Wednesday, August 28, 2024

හිට්ලර් ගේ ආගමනය!




ජර්මන් ජනාධිපතිවරණය 1932 


මර්තු 13 පලමු වටය

අප්‍රේල් 10 දෙවන වටය


පෝල් ෆොන් හින්ඩන්බර්ග් (ස්වාදීන ) 19,359,983 (53.0% )

ඇඩොල්ෆ් හිට්ලර් (ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (NAZY Party) 13,418,547 (36.8%) 


හිට්ලර් පරාජය වේ!!


මහ මැතිවරණය 1932


නොවැම්බර් 06

ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය (Nazi party) ආසන 196 (33.1%)

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ශය  (Social Democratic party ) ආසන121(20.4%) 

කොමියුනිස්ට් පක්ශය (Communist party) ආසන 100 (16.9%).


ජර්මන් මැතිසබය වන රීශ්ටාග් (Reichstagහී වැඩිම ආසන හිට්ලර් ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ශය හිමි කර ගනී


කර්මාන්ත, මූල්‍ය හා කෘශිකර්ම ක්ශෙස්ත්‍ර වල දැවැන්තයන් 22 ක් හිට්ලර් ව චාන්සලර් කරන්නැයි ආයාචනා කරයි


ඒ අනුව 1933 ජනවාරි 30 දා,  හිට්ලර් මහජන නියෝජිත ක්‍රමයට ජර්මනියේ චාන්සලර් බවට පත් වේ


1933 මාර්තු 23 දා රීශ්ටාග් මහජන මංත්‍රීවරු පාර්ලිමේන්තු පනතකින් ඕනෑම කරුනක් සඳහා කිසිම කෙනෙකුගෙන් නොවිමසා, කිසිම කෙනෙකුගේ අනුමැතියෙන් තොරව කටයුතු කිරීමේ විධායක බලය (plenary powers) හිට්ලර් වෙත ලබාදෙන ලදී....


රෙස්ට් ඉස් හිස්ටරි පුතා......

Tuesday, August 27, 2024

Fancy voting??

 


Wednesday, August 21, 2024

එහෙම වුනොත් මොකද වෙන්නෙ???

 


එලඹෙන ජනාධිපතිවරනේ දෙවන මනාප ගැනීමකට යන්න වේවි කියලා මැතිවරණ කොමිසම පවා සැක පහල කරමින් දෙවන මනාප ල්ළකුණු කරන ආකාරය ජනතාව දැණුවත් කරනවා..

හදිසියේදී වත් වර්තමාන ජනාධිපති එලඹෙන ජනාධිපතිවරණ පලමු හෝ දෙවන තන ලබා නොගෙනම දෙවන මනාපේ ගනින්න සිද්ද වුනොත් මොකක් වෙයිද?? දෙවන මනාපේ ගනිනකම් එයා නීතියේ හැටියට ජනාධිපති වුනත්, එයා ගේ නියෝග නිලධාරීන් පිලිගනියිද?

අවස්තාවාදී දේශපාලන සංවිදාන අරගලය වගේ ප්‍රහාර එල්ල කරයිද? මේව දැවෙන ප්‍රස්න හිටං!!!

Tuesday, August 20, 2024

චෝර නාග ගීතා සංදාන කතා වස්තුව




පොහොට්ටුවේ හිටපු නයිටික එකතුවෙලා අලුත් නාගපාලක කෙනෙක් ගාවට යන්න කුමන්ත්‍රනේ කරලා... දැන් පරන නාගපාලක ගාවට යන්න බැරි නිසා අපි පවුල් පාලනේට විරුද්දව සංදාන ගතවෙමු කියලා බොරළුනයා යෝජනාකරගෙන මිනිහම ඒකෙ ලොක්කා වෙලා පුතාටත් නිලයක් දෙන්න සෙට් වෙලා... 

සල්ගාදු ක්‍රීඩංගනේ දී හතරවෙනි ඇවරියට වැටුන රත්තර නයා තාම බූමිතෙල් වැඩිලා සිදු වුනු තුවාල වට ඩෙටොල් ගාන ගමන්...

තමුං හිටි හුඹහෙන් ම ආපු ලංසනයා, ප්‍රසන්නයා, මහින්දානන්දනයා වගේ කුඩු බඩු කප්පම් සහ පගා නයි කපලා දාලා උපාදිධාරී නයි වෙන පතිරනයා, කාංචනයා, ශෙහා නයා, කනක නයා, ප්‍රමිතනයා ඒ කියන්නෙ තෙන්නකෝ නයා වැනි උගත් නයි උඩට අරන් පොලේ ගිහින් නාග සංදර්ශනයක් තියන්නයි කස්ටිය සෙට් වෙන්නේ...

මේක කොපමන විහිලුවක් ද කියලා හිතන එස් බීනයා ඔය අලුත් සංදානෙට ගීතනයා කියලා නම දාමු කියලා ආතල් ගන්න බවයි පත්තෙර විස්තරේ කියන්නේ...

Wednesday, August 14, 2024

පරන පගා ඇමතිලා ගේ නව සංදානය...

 


2022 දී නිමල් සිරිපාල ඇමති ජපන් ටායිසේ සමාගමමෙන් පගාව ඉල්ලලා මාට්ටු වුනාම ඒක සජිත් තුමා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ද කරලා අලි  ජංජාලයක් සිද්ද වුනේය. 

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා ගේ නියමය පරිදි නිමල් සිරිපාලට තම ඇමති කමෙන් අස් වෙන්නට සිදු විය. 

පස්සේ, රනිල් විසින් කොමිසමක් පත් කොට සිරිපාලගේ සරමේ ගෑවුන නඩ සෝදා ඔහුට නැවත ඇමතිකමක් දෙන ලදී. ඊට කෘතගුණ සැලකීමක් ලෙස පගා ගත්තා යැයි චෝදනා වලට ලක් වූ ඇමතිලා නව සංදානයක් හදාගෙන රනිල් ට සහයෝගය දෙයි...


විහිලුවක් නේ???

Tuesday, August 13, 2024

අගමැති කෝලම!

 


රනිල් තුමා දිනුවොත් අගමැති වෙන්න බොහෝ දෙනෙක් සූට් මහලා කියා ආරංච් වේ.

වර්තමාන අගමැති දිනේශ් මහතා නැවත අගමැති කම බලාපොරොත්තු වේ.

රවි කරුණානායක සහ වජිර අබේවර්ධන රනිල් පාර්ශවයෙන් අගමැති කම බලාපොරොත්තු වන බව ට කට කතා පැතිර යයි.

ප්‍රසන්න රනතුංග ද දැනටම සූට් එක මහලා බව පැවසුවේ උදයංග වීරතුංග මහතා ය.

නව සංධානය නියෝජනය කරනා නිමල් සිරිපාල ද අගමැති කමට ඇස ගසාගෙන නිදා සිටිනා බවටත් කතා පැතිරෙති.


මේ උභතෝකූටිකයට පිලිතුරක් ලෙස අගමැති මංඩලයක් පත් කිරීමට කටයුතු කරන්න කියා රනිල් තුමාට මා උපදෙස් දීමට කැමැත්තෙමි!

Wednesday, August 7, 2024

පශ්චත්තාප වීම



කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත බොහොම කණගාටු ස්වරයයෙන් "පොහොට්ටුව ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ශකයා නාමල් මැථිතුමා කියලා කලින් දන්නවානම්, පක්ශෙ හැර ගිය බොහෝ අය එහෙම යන්නෙ නෑ... "කියලා බොහොම දුකෙන් කියනවා ඊයෙ නිවුස් වලට පෙන්නුවා....


රනිල් ගෙ දෙපා ලඟට ගිය පොඩියන් කෙනෙකු ගේ නියම පශ්තාපය අපිට ඒකෙන් බලාගන්න පුලුවන්...


ඒ එක්කම නිවුස් වලට පෙන්නුවා මාධ්ය ආයතන හාදයෝ රනිල් ගෙන් අහනවා පොහොට්ටුවෙන් ආව සියලුම අය විශාල දූශන වංචා කල අය නේද , ඇයි ඒ ගොල්ලන් ව ලඟට ගත්තෙ කියලා...


ඒකට රනිල් කියනවා එයා දූශියොන්ට එන්න කිවුවෙ නෑලු... 

එයා ඉල්ලන්නේ ජනාධිපතිවරනෙට ලු...'

ඔය කියන දූශිතයෝ ඊලඟ මැථිවරනෙන් මහජනතාව පත් කරලා එවන එකක් නැහ ය කියලා...


අන්තෝ ජඨා බහි ජඨා කියන්නෙ මේවා තමයි හිටං!!