Friday, October 5, 2018

අනුකාරක කොපි රැලි සාදන කුඩා මිනිසෙක්

man bun cartoon සඳහා පින්තුර ප්‍රතිඵල



මා ඉහත පින්තූරය බාගත්තේ https://www.123rf.com/stock-photo/man_bun.html?sti=lt6nzxrbs7m1dedsjg නැමැති වෙබ් අඩවියෙනි. එම වෙබ් පිටුවේ අඩංගු වන්නේ කොන්ඩ පිරිමි හෙවත් man bun නම් වූ අලුත් ප්‍රවනතාවය ගැන ය. ඔබ එම පින්තූරය හොඳින් නැරඹුවොත් අප කවුරුත් දන්නා හඳුනන ශ්‍රී ලංකාවේ නව රැල්ලවල් නිපදවන (trend setter) කෙනෙකු ලෙස තමන් ම ප්‍රසිද්දියට පත් කරගත් සන්නස්ගල ව මතක් වනු නොඅනුමානය. ඒ සමගම ඔහු නව රැල්ලක නිර්මාතෲ නොව අනුකාරක කොපි රැලි සාදන කුඩා මිනිසෙකු බවට ඔබට වැටහී යනු ඇත.

සන්නස්ගල මහතා මේ දිනවල තමන් ලියූ පවුල ගැන විවේචනාත්මක ලියැවිල්ලක කොටසක්   ගැහැනියෙකු ලවා සභාවක කියවාගනිමින් එය සමාජ ජාලා වලට මුදා හැර ඔහුගෙන් ගිලිහී ගිය පස්ට රැඩිකල් පොරත්වය නැවත අත්පත්කරගැණීමේ උත්සාහයක යෙදී සිටී.

තමන් ගේ අතීතයට සම්බන්ද දේ වල ඇද කුද දැකීම සහ ප්‍රතික්ශේප කිරීම ඔහු ගේ කලාවයි.

ඔහු සිංහල බෞද්දයන් ට බනින්නේ ඒ ඔහු ගේ අතීතය නිසයි... ඔහු ගේ කුඩා කාලේ පන්සලකට හෝ වත්තක ඇති දෙමල කෝවිලකට හැර අන්‍යාගමික සිද්දස්තානයක් දැක ඇතැයි ඔබ සිතනවාද? පොඩිසාදුලා සමග ආශ්‍රය කලා මිස නිරාගමික විද්‍යාර්තීන්ගේ  ගේ ඇසුර ඔහු හැදෙද්දී වැඩෙද්දී ලැබුනා කියා ඔබ සිතනවාද? සිංහල ගැමියන් හා වතුදෙමල කම්කරුවන් හැර අන්ය ජාතීන් ව ආශ්‍රයට ලැබුනා කියා ඔබ සිතනවාද? 


සන්නස්ගල මහතා කොලඹ විශ්ව විද්යාලයේ දී විභාග වංචාවකට හසු වුනා යැ‍යි ප්‍රවුර්ති පලවුනා ඔබ දැක තිබේද? මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ගේ හා මහාචාර්ය විනී විතාරන ගේ පොත් හොරට අච්චු ගසා උසාවි යන්න වුනා මතකද? උසස් පෙල සිංහල ප්‍රශ්න පත්තරේ හොරෙන් පැන්නුවා කියා හාහෝවක් පුවත් පත් වල පල වුනා මතකද?

කුඩා කල ගමේ වටපිටාවේ දැණ හැඳිනගත් පුංචි හොරු බොරුකාරයෝ හා වංචාකාරයෝ අදටත් ඔහු තුල ජීවත් වන බව ඔබට නොහැඟේද?

කුඩා කල සිටම පාසැළේ සියලු ජාතීන් සහ ආගම් වලට අයත් සෑම තරාතිරමකම සිසු සිසුවියන් සමග එකට ඉගෙනගෙන එකට ජීවත් වී ජීවත්වන්න, අනුන් ට කරදර නොකරන්න live and let live නැමැති ජීවත්වීමේ කලාව ප්‍රායෝගිකව ඉගෙනගැණීමේ අවස්තාවක් ලපටි සන්නස්ගල දරුවාට ලැබුනේදැයි ඔබ සිතනවාද?

එසේ අනුන් හට කරදර නොවී ජීවත්වීමේ කලාව කුඩා සිසු සිසුවන් ලෙස ප්‍රගුණ කල අප දුටුවාම සන්න්ස්ගල මහතා ගේ පස්ස පැත්තේ ඉන්නා ඉස්සෝ අනිනා බව ඔබට නොතේරේද?

තමන් ගේ බඩරස්සාව වන ටියුශන් ගන්න එන්නේ සයන්ස් හෝ කොමර්ස් කිරීමට සුදුසුකම් නොලැබූ සාමාන්‍යපෙල පෙනේරයෙන් හැලුනු සිසුන් බව දැක්කාම සන්නස්ගල මහතාට කලකිරෙන්නේ නැද්ද? එසේ සිංහල ඉගෙන ගත්තත් එම සිසු සිසුවියන් හට සැලකියයුතු රස්සාවක් හොයාගැනීමට අපහසු බව ඔහුට නොතේරේද?

අනාගතයක් නොමැති නුදුරේම රැකියා වෙලෙඳ පොලේ කුණු බක්කි සුද්ද කරන්නට සිදුවන එම සිසු සිසුවියන් දෙස බැලුවාම ඔහුගේ පපුව පැළී සිංහල විශය නොව සිංහල සමග පැටැලුනු සියලු දේ අවඥාවට ලක් කර තමන් ගේ සිත සැහැල්ලු කරගැණීමට ඔහු උත්සාහ නොදරන්නේද?

නියත උසස් රැකියා වලට මග පාදන වෙනත් විශයන් ඉගනීමට අවස්තාව ඇහිරුනු අනාගතේ අවුල්කරගත් එම දරු දැරියන් ගෙන් ගන්නා මුදලින් තම උදරපෝශනය කරන්නට සිදු වීම ගැණ ඔහුට කනගාටු නැද්ද? තමන් ගේ සිසු සිසුවියන් හට නොලැබුනු අවස්තාවන් ලැබූ අනෙක් සිසු සිසුවියෝ ජීවිතේ නොයෙක් අයුරින් රස විඳිද්දී තම ගෝල සැට් එක යන එන මං නැතිව වෙනත් ලෝකයක් නොදැක ලිඳේ ඉන්නා ගෙම්බන් සේ තමාව රජෙක් ලෙස සලකද්දී සන්නස්ගල මහතාට ලැජ්ජා නොසිතේද??

කොපමන ටියුශන් ෆීස් වස්තු හෙවුවත් සමාජයේ පොරක් කියා හිතන් හිටියත් හොර ඔප්පු පවා සාදා තම පුත්‍රයාව රාජකීය විද්යාලයට ඇතුලත් කරගන්න උත්සාහ කලාම රාජකීය විද්යාලය එම දරුවා ප්‍රතික්ශේප කලාම සන්නස්ගල මහතාට මල නොපනීද?

ඒ ඔක්කොමට වැඩියෙන්, කස්ටිය සෙට් වුනාම, මේ දවස්වල හැමෝම කියනාපරිදි " මට නම් මේ රට එපාවෙලා දැන්... කොහේට හරි මයිග්‍රේට් කරන්නයි හිතන් ඉන්නේ" කියා සන්න්සගල මහතාට පොර ටෝක් දිය හැකිද? උඹ ඔස්ට්‍රේලියා හෝ කැනඩා ගිහින් සුද්දන් ගෙ ලමයින් ට ඒ ලෙවල් සිංහල ටියුශන් දෙන්නද හිතන් ඉන්නේ යැයි කවුරු හෝ ඇසුවොත් පොලොව පලාගෙන යන්නට සිදු නොවන්නේද හිටං?????  

මේ සියලු කාරනා නිසා සන්නස්ගල මහතා තමන් ගේ මුල් වලට සහ තමන් ගේ ගෝල සැට් එකට අනාගතයක් නැතිකිරීම ගැන සිංහල සහ ඊට බද්දව පවතින බෞද්දකමට ගැරහීම සාදාරණ නැද්ද???

Tuesday, October 2, 2018

පර්මිට් සංහිඳියාව

sri lanka national intergration cartoon සඳහා පින්තුර ප්‍රතිඵල



සිරි ලංකාවේ ජාතීන් අතර ඝස්ඨන ඇති නිසා ඒවා සමතයකට පත් කර සංහිඳියාවක් අත් පත් කරදීම සියලු විදේශ බලවේග වල ඒකායන පැතුම වී තිබෙන බව රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන්නේ නැති අපට තේරුම් ගොස් බොහෝ කල් ය.

භාග්‍යයකට මෙන් ඒ සියලු ප්‍රතිඝාමී බලවේග පරාජයකර සිරි ලාංකික ජාතීන් අතර සැබෑ සංහිඳියාව අත්පත් කරගෙන ඇති බව ඔබ සැමට දන්වන්නේ මහත් සතුටකින් යුක්තව ය. 

එයට සාක්ශි ලෙස රජයේ වෛද්යවරුන් ගේ සංගමය (GMOA) විසින් ඊරිස්යාවට සමාජ ජාලා හරහා හෙලි කල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් තම රථවාහන ආනයනය සඳහා ලැඹුනු බලපත්‍රය පරිහරණය කල අයුරු ඔබේ කාරුනික අවදානයට යොමු කරන්නෙමි. 



එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙකු වන කබීර් හශීම් මහතා තම බලපත්‍රය පරිත්යාග කර ඇත්තේ වැලිකල නම් සිංහල මහතෙකු ට ය. එයට කෘතගුණ සැලකීමට විජිතමුණු සොයිසා ඇමති තුමා තම බලපත්‍රය තෑගි කර ඇත්තේ සර්ජූන් නැමැති මුස්ලිම් පින්වතෙකුට ය. 

ඒ ලෙසින් ම:
ෆයිසර් මුස්තාපා ඇමති තුමා සිංහල ෆර්නෑන්ඩු කෙනෙකුට ද,
සුජීව සේනසිංහ ඇමති තුමා අලි අක්බර්සලෙබායි නම් මුස්ලිම් පින්වතෙකුට ද ට ද 
ඩග්ලස් දේවානන්ද දමිල මන්ත්‍රී තුමා  පෙරේරා නම් සිංහල කෙනෙකුටද
ඩී එම් එම් දිසානායක මන්ත්‍රී තුමා අබ්දුල් සතාර් නම් ඉස්ලාම් බැතිමතෙකුට ද කෙනෙකුටද
ජාතියක් නොදන්නා රෙජිනෝල්ඩ් කුරේ ආන්ඩුකාර තුමා  ජයබාස්කරන් නැමැති දමිල මහතෙකුට ද
දමිල මන්ත්‍රී සිදාහරන් මන්ත්‍රී තුමා සිංහල ෆර්නෑන්ඩො කෙනෙකුටද,
සිවමෝහන් ද්‍රවිඩ ජාතික මන්ත්‍රී තුමා මන්ත්‍රී තුමා සඳරුවන් නම් බෞද්ද පින්වතෙකුට ද
ඩී වී චානක මන්ත්‍රී තුමා මිස්ටාක් මොහොමඩ් නම් ඉස්ලාම් භක්තිකයෙකුට ද ආදී වශෑය්න් තම තමන් ගේ වාහන බලපත්‍ර පරිත්යාග කර ඇති බව එම ලියැවිල්ල කියැවූ අපට තේරුම් යයි.

දූසන විරෝදී රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා නුවර එලිය හෝටලයට තම බලපත්‍රය තෑගි දී ඇති අතර අතුරලියේ රතන හාමුදුරුවෝ අජිත් පන්ඩිතරත්න නම් දුප්පත් බෞද්ද දායකයෙකු ට තම බලපත්‍රය පූජා කර ඇත.


සධ්දර්ම හිතකාමී පින්වතුනි, 
අපේ රටේ ඉහලම තැනින් පටු ජාතිවාදයට හා ආගම් වාදයට දුන් මේ අතුල පහර නිසා මුලු රටේම සංහිඳියාව ඇති වන බව ඔබතුමන්ලාට පෙන්වා දීමට කැමැත්තෙමි.

ඒ වගත් මේසේම,

සරස තුමා වම්හ!