Wednesday, February 3, 2016

වල්ලා පට්ටා කතා...








ලොකු පුතා තුමා ගේ වල්ලා පට්ට කතා කියවනකොට ස ර ස තුමා කොල්ලා කාලේ කල වල්ලා පට්ටා වික්‍රමයක් ගැන මතක් වුනා... 

සාමාන්යයෙන් ස ර ස තුමා එතුමා ගේ අත්දැකීම් බොග් අවකාසේ බෙදා හදා නොගත්තාට මේ වල්ලා පට්ටා කතාව කියන්න හිතුනේ ලොකු පුතා තුමා ට උපහාරයක් වසයෙන්...

ඔය සිරි ලන්කාවට ආවේනික වල්ලා පට්ටා නොහොත් Gyrinops walla ස්වබාවික අනතුරකට පතික්‍රියාවක් වසයෙන් සාදන රසායනික සන්කීර්නයක් තමා විසාල වසයෙන් මිල අදික  අගාර් වූඩ් (Agarwood) නොහොත් අගිල් කියනා බාන්ඩේ. අගිල් අමුද්‍රවුයයක් ලෙස පාවිච්චි කොරලා අරාබි කාරයන් සඳහා හදනා අවුඩ් ඔයිල් ඉතාමත් මිල අදිකයි පින්වතුනි!

පිටරටින් ගේනා ඇක්වලේරියා (Aquilariaසාකයට යම් උත්ප්‍රේරනයක් කොට අගිල් නිපදිය හැකි වුවත් සිරි ලාන්කීය වල්ලා පට්ටා වලට එම තවමත් උත්ප්‍රේරන සෙල්ලම හරි ගිහින් නැහැ කියලා විස්ස විජ්ජාල ආචාරිය වරයෙක් කියනවා ස ර ස තුමාටයි එතුමාගේ මිත්‍රයො කීප දෙනෙකුටයි දැනගන්න ලැබුනා....

මේක ඇහුවට පස්සේ ස ර ස තුමා සහ මිතුරු තොමෝලා වල්ලා පට්ටා ගස් ටිකක් සොයාගෙන ගිහින් පොඩි පහේ පරියේසන ටිකක් කරලා වල්ලා පට්ටා ගස් සෑහෙන ප්‍රමානයක් මරා දැමීමෙන් පසුව ....*&%$£<^%

ඔයාකාරයෙන් පරීක්සන සිජ්ජ කොරලා නාත දෙවි පිහිටෙන් අන්තිමට කස්ටියට පුලුවන් වුනා වල්ලා පට්ටා ගස් වල අගිල් නොහොත් අගාර් වුඩ් කියනා වටිනා ද්‍රවුයය හදනා රසායන මිශ්‍රනයක්, කොපමන කලක්, කොපමන සාන්ද්‍රනයක්, කොපමන පරිමාවකින්  එන්නත් කල යුතුද කියා සොයාගන්න...

කිවුවට විස්වාස කොරන්න පින්වතුනි එම ක්‍රමේට නිපදවුනු අගිල් වුරුතීය ගස්ගෙම්බන් කීප දෙනෙකු ගේ දැඩි තත්ව පරීක්ශාවකට ලක් වෙලා කොලිටි පාස් වුනා නොවැ...

අපිතුමාලා ඉතින් එම ක්‍රමේට පේටන් බලපත්‍ර එහෙම ලබාගෙන 2014 ස්‍රි ලන්කා නව නිපැයුම් කරුවන් ගේ තරඟයට එය එදිරිපත් කලා. කියන්න සන්තෝසයි පින්වතුනි එම තරඟයෙන් විවුර්ත පරිසර අන්සේ දෙවැනි තැන ලබලා මුදල් තෑගි සහ සහතික පත් ලබාගන්නත් ස ර ස තුමා සහ මිත්තර තුමාලට ඇහැකි වුනා ....

එහි දී ලැබුනු සහතිකේ ඔන්න පින්තූරයක් ලෙස පල කොලා....

දැන් සාදු කියන්න පින්වතුනි...

26 comments:

  1. පට්ට වැඩ කාරයෙක් නෙ මේ අපේ සාරස තුමා

    ReplyDelete
  2. 2014 සර සා තුමා කොල්ලා කාලේ? හොක් හොක් හොක්.. මන් හිතුවේ තියෙන දැනුම් සම්බාරේ හැටියට ඔහේ සැහෙන වයසක උන්දෙක් කියලා.. ;)

    මේ කිරියාවම වල්ලා පට්ට නොවැ.. දැන් ඔය පේටන් බලපත්තරෙන් වැඩක් ගන්නේ නැතෙයි.. නරකද එහෙනම් ඕක ලොකු පුතා වගේ ලමේකුටවත් දුන්න නම් :)

    ReplyDelete
    Replies
    1. මීමා නාකි උනාට අඟ නාකි නැහැ කියලා කියන්නේ කට කහනවට‍යැ??

      :D :D

      ඕවාට හදිසි වෙලා බැහැ මිත්‍ර තුමෝ.... ස ර ස තුමා ගේ දායකත්වය විද්යාත්මක සොයාගැනීමටයි...හැබැයි ව්‍යාපාරික අන්සෙ ඉන්න අපිතුමාලගෙන් කෙනෙක් ඒ ගැන පොඩි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා...

      Delete
    2. සරස 2014 දී කොල්ලාය.

      නමුත් 2015 ජනවාරි 8 දිනි සිට අති සීග්‍රගාමී වේගයකින් නාකි වෙන්නට පටන් ගත්තේ ය. මේ යන වේගෙට තව වසර දෙක තුනකින් හාෆ් සෙන්චරියක් ද, දහ තුනකින් සෙන්චරියක් ද ගසනු ඇත!

      Delete
  3. මාරයි නේ, සුබ පැතුම්.

    ReplyDelete
  4. පළමුව සුභ පැතුම්...

    සදාහරිත ප්ලාන්ටේෂන් කියල කට්ටියක් මේක කරගෙන යනවා නේද. සාරස තුමා හෝ ඔබලාගේ කණ්ඩායමේ කවුරුහරි ඒකට සම්බන්ධ නැද්ද...
    ඒ මිනිස්සු නම් ගහක් වවල දෙන්න රු.10,000/- ක් විතර ගන්නවද කොහෙද...
    නමුත් ඒවයෙන් රෙසින් එක හැදෙනවද, කියන අවිදිහට අවුරුදු 08 කට පස්සේ ලාබයක් තියෙනවද කියල මටනම් හිතා ගන්න බැහැ...

    මේ වගේ දෙයක් කලා නම් ඒක බුසිනොස් එකක් විදිහට එළියට දාන්නත් ඕනේ, නැත්නම් වැඩක් නැහැ නේද සරසා තුමෝ...

    ReplyDelete
    Replies
    1. ඔය වියාපාරික කස්ටිය වවන්නේ Aquilaria කියනා පිටරටින් ගෙන් වූ ශාකයකි.... ඔවු... නියමිත ක්‍රමේට කොලොත් ඒවායින් Agarwood ලැබේ...

      වල්ලා පට්ටා නොහොත් Gyrinops walla ලන්කාවට ආවේනික ශාකයකි. එහි Agarwood උත්ප්‍රේරනය කිරීම පලමුව සොයා ගත්තේ අපේ කන්ඩායමයි ලොකු පුතා තුමෝ....

      බුසිනොස් කස්ටියකුත් එම කන්ඩායමේ සිටී... ඔවුන් මේ ගැන යම් දෙයක් කරමින් පවතී...

      හැබැයි ස ර ස තුමා ගේ දායකත්වය විද්‍යාත්මක පර්යේශනයට පමනයි! අපේ පැත්තෙන් ජොබ් ඩන් ය!

      Delete
    2. ඒකත් එහෙමද. මම හිතුවේ ඒගොල්ලෝ වවන්නේ අපේ අහවල් එකම කියලාය...
      මොනවා කලත් තවම රටින් එළියට මේවා නීත්‍යානුකුල විදිහට මේවා යවන්න ක්‍රමවේදයක් නැහැ නේද...

      Delete
    3. එයින් තෙල් හින්දොත් එය නීත්‍යානුකූලව පිට රට ට යැවිය හැකිය (Oud oil) ... Agarwood පවා පිට රට යැවීම ලඟදී නීති ගත කලා....

      පොලිසියට ඇල්ලීමට බලය තිබෙන්නේ රජයේ කැලෑ වලින් කැපූ වල්ල පට්ට පමනයි..

      Delete
  5. පව් නෙව අර ගස් ගෙම්බෝ දෙන්නා.. හැක්.
    සා රස තුමත් කොල්ලා කාලේ වැඩ්ඩෙක් නෙව.

    ReplyDelete
    Replies
    1. එම ගස් ගෙම්බෝ යන ගරු නාමයෙන් හැඳින්වූයේ කැලේට ගොස් වල්ලා පට්ටා ගස් කපා එකතු කර Agarwood විකිනීමේ යෙදී සිටි වියාපාරික බවතුන් ය.

      මොන විද්යාත්මක ක්‍රමේ කොලත් කස්ටමර් ලා බඩු ගන්නේ නැතිනම් වැඩක් නැහැ නේ?

      Delete
    2. ටෙස්ට් එක පාස් කරගෙන තියෙන්නේ නියම ක්‍රමේට...

      ලැබ් වල අනුමැතියට කලින් ඔය වගේ ගස් ගෙම්බෝ ලව්වා ටැස්ට් කොර ගත්තම වැඩේ ෂුවර්....

      Delete
  6. සරසා තුමා පොඩි පාහේ බයියෙක් නෙමේනේ එහෙනම්..:D
    මරා හිටියා නම් "අපනයන සංවර්ධන උපදේශක" වගේ තනතුරක් ගන්නත් තිබ්බා ඔහෙට් හිටං..:)

    ReplyDelete
    Replies
    1. ම රා මැරුනේ නෑ.... එයා දැන් කිච වෙලා...
      අන්දරෙත් මැරුනෙ නෑ..... එයා දැන් රජවෙලා

      Delete
  7. I knew this before. But I was not exact whether it was you. well done, as always.!

    ReplyDelete
  8. ෂා ..නියමයිනෙ :) ස ර ස ගෙ බ්ලොග් එකට ආවේ G + හරහා අර පේරාදෙණිය වල එක්ක තියන රොබරෝසියා මල් ටික දැක්ක ගමන් සතුටු හිතුන. ස ර ස පේරා ද ? ඒ වගේ පින්තුරයක් බ්ලොගේට දාල ලස්සන කරන්න එහෙම අදහසක් නැතිද :)

    ReplyDelete
    Replies
    1. එසේය.. පේරාවෙකු වෙමි!!

      Delete
  9. පහු ගිය දවසක මම අහගෙන විස තෙල් පොහොර ගහල තේ වවනවාට වඩා වල්ල පට්ට වලට හොඳටම ගැලපෙන දේශගුණයක් තියෙන රටේ වල්ලපට්ට වගාව ප්‍රචලිත කොරන්නැත්තෙ ඇයි කියලා.. සරස ලා වැඩේ පටන් අරන්.. එල කොල්ලෝ..
    ජයවේවා..!!

    ReplyDelete