Tuesday, February 24, 2015

කූට ලේකඛ සන්නස් ගලට රාජකීය අතුල් පහරක්!


 

 


පහත පල වන්නේ මහා මන්ත්‍රාචාර්ය, කූට ලේඛක සන්නස් ගල ගේ පාපොච්චාරනයකි. ස ර ස තුමා පැවසූ දෙයම කූට ලේකඛ සන්නස් ගල පවසයි. ඔහුත් දරුවන් රාජකීය විද්යාලයට දමා ගැනීමට කූට ලේඛන තනා ඇත!
 
හැබැයි රාජකීය විද්යාලය "වෙන්ඩ පොශ් තාම ගොඩේ බයියෙකු" වන සන්නස් ගල ගේ පුතුන් පාසලට ඇතුලත් කර ගෙන නැත!!!

 


February 25, 2015 at 10:14 am | lanka C news

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තරි විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සම්පුර්ණයෙන්ම අසාධාරණ බව රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.

දෙරණ ගුවන් විදුලිය හා අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ තමන්ද තම දරුවන් පාසැලට දැමීම සඳහා ව්යාජ ලෙඛණ සකස් කල බවයි.

කොළඹ රාජකීය විදුහලේ සිසුන් බහුතරයකගේ දෙමාපියන්ද මෙම චෝදනාව යටතේම අත්අඩංගුවට ගත හැකි යයිද ඔහු කියා සිටියේය.

රාජකීය විදුහලට සිසුන් ඇතුළත් කිරීමට අදාල චක් ලේඛයේ 3:1 වගන්තිය රකාරව ළමුන් ඇතුළත් කරන්නේ පාසලට මීටර් 100 දුරින් සිටින ළමුන් පමණක් බැවින් එම භූමි ප්රදේශයට අයත් වන්නේ රනිල් වික්රමසිංහ මහතාගේ නිවස පමණක් බවත් කී ඔහු එනිසා රාජකීය විද්යාලයේ සිසුන්ගේ මව්පියන්ගෙන් 99%ක්ම අත්අඩංගුවට ගත යුතු බවත් කීය.

තමාගේ දරුවන් දෙදෙනා රාජකීය විද්යාලයට ඇතුළත් කිරීම සඳහා තමාද බුලර්ස් පාරේ ලිපිනයක් යොදාගෙන කූඨ ලේඛන සකස් කළ බවත් මහතා කීවේය. එහෙත් ඔවුන් පාසලට අතුළත් කිරීමට නොහැකි වුණු බවත් සන්නස්ගල මහතා කියා සිටියේය.

 

9 comments:

  1. එයාට ඒකවත් මතක එක ලොකු දෙයක්.
    එයාට වගේ මතක හිටිනවා කියලා හිතන් මම දැක්කා අර සත්‍යාගාර ද මොකද්ද එකක කොතලාවල ලොක්කව බයිට් කරනවා හිටු කියලා..අනේ උන්දැ තටම තටමා කතා කරගන්න හදන කොට සන්නස්ගල ලොක්කා නිකන් තියනව තිවිල්ලක්..ජැකා හොඳයි ඒ ගිය කඩේ යෑමේ හැටියට..

    ReplyDelete
    Replies
    1. සන්නස්ගලයා TV එකට ඇවිත් කියනවා "ගොත්‍රිකයො ඕවට විරුද්දයි කියලා"...

      හැබයි මෑන්ස් ට තේරෙන්නේ නැහැ ඌ කාලා ඇඳලා දරුවන් වත් ජීවත් කරවන්නේ ඒ ගොත්‍රිකයන් ගේ බාසාව විකුනලා කියලා...

      Delete
    2. කියලා වැඩක් නැහැ.. අම්මා නොසලකා ඉඳලා පස්සේ අම්මවත් විකුණං කාපු එකා නේ..බොරු පොර ටෝක් විතරයි...

      Delete
  2. කූඨලේඛණ කතාව එක්ක සන්නස්ගල කිවූ අනිත් දෙය ඇහුනාද? විමල් වීරවංස තමාගෙ බිරිය තමාට වඩා අවුරුදු 10 ක් වැඩිමල් එක ලැජ්ජාවක් නම් එහෙම වෙනස් කරපු එක ගැන වෙනම බලන්න ඕනෑය බ්ලා බ්ලා වගයක්?

    මිනිස්සු වැඩිමහල් ගැහැනු බඳින එක කාටවත් ප්‍රශ්නයක්ද?
    ගැහැනු තමාට වඩා වසර 10ක් 12ක් වැඩිමහල් පිරිමි බඳින එක ප්‍රශ්නයක්ද?
    එකිනෙකා අතර තිබිය යුතු වයස් පරතරය කොහේ හරි නීති පොතක ඩොකියුමන්ට් වී තිබෙනවාද?
    කුල අතර විවාහ වෙන එක ප්‍රශ්නය්ක්ද?

    මෙන්න මේව හොය හොය ටීවී පාලු කරන අය තමයි ගෝත්‍රිකයො.
    සරං අඳින මිනිස්සු නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේ එම "ගෝත්‍රිකයන්" ගේ බාසාව විකුනලා ජීවත් වෙන එකා...

      බැරි වෙලාවත් මේක ඉංගිරිසි වත් ටියුශන් දුන්නා නම් මොන පොර ටෝක් දෙයි ද?

      Delete
    2. gayathri //මෙන්න මේව හොය හොය ටීවී පාලු කරන අය තමයි ගෝත්‍රිකයො.
      සරං අඳින මිනිස්සු නෙමෙයි.// ++++++++++++++++++

      Delete
  3. සරස අනේ Following gadget එක එල්ලන්න please :(

    ReplyDelete
  4. //සරස අනේ Following gadget එක එල්ලන්න please :(//

    ඒ කුමක් දැයි නොදනිමි... කරන හැටි කියලා දෙනවාද?

    ReplyDelete
    Replies
    1. Blogger --> Settings --> Layout --> Add a gadget --> Check if there's anything called Followers, හරියටම මතක නැහැ..පොඩ්ඩක් ඕක ට්‍රයි කරන්නකෝ

      Delete