවැරදි කරන ලෙස ජවිපේ වගකිවයුත්තන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 


යම් ලෙසකින් ලක්ශය වඩා දීමනා ලබාගෙන උපයනවිට ගෙවනා බදු  ගෙවා නැත්නම්, එය සිරගත කල හැකි වැරද්දක් වන බව මා කපුරුහාමිලාට මතක් කර දීමට කැමැත්තෙමි!

Wednesday, February 8, 2023

කෘශි කර්මාන්තයේන් උපයන විට බදු ගසනු නොලැබේ!!!!

 


නොයෙකුත් හේතු මත රජයට බදු නොදී උපයන්න කැමති කස්ටියක් ඉන්නවා... (මම නම් උපයන මුදලට අදාල බදු ගෙවන්න කැමති කෙනෙක් ).

බදු ගෙවන්න කැමති නැත්නම් කරන්න පුළුවන් ව්යාපාරයක් තමා වගා කිරීම. 

කෘශි කර්මාන්තයේන් උපයන විට බදු ගසනු නොලැබේ!!!!


කරුණාකර වගා කරන්න. අස්වනු වැඩි කරගන්න. බදු නොගෙවන්න!!!

Monday, February 6, 2023

පලාත්පාලන චන්දය දින්නට පස්සේ....






පලාත්පාලන චන්දය අපි දිනනවා කියා සජබේ කියන්නේය. මොන පිස්සුද අපියි දිනන්නේ කියා ජාජබේ කියන්නේය. ඒ විතරක් නෙවෙයි... පලාත්පාලන චන්දේ දිනලා රටේ ව්යවස්තාව පවා වෙනස් කරන්නේයැයි සමහර ජාජබේ ආධාරකරුවන් කියන්නේය.


මොකා චන්දෙට ආවත්, මොකා චන්දේ දිනුවත් වැඩේ ලේසි වෙන්නේ නැති බව මගේ අදහසයි!


පසුගිය 2018 පලාත්පාලන මැතිවරණය පැවැත්වුනේ අලුත් පලාත්පාලන මැතිවරණ ක්‍රමය වන 60% : 40% අනුපාතය යටතේයි.  ඒ ක්‍රමය යටතේ මා ජීවත්වන ඇතුල් කෝට්ටේ කොට්ටාශය අයිති කෝට්ටේ මහ නගර සභාවට සිදු වූ දේ සොයාබලමු!


කෝට්ටේ මහ නගර සභාවට කොට්ටාශ 18 ක් ඇත. එනම්; 

01 ඔබේසෙකරපුර

02 මොරගස්මුල්ල

03 මැද වැලිකඩ

04 රාජගිරිය

05 බන්ඩාරනයකපුර

06 නාවල බටහිර

07 කොස්වත්ත

08 ඇතුල්කෝට්ටෙ

09 පිටකෝට්ටෙ නැගෙනහිර

10 පිටකොට්ටෙ

11 පිටකෝට්ටෙ බටහිර

12 නවල නැගෙනහිර

13 නුගේගොඩ බටහිර

14 පාගොඩ උතුර

15 ගන්ගොඩවිල නැගෙනහිර

16 පාගොඩ දකුණ

17 නුගෙගොඩ නැගෙනහිර

18 ගන්ගොඩවිල බටහිර යන කොට්ඨාශයි. 


2018 පලාත්පාලන මැතිවරණයේදී ඒම කොට්ඨාශ ජයගත්තේ පොදුජන එක්සත් පෙරමුනයි. ඒ නිසා ඔවුන් ට මුල් වටයේ හිමි වන ආස්න ගනන වන 18න් 18 ම හිමි විය. ඊලඟ දෙවන වටයේ ආසන බෙදිල්ලේදී පරාජය වූ පක්ශ වෙනුවෙන් එජාපය ට ආසන 12ක් ද, ශ්‍රිලනිප ප්‍රමුඛ සංදානයට ආසන 5ක් ද, ජවිපෙ ට  ආසන 3ද ලැබුනේය. මහ නගරසභාවේ සියලු ආසන ගනණ 38 කි. පලාත්පාලන මැතිවරණ ක්‍රමය කොපමන ගොං පාට් එකක් ද යනු, සියලු කොට්ඨාශ දිනූ පක්ස්යට ආස්න 18ක් හිමි වෙද්දී, පරාජය වූ පක්ශ වලට ආසන 20ක් ලැබුනි!!


සජබේ හා ජාජබේ ජයග්‍රාහකයන්  පරදිනවා කියලා කියුවාට පොහොට්ටුවේ හා හෙලිකොප්ටරේ ප්‍රාණ ඇපකරුවන් වීම වැලැක්විය නොහැකිය!!!


දැණ් ජයග්‍රහනය නියත යැයි කෑකෝ ගසනා උදවිය මෙම තත්වය සිතා බැළිය යුතුය. ඔහේලා දින්නාට පලාත් පාලන ආයතනයේ පාලන බලය පැරදුනු පක්ශයකට යැමේ හැකියාව ඉතාම ඉහල ය!

Wednesday, February 1, 2023

ලඟම පාසැල වැහෙන පාසැල වෙයිද ?

 

IMF ඔස්ටෙරිටි මෙශර්ස් අනුව ග්රීසියේ මෙන් රජයේ පාසැල් 50% වසාදැමීමට උපදෙස් ලැබෙනු ඇත!
ලඟම පාසැල වැහෙන පාසැල වෙයිද ?

පඩියෙන් බදු කැපීමට විරුද්දව උද්ගෝශනය කරනා නොමිලේ ඉගෙනගත් වෘත්තිකයන් මෙවැනි පාසැල් වසාදැමීමකට කුමන ප්රතිචාරයක් දක්වයිද?

Wednesday, January 25, 2023

පටි තද කර ගැණීම



පටි තද කර ගැණීම

උභතෝකෝටිකය යනු අප සැම පටි තද කරගැණීම සිදුකරගන්නේ අනුර අයියා සමග ද රනිල් අංකල් සමගද යන්න තීරණය කිරීමයි.



සමාජයේ වැඩ්ඩන්, පොරවල් හා වෙන්ඩපොශ් ලා ගලඩාරි හෝටලයට එක් රැස් කර, ඔවුන් අමතමින් සොමාලිමා නායකතුමා පැවසුවේ රට ගොඩගන්න තාක් කල් පටි තදකරගෙන කැඵවීම් කල යුතු බවය. 


සෝමාලිමා රජයක් යටතේ බදු නැතිව වැඩ නොකර සැපසේ ඉන්න සිතූ අය ගේ සිහින බිඳ වැටිනි! 


දැනටමත් පටි තදකරගන ඉන්නා නිසා අපි සෝමාලිමාවට චන්දය දිය යුත්තේ පටි තදකරගැණීම ආදරණීය සොයුරන් ගේ නායකත්වයෙන් මිස රනිල් නාකි මයිනා තුමා ගේ නායකත්වයෙන් සිදු නොකරගැණීමටයි.

Monday, January 23, 2023

කළු සතිය ඇරඹුනේය.

 


ලක්සෙට කොඩිය දාපු හාදයෝ බදු ගැහුවොත් බලාගෙනයි යන තර්ජනාංගුලිය සමග ආන්ඩුවට පොර ටෝක් දෙමින් කළු ඇඳගෙන වැඩට එන කළු සතියේ දෙවෙනි දවස අදයි.


සැබැවින් ම කළු සතිය යන නම යෙදුනේ එවකට මහා බ්‍රිතාන්‍යය දෙවන බොඅර් යුද සමයේ (Second Boer War), 1899 දෙසැම්බර් 10 සිට 17 දක්වා  ස්ටොම්බර්ග්, මාජෙස්ෆොන්ටීන් සහ කොලෙන්සො හී දී සෙබළු 2776 ක ගේ ජීවිත බිල්ලට දෙමින් අත්පත් කරගත් පරාජයටයි. 


එහෙත් අපේ රටේ කළු සතිය උදා වුනේ සමාජයේ 0.1% පමන වන  ලස්සෙට කොඩි දැම්ම වෘත්තිකයෝ හා ගේම් ගසා පඩි පත ලස්සෙට වඩා වැඩි කරගන්නා වෘත්තිකයන් නොවනා හාදයෝ බදු වලට විරෝධ්ය පෑමයි.  


මොන විරෝධය දැම්මත් ආන්ඩුව ගානකට ගන්නා බවක් නොපෙනෙන නිසා කළු සතිය, කළු මාසය වී ඉන් පසු කළු අවුරුද්ද දක්වාම ගමන් කර ඉන් පසු රජය ද , රජයේ සේවය ද මුලුමනින් ම බිමට පාත්කරගනිමින් නියම ආතල් එකක් ලබාගනිත්වා කියා අප ප්‍රාර්තනා කරන්නේ අරගලේට ගිහිං බිරියානි කා බදු වැඩි කරගත් අපේම සගයන් ගැන අනුකම්පා කරමිනි!