ලොකු පුතා තුමා ගේ වල්ලා පට්ට කතා කියවනකොට ස ර ස තුමා කොල්ලා කාලේ කල වල්ලා පට්ටා වික්‍රමයක් ගැන මතක් වුනා...
සාමාන්යයෙන් ස ර ස තුමා එතුමා ගේ අත්දැකීම් බොග් අවකාසේ බෙදා හදා නොගත්තාට මේ වල්ලා පට්ටා කතාව කියන්න හිතුනේ ලොකු පුතා තුමා ට උපහාරයක් වසයෙන්...
ඔය සිරි ලන්කාවට ආවේනික වල්ලා පට්ටා නොහොත් Gyrinops walla ස්වබාවික අනතුරකට පතික්‍රියාවක් වසයෙන් සාදන රසායනික සන්කීර්නයක් තමා විසාල වසයෙන් මිල අදික අගාර් වූඩ් (Agarwood) නොහොත් අගිල් කියනා බාන්ඩේ. අගිල් අමුද්‍රවුයයක් ලෙස පාවිච්චි කොරලා අරාබි කාරයන් සඳහා හදනා අවුඩ් ඔයිල් ඉතාමත් මිල අදිකයි පින්වතුනි!
පිටරටින් ගේනා ඇක්වලේරියා (Aquilaria) සාකයට යම් උත්ප්‍රේරනයක් කොට අගිල් නිපදිය හැකි වුවත් සිරි ලාන්කීය වල්ලා පට්ටා වලට එම තවමත් උත්ප්‍රේරන සෙල්ලම හරි ගිහින් නැහැ කියලා විස්ස විජ්ජාල ආචාරිය වරයෙක් කියනවා ස ර ස තුමාටයි එතුමාගේ මිත්‍රයො කීප දෙනෙකුටයි දැනගන්න ලැබුනා....
මේක ඇහුවට පස්සේ ස ර ස තුමා සහ මිතුරු තොමෝලා වල්ලා පට්ටා ගස් ටිකක් සොයාගෙන ගිහින් පොඩි පහේ පරියේසන ටිකක් කරලා වල්ලා පට්ටා ගස් සෑහෙන ප්‍රමානයක් මරා දැමීමෙන් පසුව ....*&%$£<^%
ඔයාකාරයෙන් පරීක්සන සිජ්ජ කොරලා නාත දෙවි පිහිටෙන් අන්තිමට කස්ටියට පුලුවන් වුනා වල්ලා පට්ටා ගස් වල අගිල් නොහොත් අගාර් වුඩ් කියනා වටිනා ද්‍රවුයය හදනා රසායන මිශ්‍රනයක්, කොපමන කලක්, කොපමන සාන්ද්‍රනයක්, කොපමන පරිමාවකින් එන්නත් කල යුතුද කියා සොයාගන්න...
කිවුවට විස්වාස කොරන්න පින්වතුනි එම ක්‍රමේට නිපදවුනු අගිල් වුරුතීය ගස්ගෙම්බන් කීප දෙනෙකු ගේ දැඩි තත්ව පරීක්ශාවකට ලක් වෙලා කොලිටි පාස් වුනා නොවැ...
අපිතුමාලා ඉතින් එම ක්‍රමේට පේටන් බලපත්‍ර එහෙම ලබාගෙන 2014 ස්‍රි ලන්කා නව නිපැයුම් කරුවන් ගේ තරඟයට එය එදිරිපත් කලා. කියන්න සන්තෝසයි පින්වතුනි එම තරඟයෙන් විවුර්ත පරිසර අන්සේ දෙවැනි තැන ලබලා මුදල් තෑගි සහ සහතික පත් ලබාගන්නත් ස ර ස තුමා සහ මිත්තර තුමාලට ඇහැකි වුනා ....
එහි දී ලැබුනු සහතිකේ ඔන්න පින්තූරයක් ලෙස පල කොලා....
දැන් සාදු කියන්න පින්වතුනි...







