ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රමිති ගැන හැමෝම කතා වෙන කාලයක් නේ මේක.
GMOA වෛද්‍යවරු ඇතුලු බොහොමයක් ශ්‍රී ලාංකිකයන් හිතන්නේ රජයේ විශ්ව විද්‍යාල ප්‍රමිතියෙන් බොහොම උසස් කියලා. මොකද එසේ ප්‍රමිතියෙන් උසස් වෙන විදියට නීති රීති පනවලා තියෙනවනේ.
හැබැයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ නීති නවන්න ලෝක ප්‍රසිද්දියට පත් වෙච්චි උදවිය කියලා කාටත් අමතක වෙලා වගේ. ඉතින් සරස තුමා මේ කතාව ලියන්නේ එසේ අමතක වෙච්චි අයට සිහි කැඳවීමක් කරන්නයි.
සරස තුමා පලමු වසරෙ භෞතවේදය (Physiology) විශය හදාරනකොට රටේ නම් දරාපු ආචාර්ය මන්ඩලයක ගෙන් ඉගෙනගන්න එතුමාට අවස්තාව උදාවුනා. ප්‍රසිද්ද පියානෝ වාදකයෙකු හා සන්ගීතඥයෙකු වූ මහාචාර්‍ය වැලන්ටයින් බස්නායක මැති තුමා ගෙන් ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක්. එතුමා ට පුලුවන් සින්හල දෙමල සහ ඉන්ග්‍රීසි භාශා ත්‍රිත්වයෙන් ම උගන්වන්න. එතුමා ගැණ වෙනම බ්ලො ලිපි කීපයක් ලියන්න කාරනා සරස තුමා ගේ මතකයට එනවා.
මහාචාරිනී මාලිනී උඩුපිහිල්ල, මහාචාරිනී ප්‍රේමලතා බාලසූරිය, වෛද්ය නීටා ජයසින්හ, වර්තමාන වෛද්‍ය පීට පීඨාදිපති මහාචාර්ය වජිර වීරසින්හ, වෛද්ය ජයන්ත රාජරත්න වැනි දක්ශ ආචාර්ය මන්ඩලයක් හිටපු භෞතවේද දෙපාර්තමේන්තුවේ එක්තරා වෛද්යවරියක් තාවකාලික ආචාර්යවරියක් ලෙස සේවය කලා. අපට ඇය කලේ එකම එක දේශනයක් බව සරස තුමාට හොඳටම මතකයි.
තාවකාලික සේවයේ හිටි ඇය ස්තීර කතිකාචාර්ය වරියක් වෙන්න අපමන උනන්දුවකින් වැඩ කල බව ඒ කාලේ ප්‍රසිද්ද රහසක්.
කොපමන උත්සාහ කලත් ඇයට ස්තීර ආචාර්ය වරියක් වෙන්න බැරි වුනේ ඇගේ අධ්‍යාපන සුදුසුකම් නිසයි. මෙයා ශිශ්‍යාවක් ව හිටි කාලේ හැම විබාගයකම අඩුම තරමේ එකම එක විශයක් හෝ අසමත් වෙලා නැවත විභාගය ට සාබාගී වෙලා තියෙන කෙනෙක්. අවසාන විබාගෙත් ෆේල් වෙලා. පන්ති සාමාර්ත නැහැ. කිසිම විශයකට සම්මාන සාමාර්ත නැහැ.
ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල රජයේ අන පනත් මගින් පවත්වාගෙන යන ප්‍රමිතිය නිසා මෙවැනි ඌන සාමාර්ත සහිත අයට ස්තීර ආචාර්ය මන්ඩලයට බැඳෙන්න බැහැ. ප්‍රමිතිය කියන දේ වටින්නේ ඒ නිසයි.
පසු කාලෙක ඒ ආචාර්යවරිය දන්ත වෛද්‍ය පීඨයේ තාවකාලික සේවයට ගියා කියලා ආරන්චියක් පැතිර ගියා.
කාලය ගෙවිලා සරස තුමා ල පාස් අවුට් වෙලා ආචාර්ය මංඩලේට බැඳිලා පස්චාත් උපාදි අරන් ආපහු ලන්කාවට ආවා. ආචාර්ය වරිය තාවකාලික සේවයේ හිටියේ.
වසරකට පමන පස්සෙ දැනගන්න ලැබුනා අර පෙර කී ආචාර්යවරියත් ක්‍රම සහ විදි පාවිච්චි කරලා ස්තීර සේවයට බැඳිලාය කියලා.
ක්‍රමය සිම්පල්.
ඇය ගේ නියෝජිතයෙක් ඉස්සෙල්ලාම ෆැකල්ටි ක්ලබ් එකේ දී පරිපාලනය සමග ඩීල් එකක් දාගෙන (පේරාදෙනි විශ්වවිද්යාලය ඇසුරු කල හැමෝම හයරින් ඇන්ඩ් ෆයරින් වලට ෆැකල්ටි ක්ලබ් එකේ දායකත්වය හොඳහැටි දන්නවා).
ඊට පස්සෙ විශ්ව විද්යාල පරිපාලනය දන්ත වෛද්ය පීටේ එක්තරා දෙපාර්තමේන්තුවක ස්තීර කතිකාචාර්‍ය තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා අයැදුම් පත් කැඳවනවා.
නියමිත සුදුසුකම් ඇති පාලොස් දෙනෙකුත් කිසිම සුදුසුකම් නැති අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා. කලින් කතාකරගෙන එකඟතාවයකට පැමින ඇති පරිදි, පරිපාලනය එම පුරප්පාඩු දැන්වීම අවලන්ගු කරනවා.
නැවතත් විශ්ව විද්යාල පරිපාලනය එම තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා
අයැදුම් පත් කැඳවනවා.
මේ පාර නියමිත සුදුසුකම් ඇති දාහතර දෙනෙකුත් අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා. නියමිත සුදුකම් ඇති එක් අයදුම්කරුවෙකු ට වැඩේ එපා වෙලා. පරිපාලනය එම පුරප්පාඩු දැන්වීමත් අවලන්ගු කරනවා.
අනේ පින්වතුනි මේ සෙල්ලම පාලොස් වතාවක් කරනවා.
සියලු සුදුසුකම් සැපිරූ අයදුම්කරුවෝ වෙන රැකියා හොයාගෙන මේ තරඟයෙන් ඉවත් වනවා...
පාලොස් වතාවක් අවලන්ගු කල මේ තනතුර සඳහා අන්තිමට දාපු දැන්වීමට අයැදුම් කරන්නේ අපේ කතා නායිකාව විතරමයි.
පුදුමයි ඒත් ඇත්තයි, ඒ පාර විශ්ව විද්යාල පරිපාලනය සම්මුක පරීක්ශනය තියලා අයදුම් කල එකම අයදුම්කාරි ව තනතුරට තෝරා ගන්නවා...
ඊට පස්සෙ අර ෆැකල්ටි ක්ලබ් එක හරහා ම ඇය ගඟෙන් එගොඩ පීඨෙ ගොන් පාට් කාරයෙක් එක්ක එකතුවෙලා බොරු පරීක්ශනයක් කරලා නිබන්දනයක් ලියලා MPhill උපාදියත් ලබාගෙන ජේශ්ඨ කතිකාචාරිනියකුත් වෙනවා. දැන් සමහර විට මහාචාරිනියක් වෙන්නත් පුලුවනි...
සරස තුමා මේ කතාව යාලුවෙකුට කිවුවාම එයා විස්වාස කලේම නෑ... මොන පිස්සුද, ඔය දන්ත වෛද්ය පීටෙ මහාචාර්‍යවරයෙක් නේ ටී වී එකේ සාකච්චා වලට SAITM පැත්ත වෙනුවෙන් සාබාගී වෙන්නෙ... ඔය කතාව ඇත්තනම් වල ප්‍රමිතිය අවුල් ය, සුදුසුකම් නැති ආචාර්යමන්ඩලයක් ය ඉන්නේ කියලා කියලා එයා ප්‍රසිද්දියේම කියන්නෙ නැද්ද??? යාලුවා සරස තුමාගෙන් ඇහුවා.
යාලුවා දන්නේ නෑ අපේ ඌනසාමාර්ථ කතානායිකාව කසාදා බැඳලා ඉන්නේ SAITM වෙනුවෙන් නිර්භීතව සටන් වදින ඒ මහාචාර්ය තුමා ය කියලා.! ඉතින් කොහොමෙයි දන් වලඳන්නෙ හිටන්???