Tuesday, March 31, 2015
කුරුට්ටන්ට තැලීම යහපත් ක්‍රියාවකි...
ජෙප්පන් ගෙන් කැඩී ගොස් අන්තරේ බලය ඇල්ලූ කුරුට්ටෝ වනාහී අපත රෑනකි.
මහින්ද මහත්තයා ගෙදර යැවීමට සමාජ ජාලා මගින් කල මල අපද්‍රව්ය ක්‍රියාන්විතයේදී ඉතා විශාල කර්තව්යයක් කරනු ලැබුවේ ඊරිසියාකාරී කුරුට්ටන් ය.
අවාරෙට ස්නානය කරනා පොත් වනපොත් කිරීම හැර අන් කිසි දෙයක් කිරීමට නොදත් මෙම හාල් කෑලි මහින්ද මහත්තයාගේ දරුවන් හට වෛර කිරීමට පෙලඹී සිටියෝය.
එය ඉත්තෙකු කර ගත් සිරිකොත වාසී කසල සෝදකයෝ සරසවි කුරුට්ටන් යොදා ගෙන බුකිය හැමතැන මලපහ කලහ.
කුරුට්ටො සිතුවේ සොරිසේන ආන්ඩුව උන්ට ආසයි බයයි කියාය.
එම අනියම් පෙම ටෙස්ට් කිටීමට යෑමෙදී ඊයේ කොල්ලුපිටියේදී රනිල් තුමා විසින් කුරුට්ටන් හට ජම්බු දෙන ලදී.
යහපාලන පොලිස් පරිප්පුවක් කෑ කුරුට්ටෝ ඉස්පිටිතාලේ සිටී.
අපට ජොලි ය! අපට පමනක් නොව සොරිසේනට කඩේ ගිය ආචාර්ය උපාදි නැති අනාචාර්ය තුමෙක් වන සරත් විජේසූරියටත් ජොලි වග පහත පුවතෙන් පෙනේ....
අප සිටින්නේ රටේ දේශපාලන සංස්‌කෘතියේ වෙනසක් ඉදිරියේයි
- මහාචාර්ය සරත් විඡේසූරිය
එය පහසු කටයුත්තක් නොවේ
අද ජාතික සංහිඳියාවක් උදෙසා දොරටු විවරව තිබෙන අතර, ආගමික සංහිඳියාවක් වෙනුවෙන් යම් කථිකාවක් ගොඩනැඟෙමින් පවතින බවත්, ඒ සියල්ල පදනම් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් නිසි ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය මාවත හෙළිකර ගැනීමට මේ පාර්ලිමේන්තුව ඔස්‌සේ කටයුතු කිරීම අප ඉදිරියේ ඇති එකම විසඳුම බවත් මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පැවසීය. http://www.divaina.com/2015/04/01/news25.html
පසුව ලියමි: මහින්දට දුන්නා මෙන් සිය දහස් ගුනයෙන් කුරුට්ටෝ සොරිසේනට විරුද්දව සමාජ ජාලා වල මල පහ කරනා දිනය පැමින ඇත!
Monday, March 30, 2015
විස්වාස කටයුතු ආරන්චි මාර්ග
මහාචාරිනී ලලිතා මෙන්ඩිස් මහත්මිය ශ්‍රී ලංකා වෛද්ය සබාවේ සබාපතිනි ව සිටියදී එවකට උසස් අද්යාපන ඇමති ව සිටි සුමන බන්ඩා දිසානායක ගේ තර්ජනයට ලක් වීම නිසා ඉල්ලා අස් විය. ඒ වසර දෙදහස් එකොලහේ නොවැම්බර් මාසයේය.
එම මහාචාරිනී ලලිතා මෙන්ඩිස් මහත්මිය ම පසුගියදා කොලඹ විශ්ව විද්යාලයේ වැඩබලන උප කුලපතිනිය ලෙස පත්වීම බාර ගත්තීය.... ඊට සතියකට කලින් සුමන බන්ඩා ද ග්‍රාමීය කටයුතු කැබිනට් ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
දෙදෙනාම තවමත් ඇඳුම් ඇඳ සිටින බව විස්වාස කටයුතු ආරන්චි මාර්ග කියති.
Monday, March 16, 2015
16ප්ලස් හිටං
ඉස්ටේසමක
තිබූ තේ කඩයක තේ හැදූ කොලුවෙකු
වූ මෝදි ඉන්දියාවේ අගමැති
විය. ග්‍රාමයෙකු
වී කොස් ගස් කපන්න පෝමිට් හැදූ
සිරා ලංකාවේ ජනාදිපති විය.
මෝදි
පසුගිය දිනෙක ලහි ලහියේ සිරි
ලංකාවට පැමින 13ප්ලස්
දෙන්න යැයි අපිට කීවේය.
13 ප්ලස්
ගැන වාද විවාද කරනිමින් ඉන්නා
සිරි ලංකාවේ පුරවැසියන් හට
16ප්ලස් ගැන
සිතීමට සිදුවීම දයිවයේ
සරදමකි....
කොහෙන්දෝ
සිට කඩා පත් වූ අඹු සැමි යුවලක්
නිවුස් කොන්ෆරන්ස් එකක් පවත්වා
16ප්ලස්
ගිනිගෙඩිය පත්තු කලේය.
එවුන්දැලාගේ
දාසය පිරිච්චි දෝනිව පවුලේම
මිත්‍රයන් වන පූජ්යපාද රාජිත
සෙනාරත්න ගොයියා ගේ දෙවන පුතා
වන එක්සත් සේනාරත්න පැහර ගෙන
ගිහිල්ලාය.
දැරිවියන්
පැහරගෙන යන්නේ ගෑනු හොරුන්
ය. හැබැයි
අපේ ගෑනු හොරා වන රාජිත ගේ
පුතා මොල කාරයෙකි... ඔහු
පැහැර ගෙන ඇත්තේ 16ප්ලස්
වේන දැරිවියකි....
අනේ
ඉතින් අපේ පොලිස් මාජ්ජ ප්‍රකාසක
තුමා රූපවාහිනියෙන් ඇවිත්
තේරුම් කර දෙන කල් අපිත් හිතන්
හිටියේ රාජිත ගේ මන්ද මානසික
කොලුවා කර තිබෙන්නේ වැරදි
වැඩක් කියලාය.....
පොලිස්
මාජ්ජ ප්‍රකාසක තුමා කියනා
විදියට කෙල්ල 16ප්ලස්
නම් වැඩේ ගොඩය.... කෙල්ල
ගේ තනි කැමැත්තට ආවා කියා
පොලිස් පොතේ ලියවුනා නම් ඒක
පැහැර ගැනීමක් නොවේ ලු!
පොඩි
කොස්සකට තියෙන්නේ හොරෙන්
ගේනා කෙල්ල කසාද බඳින්න නම්
ඇයට ද අට වන තෙක් බලා සිටිය
යුතු නිසාය. මන්ද
සිරි ලංකා නීතියට අනුව කෙල්ලෙකුට
මා පිය කැමත්ත නැතුව කසාද
බැඳීමට ද 18 පිරිය
යුතු නිසාය.
පොලිසියෙන්
ලැබුනු තල්ලුව නිසා සිරි
ලන්කාවේ කොල්ලන් සහ මහල්ලන්
ඇතුලු සියලු පිරිමි ප්‍රීතියෙන්
පිනා ගොස් සිටින බව පෙනේ...
ඒ
මන්ද යත් 16ප්ලස්
කෙල්ලෙක් කොහෙන් හෝ ගෙනත්
17ප්ලස් වෙනකල්
කසාද නොබැඳ තියාගෙන හිටං ඊට
පස්සේ පස්ස පැත්තට පයින් ගසා
එලවා නැවතත් හොඳ 16ප්ලස්
කෑල්ලක් ගෙන ඒමට නීතියෙන්
කිසිදු අවහිරයක් නොමැති නිසාය.
යහ
පාලනේට ජය වේවා!
Tuesday, March 10, 2015
හිටගෙන කරනවිට ............
ගුරා
හිටගෙන කරනවිට ගෝලයෝ දුවමින්
කරනවා කියා කතාවත් සිංහල
ජනවහරේ එයි.
මනුස්සයෙකු
ගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන
කතා කල නොහැකි නිර්මාල් නැමති
පෙර X (Ex X) කන්ඩායමේ
ඇදුරා නායකත්වයෙන් පවත්වාගෙන
යනු ලබන කුලියට දේශපාලන අවුල්
ඇතිකරනා FUTA නැමති
බලල් අතේ සාමාජිකයකයන් කියා
ගන්නා සරසවි ඇදුරන් කීප දෙනෙක්
කොලඹ විශ්ව විද්යාලයේ උපකුලපති
කාර්යාලය ඉදිරිපස කරගෙන යනු
ලැබූ මහා ගොන් පාට් එක ජනාදිපති
ආපසු ලංකාවට පැමිනෙන තුරු
නවතා දමා ඇත.
මේ
හුටං ලා උපකුලපති එලවන්න කල
උද්ගෝශනය දෙස අපද බලා සිටිමු...
වර්තමාන උපකුලපති
තුමාට ආචාර්ය උපාදියක් ඇත...
FUTA හුටං ලා වෙතින් සූ
විසි විවරන ලැබූ වෙන්ඩ උපකුලපතිනි
සාවිත්‍රි ගුනසේකර ට ආචාර්ය
උපාදියක් නැත.
යහපාලනේට
කඩේ ගිය බොහෝ "ඇකඩමික්" ලා හට
නැත්තේ "ඇකඩමික් කොලිෆිකේශන්ස්"
නිසා ආචාර්ය උපාදියක් ඇති
කෙනෙකු පලවා හැර ආචාර්ය උපාදියක්
නැති උන්දෑ කෙනෙක් පත් කිරීම
ආචාර්ය නොවී මහාචාර්ය වූ (ඒ
අතරතුර ඉඳහිට "අනාචාර්ය"
ද වන) සරත්
විජේසූරිය, දඹරකරන
අමිල, අනුරුද්ද
ප්‍රදීප් වැනි ගොට්ට අල්ලනන්
හට අමා සැපක් දෙන කාරනයක් වෙනු
නිසැකය.
මේ
කාරනාවට ටෝටල් පිටස්තරයෙකු
වන ස ර ස කියන්නේ මෙයයි....
මොකා පැන්නුවත් කමක්
නැත... හරි අද්යාපන
සුදුසුකම් ඇති එකෙකු උප කුලපති
ලෙස පත් කර ගන්න කියා ය!
Monday, March 2, 2015
ජෙප්පන් ගේ ප්‍රෝඩාවට අපිත් එක්වෙමු මෙයාලා............
මහරගම රස්සාවට යන අයද, ටියුශන් යන අයද ප්‍රීතියෙන් පිනා ගොස් ය. ඒ මන්ද යත් මන්ද බුද්දික ජෙප්පෝ
මහා ජන රැලියක් සංවිදානය කරලාය....
විමල් ට රිදෙන්න පවත්වන මහා රැලියට අඟහරු ලෝකෙන් පවා ජෙප්පන් වඩින බව ආරන්චිය.
හොරෙන් හොරෙන් පෝස්ටර් අලවලා, බැනර් ගහලා අමාරුවෙන් අටවාගත්තු පාන්ඩුවේ ඇමති කම්
ලබාගෙන සැප විඳින්නට මහින්ද මහත්තයා සමග සිටි උදවිය උත්සාහ කරන සඳ... ඊට මාර්ක්ස්වාදී සහ
ලෙනින්වාදී විරෝදය පෙන්නන්න මෙම රැලිය පැවැත්වෙන බව පෝස්ටර් වලින් පෙන්නුම් කෙරේ.....
මෙව්වා දකින අපට ඉස්පොල්ලේ යන්නේ දින සීයෙන් දින පනහ යන්නටත් පෙර ජෙප්පන් සිය පුරුදු බැන
අඬගැසීම ආරම්බ කල නිසාය. මාදුලුවාවේ පොඩිසිඤ්ඤෝ ද සිවුර ගලවා අඳනය පිටින් රොටි පිච්චීමට තැටි
රත් කර සුරේනි සෙනරත් ගේ ආප්පය පිපීගෙන එන සැටි බලා සිටීන නිසාය.
ඉවසන්නට බැරිම දේ නම් විජේදාස කියන මැන්ස් ද ජෙප්පන් ගේ ලොක්කාට නක්කිය දැමීමය. ඒ මදිවාට් අර
අවන්ගාර්ඩ් ආරක්සක සේවේ සේනාදිපති මහත්තයා ද ජෙප්පන් ට වාදෙකට කැඳවලාය. ඇවන්ගාර්ඩ් හී
වර්තමාන සේවකයෝ ජෙප්පන් ගේ කූඩාරාම ඉස්සරහ පිකට් කරන්නේය. ඒ ජෙප්පන් ගේ මාලු ජෙප්පන් ගේ
ඇඟ උඩ ම තබා කැපීමටය.
එලිවන ජාමය තවම පටන් ගත්තේ නැත.... හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියටය.
මහා ජන රැලියක් සංවිදානය කරලාය....
විමල් ට රිදෙන්න පවත්වන මහා රැලියට අඟහරු ලෝකෙන් පවා ජෙප්පන් වඩින බව ආරන්චිය.
හොරෙන් හොරෙන් පෝස්ටර් අලවලා, බැනර් ගහලා අමාරුවෙන් අටවාගත්තු පාන්ඩුවේ ඇමති කම්
ලබාගෙන සැප විඳින්නට මහින්ද මහත්තයා සමග සිටි උදවිය උත්සාහ කරන සඳ... ඊට මාර්ක්ස්වාදී සහ
ලෙනින්වාදී විරෝදය පෙන්නන්න මෙම රැලිය පැවැත්වෙන බව පෝස්ටර් වලින් පෙන්නුම් කෙරේ.....
මෙව්වා දකින අපට ඉස්පොල්ලේ යන්නේ දින සීයෙන් දින පනහ යන්නටත් පෙර ජෙප්පන් සිය පුරුදු බැන
අඬගැසීම ආරම්බ කල නිසාය. මාදුලුවාවේ පොඩිසිඤ්ඤෝ ද සිවුර ගලවා අඳනය පිටින් රොටි පිච්චීමට තැටි
රත් කර සුරේනි සෙනරත් ගේ ආප්පය පිපීගෙන එන සැටි බලා සිටීන නිසාය.
ඉවසන්නට බැරිම දේ නම් විජේදාස කියන මැන්ස් ද ජෙප්පන් ගේ ලොක්කාට නක්කිය දැමීමය. ඒ මදිවාට් අර
අවන්ගාර්ඩ් ආරක්සක සේවේ සේනාදිපති මහත්තයා ද ජෙප්පන් ට වාදෙකට කැඳවලාය. ඇවන්ගාර්ඩ් හී
වර්තමාන සේවකයෝ ජෙප්පන් ගේ කූඩාරාම ඉස්සරහ පිකට් කරන්නේය. ඒ ජෙප්පන් ගේ මාලු ජෙප්පන් ගේ
ඇඟ උඩ ම තබා කැපීමටය.
එලිවන ජාමය තවම පටන් ගත්තේ නැත.... හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියටය.
Thursday, February 26, 2015
පොඩි බංඩා
තනි අන්ඩෙන් ගෙම්බා පනිමින් ජේම්ස් පීරිස් ශාලාව පිහිටා ඇති කුඩා කඳු ගැටය නැගීමේ ප්රීතිජනක අවස්තාව
ප්රතමයෙන් මා හට ලබා
දුන්නේ පොඩි බංඩා ය.
හාල් කියා ගන්න බැරිව අවසාන පඩි කීපය අඬු හතරින් ම ගෙම්බා පනිමින් නොව තලගොයෙක් ලෙස ඇදෙමින් ජේ පී කන්ද තරනය කර “අමා සැපක් දැනේ ජේශ්ට උත්තමයා” යයි මා වාර්තා කලේ පොඩි බංඩා ට බව කිසි දා අමතක නොවේ.
හාල් කියා ගන්න බැරිව අවසාන පඩි කීපය අඬු හතරින් ම ගෙම්බා පනිමින් නොව තලගොයෙක් ලෙස ඇදෙමින් ජේ පී කන්ද තරනය කර “අමා සැපක් දැනේ ජේශ්ට උත්තමයා” යයි මා වාර්තා කලේ පොඩි බංඩා ට බව කිසි දා අමතක නොවේ.
වචනයේ පරිසමාප්රත අර්තයෙන් ම පොඩි බංඩෙකු වූ ඔහු කුඩා මනුස්සයෙකි. පොකුටු කෙස් සහ කුරා උඩු රැවුල නිසා රූකාන්ත ගුනතිලක ගේ රුවට සමාන විය.
නවක ශිශ්යයන් ලෙස සරසවියට පැමිනි අපට වදය දීමට වඩා ගොන් පාට් දැමීමට උත්සුක වූ කන්ඩායමට ඔහු අයත් විය.
වදකයෝ නිතරම රැවිම් ගෙරවුම් සහිත දරුනු මුහුනු පැලඳ සිටි අතර ගොන් පාට් කරුවෝ වදකයන් හා නවකයන් සැවොම එකතුව කරනා නාඩගම දෙස උපහාසයෙන් යුතුව බලා සිටි කන්ඩායමකි.
ඉඳහිට් ඔවුන් ද වදකයන් හට උදවු කිරීමට පෙලඹුනද අපව මරා ගෙන කෑමට උත්සුක වූයේ නැත.
වදකයෝ නිතරම රැවිම් ගෙරවුම් සහිත දරුනු මුහුනු පැලඳ සිටි අතර ගොන් පාට් කරුවෝ වදකයන් හා නවකයන් සැවොම එකතුව කරනා නාඩගම දෙස උපහාසයෙන් යුතුව බලා සිටි කන්ඩායමකි.
ඉඳහිට් ඔවුන් ද වදකයන් හට උදවු කිරීමට පෙලඹුනද අපව මරා ගෙන කෑමට උත්සුක වූයේ නැත.
තනි අන්ඩෙන් ජේ පී කන්ද
තරනය කරන ලෙස සිනාසෙමින් කීවා මිස අනෙක් ජේශ්ටයන් මෙන් පොඩි බංඩා අපට තර්ජනය කලේ නැත. එපමනක් නොව තනි අන්ඩෙන් ගෙම්බා පැන නන්නත්තාර වී සිටි අපව ජේ පී
කැන්ටිමට ගෙන ගොස් ප්ලේන් ටී අරන් දුන්නාත්
මතකය.
නවක වදය අවසානයේ පවත්වන්නට යෙදෙන බොඩි ෆීඩ් එකට දින කිහිපයකට කලින් මාත් මගේ රූමාත් පේරාදෙනිය රාජකීය උද්භිද උද්යානයට ගියේ කොලඹ සිට නුවර සංචාරයකට පැමිනි පාසල් මිතුරන් කිහිප දෙනෙකු හමුවීමටයි.
මින් පෙර නුදුටු කෙනෙකු සමග පොඩි බංඩා ජේශ්ට උත්තමයා ලොකු කතාවකට වැටී සිටියේ උද්යානයේ ඇති දෙබිඩි පොල් ගසක් යට ය. ජේශ්ටයන්
දුටුවාම මහ හැර යෑම
ආනන්තරිය පාපකර්මයක් හෙයින් මත් මගේ රූමාත්
පොඩි බංඩා ලඟට ගියේ වෙන කල හැක්කක් නොවූ
නිසාය.
වෙනදා සරසවියේ දී අප පසු
පස හඹා එමින් ගොන් පාට් දමන පොඩි බංඩා එදින අප ඔහු වෙත
ඒම ගැන දැක්වූයේ නොසතුටකි. පරුශ වචනයෙන් අප ඇමතූ ඔහු
පට වහාම එතැනින් යන්නට අන කලේ ය.
එයත් ගොන් පාට් එකේම කොටසක් දැයි පහැදිලි නොවන නිසාම එතනම ටැග් ගැහෙමින් සිටි අප දෙදෙනාටම එතැනින්
වහාම යන ලෙස ආයාචනා
කලේය. මෙතනෙ හිටියොත් උඹලට අනතුරක් වෙන්න පුලුවනි.... අපව එතැනින් පලවා හරිමින් ඔහු කීවේ වෙනදා මෙන් සිනා සෙමින් නොවේ.
මා අන්තිමට පොඩි
බංඩා ව දුටුවේ එදාය.
අපට අනතුරු හැඟවූ පොඩි බන්ඩා ලුහුබැඳ අනතුර පැමින ඇති බව ටික වෙලාවකට
පසු සාලාවට ගිය අප හට ආරන්චි
විය.
පොඩි බංඩා පැහැර ගැනීමට ලක් වූයේ සරසවිය තුලදීම බව කනින් කොනින්
නවකයන් වන අප දැනගන්නට
ලබුනි. කිසි කෙනෙකු ඒ පිලිබඳ කතා
කිරීමට උනන්දු නොවීය.
වෛද්ය ශිශ්ය පොඩි බංඩා අතුරුදහන් විය. ඔහු සිටියාද නොසිටියාද නොසිතා ඔහු ගේ කන්ඩායමේ සියලු
සිසු සිසුවියන් පසු දින දේශන වලට සාබාගී විය. දින කීපයකට පසු පොඩි බංඩා ගැන කිසිම කෙනෙකු උනන්දුවෙන් කතා කලා මට මතක නැත.
එහෙන් මෙහෙන් ඇසුනු කතා නිසා පොඩි බංඩා දඹුල්ල පලාතේ ගොවි පවුලක දරුවෙකු වවද ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගසාගෙන ඉගෙනීම කර ගෙන ගිය
අයෙකු බවද දැනගන්නට ලැබුනි. එම තොරතුරු වල
සත්ය අසත්ය බාවය ගැන අසා දැනගන්නට කිසි කෙනෙකු නොවීය.
පසු කලෙක වෛද්ය පීට කැන්ටිමේ විරු සිසු ෆොටෝ අතර පොඩි බංඩා ගේ පින්තූරය ද
එල්ලිනි.... කතාව එච්චරය...
වසර බොහෝ ගනනකට පසු හදිසියේ දිනක මට පොඩි බංඩා
ව මතක් වුනේ රූපවාහිනි ප්රවුර්ති නරඹද්දීය.
ජෙප්පන් ගේ මහ එකා
වන අනුර කුමර කරුනානායක තුමා හයිබ්රිඩ් වාහන මෙරටට ගෙන්වන ආනයන කරුවන් ගේ දුක් අඳෝනා
වලට සවන් දෙමින් කියා සිටියේ ඔවුන් ගේ ප්රශ්න
ගැන තමාට වැටහෙන බවත් එම ප්රශ්න
ජාතික විදායක සබාවට යොමු කර සහනයක් ලබා
දෙන බවත් ය.
තම උගත් දරුවා
නැති වූ සොවින් ම
ඔත්පල වී මරු තුරුලට
නොගියේ නම් පොඩි බංඩා ගේ දෙමවුපියනුත් එම
අනුර කුමර ගේ කතාව ප්රවුර්ති වලින් දැකගන්නට ඉඩ තිබුනේය.
තවමත් ජීවත් ව සිටිනවා නම්
ඔවුන් මහලු වයසේ පසුවන්නෝ වෙති... සමහර විට ඔවුන් තම දරුවා දොස්තර විබාගය සමත් වී නැවත ගෙදර එන තුරු බලා ඉන්නවා වන්නට ඇත.....
අනුර කුමර තුමෝ... හයිබ්රිඩ් කාරයන් ට සහන දෙන්න
යන ගමනේ නරකද ඔබ තුමාලා ගේ
යහපාලනයෙන් මිල අඩු කල සස්ටජන් ටින්
එකකුත් අරන් දඹුල්ලෙන් බැහලා පොඩි බංඩා ගේ වියපත් දෙමවුපියන්
වත් බලලා සමාව ගත්තොත්???
Subscribe to:
Posts (Atom)





