ඉකොනොමැට්ටා තුමා මාර බිසී එකේ දොස්තරලා එක්ක ඇරියස් කවර් කොරනා අල්ල පනල්ලේ එතුමා ට මගහැරුනු ආර්තික කතාන්දරයක් කීමට ස ර ස තුමා ට ගරු සබාවෙන් අවසරයි!
සකල සිරින් පිරි සිරි ලන්කාවේ නොව අමෙරිකා එක්සත් ජනපදයේ වෙල්ස් ෆාගෝ නැමැති මූල්ය ආයතනයක් වන්නාහ. එය එම රටේ වත්කම් අනුව තුන්වන තැන ලබනා බැන්කුවයි!
සුමාන දෙකකට කලින් චූටි බලලෙක් වෙල්ස් ෆාගෝ බැන්කුවෙන් එලියට පැන්නේය.
එනම් වෙල්ස් ෆාගෝ බැන්කුවේ සේවකයන් විසින් පාරිබෝගිකයන් ගේ නිසි අවසරයකින් තොරොව ඔවුන් ගේ නමින් බැන්කු ගිනුම් ආරම්බ කිරීමයි!
බැන්කුව විසින් සේවකයන් ට දෙනු ලැබූ ඉලක්ක සපුරා ගැනීමට සේවකයන් විසින් දැනට බැණ්කුවේ ගිනුම් හිමියන් ට නොදන්වා ඔවුන් ගේ නමින් තව ගිනුම් ආරම්බ කොර ඇත.
වැඩේ පත්තු වුනාම බැන්කුව එහි සේවකයන් 5300 දෙනා සේවයෙන් පහ කොලෝය. එපමනක් නොව ගිනුම් ඉලක්ක සන්ස්කෘතියට ද තිත තබන ලදී.
දොස්තරලා සමග ඇති වෛරය පිරිමහ ගත්තුදාට ඉකොනොමැට්ටා තුමා මේ පිලිඹඳව වැඩිදුර විස්තර ලබාදෙනු ඇත.
මගේ කතාව අවසානයි...
අසා සිටි ඔබ සැමට ඉස්තූතියි!








