Friday, May 29, 2015
යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය
ඊයේ රවී ඇමති මුදල් තුමා මාජ්ජයට කී පරිදි අලුතින් බැඳුම්කර ආයෙත් විකුනලාය.. නයට ගත්තු ඩොලර් මිලියන් නවසීය අරගෙන තියෙන්නේ 5.26% පොලියට....
මේක කලුකඩ ගිනිකන පොලියක් බව dollar borrowing rates ගැන දන්නෝ දනිති.
අත්මේස් ගලවලා අතට අත් දුන්නු මහරැජින ගේ රටේ අගනුවර වන ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය.
ස ර ස තුමා නොදන්නවා වුනාට සියලුම dollar borrowings වල පොලී අනුපාත ගනනය වන්නේ LIBOR එකට බැන්කුවට අදාල වියහියදම් එකතු කර ය. සියල්ලේ එකතුව වාර්ශික පොලිය 2.5% අඩුවෙන් ය.
හැබැයි ඉතින් අපේ රවී ඇමති මුදල් තුමා ඩොලර් මිලියන් නවසීයක් ම අරන් තියෙන්නේ 5.26% ට ය...
යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය. කොමිස් කාක්කෝ සමාව දෙත්වා...
Saturday, May 23, 2015
තමිල්මාරන් ......දුක හිතෙනව ඕයි...
ඔන්න එකෝමත් එක රටක තියෙන කොලඹ විස්සවිද්ද්යාලයේ නීති පීටේ පීටාදිපති කෙනෙකු සිටියෝය. එතුමා ගෙ නම වී. ටී. තමිල්මාරන් ය. උග්‍ර මහින්ද විරෝදියෙකි. කොටි හිතවාදියෙකි. පහුගිය කාලේ යහපාලනේට ෆූඩ් සිටි ගිය චරිතයකි.
සිරි ලන්කා ආරක්සක හමුදා අහින්සක දෙමල වැසියන් මරනවා කියා සිල්ප දක්වන්නෙකි.
TNA සන්විදානයෙන් එලඹෙන මැතිවරනයට තරඟ කරන්න හිටි හාදයෙකි.
මැන්ස් ගේ හිතවතෙකු ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආවා හිටන් ය. වැඩි විස්තර සඳහා පුවත්පත් බැලුවාම.ඒවා වල පල වී තිබුනේ මෙන්න මෙහෙම කතාවකි.
ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආපු තමිල්මාරන්ගේ යාලු හුටන් ට ලමා අපචාරයක් සමග ලින්ගික අපයොජනයක් කරලා හිටන් වින්දිතයා මරා දමා එය ෆෝන් එකේ රෙකෝර්ඩ් කර සිරි ලන්කා හමුදා දූශනය කර උතුරේ දැරියන් මරා දමනවා කියා ප්‍රචාරයක් දෙන්නට උවමනා විය.
එම යහපත් අදහසින් යාල්පානම් පෝච්චි වෙච්චි සුවිස් හාදයා තමන් කරන්න ආව වැඩේ කරලා දැරියක් දූශන කර මරා දමා එම කල්ක්‍රියාව වීඩියො කරගෙන හිටන් කොලඹ එන්න සූදානම් වන විට සිරි ලන්කා පොලිසියෙන් ඔහු ව අත් අඩන්ගුවට ගත්තෙමි.
අනේ ඉතින් ඒක දැනගත්තු තමිල්මාරන් නීති පීටාදිපති තුමා නීතිය පොඩ්ඩක් එහා මෙහා කර යහපාලන කොන්ටැක්ට්ස් පාවිච්චි කොරලා සුවිස් බුවා ව පොලිසියෙන් නිදහස් කරගෙන පලාලි ගුවන්තොටුපලෙන් කොලඹ ගෙන එන ලදී.
මේක දැනගත්තු දෙමල කොල්ලෝ සැට් එක තමිල්මාරන් සහ ඔහු ගේ දියනියන් දෙදෙනා සිටි ගෙදර වැටලූ බව කියැවේ.
අහෝ බේදයකි... තමිල්මාරන් ව බේරාගන්නට එතැනට ආවේ එතුමා විසින් හැමදාඅම විවේචනය කල සිරි ලන්කා ආරක්ශක හමුදා වලින් එකක් වන නාවික හමුදාවයි.
අන්තිමට තමිල්මාරන් ට ගේම ඉල්ලූ දෙමල කොල්ලන් ගෙන් බේරී කොලඹ එන්න නාවික හමුදා නිලඇඳුමක් ඇඳවූ බව පුවත්පත් වල සදහන් ය...
දුක හිතෙනව ඕයි...
Saturday, May 9, 2015
මහත්වරුන් ගේ ඉල්ලා අස්වීම්
අත් මේස් ගලවා අතට අත දුන් මහ රැජින රජ කොරනා ඉන්ගලන්තේ මහ මැතිවරනේ පසුගියදා පැවැත්වුනේය.
මේ ලිපිය ලියන්නේ එයින් දිනූ හාදයා ගැන නොව පැරදුනු හාදයන් ගැනය.
කම්කරු පක්සේ එඩ් මිලිබන්ඩා, සුවාදීන පක්සේ මයිකල් ෆරාජ් මහත්තයාද ලිබෙරල් පක්සේ රජීව විජේසින්නො මැතිතුමාද... ඔහ් සමාවන්න, නික් ක්ලෙග් මැතිතුමාද තමන් නායකත්වය දුන් පක්සය ජයග්‍රහනයට පහ් කිරීමට නොහැකිවීම ගැන පාක්සිකයන් ගෙන් සමාව ගෙන නායකත්වයෙන් ඉල්ලා අස්වූහ.
සිරි ලන්කාවේද ජනාදිපතිවරනය පසුගිය ජනවාරි මාසේ පැවැත්වුනි. එහිදී ද මා කතාකරන්නේ දිනූ හුටන් ගැන නොව පැරදුන අප්පච්චි ගැනය.
අප්පච්චි සිරි ලන්කා නිදහස් පක්ස නායකකමින් ඉල්ලා අස්වුනේ තම පරාජයත් සමගය.
මහත්වරුනි... මහත්මා දේශපාලනය නම් එයයි.
පිට පිට මැතිවරන විස්සකට වඩා පැරදුනමුත් තවම නායකත්වයේ එල්ලී සිටිනා රනිල් වික්‍රමසින්හ ට මහත්මා දේශපාලනය අදාල නැත!
Sunday, May 3, 2015
දේවසිරි ට "පහරදීම"
දේවසිරි කිරුලපෙනේ ගියාම එයාට ශාරීරික අඩම්තේට්ටම් කලා කියා මාජ්ජ වල පල වුනේය.
සත්ය වසයෙන් ම එවැනි පහරදීමක් සිදු වුනා නම් ස ර ස තුමා ඊට තම සාතිශය කනගාටුව පලකරන්නේ එය මහ භයානක තත්වයක් නිසාය.
On the other hand, ඔය වෙලාවේ එතන හිටි දහස් ගනන් මහ ජනතාව අස්සේ එවැනි පහර දීමක් සිදු වුනා යැයි සිතීම ඉතාම අපහසුය. දැන් කාලේ හැමෝම ලඟ කැමරා තිබේ. ඔය කියනා අන්දමේ පහර දීමක් සිදු උනා නම් එයට අදාල පින්තූර කීපයක් වත් මේ වෙද්දී අන්තර්ජාලයේ පල වී තිබිය යුතුය.
තවදුරටත් මේ සම්බන්දව කිව යුත්තේ සිරිසේනගේ පාලනය යටතේ පොලිසිය වැඩ බැරි ටාසන් කෙනෙකු ගේ තත්ත්වයට පත් වී ඇති බවයි.
මහ දවාලේ, දෙනොදාහක් අතරේ දේවයාට පහරදීම නවත්වා, ඊට අදාල කස්ටිය හිර බාරයට ගැනීමට අසමත් වීම මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලකි.
පොලිස්පති තුමනි... එදා කිරුලපෙනේ රැසීමේ රාජකාරි කල සියලු වැඩ බැරි ටාසන් ලා ගේ වැඩ තහනම් කරන්න.
හැබයි ඉතින් ඔය කියනා පහරදීම ඇත්තටම සිදු වූවේ නැත්නම්, එය දෙවසිරි ගේ රඟපෑමක් නම් වහාම ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.
Wednesday, April 29, 2015
හයිඩ් ගේ හයිඩින්ග්
එහෙත් ඇත්ත වසයෙන් ම Dr Jekyll තුමා ගේ අහින්සක ගන් කබර ලුක් එකට මුවා වී හිටියේ Mr Hyde නම් වූ දරුනු හාදයෙකි.
ලොක්කා පමනක් නොවසෑම දෙනාම සිතා සිටියේ Dr Jekyll තුමා ඉතාම අහින්සක, එතනෝල් කටේ නොතබන, වැලි ගොඩ නොදමන, හාල් මාෆියාවට සම්බන්ද නැති මහ ජනතාවගේ සවුක්කිය ඉහල නැන්වීමට දිවා රෑ නොබලා වැඩ කරන්නෙකුය කියා ය.
නපුරු චන්ද්‍රිකා නම් වූ බාබයිගා යකින්න කල මොකද්දෝ සාපයක් නිසා Dr Jekyll තුමා රෑපානේ ආප්පයක් කෑ පසුව Mr Hyde බවට පරිවර්තනය විය. පෙරලුනු පැත්ත හොඳයි කියා සිතූ Mr Hyde තුමා ඔහු ගේ භායනක පැත්ත හැමෝගෙන් ම වසන් කරගෙන සිටීමට හෙවත් hide කිරීමට සමත් විය.
ලොක්කාට වල කපා නව ලොක්කා වෙන්නට Mr Hyde තුමාට විදේශ බලවේග සහ සිරි ලන්කාව පුර විසිර සිටින ගන්කබරයෝ ටොයියන් ලෙස රූපාන්තරනය වීමේ ආසාව බලපෑවේය.
අහෝ, මෙච්චර කලක් Hide and Seek කරමින් ජනතාව මුලා කල Mr Hyde තුමාට හෙට Hyde Park හී පැවැත්වෙන මැයි රැලියේදී තමාට හිටපු ලොක්කාට වඩා කස්ටිය සිටිනා බව පෙන්වීමට සිදුව තිබේ.
එම සුබ අවස්තාවේදී Mr Hyde තුමා ව හම ගසා ඔහු Hide ගේ එක පිලියෙල කිරීමට පොදු ජනතා Skinner ලා පෙල ගැසී සිටී.
මහත්වරුනි.... Hyde park ගොස් එන අතරමග Leather Collection වෙත එන්න.... Genuine Leather products ගන්න!
Tuesday, April 28, 2015
වෙන්ඩපොශ් ටොයියන් ගේ එලදෙන
සකල සිරි ලන්කා වාසී වෙන්ඩ පොශ් ටොය්යන් ඉල්ලා සිටියේ එලදෙනකි.
පස්ගෝ රස සමග පොහොර සඳහා ගොම ද (සමහර ටොයියන් ගේ ආහරයට ද එය සුදුසුය ), වසරකට වරක් ලැබෙන වහු පැටියෙකු ද නිසා එලදෙන ටොයි කස්ටියට අත්යාවශ්ය ව තිබුනි.
ජයම්පති නැමැති මන්ද මානසික හාදයා එම අවශ්යතාවය කෙටුම්පත් කලේ මේ අයුරිනි.
1. සතෙක් විය යුතුය
2. එම සතාට පාද හතරක් විය යුතුය
3. පැටියන් දැමිය යුතුය , පැටියන් ට කිරි දිය යුතුය
4. සතා ටොයියන් ගේ ආහාරය වන තනකොල කෑ යුතුය
5.සතා ගේ කටේ ඩයස්ටිමාවක් (දන්නෝ දනිති ) තිබිය යුතුය
6. පාද සතරේ කුර සතරක් තිබිය යුතුය
7. පසුපස පාද දෙක මැද වලිගයක් තිබිය යුතුය.
8. කලු හෝ සුදු පාට විය යුතුය
මේ ආකාරයේ නොයෙකුත් නීති රීති වලට යටත්ව එලදෙන සොයන කල්හී එම සෙවීමේ මන්ඩලයටද, ප්‍රසම්පාදන මන්ඩලයටද ටොයියන්ගේ විරුද්දවාදීන් ටික සැට් වී ජයම්පති තුමා ගේ නිර්නායක වලට අනුකූලව සතා සොයා වෙහෙසට පත් ව සත් වන නිර්නායකය සෙවීමට අපහසුයැ... කලු හෝ සුදු වෙනුවට ඒ අතර වර්නය වන අලු පාටින් සොයම්දැයි විචාරා පාද සතරේ, කුර සහිත, තන්කොල කන , වසරකට වරක් පැටවු ගසා කිරි දෙන ඩයස්ටිමාව ඇති සිවුපාවෙක් ගෙන ටොයියන් හට දුන්නේය.
වෙන්ඩ පොශ් ටොයියන් ගේ රජ වූ රනිල් තුමා එම සතා බාරගෙන විල මැද මැදුරේ දී ඌව උත්සවාකාරයෙන් වෙන්ඩ පොශ් ටොයියන් හට පවරා දෙන ලදී...
සිවුපාවා දුටු වෙන්ඩ පොශ් ටොයියෝ අමා සැටක් දැනේ යැයි සුනකනාද කරන්නේ, එහි වූ එක්තරා කොලුවෙක් තම වෙන්ඩ පොශ් පියා ට සතා කවරෙක් දැයි පෙන්වාදුන්නේය.
ඒ වනාහී එලදෙනකු නොව බූරු දෙන කි!
පස්ගෝ රස සමග පොහොර සඳහා ගොම ද (සමහර ටොයියන් ගේ ආහරයට ද එය සුදුසුය ), වසරකට වරක් ලැබෙන වහු පැටියෙකු ද නිසා එලදෙන ටොයි කස්ටියට අත්යාවශ්ය ව තිබුනි.
ජයම්පති නැමැති මන්ද මානසික හාදයා එම අවශ්යතාවය කෙටුම්පත් කලේ මේ අයුරිනි.
1. සතෙක් විය යුතුය
2. එම සතාට පාද හතරක් විය යුතුය
3. පැටියන් දැමිය යුතුය , පැටියන් ට කිරි දිය යුතුය
4. සතා ටොයියන් ගේ ආහාරය වන තනකොල කෑ යුතුය
5.සතා ගේ කටේ ඩයස්ටිමාවක් (දන්නෝ දනිති ) තිබිය යුතුය
6. පාද සතරේ කුර සතරක් තිබිය යුතුය
7. පසුපස පාද දෙක මැද වලිගයක් තිබිය යුතුය.
8. කලු හෝ සුදු පාට විය යුතුය
මේ ආකාරයේ නොයෙකුත් නීති රීති වලට යටත්ව එලදෙන සොයන කල්හී එම සෙවීමේ මන්ඩලයටද, ප්‍රසම්පාදන මන්ඩලයටද ටොයියන්ගේ විරුද්දවාදීන් ටික සැට් වී ජයම්පති තුමා ගේ නිර්නායක වලට අනුකූලව සතා සොයා වෙහෙසට පත් ව සත් වන නිර්නායකය සෙවීමට අපහසුයැ... කලු හෝ සුදු වෙනුවට ඒ අතර වර්නය වන අලු පාටින් සොයම්දැයි විචාරා පාද සතරේ, කුර සහිත, තන්කොල කන , වසරකට වරක් පැටවු ගසා කිරි දෙන ඩයස්ටිමාව ඇති සිවුපාවෙක් ගෙන ටොයියන් හට දුන්නේය.
වෙන්ඩ පොශ් ටොයියන් ගේ රජ වූ රනිල් තුමා එම සතා බාරගෙන විල මැද මැදුරේ දී ඌව උත්සවාකාරයෙන් වෙන්ඩ පොශ් ටොයියන් හට පවරා දෙන ලදී...
සිවුපාවා දුටු වෙන්ඩ පොශ් ටොයියෝ අමා සැටක් දැනේ යැයි සුනකනාද කරන්නේ, එහි වූ එක්තරා කොලුවෙක් තම වෙන්ඩ පොශ් පියා ට සතා කවරෙක් දැයි පෙන්වාදුන්නේය.
ඒ වනාහී එලදෙනකු නොව බූරු දෙන කි!
Tuesday, April 21, 2015
අල්ලස්
ජනාදිපතිවරන කාලය තුල දී කිසිම පුරවැසියෙකුට අපේක්ශකයෙකු ගේ සහායට ගෙන්වා ගනීම සඳහා මුදල්, තනතුරු, තාන්න මන්න දීම අල්ලස් ගනයට ගනෙන බව සද් ගුනවත් විබාගය කොපි නොකල විද්යාචක්‍රවර්තී විජේදාස රාජපක්ස තුමා විසින් ඊයේ පවසන ලදී.
මීට සති කීපයකට කලින් එතුමාම කියා සිටියේ පොන්සේකා ජනාදිපතිවරනයට නාමයෝජනා දුන් පසු ඔහු වෙනුවෙන් වැඩ කිරීමට අනුර කුමර දිසානායක තුමාට රුපියල් ලක්ස විසි පහක් ලබා දුන් බවය.
ඒ කියන්නේ පෙර කලෙක ඉන්කම් ටැක්ස් නොගෙවා වැරදිකරු වී දඩ මුදලක් ගෙවා ශේප් වූවිජේදාස ලප කුමර දිසානායකට ලක්ස විසිපහක අල්ලසක් දුන්නා කියාය.
විජේදාස තුමෝ... අපිට පවු නොදී කරුනාකර තමා ම අල්ලස් කොමසාරිස් ලොක්කී ලඟට ගොස් එම වරද ගැන පාපොච්චාරනය කර අනුර කුමර සමග හිරගතවනවාද? මන්ද අල්ලස් දීමත් ගැනීමත් එක සේ බලවත් වැරදි නිසාය.
Subscribe to:
Posts (Atom)






