උම්මග්ග ජාතකේ සිරි කාලකන්නි කතාවේ පින්ගුත්තර හාදයා ට ලලනාවන් අරහන් ය.
එතුමා ආසියාවේ ම හොඳම මොලය ලෙස මහාචාර්ය දිසාපාමොක් විසින් තෝරාගත් පසු මහාචාරිය තුමා ගේ දෝනියැන්දා වන මිස් ඒසියා කොන්ටෙස්ට් එක දිනූ උදුම්බරා කෙලී ව කසාද බන්දා දෙන ලදී.
ලොල්ලෙකු වූ බුද්දිමත් සිරි කාලකන්නි පින්ගුත්තර තුමා ලස්සන කෙල්ලෙකු වූ උදුම්බරා ව දිවුල් ගහකට යවා ගහ මුල කටු කොහොල් අතුරා, සැතිරිය ගෙන් මිදුනෙමි යැයි පවසා පලා ගියේය.
වර්තමානයේ හරක් විජේසූරිය මහඇදුරුතුමා මිට්ටර් සෝබිත සමග එක් වී රනිල් තුමා ව ආසියාවේ හොඳම මොලය ලෙස විරුදාවලි නගා, සිරි සේනව ඇඟේ පටලවා යහපාලනය හෙවත් සිරිරනිලාන්ඩුව බිහිකෙරුවේය.
සිරි කාලකන්නි ඉස්ටෝරියේ පින්ගුත්තර ලෙස ම රනිල්තුමා ද ලොල්ලුපිටියේ හාදයෙකි!
ඔලු දෙකේ සිරිරනිලාන්ඩුවේ ලොක්කන් දෙදෙනාම W.A සිල්වා ශූරීන් ගේ දෙයියන්නේ රටේ පොතේ එන බබානිස් ගුරා සේ කට ඇරියොත් සාප වදින ලෙවල් එකේ කටවහ කාරයෝ ය.
සිරා ඉන්ගලන්තෙට, ප්‍රන්සයට, ජර්මනියට සහ තුර්කියට ගියේය.
ඉන්ගලන්තය බ්‍රෙක්සිට් වී ගියේය. ප්‍රන්සයේ සහ ජර්මනියේ බෝම්බ පුපුරන්නේ දවසට දෙක ගනනේය. අහක හිටන් හිට් තුර්කිය ද හමුදා කුමන්ත්‍රනයකට මැදි වී දිනපතා දහස් ගනන් ජනතාව හිර මැදිරි වලට ගාල් වෙති!
රනිලා ගේ කට ද ඊට දෙවනි නැත... කිලියාපිටියට ෆොක්ස්වැගන් කර්මාන්තසාලාව ගේනවා කියා කට ගන්නට පෙර ලෝකේ විසාලම මෝටර් රත කරුමාන්තසාලාව වන ෆොක්ස්වැගන් ෆැක්ටරිය බන්කොලොත් විය!
අමෙරිකාවට ලොන්තපෝල් ටෝක් දී කට ගත්තා විතරයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්මතුවී ආවේය... දැන් ඇමෙරිකාවට දෙවි පිහිටය!
මුන් දෙදෙනාම සිරිරනිලාන්ඩුව හදාගෙන එක් වී කන්නේ අපේ සිරිලන්කාවය!
බුදුන් ගේ දේසය වන සිරි ලන්කාවට ජේසු පිහිටය!






