Tuesday, April 18, 2017

යෝජනා හා චෝදනා වලට ආරාධනා


අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම මැතිඳුන් හෙල වියුනු ලොව දෙස බස රැස ලැදි එකතුවේ ගෞරව බහුමානයට පත් වූ වියත් රසකාමියෙකු බව පාඨක ඔබ සැම දන්නේය.


 ගරු සරසතුමාගේ සෑම වියුණු සටහනක් ම පාහේ අවම ලෙස ආලෝචන සියයක් පමණ ලබන නිසා ඔබතුමාට ඇතැම් ආලෝචන මඟ හැරේ. ගරු සරසතුමනි, ඔබතුමා රාජ්‍ය සේවයට බැණ වදිමින් එහෙත් රාජ්‍ය සේවයේ නියුක්ත තම භාර්යාවගේ වැටුපෙන් යැපෙන ඊනියා වෘත්තිය වියුණුකරුවකු නො වන නිසා ද ඔබතුමා පිළිගත්, කාර්යබහුල වෘත්තිකයකු වන නිසා ද ඔබතුමාට ඇතැම් ආලෝචන මඟ හැරීම සාධාරණ තත්ත්වයකි. එනිසා මම පහත යෝජනා ඔබතුමා වෙත ඉදිරිපත් කරමි:

1.මල්ලේ පොල් වියුණුවට අනුබද්ධිත ව මල්ලේ පොල් පදනමක් පිහිටුවීම.

2.එහි භාරකාරත්වය සඳහා නිශ්චිත නිල නාමයක් රහිත ශෝභමාන ලලනාවක පත් කිරීම (මේ සඳහා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, සී.එම්.එස්. කාන්තා විද්‍යාලය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය, හිල්වුඩ් විද්‍යාලය, මහාමායා විද්‍යාලය ඈ ශාස්ත්‍රාලයක ශික්‍ෂණය ලද ලලනාවක තෝරා ගැනීම යහපත් ය).

3.මල්ලේ පොල් වියුණුව කළමනාකරණය මල්ලේ පොල් පදනමේ ලලනාවට බාර කිරීම.

4.මල්ලේ පොල් පදනමට පත් කර ගනු ලබන ලලනාව ද සහභාගී කර ගෙන මාධ්‍ය සාකච්ඡා කීපයක් පැවැත්වීම. (මාධ්‍ය ඉදිරියේ දී කෝප නො වී සිටීමට පදනමේ ලලනාවට විශේෂ පුහුණුවක් ලබා දීම යහපත් ය).

5.මල්ලේ පොල් වියුණුවට චෝදනා ලැබෙන කල ඔබතුමා මල්ලේ පොල් වියුණුවේ සංස්කාරක පමණක් බව සඳහන් කර සියලු චෝදනා මල්ලේ පොල් පදනමට යොමු කිරීම.


 මේ සම්බන්දයෙන් පාඨක ඔබගේද යෝජනා හා චෝදනා සරස තුමා ගෞරවයෙන් බලාපොරොත්තු වෙයි!

Saturday, April 15, 2017

යහපාලන ආපදා කලමනාකරණය..



අනාචාරිය පිනාචාරිලා, ගාමිනී අන්ගොඩලා, පිස්සු සෝබිතලා, පිරිමි මිසීලා, දබර අමිලලා හා අලුත් පරපුරේ කොලකලාකරුවන් විසින් අප් කරන්නට යෙදුනු, ලෝටස් අජිත්ලා, මාතලන්ලා, ඉයන්ලා, ඉන්දිකලා, රාජ් ලා ඇතුලු අටෝරාසියක් බ්ලොග් කරුවන් ගේ වන්දිභට්ට ලියවිලි වලින් දිලෙන්නට සැලැස්වූ යහපාලනේ ආපදා කමනාකරණයයි මේ.

කුණු කන්ද කඩා වැටී පැය අටක් ගතවෙලාත්, එකම ට්‍රැක්ටරයක්වත්, එක්ස්කැවේටරයක් වත් යොදා අබලි ද්‍රව්‍ය ඉවත් නොකිරීම ගැන ප්‍රදේශවාසීන් චෝදනා කරනා අන්දමද , ඊට පිලිතුරු ලෙස පොලොස්පති කොලොන්නාවේ තියෙන්නේ ප්‍රාදේසීය සබාවක් ද කියා අසන අන්දමත් කොලොන්නාව මහ නගර සභාවේ වගකිවයුතු කෙනෙක් හෙට උදේට ට්‍රැක්ටරේ එවන්නට සූදානම් වීමත් යන උන්මත්තක කතා ඔබට මේ වීඩියෝවෙන් නැරඹිය හැකිය!



නිවාස 150 වඩා කුණු කන්දට යට වෙලා තිබියදීත් "නෑ සර්, කිසිම ප්‍රශ්නයක් නෑ" කියා දුරකතනයට උත්තර දෙන නීතිය නවා කුණු හන්ගන පොලිස් ලොක්කන් සිටින්නේද යහපාලනේ බව සිහි තබාගත යුතුය!






ප්‍රස්නයක් නෑ.... සිගරට් වෙලෙඳාම අඩු වුනා නේ....

Wednesday, April 12, 2017

සොබාවික ශාක පොහොර / හෝමෝන

දේසපාලනය දැන් අප්‍රසන්නය, දේසපාලනයෙන් තොර දෙයක් ලියන්නය කියලා සරසාශ්‍රිත [(c) PraJay ] එනම් සරස තුමා ගේ මල්ලෙ පොල් වියුනුව අත නොහැර ආලෝචනා පල කරනා ගරු කටයුතු ඇනෝ වරයෙක් පසුගියදා ඉල්ලා සිටියා. එම ගරු ඇනෝ තුමා ගේ ඉල්ලීමට පිලිතුරු වසයෙන් එතුමාට ගෞරව පූර්වකව මා මේ වියුනුව පලකරනවා. 

පසුගිය වසරේ සරස තුමා ආරම්භ කල නිවාඩු නිකේතන ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස එහි භූමියේ පලදායී භෝගයක් වගාකිරීම දැන් කෙරීගෙන යනවා. ඉඩම පිලියෙල කරගෙන තේ පැල සිටුවා දැන් මාස හයක් පමන වෙනවා. පසුගිය මාස කීපයේ පැවති දැඩි නියඟ නිසාම තේ පැල වැඩීම බාල වුවත්, ඒකටත් එක්ක දැන් දිනපත වරුසාව කඩා හැලෙන නිසා තේ පැල සාරෙට වැඩෙනවා.

තේ පැල සිටෙවුවාම සති දෙකක් ඇතුලත එයට පොහොර දමන්නය කියලා අවවාද ලැබුනු නිසා පෝර ඉඩමේ කොටසක තිබූ පැල වලට දැමිල්ලත් කෙරෙවුවා. හැබැයි මා එය එතරම් කැමැත්තකින් කල දෙයක් නෙවෙයි.

පසුව මට අපේ ලන්කා සිතිවිලි තුමා ලිවුව ලිපියක් මතක් වෙලා ඒක හොයාගෙන කියෙවුවා. ඇත්තටම ඒක එතුමා ගේ ලිපියකට ආලෝචනයක් වශයෙන් තිබිලා මට සොයා ගන්න හැ
කි වුනා..

එතුමා ගේ වචනයෙන් ම කියනවා නම්:
 
අනෙක් කරුණ ශුද්‍රජීවින් යොදාගැනීම. සරල ක්‍රමයක් පැහැදිලි කරලා තිබුන සොබාවික හෝමෝනයක් ඇතිකර ගැනීමට, මිට මාළු ග්රෑම් 500ක් සක්කර (හකුරුත් )ගත හැකියි ග්රෑම් 500 ක් සමග මිශ්‍රකර (මාලු කුඩාවට කපාගන සහ හකුරු කුඩු කරගෙන ) දවස් 15ක් වසා තබන්න ඉන්පසු ඔබට පැනියක් වැනි දෙයක් ලැබෙයි, මෙය 1 ක ගොටසට වතුර 20 දමා මල් නොඑන ගෙඩි නොඑන ඇස්වලට ගසන්න.

 මම ලන්කා සිතිවිලි තුමා ගේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් කලා. මේ වෙනුවෙන් ම මාලු ගන්නවා වෙනුවට  ගෙදර කෑමට ගේන මාලු වල ඔලු වරල් හා අනෙකුත් අහක දමන කෑලි ප්ලාස්ටික් කෑන් එකකට ද්මා එයට සක්කර කැට දාලා වහලා තිබ්බා, ඇතුලේ වායු හැදෙනා නිසා කෑන් එකේ මූඩිය කීප සැරයක් ම අරින්න සිද්ද වුනා. එපමනයි. මාස දෙකකදී පමන සියලු දේ දියවුනු ද්‍රාවනයක් ලැඹුනා. තේ පැල වලට පෝර දානවා වෙනුවට එම ද්‍රාවනේ 1: 20 අනුපාතයට ජලය සමග මිශ්‍ර කර පැල වලට ඉස්සා.

මේ ක්‍රමය සාර්තක වුනු නිසා වැඩිම වාසි ලැබුනේ අපේ කසල බැහැර කිරීමේ ක්‍රමයටයි.

අප සැවොම දන්නා පරිදි ලන්කාව පුරාම පලාත් පාලන නියෝජිතයන් නැති නිසා කසල බැහැර කිරීම අන්තිම දුර්වල වෙලා තිබෙනවා. එවැන් පසුබිමක, මාලු අපද්‍රව්‍ය කසල බාල්දි වල මලු වල දමා තිබුනාම බල්ලෝ ඇදලා එකම අප්‍රසන්න කාලගෝට්ටියයි.

දැන් සරස තුමා ගේ නිවසේ
මාලු අපද්‍රව්ය එකතු කරන්න ප්ලාස්ටික් කෑන් තබා තිබෙනවා.... පාවිච්චි කල සොෆ්ට්ලාන් කෑන් වලට අපි මාලු අපද්‍රව්ය එකතු කරලා ඒකට උක් හකුරු සක්කර ටොප් අප් කරනවා.  සුමාන තුනකදී පමන එම මාලු අපද්‍රව්‍ය දියවෙලා කුනු ගඳ නොගසන දියරයක් බවට පත් වෙලා... එම දියරය පොහොර ලෙස යොදන්න පුලුවනි!!!

 මේ පොහොර / ශාක හෝමෝනය හොඳ ප්‍රතිපල දෙන බව දැන් මා අත්දැකීමන් ම දන්නවා. මගේ බලාපොරොත්තුව එය දිගටම පාවිච්චි කරන්නයි.

පසුගිය මැතිවරනයේදී එ ජා පය තේ දලු කිලෝවකට රුපියල් 85ක් පොරොන්දු වුනා. ඒත් චන්දෙන් පස්සේ ඒක රුපියල් 55 ට පල්ලම් බැස්සා. පසුගිය සති කීපයේ සිට නැවත තේ දලු වලට හොඳ මිලක් තිබෙනවා. දැන් දලු කිලෝවක් රුපියල් 98 පමන වෙනවා.

කුඩා දලු හිමියන් ගේ පලදාව වැඩි කරන්න ලන්කා සිතිවිලි තුමා කියාදුන්න මේ ක්‍රමය යෝදා ගත්තා නම් අපේ ලොකුම පාරිසරික ගැටලුවක් ද විසඳන්න හැකි වෙන බව සරස තුමා ගේ විස්වාසයයි!

Sunday, April 9, 2017

ස්තූති කිරීමයි.




වැරදි පෙන්වාදී ඒවා නිවැරදි කිරීමට යොමුකිරීම හා හොඳ දේ දුටුවාම ඒවා අගේ කිරීම සරස තුමා ගේ යුතුකමයි.

ජානදිපතිවරනෙට කලින් සින්හල බොග් වීරයෝ ද, සමාජ ජාලා ඔස්තාද් ලා ද, සුවයන්පන්ඩිත ක්‍රියාකාරීන් ද මේ රට චීනෙට විකුනනවා කියා මහා සද්දයක් නැගීය.

චීනා නය දෙන්නේ ගිනි පොලියට කියා හර්ශ ද සිල්වා හිටපු ආර්තික විසේසඤයා උඩු බුරලීය.

චන්දෙන් දිනුවාම අමෙරිකාවේ සහ යුරෝපයේ උදවුවෙන් ලාබෙට පොලී රහිත නය අරගෙන මේ රට කේතුමතී පුරයක් කොරනා අන්දම මවපෑය..

චන්දේ දිනාපු හුටන් තුමා ලෝකේ වටේ වටවන්දනාවේ ගිහිනුත් තුට්ටු දෙකකට වඩා ආදාර වසයෙන් ලබා ගැනීමට නොහැකිව අපේ රටට ලැබුනු අන්තර්ජාතික පිලිගැනීම ගැන අත්මේස් නොමැතිව උඩ පැන්නේය.

මේ අතර අමෙරිකානු ඩොලර් මහතා තම ගනන් පෙන්වමින් රුපියල් එකසිය පනහේ psychological barrier එක පනිමින් සිටිමි.

තම බටහිර මිතුරන් ගෙන් තඹ සතයක් නොලද රනිල් තුමා චීනය ර ගොස් බේජින් නුවර දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ පුදා ගනීමට වන්දනා ගමනක් යන බව අපට ආරන්චි ය.

යහපාලකයෝ තහනම් කල පෝට් සිටිය නැවත ඇරඹීමට චීන්නු පැමිනෙති...
වැල්කම් බැක්!
 
 
අද වන විට අමෙරිකානු සහ ඉන්දියානු ආදාර අරගෙන යහපාලනේට  කඩේ ගිය බොරු බුද්දිමතුන් ලා සහ සාමාන්ය ඉයන් ලා (simple Simon et al) ගේ චීන විරෝදී ගොන් පාට් කම්මුතු කරමින් යහපාලන ගොම්බිජ්ජෝ මාගම්පුර වරාය හා පෝර්ට් සිටිය චීන ව්‍යවසායකයන් ට විකුනා දමා ඇත. යැන්කි ඩිකී ගේ බෑනා අතින් ම  එලඹෙන ලෝක බලතුලනයේ යෝදයෙකු වන චීනයට ඔවුන් ගේ ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් නම් ආරක්ශක සැළැස්මට අනුකූලව ඕනෑවටත් වඩා උදවු උපකාර කිරීමට සිදුවීම දෛවයේ සරදමකි!
 
 චීන පරිපාලනය යටතේ ඒ ආයතන දිනෙන් දින දියුනුවට පත් වෙන බව සරස තුමා විශ්වාස කරයි!
 
 වඩාත් ම සතුටට කාරනය වන්නේ යහපාලකයන් ට තග දමා බය කරමින් ක්‍රියා කරනා චීන මහජන සමූහාන්ඩුවේ තානාපති තුමා කුමක් හෝ වැදගත් ගිවිසුමක් යහපාලනය සමග එලඹුනු වහාම පසු දිනම මහින්ද මහත්තයා හමුවීමට එතුමාගේ නිල නිවෙසට ගොස් කරුනු පැහැදිලි කරදීම ය.... අපි තාමත් මහින්ද ලොක්කාට සලකනවා කිය යහපාලකයන් ට පෙන්වීම ය!

Thursday, April 6, 2017

අර්ජුන් මහේන්ද්‍රන් ගේ ඌරු වයස





ශ්‍රී ලන්කා මහබැන්කුවේ මුදල් නයට අරන් වැඩි පොලියකට ශ්‍රී ලන්කා මහබැන්කුවටම පොලියට දුන් හිටපු මහ බැණ්කු අදිපති යූ ඇන් පී ලොක්කා ගේ ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන්, එතුමාගේ ඌරු වයස ගෙවා දමමමින් සිටී. 

  එතුමා ඌරෙකු වන්නේ  සෙනසුරු අපල කාලේ විශ්නු දෙවියෝත් බට කැලේක ඌරෙක් වෙලා හිටි ක්‍රමවේදය අනුව ය.

මේ රට කාපු ජනාදිපති වන සොරිසේන ගේ මෝඩ කමට පත් කරන්නට යෙදුනු බැඳුම්කර වන්චාව පිලිබඳ ජනාදිපති කොමිසමේ දී
අර්ජුන් මහේන්ද්‍රන් ගේ හිටපු යටත්වැසියෝ විනෝදාත්මක සාක්කි දෙන්න පටන් අරගෙන බව පුවත්පත් වලින් දැනගත් අර්ජුන් මහේන්ද්‍රන්   ඔහුගේ නීතිඥ්ඥයා ලවා මොනාද කාපු රිලවෙකු වගේ සාක්කි දෙන අය දිහා බලාගෙන ඉන්න අවසර ඉල්ලීය.
අර්ජුන් මහේන්ද්‍රන් ගේ ඌරු වයස ලබාගෙන එනු දුටු ජනාදිපති කොමිසන් කාරයෝ එම ඉල්ලීමට ඉඩ දුන්නේය. දැන් අර්ජුන් මහේන්ද්‍රන් තුමා හෙනහුරා ලැබූ විශ්නු දෙවියෝ මෙන් බටකොල කමින් ඌරු සෙයියාවෙන් ජනාදිපති කොමිසමේ සාක්කි දීම බලාගෙන සිටී.

අර්ජුන් මහේන්ද්‍රන් ගේ ඌරු වයසේ උච්චවීම සිදු වුනේ අද ය. ඒ කොමිසම් සාමාජික විනිසුරු චිත්‍රසිරි මැතිතුමා ගේ අතටම අසු වන පරිදෙන් හා කොමිසමට අපාහාසයක්, අගෞරවයක් වන පරිද්දෙන් අර්ජුන් මහේන්ද්‍රන් තුමා ඔහු ගේ ස්මාර්ට් ෆෝන් එක ඔබ ඔබා සිටීම ය. 

 මල පැනපු විනිසුරු තෙමේ, අර්ජුන් මහේන්ද්‍රන් තුමා ගේ නීතිඥ්ඥයන් කැඳවා තුමා ට ටොක්කක් ඇන කන් දෙක අල්ලන් ගෙම්බා පනින්න කියා දඬුවමක් දුන්නේය.

අහෝ... රටක් රාජ්ජයක් වගේ හිටි
අර්ජුන් මහේන්ද්‍රන් තුමා ට සිද්ද වුනු විපතක මහත!!



කරුමේ කියන්නේ  බැඳුම්කර සොරකම වැනි දූසන වන්චා කොපමනක්  මේ යහපාලනේ යටතේ සිදු වුවත්, ඉයන් හා ඔහුගේ සින්හල බ්ලොග් ලියනා ලිලිපුට්ටන් රැල ට තාමත් අගේ යහපාලනේ වීම ය! 

දැන් හම්බන්තොට හොඳ ය.. ගල් නැත...මත්තල  වී ගබඩා කරනු නොලැබේ.. පෝර්ට් සිටි මනරම් ය... මේ කේතුමතී ගේ ආච්චිගේ දේසයයි!

Wednesday, April 5, 2017

නෙලුම්යාය සම්මාන උලෙලේ නව හිමිකරුවන් ගේ දැනගැනීම සඳහා....






මෙවුවා කතා කරන පින්තූර වේ. 

මොකද කියන්නේ... ආපහු ලන්කාවට ඇවිත් හොරාට ලියාපු තෑගි ඔප්පු ආයෙත් හොරාට ලියලා කාට හරි විකුනමුද හිටන්?

Sunday, April 2, 2017

සිරියාවතී ට කරදරයක්...




මිනිස්සු කරදරේට වැටෙනවාට සරස තුමා අකමැති ය. යමෙක් අමාරුවේ වැටෙනවා තේරුනාම සරස තුමා ඒ මිනිසුන් ට කේස් එක පෙන්නාදී පරෙස්සමින් ඉන්නා ලෙස දන්වයි.  ( බොරු නම් නෙලුම්යාය හිටපු වැඩ්ඩෙක් වූ පසුගියදා පස්චාත් භාගයට වලලු දාපු අතකින් පා පහර ලබා එලියට වීසි වූ අජියා ගෙන් අහන්න ). 

ස්තුලභාවයෙන් අභියෝගයට ලක් වූ (මහතයි කියලා පොලිටිකලි කරෙක්ට් විදියට ලියන්නේ එසේ ය ) සිරියාවතී මහත්මිය, සරස තුමා වන මා ඔබ හට  දැනුම් දෙන්නේ අනාගතයේ පරෙස්සමින් ඉන්නා ලෙස ය.

 ගරු සිරියාවතී මහත්මිය. ඔබ වාසය කරන්නේ ඉතාමත් කෲශ වූ සිරුරක් හිමි සිරියාලතා මහත්මිය ගේ නිවෙසට එහා නිවසේ බව ඔබ දන්නෙහිය. එසේම එකී සිරියාලතා මහත්මිය සෙවය කරන්නේ ගරු සිරිපාල රියැදුරු මහතාගේ ගෘහ සේවිකාව ලෙස බවත් ඔබ නොදන්නවා නොවේ.

එහෙත් ගරු සිරියාවතී මැතිනියනි, ඔබ නොදන්නා කාරනා කීපයක් ම දැන් මතු වෙමින් ඇවිත් ඔබේ භෞමික අඛන්ඩතාවයට සහ ඒකීය භාවයට හානිකර ලෙස පෙලගැසෙමින් තිබේ.

ඔබ නොදැන සිටින්නේ පෙර කී සිරිපාල රියැදුරු තුමා සේවය කරන්නේ බැඳුම්කරාචාර්ය ගරු අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසේ බව ය. ගරු ජනාදිපති සොරිසේන තුමා අද (අප්‍රේල් 02 දින ) කොලඹදී පැවති ශ්‍රී ල නි ප තරුණ සමිතියේ දී තමන් වහන්සේ ඕනෑම දේස්පාලන පක්සයක ඕනෑම තරාතිරමක් දරනා කෙනෙක් රටේ ආර්තිකයට පහර වැදෙන සේ සොරකම් වන්චා කරයිද ඒ තැනැත්තාට නිර්භීතව සහ සෘජුව නීතිය ක්‍රියාත්මක කරණවා යැයි සින්හ සෙයියාවෙන් ගර්ජනා කල බව ය.   

 ගරු සිරියාවතී මහත්මිය,
 මදක් කල්පනා කර බලන්න. දැන් රජ මාලිගයේ දන්ඩනායක ඇතා වැරදිකාරයා පාගා මැරීමට බැඳුම්කරාදිපති අර්ජුන් මහතා ගේ නිවෙසට යන කල, සිරිකොතින් ලැබෙනා කෙටි පනිවිඩය නිසා වමට හැරී සිරිපාල රියැදුරු මහතා හමුවීමට නොයන්නේද? ඉන්පසු ත්මා පාගා මරන්න එන හස්තියා දැක සිරිපාල රියැදුරු තුමා පුන්චිඅම්මාගේ පුතා ට දුරකතනයෙන් අමතන්නේ නැද්ද? එම දුර කතන ඇමතුමට ප්‍රතිචාර ලෙස  රටේ මිනිසුන් ට දුන් පොරොන්දුවලට අනුව කාව හෝ දන්ඩනයට යටත් කල යුතු නිසා නැවත රජ මාලිගයෙන් හස්තියා ව ගයිඩ් කරන්නේ සිරිපාල රියැදුරු තුමා ගේ ගෙදර වැඩ කරනා සිරියාලතා මහත්මිය ගේ නිවෙසට නොවේද?
ගරු සිරියාවතී මහත්මිය, දැන් මදක් නැවතී හිතා බලන්න.

සිරියාලතා මහත්මිය වැනි කෲශ වූ ඇටසැකිල්ලක් පාගා මරා උගේ ශී පාදයේ  තුවාල ඇති කර ගැණීමට රාජකීය හස්තියා ගේ භාරකාර කුජීත තුමා හස්තියාට ඉඩ දෙයිද? 

එවන් රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයක දී සාමාන්‍යයෙන් සිදු වන පරිදි අලියාට පාගන්න සිරියලතා මහත්මිය ගේ නිවෙස අහල පහල ඇඟක් බඩක් තිබෙනා කෙනෙකුට ඉන්නේ කවුද?

ස්තුලභාවයෙන් අභියෝගයට ලක් වූ ඔබ තුමිය පමනක් ම නේද?

දැන් ඔබට ඔබ සිටිනා භයානක අනතුර තේරෙන්න ඇතැයි ද ගරු සරස තුමා ඉතාම කාරුණිකව ඔබ හට කල මේ පෙර දැණුම්දීම නිසා හැකි ඉක්මනින් ඔබතුමිය ගේ ස්තීර පදින්චිය වෙනස් කරගෙන සොරිසේන ගේ රාජකීය හස්තියා ගේ පාදස්පර්ශයට පත් නොවී බොහෝ කල ජීව්ත් වෙන්නට වාසනා ලැබෙනු ඇතැයි ද ගරු සරස තුමා ඉත සිතින් ප්‍රාර්තනා කර සිටී!