Saturday, June 13, 2015
සැරසිලිසේන / Sarasillysena
සකල සිරි ලන්කා වාසීන් ගේ සහ බකල සිරි ලන්කා වාසීන් ගේ සියලුම ප්‍රස්න විසඳූ ජනාදිපති වෙලා ඉන්නා හාදයා ගේ අලුත්ම අවදානය ජාතික කොඩිය වෙත ය.
ඔහු ගේ චන්දදායකයන් ව සතුටු කිරීමට ජාතික කොඩිය ඉවතට ගෙන ඒ වෙනුවට සින්හයා නොමැති සැරසිලි කොඩියක් තනන්න යැයි ඔහු අන දී ඇතැයි පත්තර වල පල වේ.
රනිල් තුමා විසින් සැරසිලි කොඩිය ඉදිරියට ගේන ජනාදිපති වත් ඉදිරියට ගන්නේ සැරසිලි වලට පමනක් නිසා එතුමා ගේ නමත් "සැරසිලිසේන" ලෙස වෙනස් විය යුතු යැයි ස ර ස තුමා යෝජනා කර සිටී.
Thursday, June 11, 2015
කොමෙන්ටුවලට තරහා ගිහින්
සින්හල බොග් අවකාසේ ක්‍රියාකාරී පරඬලාවකට ස ර ස තුමා ගෙ කොමෙන්ට් වලට තරහා ගිය පාටය.
එතුමා ස ර ස තුමා ගේ ගූගල් එකවුන්ට් එකට ඉතාම සමාන එකවුන්ට් එකක් සාදාගෙන ස ර ස තුමා නොකරනා අන්දමේ කොමෙන්ට් දැමීමට පටන් ගෙන ඇත.
මේ තියෙන්නේ ඊට උදාහරනයකි.

පරීක්ෂණ නිරීක්ෂණ නිගමනJune 10, 2015 at 9:03 PM
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව.
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව.
එම ස ර ස තුමා ගේ ගූගල් එකවුන්ට් එකට සමාන එකවුන්ට් එකෙන් ආ කොමෙන්ටුවට ස ර ස තුමා දුන් පිලිතුරයි මේ...

//Sa rasaJune 11, 2015 at 12:39 AM
පරීක්ෂණ නිරීක්ෂණ නිගමනJune 10, 2015 at 9:03 PM
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව.
//
ස ර ස නමින් තවත් ගූගල් එකවුන්ට් එකක් සාදා මඤ්ඤන් පෝඅස්ට් දැමීමට තරම් සත්ය සා ර ස ගේ කොමෙන්ට් බලවත් වී ඇත.
ඉහල ස ර ස ලෝගො එකට ක්ලික් කර පසුව පහල එකට ක්ලික් කර වෙනස වටහා ගන්න
Deleteපරීක්ෂණ නිරීක්ෂණ නිගමනJune 10, 2015 at 9:03 PM
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව.
//
ස ර ස නමින් තවත් ගූගල් එකවුන්ට් එකක් සාදා මඤ්ඤන් පෝඅස්ට් දැමීමට තරම් සත්ය සා ර ස ගේ කොමෙන්ට් බලවත් වී ඇත.
ඉහල ස ර ස ලෝගො එකට ක්ලික් කර පසුව පහල එකට ක්ලික් කර වෙනස වටහා ගන්න
සන්වාදය ඇති වුනේ මෙමෙ බොග් පිටුවේ ය.
http://maathalan.blogspot.com/2015/06/good-governance-with-drug-dealers-and.html?showComment=1434026862234#c7684952678031823171
ස ර ස තුමා ගේ කොමෙන්ට් මෙච්චර සීරියස් ගැනීම ගැන මම එම පරඬැලාවට ස්තූති කරමි.
Thursday, June 4, 2015
නැට්ට කපා නොමිනේශන් ගෙන....
රනිල් තුමා යටතේ වන යූ එන් පී එක ගල් වලට කෑදරය.
ගලක් ඉස්සරහට දැම්මොත් නව යූ එන් පී එකෙන් ඕනැම වැඩක් කර ගෙන අද්යාපන ඇමති කමක් වුවත් ලැබිය හැකි බව දන්නෝ දනිති.
ඉතාම ප්‍රගතිශීලී පොරක් වන සන්නස් ගල නම් self confessed කූට ලේකකයා සින්හල ටියුශන් දීමෙන් නොනැවතී දේශපාලනයට එන්නට මුල් වුනේද ගලකි. එනම් ඔහු ද සන්නස් ගලක් බවත්, ගල් වලට යූ එන් පී එකේ හොඳ ඉල්ලුමක් ඇති බවත් තේරුම් ගිය නිසාය.
තම ජීවිතේ කිසිම දවසක යූ එන් පී එකට උදවුවක් නොකල, යූ එන් පී කාරයෙකුට වැඩක් කර නොදුන් හාල් පාරු වලට යූ එන් පී ආසන සන්විදායක කම ලබා ගන්නට ගල ඉදිරියට දැමිය යුතු බව වටහාගත් සන්නස් ගල තෙමේ පෙරලෙන ගලේ පාසි නොබැදේ යන්න තහවුරු කරමින් වාමාන්සික සලු පිලි ගලවා නිරුවත් ව ඒහි බික්ශු බාවයේන් රනිල් තුමා අතින් රත්මලාන ආසන සන්විදායක කම ලැබීය...
වමනේ ගොඩට වැටුනු ඉහඳ පනුවෙකු මෙන් ප්‍රීතියෙන් කුල්මත්ව චන්ද අපේක්ශකත්වයත් ටියුශන් කිරිල්ලක් මැයි සිතා මහා මනාප තොගයක් ගන්නෙමී යි සිතා අනෙකුත් තරඟකාරී ගුරුන් හට ජම්බු දුන්නාසේ කොලඹ දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවාගෙන අලවාගෙන යන සන්නස් ගල තෙමේ යූ එන් පී පුන්නක්කු නොබුදින අප වැනි අයවලුන් හට මහත් කික් එකක් ලබාදෙන්නේයැ...
අපට නම් සිතෙන්නේ සන්නස් ගල ගේ ආගමනය තවත් ගලකට කෙලවීමක් ලෙසය. ඒ නම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයෙන් කුඩා චන්ද සන්ක්යාවක් අඩු වී පාර්ලිමේන්තු යන්නට නොහැකි වූ අරන් ගල ට ය.
අවසාන මොහොතේ කොලඹට කඩා වැටුනු ගරිල්ලා මාකටින් සන්නස්ගල නිසා අරන් ගල ගේ පාර්ලිමේන්තුගමනය තවත් හීනයක් ම වන පාට ය.
තොපි එක එකා ගේ පෝස්ටර් උඩ තමන් ගේ පෝස්ටර් අලවා ගනිල්ලා... ඉහ මොල කා ගනිල්ලා....
ගල් ගල් හැප්පුනාම ගල් කුඩු විතරක් ඉතුරු වන බව දැනගනිල්ලා....
Friday, May 29, 2015
යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය
ඊයේ රවී ඇමති මුදල් තුමා මාජ්ජයට කී පරිදි අලුතින් බැඳුම්කර ආයෙත් විකුනලාය.. නයට ගත්තු ඩොලර් මිලියන් නවසීය අරගෙන තියෙන්නේ 5.26% පොලියට....
මේක කලුකඩ ගිනිකන පොලියක් බව dollar borrowing rates ගැන දන්නෝ දනිති.
අත්මේස් ගලවලා අතට අත් දුන්නු මහරැජින ගේ රටේ අගනුවර වන ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය.
ස ර ස තුමා නොදන්නවා වුනාට සියලුම dollar borrowings වල පොලී අනුපාත ගනනය වන්නේ LIBOR එකට බැන්කුවට අදාල වියහියදම් එකතු කර ය. සියල්ලේ එකතුව වාර්ශික පොලිය 2.5% අඩුවෙන් ය.
හැබැයි ඉතින් අපේ රවී ඇමති මුදල් තුමා ඩොලර් මිලියන් නවසීයක් ම අරන් තියෙන්නේ 5.26% ට ය...
යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය. කොමිස් කාක්කෝ සමාව දෙත්වා...
Saturday, May 23, 2015
තමිල්මාරන් ......දුක හිතෙනව ඕයි...
ඔන්න එකෝමත් එක රටක තියෙන කොලඹ විස්සවිද්ද්යාලයේ නීති පීටේ පීටාදිපති කෙනෙකු සිටියෝය. එතුමා ගෙ නම වී. ටී. තමිල්මාරන් ය. උග්‍ර මහින්ද විරෝදියෙකි. කොටි හිතවාදියෙකි. පහුගිය කාලේ යහපාලනේට ෆූඩ් සිටි ගිය චරිතයකි.
සිරි ලන්කා ආරක්සක හමුදා අහින්සක දෙමල වැසියන් මරනවා කියා සිල්ප දක්වන්නෙකි.
TNA සන්විදානයෙන් එලඹෙන මැතිවරනයට තරඟ කරන්න හිටි හාදයෙකි.
මැන්ස් ගේ හිතවතෙකු ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආවා හිටන් ය. වැඩි විස්තර සඳහා පුවත්පත් බැලුවාම.ඒවා වල පල වී තිබුනේ මෙන්න මෙහෙම කතාවකි.
ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආපු තමිල්මාරන්ගේ යාලු හුටන් ට ලමා අපචාරයක් සමග ලින්ගික අපයොජනයක් කරලා හිටන් වින්දිතයා මරා දමා එය ෆෝන් එකේ රෙකෝර්ඩ් කර සිරි ලන්කා හමුදා දූශනය කර උතුරේ දැරියන් මරා දමනවා කියා ප්‍රචාරයක් දෙන්නට උවමනා විය.
එම යහපත් අදහසින් යාල්පානම් පෝච්චි වෙච්චි සුවිස් හාදයා තමන් කරන්න ආව වැඩේ කරලා දැරියක් දූශන කර මරා දමා එම කල්ක්‍රියාව වීඩියො කරගෙන හිටන් කොලඹ එන්න සූදානම් වන විට සිරි ලන්කා පොලිසියෙන් ඔහු ව අත් අඩන්ගුවට ගත්තෙමි.
අනේ ඉතින් ඒක දැනගත්තු තමිල්මාරන් නීති පීටාදිපති තුමා නීතිය පොඩ්ඩක් එහා මෙහා කර යහපාලන කොන්ටැක්ට්ස් පාවිච්චි කොරලා සුවිස් බුවා ව පොලිසියෙන් නිදහස් කරගෙන පලාලි ගුවන්තොටුපලෙන් කොලඹ ගෙන එන ලදී.
මේක දැනගත්තු දෙමල කොල්ලෝ සැට් එක තමිල්මාරන් සහ ඔහු ගේ දියනියන් දෙදෙනා සිටි ගෙදර වැටලූ බව කියැවේ.
අහෝ බේදයකි... තමිල්මාරන් ව බේරාගන්නට එතැනට ආවේ එතුමා විසින් හැමදාඅම විවේචනය කල සිරි ලන්කා ආරක්ශක හමුදා වලින් එකක් වන නාවික හමුදාවයි.
අන්තිමට තමිල්මාරන් ට ගේම ඉල්ලූ දෙමල කොල්ලන් ගෙන් බේරී කොලඹ එන්න නාවික හමුදා නිලඇඳුමක් ඇඳවූ බව පුවත්පත් වල සදහන් ය...
දුක හිතෙනව ඕයි...
Saturday, May 9, 2015
මහත්වරුන් ගේ ඉල්ලා අස්වීම්
අත් මේස් ගලවා අතට අත දුන් මහ රැජින රජ කොරනා ඉන්ගලන්තේ මහ මැතිවරනේ පසුගියදා පැවැත්වුනේය.
මේ ලිපිය ලියන්නේ එයින් දිනූ හාදයා ගැන නොව පැරදුනු හාදයන් ගැනය.
කම්කරු පක්සේ එඩ් මිලිබන්ඩා, සුවාදීන පක්සේ මයිකල් ෆරාජ් මහත්තයාද ලිබෙරල් පක්සේ රජීව විජේසින්නො මැතිතුමාද... ඔහ් සමාවන්න, නික් ක්ලෙග් මැතිතුමාද තමන් නායකත්වය දුන් පක්සය ජයග්‍රහනයට පහ් කිරීමට නොහැකිවීම ගැන පාක්සිකයන් ගෙන් සමාව ගෙන නායකත්වයෙන් ඉල්ලා අස්වූහ.
සිරි ලන්කාවේද ජනාදිපතිවරනය පසුගිය ජනවාරි මාසේ පැවැත්වුනි. එහිදී ද මා කතාකරන්නේ දිනූ හුටන් ගැන නොව පැරදුන අප්පච්චි ගැනය.
අප්පච්චි සිරි ලන්කා නිදහස් පක්ස නායකකමින් ඉල්ලා අස්වුනේ තම පරාජයත් සමගය.
මහත්වරුනි... මහත්මා දේශපාලනය නම් එයයි.
පිට පිට මැතිවරන විස්සකට වඩා පැරදුනමුත් තවම නායකත්වයේ එල්ලී සිටිනා රනිල් වික්‍රමසින්හ ට මහත්මා දේශපාලනය අදාල නැත!
Sunday, May 3, 2015
දේවසිරි ට "පහරදීම"
දේවසිරි කිරුලපෙනේ ගියාම එයාට ශාරීරික අඩම්තේට්ටම් කලා කියා මාජ්ජ වල පල වුනේය.
සත්ය වසයෙන් ම එවැනි පහරදීමක් සිදු වුනා නම් ස ර ස තුමා ඊට තම සාතිශය කනගාටුව පලකරන්නේ එය මහ භයානක තත්වයක් නිසාය.
On the other hand, ඔය වෙලාවේ එතන හිටි දහස් ගනන් මහ ජනතාව අස්සේ එවැනි පහර දීමක් සිදු වුනා යැයි සිතීම ඉතාම අපහසුය. දැන් කාලේ හැමෝම ලඟ කැමරා තිබේ. ඔය කියනා අන්දමේ පහර දීමක් සිදු උනා නම් එයට අදාල පින්තූර කීපයක් වත් මේ වෙද්දී අන්තර්ජාලයේ පල වී තිබිය යුතුය.
තවදුරටත් මේ සම්බන්දව කිව යුත්තේ සිරිසේනගේ පාලනය යටතේ පොලිසිය වැඩ බැරි ටාසන් කෙනෙකු ගේ තත්ත්වයට පත් වී ඇති බවයි.
මහ දවාලේ, දෙනොදාහක් අතරේ දේවයාට පහරදීම නවත්වා, ඊට අදාල කස්ටිය හිර බාරයට ගැනීමට අසමත් වීම මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලකි.
පොලිස්පති තුමනි... එදා කිරුලපෙනේ රැසීමේ රාජකාරි කල සියලු වැඩ බැරි ටාසන් ලා ගේ වැඩ තහනම් කරන්න.
හැබයි ඉතින් ඔය කියනා පහරදීම ඇත්තටම සිදු වූවේ නැත්නම්, එය දෙවසිරි ගේ රඟපෑමක් නම් වහාම ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.
Subscribe to:
Posts (Atom)






