Thursday, December 7, 2017

මල්ලෙ පොල් සහ කලටි පොල්


චායාරූප අන්තර්ජාලයෙනි
යහපාලනේ බලයට ඇවිත් ටික කලකින් ම එකාබද්ද විපක්ශේ කස්ටිය රට වටේම දේවාල වල පොල් ගසමින් සිරිසේනට සහ රනිල් ට එලොව පොල් පෙන්වන්න යැයි දෙවියන් ඇයැද සිටියහ.
එයට පිලිතුරු ලෙස සිරිසේනත් රනිලුත් මාසයකට දෙපාර ගානේ තිරුපති දේවාලයට හෙවත් දෙවියන් ගේ පර්මනන්ට් රෙසිඩන්ට් එකට ගිහින් රත්තරන් කිලෝ ගනනින් පූජා කර අපල දුරු කර දෙන්නැයි පැතූහ.
පොල් ගහලා අපලකරන්න කියලා ඉල්ලූ අය ගේ බලාපොරොත්තු කඩ කිරීමටත් බැරිය... තමාට කිලෝ ගනන් රත්තරන් පිදූ දෙදෙනාට අපක කරන්නත් බැරිය....

මේ උභතෝකොටිකයට මැදි වූ දෙවියන් වහන්සේ එතුමාට තිබූ එකම විකල්පය වන මහජනතාවට අපල කිරීම තෝරාගෙන තිබේ. 

පින්වතුනි, අද පොල්ගෙඩියක් රුපියල් එකසිය පනහකි! ඇමෙරිකානු ඩොලර් 1.20 පමන ය.