Wednesday, March 15, 2017

කවුද බොලේ ඇලිස්?


මාද්ය සාකච්චා මේසේ කොනකින් පොලෝ සීයා ද  අපි නොදන්න සින්හල බ්ලොග් කරුවන්ගේ සන්සදය නැමති බලවත් සන්විදානයක් නියෝජනය කරමින් කල්යාන මිත්‍ර තුමා ද සිටියේය. ඒත් කියුට් කාන්තාවන් දෙදෙනාගේ සීදේවි කම මඩින්න එම පිරිමි පරාන දෙකට නැහැකි වූ බව සරස තුමා වාර්තා කරන්නේ සන්තෝසයෙනි.

 එක කාන්තාවක් හොර ඔප්පු ලියා මාට්ටු නොවී පිටරට පැනපු අන්තර්ජාතික පොලිසියේ රතු වරෙන්තු දාරී තුමා ගේ ලන්කානිවුස් වෙබ් නැමති සන්විදානය නියෝජනය කල අතර අනෙක් කාන්තාව නෙලුම්යාය පදනම නැමති අරුම පුදුම සන්විදානයක් නියෝජනය කලේය. 

එම කාන්තාවන් මාද්ය සාකච්චාවේදී කියා සිටියේ මෙවර ලීකෙලි උලෙල මහා උත්කර්ශවත් ලෙස පවත්වන බවය. විශේශ අමුත්තන් ලෙස යහපාලනේ අන්ත ගොන්පාට් දාන කරූ ජයසූරිය හා චතුර සේනාරත්න ගේ පුත්‍ර රාජිත සේනාරත්න ව ගෙන්වන බවද එතුමියන් ලා මතක් කලේය.

සින්හල බ්ලොග් ලියනා උන්දැලාට දැන් අමා සැටක් දැනෙනු ඇත. විශේශයෙන් ම රාජිත ව අලුත් ව්යවස්තාව ප්‍රොමෝට් කිරීමේ මහ තැන ලෙස පත් කර ඇති නිසා දැන් සෝ කෝල්ඩ් සින්හල බ්ලොග් කරුවන් ගේ සන්සදය ලීකෙලි ලැබාගැනීමට නම් අලුත් ව්යවස්තාව ප්‍රොමෝට් කොරන්න යැයි නහයෙන් පෙන්නනු ඇත!
සරස තුමා අය වැය ඉල්ලූ එකට එකට එක කිරීම වසයෙන් වෝටර්ස් එජ් හෝටලේ ලීකෙලි  සම්මාන දෙනවා කියා නිවේදනය කල එයා මයිල් ලීකෙලි කස්ටිය දැන් කාන්තාවන් දෙදෙනෙකුත්, යහපාලනේ දේසපාලුවන් වන කරූ ජයසූරිය සහ රාජිත සේනාරත්නවත් ගෙන්නන්නේ සරස තුමාට දන්නන්නදැයි එතුමා ලී කෑලි කස්ටියගෙන් ප්‍රශ්න කර සිටී.

රෙදිත් ඇඳගෙන යහපාලු දේසපාලුවන් ගෙන්නන ලීකෙලි උලෙලවල්වලට සම්බන්ද කල්යාන මිත්‍ර තුමා සහ අටම්පහුර තුමා හට සරස තුමා ගේ විප්ලවීය ආචාරය හිමිවෙයි.

Tuesday, March 14, 2017

විශ්ව විද්යාලයට බැඳෙනා ආචාර්ය වරුන් සඳහා වූ ඩිස්ක්ලේමරයයි!




නවක වධකයන් අරක් ගත් ශ්‍රී ලාන්කික විශ්ව විද්යාල පද්දතිය පිරිසිදු කර නවක වධය තුරන් කිරීම සඳහා මූලික වන්නේ ආචාර්ය මන්ඩලයේ ඇති කැපවීමයි. 

නවකයෙකු වශයෙන් විශ්ව විද්යාලයට ඇතුලත් වන සිසුවා හොඳටම වධයට ලක් වී, ඊලඟ වසරේ තම ජූනියර්ස් ලාට ඊටත් හොඳට වධය දෙයි. 

අවසන් වසරෙන් පසු ආචාර්ය මන්ඩලයට බැඳෙන්නේ ද නවකයන් ට ගේම දුන් මෙම ශිශ්යයන් ම බව විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසමට නොපෙනෙන්නේ ජාතියේ අවාසනාවට ය.

එහෙත් කසිප්පු පෙරුව එකා ට පොලිසියේ පත්වීමක් ලැබිලා කසිප්පු අල්ලන්න කඩා පැනීම වගේ තමන් ශිශ්‍යයන් ව සිටි කාලේ ඇස්ටි හැලෙන්න නවක වධය දීලා ආචාර්ය මන්ඩලේට බැඳුනු පසුව නවක වධක සිසු සිසුවියන් ඇල්ලීමට යෑම එතරම් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ!

එම නිසා අලුතින් විශ්ව විද්යාලීය ආචාර්ය මන්ඩලයබඳවාගැනීමේදී මෙම කොටස ඔවුන් ගේ පත්වීමේ ලිපියට ඇතුලත් කරන ලෙස සරස තුමා විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටී! 

ඔබ නවක ව්ධය දී තිබේද?  ඔවු / නැත

ඉහත ප්‍රශ්නයට උත්තරය ඔවු නම් කරුණාකර පහත සඳහන් ඩිස්ක්ලේමරය අත්සන් කරන්න:

.................................................. වන මා විසින්, මගේ ශිශ්ය අවදියේ දී නවක සිසුන් හට නවක වදය දී ඇති බව පිලිගනිමි. එම මුග්ද ක්‍රියාව මගේ සමාජ විරෝදී ගොන්  කම නිසා සිදු කල දෙයක් වන අතර මා අතින් වධයට ලක් වූ සියලු සිසු සිසුවියන් හට මගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරමි. මා අතින් එවැනි මරිමෝඩ සමාජ විරෝදී වැඩක් මින් මතු සිදු නොවන බවටත්  වර්තමානයේ හා අනාගතයේ එවැනි වධ හින්සා කරනා අමන ශිශ්ය ශිශ්යාවන්ට විරුද්දව මගේ උපරිම ශක්තියෙන් ක්‍රියා කරන බවට
ත් දිවුරා පොරොන්දු වෙමි.

...................දින ............................දී කියවා බලා තේරුම්ගෙන අත්සන් කලෙමි.



 ප : ලි :

13/03/17 දින පාලන මිලෙන් ඉවත්වූ කුකුල්මස් මහතාට සරස තුමා ගේ බලවත් කණගාටුව්!

Sunday, March 12, 2017

හාෆ් සෙන්චරි හිටන්..

සරස තුමා ගේ පාසල් කන්ඩායමේ (86 කන්ඩායම ) උපන් වසර නම් 1967 යි. ඒ අනුව සරස තුමා ගේ පාසල් කන්ඩායමේ මිතුරන් ට මේ වසරේ අවුරුදු පනහ පිරේ.

මේ ඒ වෙනුවෙන් දින තුනක් පුරා සන්විදානය කර තිබූ සර්වරාත්‍රික පිරිත් දේසන, බන භාවනා වැඩසටහන් හා බෝධිපූජා පින්කම් වල චායාරූපයන් ය. සරස තුමා බෝ පැලයක් බව මෙයින් ඔබ සැමට පැහැදිලි වෙනු ඇත.


 මේ උපන්දින කේක් එකය...













Tuesday, March 7, 2017

හොර ඔප්පු ලියන්නන් ගෙන් බේරීමට කේවියට් එකක් දැමුවෙමි.

                                                                      

පහත වීඩියෝව ඉයන් ගේ අවදානය සඳහා ඇතුලත් කරනා ලදී!

ලන්ඩන් වල අය වැය විරෝධී ඇල්බට් අන්කල් සහ හොර ඔප්පු ලියා මාට්ටු වී ලන්කාවෙන් පලාගිය  ඉන්ටෙර්පෝල් රතු වරෙන්තුධාරී හාදයා ගේ නිර්මානයක් වන මහින්ද මහත්තයාට මඩ ගැහීමේ එකායන ප්‍රාර්තනයෙන් ආරම්බ කල සින්හලෙන් බ්ලොග් ලියන්නන් අන්දා සම්මාන දී තමන් අතට ගානක් කපාගැණීමේ වාර්ශික අහවල් එක මේ පාර වඩාත් උත්කර්ශවශ්‍රීයෙන් පැවැත්වෙන්නේ සරස තුමා ගේ නෙගටිව් ඇඩ්වටයිසින් වලට පින්සිද්ද වෙන්න බව කලාහිත තුමා පවසයි

 අය වැ‍ය ප්‍රසිද්දියට පත් නොකර මුදල් යටි මඩි ගසා ගැනීම කලාවක් නම් ලන්ඩන් වල තට්ට ඇල්බට් එහි පිකාසෝ බව අකමැත්තෙන් වුවද පිලිගැනීමට සරස තුමා ට සිදු වී ඇත.

මොකා වුනත් මොන වන්ගුවක් ගහලා ගානක් කපාගැණීම අගය කරනා සරස තුමා මලාට අයවැය නොපෙන්නන ලන්ඩන් වල තට්ට ඇල්බට් ට ද, හොර ඔප්පු ලියා මාට්ටු වී පොලීසියෙන් කට්ටි පැන ලන්ඩන් වලට වී ඉන්නා හාදයාටද සම්මාන දෙනවා කියමින් තිරය පිටුපස ඉඳන් කීයක් හෝ අතමිටමොලවා ගන්නා සියලු දෙනාට ද තම සුබපැතුම් පිරිනමයි.




ඒත් සරස තුමාට සිතෙන්නේ ගියවාරේ හෝල් සැපයූ කරුණාරත්න කියන උප ඇමැති මෙවර මෙගාපොලිස් සහ හප්පා පලා යන ඇමැති චම්පික රණවක ගේ පක්සෙට බැඳීම නිසා රණවක ගේ යටතේ ඇති වෝටර්ස් එජ් එක කරුණාරත්න හරහා ලැබෙන්නට ඇති බවකි.

චම්පික රණවක ගේ ගෝලබාලයන් ට වෝටර්ස් එජ් විසේස පහසුකම් ලැබෙනවා කියා අපට කියා දුන්නේ ඔහු ගේ හිටපු මිත්‍රයෙකු වන සුකී තුමා ය. 


 එවන් චූටි අවදානමක් ඇති නිසා, සම්මාන ගන්න ගිහින්, පිස්සෙක්, පිස්සෙක් වගේ හිසට කරන්ට් අල්ලාගන්නේ නැතිව ආපහු පරිස්සමින් තමතමන්ගේ නිවෙස් බලා යන එක ඔහෙලාගේ වගකීමක් බව සරස තුමා මතක් කර සිටී.


මෙවර හොරාට ඔප්පු ලියන්නා ද ඉන්ටර්පෝල් රතු වරෙන්තුවට කෝචොක් එකක් දමා වෙනත් නමකින්  ලන්කාවට ඒමට හැකියාවක් පවතින හෙයින් ආරක්ශිත ක්‍රියාමාර්ග ගැනීමට සරස තුමා ට සිදු විය. ඒ නිසා හෙට උදේම සරස තුමා ගේ නීතිඥ්ඥ මහතා හමු වී ඉඩකඩම් වල ඔප්පු වලට කේවියට් caveat එකක් දැමාගැනීමට සරස තුමා තීරණය කලේය.

නොදන්නා අය ගේ දැනගැනීම සඳහා : කේවියට් එකක් දැමූ පසු ඔප්පුවක් ලියා ඉඩමක් ලියාපදින්චි කිරීමට පෙර කේවියට් එක දැමූ තැනැත්තාටම අහක් කිරීමට සිදු වන බැවින් හොර ඔප්පු වලින් සිදු වීමට හැකි හතුරු ආන්තරා සිදු නොවේ.

 අවසාන වසයෙන් සරස තුමා සින්හල බ්ලොග් ලියන්නන්ට මේ පණිවිඩය දෙන්නට සූදානම් ය.

එනම්, ආදි කාලේ ගාල්ල ආසනයට අමරසූරිය තුමා ට එරෙහිව චන්දේ ඉල්ලූ W දහනායක තුමා කී පරිදි ම..  "මම ගහ හොලොවන්නම්, ඔහෙලා අහුලාගන්න කියා ය"!

Saturday, March 4, 2017

සින්හල බ්ලොග් අවකාසේ ව්‍යවස්තා නරිනාටක

සින්හල බ්ලොග් අවකාසේ ඊලඟට රඟදැක්වීමට නියමිතව ඇත්තේ ව්‍යවස්තා නරිනාටකයයි. බොහෝ විට මෙය අද්‍යක්ශනය කරනු ඇත්තේ ස්පොන්සර්ලාගෙන් ඉහගෙන කෑමට දක්ස  ලන්ඩන් වල ඇල්බට් තට්ට මහතා ය. 

වසර දෙක තුනකට ඉහත දී මහින්ද මහත්තයාට ගේම දෙන්න සැට් වුනු පඟර නැට්ටන් සියලු දෙනා ව එක් කර ගැනීම ලන්ඩන් වල ඇල්බට් අන්කල් ට සිම්පල් වැඩකි. සිරිකොතින් අනුග්‍රාකත්වයක් ලබාගෙන ඔබ තමුන්නාන්සේලා කඩේ යවමින් ශ්‍රී ලන්කාවට දැන් තිබෙනා ඉතාම දැවෙනා ප්‍රශ්නය වනාහී නව ව්‍යවස්තාවක් නැති බව යැයි ලන්ඩන් වල ඇල්බට් අන්කල්  නැති කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කොරනාවිට ඔහු ගේ සහචර බ්ලොග් ලියන්නෝ පන්තේරු ගසමින් ඩෙඟා නටනු ඇත.

පොඩි කාලේ ජේ වී පී කර නැත්තටම නැති වී ලාන්තරස් වෙලා දැන් යන්තම් සිරිකොත හැලි වලන් හෝදන ලියනා අප්පුලා නව ව්‍යවස්තාවෙන් අපේ රටට උදාවෙන ශ්‍රී සෞභාග්‍යය ගැන කැට තියමින් කතා කරනු ඇත. ඒ කතා ගල් පැලෙනා බොරු බව වටහාගන්න.

සින්හල බ්ලොග් අවකාසවාසී ගරු මැතිතුමනි, තුමියනි, හොරුන් ට අහු නොවන්න. කුලියට කඩේ යන්නන් සමග කඩේ යන්න එක් නොවන්න. ඔබගේ ස්වාදීනත්වය කිසිම කෙනෙකුට කිසිම කාරනාවක් සඳහා වුවත් පාවා නොදෙන්න!

සරස තුමා ගේ සතිඅන්ත පනිවිඩයකි!

Wednesday, March 1, 2017

සන්වේගයෙන් දැනුම්දීමයි!



ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් යෝජිත නව අය වැය ( අය වැය කියන්නේ තට්ට අජියලා නොදෙනා එක ය! ) ලේඛනයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ එක්සත් ජනපද ආධාර ආයතනයට (USAID) වාර්ශිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන 50.1 පමන මුදල 37% ප්‍රතිශතයකින් කපා හැර ඇති බව සරස තුමා දන්වන්නේ සන්වේගයෙනි.

ඇමෙරිකා එක්සත් ජනපදයට අකමැති රාජ්‍ය නායකයන් ව පන්නා දමා රෙජීම් චේන්ජ් කොරන්න යොදාගත් එම ඩොලර් බිලියන 50.1 මුදල ට තට්ටු වීම නිසා අමෙරිකන් ගැති රාජ්‍ය නොවන සන්විදාන වලට හොම්බෙන් යන්න සිදුවීම ඉර හඳ සේ විස්වාසය. 


මීටත් වඩා කණගාටුදායක කතාව වන්නේ අමෙරිකා එක්සත් ජනපදය මගින් එක්සත් ජාතීන් ට ප්‍රදානය කරනු ලබන මුදල් ද 40% ක ප්‍රතිශතයකින් කපා දමනු ලැබීමය... (සමහර විට UNDP සල්ලි ලී කෑලි බෙදනා හොර සම්මාන වලට දීලා මාට්ටු වුනු නිසා වෙන්න පුලුවන..)

මෙම අරමුදල් කපාහැරීම නිසා ශ්‍රී ලන්කා වි‍යවස්තා මන්ඩලේ වැඩවාසය කරනා පවුල් ගහේ මුදුන් මුලක් වූ සර්වෝදය නායක ආරියරත්න ගේ පටන් කලින් ජවිපෙ දැන් එජාප සිරිකොත හැලි වලන් සෝදන ලියන අප්පුලා හරහා සින්හල බ්ලොග් ලියන්නන් මුරුන්ගා අත්තේ තබා ලීකෑලි සම්මාන දී ගාන කපාගෙන අනුන් ගේ මුදලින් ලන්කාවට ඇවිත් තරු පන්තියේ හෝටල වල නිවාඩු ගත කරනා ඇල්බට් අන්කල් ලා තෙක් හැම දෙනාටම සෙනසුරු අපලයක් ලබනා බව පෙනේ.

 සිරිකොත ආශ්‍රිතව ගෘහ කර්මාන්ත වල යෙදෙනා එම කලින් ජවිපෙ දැන් එජාප සිරිකොත හැලි වලන් සෝදන ලියන අප්පුලා සහ අනුන් ගේ මුදලින් නිවාඩුවට ලන්කාවට කඩා පාත් වී ලී කැබලි බෙදනා ඇල්බට් අන්කල් ලා ට උපකාරයක් වශයෙන් සරස තුමා මේ ඔත්තුව දෙන්න කැමති ය. එනම් පෙර්පෙචුවල් ට්‍රෙශරීස් මාධ්ය ජාලය කුලියට ලියන්නන්, හැලි වලන් සෝදන්නන් හයර් කරනා බව ය. තම දැලිගෑවුනු නම සුදු කිරීමට සම්මාන ලී කෑලි වලටත් මුදල් දෙන්න ඒගොල්ලෝ සූදානම් ය.

අයදුම්පතක් දැම්මොත් නරකද හිටන්?