Tuesday, September 9, 2025

ෆීනයිල් ඇසිටෝන්

 




ෆීනයිල් ඇසිටෝන් (Phenylacetone, also known as phenyl-2-propanone) කියන්නෙ පාටක් නැති වතුරෙ දිය නොවන තෙල් වගේ සංයෝගයක්. මහා පරිමානෙන් මෙතැම්ෆෙටමීන් හෙවත් "අයිස්" හදන්න ගන්න අමුද්‍රව්යයක් නිසා ඒක දෙවන කාන්ඩයේ පාලනය කල රසායන ද්‍රව්යයක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපදය 1980 දී නීති සම්මත කලා Schedule II controlled substance in the US of A.

එය රහසිගතව ප්‍රවාහනය කරන විදියක් තමා ඔය ද්‍රාවන උරාගන්න හැකියාව ඇති ටැල්ක් ස්ටෝන් වගේ දේවල්  ෆීනයිල් ඇසිටෝන් ද්‍රාවනයේ බස්සලා ඔක්කොම උරාගත්තතාට පස්සෙ එම ගල් කන්ටේනරේක දාලා  යවන එක. පස්සෙ අවශ්ය තැන දී ඒවා කාබනික ද්‍රාවනයක ගිල්ලුවාම ෆීනයිල් ඇසිටෝන් ගල් වලින් ද්‍රාවනයට යනවා. පස්සේ එම ගල් වල ඇති වටිනාකමක් නෑ... ඒවා ගෙනිහිං කොහේ හරි විසිකරන්න අවශ්යයි.

එහෙම වෙන් කරගත්තු ෆීනයිල් ඇසිටෝන් රසායන ක්‍රියා අදියර තුනකින් මෙතැම්ෆෙටමීන් බවට පත් කරන්න පුලුවන්. ෆීනයිල් ඇසිටෝන් සිට ඒවා මෙතැම්ෆෙටමීන් බවට පත් කරනා රසායන බොහොමයක් වාශ්පශීලී නිසා අඩු පරිසර උශ්නත්වයක් තියෙන තැනක මේ කියාවලිය මහා පරිමාණ වායු සමනය කරන විසාල උපකරන නැතිව  කරන්න පුලුවන්.


මගේ කතාව අවසානයි.

කියැවූ ඔබ සැමට ඉස්තූතියි.

Monday, September 8, 2025

අයිස්


අයිස් හදන්න අවස්ය මැසිම ශීතකරණයක් කියලා දැනගත්තු ලැරිසින්කාවේ ජනාධිපතියා ශීතකරණ ආනයනය තහනම් කලා... දවසක් රතු ලේබල් කන්ටේනරේක ශීතකරන ඉම්පෝර්ට් කරාපු හාදයෙක් කස්ටම් එකට සෙල්ලමක් දාලා වරායෙන් ඒක පන්නගෙන ගියා. මිනිහා ශීතකරෙණ ගෙදර ගෙනිහිං ඒකෙ කොරුගේටඩ් කාර්ටන් එකයි පැකිං වලට ආපු රිජිෆෝම් ටිකයි අරං ගිහිං අනුන් ගෙ ඉඩමක හැංගුවා....ඒක වීසිකරපු පෙට්ටි සහ රිජිෆෝම් දැක්ක එකෙක් පොලිසියට ඔත්තුවක් දීලා ෆ්‍රිජ් එකක් හංගලා කියලා... පොලිසිය ඇවිත් ඒ වීසිකරපු පෙට්ටිය සහ රිජිෆෝම් දැකලා රජයේ රස පරීක්සකටයි මීඩියා කාරයන්ටයි එන්න කියලා... රස පරීක්සක රිජිෆෝම් කෑල්ලක් කාලා ඒක ශීතකරණයක් කිවුවලු... මීඩියා කාරයෝ ඔන්න ශීතකරණයක් සොයාගත්තෝ කියලා හෙඩ් ලයින්ස් ලිවුවලු...