Wednesday, August 9, 2017

හිම වැටෙනා සැන්දෑවක වනයේ නතරවී.....






සින්හල බ්ලොග් ලෝකේ  බොරුව සහ වන්චාව රජ කරනා සමයක, රාජපක්ශ වරුන් සහ ඔවුන් ගේ හිතවතුන් ට අභූත චෝදනා සහ බේගල් නිර්මාන යොදා ගනිමින් මඩ ගසනා කලෙක අප වියුනුවක් ආරම්භ කලේ බොරු කාරයන් හට සත්‍ය කියාදීමට ය. රැල්ලට නොගොහින් සත්‍යය සොයා බලන්නට වියුනුකරුවන් හා ආලෝචනකරුවන් ව පෙලඹීමට ය.

ගැහැටෙන් පිරි අප ආ මග ගැන සතුටු විය හැක්කේ බොරු බේගල් ගසමින් බලයට පැමිනි  යහපාලනේ අද වෙද්දී ගරාවැටෙනා තත්වයට පත් වන සලකුණු මතුව ඇති හෙයිනි.

මුදල් විශුද්දිකරනය ගැන සියලු සාක්ශි තුබුනද මහින්ද මහත්තයාට පවා නිශ්ශබ්ද කල නොහැකි වූ රවී කරුණානායක මහතා අද හෝ හෙට දේශපාලන කුණු බක්කියට විසි වීමට නියමිතය. 

මහින්ද මහත්තයා ගේ චන්ද වි‍යාපාරයේ එල්ලී පාර්ලිමේන්තු ගොස්, 
සිරිසේන හේත්තු වුන් ශ්‍රී ල නි ප උදවියද, චන්දේ පැරදී ජාතික ලයිස්තුවෙන් ආ උදවියද රවී කරුණානායක මහතා අවලාද උපහාස අපහාස කරන්නේ උඩ පනිමිනි.

එවන් කෙලෙහිගුන නොදත් අමනයන් ගේ විසුලු නරඹමින් ම අප සතුටට පත්වන්නේ බොරුව වන්චාව පදනම් ව ගොඩනැගුනු යහපාලන බලකොටුවේ අත්තිවාරම සොලවමින් බල කණු වලට හෙන ගසනා දෙස බලා ය.

දැන් රනිල් පාර්ශවය සිරිසේන පාර්ශවේ හොරකම් කලාය කියා රූපවාහිනි සන්ක්‍යාත විකිනිල්ලක් ගැන කතා කරති.. හෙට අනිද්දාම සිරිසේනගේ පරණ ඔස්ට්‍රේලියා සමාගම් වලින් අල්ලස් ඉල්ලීම් කතා නව හැඩයකින් මතුවන්නටත් පුලුවන...

අප ආ දුර දිගයි.. යා යුතු දුර ඊටත් දිගයි...

 

Whose woods these are I think I know.   
His house is in the village though;   
He will not see me stopping here   
To watch his woods fill up with snow.   

My little horse must think it queer   
To stop without a farmhouse near   
Between the woods and frozen lake   
The darkest evening of the year.   

He gives his harness bells a shake   
To ask if there is some mistake.   
The only other sound’s the sweep   
Of easy wind and downy flake.   

The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   
And miles to go before I sleep.

Stopping by Woods on a Snowy Evening

By Robert Frost


 

Saturday, August 5, 2017

ඌරාගේ මාලු හරකා පිට තබා කැපීම



යහපාලනේ පටන් ගත්තේ සොරිසේනව ජනාදිපති පුටුවේ වාඩි කරවමිනි. එම සිද්දියට වඩාත්ම උර දී ක්‍රියා කලේ ජූ ඇන් පී හාදයෝ ය. සොරිසේන වට ඔහු ගේ අනුගාමිකයෝ කියා කියන්නට තරම් ශ්‍රී ල නි ප පාක්ශිකයෝ අතලොස්සක් වත් සිටියේ නැත.

ජනාදිපති පුටුවේ ඉඳගත් දින පටන් දිනෙන් දිනම උද්ද්ච්ච වෙම්න් සොරිසේන ක්‍රියා කලේ ඔහුට සහයෝගයක් නැති ශ්‍රි ල නි පයන් ගේ බලය දිනාගැනීමට විනා දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කිරීමට නොවේ.

 සොරිසේන ගේ මේ දුර්වල කම දැක්ක සමහර ශ්‍රි ල නි ප අව්ස්තාවාදීන් ඔහු වටා රොක් වී ඔහුව බලයට පත් කල ජූ එන් පී අප්පුලාට කෝචොක් කිරීමට පටන් ගත්තේය.  ඒ අතර තමන්ගේම දේශපාලන ඇජෙන්ඩාවන් වලට වැඩ කරනා චම්පිකලා රාජිතලා සහ එස් බී ලා යහපාලනේ නියම අච්චාලෘවක් කිරීමට වග බලාගත් හ.

අද අප හමුවේ දිස් වන්නේ සොරිසේන ව බලයට ගෙනෙන්නට මහන්සි වී වැඩ කල ජූ එන් පී ලොක්කන් කොමිසම් ඉදිරියට ගෙන එමින් ජූ එන් පී නායකයන් ගේ රෙදි ගලවමින් නටනා නාටකයකි.

මහින්ද මහත්තයලාට හොරා හොරා හොරා කියමින් බලයට පත් වී තමන් හදාගත් ආන්ඩුව තුලින් ම කොමිසම් වලින් වැරදිකරු වී  රෙදි ගලවාගෙන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වී ඇම්ති තනතුරු වලට සමු දී පැල් කවි ගයන්නට සිදු වීම හාස්‍යයකි.

 මේ දේශපාලන ගොහොරු බිමේ මහින්දට හොරා හොරා කියූ ජූ එන් පී ඇම්බැට්ටයන් හට සහ ඔවුන් ගේ ගෝලයන් ට ඉතා ඉක්මනට මහින්ද මහත්තයාගේ ආන්ඩුවක් යටතේ සතුටෙන් සිටීමට ඉඩ ලැබේවා යන්න සරස තුමා ගේ ප්‍රාර්තනයයි!

Thursday, August 3, 2017

බැඳුම්කර සිද්දියට අදාල ලක්ශ්මී කාන්තන් සහ එමිල් කාන්තන් එකම පුද්ගලයෙක් ද?


මේ දිනවල වඩාත්ම කතාබහට ලක් වන බැඳුම්කර සිද්දියට අදාල ජනාදිපති කොමිසම නිසා වටිනා කරුණු කාරනා මතු වෙමින් පවතිනවා. එහි එක කරුණක් නම් රවී කරුණානායක මැතුතුමා කලින් අධ්‍යක්ශකවරයෙක් ව සිටි, වර්තමානයේ ඔහු ගේ බිරිඳ හා අවිවාහක දියනිය අධ්‍යක්ශිකා ධුර දරනා ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමයි. 
එම සමාගමේ සභාපති තැන්පත් ලක්ශ්මී කාන්තන් මැතිතුමා එන්ගලන්තෙ සිට පැමින රුපියල් මිලියන 160 ක මුදලක් රුපියල් 5000 නෝට්ටු වලින් ගෙනැවිත් සේප්පුවේ දැමුවා කියා ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ ප්‍රදාන මූල්‍ය නිලදාරී බ්‍රයන් චින්නයියා මහතා සක්කි දුන්නා. එම නෝට්ටු යොදාගෙන රවී කරුණානායක මහතා ගේ මොනාර්ක් රෙසිඩෙන්සි හී පෙන්ත් හවුස් මිල දී ගත් බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.
රජයේ නීතිඥයන් ගේ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී එම මුදල් කිසිම අන්දමේ ලියකියවිලි වලට අඩන්ගු නොකල බවද මෙසේ මුදල් පරිහරණය කිරීම මූල්‍ය විශුද්දිකරණයක් විය හැකි බවත් බ්‍රයන් චින්නයියා මහතා පිලිගත්තා.

දැන් අපි
ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ සභාපති තැන්පත් ලක්ශ්මී කාන්තන් මැතිතුමා කවුදැයි සොයා බලමු.
ලක්ශ්මී කාන්තන් කවුදැයි රජයේ නීතිඥයා රවී කරුණානායක මහතා ගෙන් විමසූ විට ලැබුනු පිලිතුරු මෙසේයි: 
ප්‍ර :- ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ සභාපතිවරයා කවුද?

පි :- ලක්ෂ්මී කාන්තන් මහතා. ඔහු ඉන්දියාවේ උපන් අයෙක්, නමුත් මේ වනවිට ඔහු පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ.

ප්‍ර :- ලක්ෂ්මී කාන්තන් සහ ප්‍රසිද්ධ එමිල් කාන්තන් අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

පි :- එමිල් කාන්තන් කියන්නේ කවුද?

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා :- ඔබ විදේශ ඇමතිවරයා වශයෙන් එමිල් කාන්තන් කියන්නේ කවුද කියා දැනගත යුතුයි.

LTTE සන්විදානයේ යුරෝපා ජාලයේ ඉහල තනතුරක් දරන්නෙක් ලෙස පසුගිය සමයේ කතාබහට ලක් වූ එමිල් කාන්තන් ඔබට මතකද?  


ඒ  කාන්තන් සහ මේ කාන්තන් එකම කාන්තන් වන්නට පුලුවන්ද? නැත්නම් කාන්තන්ලා දෙදෙනා සහෝදරයන් ද?

මේ ප්‍රශ්නය ඔබට ගෙන ආවේ සින්හල බ්ලොග් කියවන අප සැම ගේ ගෞරවය දිනා සිටිනා, ලන්ඩනයේ පදින්චිව සිටියත් බ්ලොග් කරුවන් විකුනමින් මුදල් හම්බ නොකරනා ගරු අරුණ පෙරෙරා තුමා ගේ සාදර අනුග්‍රහයෙනි!

Wednesday, August 2, 2017

මම දන්නෙ නෑ... මට මතක නෑ....




කිතුල් ගහට ගිය එකා කීවේ තනකොල කපන්න ගහට නැග්ග බව ය. තනකොල නැති නිසා බිමට බැස්ස බව ය.

මොනාර්ක් නම් කිතුලට ගිය හිටපු මුදල් ඇමති රවී කරුනානායක කියන්නේ එයා දන්නෙ නැතිය, එයාට මතක නැතිය කියලා ය.

මේ අවන්ක රවී තුමා ගෙන් මහින්දානන්ද තුමා පාලිමේන්තුවේදී, රවී ඔයා ගේ ගෙට බදු ගෙවන්නේ ඇලෝසියස් නේද කියා ඇසූ විට ගෙදර ගොහින් හාමිනේ ගෙන් විමසා බැලූ කල ඇත්ත එලි වූ බව ද එදිනම ඒ බදු මුදල
ඇලෝසියස් තුමාට යවා රිස්ට් පතක් ලබා ගත් බවද ඊයේ හෙලි විය.

රවී තුමාගේ ගෙදර විස්තර එතුමාට වඩා මහින්දානන්ද තුමා දන්නේ කෙසේදැයි මේ වේලේ කවුරුහරු පඟර නැට්ටෙකු අසන්නට ඉඩ ඇතැත්, එවැනි කඩප්පුලි කතා වලට උත්තර නොදීම අපගේ යුතුකමකි.

 සත්‍යවාදී රවී තුමාට අනුව එතුමා ට කරදර කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ය. එහි උප නීතිපති දප්පුල ලිවේරා මැතිතුමා අසන ලද ප්‍රශ්න වලින් අහින්සක රවී තුමා අසරණ වී ගොස් ඇත.
හොරකමක් වත් නිදහසේ කරන්න බැරි රටකින් ඇති වැඩේ මොකක්ද ඕයි?

 

Tuesday, August 1, 2017

අද හොඳම දවස: රවී රනිල් ව පාවාදෙයිද?

කස්ටිය මාගම්පුර වරාය චීනයට විකිනීම ගැන හොසෑනා ගයමින් මුහුනු පොතේ විකාර කරත්දී සරස තුමා අදාල පුද්ගලයන් සමග යම් චා වලට සභාගී වෙත්දී ගන්නා ලද චායාරූපයකි.

 
අද (2017 අගෝස්තු 02 බදාදා) අගරු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර පරීක්ශන ජනාදිපති කොමිසම ඉදිරියේ සාක්කි දීමට නියමිතය. ඔහුට එම සාක්කි දීම සඳහා කැඳවුම ලැබුනේ පසුගිය සතියේ වුවද, නානාප්‍රකාර බොරු කියමින් කොමිසම ඉදිරියේ සාක්කි දීම පමා කරගන්නා ලදී.

අද රවී කරුණානායක ඉදිරියේ පැහැදිලි මාර්ග දෙකක් ඇත. එක්කෝ ඔහු තමන් අර්ජුන් ඇලෝසියස් ගෙන් කප්පම්/පගාව ගත්තාය, මොනාර්ක් අපාර්ට්මන්ට්ස් හී  නිවෙසට තම සමාගමෙන් ගෙවුවේ කලු සල්ලි ය, තමා මූල්‍ය විශුද්දිකරනයට වැරදිකරුය කියා පිලිගත යුතුය.

නැත්නම්, මේ බැඳුම්කර වන්චාව කරද්දී, රටේ මුදල් ඇමති තමා වුවද මහ බැන්කුව පැවතියේ අග්‍රාමාත්‍ය රනිල් යටතේ බවද, හොරා කෑවේ රනිල්, මහේන්ද්‍රන්, ඇලෝසියස් සහ මලික් සමරවික්‍රම සුසන්යෝගය බව පවසා ඇඟ බේරාගත යුතුය - එසේ ඇඟ බේරාගත්තද
මොනාර්ක් අපාර්ට්මන්ට්ස් හී  නිවෙසට තම සමාගමෙන් ගෙවුවේ කලු සල්ලි ය, තමා මූල්‍ය විශුද්දිකරනයට වැරදිකරුය කියා පිලිගත යුතුය.
 
එසේත් නැත්නම්, එක්කෝ අදත් සාක්කි දීමට නොපැමින සික් ලීව් එකක් දැමිය යුතුය. එයටත් වඩා දෙයක් කරන්න අවශ්‍ය නම් රටිනුත් පලාගොස් විදේශයක සරණාගත භාවය ඉල්ලාගත යුතුය.


මොන දේ වුවත් ජනාදිපති කොමිසන් දමමින්  ජූ ඇන් පී කාරයන් මේ සියලු අකලන්චි සිද්ද කලේ ජූ ඇන් පී කාරයන් ගේ කර මතින් බලයට පැමිනි චක්කිලි සොරිසේන බව සියල්ලොම දත යුතුය!