1960 ගනන් වල බිහි වූ ජවිපෙ තරුණයන් අතර බට කැළේට ගිණි ගත්තා වගේ ජනප්‍රිය වූ පක්ශයකි. භික්ශුවකින් බලාපොරොත්තු වුනාටත් වඩා දැඩි ඇවතුම් පැවතුම් කැපකිරීමක් කර ජවිපෙ සමග අත්වැල් බැඳගැනීම ඒ බොහෝ තරුණ තරුණියන් ගේ අභිලාශය විය. තම පවුල් වලින් අයින් වෙමින්, විශ්වවිද්යාල අධ්යාපනය පවා අත හරිමින් ඔවුන් කල කැපවීම් වර්තමාන තරුණ පරපුරට සිතා ගත නොහැකිය.
එකල තරුණ තරුණියෝ ජවිපෙට බැඳුනේ ජවිපෙ නායකයින් දේශනා කල සමාජ අසාදාරණ වලට එරෙහි නිසාය. නායකයෝ ජවිපෙ ආරම්භ කරේ ඉංග්‍රීසියෙන් කතා බහ කල, පිට රටවල උසස් අධ්යාපනය ලැබූ වාමාංශිකයන් මෙන් නොව කොමියුනිස්ට් වාදය පිලිඹඳ පොත් ඉන්ංග්‍රීසියෙන් කියවීමට නොහැකි වූ නිසා ඇති වූ මදි පුංචිකම් වසාගන්නටය.
රූපවාහිනී සහ සමාජ මාධ්ය මගින් ලෝඅකය දකින්නට හැකි කාලයේ තරුණ තරුණියන් ව බොරු කියා රැවටීම කල හැකි දෙයක් නොවේ. ඔවුන් අනිකාට සිදුවන සමාජ අසාදාරනයට සංවේදී නැත.
මෙවැනි සංවේදී වෙනස්වීම් සිදු වූ ලාංකික සමාජයේ ජවිපෙ ට තරුණයන් අතර තිබූ තැන ගිලිහෙද්දී ජවිපෙත් තම ගොදුර වූ තරුණයන් අත හැර මැදි වයසේ බලාපොරොත්තු කඩ වූ මයිනන් සහ මයිනියන් ව ඉලක්ක කලේය. අතීතයේ තිබූ ඇවතුම් පැවතුම් නොව පන්ති පහ ද අත හැර දැමූ ජවිපෙ ඒ වෙනුවට තෝරා ගත්තේ අරූ හොරා මූ හොරා යනුවෙන් අමූලික චෝදනා එල්ල කරමින් මයිනන් අතර ඊරිසියාව පැතිරවීම ය.
වෛරයෙන් මත් වූ මයිනන් ගේ චන්දෙයෙන් ආන්ඩුව පිහිටෙවු ජවිපෙ ධනපති පන්තිය පෙන්වා මයිනන්ටත් පොහොසත් අනාගතයක් පොරොන්දු විය. පන්ති වෛරය වෙනුවට තමන් වෛර කරනා ඉහල පන්තියට ඇතුල්වීමේ ගේට්ටුව අවහිර වී තිබීම ට වෛර කිරීමේ කලාව ජනගත කලේය.
මයිනන් ඇන්දුනාට සමාජ ජාලා අතර සැරිසරන තරුණයන් ඇන්දී ජවිපෙ ට ආකර්ශනය වුනේ නැත. අනාගතේ මොකක් වෙද්දැයි අපි කල්පනාවෙන් බලා සිටිමු!
No comments:
Post a Comment