මේ රටේ ආන්ඩු බලය ගත්තෙ දෙන්න නෙවෙයි කියලා ටෝක්ස් දෙන කයිතන් ලා ගේ දැන ගැනීම පිණිසයි!
ඔබලා දැන්මම අනාගතේ විපක්ශයක් නැති වෙනවා කියා පුරෝකථනය කරයි. ආන්ඩු බලය ගත්තේ දෙන්න නෙවෙයි කියා කියයි. එය එසේ වුනොත් සිද්ද වෙන දේ....
විපක්ශයක් නැති වුනාම රටේ ඉන්න සියලුම දේශපාලනයට බර උදවිය නිකං ඉඳී ද? ඔබලා ඔවුන් ව සමූලඝාතනය කරයිද??
නෑ..
ඒගොල්ලෝ ඇවිත් ඕගොල්ලන් ගේ පක්සෙට බැඳෙනවා... ඊට පස්සෙ ඒගොල්ලන් ගේ සංඛ්යාව වැඩි වෙනවා... ටික ටික විපක්ස වලට බැඳෙන්න ඉඳලා විපක්සයක් නැති නිසා ඕගොල්ලන්ගෙ පක්සෙට බැඳුනු අය බලය අල්ලනවා...
ඊට පස්සෙ ඉතිං තනි පක්ශෙන් ආන්ඩු කරන පක්ශේ පාර්ශව කීපයක් බලය ලබාගන්න අභ්යන්තර සටන් වල යෙදෙනවා... බලය තියෙන පාර්ශවේ ඇති පදං වංචා දූශන ලොවෙත් නැති වෙන්න කරනවා...
ඔය ඔක්කොටම වඩා මාර සීන් එක තමා ආයෙ වෙන පක්ශෙකට රටේ ආන්ඩු බලය බාර දෙන්නෙ නෑ කියලා කෑගහන උං ව කපාගෙන වෙන අය පක්සේ උඩට එනවා.. ඒක වලක්වන්න සක්කරයටවත් බෑ...
ජොලි නේද?