Thursday, March 24, 2016

ETCA වට විරෝදය පෑමට








ETCA වට විරෝදය පෑමට..... 
සතියක් ඇතුලත් දෙවන වරටත් කොලඹ හයිඩ් පිටියේදී!

Saturday, March 19, 2016

විදුලිබල ඉන්ජිනේරුවන්ට ජෙප්පන් ගෙන් පාඩමක්.....



ලන්කා විදුලිබල මන්ඩලේ ඉන්ජිනේරුවන්ට පාඩම් ඉගැන්වීමට කීප දෙනෙක් ම ඉදිරිපත් වී ඇති බව මාද්ය වාර්තා කරයි.

සා පෙල අසමත් රන්ජන් රාමනායක සහ එරාන් වික්‍රමරත්න ඒ අතර මුලින් ම සිටී.....

එහෙත්  වඩාත් ආකර්ශනීය පාඩම් උගන්වන්නා වීමේ ගෞරවය සහ බාග්ය්යය හිමි වන්නේ චන්දෙන් පැරදී පාර්ලිමේන්තු පැමිනි හඳුන්නෙත්ති කියන මන්තී කට්ටා ය.

ලන්කා විදුලි බල මන්ඩල ඉන්ජිනේරුවන්ට පාඩම් උගන්නනවා කියා හඳුන්නෙති තර්ජනය කොරන්නේ 88/89 කාලේ මිනිසුන් වැනසීමට සහ ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම සඳහා බෝම්බ ගහන්නට පෙරමුණ ගත් ජෙප්පන් නියෝජනය කොරමිනි!!

අනේ හඳුන්නෙති.... හන්දියක් හන්දියක් ගානේ ට්‍රන්ස්ෆෝමර් පුපුරවා ජනතාවට බෝම්බ ගසමින්, මිනී මරමින් රට ම ලේ විලක් කල උඹලා දැන් අනුන් ගේ වැරදි අල්ලන්න යෑම කොපමන විහිලුවක් ද?

Friday, March 18, 2016

අපි ගියෙමු....






ඒ ඓතිහාසික යුතුකම ඉශ්ට කලෙමු....

Wednesday, March 16, 2016

"මේ සිහින හරි පුදුමයි"




කරුනාරත්න දිවුල්ගනේ මහත්තයා අලුත් ගීතාවලියක් නිකුත් කරන්නයි සූදානම. 

"මේ සිහින හරි පුදුමයි" ලෙස නම් ගර ඇති එම ගී "අමෝඝය" දොරට වඩිනා "නිල් දියවර" ප්‍රසන්ගය මේ මාර්තු මාසෙ විසිපස් වෙන සිකුරාදා රාත්‍රී 7.00 ට කොලඹ බන්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රන සාලාවේදී පැවෙත්වෙනවා....

එම ප්‍රසන්ගයේ ගී නද මෙහෙයුම ආචාර්ය රෝහන වීරසින්හ මහත්තයා විසින් කරනා අතර "ගී මග ඇගැයුම" ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර මහත්තයා විසින් මෙහෙයවනවා......

ඉතාම හොඳ මනුස්සයෙකු වන දිවුල්ගනේ මහත්තයා ස ර ස තුමාටත් එම සම්භාව්ය අවස්තාවට සාබාගී වෙන්නෙයි කියලා ආරාදනාවක් එවා තියෙනවා.....

ඔන්න මහතුනේ ස ර ස තුමා මේ විසිපස්වෙනි සිකුරාදා නිල්දියවරේ සිසිල් පහස ලබන්නයි සූජානම!

Monday, March 14, 2016

ට්‍රාන්ස්ෆෝමර් වලට හමුදා ආරක්ශාව





ට්‍රාන්ස්ෆෝමර් වලට හමුදා ආරක්ශාව - පුවතක්

අපි නම් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලම නැහැ - ජ වි පෙ

Friday, March 11, 2016

Tuesday, March 8, 2016

සුදුසුකම්






ඔන්න එකෝමත් රටක සන්දානේ මහලේකම් කමට කීප දෙනෙක් ම ඇහැ ගහගෙන හිටියලු....

ඒ අතුරින් අනුර යපා සහ සුසිල් ප්‍රෙම්ජයන්ත නීතිඤයෝ ලු....

ඇස්බී සහ රෙජිනෝල්ඩ් කුරේ උපාදිදාරීන් ලු.

කුලියාපිටියේ ග්‍රාමසේවක තුමාට වඩා අඩු අජ්ජාපන සුජුසුකම් තිබුනේ පෞද්ගලික බස් රතයක කොන්දොස්තර කම කරමින් හිටන් පාර්ලිමේන්තු පැමිනිය අමරවීට  ට පමනයි ලු!

හැබැයි අමරවීට ගාව කිරිඇල්ල තුමා දුන්නු, සුජුසුකම් සලකා බලා මහ ලේකම් කම ලබාදෙන්න කියලා ලියමනක් තිබුනලු!


අනේ ඉතින් මක් කොරන්නද අජ්ජාපන සුදුසුකම් සලකා බලා අමරවීර ට මහ ලේකම් කම දුන්නලු!