ෆීනයිල් ඇසිටෝන් (Phenylacetone, also known as phenyl-2-propanone) කියන්නෙ පාටක් නැති වතුරෙ දිය නොවන තෙල් වගේ සංයෝගයක්. මහා පරිමානෙන් මෙතැම්ෆෙටමීන් හෙවත් "අයිස්" හදන්න ගන්න අමුද්‍රව්යයක් නිසා ඒක දෙවන කාන්ඩයේ පාලනය කල රසායන ද්‍රව්යයක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපදය 1980 දී නීති සම්මත කලා Schedule II controlled substance in the US of A.
එය රහසිගතව ප්‍රවාහනය කරන විදියක් තමා ඔය ද්‍රාවන උරාගන්න හැකියාව ඇති ටැල්ක් ස්ටෝන් වගේ දේවල් ෆීනයිල් ඇසිටෝන් ද්‍රාවනයේ බස්සලා ඔක්කොම උරාගත්තතාට පස්සෙ එම ගල් කන්ටේනරේක දාලා යවන එක. පස්සෙ අවශ්ය තැන දී ඒවා කාබනික ද්‍රාවනයක ගිල්ලුවාම ෆීනයිල් ඇසිටෝන් ගල් වලින් ද්‍රාවනයට යනවා. පස්සේ එම ගල් වල ඇති වටිනාකමක් නෑ... ඒවා ගෙනිහිං කොහේ හරි විසිකරන්න අවශ්යයි.
එහෙම වෙන් කරගත්තු ෆීනයිල් ඇසිටෝන් රසායන ක්‍රියා අදියර තුනකින් මෙතැම්ෆෙටමීන් බවට පත් කරන්න පුලුවන්. ෆීනයිල් ඇසිටෝන් සිට ඒවා මෙතැම්ෆෙටමීන් බවට පත් කරනා රසායන බොහොමයක් වාශ්පශීලී නිසා අඩු පරිසර උශ්නත්වයක් තියෙන තැනක මේ කියාවලිය මහා පරිමාණ වායු සමනය කරන විසාල උපකරන නැතිව කරන්න පුලුවන්.
මගේ කතාව අවසානයි.
කියැවූ ඔබ සැමට ඉස්තූතියි.
Phenylacetone (P2P) is a controlled precursor chemical used in illicit drug production. Because of that, there are a lot of myths and claims on social media about how people supposedly “smuggle” or “transport” it.
ReplyDeleteTalc (or talk) stones are soft minerals (mostly hydrated magnesium silicate). They are sometimes mentioned in stories about concealing or soaking up liquids.
In reality, talc stone cannot chemically absorb and safely transport phenylacetone in any practical or efficient way. P2P is an organic liquid, and talc is not porous like a sponge—it’s dense and inert. At best, a tiny amount of liquid might cling to its surface, but it wouldn’t be a method of storage or transport.
Many of these stories are either misinformation, exaggerations, or part of sensationalized “smuggling tricks” that don’t stand up scientifically.
Because P2P is tightly controlled, only licensed labs and industries can legally produce, handle, and transport it. Anything outside those channels is illegal and risky.
හොඳ විස්තර සටහනක්. මේ ගැන සමාජය තුල පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය විය යුතුයි මේ වගේ තවත් අන්තරායකර රසායනික ද්‍රව්‍ය ගොඩක් ඇති ඒවාත් තහනම් කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්
ReplyDeleteඇත්තටම දන්නැති නිසා අහන්නෙ..දැන් ඔය හතර වටෙන්ම අල්ලන සුදු පාට ගල් ජාතිය මොකක්ද? අයිස් නිශ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් කියලා විතරයිනෙ කියන්නෙ..මොකක් හරි නමක් ඇතිනෙ ඔය ජාතියට..
ReplyDeleteදැන් ඕවා ඇත්තටම අයිස් නිශ්පාදනය කරන්න යොදා ගන්නවා කියලා උපකල්පනය කරමු..එහෙම නම් පිටරටින් කන්ටේනර් පිටින් ගෙනත් තියනවනෙ..
මට තියන ප්‍රශ්න.
1.ඒවා ගෙනාවේ කොයි කාලෙද? (දැකපු තොරතුරු අනුව 2025 මුල..ඒ කියන්නේ වත්මන් පුනරුද ආණ්ඩුව කාලේ..)
2.රේගුවෙන් නිදහස් කලේ කොහොමද?
(අපි පිටරට ඉඳන් එවන පැස්ටා පෙට්ටියක් උනත් ඇරලා හම ගහලා එවන්නෙ,මේවා කන්ටේනර් පිටින් නිදහස් වෙන්නෙ කොහොමද..ඒවා නිදහස් උන විදිය හොයලා වැරදිකරුවො නීතිය ඉදිරියට ගේන බවක් පේන්නෙ නෑ..තනිකරම රාජපක්ෂලාට විරුද්ධ දේශපාලන කැම්පේන් එකක් විතරයි නිරීක්ෂණය වෙන්නේ)
3.ඇත්තටම මේ අල්ලන ජාතිය අයිස්මෙත් හදන්න පාවිච්චි කරනවද? (නැත්තම් මේක මාධ්‍ය සංදර්ශනයක්ද)
4.අයිස් නිශ්පාදනාගාර වැටලුවා කියලා තමයි නිව්ස් වල පෙන්නන්නෙ..පෙන්නන්නෙ මේ ගල් ජාතිය විතරයි..එතකොට ඒවා සංයෝග කරලා අයිස් හදන මැෂින්,ලැබ් වගේ ඒවා කෝ..අහලා තියන විදියට ඕක හදන එක ලොකු තාක්ෂණික ක්‍රියාවලියක් නෙ..
5.ඇත්තටම මේ අයිස්මෙත් නිශ්පාදන කර්මාන්තශාලා ගැන විස්තර එලියට ආවේ
අර කෙහෙල්බද්‍දර පත්මේ සහ පිරිස අල්ලගෙන
ආවට පස්සෙ ඒ අය දෙන කටඋත්තරවලන් කියලයි මාධ්‍ය වලින් කියන්නේ..එතකම් මේ වගේ විනාශකාරී අයිස්මෙත් නිශ්පාදන වැඩපිළිවෙලක් රට ඇතුලේ ක්‍රියාත්මක වෙන බව බුද්ධි අංශවලින් හොයාගෙන නැද්ද? ජනාධිපති ඇතුලු ආණ්ඩුව දැනුවත් නැද්ද? අපි හිතමු ඒ පිරිස ඉන්දුනීසියාවේදී අහුඋනේ නෑ කියලා.වාසනාවට පොලිස් නිලධාරින්ගේ දක්ෂතාවය නිසා ඔවුන් අහුඋනා...එහෙම නොවුනානම් මේ තොරතුරු එලියට එන්නෙ නෑ..විනාශකාරී
වැඩපිළිවෙල ඉස්සරහට යනවා කිසිම අවුලක් නැතිව.බුද්ධි අංශවලින් මේක ගැන තොරතුරු අනාවරණය කර නොගැනීම ඍජුවම පාලකයන්ගේ දුර්වලතාවයක් නේද?