Tuesday, April 7, 2026

තෙල් අර්බුදය සහ සැඟවුනු වාසි: ශ්‍රී ලංකා මිණිරන් වලට විශාල ඉල්ලුමක්?

 



 


හෝර්මුස් සමුද්‍ර මාර්ගය හරහා ගමනාගමනයට බලපාන මැද පෙරදිග යුද්ධය නැවතත් ලෝකය තුළ තෙල් සැපයුම් පිළිබඳ ගැටළු ඇති කර ඇත.

එහෙත්, සමහර විට එය ශ්‍රී ලංකාවට අපේක්ෂා නොකළ වාසියක් ලබා දෙන තත්ත්වයක් උදා කල හැකි ය.

වර්තමාන ලෝක ආර්ථිකය තෙල් පමණක් මත පමනක් රඳා නොපවතී. ලෝක ආර්තිකය දැඩි ලෙස එකිනෙක හා අන්තර්සම්බන්ධිත සැපයුම් දාම මත රඳා පවතින අතර, එක් අංශයක බාධාවක් අනෙක් බොහෝ අංශ වෙත ගලා යයි.  මේ අර්බුදයේ නොසලකා හැරෙන එහෙත් දැඩි ලෙස වර්තමාන ලෝක ආර්තිකයට  බලපෑමක් කරනු ලබන ද්‍රව්යයක් වන්නේ ලිතියම්-අයන බැටරි සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන කෘත්‍රිම මිණිරන් ය.

කෘත්‍රිම  මිණිරන් නිෂ්පාදනයට බොර තෙල් පිරිපහදු කිරීමේ අපපද්‍රව්‍යයක් වන පෙට්‍රෝලියම් කෝක් petroleum coke භාවිතා කරයි. එහෙත්  කෘත්‍රිම  මිණිරන් නිෂ්පාදනයට ඉතා විශාල බලශක්තියක් අවශ්‍ය වේ. තෙල් සැපයුම් අඩුවූ විට, පිරිපහදු අපද්‍රව්ය නිෂ්පාදනය අඩු වන අතර බලශක්ති වියදම්ද ඉහළ යයි. එය කෘත්‍රිම කෘත්‍රිම  මිණිරන් නිෂ්පාදනය ට දැඩි ලෙස බලපෑම් ඇති කරන්නකි.

 

විදුලි වාහන මගින් ගමනාගමනය සහ පුණර්ජනනීය බලශක්ති ගබඩා කිරීම වෙත ලෝකය වේගයෙන් මාරු වන මේ අවධියේ කෘත්‍රිම  මිණිරන් වල  වැදගත්කම ඉතාමත් ඉහල තලයකට පත් වන්නේ ඒවා ලිතියම්-අයන බැටරිවල අත්‍යවශ්‍ය අමුද්‍රව්යයක් නිසා ය. විශේෂයෙන් ලිතියම් අයන් ෆොස්ෆේට් lithium iron phosphate (LFP) බැටරිවල ඇනෝඩ නිශ්පාදනයට  මිණිරන් අත්යාවශ්ය ය . විදුලි වාහන භාවිතය වේගයෙන් වැඩි වන විට, LFP බැටරිවල ඉල්ලුම ඉහළ යයි. මෙය  මිණිරන්  සාම්ප්‍රදායික කාර්මික ඛනිජයකින් එහාට ගෙන ගොස්, ගෝලීය බලශක්ති ගබඩා කිරීමේ අත්‍යවශ්‍ය සම්පතක් බවට පත් කර ඇත.

 

ශ්‍රී ලංකාව ඉහළ පිරිසිදු vein graphite නිෂ්පාදනය කරන අතොලොස්සක් වූ  රටවල් අතරින් එකකි. Vein graphite  95–99% කාබන් අන්තර්ගතය ඇති, අති උසස් ස්වභාවික   මිණිරන් විශේශයකි. ලෝක වෙලෙඳපොලේ බහුල මිණිරන් වලට වඩා මෙය විශේශ වන්නේ, ඉහල ගුණාත්මක මට්ටමට පත් කිරීමට ඉතා අඩු ආයාසයක් අවශ්ය නිසා ය.

කෘත්‍රිම මිණිරන් සහ ඛනිජ තෙල් ය්ධය නිසා සීමා වන විට, ස්වභාවික මිණිරන් වලට ඉතා ඉහල වටිනාකමක් ලැබීම ස්වභාවිකය. ශ්‍රී ලංකාව මේ වෙළඳපොළේ ගෝලීය වැදගත්කමක් ඇති සම්පතක් මත සිටී.

බැරෑරුම් ප්‍රශ්නය වන්නේ මේ තත්වය හඳුනාගෙන ඊට සූදානම්ව අපේ රට ක්‍රියා කරනවාද යන්නයි.

දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ස්වභාවික මිණිරන් කර්මාන්තයBogala Graphite Lanka PLC සහ Kahatagaha Graphite Lanka Ltd— වැනි ආයතන මගින් සිදු කෙරේ. ශ්‍රී ලංකාව මිණිරන් බොහෝ ප්‍රමාණයක් ඛනිජයක් ලෙස ම හෝ අර්ධ පිරිපහදු ආකාරයෙන් අපනයනය කරයි. එමඟින් සැබෑ වටිනාකමෙන් කුඩා කොටසක් පමණක් ශ්‍රී ලංකාවට ලැබේ. සැබෑ ආර්ථික අවස්ථාව වන්නේ අගය එකතුකිරීමේ ක්‍රියාවලිඅ ඉහළට ගෙන යාමයි. පිරිපහදුව, spheroidisation, සහ අවසානයේ බැටරි වලට සුදුසු-ගුණාත්මක ඇනෝඩ් නිෂ්පාදනය ආරම්භ කිරීමේ කාලය දැන් එලඹ ඇත!

හෝර්මුස් අර්බුදය ඛනිජතෙල් අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස පමණක් නොව, අපේ රටට යම් ආර්තික අවස්තාවන් උදාකරනා සංසිධ්දියක් ලෙස ද හඳුනාගත යුතුය. වේගයෙන් වෙනස් වන  වන ලෝකයක, මිණිරන් වැනි ද්‍රව්‍ය fossil fuels මෙන් ම අත්‍යාවශ්‍ය බව පසක් කර ගත යුතුය!

ශ්‍රී ලංකාවට මිණිරන් සම්පත ඇත. අවශ්‍ය වන්නේ අවස්ථාවන් හඳුනා ගැනීම, නිවැරදි දැක්ම සහ නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි

අද ගෝලීය අස්ථිරතාවය, බුද්ධිමත් ව  ක්‍රියා කළහොත්, හෙට ශ්‍රී ලංකාවේ වාසනාව බවට පත්විය හැක.

Tuesday, March 3, 2026

ඉරාන වැසියනි, මේ දුශ්කර අවධියේ ඔබ ගේ ධෛර්යය සහ හැසිරීම පුදුම සහගත ය. මා එය ඉහලින් ම අගේ කරමි! හිස නමා ආචාර කරමි!

 

අමෙරිකාව සහ ඉශ්‍රායලය ඉරානයට පහරදීම සම්බන්දයෙන් මාධ්‍ය මෙහෙයුමක් ද අරඹා ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. බොහෝ මාධ්‍ය අමෙරිකා සහ ඊශ්‍රායෙල් පක්ශපාතී නිසා අපට ඉරානයේ නොහොඳත් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ හොඳත් හුවා දැක්වෙන බවත් අවිවාදිතය.


එවන් පසුබිමක වුවද, බටහිර මාධ්‍ය පවසන පරිදි උන්මත්තක මිනීමරුවෙකු ලෙස කටයුතු කල තමුන් ගේ අධ්‍යාත්මික නායකයා අහසින් පහරදී මරා දමා තිබියදී ද ඔහු වෙනුවෙන් දහස් සංඛ්යාත ඉරාන වැසියෙන් ප්‍රසිද්දියේ වීථි බැස තම ශෝකය ප්‍රකාශ කරනු අප සැම දැක්කෙමු. ලොක්කා ට ශෝකය පල නොකරොත් වාඩුව ගන්න දෙවන ලොක්කෙකුත් නැත. දෙවන සහ තෙවන පෙල, දහ වන පෙල විතර දක්වාම ලොක්කෝ බෝම්බ ප්‍රහාර වලින් මරණයට පත් ව ඇති පසුබිමක, ආවොත් අරක්කු කාලයි බත් පැකට් එකයි, රුපියල් පන්දාහයි දීමට කෙනෙකුත් නොසිටින තත්වයක් යටතේ,  තම නායකයා ට ගැහුවා මෙන් තමන්ට ද අහසින් ම ගසා දමාවි කියා ඔවුන් බියේ සැඟවුනේ නැත. දස දහස් ගනනින් ඔවුන් ප්‍රසිසිද්දියේ වීථි බැස අමෙරිකාවෙන් හා ඊශ්‍රායලයෙන් පලිගන්නා බවට ශපත ක්ලහ, තවමත් කරමින් පවතී.


ඉරානයට සැතපුම් දහස් ගනනක් ඔබ්බේ වූ ලංකාවේ වැසියෝ ඉන්ධ්න ලබාගැනීමට පෝලිම් ගැසී සිටියද, එවන් පෝලිම් ඉරානයේ නැත. කෑම බීම සහ අනෙකුත් පාරිභෝගික භාන්ඩ ලුහු ලුහුව මිලදී ගැනීමට වෙලෙඳ සැල් වෙත රොක් වී පෝලිමේ සිටිනු දක්නට නැත. තවමත් ඉරානයට අහසින් ටොන් ගනනින් බෝම්බ හෙලත්දී එහි ජනතාව අධිශ්ඨානයෙන් යුතුව තම තමන්ගේ වැඩ රාජකාරී වල යෙදෙමින් ජන ජීවිතය ගෙනයනු පෙනේ. එසේ නොවුනානම් මේ වනවිට සෑම රූපවාහිනී චැනලයකම පෙන්වන්නේ පෙට්‍රෝල් පෝලිමෙ ගහ මරා ගන්නා ඉරාන වැසියන් ය!! වෙලෙඳසැල් හිස්කරමින් ආහාර එකතු කරනා ඉරාන ජනතාව ය!


යම් හෙයකින් ඉහල ඇවරියේ සියලු නායකයන් හා යුධ හමුදා නිලධාරීන් මරා දමා මෙවන් බෝම්බ තොග ගනන් වැටෙනා අස්වස්තාවකට පත් වූවොත් අමෙරිකාවේ, ඉශ්‍රායෙලයේ හෝ අඩුම වශයෙන් අපේ රටේ සාමාන්‍ය ජනතාව කෙසේ හැසිරෙයි ද??


ඉරාන වැසියනි, මේ දුශ්කර අවධියේ ඔබ ගේ ධෛර්යය සහ හැසිරීම පුදුම සහගත ය. මා එය ඉහලින් ම අගේ කරමි! හිස නමා ආචාර කරමි!

Tuesday, November 25, 2025

සමහර දේශපාලන නායකයෝ පන්සල් වලට බුදු පිලිම වලට සහ ස්වාමීන් වහන්සේලාට සලකන විදිය...

 



 

එජාප, ශ්‍රිලනිප, පොහොට්ටු, සජබ ආදී ධනපති හෝ මැද පක්ශ වල බෞද්ධ නායකයෝ කුඩාකාලෙ දහම් පාසැල් ගිය අය. එයාලගේ මවු පියෝ ගමේ පන්සලට සහ සමහර විට තව පන්සල් කීපෙකටම දාන මාන පූජා කරපු, පේරු දානේ කරපු, කඨින පිංකම් කරපු, පොඩි හාමුදුරුවන් වහන්සේලා ගේ අධ්යාපනයට අධාර කරපු උදවිය. ඒ නිසා මේ දේශපාලන නායකයෝත් පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා.  ඒක ඒතුමන් ලාගේ හද පතුලෙන්, තම පවුල් ආශ්‍රයෙන් ගොඩනැගුනු සිතුවිල්ලක්.

 

හැබැයි සමහර දේශපාලන නායකයෝ ඕකෙ අනිත් පැත්ත. ඒ හාදයෝ පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නෙ නෑ. ඒකට හේතුව තමා ඒ ගොල්ලන්ගෙන් බහුතරයක් කුඩා කාලෙ පන්සල් ආශ්‍රයෙන් හැදුනු උදවිය වුනාට පන්සල් වලට දාන මාන කරන්න, කඨින පින්කම් කරන්න, පේරු දානෙ දෙන්න හැකියාවක් නැති පවුල් වලින් ආව නිසා. ඒගොල්ලෙ බොහෝ විට ගමේ පන්සලේන් යැපුනු අය. බුද්ධ පූජාවට වගකියපු අය. පොඩි හාමුදුරුවරුන් ආශ්‍රය කරමින් එතුමන් ලාට පිරිකර වහයෙන් ලැබේනා දේවල් පරිහරණය කරපු අය.

 

එයින් තවත් සමහරු තමුං ගේ දරිද්‍රතාවය නිසාම වඩා හොඳ ජීවන තත්වයක් පතාගෙන මහණ වෙච්චි උදවිය... ඒ පොඩි හාමුදුරුවරු ගමේ දායකයන් ගේ පුද පූජා නිසා වඩා හොඳ ජීවිතයක් ගත කරලා උසස් අධ්යාපනේට විශ්ව විදාලෙටත් ඇවිත් උපාධිය ගත්තාම උපැවදි වුනු අය. එවන් සමහර පොඩි හාමුදුරුවරු ගමේ ප්‍රභූන් ගේ සහ අතමිට ඇති අය ගේ දාන වලට ඔවුන් ගේ නීවෙස් වලට වැඩියාම පුණානුමෝදනා කරන ගමන් හිත යටින් ඒ නිවාස, යාන වාහන තමුං ගේ ගිහි කල නිවාස එක්ක සංසංදනේ කරලා ඊරිස්යා වෙච්චි අය. තවත් සමහරු නොයෙකුත් තර්ජන වජින් ජීවිතේ බේරගන්න සිවුර පෙරෝගත්තු අය.

 

සමහර පාර්ලිමේන්තු සහ පලාත්පාලන නියෝජිතයෝ අතරේ මේ වගේ අය සෑහෙන ප්‍රමානයක් ඉන්නවා. එතුමන් ලා පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නෙ නෑ.... එතුමන්ලාට එවැනි දේවල් දැක්කාම තමුං කරපු වැදි වැඩ ගැන වරදකාරී චිත්තයක් පහල වෙනවා... අපායට අත වනනවා පේනවා... පිනට දානෙ කාලා නේද හිටියේ කියලා තම්ං එක්කම කලකිරිලා කේන්ති යනවා...පස්චත්තාප වෙනවා...

 

ඒ නිසාම එතුමන්ලා පුළුවන් තරම් පන්සලට, චීවරේට, බුදු පිලිමෙට සහ ස්වාමීන් වහන්සේලාට අංචි අදිනවා... අංචි අදින්නන් ට උඩගෙඩි දෙනවා... මේ දේ තේරුම් ගත්තාම ජීවිතේ පහසු වෙනවා.

 

ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, October 26, 2025

තරුණයන් අතර ජවිපෙ කුල්ල කුජීතවීම ට හේතු!



1960 ගනන් වල බිහි වූ ජවිපෙ තරුණයන් අතර බට කැළේට ගිණි ගත්තා වගේ ජනප්‍රිය වූ පක්ශයකි. භික්ශුවකින් බලාපොරොත්තු වුනාටත් වඩා දැඩි ඇවතුම් පැවතුම් කැපකිරීමක් කර ජවිපෙ සමග අත්වැල් බැඳගැනීම ඒ බොහෝ තරුණ තරුණියන් ගේ අභිලාශය විය. තම පවුල් වලින් අයින් වෙමින්, විශ්වවිද්යාල අධ්යාපනය පවා අත හරිමින් ඔවුන් කල කැපවීම් වර්තමාන තරුණ පරපුරට සිතා ගත නොහැකිය. 


එකල තරුණ තරුණියෝ ජවිපෙට බැඳුනේ ජවිපෙ නායකයින් දේශනා කල සමාජ අසාදාරණ වලට එරෙහි නිසාය. නායකයෝ ජවිපෙ ආරම්භ කරේ ඉංග්‍රීසියෙන් කතා බහ කල, පිට රටවල උසස් අධ්යාපනය ලැබූ වාමාංශිකයන් මෙන් නොව කොමියුනිස්ට් වාදය පිලිඹඳ පොත් ඉන්ංග්‍රීසියෙන් කියවීමට නොහැකි වූ නිසා ඇති වූ මදි පුංචිකම් වසාගන්නටය.


රූපවාහිනී සහ සමාජ මාධ්ය මගින් ලෝඅකය දකින්නට හැකි කාලයේ තරුණ තරුණියන් ව බොරු කියා රැවටීම කල හැකි දෙයක් නොවේ. ඔවුන් අනිකාට සිදුවන සමාජ අසාදාරනයට සංවේදී නැත. 


මෙවැනි සංවේදී වෙනස්වීම් සිදු වූ ලාංකික සමාජයේ ජවිපෙ ට තරුණයන් අතර තිබූ තැන ගිලිහෙද්දී ජවිපෙත් තම ගොදුර වූ තරුණයන් අත හැර මැදි වයසේ බලාපොරොත්තු කඩ වූ මයිනන් සහ මයිනියන් ව ඉලක්ක කලේය. අතීතයේ තිබූ ඇවතුම් පැවතුම් නොව පන්ති පහ ද අත හැර දැමූ ජවිපෙ ඒ වෙනුවට තෝරා ගත්තේ අරූ හොරා මූ හොරා යනුවෙන් අමූලික චෝදනා එල්ල කරමින් මයිනන් අතර ඊරිසියාව පැතිරවීම ය. 


වෛරයෙන් මත් වූ මයිනන් ගේ චන්දෙයෙන් ආන්ඩුව පිහිටෙවු ජවිපෙ ධනපති පන්තිය පෙන්වා මයිනන්ටත් පොහොසත් අනාගතයක් පොරොන්දු විය. පන්ති වෛරය වෙනුවට තමන් වෛර කරනා ඉහල පන්තියට ඇතුල්වීමේ ගේට්ටුව අවහිර වී තිබීම ට වෛර කිරීමේ කලාව ජනගත කලේය. 


මයිනන් ඇන්දුනාට සමාජ ජාලා අතර සැරිසරන තරුණයන් ඇන්දී ජවිපෙ ට ආකර්ශනය වුනේ නැත. අනාගතේ මොකක් වෙද්දැයි අපි කල්පනාවෙන් බලා සිටිමු!

Friday, October 24, 2025

තායි ආන්ඩුවේ අලි ඇත්තු ත්‍රස්තවාදය පරදවමු!

 වර්තමාන තායි ආන්ඩුව ශිනවත්‍රා පවුලෙන් එලවා එලවා පලිගන්නවා, අර නහයෙන් පෙන්නන්න පුළුවන් අහවල් ආන්ඩුව අහවල් පවුලෙන් පලිගන්නවා වගේ. ශිනවත්‍රා ලා දලදා මාලිගාවේ තදබල පාර්ශව කරුවන්. ඔවුන් යම් වැදගත් වැඩකට කලින් දලදා වන්දනා කරලා පිහිට අපේක්ශා කරනවා. ඒ නිසාම ශිනවත්‍රලා පලවා හැරිය ආන්ඩුව, ඔවුන් ගේ අනුග්‍රහය ලැබූ සියලුම ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ලංකාවට පරිත්යාග කරපු අලි ඇත්තු වර්තමාන තායි ආන්ඩුව විසින් ආපහු ඉල්ලන එක ඒ පලිගැනීමේ එක් දිගුවක්.

මෙච්චර අලි ඇත්තු දිනපතා විවිද හේතු නිසා මැරෙන, මරාදමන රටේ විහාරස්ථාන වලට අලි ඇත්තු නෑ... තායිලන්තෙන් හිඟාකන්න ඕනි. අතීතයේ මේ රටේ හදාපු වැවු අමුණු සහ විහාරතාන ඔක්කොම හැදුවේ හීලෑ අලි ඇත්තු උපයෝගී කරගෙන. ඒ කාලේ බැකෝ සමන් ලා හෝ බැකෝ මැශින් තිබ්බෙ නෑ... අලි රොශාන් ලා නම් හිටියා වෙන්න ඇති. අමතක කරන්න එපා, පෘතුගීසීන් ලංකාවට එන කාලෙත් අපේ ලොකු ම අපනයනයක් වුනේ අලි ඇත්තු.


දැන්වත් මේ රටේ මිනිස්සු පිටරටවලින් අලි ඇත්තු හිඟා කන එක නවත්තලා අපේ රටේ අලි ඇත්තුන් ව හීලෑ කිරීම පටන් ගන්න ඕනි. වන අලි ඇතුන් විසින් කරනා වගාබිම්, දේපොල හා මිනිස් ජීවිත් හානි වගේම වන අලි ඇතුන් ගේ ජීවිත් හානි වලක්වාගැනීමේ ක්‍රමයක් තමා මේ හීලෑ කර අවශ්ය අයට මුදලට විකිනීම. 

Tuesday, September 9, 2025

ෆීනයිල් ඇසිටෝන්

 




ෆීනයිල් ඇසිටෝන් (Phenylacetone, also known as phenyl-2-propanone) කියන්නෙ පාටක් නැති වතුරෙ දිය නොවන තෙල් වගේ සංයෝගයක්. මහා පරිමානෙන් මෙතැම්ෆෙටමීන් හෙවත් "අයිස්" හදන්න ගන්න අමුද්‍රව්යයක් නිසා ඒක දෙවන කාන්ඩයේ පාලනය කල රසායන ද්‍රව්යයක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපදය 1980 දී නීති සම්මත කලා Schedule II controlled substance in the US of A.

එය රහසිගතව ප්‍රවාහනය කරන විදියක් තමා ඔය ද්‍රාවන උරාගන්න හැකියාව ඇති ටැල්ක් ස්ටෝන් වගේ දේවල්  ෆීනයිල් ඇසිටෝන් ද්‍රාවනයේ බස්සලා ඔක්කොම උරාගත්තතාට පස්සෙ එම ගල් කන්ටේනරේක දාලා  යවන එක. පස්සෙ අවශ්ය තැන දී ඒවා කාබනික ද්‍රාවනයක ගිල්ලුවාම ෆීනයිල් ඇසිටෝන් ගල් වලින් ද්‍රාවනයට යනවා. පස්සේ එම ගල් වල ඇති වටිනාකමක් නෑ... ඒවා ගෙනිහිං කොහේ හරි විසිකරන්න අවශ්යයි.

එහෙම වෙන් කරගත්තු ෆීනයිල් ඇසිටෝන් රසායන ක්‍රියා අදියර තුනකින් මෙතැම්ෆෙටමීන් බවට පත් කරන්න පුලුවන්. ෆීනයිල් ඇසිටෝන් සිට ඒවා මෙතැම්ෆෙටමීන් බවට පත් කරනා රසායන බොහොමයක් වාශ්පශීලී නිසා අඩු පරිසර උශ්නත්වයක් තියෙන තැනක මේ කියාවලිය මහා පරිමාණ වායු සමනය කරන විසාල උපකරන නැතිව  කරන්න පුලුවන්.


මගේ කතාව අවසානයි.

කියැවූ ඔබ සැමට ඉස්තූතියි.

Monday, September 8, 2025

අයිස්


අයිස් හදන්න අවස්ය මැසිම ශීතකරණයක් කියලා දැනගත්තු ලැරිසින්කාවේ ජනාධිපතියා ශීතකරණ ආනයනය තහනම් කලා... දවසක් රතු ලේබල් කන්ටේනරේක ශීතකරන ඉම්පෝර්ට් කරාපු හාදයෙක් කස්ටම් එකට සෙල්ලමක් දාලා වරායෙන් ඒක පන්නගෙන ගියා. මිනිහා ශීතකරෙණ ගෙදර ගෙනිහිං ඒකෙ කොරුගේටඩ් කාර්ටන් එකයි පැකිං වලට ආපු රිජිෆෝම් ටිකයි අරං ගිහිං අනුන් ගෙ ඉඩමක හැංගුවා....ඒක වීසිකරපු පෙට්ටි සහ රිජිෆෝම් දැක්ක එකෙක් පොලිසියට ඔත්තුවක් දීලා ෆ්‍රිජ් එකක් හංගලා කියලා... පොලිසිය ඇවිත් ඒ වීසිකරපු පෙට්ටිය සහ රිජිෆෝම් දැකලා රජයේ රස පරීක්සකටයි මීඩියා කාරයන්ටයි එන්න කියලා... රස පරීක්සක රිජිෆෝම් කෑල්ලක් කාලා ඒක ශීතකරණයක් කිවුවලු... මීඩියා කාරයෝ ඔන්න ශීතකරණයක් සොයාගත්තෝ කියලා හෙඩ් ලයින්ස් ලිවුවලු...