Sunday, February 26, 2017

මෝඩයා යහපාලනය යටතේ නිර්මානශීලී වීම...




කට වහගෙන ඉන්නා තාක් කල් මෝඩයා සුරක්ශිතය යන කතාව අපි අසා ඇත්තෙමු. එහෙත් මෝඩයා නිර්මානශීලී වන්නට ගියොත් සිද්ද වෙන දේ දැනගන්නට ලැබුනේ යහපාලනේ ට පින් සිදුවන්නටය.

මේ පිලිබඳව බොහෝ උදාහරණ ඇතත් ඉන් කීපයක් පමනක් මෙහි සඳහන් කරමි.

 1. සයිටම් ප්‍රදාන විධායක සමීර සේනාරත්න නම් තැනැත්තා නාදුනන තුවක්කුකරුවන් ඇවිත් තමාට වෙඩි තැබුවා යැයි කියමින් රැඟපෑ නාඩගම අවසානය. රජයේ රස පරීක්ශකට අනුව එසේ වෙඩි තබනවිට රියදුරු අසුනේකෙනෙකු හිටියා නම් අනිවාර්යයෙන් ම මරණයට ලක් වේ. එපමනක් නොව වෙඩි වැඩුනු රතයේ දොරවල් වසා තිබුනද වෙඩි තැබෙමෙන් පසු දොරවල් ඇර නැවත වසා නැති බවද ඔප්පු විය.

 2. නියඟයට විසඳුම නම් වියලි කාලගුනයක දී ප්‍රතමයෙන් ම හනියට ලක් වන ක්‍රෝටන් සහ කොස් දලු කන්නට කියූ කෘශිකර්ම ද්යක්සක බම්මන්නා...

3. සහල් වලට පාලන මිලක් දෙන්න කියා බන්ධුල ගුනවර්දන කීවාම ඊට එකඟ වී පාලන මිල නියම කල හාදයා...

4.  අමානුශික නවක වධකයන් අතටම අහු වුනාම අපේ කාලේ උප සගින්ස්කුරුතියේ නවක වධය දෙද්දී ඇඟට අත තැබීම සිදු වුනේ නෑ කියූ පේරාදෙනි සසවි උපකුලපති... (ඇයි උපුල්, ඔයා අපට රැග් කරණකොට ඇඟට අත නොතිබ්බාට ගලවපියවු තොපේ ඇඳුම් කියා ගර්ජනා කොට අපව නිරුවතින් ම වධ දුන්නා තක නැතෙයි? )

අවසාන වසයෙන්...

5. බැඳුම්කරේ හොරකම කොරලා ඒක මහින්ද මහත්තයා ගේ ගිනුමට බැර කරන්න හිතාගෙන හොර දාතමක් දාලා ගැසට් පත්‍රයක් අච්චු ගහන්න කටයුතු කොල මහ බැන්කුවේ නියෝජ්‍ය අදිපති සමරසිරි ඇතුලු චෞර රැල!


ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.  
 
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

Tuesday, February 21, 2017

නවක වධක උපකුලපති




පසු ගිය දිනක පේරාදෙනි විශ්ව විද්යාලයේ නවක සිසුන් ව කුලී නිවෙසකට ගෙන ගොස් වධය දෙත්දී පොලීසිය විසින් එම වධකයන් අල්ලා ගෙන බන්ධනාගතකිරීම ගැන නොයෙකුත් කතා මතුවෙමින් පවතී. 

ඒ අතර සින්හල බ්ලොග් ලියන්නන් කීප දෙනෙක් ද ඊට අදාල වියුනු ලියා පල කර ඇත. 

වෙච්චි වැඩේ වැරදිය..දඬුවම් දිය යුතුය යන සාම්ප්‍රදායික නවක වධ රචනා වලින් මිදී සරස තුමා අද නවක වධ ප්‍රශ්නය බෙල්ලෙන් ම ඇල්ලීමට සූදානම් ය. එම ප්‍රයත්නය නිසාම සරස තුමා බොහෝ දෙනෙකුගේ වෛරයට ලක්වන බවද ඉර හඳ සේ විස්වාසය.

පොලීසිය විසින් නවක වධකයන් අල්ලාගත් ඊයේ දිනයේ පේරාදෙනි විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා ශපත කර කියා සිටියේ වැරදිකරුවන් ට දැඩි දඬුවම් දෙන බවය.

තැන්පත්
උපකුලපති තුමනි... මා ඔබව මීට වසර දහ අටකට පමන අතීතයට ගෙන යන්නට කැමැත්තෙමි.
ඔබගේ දෙවන වසරේ දී හිල්ඩා ඔබේසේකර ශාලාවේ නවක වධය දෙමින් සිට එහි ශාලාධිපති ශල්‍ය වෛද්ය  මහාචාර්ය කොල්ලුරේ  ගේ අතටම අසුව ඉන් මිදී  දන්ත වෛද්ය සිසුවෙකු ගේ කාමරය මැදින් පලා ගියා මතකද? එම සිද්දිය නිසා තම නැවත විබාගයට (repeat exam) පාඩම් කරමින් සිටිත්දී කාමරය මැදින් පලාගිය ඔබේ නම බලධරයන් ට දන්වා පාවාදීම නොකල නිසා කැකිරාවේ සිට පැමිනි එම දන්ත වෛද්ය සිසුවාවන ගුන්ඩා හෙවත් ගුණවර්දන ට මාස තුනක පන්ති තහනමක් ලැබුනා මතකද? එම පන්ති තහනම මැද දී ගුන්ඩා ගේ නැවත විභාගය පැවැත් වුනු නිසාම ගුන්ඩා බැච් මිස් වී පහල කණ්ඩායමට බැඳෙන්න වුනා මතකද?

ඔබත් පලමු වසර කන්ඩායමෙන් විසි වී පහල කන්ඩායමට බැඳුනා මතකද? පේරාදෙනි ඉතිහාසයේ පහල කන්ඩායමෙන් සමත් වී උපකුලපති වූ එකම පුද්ගලයා ඔබ බව මතකද?

ඔබට විරුද්දව සරසවි බලධරයන් විසින් විනය පරීක්ශන පැවැත්වූවාද නැද්ද? (  ඔවු.. අර කාර් එක ගිනිතියාපු කේස් එක තමයි... )

අප නවකයන් ලෙස පේරාදෙනි විශ්වවිද්යාලයට ඇතුල් වෙද්දී අවසන් වසරේ සිටි ඔබ, ඊට පෙර වසරවල අසමත් විශයන් පාඩම් කරද්දී මහ රෑ එකට පමන එවකට අරුනාචලම් ශාලාවේ නවාතැන්ගෙන සිටි නවක අපව නින්දෙන් අවදි කරවා බලෙන් ම නිරුවත් කර නාන කාමරයට රැගෙන ගොස්, ඔබ ඇඟ සෝදාගන්නා තුරු ඔබ අසල සිට වෙවුලන්නට අණ දුන්නා මතකද?

සරසවි වල ශිශ්යයන් මාරාන්තික නවක වධය දෙන්නේ ඔබලාගෙන් ඉගෙනගෙන බව දැන් පැහැදිලි ද?

වර්තමාන වධකයන් හට දඬුවම් කිරීමට පෙර තමන් ශිශ්යයෙකු ව සිටි කාලේ වධකයෙකු ලෙස ක්‍රියා කලා යැයි ප්‍රසිද්දියේ පිලිගෙන සමාව ඉල්ලීම නරකද?

Monday, February 20, 2017

ප්‍රමිතියක් නැති මහාධිකරන විනිසුරු....

සොරිසේන තුමා මහාධිකරනයට පෞද්ගලික නීතිඥ සේවයේ යෙදී සිටි හාදයෙක් ව පත් කරලා කියා හා හෝවක් පැතිරේ.

සරස තුමා ගේ මේ ලියමනේ අරමුණ සොරිසේන තුමා ගේ එම කර්තව්‍යය අගේ කිරීමය.

සිරි ලන්කාවේ බලපැවැත්වෙන්නේ රෝම ලන්දේසි නීතිය යැ‍යි කියවේ. ඒත් ඉතාලියේ රෝමෙන් හෝ නෙදර්ලන්තෙන් නීති උපාදියක් පාස් වෙලා ආවත් ශ්‍රී ලන්කා නීති විද්යාලයෙන් අද්යාපනය ලබා පිට වූයේ නැත් නම් නීතිඥයෙකු ලෙස උසාවියේ වැඩ කිරීම තහනම් ය. 

ශ්‍රී ලන්කා නීති විද්යාලයෙන් පාස් අවුට් වෙලා නම් උපාදියක් නැතිවම නීතිඥයෙකු හෝ විනිසුරෙකු වීමට පුලුවන් ය. අග්‍ර විනිස්ච්යකාර ශ්‍රී පවන් මහතාටවත් මූලික විශ්ව විද්යාල උපාදියක් තිබේදැයි පැහැදිලි නැත.


ශ්‍රී ලන්කා නීති විද්යාලයෙන් පාස් අවුට් වෙන්නේ නැතිව නීතිඥ වුර්තියේ යෙදෙන්න ලයිසන් ඉල්ලා විශ්ව විද්යාල වලින් නීති උපාදි ගත් හාදයෝ පෙලපාලි යන්නේත් නැත. 

ඒ වුනාට හරි හමන් සායනික පුහුනුවක් නැති ආයතන වලින් පිට වූ අය ව වෛද්යවරු ලෙස ලියාපදින්චි කරන්නැයි ශ්‍රී ලන්කා වෛද්ය සබාවට අන දෙන්න විශ්ව විද්යාල උපාදි නැති විනිසුරුවරුන් ට පුලුවන.

මෙවන් සන්දර්භයක් තුල සොරිසේන ජනාදිපති තුමා මඩකලපුවේ බාර් අයිතිකරුවන් ගේ සන්ගමය හෙවත් Bar Association එකෙන් ලැබුනු ඉල්ලීමක් මත වසර දහයක් අධිකරන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කර මහේස්ත්‍රාත් විබාගයෙන් සමත් වන්නට නොහැකිව දෙපාර්තමේන්තුවේන් ඉවත් වී පෞද්ගලික නීතිඥ සේවයේ යෙදී සිටි රාමනාදන් කන්නන් මැති තුමාව මහාධිකරන විනිසුරුවරයෙකු ලෙස පත් කලේ ගිය සතියේ ය.

නුසුදුස්සාට සුදුසු තැන ලැබුනාම ඒකට විරෝදතා හැට හැත්තෑවක් සන්විදානය වන මේ රටේ ජනාදිපති සොරිසේන කල එම පත්වීමට අදිකරන සේවා සන්ගමය විරෝදය පාන්නේ පැහැදිලි ඊරිසියාවට බව ඔබ සැම දැනගත යුතු ය. 

නැත්නම් විබාගයක් පාස් වෙන්න බැරි වුනා කියා කන්නන් මහතාට මහාධිකරන විනිසුරුකම නොදී ඉන්න කියා විරෝදය පෑම මොන අමනුස්ස වැඩක් ද? ඇයි කන්නන් මහතාට මහාධිකරන විනිසුරු වීමට අයිතියක් නැද්ද? එයා මේ රටේ දෙමවිපියන් ගේ දරුවෙකු නොවේද?

ප්‍රමිති ගැන කතාකිරීම අධිකරනයට අපත්‍ය දෙයක් බව වෛද්ය සබාවට ගරු අධිකරනය විසින් දුන් නඩු තීන්දුවෙන් පැහැදිලිවෙත්දීත් අධිකරන සේවා සන්ගමය විසින් මෙවන් විරෝදතා දැක්වීම සරස තුමා ට තේරුම් ගත නොහැකිය.



ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.  
 
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!




Thursday, February 16, 2017

පශ්චාත් සත්‍යය, පශ්චාත් බටහිර සහ පශ්චාත් සන්හිඳියාව

2017 මියුනික් ආරක්ශක සමුළුවේ  වාර්තාවට අනුව ලෝකය  සත්‍යය, බටහිර සහ  සන්හිඳියාව  වෙනුවට පශ්චාත් සත්‍යය (Post Truth), පශ්චාත් බටහිර (Post West) සහ පශ්චාත් සන්හිඳියාව (Post Order) දෙසට ගමන් කරනා බව සඳහන් වේ. 

 එම වාර්තාවට අනුව ලෝකය ලිබරල් විරෝදී රැල්ලකට මුහුන දෙමින් පවතී. බටහිර සහ ඔබ්බට ලිබරල් විරෝදය ජනප්‍රිය වෙමින් පවතී. බටහිර රටවල් තුලින් ම ලිබරල් මූලධර්ම වලට පටහැණි  ජනප්‍රිය දේශපාලනයක් මතුවෙමින් ඇත. බටහිර නොවන සහ ලිබරල් නොවන බලවත් රාජ්‍යයන් උත්සාහ කරන්නේ බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවදී රාජ්‍යයන් පිලිබඳ සැක මතු කරමින් ලෝක සන්හිඳියාව දුර්වල කිරීමට ය.



 ලිබරල් යනු කුමක් ද?

 Liberalism is a political philosophy or worldview founded on ideas of liberty and equality. 

ලිබරල් යනු නිදහස හා සමානාත්මතාව මත පදනම් වූ දේශපාලන හෝ ලෝක දර්ශනයයි.

මිනිසුන් එවන් උතුම් දර්ශනයක් පිලිකුලෙන් බැහැර කරන්නේ ඇයි?

ඇත්ත වශයෙන් ම බටහිර ලිබරල් දර්ශනය පදනම් ව ඇත්තේ සැමටම සමානතාව මත නොව ජෝර්ජ් ඕර්වෙල් ගේ "සියලු සතුන් සමානය, සමහර සතුන් වඩා සමානය"   ("All animals are equal, but some animals are more equal than others." George Orwell, Animal Farm) යන දර්ශනය මතයි. 

බටහිර නොවන රටවලට අයත් සම්පත් කුනු කොල්ලයට හෝ මුදලක් නොගෙවාම අත් පත් කරගැණීමට ජාතීන් සමූලඝාතනය කල හා කරමින් සිටිනා බටහිර රටවල්, තමන් ගේ දේශපාලන න්‍යායපත්‍රයට විරුද්ද රාජ්‍යයන් දුර්වල කර රෙජීම් චේන්ජ් කොරනා බටහිර රටවල්, තමන් ගේ බහු ජාතික සමාගම් මගින් නොදියුනු රටවල් පාලනය කරනා බටහිර රටවල්, සමානාත්මතාව ගැන කතාකිරීම සිරිසේන ගමරාල වන්චාවට විරුද්දවීම වැනි පුහු කාරියකි.

ඔවුන් කිසිදින ඔවුන් ට ලබාගන්නා සමානාත්මතාව හෝ නිදහස අනුන් ට ලබා දෙන්නේ නැත. තමන් ගේ බටහිර රටවල දී පවා එකිනෙකා සමග ජාලගතවන මෙම ලිබරල් හාදයෝ කරන්නේ බොරුවට නිදහස හා සමානාත්මතාව පෙන්නමින් තමන්ගේ අයට ලොකු හැඳි වලින් බෙදාගැනීම ය. 
ටෝනි බ්ලෙයර් ලා, ඩේවිඩ් මිලිබැන්ඩ් ලා හිලරි සහ බිල් ක්ලින්ටන් ලා අයත්වන මෙම බොරු සමානාත්ම්වාදීන් ගේ පරිහානිය සනිටුහන් කලේ මහා බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ජනමත විමසුම පරාජයවීමෙනි. ඉන්පසුව එය ලෝකය හරහා රැල්ලක් මෙන් පැතිරෙමින් ට්‍රම්පච්චි ව ජනාදිපති පුටුවේ හිඳවීය. දැන් දැන් එය ප්‍රන්ශයේ මාරි ල පෙන් ඔසොවා තැබීමට කටයු කරයි...

ශ්‍රී ලන්කාවේ පවා ලිබරල් දර්ශනය ප්‍රචාරය කිරීමට ආත්මය විකුනමින් සිරිකොත වලන් හෝදන හිටපු ජේ වී පී  ලියන අප්පුලාට තප්පුලපුලා බලාසිටින කතෘ කමක් නොදී  රාජකීය විද්යාලයේ උගත් එක්තරා කන්ඩායමකට පමනක් අවස්තා ලබාදීම ලිබරල් ඔස්තාද් රනිල් වික්‍රමසින්හ කටයුතු කරනා බව අප සැම දන්නා කාරනාවකි. 

 එහි කූටප්‍රාප්තිය නම් ජීවිතේ ගොඩ දා ගැනීමට ලිබරල් වූ හිටපු ජේ වී පී කාරයන් ට නොලැබෙන රූපවාහිනී අධ්‍යක්ශ ජනරාල් තනතුර සඳහා යුරෝපයේ පදින්චි, වසර දෙක තුනකට පෙර ලන්කාවට පැමිනි, ආදි රාජකීය තුසිර මල්ලවතන්ත්‍රි මහතා ව පත් කිරීම ය. 



සැවොම සමාන ඒත් සමහරු වඩාත් සමානවන ලිබරලුන් ගැන ඊට වඩා තව උදාහරන කුමටද???

එවන්  ලිබරලුන් ට ලොකේ පුරාම පහර පිට පහර වැදීම පුදුමයක් ද???

තමා සමග එක පන්තිවල ඉගෙනගත් රාජකීය 86 කන්ඩායමේ තුසිර මල්ලවතන්ත්‍රි මහතා ගේ නව පත්වීමට සරස තුමා ගේ හදපිරි  සුභපැතුම්!



 
ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.  
 
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

Wednesday, February 15, 2017

හාල් හත්පොලේ ගා ගැනීම.

අන්තිමට හාල් කතන්දරේට ජනාදිපති කෙනෙකු වූ ගමරාල ද මැදිහත් විය. ඒ ඔහු දන්නේ හාල් වෙලෙඳාම සහ වැලි ගොඩදැමීම වැනි පවුලේ හාදයෝ කල වියාපාර පමනක් බැවිනි.

ජාඩියට මූඩිය මෙන් සිටිනා හිටන් සහ හුටන් ගේ සන්හිඳියා ආන්ඩුවේ හුටන් පාර්ශවය එදා පටන් ම වී වගාවට විරුද්දය. ඔවුන් ගේ තර්කය නම් හාල් පිටරටින් ගෙන්වා කුඹුරු ඉඩම් ආර්තික වගාවලට හෝ ගොඩ කර කාර්මික සන්වර්දනයට යෙදවිය යුතුය කියා ය. ඒ හන්දා හුටන්ලා කලේ වී වගාව අඩු කිරීමට ප්‍රතිපත්ති තීරනයක් ගැනීමයි. 

හිටන් පාර්ශවයේ ඩල්ලි මල්ලි  කලේ ගොවියා ගේ වී වලට කුජීත මුදලක් දී ඩැහැ ගැනීමය. ඉන්පසුව සිදු වූ වී හැන්ගීමේ ක්‍රියාව නිසා සහල් මිල ක්‍රමයෙන් ඉහල ගියේ සෑම සහල් කිලෝවකින් ම රුපියල් 40 පමන ශුද්ද ලාභයක් හිටන් ගේ මල්ලි ඩල්ලි ප්‍රමුඛ සහල් වෙලෙඳන් ට හිමි කර දෙමිනි.

ඉහල යන සහල් මිල හමුවේ ආරම්භ වූ ජනතා විරෝදතා නිසාම සහල් වලට පාලන මිලක් නියම කිරීමට යහපාලන ආන්ඩුවට සිදු විය.

හුටන් පාර්ශවයෙන් සිදු කල සහල් පාලන මිල ගැසට් කිරීමට එකට එක කිරීමක් ලෙස දේශීය සහල් වලට එක් මිලකුත් ආනයනික සහල් වලට අඩු මිලකුත් ගැසට් කිරීමට දැන් ගමරාල තීරනය කාර ඇතැයි පුවත් පත් වල පල විය. 

සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිවම මල්ලි ඩල්ලි දේශීය සහල් වලට සැම අතින් ම සමාන සහල් වර්ග ලන්කාවට ආනයනය කර ඇතැයි වාර්තා පලවෙයි.

ගමරාලයා දේශීය සහල් වලට වැඩි මිලක් ගැසට් කලාම මල්ලියාට ආනයනික සහල් දේශීය සහල් ලේබලය යටතේ වැඩි මුදලකට අලෙවි කල හැකි වන බව තතු දත් අය පවසති!

මඩ සෝදාගත් කල ගමරාල ජනාදිපති කමට පවා සුදුසු වුවද හදිසියේවත් ජනාදිපති වුනොත් ඌ දිනපතා මඩ නාගන්නා එක නම් නවත්වන්නේ නැත.

ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.  
 
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

Sunday, February 12, 2017

හාල්පාරුවන් ගේ ඉල්ලන්කෑම





යහපාලන කාලේ හාල් මිල ටික ටික ඉහල යමින් තිබී අද තිබෙන වියවුල නිර්මානය කරමින් කූටප්‍රාප්තියට ලඟා විය.

ජනාදිපතිවරයා ගේ පවුලේ අය තමන් දන්නා ව්ලෙඳාම වෙනුවෙන් මුලු රටම ජීවග්‍රහයට ගෙන ගොවියා ගෙන් වී මන්කොල්ලාකෑම පටන් ගත්තේය. ඒ පිලිඹඳව ඒ කාලේ ජ වි පෙ මහත්වරු මෛත්‍රීපාලට විරුද්දව මහා උද්ගෝශන පවා කලහ.

නව රජයේ කෘශිකර්ම ඇමති වී වගාකිරීම වහාම අඩු කරනා ලෙස කෘශිකර්මාන්ත දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලදී.

ආන්ඩුව පත්වෙද්දීම ලැබෙමින් පැවතුනු මහා අස්වැන්නට අයත් වී තොග මත්තල ගුවන් තොටුපොලේ ගබඩා කිරීමට කිසි දිනක කුඹුරකට බැස නැති ගොන් රනිල් උපදෙස් දුන්නේය. එම වී තොග ඔහුගේ හරක් ඇමැති පී හැරිසන් විසින් සහ්ත්ව ආහාර කියා විසාල කොමිස් මුදලකට විකුනන ලදී.

එම ගොන් ක්‍රියා වල ප්‍රතිපලයක් ලෙස හාල් මිල වැඩි වෙද්දී විහිලු සපයන බන්දුල ගුනවර්දන ගේ ලනුවක් කාපු ආන්ඩුව සහල් වලට පාලන මිලක් ගැසට් කිරීම නැමති මහා කඹය මලපහ කලේය.

දැන් එම පාලන මිලට හාල් නොවික්කොත් මිල පාලන දෙපාතමේන්තුවේ කඩා පනින ඒකකයට පැමින හාල් තොග සීල් තබා වෙලෙඳන් ට නඩු පැවරිය හැකිය.

මේ අතර අලුත්ම ජවනිකාව නම් තමන් වී මිලදීගත් මිල අනුව හාල් නිපදවූවොත් එම හාල් වල මිල පාලන මිලට වඩා බොහෝ වැඩි නිසා සමස්ත ලන්කා වී මොලෙ හිමිකරුවෝ සහල් නිපදවීම නැවැත්වීමයි.

ලක්ස 62 මහත්වරුනි. තනකොල කන ඔහෙලාට සතුටුයිද දැන්?


ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

Thursday, February 9, 2017

හාල් කතාවක්




සාබාගී සන්හිඳියා ආන්ඩුවේ හාල් ගනන් ගියාම සහ ටෙලිකොම් කේස් වුනාම බැනුම් අහන්නේ මයිත්‍රී පාර්ශවයයි. එය දන්නා රනිල් තුමා හාල් වලට කෙලවිලා යන තෙක් ම ඇස් කන් අරින්නේ නැතිව බලා සිටී.

බත් කන්නේ මහින්ද මහත්තයගේ මිනිස්සු මිස රනිල් තුමා ට චන්දේ දෙන යූ ඇන් පී කාරයෝ නොවන නිසාත් යූ ඇන් පී කාරයන් බත් නොව තනකොල කන උදවිය නිසා සහල් කොපමන ගනන් ගියත් රනිල් තුමාට ගානක් නැත.

එහෙත් බත් කන උදවියටත් යම් බලපෑම් කල හැකි නිසා අරලිය සහල් මාෆියාවෙන් මිදෙන්නට පිට රටින්
සහල් ආනයන කිරීමට යහපාලකයෝ තීරනය කලහ.

ප්‍රශ්නය වුනේ සහල් වල ආනයනික බදු අඩු කලද පාරිබොගිකයාට අඩු මිලට සහල් නොලැබීමයි. ආන්ඩුව පැවසූ අඩු මිලට සහල් තිබෙන්නේ ස තො ස ආයතන වෙලෙඳ සැල්වල පමනකි.

1977 න් පසු සතොස වෙලෙඳ සැල් ඉදිරිපිට අඩු මිලට සහල් මිලදී ගැනීමට පාරිබෝගිකයන් පෝලිම් ගැහෙනවා දකින්නට ලැබුනේ ඊයේ පෙරේදාය. යහපාලනේ එම ප්‍රශ්නයේ දී ලන්කා වාර්තාවක් තැබූහ.

බදු අඩු කල වාසිය මහජනතාවට ලැබෙන්න නම් සහල් පාලන මිල ගැසට් කල යුතුය කියා බන්දුල ගුනවර්දන තුමා ආන්ඩුවට ලණුවක් දුන්නේය. ඒ ලණුව කෑ යහපාලන ආන්ඩුව සහ වර්ග වල පාලන මිලක් ගැසට් කලේය.

පාලන මිල ගැසට් කල පසු ඊට වැඩියෙන් විකුනන සහල් තොග වල සීල් තබා ඒවා අත් පත් කරගැනීමේ බලය මිල පාලන දෙපාර්තමේන්තුවට ඉබේම හිමි වෙයි.

ඒ නිසා ඊයේ නාරාහෙන්පිට ආර්තික කලාපයේ සහල් වෙලෙඳ සැලවල් තමන් මිල දී ගත් ගානටත් වඩා අඩුවෙන් පාලන මිල ගැසට් කල පසුව එම පාඩුවට  මුහුන දිය නොහැකිව තම සහල් කඩ වසා දැම්මහ.

ඉහත තිබෙන්නේ සරස තුමා විසින් ගන්නා ලද වසා ඇති එක සහල් කඩවල චායාරූපයකි.






ප.ලි:  
 
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

Wednesday, February 8, 2017

වෛද්‍ය සභාවට ඇමැති ගෝලයන් ගෙන් ලියුම්....




 (c) www.lankacnews.com

රජතුමා ගේ හිසේ වසා සිටි මැස්සාට කඩුවෙන් කෙටූ රිලවා වැනි  නොසන්ඩාල අඳබාලයන් සේවයට යොදවා ගත්තාම දේවල් සිද්ද වන බව පැරැන්නෝ දැනසිටියහ.

ඒ බව දැන දැනත් දුප්පත් කොලුවෙකු තම සේවයට බඳවාගත් ගරු හප්පා පලා යෑම පිලිබඳ ඇමති පාටලී චම්පක රණවක මැතිතුමාට සිදු වූ අකලන්චියක් ගැන අද සරස තුමා වියුනුවක් සටහන් කර සිටී.

 ප ච රණවක තුමා හර්ශ තිලකසිරි නැමැති හාදයෙකු ගැන අනුකම්පා සිතී ඔහු ව තම කාර්ය මන්ඩලයට බඳවාගෙන ඇත. පසුව දෙහි ඇඹුල් දමා කෑම සාදන කොලුවා ට අනාගතයක් ලබාදෙන්න ඇමැතිතුමා යටතේ පාලනේ වන වෝටර්ස් එජ් හෝටලේ ප්‍රදාන සූපවේදී තනතුර ලබා දෙන්න තරම් අපේ කතානායක ගරු ප ච රණවක තුමා කරුනාවන්ත වී ඇත.

එම තනතුරින් ඔලුව ඉදිමුනු හර්ශ තිලකසිරි නම් අකෘතඥ පුද්ගලයා ගරු ප ච රණවක තුමා තමන් ගෙන් ඉල්ලූ ඉතාම කුඩා උදවුවක් වන හර්ශ ගේ ගෑනී සමග දවසකට දෙකකට යහන් ගතවීම එක හෙලා ප්‍රතික්ශේප කිරීමට තරම් සැහැසි විය. 

 පොලොව නුහුලන අපරාදය නම් තමන් ට එතරම් උදවු කල ගරු ප ච රණවක තුමා  ඉල්ලූ ඉතාම සුලු ඉල්ලීම වන ගෑනි සමග යහන්ගතවීමට විරුද්ද වීමට තරම් සැහැසි වූ මේ අකෘතඥයාට පාඩමක් ඉගැන්වීමට ගරු ප ච රණවක තුමා  අකෘතඥයාව මානසික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදීම ගැන වෛද්‍ය සභාවට පැමිනිලි කිරීමට තරම් හයියක් හිතට ගැනීමය.


 සයිටම් එක හන්දා නැති කරදර වලට ලක් වෙලා ඉන්නා වෛද්‍ය සභාවට මේ අකෘතඥ පුද්ගලයන් ගේ පැල් කවි අහන්නට වෙලා නැති බව සරස තුමා ගේ අදහසයි!

ලෝටස් යායේ ප්‍රදාන ආරාදිත කරු පරනවිතාන ගරු ප ච රණවක තුමා ගේ පක්සේ හාදයෙක් බව අමතක කරන්න එපා... ඇමති තුමා හිතවත්කමට කරූ ගෙන් මොනවා ඉල්ලනවාදැයි අප දන්නේ නැත!


ප.ලි:  
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!

Monday, February 6, 2017

චතුර, අනුර සහ අයර්ලන්තේ පීඩිත පන්තිය




 https://indikacartoon.blogspot.com/2016/11/blog-post.html

චතුර සේනාරත්න මන්ත්‍රී තුමා අයර්ලන්තයේ පීඩිත පන්තියේ ජනතාව සමග ඊරිසියාවකින් පෙලෙන්නෙකු බව පසුගිය ඉරිදා සනාත විය. ඒ එක් ඉරිදා පුවත්පතකට ඔහු කර ප්‍රකාශයක් හේතුවෙනි.

පසුගිය ජනපතිවරන සමයේ දී කුප්‍රකට RAW සහ CIA සන්විධාන වල සුසන්යෝගයේ දායකත්වයෙන් බිහි වුනු මහින්ද විරෝදී පෙරමුනේ ක්‍රියාකාරීන් වූ ජ වි පෙ නායකත්වයට, නමින් ම කියනවා නම් අනුර කුමාර දිසානායක, විජිත හේරත් හා තව කීප දෙනෙකුටම තමා ගේ අතින් ම මිලියන් ගනනාවක මුදල් දුන් බව චතුර සෙනාරත්න මන්ත්‍රී තුමා එහි දී පවසා තිබුනි. මීට පෙර වතාවකදී එම මුදල ජ වි පෙ නායක අනුර කුමාර දිසානායකට දුන්නේ වැසිකිලියක් තුල බව චතුර මන්ත්‍රී වරයා පවසා තිබුනු බව පාඨකයන් ට මතක ඇතැයි සිතමි. 

ලබාගත් දේසපාලන සම්මාදම් වලින් අයර්ලන්තයේ නිවසක් අරගෙන, ශාකා සමිති පිහිටවාගෙන එහි වෙසෙනා අයර්ලාන්තික පීඩිත පන්තිය වෙනුවෙන් අරගල කිරීමට තම ඉදිරි ජීවිතය කැප කිරීමට බලාපොරොත්තුව හිටි අනුර කුමාර දිසානායක අදහිරියමත්වී එම සද්ක්‍රියාව අතහැරියහොත් එහි වගකීම බාරගන්නට වන්නේ චතුර මන්ත්‍රී වරයාට බව පැහැදිලිය.

අන්කල් සෑම් (ලන්ඩන් වල ඇල්බට් අන්කල් නොවන බව කරුණාවෙන් සලකන්න හිටන් ) ගේ මුදලින් අමෙරිකාවේ අන්ඩිස්ක්ලෝස්ඩ් ලොකේශන් එකක "ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ භාවිතය " ගැන චතුර මන්ත්‍රී තුමාට පුහුනුව ලැබුනේ CIA  එකේ වුවමනාවට නොවන බව විකිලීක්ස් වෙබ් අඩවිය පවසයි. 

එහෙම පුහුනුවක් ඇති චතුර මන්ත්‍රී තුමා වැසිකිලියේ දී අනුර කුමාර දිසානායකටත් විජිත හේරත් ටත් දුන් මිලියන ගනනක මුදලේ අයිතිකරු තමා බව පවසා නැත. සමහර විට එම මුදල චතුරගේ පියා රෝගීන් ගේ දත් ගලවා හම්බු කල මුදල් වන්නට පුලුවන. තවත් සමහර විට චතුරගේ පියාගෙත් දත් ගැලවීමට අනුර කුමාර දිසානායක සමත් වූවා වන්නට පුලුවන.

 චතුර මන්ත්‍රීතුමාගෙන් ලබා ගත් මුදල් කොපමනද එය බෙදා හදා ගත්තේ ජෙප්පන් ගේ නායකත්වය අතර පමනද වැනි දැවෙන ප්‍රශ්න වලට අද ශ්‍රී ලන්කාව මුහුන දී සිටී....

මෙච්චර බරපතල චෝදනාවකට ලක් වෙලාත් ජ වි පෙ නායකත්වය නිහඬය.

එයට හේතුව නම් අන්තර්ජාතික ආයතනයක හොඳින් පුහුනුව ලැබූ චතුර මන්ත්‍රීවරයා යමක් කරනාවිට එම කාර්යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ශි තබාගෙන ම කරනාබව හැමෝම දන්නා රහසක් නිසා වන්නට පුලුවන.

 
උද්ගෝසන සහ වර්ජන වලින් ජනවාරිය රත් කරනවා කී අනුර කුමාර දිසානායක සිදු නාට්ටියේ සරණ මෙන් පුරු පුරු කියමින් සිටින්නේ චතුරලා ගේ තර්ජන වලට බයේ නොවන බව සරස තුමා ගේ වැටහීමයි.

ප.ලි:  
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

Sunday, February 5, 2017

අර්ජුන් මහේන්ද්‍රන් සහ එයා මයිල්.....





හිටපු ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අදිපති ධුරන්දර යහපාලන ආන්ඩුවේ ලවු හේට් රිලේශන්ශිප් එකට ගොදුරු වූ (රනිල් ලවු හිටන්.. සොරිසේන හේට් හිටන්) ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම මහාත්මා සොරෙකු බව ක්‍රියාවෙන් ම ඔප්පු කර තිබෙන බව සරස තුමා ඔහෙලාට දන්වන්නේ ඉතාමත් සන්තෝසයෙනි.



එම රුපියල් මිලියන 14.5 න්, හෝටල් බිල සඳහා මිලියන 4.7 ක් ද, කෑම සඳහා මිලියන 3.6 ක් ද විනෝදවීමට මිලියන 1.7 ක් ද වෙන් න්වෙන් වසයෙන් වියදම් කර ඇති බව වාහන අවබාවිතාව පිලිබඳ ගරු ඇමති විමල් වීරවන්ස මැති තුමා පැවසුවේය.

වැඩේ එතැනින් ඉවර වුනේ නැත පින්වතුනි.

ඊයේ (2017 පෙබරවාරි 5 දා ) මාද්‍ය සාකච්චාවක් පවත්වමින් දූශන සන්වර්දන හඬ නම් රාජ්‍ය නොවන සන්විදානයේ කැඳවුම්කරු වන ජෙප්පෙකු වන වසන්ත සමරසින්හ පැවසූවේ මාස 21 ක කාලයක් තුල
ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා රුපියල් මිලියන 66 ක මුදලක් ඔහු ගේ පෞද්ගලික වියදම් සඳහා ශ්‍රී ලන්කා මහ බැන්කුවෙන් ලබාගත් බවය.

මේ ලිපියේ පහතින් පල වන පරිදිම,  පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටින බව ඔබ තමුන්නාන්සේලා හොඳින් ම දන්නා කාරනයකි.

ඒ නිසා සරස තුමා මේ ලිපිය ලිවුවේ ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා ගේ හොරකම් පෙන්වීමට නොව කම්බා සොරෙකු වුවත් එතුමාගේ මහාත්මා ගතිය ලොවට විදහා දැක්වීමට ය. 

පොඩ්ඩක් සලකා බලන්න පින්වතුනි...
වාහන අවබාවිතාව පිලිබඳ ගරු ඇමති විමල් වීරවන්ස මැති තුමා කියනවා ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා රුපියල් මිලියන 14.5 ක් හොරකාලා ඒකෙන් හෝටල් බිල සඳහා මිලියන 4.7 ක් ද, කෑම සඳහා මිලියන 3.6 ක් ද විනෝදවීමට මිලියන 1.7 ක් ද වෙන් වෙන් වසයෙන් වියදම් කර ඇති බව. 

වසන්ත සමරසින්හ මැති තුමා කියනවා ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා රුපියල් මිලියන 66 ක් හොරකාලා ඒකෙන් හෝටල් බිල සඳහා මිලියන අච්චරක් ද, කෑම සඳහා මිලියන මෙච්චර ක් ද ආදී වසයෙන් වියදම් කර ඇති බව. 

ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා ට ඇඟිල්ල දික් කරලා කෑ ගහනා ගරු මැති තුමා ලා දෙදෙනාම එක කාරනයක් එනම් එතුමා හොරෙකු වුවත් මහත්මා හොරෙකු බව දැන ගත යුතුයි!

ඇයි හත්වලාමේ, මිලියන 14.5 ක් හොරාකෑවාය අරකට අච්චරය මේකට මෙච්චරය කියලා හරියට ම කියන්න ඇහැකි අපේ කතා නායකයා වන හිටපු ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අදිපති ධුරන්දර ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා මොන හොරකම් කලත් ඒවායේ බිල්පත් ඉදිරිපත් කල හන්දා නෙවෙයිද හිටන්?

ඒකට අර සින්හල බ්ලොග් ලොවේ එකම සහ ප්‍රතම සම්මාන උලෙල පැවත්වූ අනුන් ගේ එයා මයිල් තමන් ගේ කනේ මයිල් බවට පත් කොරගත් ලියන අප්පු .... මලාට ලැබිච්චි ආදායමක්, කල වියදමක් ගැන ලිය කියවිලි ඉදිරිපත් කොරනවද... නෑ නේ?

ඉතින් ඔහෙලාම සලකා බලන්න... තමන් ගේ ආදායම් වියහියදම් ගැන සම්පූර්න විස්තර දුන්
හිටපු ශ්‍රී ලන්කා මහ බැන්කුවේ අදිපති ධුරන්දර ගරු අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා මොන හොරෙක් ද???? 



ප.ලි:  
 
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
 
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!
 

Wednesday, February 1, 2017

මල්ලෙපොල්, ඉන්ටපොල් සහ නෙලුම් පොහොට්ටු

මල්ලෙපොල් වියුනුසටහනේ සන්ස්කාරක වන සරස තුමාට පසුගිය මාසයේ දී කුඩා අකරතැබ්බයකට මුහුන දෙන්නට සිදුවිය.

කවුරුත් දන්නා පරිදි සරස තුමා යහපාලනය නමින් පවත්වාගෙන යන දූශිත මන්කොල්ලාකාරී පාලනය ප්‍රතික්ශේප කරනා නෙලුම් පොහොට්ටුවකි. 2015 ජනාදිපතිවරනයට පෙර බලවත් විදේශ බලපෑම් සහ අත දිග හැර කල ඩොලර් තෙල් සාත්තු නිසාම අප සමාජයේ සැම පැතිකඩක් ම ආවරනය වන පරිදි හිටපු ජනාදිපති තුමා සහ ඔහු ගේ ඤාතීන් ට ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් දිගට හරහට පහරදීමේ වියාපාරයක් ඇති විය.

 ඒ කාලයේ දීම පහල වූ නෙලුම් යාය නම් වූ සින්හල වියුනු සම්මාන උලෙල ද එවැනි මහින්ද විරෝදී යහපාලන වාදී සෙල්ලමක් බව සරස තුමා විස්වාස කරයි. සරස තුමා ට එසේ විස්වාස කිරීමට අයිතියක් ඇති බව සියල්ලෝම දැනගනිත්වා!

කරුණු කාරණා කෙසේවෙතත් සරස තුමා ගේ එම විරෝදය පෙන්වා ලියූ වියුනු සටහනක් පාදක කරගෙන එතුමාට යම් චෝදනාවක් එල්ලකරමින් එක්තරා ලියන අප්පු කෙනෙකු විසින් ලියූ විද්යුත් ලිපියක් සරස තුමාද ඇතුලත් වූ කුඩා කන්ඩායමක් වෙත එල්ල විය.  

සරස තුමා එම කන්ඩායමේ සිටි සමහරුන් ගේ නම් නොදැන සිටි නිසා ඔවුන් කවුරුන් දැයි දැනගැනීමට අන්තර්ජාල සෙවීමක් කර සිටියේය. එයින් ලද ප්‍රතිපල නිසා සරස තුමා අන්ද මන්ද විය.

එහි වූ එක් නමක් අන්තර්ජාල සෙවුමේදී ප්‍රතමයෙන් ම ලැබෙන්නේ නෙලුම් යාය වියුනු සම්මාන මඩ වලක් ම බව කියාපාන මෙන්න මේ සබැඳියයි! 

රනිල් වික්‍රමසින්හ මැතිතුමා ගේ පවුලට අයත් සන්ඩේ ටයිම්ස් පත්‍රයට අනුව නෙලුම් යායේ මල් කඩනා මේ මහතා 2010 වසරේ දී ව්යාජ තෑගි ඔප්පුවක් සහ අනෙකුත් කූට ලේඛන සාදා වැඩේ ගැස්සුනාම පිටරට පැනපු නිසා අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පොල් ආයතනය විසින් රතු නිවේදන ලද්දෙකි! 



වඩාත් කනගාටුදායක කාරනය නම් නෙලුම් යාය වියුනු සම්මාන  ලියන අප්පුලා විසින් නෙලුම් යාය වෙබ් අඩවි පැටියෙක් මේ කියනා ගරු රතු නිවේදන ලත් මැතිතුමා ගේ යහපාලන ගේන්නට දර දිය ඇද්ද අන්තර්ජාල අඩවියේ උන්ඩුකපුච්චයක් ලෙස අටවා තිබීමයි. 


මෙම ට්‍රැජිකොමඩියේ කූටප්‍රාප්තිය නම් එකී ගරු අන්තර්ජාතික පොලිසියේ  රතු නිවේදන ලත් මැතිතුමා නෙලුම් යාය වියුනු සම්මාන උලෙලේ හොඳම වියුනු තේරීමේ විනිශ්චය මන්ඩලේ ද සේවය කල බව ලියන අප්පු මහතා විසින් විද්යුත් තැපෑලෙන් දැන්වීමයි. 

දූශනය පිටුදැකීම, නීතියේ ආදිපත්‍යය සුරැකීම, වන්චාව නැවැත්වීම, සමාජ සේවය වැනි මාහැඟි ක්‍රියා වල පමනක් ම යෙදෙනා නෙලුම්යායේ උදවිය මෙවැනි  අන්තර්ජාතික පොලිස්යේ රතු නිවේදනලාබී මැතිතුමෙකු  ආස්සරේ කිරීම සරස තුමාට නම් අදහාගත නොහැකිය.

අන්තර්ජාතික පොලිසියේද දැන ඇඳුනුම් කම් ඇති මහත්මයෙකු ගේ විනිශ්චයෙන් හොඳම අහවලා හෝ අහවලී ලෙස තේරී සම්මාන ලබන්නට සින්හල වියුනු ලොව වියුනුකරුවෝ කොපමන වාසනාවන්තද?

නෙලුම් යාය වියුනු සම්මාන උලෙල දේශපාලන න්‍යායපත්‍රයකට ක්‍රියා කරනා සෙල්ලමක් බව ඔප්පු කරන්නට මේ පුවතම ප්‍රමානවත් නොවේද?

මේ අන්තර්ජාතික රතු නිවේදන ලැබීම මහින්ද රාජපක්ස ආන්ඩුවේ පලිගැනීමක් කියා කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් ඔහෙලා අදත් ඉන්ටර්පොල් ආයතනයේ වෙබ් අඩවියට ගොස් පරීක්ශා කලොත් අදාල පුද්ගලයා අදටත් රතු නිවේදන ලාබියෙකු බව හෙලිවෙයි.  https://www.interpol.int/notice/search/wanted වෙබ් අඩවියට ගොස් ගරු අන්තර්ජාතික පොලිස්යේ රතු නිවේදනලාබී මැතිතුමා ගේ නම කෙටීමෙන් ඔබටත් එය පහසුවෙන් ම සොයා ගත හැකිය.

මේ ගෙවීයන්නේ  යහපාලන ආන්ඩුවේ දෙවන වසරය!  ගරු අන්තර්ජාතික පොලිස්යේ රතු නිවේදනලාබී මැතිතුමා නිවැරදිකරුවෙකු නම් එම රතු නිවේදනය ඉවත් කර ගැණීමට හොඳටම කාලය ඇත!



ප.ලි:  
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!  
සර ස  තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!