Thursday, June 4, 2015

නැට්ට කපා නොමිනේශන් ගෙන....



රනිල් තුමා යටතේ වන යූ එන් පී එක ගල් වලට කෑදරය.

ගලක් ඉස්සරහට දැම්මොත් නව යූ එන් පී එකෙන් ඕනැම වැඩක් කර ගෙන අද්යාපන ඇමති කමක් වුවත් ලැබිය හැකි බව දන්නෝ දනිති.

ඉතාම ප්‍රගතිශීලී පොරක් වන සන්නස් ගල නම් self confessed කූට ලේකකයා සින්හල ටියුශන් දීමෙන් නොනැවතී දේශපාලනයට එන්නට මුල් වුනේද ගලකි. එනම් ඔහු ද සන්නස් ගලක් බවත්, ගල් වලට යූ එන් පී එකේ හොඳ ඉල්ලුමක් ඇති බවත්  තේරුම් ගිය නිසාය.

තම ජීවිතේ කිසිම දවසක යූ එන් පී එකට උදවුවක් නොකල, යූ එන් පී කාරයෙකුට වැඩක් කර නොදුන් හාල් පාරු වලට යූ එන් පී ආසන සන්විදායක කම ලබා ගන්නට ගල ඉදිරියට දැමිය යුතු බව වටහාගත් සන්නස් ගල තෙමේ පෙරලෙන ගලේ පාසි නොබැදේ යන්න තහවුරු කරමින් වාමාන්සික සලු පිලි ගලවා නිරුවත් ව ඒහි බික්ශු බාවයේන් රනිල් තුමා අතින් රත්මලාන ආසන සන්විදායක කම ලැබීය...

වමනේ ගොඩට වැටුනු ඉහඳ පනුවෙකු මෙන් ප්‍රීතියෙන් කුල්මත්ව චන්ද අපේක්ශකත්වයත් ටියුශන් කිරිල්ලක් මැයි සිතා මහා මනාප තොගයක් ගන්නෙමී යි සිතා අනෙකුත් තරඟකාරී ගුරුන් හට ජම්බු දුන්නාසේ කොලඹ දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවාගෙන අලවාගෙන යන සන්නස් ගල තෙමේ යූ එන් පී පුන්නක්කු නොබුදින අප වැනි අයවලුන් හට මහත් කික් එකක් ලබාදෙන්නේයැ...

අපට නම් සිතෙන්නේ සන්නස් ගල ගේ ආගමනය තවත් ගලකට කෙලවීමක් ලෙසය. ඒ නම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයෙන් කුඩා චන්ද සන්ක්යාවක් අඩු වී පාර්ලිමේන්තු යන්නට නොහැකි වූ අරන් ගල ට ය.

අවසාන මොහොතේ කොලඹට කඩා වැටුනු ගරිල්ලා මාකටින් සන්නස්ගල නිසා අරන් ගල ගේ පාර්ලිමේන්තුගමනය තවත් හීනයක් ම වන පාට ය.

තොපි එක එකා ගේ පෝස්ටර් උඩ තමන් ගේ පෝස්ටර් අලවා ගනිල්ලා... ඉහ මොල කා ගනිල්ලා....
ගල් ගල් හැප්පුනාම ගල් කුඩු විතරක් ඉතුරු වන බව දැනගනිල්ලා....

22 comments:

  1. මගේ නමට ගල් කෑල්ලක් නැති එක ගැන දුකෙං.. ස ර ස තුමාටත් හිතෙ දේවල්.. හැක්.

    ReplyDelete
    Replies
    1. ගල්යාන මිත්‍ර කියන නම හරි මදි ද?

      Delete
    2. ෂහ්! ඔය තියෙන්නේ. පොඩ්ඩක් බර කරල කියුවම ගති. හෙටම යන්නෝනේ රනිල් ලොක්ක බැහැ දකින්න.. හැක්.

      Delete
  2. යු.එන් පී ය නමැති වැඩවසම් පක්ෂයේ ඉදිරියට යාමට සන්නස්ගලට කිසිම විභවයක් නැත,

    1.සන්නස්ගල රෝයල් නොවේ
    2. සන්නස් ගල වුවාට සා ගල සේ පුක් ගැන්සියේ ගලක් නොවේ
    3.සාක්කුව ටිකක් බර උනාට රනිල් ගේ කුල්ටුර් ඉන්නර් සකල් එකට මේ සම්මජ්ජාතියකට ලංවීමට හැකි නොවේ
    4.සන්නස්ගලගේ පන්තිය අපේ සිංහල පන්තිය මිස අපේ ඉංග්‍රීසි පන්තිය නොවේ
    5. රනිල් කොන්සවෙටිව් මිස ලි බැරල් නොවේ

    රනිල් සන්නස් ගල පාවිච්චි කරන්නෙත් 2020 දී සමාජ වාදී වගේ රාජ්ජේ හදන්න දවල් හීන බලන අනුර මැතිඳ ව පාවිච්චි කරනවා වගේ තමයි.

    සන්නස්ගලට නිකන් ලැබෙන පබ්ලිසිටියෙන් මේ දවස්වල මොනවහරි කරගත්තොත් තමයි ඉතිං

    ReplyDelete
    Replies
    1. සාදාරන ඇනැලිසිස් එකකි...

      Delete
  3. සන්නස ගල කියන්නේ පිස්සු හු යන්නක්.
    ඌට බල්ලෙක් කියන එක බල්ලන්ටත් අපහාසයක්.
    ගූ කන එවුන් ලංකාවේ ඉන්න නිසා ඌ සැළකිය යුතු මනාප ටිකක් ගනියි...

    ReplyDelete
    Replies
    1. මට දුක අර අරන්ගල ලොක්ක ගැන...

      ඌ අතින් වියදම් කරන් රනිල් ට ඇල්ලුවා.... අවුරුදු දහයකට වඩා පාක්ශිකයො ගැන සොයා බැලුවා ... දැන් මේ වලත්ත සන්න ඇවිත් අරන්ගල ලා ගේ කැච්මන්ට් ඒරියා වල කන පැලෙන්න පෝස්ටර් ගහනවා....

      දුක තමා රන්ජනී...

      Delete
    2. //ගූ කන එවුන් ලංකාවේ ඉන්න නිසා ඌ සැළකිය යුතු මනාප ටිකක් ගනියි...// ++++++++++++++

      Delete
  4. සන්නස්ගලට කරන්න පුළුවන් මොනවද කියන එක තමයි ප්‍රශ්නේ. එයාට ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වෙයි ඕනනම් තමන් ටියුෂන් කරලා රටේ ළමයින්ට දැනුම ලබාදෙනව වගේ හැමෝටම කියන්න පුළුවන් ගුනගරුක කතාවක්. ඒත් ඉතින් කොටින්ට කඩේ ගිය ඒව, උතුරේ දෙමළ ජාතිවාදීන්ට බලය දෙන්න කියන ඒවා, සමලිංගිකයන් වෙනුවෙන් චන්දේ ඉල්ලන කතා ප්‍රසිද්ධියේ කියාගන්න බැරි වෙයි. හැබැයි ඒව ප්ලැන්සෙට් එකේ යටින් තියෙයි. සන්නස්ගලගේ දේශපාලනේ උඩින් අයිසින් දාපු ගූ බෙට්ටක් වගේ. ගූ උනත් කන්න කැමති එවුන් ටිකක් ඉන්න නිසා සුළුවෙන් යමක් කරගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. මූ ඇවිල්ල ජෙප්පෝ වගේම ඇනයක්... වැඩක් කරන්න පුලුවන් එකෙක් නෙවෙයි... හැමදේම කරන්නේ සෙල්ෆ් පබිලිසිටි වලටයි...

      Delete
  5. Replies
    1. දැනටම ගලේ විතරක් නෙවෙයි... හත් පොලේම ගාගන වගේ...

      Delete
  6. සන්නස්ගල වනාහී,
    1. හොරෙකු සහ බේබද්දෙකුට ජාතක වූ ළමයි දුසිමෙන් එකෙකි.
    2.කුඩා කළ අත් විඳි අන්ත දරිද්‍රතාව ( පොතට අනුව නම් ළමාකාලය ගත කොට ඇත්තේ ඉතියෝපියාවේය.)නිසා සමාජ වෛරයෙන් පෙළෙන්නෙකි.
    3.ටියුශන් කඩ කොට ධනපතියෙක් වුවද ,ගමේ දුක් විඳි අම්මාට කන්න ටිකක්,චීත්තයක් නොදුන් අයෙකි.
    4.අම්මා මැරුණු පසු ..'' මට අම්මා මග හැරුණි...!'' කියා අත පිහිදා ගත්තෙකි.
    5.විලිලැජ්ජාවක් නැතිව අනුන්ගේ පොත් උගේ වගේ අච්චු ගසා ඒ මුදලින් ළමයින්ට කන්න දුන් එකෙකි.
    6.''අරූ ෆේල්,මූ ෆේල්,පට්ට ෆේල්..'' කියනවා හැර තමාගේ කියා දේශපාලන දර්ශනයක් නැති එකෙකි.
    7.නිර්භීත, දැයට හිතැති ගෙවිඳු කුමාරතුංග විසින් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකදී, පරණ කෙලි මතක් කොට දී, රෙදි ගලවන ලද්දේ වෙයි.
    8.ජනපති වරයෙකු සමග රූපවාහිනි සාකච්චාවකට පැමිණ, රටේ ප්‍රශ්න අසන්නට නොදැන,තමාගේ පොත මාකට් කර ගැනීමට ජනපති ට කන්න තිබුනාද,බෙලෙක් පිඟානේ කෑවාද? ආදී ගොංකතා අසා, තමාගේ අම්බරුභාවය රටට හෙලි කළ මුග්ධයෙකි.
    9.ඔහු වාගේම ගොං රැලක් ඔහුගේ පන්ති වලින් බිහි කරන්න ඇති නිසා,උන්ගේ චන්ද වලින් පර්ලිමේන්තුවට යාමට හැකියාවක් ඇත්තෙකි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ගයාත්‍රි..අනුර කුමාර සේම සන්නස්ගලත් දැඩි පංති වෛරයකින් පෙලෙන්නෙකි.ඔහුගේ හීනමානය තුළ ඔහු පොරවීමට දැඩි උත්සහයක යෙදෙන්නේ ඒ නිසා විය හැකිය.

      Delete
    2. මට නම් අනුරයා කතා කරනකොට ඔක්කාරෙට එනවා...

      Delete
  7. @ Gayathri:

    සන්නා නවතින්නේ රනි තුමා ටත් ගේමක් දීමෙනි...

    PS:
    ඔබට ඔහු ගේ A/L ප්‍රශ්න පත්තර පැන්නිල්ල අමතක වෙලා...

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට..!! ඇයි අක්ෂරය.?

      Delete
  8. අලි අම්බරු වී ඇත.රනිලයාණෝට දේවත්වයෙන් සලකන සමහරක්ට රිදෙන්නට හැකිමුත් ඔය කොළ අලියා නපුංසකභාවයට පත්කල මෝඩගහ උන්නැහේය.අලියා ලොල්ලෙක් නොකර අලියෙක් ලෙස මේච්චල් කොලා නම් මහින්ද රාජපක්ෂ කෙනෙක්වත් සිරිසේන කෙනෙක්වත් ඉතිහාසයට ඇතුළු නොවන්නට පවා තිබුණියැයි සිතේ..සන්නස්ගලත් දීමේන් දීම සුපිරි දීම කියා යහපාලනයට දුන්න දීම දෙස හැරී බලන කල ගලක් නොවේ ගල් ගොඩක්ය! අනේ ඉතින් සිංහලත් විකුණන් කා, අම්මාත් විකුණන් කා හමාරකොට තමාගේම පශ්චිමභාගයත් විකුණන් කෑම ඔහු ගැන දන්නා අයට පුදුමයක් නොවන්නට පුළුවන්ය.

    ReplyDelete
    Replies
    1. අපට තියෙන්නෙ බලා ඉන්න. 2001 ට වඩා මේ පාර සාජ්ජ තියෙයි වගෙ

      Delete