Monday, May 8, 2017

ලුවක් කෝපි ( Kopi Luwak ) සහ කලවැද්දා!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුමා ගේ කෝපි බීමේ පුරුද්ද ගැන නොයෙකුත් දේශපාලන කතිකා අප අසා ඇත්තෙමු. 

එයින් වඩාත් ම ප්‍රසිද්ද කතාව නම් ඒකාලේ එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරුපස්වන විදායක ජනපති වන ගරු මහින්ද රාජපක්ස මැතිඳුන් හමු වී කලු කෝපි බොන ගමන් සිරිකොත පාර කාපට් කිරීම, සජිත් ට ටොක්කක් ඇන්නවීම, කුරුඳුපොලු බලකායට මාතර පුරවර ට ඇතුලුවීමට අවසර ගැනීම වැනි දේසපාලනික සිල්ලර කතාබහ කල ආකාරයයි.

කාලය වෙනස්වී දැන් අගමැති තුමා ලෙස පත් වී ඇත... ඒ සමගම එතුමා ගේ කෝපි බීම ද වෙනස් වී ඇති බව දේශපාලනික විචාරකයන් ගේ මතයයි.

එකල එතුමා බිවුවේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරුපස්වන විදායක ජනපති වන ගරු මහින්ද රාජපක්ස මැතිඳුන් පිලිගන්වන්නට යෙදුනු හරිශ්චන්ද්‍ර කෝපි ය. 

එහෙත් එතුමා අගමැති වෙලා බීවේ ලෝකේ රට රට වල සංචාරය කර ඒ රටවල දී රාජ්‍ය නායකයන් හා ව්‍යාපාරික භවතුන් විසින්  සංග්‍රහ කරන්නට යෙදුනු ලෝකයේ මිලෙන් අධික ම කෝපි වර්ගය වන ලුවක් කෝපි ( Kopi Luwak )ය.


ඔබ සැම දන්නා පරිදි ලුවක් කෝපි (Kopi Luwak) නිපදවන්නේ කෝපි ඇට සිවිඩ්ඩ පිටින් ම අනුභව කල කලවැද්දන්  මලපහ සමග එලියට දමනා අඩක් ජීර්ණය වූ කෝපි ඇට වලිනි


ලුවක් කෝපි වලට වහවැටුනු අපේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුමා ට ලෝකයේ මිලෙන් අධික ම කෝපි වර්ගය වන  ලුවක් කෝපි ශ්‍රී ලන්කාවේද නිශ්පාදනය කර ඔබේ අපේ සාක්කු මුදල් වලින් පුරවන්නට සිතුනේය. 



කලවැද්දා ගේ මලපහ වල කෝපි ඇට ....


එම නිසා එතුමා ලුවක් කෝපි නිශ්පාදනය අත්‍යාවශ්‍ය කලවැද්දා ට විශේශ බලතල දෙන්නට සූදානම් වන බව දේශපාලන ආරන්චි මාර්ග පවසයි. 

 එම නිසා දැන් ශ්‍රී ලාංකාවේ කලවැද්දා පොරක් වී ඇත!

Sunday, May 7, 2017

ප්‍රාඥයා කලවැදි ප්‍රහාරයකට ලක්වීම




කොලඹ ප්‍රාඥයා හෙට සවස හදිසි කලවැදි ප්‍රහාරයකට ලක් වී ඇමතිකම නැති වී යෑමේ අනතුරකට පත් වීමට නියමිත බව එහෙන් මෙහෙන් කියවේ. කතාවේ සත්‍ය අසත්‍යතාවය නොදනිමි. 

කෙසේ වෙතත් ඔබට සුභ ගමන්!

Wednesday, May 3, 2017

විශ්ව විද්‍යාල ප්‍රමිති





ශ්‍රී ලංකා  විශ්ව විද්‍යාල ප්‍රමිති ගැන හැමෝම කතා වෙන කාලයක් නේ මේක. 

GMOA වෛද්‍යවරු ඇතුලු බොහොමයක් ශ්‍රී ලාංකිකයන් හිතන්නේ රජයේ විශ්ව විද්‍යාල ප්‍රමිතියෙන් බොහොම උසස් කියලා. මොකද එසේ ප්‍රමිතියෙන් උසස් වෙන විදියට නීති රීති පනවලා තියෙනවනේ. 

 හැබැයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ නීති නවන්න ලෝක ප්‍රසිද්දියට පත් වෙච්චි උදවිය කියලා කාටත් අමතක වෙලා වගේ. ඉතින් සරස තුමා මේ කතාව ලියන්නේ එසේ අමතක වෙච්චි අයට සිහි කැඳවීමක් කරන්නයි.

සරස තුමා පලමු වසරෙ භෞතවේදය (Physiology) විශය හදාරනකොට රටේ නම් දරාපු ආචාර්ය මන්ඩලයක ගෙන් ඉගෙනගන්න එතුමාට අවස්තාව උදාවුනා. ප්‍රසිද්ද පියානෝ වාදකයෙකු හා සන්ගීතඥයෙකු වූ මහාචාර්‍ය වැලන්ටයින් බස්නායක මැති තුමා ගෙන් ඉගෙන ගන්න ලැබීම භාග්‍යයක්. එතුමා ට පුලුවන් සින්හල දෙමල සහ ඉන්ග්‍රීසි භාශා ත්‍රිත්වයෙන් ම උගන්වන්න. එතුමා ගැණ වෙනම බ්ලො ලිපි කීපයක් ලියන්න කාරනා සරස තුමා ගේ මතකයට එනවා. 

මහාචාරිනී මාලිනී උඩුපිහිල්ල, මහාචාරිනී ප්‍රේමලතා බාලසූරිය, වෛද්ය නීටා ජයසින්හ, වර්තමාන වෛද්‍ය පීට පීඨාදිපති මහාචාර්ය වජිර වීරසින්හ, වෛද්ය ජයන්ත රාජරත්න වැනි දක්ශ ආචාර්ය මන්ඩලයක් හිටපු භෞතවේද දෙපාර්තමේන්තුවේ එක්තරා වෛද්යවරියක් තාවකාලික ආචාර්යවරියක් ලෙස සේවය කලා. අපට ඇය කලේ එකම එක දේශනයක් බව සරස තුමාට හොඳටම මතකයි. 

තාවකාලික සේවයේ හිටි ඇය ස්තීර කතිකාචාර්ය වරියක් වෙන්න අපමන උනන්දුවකින් වැඩ කල බව ඒ කාලේ ප්‍රසිද්ද රහසක්.

කොපමන උත්සාහ කලත් ඇයට ස්තීර ආචාර්ය වරියක් වෙන්න බැරි වුනේ ඇගේ අධ්‍යාපන සුදුසුකම් නිසයි. මෙයා ශිශ්‍යාවක් ව හිටි කාලේ හැම විබාගයකම අඩුම තරමේ එකම එක විශයක් හෝ අසමත් වෙලා  නැවත විභාගය ට සාබාගී වෙලා තියෙන කෙනෙක්. අවසාන විබාගෙත් ෆේල් වෙලා. පන්ති සාමාර්ත නැහැ. කිසිම විශයකට සම්මාන සාමාර්ත නැහැ.

ශ්‍රී ලංකා  රාජ්‍ය විශ්ව විද්‍යාල වල රජයේ අන පනත් මගින් පවත්වාගෙන යන ප්‍රමිතිය නිසා මෙවැනි ඌන සාමාර්ත සහිත අයට ස්තීර ආචාර්ය මන්ඩලයට බැඳෙන්න බැහැ. ප්‍රමිතිය කියන දේ වටින්නේ ඒ නිසයි.
පසු කාලෙක ඒ ආචාර්යවරිය දන්ත වෛද්‍ය පීඨයේ තාවකාලික සේවයට ගියා කියලා ආරන්චියක් පැතිර ගියා.

කාලය ගෙවිලා සරස තුමා ල පාස් අවුට් වෙලා ආචාර්ය මංඩලේට බැඳිලා පස්චාත් උපාදි අරන් ආපහු ලන්කාවට ආවා. ආචාර්ය වරිය තාවකාලික සේවයේ හිටියේ. 


 වසරකට පමන පස්සෙ  දැනගන්න ලැබුනා අර පෙර කී ආචාර්යවරියත් ක්‍රම සහ විදි පාවිච්චි කරලා ස්තීර සේවයට බැඳිලාය කියලා.


ක්‍රමය සිම්පල්. 
ඇය ගේ නියෝජිතයෙක්  ඉස්සෙල්ලාම ෆැකල්ටි ක්ලබ් එකේ දී පරිපාලනය සමග ඩීල් එකක් දාගෙන (පේරාදෙනි විශ්වවිද්යාලය ඇසුරු කල හැමෝම හයරින් ඇන්ඩ් ෆයරින් වලට ෆැකල්ටි ක්ලබ් එකේ දායකත්වය හොඳහැටි දන්නවා).

ඊට පස්සෙ විශ්ව විද්යාල පරිපාලනය දන්ත වෛද්ය පීටේ එක්තරා දෙපාර්තමේන්තුවක ස්තීර කතිකාචාර්‍ය තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා අයැදුම් පත් කැඳවනවා. 

නියමිත සුදුසුකම් ඇති පාලොස් දෙනෙකුත් කිසිම සුදුසුකම් නැති අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා. කලින් කතාකරගෙන එකඟතාවයකට පැමින ඇති පරිදි, පරිපාලනය එම පුරප්පාඩු දැන්වීම අවලන්ගු කරනවා. 

නැවතත් විශ්ව විද්යාල පරිපාලනය එම තනතුර සඳහා පත්තරේ දැන්වීම් දාලා අයැදුම් පත් කැඳවනවා.

මේ පාර නියමිත සුදුසුකම් ඇති  දාහතර දෙනෙකුත්  අපේ කතා නායිකාවත් අයදුම්පත් බාරදෙනවා.  නියමිත සුදුකම් ඇති එක් අයදුම්කරුවෙකු ට වැඩේ එපා වෙලා. පරිපාලනය එම පුරප්පාඩු දැන්වීමත් අවලන්ගු කරනවා. 

 අනේ පින්වතුනි මේ සෙල්ලම පාලොස් වතාවක් කරනවා. 

සියලු සුදුසුකම් සැපිරූ අයදුම්කරුවෝ වෙන රැකියා හොයාගෙන මේ තරඟයෙන් ඉවත් වනවා...

පාලොස් වතාවක් අවලන්ගු කල මේ තනතුර සඳහා අන්තිමට දාපු දැන්වීමට අයැදුම් කරන්නේ අපේ කතා නායිකාව විතරමයි.

පුදුමයි ඒත් ඇත්තයි, ඒ පාර
විශ්ව විද්යාල පරිපාලනය සම්මුක පරීක්ශනය තියලා අයදුම් කල එකම අයදුම්කාරි ව තනතුරට තෝරා ගන්නවා...

ඊට පස්සෙ අර ෆැකල්ටි ක්ලබ් එක හරහා ම ඇය ගඟෙන් එගොඩ පීඨෙ ගොන් පාට් කාරයෙක් එක්ක එකතුවෙලා බොරු පරීක්ශනයක් කරලා නිබන්දනයක් ලියලා MPhill උපාදියත් ලබාගෙන ජේශ්ඨ කතිකාචාරිනියකුත් වෙනවා. දැන් සමහර විට මහාචාරිනියක් වෙන්නත් පුලුවනි...

සරස තුමා මේ කතාව යාලුවෙකුට කිවුවාම එයා විස්වාස කලේම නෑ... මොන පිස්සුද, ඔය දන්ත වෛද්ය පීටෙ මහාචාර්‍යවරයෙක් නේ ටී වී එකේ සාකච්චා වලට SAITM පැත්ත  වෙනුවෙන් සාබාගී වෙන්නෙ... ඔය කතාව ඇත්තනම් වල ප්‍රමිතිය අවුල් ය, සුදුසුකම් නැති ආචාර්යමන්ඩලයක් ය ඉන්නේ කියලා කියලා එයා ප්‍රසිද්දියේම කියන්නෙ නැද්ද??? යාලුවා සරස තුමාගෙන් ඇහුවා.

යාලුවා දන්නේ නෑ අපේ ඌනසාමාර්ථ කතානායිකාව කසාදා බැඳලා ඉන්නේ SAITM වෙනුවෙන් නිර්භීතව සටන් වදින ඒ මහාචාර්ය තුමා ය කියලා.! ඉතින් කොහොමෙයි දන් වලඳන්නෙ හිටන්???




Tuesday, May 2, 2017

ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය






සිංහල බ්ලොග් අවකාසේ  අලුත් ප්‍රවනතාවක් තමා ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය. 

තේරෙන බාසාවෙන් කියනවා නම්, ආලෝචනා ප්‍රතිචක්‍රීකරනය යනු යම් කෙනෙක් එක්තරා බ්ලොග් එකකට ගොහින් එහි කොමෙන්ට් එකක් දැම්මාම, එතුමා හෝ අන් අයෙක් ඒ කොමෙන්ට් එක එහෙම් පිටින් ම හෝ යම් යම් සංශෝදන සහිතව වෙනත් බ්ලොගේක් පිටුවක අලුත් කොමෙන්ට් එකක් ලෙස කපා ඇලවීමයි.
 

මුලදී මෙය සරස තුමා ට යම් කම්පනයක් ඇතිකලද දැන් එම ආලෝචනා සහ සංශෝදිත ආලෝචනා කියවීම එක්තරා විදියක සන්තෝසයක්. විශේශයෙන් ම කෙනෙක් යම් කරුණක් වෙනුවෙන් හරබර තර්කයක් ගොඩනගා ලියනා ලද ආලෝචනයක් වෙනත් බ්ලොග් පිටුවක කොමෙන්ටුවක් විදියට ඊට ගැලපෙන එහෙත් එහෙන් පිටින් ම අර්ත්යෙන් බැහැර ( out of context ) වචන සමූහයක් ලෙස පලකිරීම එක අතකින් තදබල උපහාසයක්. 

මෙහි සරස තුමා දකින වැරැද්ද නම්, කෙනෙක් යම් දෙයක් ලිවුවාම, යම් නිර්මාණයක් කලාම ඒක ඔහුගේ හෝ ඇයගේ බුද්ධිමය දේපලක් වෙනවා. බුද්ධිමය දේපල අපහරණය එතරම් සුදුසු දෙයක් නොවෙයි.

 විශේශයෙන් මෙය plagiarism නැමැති වරද යටතෙ දඬුවම් ලැබිය හැකි වරදක්. කෙනෙක් තව කෙනෙක් ගේ බුද්ධිමය දේපලක් මූලාශ්‍ර සඳහන් නොකර පාවිච්චි කරලා යම් නිර්මානයක් කලොත් ඒ නිර්මානය ප්‍රතික්ශේප කරන්න රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන බැඳී සිටිනවා (පර්යේශන පත්‍රිකා හා තීසීස් ආදිය )


මූලාශ්‍ර හෝ මුල් අයිතිකරුවන් ගේ නම් සඳහන් නොකර තමන් ලීවා වගේ ලිවීම සිංහල ජනතාවට පොදු ලක්ශනයක් ද කියලා වෙලාවකට සරස තුමා ට හිතෙනවා. 

 සිදත් සඟරාවේ උපදෙසක් වන "වහරනු සෙරෙන් සපයා" කියන වැකිය අප භාවිතා කරන්නේ "වහරනු සොරෙන් සපයා" වෙන්නට ඔනේ.

සැකයක් තියෙනවා නම් හෙලයේ මහා ගත් කතු මාර්ටින් වික්‍රමසින්හ මැතිතුමා ගේ අයිරාන්ගනී නැමති පොත කියවන්න.


එන්න අපි වෙන අය ලියූ ආලෝචනා එහෙම්පිටින් ම හෝ කපා කොටා අච්චාරු කර වෙන බ්ලොග් පිටුවල අලවා විනෝද වෙමු.
ජයවේවා!
 

Sunday, April 30, 2017

පෙර සූදානම



හෙට, එනම් මැයි පලමුවෙනි දා කොලඹ ගාලු මුවදොර පිටියේ පැවැතෙන්නට නියමිත මහා ජන රැලියේ පෙර සූදානම විපරම් කර සොයා බලන්නට සරස් තුමා අද සවස එහි ගියේය. එතැනදී ගත් චායාරූප දෙකකි මේ.

 

Friday, April 28, 2017

එන්න යන්න ගෝල් ෆේස්!


ලබන මැයි 1, කම්කරු දිනය සැමරීමට සරස තුමා සහ එම මැතිනිය, සුපුරුදු පරිදි ශ්‍රී ලන්කා නිදහස් පක්ශයේ එ ජා ප විරෝදී පාර්ශවය සමග කොලඹ ගාලු මුවදොර දී එක් වනු ඇත.

එන්න, ඉතිහාසයට සාක්කි කරුවෙකු වන්න.

සමහර විට මෙය ශ්‍රී ලන්කාවේ ප්‍රදාන පක්ශයකින් කරගත් මහා සිය දිවි හානිකරගැනීම වන්නට පුලුවන. කිලෝමීටර එකකට ආසන්න සහ මීටර් සීයක් පමන පලලකින් යුතු
ක්කර දොලහක් පමන වූ වපසරියකින් යුතු ගාලු මුවදොර පිටිය පිරවීම ඉතාම අපහසු කාරියකි. එක්තරා සාදාරන ප්‍රමානයකට එම පිටිය පිරෙවුනේ නැත්නම් නෙලුම් පොහොට්ටුව නොපිපී ම මියෑදෙනු නිසැකය.

අනිත් අතින් බලනා කල, එවන් විශාල පිටියක සාදාරන අන්දමේ මිනිසුන් සංඛ්‍යාවකින් පුරවාගැනීමට හැකි වේ නම් එය ශ්‍රී ලන්කා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ශයක් වනු ඇත.

කුමක් වුවත් එදින ඔබ අප සැම අද්දකින්නේ ඓතිහාසික සිදුවීම් දාමයකි.

එන්න, අප හා එක්වන්න!

Thursday, April 27, 2017

වෘත්තීය සුදු හුණු ගෑම




යහපාලනේට කඩේ ගිහින් මානව හිමිකම් ආරක්ශා කරන්න පෙනී හිටි සමහර වෘත්තීය ලියනප්පුලා හදිසියේම පොන්සේකා ව අප් කිරීමට පටන් ගෙන ඇත. 

මානව හිමිකම් රැවුල නම් පොන්සේකා කැඳ බව මුලු රට ම දනී. එය වඩාත් ම හොඳින් දන්නේ ලසන්ත වික්‍රමතුංග ය.

පූති මාංශයේ මුලත් මැදත් අගත් එකසේ ගඳ ගසනා බව දැන දැනත්, "ඉස්සර කාලෙ මොනවා කලත් එයා දේසපාලනේට ආවට පස්සේ
රි හොඳයි නේ මෙයා"  පුලුවන් නම් පොන්සේකා දේසපාලකයෙක් වසයෙන් කල වැරද්දක් කියන්න කියමින් සින්හල බ්ලොග් ඔස්තාද් ලා වුර්තීය තොඳොල් වීමක් ප්‍රදශනය කරන්නට පටන් ගෙන ඇත. 


යහපාලනේ කරන්නට පිහිටවූ ආන්ඩුව කරන්නේ මහ බැංකුව මංකොල්ලකෑම ආදී ආනාදි ක්‍රියා බව ද, අඩුම තරමේ ස්වභාවික ආපදාවකදී වුවද මෙලෝ බෝලයක් කිරීමට හැකියාවක් නැති බවද  දැනගත් රටේ මහජනතාව අසහනයට හා  ඉච්චා බංගත්වයට පත් වී සිටිද්දී, ඊට පිලිතුරක් ලෙස යහපාලනේ කියාගන්න රජයෙන් එලියට ආවේ අරක්කු බීගත් චන්ඩියෙකු ට යකා නටන්න ලයිසන් දීමක් වැනි ක්‍රියාවකි.

 ඒ බව දැන දැන ම මේ  වෘත්තීය බ්ලොග්කරුවා පොන්සේකා නම් ලයිසන් ලැබූ චන්ඩියා ගේ දේසපාලන හැසිරීමට සුදු හුණු ගෑමට මෙහෙය  වීම ගැන එම ලියනප්පු ව මෙහෙයවන හාදයා ට සර ස තුමා තම ප්‍රනාමය පුද කරයි