Friday, October 24, 2025

තායි ආන්ඩුවේ අලි ඇත්තු ත්‍රස්තවාදය පරදවමු!

 වර්තමාන තායි ආන්ඩුව ශිනවත්‍රා පවුලෙන් එලවා එලවා පලිගන්නවා, අර නහයෙන් පෙන්නන්න පුළුවන් අහවල් ආන්ඩුව අහවල් පවුලෙන් පලිගන්නවා වගේ. ශිනවත්‍රා ලා දලදා මාලිගාවේ තදබල පාර්ශව කරුවන්. ඔවුන් යම් වැදගත් වැඩකට කලින් දලදා වන්දනා කරලා පිහිට අපේක්ශා කරනවා. ඒ නිසාම ශිනවත්‍රලා පලවා හැරිය ආන්ඩුව, ඔවුන් ගේ අනුග්‍රහය ලැබූ සියලුම ප්‍රොජෙක්ට්ස් වලට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ලංකාවට පරිත්යාග කරපු අලි ඇත්තු වර්තමාන තායි ආන්ඩුව විසින් ආපහු ඉල්ලන එක ඒ පලිගැනීමේ එක් දිගුවක්.

මෙච්චර අලි ඇත්තු දිනපතා විවිද හේතු නිසා මැරෙන, මරාදමන රටේ විහාරස්ථාන වලට අලි ඇත්තු නෑ... තායිලන්තෙන් හිඟාකන්න ඕනි. අතීතයේ මේ රටේ හදාපු වැවු අමුණු සහ විහාරතාන ඔක්කොම හැදුවේ හීලෑ අලි ඇත්තු උපයෝගී කරගෙන. ඒ කාලේ බැකෝ සමන් ලා හෝ බැකෝ මැශින් තිබ්බෙ නෑ... අලි රොශාන් ලා නම් හිටියා වෙන්න ඇති. අමතක කරන්න එපා, පෘතුගීසීන් ලංකාවට එන කාලෙත් අපේ ලොකු ම අපනයනයක් වුනේ අලි ඇත්තු.


දැන්වත් මේ රටේ මිනිස්සු පිටරටවලින් අලි ඇත්තු හිඟා කන එක නවත්තලා අපේ රටේ අලි ඇත්තුන් ව හීලෑ කිරීම පටන් ගන්න ඕනි. වන අලි ඇතුන් විසින් කරනා වගාබිම්, දේපොල හා මිනිස් ජීවිත් හානි වගේම වන අලි ඇතුන් ගේ ජීවිත් හානි වලක්වාගැනීමේ ක්‍රමයක් තමා මේ හීලෑ කර අවශ්ය අයට මුදලට විකිනීම. 

No comments:

Post a Comment