Sunday, December 18, 2016

සමාජ ජාලා සීමාකිරීමේ වෑයමක්.....




තොරතුරු දැනගැනීමේ පනතෙන් මේ රටේ මිනිසුන් ට මහ බැණ්කු බැඳුම්කර සිද්දිය ගැන සොයා බැලීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කල යහපාලන ආන්ඩුවේ අලුත්ම වෑයම facebook, twitter, wiki, youtube, flickr,  google, yahoo වැනි සමාජ ජාලා සීමාකිරීම, අදීකශනය කෙරීම සහ තහනම් කිරීම බවට කටකතා පැතිරෙමින් ඇත.

ලැමබගොනි, රත්තරන් අස්සයෝ, ඩුබායි බැණ්කු ගිනුම්, හෙලිකොප්ටර වැනි ෆේක් නිවුස් සාදා සමාජ ජාලගත කරමින්  71, 88/89 වැනි කාල වකවානු ගැන දැණීමක් නැති නන්ගිලා මල්ලිලා දූ දරුවන් රවටා ඔවුන් ගේ චන්ද ඩැහැ ගත් යහපාලන ආන්ඩුව තමන් කැපූ වලේ තමන් ම වැටේ යන බිය නිසා මේ පියවර ගන්නවා වෙන්නට පුලුවන!

සිදු විය යුතු ලෙසම, වඩාත් ආකර්ශනීය ලෙස විශ්වාශී ෆේක් නිවුස් මවමින් ඒකාබද්ද විරුද්ද පක්සේ ක්‍රියාකාරීන් ඉදිරියට පැමිනෙමින් පවතින බවත්, යහපාලනේ අවන්කව විස්වාස කල අය එහි සැබැ තත්වය වනාහී අති දූශිත හොරාකෑමක්  බව දැනගනිමින් පවතින බවත් වටහාගත් යහපාලන ආන්ඩුව සමාජ ජාලා පාලනය කිරීමට උත්සාහ කිරීම අරුමයක් නොවේ.

කනගාටුදායක සිද්දිය නම් යහපාලකයෝ සමාජ ජාලා සම්පූර්නයෙන් තහනම් කලත් එයට කැමත්ත දක්වමින් එය සාදාරනීකරනය කිරීමට උත්සාහ කරනා උදවිය ද අප අතර සිටීමය!

Friday, December 16, 2016

කර්ම ඉස් ඒ බිච් හිටන්! දෙවන කොටස


ජෝන් කෙරී කියලා තිබුනා ඩොලර් මිලියන ගානාක් ලන්කාවේ රෙජීම් චේන්ජ් එකට දන් දුන්නය කියලා... සිරි ලන්කාවේ ඇන් ජී ඕ කාරයෝ සුකෝපබෝගී ජීවිත ගතකොරන්නෙ අමෙරිකාවෙ බදු ගෙවන්නන් ගේ මුදලින් කියලා දැන් පැහැදිලියි!

ඒ ඩොලර් වලට පින්සිද්දවෙන්න කුඹුරක හිටවාපු පඹයෙක් අපේ ජනාදිපති වුනා...

දැන් ඔබාමා කාරයා කියනවා පිටරටක් ඇමෙරිකාවෙ චන්දෙට බලපෑම් කොරලය කියලා...

ඔබාමලා පඹයෙක් ජනාදිපොති කොරවලා අපිට දීපු ගේමට රිටර්න් එක පුටින් ලොක්කා දීලාය කියලා ඔබාමා ඤම් පචම් ගානවා බලන්න දුකයි!

කර්ම ඉස් ඒ බිච් හිටන්!

Wednesday, December 14, 2016

ඉස්තාවරය වෙනස් කිරීමයි!

නාවික හමුදාවේ බඩතඩි හමුජාපති කැප්ටන් හැඩොක් තුමා විසින් මාජ්ජවේදියෙකු ට අම්මාට වඳිනා ගාතාව කියා කන පැලෙන්න ගැසීම ගැන සරස තුමා ගේ ඉස්තාවරය වෙනස් කිරීමට කාලය පැමින ඇති බව ඔබ සැමට දැනුම් දීමට කැමැත්තෙමි හිටන්!

එම ඉස්තාවරය වෙනස් කිරීමට හේතු වූයේ බාහු වික්කොම තුමා, පිරිමි මිසී තුමා, අසාද්ය සාලි තුමා වී අන්ගොඩ තුමා වැනි අය මාජ්ජවේදියා ගේ පැත්ත අරගෙන කතා කල එක ය. 

තමනුත් මාජ්ජවේදියෙකු බව කියාගන්න පැරා තුමා විසින් මාජ්ජකරුවාට නෙලීම සාදාරනය කරනාවිට මාජ්ජකරුවෙකු නොවන සරස තුමා ට එම පහරදීම සාදාරන බව පිලිගැනීම හැර අන් විකල්පයක් නැත!

මෙහිදී තවත් මාජ්ජවේදියෙකු වන  ලසන්තව පරලොව යැවූ වෙල්විදානේ තුමා තම ඉස්තාවරය වෙනස් නොකර බඩතඩියා ගේ පැත්ත ගැනීම ප්‍රසන්සාජනකය!

2020 දී හදන්නට බලාපොරොත්තුවන නව ආන්ඩුවේ හාදයන් අතින් මෙවැනි මාජ්ජවේදී ප්‍රහාරයන් නැවත නැවත සිදු විය හැකි බවද එහෙම වුනාම තමුන්නාසේලා මාජ්ජවේදියාගේ පැත්ත නොගතයුතු බවද මතක් කොරමි හිටන්!


ප : ලි :


කොල්ලුපිටියෙ ලොල්ලාගේ බැඳුම්කරේ අමතක නොකරණු!

Tuesday, December 13, 2016

හම්බන්තොට සිද්දියේ මාද්යවේදියා ගේ වැරැද්ද....


හම්බන්තොට වරායේ මාජ්ජවේදියෙකුට අම්බානට නෙලාපු සිජ්ජියේ දී  සිද්දියේ මාජ්ජවේදියා ගේ වැරැදි වුර්තීය හැසිරීම ගැන බොහෝ දෙනා සමාජරෝග ජාලා වල අදහස් පල කර තිබෙමි.

පහලින් පලවන්නේ එවැනි එක් පලකිරීමකි:
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගනු !
ලෝකේ කිසිම රටක හමුදා මෙහේයුම් අවසරයකින් තොරව පටිගත කරන්න බෑ
පැහැදිලිවම මෙය නාවික හමුදා මෙහෙයුමකි. එවන් අවස්ථාවලදී පිළිගත් මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යවේදියෙකුට පින්තුර ගැනීමට හෝ පටිගත කිරීම සදහා නාවික හමුදාවෙන් අවසර ලබාගත යුතුය 

ඔය අදහස ඉදිරිපත් කොරමින් සමාජරෝගජාලා වනසන බුජ්ජිමතුන් ට අනුව නාවික හමුජාපතියා එම මාජ්ජවේදියාට නෙලූ එක සාදාරනය... එතැනින් නොනැවතී අවසර නොමැතිව පටි ගත කොලාය කියනා වරදට ඒකාව අත් අඩන්ගුවට ගත යුතුය!

සරස තුමාට අනුව එම තර්කයේ පොඩි පරහක් තිබෙමි.


නාවික හමුජාපතියයි ගුටිකන මාජ්ජ වේදියයි දෙන්නම වීඩියෝ එකේ පේනවා නම් ගහලා තියෙන්නේ පටිගත කල හාදයාට නොවන බව පැහැදිලි නැද්ද???? 

නාවික හමුජාපොතියා මීඩියා ID එක පැලඳ හිටි හාදයෙකුට පැනපු ගමන් කනේ පාර දුන්නේය .. එම සිජ්ජිය පටිගත කොල හාදයා ගුටි නොකා වීඩියෝවත් පරෙස්සමින් ආරාක්සා කොරන් එතැනින් පිටවෙලා ය!

එම අතපසුවීම නිවැරදි කොර ගැණීමට මාජ්ජවේදියා ට නෙලන අවස්තාව පටිගත කොල හාදයා ව සොයාගෙනවිත් දඬු කඳේ ගසන මෙන් ස ර ස තුමා යෝජනා කොර සිටී හිටන්!

Saturday, December 10, 2016

නාවික හමුදාපති ගේ ජාතියන්තර මානව හිමිකම් සැමරුම!







අද, දෙසැම්බර් 10 දා ජාතියන්තර මානව හිමිකම් දිනය සිරි ලන්කාවේ නාවික හමුජාපති තුමා විසින් උත්කර්සවයෙන් සමරන්නට යෙදුනාය. ඒ සැමරුම් උත්සවයේදී  නාවික හමුදාපති සුරතින් අම්බානක ගුටි කෑ හිරු මාජ්ජ වේදියාට අපගේ උනුසුම් සුබපැතුම් හිටන්!

Thursday, December 8, 2016

ගෝටා මහත්තයා හා මහින්ද මහත්තයා සමග සමහර රටගිය ඇත්තන්ගේ ඇති වෛරය






ලන්කාවෙ ඉපදිලා පිට රටවල් වල ගිහින් ජීවත්වෙන සමහර උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි නැති කොලා....


මතක ද ඒ කාලේ සමහර රට ගිහින් ආපු කස්ටිය ගේ පොර ටෝක් හිටන්?


අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ...



මෙහෙ වගේ ද එහෙ... ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ...



ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු..



මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ...



දැන් ඉතින් ඕවා කාට කියන්නද.. මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද හිටන්?



අනේ පින්වතුනි ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි එක්ක වෛර බැන්දා නේ...




ඒකට රනිල් තුමයි හිටන්තුමයි...



පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදතා... 



දැන් ඉතින් අපේ රට ගිය ඇඹිඉටිල්ලන් මීයන් ට හරි සන්තෝසයි... ඒකනේ මහින්ද මහත්තයයි ගෝටා මහත්තයයි නරකායි, හැබැයි රනිල් තුමයි හුටමයි හොඳායි කියලා කියන්නේ......



බැරිවෙලාවත් පිට රට පදින්චි වෙලා  හිටියා කියලා සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමේ කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනවැයි? 



ගෝටා මහත්තයාටයි මහින්ද මහත්තයාටයි බැන්නට මේ සමහර  රට ගිය හාදයන් ට ලන්කාවේ පුරුදු අත හරින්න බෑ... මතකයි නේ මලගෙවල් මගුල් ගෙවල් වල බලෙන් ම කතා පවත්වන සැට් එක....?



මේ හාල්පාරු වහන්සේලා එහෙ ගිහිනුත් කොරන්නේ සින්හල සන්ගමේ රැස්වීමෙ දී හිටගෙන විහිලු කොරන එක පමනයි නේ හිටන්? 



සමහරක් ඔයි සින්හල සන්ගම් අටවා ගන්නෙම ඒ රටවල ආන්ඩුවෙන් මයිනෝරිටි සන්ස්කෘතීන් දියුනුවට වෙන් කොරනා ග්‍රාන්ට් එක කඩාගන්නමයි නේ.... දන්නවනේ ගෙදර ගෑනියි මිනිහයි සන්ගමේ සබාපති හා ලේකම්... ඒ වැනි සන්ගම් කීපයක් ම එකම් පවුලේ අතඩන්ගුවේ තියෙනවනේ හිටන්! අපොයි එපා කියලා අත හැරලා දාලා ගිය සින්හ්ලේ විකුනන් කන්නේ එහෙමයි හිටන්!





ඒකට අපි... ඉස්කෝලෙන් විස්ස විජ්ජාලෙන් එලියට ගියාට පස්සෙ සින්හල සන්ගමේ කතා කොරන්නවත් කතා අහන්නවත් යනවද හිටන්?

Wednesday, December 7, 2016

චෝදනා ස්ක්‍රිප්ට් ...........



සියලු සිරි ලන්කා බුජ්ජිමතුන් හා සෝ කෝල්ඩ් සිවිල් සමාජ ක්‍රියාකරුවන් ට අමෙරිකානු සහ ඉන්දියානු රෙදි දී (මිම්මට කපාගෙන ඇඳුම මැසීම උන්තුමාලාම කොර ගන්නා ලදී හිටන්) අටවනු ලැබූ යහපාලනේ ට තාමත් කඩේ යන සැට් එකක් ඉන්නවාය.

එයින් කොටසක් උපන්ගෙයි බාලගිරි දෝසේ හැදුනු හිටගෙන විහිලු කොරනා  මන්ද මානසිකයන් වන අතර ඉතිරිය කුලියට ලියනා හාදයන් ය.

චන්ද්යටට පෙර මොවුන් මහින්ද මහත්ත්යාටත් ඔහු ගේ ආන්ඩුවටත් නේක අපහාස සහ චෝදනා කොලහ. කුඩු, එතනෝල්, කැසිනෝ, ලැම්බගොනි කාර්, රත්තරන් අස්වයන්, ඩුබායි බැන්කු ගිනුම්, සුදු වැන් ආදී මෙකී නොකී චෝදනාවන් කොලේ දිවට කටට නොගෑවී වගේ ය. 

කරුමෙක මහත ජහපාලුවන් ට  චන්දයට පසු වසර දෙකකුත් ගෙවෙනා අද වෙද්දී ඔවුන් ගේ එකෝම එක චෝදනාවක් වත් ඔප්පුකොර ගන්නට නොහැකි විය.

ඒ වෙනුවට ජහපාලකයන් ගේ ටොප් ටෙන් වන්චා මතු වී ආවේය. මාමලා බෑඅනලා මහබැන්කුවේ බොක්ක සුද්ද කොලහ...කොකේන් හමු වෙන්නේ කොන්ටේනර් ගනනිනි! වික්‍රම වීරසූරියලා මහපල අරමුදල ගල කොලහ... තලතා දෙවී ලා රට ගොස් වැඩ කොරනා කස්ටියට ගේම දුනි... මෙවන් කතන්දර බොහෝය.




ඉතින් දැණ් ජහපාලනේට කුලියට කහිනා හාදයන් ට පෙන්වා දෙන්න පුලුවන්, එකෝම එක දෙයකි... එනම් පහුගිය ආන්ඩුවේ කාලේ වගේ මේ ආන්ඩුව රජයේ අනුග්‍රහයෙන් මිනී මරන්නේ නැත කියා ය. පරහකට තියෙන්නේ අද සිල් අරන් හිටියත් ආන්ඩුව කරන්නේ කොල කොටි, ප්‍රා සහ බටලන්ද ආදී ගාතක සේනා වල නායකත්වය දැරුවන් වීමය!

එම නිසා මිනීමරුවොන් ගෙන් සැදුනු ආන්ඩුව අද මිනී නොමරය් කියා සන්තෝසවීමට ජහපාලනේට කඩේ යන්නන් පරෙස්සම් වී තිබෙමි.


ඉහත ලියා ඇත්තේ හිටගෙන විහිලුවකට ස්ක්‍රිප්ට් එකකි. ලන්කාවේ මගුල්ගෙවල් වල සහ මලගෙවල් වල කතා පවත්වා පුරුදු එකාට මොකක් හෝ අටමගලයක් අටවා කතාවක් පැවැත්තුවේ නැතොත් සනීප නෑ වගේය.. ඒ නිසා සුද්දන් ගේ රටවලට ගියත් සින්හල සන්ගමයක් අටවා ( එම සුද්දන් ගේ රටවල තිබෙනා  ඉන්ග්‍රීසි සන්ගම් වල උන්ට තැනක් නැති පාට ය ) කන්කරච්චල් කතා පවත්වන හාදයන් ට එය පාවිච්චි කල හැකිය. ඉන් පසු අසා සිටින්නන් විසින් පිස්සන් කොටුවට තල්ලු කර යැවූ පසු එහි දී ද මේ කතාව පැවැත්විය හැකිය හිටන්!

ප:ලි:

මාමාගේ හා බෑනා ගේ බැඳුම්කොරේ අමතක නොකරමු!!