Friday, October 5, 2018

අනුකාරක කොපි රැලි සාදන කුඩා මිනිසෙක්

man bun cartoon සඳහා පින්තුර ප්‍රතිඵල



මා ඉහත පින්තූරය බාගත්තේ https://www.123rf.com/stock-photo/man_bun.html?sti=lt6nzxrbs7m1dedsjg නැමැති වෙබ් අඩවියෙනි. එම වෙබ් පිටුවේ අඩංගු වන්නේ කොන්ඩ පිරිමි හෙවත් man bun නම් වූ අලුත් ප්‍රවනතාවය ගැන ය. ඔබ එම පින්තූරය හොඳින් නැරඹුවොත් අප කවුරුත් දන්නා හඳුනන ශ්‍රී ලංකාවේ නව රැල්ලවල් නිපදවන (trend setter) කෙනෙකු ලෙස තමන් ම ප්‍රසිද්දියට පත් කරගත් සන්නස්ගල ව මතක් වනු නොඅනුමානය. ඒ සමගම ඔහු නව රැල්ලක නිර්මාතෲ නොව අනුකාරක කොපි රැලි සාදන කුඩා මිනිසෙකු බවට ඔබට වැටහී යනු ඇත.

සන්නස්ගල මහතා මේ දිනවල තමන් ලියූ පවුල ගැන විවේචනාත්මක ලියැවිල්ලක කොටසක්   ගැහැනියෙකු ලවා සභාවක කියවාගනිමින් එය සමාජ ජාලා වලට මුදා හැර ඔහුගෙන් ගිලිහී ගිය පස්ට රැඩිකල් පොරත්වය නැවත අත්පත්කරගැණීමේ උත්සාහයක යෙදී සිටී.

තමන් ගේ අතීතයට සම්බන්ද දේ වල ඇද කුද දැකීම සහ ප්‍රතික්ශේප කිරීම ඔහු ගේ කලාවයි.

ඔහු සිංහල බෞද්දයන් ට බනින්නේ ඒ ඔහු ගේ අතීතය නිසයි... ඔහු ගේ කුඩා කාලේ පන්සලකට හෝ වත්තක ඇති දෙමල කෝවිලකට හැර අන්‍යාගමික සිද්දස්තානයක් දැක ඇතැයි ඔබ සිතනවාද? පොඩිසාදුලා සමග ආශ්‍රය කලා මිස නිරාගමික විද්‍යාර්තීන්ගේ  ගේ ඇසුර ඔහු හැදෙද්දී වැඩෙද්දී ලැබුනා කියා ඔබ සිතනවාද? සිංහල ගැමියන් හා වතුදෙමල කම්කරුවන් හැර අන්ය ජාතීන් ව ආශ්‍රයට ලැබුනා කියා ඔබ සිතනවාද? 


සන්නස්ගල මහතා කොලඹ විශ්ව විද්යාලයේ දී විභාග වංචාවකට හසු වුනා යැ‍යි ප්‍රවුර්ති පලවුනා ඔබ දැක තිබේද? මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ගේ හා මහාචාර්ය විනී විතාරන ගේ පොත් හොරට අච්චු ගසා උසාවි යන්න වුනා මතකද? උසස් පෙල සිංහල ප්‍රශ්න පත්තරේ හොරෙන් පැන්නුවා කියා හාහෝවක් පුවත් පත් වල පල වුනා මතකද?

කුඩා කල ගමේ වටපිටාවේ දැණ හැඳිනගත් පුංචි හොරු බොරුකාරයෝ හා වංචාකාරයෝ අදටත් ඔහු තුල ජීවත් වන බව ඔබට නොහැඟේද?

කුඩා කල සිටම පාසැළේ සියලු ජාතීන් සහ ආගම් වලට අයත් සෑම තරාතිරමකම සිසු සිසුවියන් සමග එකට ඉගෙනගෙන එකට ජීවත් වී ජීවත්වන්න, අනුන් ට කරදර නොකරන්න live and let live නැමැති ජීවත්වීමේ කලාව ප්‍රායෝගිකව ඉගෙනගැණීමේ අවස්තාවක් ලපටි සන්නස්ගල දරුවාට ලැබුනේදැයි ඔබ සිතනවාද?

එසේ අනුන් හට කරදර නොවී ජීවත්වීමේ කලාව කුඩා සිසු සිසුවන් ලෙස ප්‍රගුණ කල අප දුටුවාම සන්න්ස්ගල මහතා ගේ පස්ස පැත්තේ ඉන්නා ඉස්සෝ අනිනා බව ඔබට නොතේරේද?

තමන් ගේ බඩරස්සාව වන ටියුශන් ගන්න එන්නේ සයන්ස් හෝ කොමර්ස් කිරීමට සුදුසුකම් නොලැබූ සාමාන්‍යපෙල පෙනේරයෙන් හැලුනු සිසුන් බව දැක්කාම සන්නස්ගල මහතාට කලකිරෙන්නේ නැද්ද? එසේ සිංහල ඉගෙන ගත්තත් එම සිසු සිසුවියන් හට සැලකියයුතු රස්සාවක් හොයාගැනීමට අපහසු බව ඔහුට නොතේරේද?

අනාගතයක් නොමැති නුදුරේම රැකියා වෙලෙඳ පොලේ කුණු බක්කි සුද්ද කරන්නට සිදුවන එම සිසු සිසුවියන් දෙස බැලුවාම ඔහුගේ පපුව පැළී සිංහල විශය නොව සිංහල සමග පැටැලුනු සියලු දේ අවඥාවට ලක් කර තමන් ගේ සිත සැහැල්ලු කරගැණීමට ඔහු උත්සාහ නොදරන්නේද?

නියත උසස් රැකියා වලට මග පාදන වෙනත් විශයන් ඉගනීමට අවස්තාව ඇහිරුනු අනාගතේ අවුල්කරගත් එම දරු දැරියන් ගෙන් ගන්නා මුදලින් තම උදරපෝශනය කරන්නට සිදු වීම ගැණ ඔහුට කනගාටු නැද්ද? තමන් ගේ සිසු සිසුවියන් හට නොලැබුනු අවස්තාවන් ලැබූ අනෙක් සිසු සිසුවියෝ ජීවිතේ නොයෙක් අයුරින් රස විඳිද්දී තම ගෝල සැට් එක යන එන මං නැතිව වෙනත් ලෝකයක් නොදැක ලිඳේ ඉන්නා ගෙම්බන් සේ තමාව රජෙක් ලෙස සලකද්දී සන්නස්ගල මහතාට ලැජ්ජා නොසිතේද??

කොපමන ටියුශන් ෆීස් වස්තු හෙවුවත් සමාජයේ පොරක් කියා හිතන් හිටියත් හොර ඔප්පු පවා සාදා තම පුත්‍රයාව රාජකීය විද්යාලයට ඇතුලත් කරගන්න උත්සාහ කලාම රාජකීය විද්යාලය එම දරුවා ප්‍රතික්ශේප කලාම සන්නස්ගල මහතාට මල නොපනීද?

ඒ ඔක්කොමට වැඩියෙන්, කස්ටිය සෙට් වුනාම, මේ දවස්වල හැමෝම කියනාපරිදි " මට නම් මේ රට එපාවෙලා දැන්... කොහේට හරි මයිග්‍රේට් කරන්නයි හිතන් ඉන්නේ" කියා සන්න්සගල මහතාට පොර ටෝක් දිය හැකිද? උඹ ඔස්ට්‍රේලියා හෝ කැනඩා ගිහින් සුද්දන් ගෙ ලමයින් ට ඒ ලෙවල් සිංහල ටියුශන් දෙන්නද හිතන් ඉන්නේ යැයි කවුරු හෝ ඇසුවොත් පොලොව පලාගෙන යන්නට සිදු නොවන්නේද හිටං?????  

මේ සියලු කාරනා නිසා සන්නස්ගල මහතා තමන් ගේ මුල් වලට සහ තමන් ගේ ගෝල සැට් එකට අනාගතයක් නැතිකිරීම ගැන සිංහල සහ ඊට බද්දව පවතින බෞද්දකමට ගැරහීම සාදාරණ නැද්ද???

24 comments:

  1. හැකි ඉක්මනින් සන්නස්ගල කොහේට හරි මයිග්‍රේට් කර වන්නයි තියෙන්නේ. එතකොට ඕකා දැන් මයිග්රේට්කරපු එවුන් දෙන පඩත්තල ටෝක් වගේම ඔක්කම වඩා හොදට දෙයි දෙයි පිදුරංගල පෙන්නම!!!

    සිපිපියා ලපිපියා නිව්යෝක් ති පොන්සියා කැනඩාවේ මැන්ටල් යා පරයන්න ටෝක් සන්නස්ගල දෙයි රට හදන්නනේ මෙහෙමයි කියලා

    අපිට හරිආසයි ඒවා කියවන්න ඒවා අර ඉස්රාල් ගිහින් ගයිඩ් කොස් එකක් කරලා ආපු සිරිකොතේ වැසිකිලියේ දිවදාපු එකා බ්යිලාවට ජෙප්පන්ට හැම චන්දේම දුන්නේ කියපු එකා වගේ කේන්දර කියවන එවුන්ගේ ටෝක් වගේ තියේවි ද

    ඒවත් මළවුන්ගේ සමග නිදිවදින්න ඇඩ්වාන්ස් ගත්ත එකාගේ ආර්ථික විග්‍රහයන් කරන එකාටම හරියන ආකාරයටම ගොතලා රට හදන ආකාරය කියාදෙයි සෝයි මෙයා

    ReplyDelete
  2. සන්නස්ගල බොහෝ විට පතුල දුටුවත්.වඩින්නට කැමතිවන්නේ උකුළට,ඇකයට හෝ ඔඩොක්කුවටය. අන්න සරුංගල්...සන්න අරුංගල් නමින් මම යමක් ලිව්වේ බොහෝ කාලයකට පෙරය. මේවා සරුංගල් බව අප හිතා ගත යුතුවන්නේ දේශපාලන අරුතෙන් නොව සමාජ සහ ආර්ථික පසුබිමේ ලිවර් එක නොහොත් කැවුත්ත ස්පර්ශ කිරීමෙන්ය. ඒවා වටහා ගැනීමට සන්නස්ගල අරිෂ්ඨය, දෙල්කඳ හිටි අපි වගේ අයට, නාවින්නට යවා ටෙස්ට් කිරීම වැද්ගත් නොවේ. සන්නා වගේ මැජික් කාරයෙක් ඉන්න් තිබුනේ මහින්ද ලොක්කා වගේ ලොකු සරුංගල් කාරයෙක් ලඟය. සුචරිත් ගම්ලත්ලා ජීවතුන් අතර නොසිටීම,රටේ අභාග්‍යයකි. ඒ වෙනුවට අපිට විමලසිරි ගම්ලත් කෙනෙක් සිටින්නේය. ඒක ඕකාගේ සැබෑ නම නොවීම පිලිබඳව මට ඇත්තේ සතුටකි.

    උඹ නැවත ලියන්නට එක්වීම ගැන සතුටු වෙමි!!!!!!!මේකත් කියවපන්.... මේ සන්නා ගැන මම 2015 ලිව්ව අරුංගලයක්.
    http://archive.sinhala.lankanewsweb.net/index.php/features/17986-6548

    ReplyDelete
  3. සරස,

    ඔබේ නිර්මාණ බොහොම රස විවිධ පරාස කරා යන අයුරු අපූරුයි සරස. මහා ලොකු දේශපාලන ගැඹුරු දේවල් කියන අයගෙ ෆේස්බුක් බලන්න​. ඒවයෙ මෙන්න මේවගේ කොමෙන්ට් තියෙනවා.

    "සර් ගෙ උපන් දිනේට අපේ සුබ පැතුම්."

    යටින් දානව මෙහෙම​.

    "බොහෝම ස්තූතියි."

    යටින් තව එකෙක් මෙන්න එනව​.

    "සර්. මටත් අමතක වුනා. සර්ට සුබ උපන් දිනයක්."

    "තෑන්ක්ස්"

    මෙන්න බුද්ධිමත්තු. දැන් ඊට මොහොතකට ඉස්සෙල්ල ඒ මනුස්සය කතා කරනව ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදයට හැරවුනු නිව්ටන් ගුණසිංහියානු හැරවුම් ලක්‍ෂයක් ගැන​. හරි ග්‍රම්ස්කි ගෙ විග්‍රයහක්. ඇවිල්ල මෙන්න මේ යකා උපන් දින සුබපැතුමක් දාපු ගමන්,

    "බොහොම ස්තූතියි, මම ඔබට ආරාධනා කරනවා කොෆී බීන් එකට කෝපි ටිකක් බොන්න එන්න මාත් එක්ක​" කියල​.

    "සමාවෙන්න සර්" මේ යටින් දානව ඊට පස්සෙ. ආයි ළමයෙක්.

    "සමාවෙන්න සර් මම මේ වෙලාවෙ ඉන්නෙ ගාල්ලෙ අනිවාර්‍යයෙන්ම මම ගාල්ලෙ නොහිටියනං ඔතන මම​."

    "සොරි" අරය ආයි ලියනව​.

    සමාවෙන්න මම මේ.... මේව මේ වෙන ඒවා.

    දීප්ති කුමාර ගුණරත්න​

    අම්මෝ පුක​. ��������

    ReplyDelete
  4. ස්න්නස් ගල සිංහල කමට බෞද්ධ කමට ගරහන්නේ ඇයි කියන එකට බොහෝම හොඳ ප්‍රායෝගික පැහැදිලි කිරීමක්.
    ඇත්ත මේ නොදැනුවත්වම කරන ස්වයං විවේචනයක් මේ උන් දෑ කරමින් ඉන්නේ.

    ReplyDelete
  5. X : සිංහල බෞද්ධ අධිපතිවාදයෙන් පීඩා විඳින දෙමල ජනයාට සාදාරනය ඉටුකරනු.. ඔවුන්ගේ අයිතීන් ලබාදෙනු.. දෙමල නිජබිම පිලිගනිව්..
    ඔවුන්ට ස්වයං නිර්න අයිතිය ලබා දෙනු.. මේ සිංහල බෞද්ධ පාලනය තුල කවදාවත් දෙමලාට ඉදිරියට එන්න ලැබෙන්නෙ නෑ..

    Y : ඒයි මචං.. අන්න ශ්‍රී ලංකා නෙට්බෝල් ටීම් එක ආසියානු ශූරතාවය දිනල..

    X : ඉතින් මට ..කද ඕයි .. දෙමලට මේ තරම් ප්‍රශ්න තියෙනකොට උඹලට ලොකු නෙට්බෝල්.. සිංහල බෞද්ධ ගෝත්‍රිකයො ..

    Y : උඹ දන්නවද අපේ ටීම් එකේ ඉන්න අර උස කෙල්ල .. ඒකි දෙමල. එයා යාපනෙන් ඇවිත් වැල්ලවත්තේ බෝඩිං වෙලා ඉඳගෙනලු ප්‍රැක්ටිස් කරන්නෙ.. නරකද ඉස්සරවෙලා ඒ වගේ කෙනෙකුට උදව්වක් කලොත්..

    X : ඕකනෙ කියන්නෙ උඹලගෙ පටු ගෝත්‍රික දැක්ම.. මේක පුලුලව බලන්න ඕන..ඔහොම එක එකා ගොඩදාල බෑ.. ඉස්සෙල්ලාම ස්වයං තීරන ගැනීමේ අයිතිය ලබාදෙන්න ඕන..

    Y : ඒ කියන්නෙ දැන් ඒ කෙල්ල යාපනේ ඉඳල, වැල්ලවත්තට ඇවිත්, බෝඩිං වෙලා, මහන්සියෙන් ප්‍රැක්ටිස් කරල, නැෂනල් ටීම් එකට තේරිලා , ශූරතාවය ගෙනාවෙ සිංහල බෞද්ධ අදිපති වාදයේ බලපෑම නිසාද..? ඒකිගෙ ස්වයං තීරන මත නෙවෙයිද...?

    X : හූ හූ මෝඩයා .. ඕවද ස්වයං තීරණ කියන්නෙ.. හූ හූ.. උඹලට අපිව අන්දන්න බෑ..
    අපි දැන් ඔය කෙල්ලට උදව්කලොත් ඒකි නියෝජනය කරන්නෙ මේ සිංහල බෞද්ධ රාජ්‍යයයි. එතකොට ඒකි ගේන ජයග්‍රහණ ලැබෙන්නෙ මේ උඹලට. අපිට ඒකට ඉඩදෙන්න බෑ..

    ඒ නිසා දෙමල ජනතාවට වෙනම පාලනයක් ලැබුනාම එදාට අපි උදව්කරනවා.. එතකල් උඹලට ඕන නම් උදව් කරපල්ලා..
    අනික මේ රටේ ආන්ඩුවක් තියෙන්නෙ රටේ දක්ෂයින්ට උදව්කරන්න තමයි හලෝ..

    Y : හම්මට .. එල එල.. සරස

    ��
    #ජනකවිකාර.
    ජනක එදිරිසිංහ .
    Janaka Edirisinghe

    ReplyDelete
  6. මොන රැල්ල හදනව කිව්වත් රටකට වැඩක්ම නැති මිනිහෙක්. ඔහුගේම පොත් ගත්තම මේ මානසික තත්වයට හේතුව පේනවා. අනුකාරකයොත් යන්න අතක් නැති අය. ටියුෂන් ක්ෂේත්‍රයේ හා පොත් ප්‍රකාශනයේ ඉතා පහත් නමක් ලබන්නට හේතු වූ බාල වැඩ කළ සල්ලි වෙනුවෙන් ඕන කැත වැඩක් කරන්න පුළුවන් කෙනෙක්.

    ReplyDelete
  7. මොන රැල්ල හදනව කිව්වත් රටකට වැඩක්ම නැති මිනිහෙක්. ඔහුගේම පොත් ගත්තම මේ මානසික තත්වයට හේතුව පේනවා. අනුකාරකයොත් යන්න අතක් නැති අය. ටියුෂන් ක්ෂේත්‍රයේ හා පොත් ප්‍රකාශනයේ ඉතා පහත් නමක් ලබන්නට හේතු වූ බාල වැඩ කළ සල්ලි වෙනුවෙන් ඕන කැත වැඩක් කරන්න පුළුවන් කෙනෙක්.

    ReplyDelete
  8. සරස,

    උපුල් ශාන්ත සන්නස්ගලගේ දූෂිත ඉතිහාසය සාක්ෂි සහිතව ගෙන හැර දක්වමින් වත්මන් අගමැතිවරයා වෙත යවන ලද ලිපියක පිටපතක් ලැබී තිබේ. එම ලිපිය ලියා ඇත්තේ රනිල්ගේ යහපාලනය අනුමත කරන මහත්මයකු විසින් බව ලිපියේ එන අදහස් දෙස බැලීමේදී පෙනී යයි. එම ලිපියේ සන්නස්ගල අතින් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ගේ නම් ගම් දුරකතන අංක ආදියද සටහන්ව තිබූ අතර අදාල අංකවලට ඇමතීමෙන් මෙම ලිපියේ එන කාරණා සත්‍යය බව තහවුරු කර ගැනීමට අපට හැකියාව ලැබිණි. එසේ වුවද මෙම ලිපිය ප්‍රසිද්ධ මාධ්‍යයක පළකිරීමේදී සදාචාරමය කාරණා මත සහ එයින් අදාල පුද්ගලයන්ට ඇතිවිය හැකි අපහසුතා සලකා බලා එම සමහර නම් ගම් සහ දුරකතන අංක ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට අපට සිදුවූ බව කිව යුතුය. සන්නස්ගල අතින් රැවටීමට හා දූෂණයට ලක්වූ කාන්තාවන් ගැන ලිවීමේදී මේ කාරණය වෙසෙසින් සැලකිල්ලට ගැනීමට සිදුවිය. සන්නස්ගලගේ තිරිසන් කාම තෘෂ්ණාවේ ප්‍රතිපලයක් ලෙස පිළිසිදගත් සහ සන්නස්ගලගේ ගබ්සා බෙහෙත් නිසා සදාකාලික අංගවිකල භාවයට පත්ව මෙලොවට බිහිවූ දැරියක් තවමත් මේ රටේ ජීවත්වන බව අප කිසිවිටකත් අමතක කළ යුතු නැත. මේ රට ගැන උතුරා හැලෙන වෛරයකින් යුතුව මතවාද සකසන්නන්ගේ සැබෑ ඇතුළාන්තය කුමක්දැයි හදුනා ගැනීම සදහා මේ ලේඛණය එක් කුඩා නිදසුනක් පමණි. අනෙක් අතින් එය විශාල සැරසිලි වර්ණනා සහිතව රට හමුවේ ගෙන හැර තබන ලද යහපාලනය නැමති මහා දේශපාලන වංචාවේ සැබෑ තුච්ඡ මුහුණුවර අපට නැවතත් සිහි පත් කර දෙන්නක්ද වෙයි. සන්නස්ගල නැමති සාපරාධී පුද්ගලයාට පමණක් නොව මේ දක්වා ඔහුව වීරයෙක් බවට පත් කරගෙන සිටි ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය වැනි ඊනියා වමේ පක්ෂවලටත්, අද ඔහුට නාම යෝජනා ලබාදී මන්ත්‍රීවරයෙකු කිරීමට සැරසෙන දූෂිත එක්සත් ජාතික පක්ෂයටත් මේ ලිපිය උපහාරයක්ම වේවා.

    See below;

    ReplyDelete
  9. එච්.ඒ කුමාර පත්බේරිය
    112, සුනේත්‍රාදේවී මාවත
    කොහුවල
    නුගේගොඩ
    2015.06.27

    රනිල් වික්‍රමසිංහ මහතා
    ගරු අග්‍රාමාත්‍ය
    එ.ජා.ප මූලස්ථානය
    සිරිකොත මන්දිරය
    පිටකෝට්ටේ

    ගරු මහත්මයාණනි,

    උපුල් ශාන්ත සන්නස්ගලගේ බරපතල දූෂණ සම්බන්ධවයි

    පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය පරදවා නව ප්‍රජාතන්ත්‍රවාදී පිරිසිදු රටක් නිර්මාණය කිරීම සදහා දූෂිතයන් පිටු දකින ප්‍රතිපත්තිය ජනතාව මෙම තීරණාත්මක ඡන්ද විමසුමේදී ඉහළින්ම අගය කරන බව අවධාරණය කරමි. නමුත් ඇතැම් සටකපට දූෂිතයන් ඉතා සූක්ෂම ලෙස එක්සත් ජාතික පක්ෂය සමග සැලසුම් සහගතව දිගුකාලීන සම්බන්ධතා ගොඩනගා ගනිමින් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට මේ වනවිටත් සමත් වී සිටින බව පෙනේ. මෙවන් එක් පුද්ගලයෙක් වන්නේ දැනටමත් එළැඹෙන එක්සත් ජාතික පක්ෂ නව රජය යටතේ තමා අධ්‍යාපන ඇමති වන බවට ප්‍රචාරය කරමින් (ඇමුණුම 1) එක්සත් ජාතික පක්ෂය හා එහි අලියා ලකුණ යටතේ මිලියන ගණන් වැය කොට අති දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින උපුල් ශාන්ත සන්නස්ගල නැමැත්තාය.

    දූෂණයට එරෙහි යහපාලන දේශපාලනයට සහමුලින්ම පටහැනි දූෂිත පුද්ගලයකු වන මොහු එම ප්‍රතිරූපය වසා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය මත යැපෙමින් බලවත් වීම ඉදිරියේදී මහත් ඛේදවාචකයක් වනු නියතය. එබදු දූෂිත පුද්ගලයෙකුගේ දූෂණ වංචා චෝදනා මෙන්ම ඔහුට එරෙහිව ක්‍රියාත්මක නීතිමය කටයුතු පිළිබදවද පක්ෂය දැනුවත් කිරීම මෙම යහපාලන දේශපාලනය අනුමත කරන අපගේ පරම වගකීමකි.

    විභාග වංචාව හා උපාධි තහනම

    උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ සන්නස්ගලගේ ප්‍රශ්න පත්‍ර හොරකම නමැති ග්‍රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්‍රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්‍ය නම් මේ බව කොළඹ විශ්ව විද්‍යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක. (ඇමුණූම 2 සහ 3)

    උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හොරකම

    ජනප්‍රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්‍රකට මොහු 2003 දී රජයේ ප්‍රශ්න පත්‍ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්‍රශ්න පත්‍රය විකුණා ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්‍රශ්න පත්‍රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්‍රශ්න පත්‍රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නෑ. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්‍රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්‍රශ්න පත්‍රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්‍යවල පළවිය. (ඇමුණුම 4 සහ 5)

    ReplyDelete
  10. මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම

    මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්‍රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්‍ර මහත්මිය එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය. (ඇමුණුම 6 සහ 7)

    පියසේන කහදගමගේ පර්යේෂණ ග්‍රන්ථ හොරකම් කිරීම

    පියසේන කහදගමගේ ලියූ ප්‍රාදේශීය ව්‍යවහාර නමැති ජනශ්‍රැති පර්යේෂණ ග්‍රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්‍රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මගින හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත් ප්‍රබෝධ කහදගමගේ මහතාගෙන් …………….. (දුරකතන අංකය ඉවත් කොට ඇත) විස්තර දැනගත හැක.

    මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්‍රීය පොත් කොල්ලකෑම

    මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් (දුරකතන අංකය ඉවත් කොට ඇත) විස්තර දැනගත හැක.

    මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම

    මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය (දුරකතන අංකය ඉවත් කොට ඇත) ඇමතිය හැක.

    ReplyDelete
  11. කූට ලේඛණ සකසා මුදල් වංචා කිරීම පිළිබද නඩුව

    2008 වසරේදී ව්‍යාජ ලෙස කූට ලේඛණ සකසා හොර අත්සන් යොදා මහනුවර සෝමලාල් බණ්ඩාර විජේසුන්දර නැමැත්තකුගෙන් මුදල් වංචා කළ බවට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් තැන විසින් නීතිපති උපදෙස් තකා යොමු කළ නඩුවක් ඇත. මේ පිළිබද පරීක්ෂණ පැවැත්වූ මහනුවර පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිගෙන් (081 222222) විමසිය හැක. ලංකාදීප 2008-6-28 මෙම දූෂණය වාර්තා කොට ඇත. (නඩු අංකය 94525- නීතිපති යොමු අංකය CM2/47/2007) (ඇමුණුම 9)

    සන්නස්ගල නම්වූ අප්‍රකට ස්ත්‍රී දූෂකයා

    උසස් පෙළ සිසුවකුව සිටියදී සන්නස්ගලව කොළඹ තර්ස්ටන් විදුහලට ඇතුළත් කොට ඔහුට තම නිවසේම නවාතැන් දී, කුස පුරවා, උගන්වා සරසවි වරම් විවර කොට මග පාදා දුන් ගුරු පියා වනුයේ …………………….. (නම ඉවත් කර ඇත) මහතාය. කොළඹ සරසවියේ 2 වසර සිසුවකුව සිටියදී දූෂිත සන්නස්ගල තමාගේ කුස පුරවා ඇස් කන් පෑදූ මේ උතුම් මිනිසාට කළගුණ සලකන ලද්දේ ඔහුගේ බිරිදව බියගන්වා තර්ජනය කොට ඇය සමග යහන්ගත වීමෙනි……………….. (නම ඉවත් කර ඇත) නම්වූ එම කාන්තාව මෙම දූෂකයාගෙන් තම නව යොවුන් දියණිය බේරාගැනීම උදෙසාම ඔහුට අවනත වී සිය පවුලම විනාශ කර ගත්තා පමණක් නොව මෙම දූෂිත සන්නස්ගල ඇගේ කුසට දුන් දරුවාද සමග මෙලොව තනිවිය. සන්නස්ගල නැමති සරසවි සිසුවා නිසා ගැබිණියක වී සිය නිවසින් පන්නා දමන ලද …………. (නම ඉවත් කර ඇත) නමැති දෙදරු මාතාවට මෙම දූෂකයා විසින් පොවන ලද ගබ්සා බෙහෙත්වල ආනුභාවයෙන් ………….. (නම ඉවත් කර ඇත) නම් වූ එම දියණිය අදටත් ආබාධිතය. දූෂිත සන්නස්ගල තම දේශපාලන හා මුදල් බලය යොදවා ……………… (නම ඉවත් කර ඇත) එම ගුරුමහතාව නිශ්ශබ්ද කොට ඇත. යහපාලක සන්නස්ගල අභියෝග කරන්නේ නම් හෝ අගතියට පත් පාර්ශවයන්ට තර්ජනය කරන්නේ නම් හෝ ඉදිරියේදී මෙම අංගවිකල අවජාතක දැරිය සහ ස්ත්‍රී දූෂක සන්නස්ගල ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කරවා සැබෑ පිය උරුමය පිළිබ්දව සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කෙරෙනු ඇත. ……………….ගෙන් ……………. (නම සහ දුරකතන අංක ඉවත් කර ඇත) මේ පිළිබද වැඩි දුරටත් තහවුරු කර ගත හැකිය. (ඇමුණූම 10)

    තම සිංහල පන්තියට පැමිණෙන ශිෂ්‍යාවන් හෝටල් කාමර වෙත රැගෙන යන දූෂිත ගුරුවරයෙකු ලෙසද ටියුෂන් ක්ෂේත්‍රෙය් ගුරුවරු අතර සන්නස්ගල ප්‍රකටය. ……………….. සහ ……………….. (නම් දෙකක් ඉවත් කර ඇත.) වැනි ශිෂ්‍යාවන් තම කන්‍යාභාවය මෙම ගුරු දේවයාට පූජා කර ඇත. ඔවුන් දැන් යහපත් පවුල් ජීවිත ගත කරන බැවින් දූෂිත සන්නස්ගලට තව ස්වල්ප කාලයක් යහපාලන වෙස්මුහුණු පැළද සිටිය හැකිය.

    ගරු මහත්මයාණනි, ශිෂ්‍ය අවධියේ සිටම ස්ත්‍රී දූෂකයකු වූ සන්නස්ගල ගුරුවරයෙකු ලෙස ඊටත් වඩා වංචනික සොරකු ලෙස සිදුවීම් ගණනාවකටම චෝදනා ලැබ ඇත. එකී බරපතල චෝදනා සිය මුදල් බලයෙන් හා දේශපාලන බලතල යොදා යටපත් කොට තම මාධ්‍ය භාවිතයෙන් හා කථිකත්වයෙන් ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන සිටින මෙවන් දූෂිතයෙකු එළැඹෙන නව යහපත් දේශපාලන සංස්කෘතියට පෑහෙන්නේ කෙසේද? එක්සත් ජාතික පක්ෂයට හා නුදුරු දිනකදී මෙබිමෙහි ගොඩනැංවෙන නව දේශපාලන සංස්කෘතිය ඉතසිතින්ම අනුමත කරන අප විසින් ඔබතුමාගෙන් විමසා සිටින ප්‍රශ්නය එයයි. උක්ත කාරණා පිළිබද අපක්ෂපාතීව සොයා බලා මෙබදු දූෂිතයන්ගෙන් පිවිතුරු එක්සත් ජාතික පක්ෂය කිලිටි නොවීම සදහා සුදුසු පියවර ගනු ඇතැයි අපේක්ෂා කරමු.

    ස්තුතියි !

    මෙයට
    එච්.ඒ. කුමාර පත්බේරිය

    ReplyDelete
    Replies
    1. මේ වගේ තක්කඩි හොරෙක් නම් මේ සන්නස්ගල අන්වර්යෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ නැත්නම් හරිම අපරාධයක් රටට කරන මුන්ටියුසෝන් දුන්නොතින් ඉතින් තවත් හොරු රැලක් බිහිවෙනවා පාර්ලිමේන්තු ගියොත් එක වලකිනවා

      Delete
  12. http://www.sathhanda.com/2015/07/upul-shantha-sannasgala.html?m=0#

    ReplyDelete
  13. සන්නස්ගල...

    මූ තමයි දැනට ලංකාවෙ ඉන්න භාෂා කැටයම් කරුව​.
    සීලවතීල නාන පීල්ල ගාව හොරෙන් බලන් හිටපු මොලේ අප්සට්කරුව​.
    ලෝකයේ හොඳම අගමැති රනිල් කියපු මෝඩ තකතීරුව​.
    යූ.එන්.පියෙන් ඡන්දෙ ඉල්ලල කෙලව ගත්තු දේශපාලුව​.
    අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මන්ද බුද්ධිකය​.

    ReplyDelete
  14. සරස ජෝතිෂයටයි, කතරගම දෙවියො අදහන මිනිස්සුන්ටයි, සිංහල බුද්ධාගමටයි මිත්‍යා කියමින් පහර දෙන එකා නල්ලූර් කෝවිලට ගියේ ඒ සංස්කෘතියට ගරු කරන්න කිව්වෙ කටින් වෙන්න බෑ.

    සරම ඇඳගෙන වවුලන්ගේ මගුල්ගෙදර ගියාට මේ
    සන්නස්ගල අවලමාට ප්‍රශ්නයක් නෑ, මොකද ජොකෙක් ඇඳලා වහගන්න දෙයක් මුට ඇත්තේ නෑ, හදිසියේ ඇසට නොපෙනෙන ප්‍රමාණයට තිබුනත් මුට විලි ලැජ්ජාවකුත් නැති නිසා කොහොමත් ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
  15. (සිංහල) ජාතිවාදී ප _යිනි,
    පුකට පයින් ගහලා කියන්නෙ
    නතර වෙයව්.

    මුසල්මානු මිතුරනි,
    පපුවට අත තියල කියන්නෙ .
    සමාවෙන්න.
    නතර වෙන්න.

    ReplyDelete
  16. මගේ සාහිත්‍යයට ගැලපෙන ශුක්‍රාණු තිබුනේ ප්‍රභාකරන්ට පමනයි. ඉතින් මම ඒ ගැන ලිව්වා. පස්සේ මට ගැලපෙන ශුක්‍රාණු තිබුනු පක්ෂයකින් මම චන්දේ ඉල්ලුවා. මේ රටේ ශුක්‍රාණු සුනඛයෝ මාව පරාජය කලා. ඇයි අවුල්ද?

    - උපුල් ශාන්ත සන්නස්ගලගේ

    ReplyDelete
  17. ඔය උපුල් ශාන්තට පොඩි නට් ලුස් ගතියක් තියන්වා, උපුල් ශාන්ත අන්ත දුගී ලුම්පන් පන්තියෙන් ආපු අපතත්යෙක්, උට උගේ තාත්තා ශුවර් නැති එකෙක්, උගෙ 'අම්මා' පොතෙ උගෙම අයියා උන්ගෙම අක්කා ගෙදරඩීම දුශනය කරන හැටි ලියනවා. ඌට ඒක හරි ලොකුයි.

    ReplyDelete
  18. ජෝතිෂයටයි, කතරගම දෙවියො අදහන මිනිස්සුන්ටයි, සිංහල බුද්ධාගමටයි මිත්‍යා කියමින් පහර දෙන එකා නල්ලූර් කෝවිලට ගියේ ඒ සංස්කෘතියට ගරුකරන්න කිව්වෙ කටින් වෙන්න බෑ.

    ReplyDelete
  19. සන්නස්ගල ගුරුතුමා 2000 හෝ 2001 වසර වලදි ගෙනාපු එක වසංගතයක් තමා වැලන්ටයින්. මට හොදට මතකයි අපි O/L කාලේ මේ ගුරුතුමෙක් කියාගන්නා මනුස්සයා විහාර මහා දේවි උද්‍යානයට තරුණ කෙල්ලෝ කොල්ලෝ ගෙන්නලා වැලන්ටයින් දවසේ රත්තරත් වැස්ස කියලා වැඩසටහනක් කලා.

    ජාතියට වැඩ කරනවා කියලා පජාති වැඩ තරුණ පරම්පරාවට කරපු මූසිල මනුස්සයෙක්. ළමා මනස විකෘති කරපු මෙලෝ සිංහලක් හරියට නොදන්න ගුරුහොරෙක්. දේශපාලනය කෙසේ වෙතත් මම නම් මෙයාට අකමැති මෙයා සිංහල තරුණ කොටසට කරපු පාහර වැඩ වලටයි....

    ReplyDelete
  20. සරස, ///එම වෙබ් පිටුවේ අඩංගු වන්නේ කොන්ඩ පිරිමි හෙවත් man bun නම් වූ අලුත් ප්‍රවනතාවය ගැන ය. ඔබ එම පින්තූරය හොඳින් නැරඹුවොත් අප කවුරුත් දන්නා හඳුනන ශ්‍රී ලංකාවේ නව රැල්ලවල් නිපදවන (trend setter) කෙනෙකු ලෙස තමන් ම ප්‍රසිද්දියට පත් කරගත් සන්නස්ගල ව මතක් වනු නොඅනුමානය. ඒ සමගම ඔහු නව රැල්ලක නිර්මාතෲ නොව අනුකාරක කොපි රැලි සාදන කුඩා මිනිසෙකු බවට ඔබට වැටහී යනු ඇත.
    //

    මෙයා කාලෙන් කාලෙට කොන්ඩෙයි කන්නාඩියයි මාරු කරන්නෙ මූට Attention seeking syndrome and OCD (Obsessive Compulsive Disorder) තියෙන මානසික රෝගියෙක් නිසා. කොල්ලො අතරෙ දැන් ජනප්‍රිය hair style එකක් දාගෙන ආවෙ කොල්ලෙක් වෙන්න හිතාගෙනද? මූ තරම් අපතයෙක් මගෙ ජීවිතේටම දැකලා නෑ.

    ReplyDelete
  21. සන්නස්ගල පෙන්වන්නේ දැඩි හීනමානයෙන් පෙලෙන පුද්ගලයෙකුගේ ලක්ෂණ බව දන්නා කියන මානසික රෝගී දොස්තර මහත්තයෙක් කියුවා. සන්නා පවු නේද සරස තුමා!

    ReplyDelete
  22. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  23. සරස තුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන පරිසර ප්‍රධානි නොර්වේජියානු ජාතික "එරික් සෝල්හයිම්" (නෝර්වේ හිටපු අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු තනාපතිවරයෙකු වේ) එක්සත් ජතින්ගේ සංවිධානයේ යටතේ පවත්වාගෙන යනු ලබන එ ජාතීන්ගේ පරිසර ව්‍යප්තියේ U.N. Environmental programme-UNEP විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර විගණන අංශය සොයාගෙන ඇත.

    මේ එරික් සෝල්හයිම් එල් ටී ටී සංවිධානයේ ඉතා ප්‍රසිද්ධ හිතවතකු මෙන්ම වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මිත්‍රයෙකි. (මේ දිනවල අගමැති රනිල් වික්‍රමසිංහද නෝර්වේ රටේ විශේෂ සංචාරයක යෙදිමින් සිටි)

    ශ්‍රී ලංකා හමුදාව 2006-2009 දි කොටි ත්‍රස්තවාදී සටන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පරාජය කරන විට යුරෝපා රටවල් හරහා මෙන්ම එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හරහා සමා සාකච්ඡා මහින් විසඳුමක් අවශ්‍යයි කියා එම සටන නැවත්වීමට විශාල උත්සහයක් ගත් ප්‍රධානතම පුද්ගලයා අද චෝදනා ලබා සිටින නෝර්වේ ජාතික එරික් සෝල්හයිම්ය. රනිල්ගේ යලුවෝ හොරුම තමයි. අර්ජුන්, මලික් දැන් එරික්???

    ReplyDelete