Wednesday, August 21, 2024

එහෙම වුනොත් මොකද වෙන්නෙ???

 


එලඹෙන ජනාධිපතිවරනේ දෙවන මනාප ගැනීමකට යන්න වේවි කියලා මැතිවරණ කොමිසම පවා සැක පහල කරමින් දෙවන මනාප ල්ළකුණු කරන ආකාරය ජනතාව දැණුවත් කරනවා..

හදිසියේදී වත් වර්තමාන ජනාධිපති එලඹෙන ජනාධිපතිවරණ පලමු හෝ දෙවන තන ලබා නොගෙනම දෙවන මනාපේ ගනින්න සිද්ද වුනොත් මොකක් වෙයිද?? දෙවන මනාපේ ගනිනකම් එයා නීතියේ හැටියට ජනාධිපති වුනත්, එයා ගේ නියෝග නිලධාරීන් පිලිගනියිද?

අවස්තාවාදී දේශපාලන සංවිදාන අරගලය වගේ ප්‍රහාර එල්ල කරයිද? මේව දැවෙන ප්‍රස්න හිටං!!!

Tuesday, August 20, 2024

චෝර නාග ගීතා සංදාන කතා වස්තුව




පොහොට්ටුවේ හිටපු නයිටික එකතුවෙලා අලුත් නාගපාලක කෙනෙක් ගාවට යන්න කුමන්ත්‍රනේ කරලා... දැන් පරන නාගපාලක ගාවට යන්න බැරි නිසා අපි පවුල් පාලනේට විරුද්දව සංදාන ගතවෙමු කියලා බොරළුනයා යෝජනාකරගෙන මිනිහම ඒකෙ ලොක්කා වෙලා පුතාටත් නිලයක් දෙන්න සෙට් වෙලා... 

සල්ගාදු ක්‍රීඩංගනේ දී හතරවෙනි ඇවරියට වැටුන රත්තර නයා තාම බූමිතෙල් වැඩිලා සිදු වුනු තුවාල වට ඩෙටොල් ගාන ගමන්...

තමුං හිටි හුඹහෙන් ම ආපු ලංසනයා, ප්‍රසන්නයා, මහින්දානන්දනයා වගේ කුඩු බඩු කප්පම් සහ පගා නයි කපලා දාලා උපාදිධාරී නයි වෙන පතිරනයා, කාංචනයා, ශෙහා නයා, කනක නයා, ප්‍රමිතනයා ඒ කියන්නෙ තෙන්නකෝ නයා වැනි උගත් නයි උඩට අරන් පොලේ ගිහින් නාග සංදර්ශනයක් තියන්නයි කස්ටිය සෙට් වෙන්නේ...

මේක කොපමන විහිලුවක් ද කියලා හිතන එස් බීනයා ඔය අලුත් සංදානෙට ගීතනයා කියලා නම දාමු කියලා ආතල් ගන්න බවයි පත්තෙර විස්තරේ කියන්නේ...

Wednesday, August 14, 2024

පරන පගා ඇමතිලා ගේ නව සංදානය...

 


2022 දී නිමල් සිරිපාල ඇමති ජපන් ටායිසේ සමාගමමෙන් පගාව ඉල්ලලා මාට්ටු වුනාම ඒක සජිත් තුමා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ද කරලා අලි  ජංජාලයක් සිද්ද වුනේය. 

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා ගේ නියමය පරිදි නිමල් සිරිපාලට තම ඇමති කමෙන් අස් වෙන්නට සිදු විය. 

පස්සේ, රනිල් විසින් කොමිසමක් පත් කොට සිරිපාලගේ සරමේ ගෑවුන නඩ සෝදා ඔහුට නැවත ඇමතිකමක් දෙන ලදී. ඊට කෘතගුණ සැලකීමක් ලෙස පගා ගත්තා යැයි චෝදනා වලට ලක් වූ ඇමතිලා නව සංදානයක් හදාගෙන රනිල් ට සහයෝගය දෙයි...


විහිලුවක් නේ???

Tuesday, August 13, 2024

අගමැති කෝලම!

 


රනිල් තුමා දිනුවොත් අගමැති වෙන්න බොහෝ දෙනෙක් සූට් මහලා කියා ආරංච් වේ.

වර්තමාන අගමැති දිනේශ් මහතා නැවත අගමැති කම බලාපොරොත්තු වේ.

රවි කරුණානායක සහ වජිර අබේවර්ධන රනිල් පාර්ශවයෙන් අගමැති කම බලාපොරොත්තු වන බව ට කට කතා පැතිර යයි.

ප්‍රසන්න රනතුංග ද දැනටම සූට් එක මහලා බව පැවසුවේ උදයංග වීරතුංග මහතා ය.

නව සංධානය නියෝජනය කරනා නිමල් සිරිපාල ද අගමැති කමට ඇස ගසාගෙන නිදා සිටිනා බවටත් කතා පැතිරෙති.


මේ උභතෝකූටිකයට පිලිතුරක් ලෙස අගමැති මංඩලයක් පත් කිරීමට කටයුතු කරන්න කියා රනිල් තුමාට මා උපදෙස් දීමට කැමැත්තෙමි!

Wednesday, August 7, 2024

පශ්චත්තාප වීම



කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත බොහොම කණගාටු ස්වරයයෙන් "පොහොට්ටුව ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ශකයා නාමල් මැථිතුමා කියලා කලින් දන්නවානම්, පක්ශෙ හැර ගිය බොහෝ අය එහෙම යන්නෙ නෑ... "කියලා බොහොම දුකෙන් කියනවා ඊයෙ නිවුස් වලට පෙන්නුවා....


රනිල් ගෙ දෙපා ලඟට ගිය පොඩියන් කෙනෙකු ගේ නියම පශ්තාපය අපිට ඒකෙන් බලාගන්න පුලුවන්...


ඒ එක්කම නිවුස් වලට පෙන්නුවා මාධ්ය ආයතන හාදයෝ රනිල් ගෙන් අහනවා පොහොට්ටුවෙන් ආව සියලුම අය විශාල දූශන වංචා කල අය නේද , ඇයි ඒ ගොල්ලන් ව ලඟට ගත්තෙ කියලා...


ඒකට රනිල් කියනවා එයා දූශියොන්ට එන්න කිවුවෙ නෑලු... 

එයා ඉල්ලන්නේ ජනාධිපතිවරනෙට ලු...'

ඔය කියන දූශිතයෝ ඊලඟ මැථිවරනෙන් මහජනතාව පත් කරලා එවන එකක් නැහ ය කියලා...


අන්තෝ ජඨා බහි ජඨා කියන්නෙ මේවා තමයි හිටං!!

Sunday, July 14, 2024

ජනාධිපතිවරණයෙන් පසු ---------


දේශපාලනය යනු 99.999% සිත් රිදවාගැනීමේ ක්‍රීඩාවකි. ජයග්‍රහන කල අය පවා ඇතුලතින් වැලපෙන ක්‍රීඩාවකි!!!


තව දින සීයකින් පමණ පවවන්නට යෙදෙනා ජනාධිපතිවරණයේ තරඟකරුවන් ලෙස දැනට ලැඹෙනා ආරංචි අනුව, සජිත් ප්‍රේමදාස, ධම්මික පෙරේරා, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ දිලිත් ජයවීර යන මහත්වරුන් ඉදිරිපත් වන බව පෙනී යයි. 


එසේම වර්තමාන තත්වය අනුව ඉහත සඳහන් තරඟකරුවන් එම අනුපිලිවෙලට ම චන්ද ප්‍රතිශත ලබා ගන්නා බවත් පැහැදිලියි.


මේ තරඟයෙන් කවුරු දිනුවත් ජයග්‍රාහකයා සහ ඔහු ගේ අනුගාමිකයන් ට සිදු වන්නේ කුමක්දැයි සොයා බැළීම මේ ලිපියේ අරමුණ ය. 


1. සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහනය කලහොත් කවුරු අගමැති වෙයිද? දැණටමත් අගමැති බලාපොරොත්තු තියන් ඉන්නා මද්දුමබන්ඩාර මහතාට එය ලැබෙයිද?  තිරයේ පිටුපස සිට පක්ශය මෙහයවන අයටත් ඇමැති ධුර ලැබෙයිද? ඇමති මන්ඩලයට කවුරු පත් වෙයිද? මුදල්, බලශක්ති වැනි සල්ලි හෙවිය හැකි තනතුරු කාට යයිද? දනට ම ඒවා ලැබෙතැයි සිතා ඉන්නා අටට ඒවා ලැබෙයිද? ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමේ දී කාට නාමයෝජනා ලැබෙයිද? සජිත් සමග පක්ශය ගොඩනගන්නට කැපවූ කී දෙනෙක් කැපී ඒ වෙනුවට අලුතුන් සජබ ට ජැක් ගැසූ උන්දැලාට නාමයෝජනා ලැබෙයි ද? කී දෙනෙක් මුදල් ගේවා නොමිනේශන් ටිකට් එක ලබා ගනීද?


වඩාත් ම විශේශ කරුණ වන්නේ සජිත් ත පිටුපසෙන් සිට පිහියෙන් ඇණ රනිල් ලඟ ගිය හරීන් ට මනූශ ට, පොන්සේකාට සහ රාජිත ට කුමක් වෙයි ද?


අවසාන වශ්යෙන් පහුගිය මැතිවරණයකදී සජිත් පැවසූ පරිදි රෑට රැට අපිව බලන්න අපේ ගෙවල් වටට එතුමා එයිද?


2. අනුර කුමාර මහතා ජයග්‍රහනය කලහොත් පැරණි ජවිපේ ආධාර කරුවන් බලා සිටින්නේ ඓතිහාසිකව මේ රටේ දුක් විඳි පහල පන්තියේ ජනතාව අතට ගමේ ප්‍රභූ පන්තියේ පැවති බලය ලබාගැනීමටයි. ගමේ ප්‍රභූන් හා රටේ ලොක්කෝ අත තිබෙනා අසාමාන්ය ධනය සාමාන්ය ජනතාව අතර බෙදාහදා ගැනීමයි.

එහෙත් මාලිමාවේ සීග්‍ර ප්‍රසාරණය දැක එය වටා දැන් දැන් එකතු වන සාම්ප්‍රදායික ප්‍රභූ පන්තිය, හැම ආන්ඩුවකටම ම ලස්සනට වංගු දැමූ වෘත්තිකයන්, ත්‍රිවිද හමුදා නිලධාරීන් සහ ලඟදී කෙටි ක්‍රම වලින්  ධනය උපයාගත් නුවෝ රීශ් ධනපතීන් විවිද ගේම් ගසා පරණ ජවිපේ කාඩරයන් ගේ ඇස් වලට වැලි ගසයිද? අනුර කුමාර මහතා කියනා පරිදි වෘත්තිකයන්ට තම කර්තව්යයන් කිරීමට ඉඩ දී ඇඟිලි නොගසා සිටියහොත් වෘත්තිකයන් කී දෙනෙක් කඩාකප්පල්කාර වැඩ කරමින් අලුත් ආන්ඩුවට වල කපයිද?


3. ධම්මික පෙරේරා මහතා දින්නොත් පොහොට්ටුවට ඔලොක්කු දමමින් රනිල ගාවට ගිය දේසපාලකයන් ට තනතුරු ලැබෙයිද? වර්තමානයේ පොහොට්ටු ජනාධිපති අපේක්ශකයෙක් ඉදිරිපත් කිරිම්ම වෙනුවෙන් කැප වන තිස්සකුට්ටි ලා, සාගර කාරියවසම් ලා සහ උදයන්ග වීරතුංගලා ආදීන් ගේ බෙල්ල කැපී  රනිල් ට පහන් පත්තු කරනා ධම්මික රණතුංගලාට, කාංචන විජේසේකරලාට, වියාලේන්ද්‍රන් නිමල් ලංසා ලාට ඇමති කම් ලැබේවිද?


4. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් අගමැති වන්නේ නිමල් සිරිපාලද, ධම්මික රනතුංගද නැත්නම් වජිර අබේවර්දන ද? එහෙමත් නැත්නම් චරිත රත්වත්තේ වැනි ක්ලාස්මේට් කෙනෙක් ද? රනි දිනවීමට කඩේ යන පොහොට්ටු දේශපාකයන් පැත්තකට තල්ලු කර හැමදාම අලියා ලකුනින් පිට නොගිය අයට පමනක් මහ මැථිවරනයට නොමිනේශන් ලැබෙයිද? 

සංශ්තා ශ රාජ්‍ය ආයත ප්‍රධානී කම් පොහොට්ටුවෙන් ආ අයටත් ලැබේවිද? නැතිනම් ඒ සියලු තනතුරු රාජකීය ගජයන් ට ම ලැබේවිද?


මේ මොන අපේක්ශයා දින්නත් එකම එක දෙයක් පමනක් සිකුරු බව ඔබ සැම වටහා ගත යුතුය. 

ඒ මහින්ද අමරවීර මොන කරණමක් ගසා හෝ ඇමති කටුවක් ලබාගැනීම සමත්වන බවය!!!

Thursday, April 11, 2024

රනිල් ගේ දෑත් ශක්තිමත් කරන්න ගොස් වරිගෙ නහ ගැනීම






පොදු පෙරමුණෙන් පාර්ලිමේන්තු ආ මැති ඇමති සැට් එකක් රනිල් ගේ දැත් ශක්තිමත් කරන්න පෙරමුණෙන් වෙන් වී යන බව කනින් කොනින් ආරංචි වේ. සමහරු එය පොදු පෙරමුණට පහත් වූ මහා ඛේදවාචයක් ලෙසත් අර්ථ දක්වති.


පොදු පෙරමුණ පසුගියදා ලහි ලහියේ විනය කමිටුවක් පත් කර ගත්තේ මෙලෙස කොකා පෙන්වා රනිල් ගාවට ගිය උන්දැළාට ගේම ඉල්ලීමට බව පැහැදිලිය. එම විනය කඩ කල උන්දැලාට නැවත පොහොට්ටුවෙන් නාමයෝජනා ලැබේදැයි සැක සහිතය. 


ඒ සමගම එලෙස රනිල් ගේ දෑත් ශක්තිමත් කරන්න කරනම් ගැසූ අය ගේ සහායෙන් රනිල් ජනාධිපතිවරණය දින්නොත් සජිත් ලඟ සිටිනා බොහෝ ප්‍රාදේශීය නායකයෝ රනිල් සමග එක් වීම නොවැලැක්වියහැකි කාරණයකි. එලෙස නැවත රනිල් ලඟට ආ අයට පාර්ලිමේන්තු එන්න, පොදු පෙරමුණෙන් කඩා පාත් වී සහයට ඩැනී චරිත රඟපෑ  පොහොට්ටුවන් එක්සත් ජාතික පක්ශ නොමිනේශන් ලිස්ට් එකෙන් කැපී යෑම නොවැලැක්වියහැකි කාරණයකි!!


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් වීමට නම් පිලිගත් පක්ශයකින් නාමයෝජනා දීම අත්යාවශ්ය බව හැමෝම දනිති. ඒ නයින් බලන කල එසේ රනිල් ගේ දෑත ශක්තිමත් කරන්න හයි ජම්ප් එක දැමූ අයවලුන් ට අල්ලපු අත්තත්, පය ගැහූ අත්තත් නැති වී ජනාධිපති උපදේසක තනතුරු වලින් සෑහීමට පත් වනු ඇත.