අමෙරිකාව සහ ඉශ්‍රායලය ඉරානයට පහරදීම සම්බන්දයෙන් මාධ්‍ය මෙහෙයුමක් ද අරඹා ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. බොහෝ මාධ්‍ය අමෙරිකා සහ ඊශ්‍රායෙල් පක්ශපාතී නිසා අපට ඉරානයේ නොහොඳත් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ හොඳත් හුවා දැක්වෙන බවත් අවිවාදිතය.
එවන් පසුබිමක වුවද, බටහිර මාධ්‍ය පවසන පරිදි උන්මත්තක මිනීමරුවෙකු ලෙස කටයුතු කල තමුන් ගේ අධ්‍යාත්මික නායකයා අහසින් පහරදී මරා දමා තිබියදී ද ඔහු වෙනුවෙන් දහස් සංඛ්‍යාත ඉරාන වැසියෙන් ප්‍රසිද්දියේ වීථි බැස තම ශෝකය ප්‍රකාශ කරනු අප සැම දැක්කෙමු. ලොක්කා ට ශෝකය පල නොකරොත් වාඩුව ගන්න දෙවන ලොක්කෙකුත් නැත. දෙවන සහ තෙවන පෙල, දහ වන පෙල විතර දක්වාම ලොක්කෝ බෝම්බ ප්‍රහාර වලින් මරණයට පත් ව ඇති පසුබිමක, ආවොත් අරක්කු කාලයි බත් පැකට් එකයි, රුපියල් පන්දාහයි දීමට කෙනෙකුත් නොසිටින තත්වයක් යටතේ, තම නායකයා ට ගැහුවා මෙන් තමන්ට ද අහසින් ම ගසා දමාවි කියා ඔවුන් බියේ සැඟවුනේ නැත. දස දහස් ගනනින් ඔවුන් ප්රසිසිද්දියේ වීථි බැස අමෙරිකාවෙන් හා ඊශ්‍රායලයෙන් පලිගන්නා බවට ශපත ක්ලහ, තවමත් කරමින් පවතී.
ඉරානයට සැතපුම් දහස් ගනනක් ඔබ්බේ වූ ලංකාවේ වැසියෝ ඉන්ධ්න ලබාගැනීමට පෝලිම් ගැසී සිටියද, එවන් පෝලිම් ඉරානයේ නැත. කෑම බීම සහ අනෙකුත් පාරිභෝගික භාන්ඩ ලුහු ලුහුව මිලදී ගැනීමට වෙලෙඳ සැල් වෙත රොක් වී පෝලිමේ සිටිනු දක්නට නැත. තවමත් ඉරානයට අහසින් ටොන් ගනනින් බෝම්බ හෙලත්දී එහි ජනතාව අධිශ්ඨානයෙන් යුතුව තම තමන්ගේ වැඩ රාජකාරී වල යෙදෙමින් ජන ජීවිතය ගෙනයනු පෙනේ. එසේ නොවුනානම් මේ වනවිට සෑම රූපවාහිනී චැනලයකම පෙන්වන්නේ පෙට්රෝල් පෝලිමෙ ගහ මරා ගන්නා ඉරාන වැසියන් ය!! වෙලෙඳසැල් හිස්කරමින් ආහාර එකතු කරනා ඉරාන ජනතාව ය!
යම් හෙයකින් ඉහල ඇවරියේ සියලු නායකයන් හා යුධ හමුදා නිලධාරීන් මරා දමා මෙවන් බෝම්බ තොග ගනන් වැටෙනා අස්වස්තාවකට පත් වූවොත් අමෙරිකාවේ, ඉශ්රායෙලයේ හෝ අඩුම වශයෙන් අපේ රටේ සාමාන්‍ය ජනතාව කෙසේ හැසිරෙයි ද??
ඉරාන වැසියනි, මේ දුශ්කර අවධියේ ඔබ ගේ ධෛර්යය සහ හැසිරීම පුදුම සහගත ය. මා එය ඉහලින් ම අගේ කරමි! හිස නමා ආචාර කරමි!