Wednesday, May 31, 2017

පස්චාත් ආපදා ඇමති කුට්ටම ඇනීම



පසුගිය දිනෙක කඩුවෙල බනානා ටුජී, වර්තමාන අසමත් යහපාලනේ ගේන්න තමන් බොහෝ දර දිය ඇද්ද බවත්, එයට ප්‍රතිචාරයක් ලෙස තමන් හට ඇමති කුට්ටමේ කොලයක් වෙන්නට අවස්තාව ලැබී නැති බවත්, යම් හෙයකින් අවස්තාව දුන්නොත් වැඩ කිඩ පෙන්නම් ය කියාත් ප්‍රකාශ කර තිබිනි.

ඒ ප්‍රකාශය හිතේ දරා සිටි හොරිසේන මැතිඳා මේවර පස්චාත් ආපදා කුට්ටම ඇනීමේ මහෝත්සවයේ දී  බනානා ටුජී ට අලුතින් කිසිම වගකීමක් නොදෙන්නට වග බලා ගත්තේය. 

 මෙවරත් ඇමති කුට්ටමේ පොරක් වන්නට ඉඩ නොලැබීම සම්බන්දයෙන් සරස තුමා කඩුවෙල බනානා ටුජී ට තම සාතිශය සංවේගය පල කර සිටී.

 එයින් නොනැවතුනු හොරිසේනයානෝ එරාන්, හර්ශ, ගොන්ජා සහ රන්ගේ වැනි හාදයන් කීප දෙනෙකුට උප ඇමති කම් දී, තමන් සුදුස්සාට නිසි  තැන දුන්නා ය කියා උදම් ඇනුවේය. කඩුවෙල බනානා ටුජී සුදුස්සෙකු නොවන බවද, එජාප සිරස පිල ( හෙවත් සජිත් පිල ) නියෝජනය කරනා කිසිම හාදයෙකුට ඇමති කුට්ටමේ තැනක් නැති බව මෙයින් පෙනී යයි. 

මෙසේ සුදුස්සාට සුදුසු දේ තියරියට අනුව පත් කල අලුත් ඇමති කුට්ටමේ හිටිනා ගොන්ජා හට මීගමුවේ මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් ගණිතය විශය සම්බන්දයෙන් ආචාර්‍ය උපාදියක් ඇති බව දන්නෝ දනිති. 

සාමාන්‍ය පෙල ගණිතය අසමත් මුදල් ඇමතිට අලුතින් උප ඇමතියෙකු ලෙස පත් කල එරාන්, සාමාන්‍ය පෙල පලමු උත්සාහයේ දී ගණිතය සමත් වුනා ද කියා සර ස තුමා තොරතුරු දැණගැනීමේ පනත හරහා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වේ. 

හොරු හොරු හොරු සහ ගංවතුර හොරු.





මේ ගංවතුර ආපදා සමයේ එක්තරා මහත්මයෙකුට ආධාර එකතුකර විපතට පත් වූවන් හට දෙන්නට සිතක් පහලවිය.

 සමාජ ජාලා වල, විශේශයෙන් ම Facebook හී යහපාලනේ හදන්න ෆුඩ් සිටි යන ගමන් ම මහින්ද මහත්තයාට "හොරා" "හොරා" "හොරා" කියා කොමෙන්ටු දැමීමෙන් ජනප්‍රියතාවයට පත් වූ මෙම මහත්මයා ගංවතුර ආධාර ඉල්ලීමේදී තම බැංකු ගිනුමට මුදල් තැන්පත් කරන්නැයි Facebook හී ආයාචනයක් කලේ ගිනුමේ අංකය ද සමගිනි.

එම මහත්මයා එකතු කරනා සහ ආධාර වලට වියදම් කරනා සියලු මුදල් වෙනුවෙන් අය වැය වාර්තාවක් හී පල කරනා බව තවත් යහපාලනේ හදන්න ෆුඩ් සිටි ගිය මහත්මියක් ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා ය. ( බලපන් ලෝටස් අජ්ජෝ,, වැදගත් මිනිස්සු මොකක් හෝ සමාජ ක්‍රියාකාරකමකින් පසු අය වැය ප්‍රසිද්ද කරණා අන්දම හිටන්!

කෙසේ වුවත් ඉහත මුදල් එකතු කල මහත්මයා ගේ හා අය වැය දෙන්නට පොරොන්දු වූ මහත්මිය ගේ අවාසනාවට "මෙන්න හොරු ගංවතුර ආධාර එකතු කරනෝ" වැනි කතා වලින් සමාජ ජාලය පිරී ගියේය. ඔය වගේ වැඩ කරන්නේ සෝ කෝල්ඩ් යාලුවන් ම තමයි හිටන්

වැඩේට දරුණුම ප්‍රහාරය එල්ල වුනේ එදා රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයෙනි. සමාජ ජාලා වල විශේශයෙන් Facebook හී ගංවතුර ආධාර සඳහා වන්චාකාරයෝ මුදල් එකතු කරන බවත් ඒ වන්චා කාරයන්ට නොරැවෙටන ලෙසත් රූපවාහිනිය මහජනතාව දැනුවත් කලේය. සමහර විට රූපවාහිනියට ඔයි නිවුස් එක දී වැඩේ අල කලේත් අර මහත්මයාගේ ලඟම යාලුවෙකු වෙන්නට ඇති හැකියාව බොහෝ ය.

පසු දින සි හොරා හොරා හොරා කතාව ලැවු ගිනි මෙන් Facebook හී පැතුරුනි. 

කෙසේ වුවත් එම මහත්මයා වන්චා කාරයෙකු කියා සරස තුමා විස්වාස කරන්නේ නැත. ඒසේ විස්වාස කරණවානම් මහත්මයා කියා අමතන්නේත් නැත.


කොහොමින් කොහොමින් හරි Facebook හී තම බැංකු ගිනුමේ අංකය  ප්‍රදර්ශනය කරමින් එකතු කල මහත්මයා මේ හොරා නැමති නම්බු නාමය ගැන කලකිරී ආයෙත් නම් තමන් කිසිම සමාජ සේවයකට මුදල් එකතු නොකරමියි දිවුරා පොරොන්දු විය. 

එම දිව්රුම දුන් සටහන වෙත ගිය සමහරු, අනේ ඔයා මහින්ද මහත්තයාට හා රාජපක්ශ පරම්පරාවට ම හොරා හොරා හොරා කියලා උඩපැන්නා නේද? ඔයාලගේ ආන්ඩුව ඇවිත් අවුරුදු දෙකක් ගිහිනුත් තාම එක හොරකමකටවත් මෙතුමන්ලා ව අල්ලා ගන්න බැරි වුනා නේද.... ඔහෙලා එතුමන්ලාට හොරා හොරා හොරා කියද්දී එතුමන්ලාට කොපමන දුකක් කලකිරීමක් ඇතිවෙන්නට ඇත් දැ‍යි අසමින් කෝචොක් දමති.

කල දේ පල දේ කියා කතාවක් තිබේ... කර්ම ඉස් අ බිච් හිටන්!

Saturday, May 27, 2017

ආපදා කලමනාකරණ යහපාලන ඉස්ටැයිල්

ඕස්ට්‍රේලියානු නිලමැසි සන්චාරය අහවර කර සියරට පැමිනි හොරිසේන තුමා විසින් අද රාජ්‍ය නිලධාරීන් ට චක්‍ර ලේඛ ගැන සිතන්නේ නැතිව ගිය ආන්ඩුව කාලේ කලාක් මෙන් ක්ශනික තීරණ ගෙන ජනතාවට සහන සපයන්නැයි උපදෙස් දුන්නේ ය.

හරක් විජේසූරිය වැනි උසස් පෙල අසමත් මහහාචාරියෝ විසින් සිහිනයෙන් දකිනා ලද රාජ්‍යය තැනීමට ගොස් හොම්බෙන් ගිය හොරිසේන තුමා දැ
න් පේ ජනපති මහින්ද රාජපක්ශ මැතිතුමා ගේ ක්‍රමයට රාජ්‍ය විචාරීමට උත්සාහ කිරීම හොඳ ප්‍රවනතාවයකි. එහෙත් අශ්ව රතය අදින්නට අශ්වයා හට පුලුවන් වුවද උගේ ඇඟේ වෙසෙන මැක්කාට එය ඉතා අසීරු කාර්‍යයක් බව අපි දනිමු.

රාජ්‍ය නිලධාරීන් FCID කැඳවා වද දීමෙන් පසුව ඔවුන් ගෙන් ආපදා සේවා බලාපොරොත්තු වීම විහිලුවකි. බැසිල් රාජපක්ශ මැති තුමා ට FCID ආයතනයෙන් නඩු දමා ඇත්තේ ගම් සභා හා ප්‍රාදේශීය සභා වලට GI පයිප්ප දුන්නාය කියා ය. අද ඒ GI පයිප්ප නැතිනම් අවතැන් වූවන් හට තාවකාලික නවාතැන් දෙන්න වෙන්නේ සොරිසේනගේ අරලිය හෝටල වල ය!

මෙවන් විපත් වලදී සැනෙකින් ඉදිරිපත් ව ජනතාවට සහන සපයන නියෝජිතයන් සිටිනා ගම්  සබා හා ප්‍රාදේශීය සබා පමනක් නොව නගර සබා හා මහ නගරසබා ද විසිරුවාහැරීමෙන් පසුව විධිමත් ආපදා කලමනාකාරණයක් බලාපොරොත්තුවීම නිකිනි සෙවීම මෙන් අපහසු දෙයකි. ගොන් හොරිසේනයෝ, ඒ පලාත් පාලන ආයතන විසුරුවාහැර ජනතාවට සහන සපයන්න හිටි නියෝජිතයෝ ද නැතිබන්ගස්තාන කලේ උඹමයි! 

යහපාලනේ විසින් පට්ට ගහනා ආගමික සන්හිඳියාව ද දෝරේ යමින් පවතී. මේ වන විට යහපාලනේ විසින් සංඝ්‍යා වහන්සේලා සීයකට අදික ප්‍රමානයක් හිරේ දමලා ය. ඒත් රජය විසින් නිවේදනය කරනා ආපදා වලට ලක් වූවන් හට සෙවන දෙන තාවකාලික කඳවුරු පැවැත්වෙන්නේ රජයේ පාසල් වල හෝ බෞද්ද සිද්දස්තාන වල පමනි!!! අන්‍ය ආගමික ස්තාන වල දොරවල් අරින්න යතුරු නැති පාටය. සන්හිඳියාව වනාහී ඩයෝඩයකි.. ගලන්නේ එක පැත්තකට පමනි!

 අවසාන වශයෙන් කිව යුත්තේ මේ ආපදා කාලයේදී ඔබ අප සැම දෙනාටම අටපාස් ආමි කාරයාගේ හා කුහක දෙස්තර ගේ පිහිටයි කියා ය!

Wednesday, May 24, 2017

රාජ්‍ය නිල මැසි සංචාර



 Turnbull meets Turndonkey


ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් මැතිතුමා ගේ ආරාදනයෙන් රාජ්‍ය නිල සංචාරයක්  සඳහා ජනපති සොරිසේන පිටත් ව ගිය බව රාජ්‍ය මාද්‍ය හොරණෑ ගසති.

එහෙත් සොරිසේන කැන්බරා ගුවන්තොටෙන් ගොඩබසින වේලාව ටර්න්බුල් මහතාට අමතකව ගිය හෙයින් සොරිසේනව පිලිගැනීමට ගොස් සිටියේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලන්කා මහ කොමසාරිස් තුමා ය.

ඔස්ට්‍රේලියානු රූපවාහිනී සේවය වන ABC ආයතනයේ හෝ වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආයතන වල වෙබ් අඩවි වලද සොරිසේනයා ගේ ගැන අන්දො සන්සාරයක් සඳහන් ව නැත.

එහෙයින් තවදුරටත් බේගල් දෙසා බාන්නේ නැතිව බොහොම හදිසියේ ඔස්ට්‍රේලියාවට ගිය සොරිසේන  ගිය කර්මාන්තයක් කරගෙන (යූ නෝ වට් අයි මීන් )  නැවත ශ්‍රී ලන්කාවට පැමිනෙන තෙක් නිශබ්ද්දව සිටිනා ලෙස හෙයා මැරීඩ් චයිනීස් හෙවත් කොන්ඩේ බැඳපු චීනෙක් නොවනා සරස තුමා රාජ්‍ය මාද්‍ය වලින් ඉල්ලා සිටී.

Sunday, May 21, 2017

ලෝකේ හොඳම මුදල් ඇමතිට රස්සාව නැතිවීම....




අද තම රැකියාව අහිමිකරගත් ලෝකේ හොඳම මුදල් ඇමතිට සරස තුමා ගේ බලවත් කණගාටුව හිටන්.

එක්කෝ රවී ට හොඳ මුදල් ඇමති සම්මානේ දුන් අන්තර්ජාතික ආයතනය පිස්සු ය.. නැත්නම් රවී ව මුදල් ඇමැති කමෙන් පැන්නූ සිරිබාල  ගිරිසේනට පිස්සු ය. සමහර විට මේ දෙගොල්ලටම පිස්සු වන්නට බැරි නැත.

Friday, May 19, 2017

දැඩි තීරණ ගන්නා මෛත්‍රී-බාල ගිරි-සේන

ඇමැති මන්ඩලේ වෙනස්කිරීම සම්බන්දයෙන් කීප සැරයක් ම දැඩි තීරණ ගන්න උත්සාහ කල යහපාලනේ ජනාදිපති තුමාට බාලගිරි දෝසය වැලඳී ඇති හෙයින් තාවකාලිකව එතුමා ගේ ශ්‍රී නාමය මෛත්‍රීබාල ගිරිසේන ලෙස වෙනස් කර නැති බව ශ්‍රී ලාන්කික ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයට මෙයින් දැනුම් දෙමි.

ඒ වගත් මේසේම,
සරස තුමා වම්හ!

ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය....

අද  (මැයි 19) මහින්ද රාජපක්ශ මැතිඳු හා ගෝටාභය රාජපක්ශ මැතිඳු සහෝදර සමාගම විසින් ද්‍රවිඩ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කල දවසයි. නියත වශයෙන් ම ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය ලෙස නම් කල යුත්තේ අදයි!

එහෙත් නිල වශයෙන් ගත් කල ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය පෙබරවාරි 04 වෙනිදා යි. 

ජ්‍යාත්න්තර වශයෙන් ගත් කල පෙබරවාරි 04 වෙනිදා යනු ලෝක පිලිකා දිනයයි! 

 පිලිකාව යනු භායනක රෝගයකි. එයිනුත් පිත්තාශයේ හෝ අග්න්‍යාශයේ පිලිකා ඉතා දරුණු ය. හැදුනොත් මවුන්ට් එලිසබෙත් යන්න වෙනවා සත්තයි. ඊටත් වඩා කේස් නම් ඔස්ට්‍රේලියාවේ හෝ ඇමෙරිකාවේ උනත් යන්න වෙන්න පුලුවනි.

එම නිසා ශ්‍රී ලන්කාවේ නිදහස් දිනය ජ්‍යාත්‍යන්තර පිලිකා දිනයෙන් ඉවත් කර
මහින්ද රාජපක්ශ මැතිඳු හා ගෝටාභය රාජපක්ශ මැතිඳු සහෝදර සමාගම විසින් ද්‍රවිඩ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කල දවස වන මැයි 19 දා නිල වශයෙන් නියම කරන ලෙස සරස තුමා ආන්ඩුවෙන් ඉල්ලයි.