Friday, December 22, 2023

ජෙප්පො චන්දෙ දිනුවොත් ....

 


ඇත්තටම ජෙප්පො චන්දෙ දිනුවොත් ඒක රටේ ලොකු වෙනසක් කිරීමට ඉඩ තියෙනවා...


ජෙප්පො දිනපු ගමන් ග්‍රාමීය පසුගාමී ජෙප්පො සැට් එක තම තමුන් ගේ ගම් වල තියෙන වගා බිම් සහ ව්යාපාරික ආයතන වලට පැනලා ඒවා අල්ලාගෙන පක්ශයේ සාමාජිකත්වයට ඒවා බුක්ති විඳින්න අවසතාව සලස්සලා සාමාන්ය ජනතාව සමූහ ගොවිපොලවල් සහ සමූහ කම්කරු කම්හල් වලට ගාල් කිරීම තමා සිද්ද වෙන්න ඉඩ තියෙන්නේ...


එවන් දෙයක් වුනොත් මෙච්චරකල් ජෙප්පන්ට ආසිසිරි ගීත ගායනා කල යමක් කමක් ඇති අයට තමුං ගෙ ගේ දොර ඉඩකඩම් හරකා බාන සහ යාන වාහන ගමේ ඉන්න හරිහමං රස්සාවක් නැති මිනිහෙක් ගෙ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි නිර්මාල් වගේ ඩෑල් බලහත්කාරෙන් අත්පත් කරගන්නවා බලලා දුකටම සෙත්ත පෝච්චි වෙතෑකි...


හැබැයි ලංකාවෙ දේසපාලනේ ගැන සලකා බැලුවාම වෙන්නෙ ඊට වෙනස් දෙයක්.


ජෙප්පො දිනාපු ගමන් ම මෙච්චරකල් මයිනද මාතියාට, රනිල් මාතියාට සහ සජිත් කොලුවාට කඩේ ගිය සමස්ත ලංකා ප්‍රොෆෙශනල් දේසපාලන පසුතල පහසුකම් සපයන්නන් ඔක්කොම අනුර කුමාඅර දිසානායක ප්‍රමුඛ ජෙපි පාටියට සෙට් වෙනවා. මෙතුවක් කල් ජෙප්පන් ට කඩේ ගිය ග්‍රාමිය පසුබට ජෙපි ප්‍රජාව එලියට තල්ලු කරලා උන් ජෙපි පක්සේ තීරණ ගන්න අය ගාව ප්ලාන්ට් වෙනවා.... ඊට පසෙ ඉතිම් ඔය ඇමෙරිකාවෙ එම්බසියට හෝ ඉංගලන්තෙ මහ කොමසාරිස් කාරියාලෙට ඕනි විදියට උඩිං සමාජවාදී යටින් දනවාදී පරිප්පු හොද්දක් හැදෙනවා... එච්චරයි!!!

3 comments:

  1. මේ මිටීන් තියාගෙන යන තාලෙට මං නං හිතුවේ අන්රෛයා ඕස්ට්‍රේලියාවේ හෝ ඇමරිකාවේ ජනාධිපති කමට තරඟ කරන්ඩ යනවයි කියල හිටං.

    ජයවේවා!

    ReplyDelete
  2. ජෙප්පනට රට ගියොත් අවුරුදු 2කට පස්සෙ ගෝඨාබය 2 බලා ගන්න පුලුවන් -Mayya

    ReplyDelete
  3. දැන් කියලත් තියෙන්නෙ පරිප්පු හොද්දක් නේනනං...
    ගොඩක් අය කියන්නෙ ඔය පරිප්පුවත් කාල බලමු කියලයි.

    ReplyDelete