දේසපාලනේ පලමු අරමුණ බලය ලබා ගැනී ම ය. එහෙත් ලබා ගත් බලය පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කාරියක් නොවේ.
බලය ලබාගැනීම සඳහා කාලයක් තිස්සේ කාලය සහ ශ්‍රමය කැප කරමින්, උපක්‍රමශීලීව මහ ජනතා නියෝජිතයින්, ජනමාද්ය වේදීන්, දේසපාලන පාර්ශවකරුවන් සහ සියලු ජනතාව සමග හිතවත් සම්බන්ද්යක් පවත්වාගෙන යෑම කල යුතු ය. එය ඉතා අසීරු කටයුත්තක් බව සැවොම පිලිගන්නා කාරියකි.
බලය ලබාගැනීමට උත්සුක නොවනා සමහරු හට විටින් විට බලය ඔවුන් වෙත බලහත්කාරයෙන් ලබා දෙනු ලැබේ. Yes, political power is thrust upon them!
දේසපාලන පාර්ශවකරුවන් පවතින දේසපාලන බල අධිකාරිය තමන් ගේ සිතැඟි වලට අවනතව වැඩ නොකරන විට එය කෙරෙහි අමනාපයෙන් එයට පාඩමක් ඉගැන්වීම සඳහා කිසිදිනෙක බලය නොපැතූ සහ බලය ලබාගැනීමට උත්සුක නොවූ හාල් කෑලි බලයට පත් කිරීම සමහර විට සිදු වන දෙයකි.
2015 දී අපේ රටේ සිදු වූයේ එයට සමාන සිද්දියකි.
එනම් දේසපාලන පාර්ශවකරුවන් තමන් හට සුකෝපබෝගී ජීවිත ගතකිරීමට අවශ්ය වටපිටාව රාජපක්ශ පවුලෙන් ඉටු වුනත්, තමන් ට ලැබුන දේ ට වඩා බොහෝ වැඩි කොටසක් රාකපක්ශ පවුල බුක්ති විඳිනවා යන ඊරිසියාවෙන් වෙලී රාජපක්ශ පරපුර ඉවත් කිරීමට පෙරමුණ ගැනීම ය!
රාජපක්ශලා සමග වෛරයෙන් සිටි ඉන්දියාවේ සහ අමෙරිකාවේ රහස් ඔත්තු සේවා වල සහයෝගයෙන් මහා බලයක් මෙන් ක්‍රයාත්මක වූ ඒ ඊරිසියාසහගත දේසපාලන පාර්ශවකරුවන් නතර වුනේ රාජපක්ශවරු පලවා හැරීමෙන් පමනක් නොව කිසිදා බලයට එන්නට උත්සාහ නොකල ප්‍රාදේශීය දේසපාලකයෙකු ජනාදිපති පුටුවට ඔසොවා තැබීමෙනි.
එතැන් සිට පහල වුනේ නිදහස් ලන්කාවේ මෙතෙක් බිහි වුනු අසාර්තක ම සහ අකාර්යක්ශක ම පාලනයයි!
පලමු දිනයේ සිට ම රාජපක්ශ වරුන් එලවීමේ කාරියට සම්බන්ද නොවූ මේ රටේ මහ ජනතාව යහපාලන අකාර්යක්ශමතාව සහ රාජපක්ශවරු ගේ පාලන කාලේ නියමාකාරව සිදු වූ රාජ්ය පාලනය සන්සන්දනය කලහ.... තමන් ව බොරු කියා රවටා තල්ලු කල වල ගැන විස්සෝප වූහ!
බලය ගැනීම අපහසුය. මහජනතා ප්‍රසාදයක් නැතිව අපහසුවෙන් වුවත් ලබා ගත් බලය පවත්වාගැනීම ඉතාම අසීරු කර්තව්‍යයකි. අද යහපාලනේ කොරන්න උත්සාහ කොරන්නේ එවැනි දැලිපිහියෙන් කිරිපැණි කෑම වැණි අසීරු කාර්යයකි!
ලැබුවා වූ නව වසරේ අප හමුවේ තිබෙන්නේ දිනෙන් දින පිරිහෙන සුදුස්සාට නොව එක යහනේ රෑ ගෙවන හාදයන් ට ඇමැතිකම් දෙන අකාර්යක්ශම සහ බැඳුම්කර මහ හොරුන් ගෙන් පිරි දූශිත යහපාලන ආන්ඩුව පලවා හැරීම ය.
එකා වන් ව එක්ව ඊරිසියාකාරයන් විසින් ඩොලර් වලට සහ පවුම් වලට බොරු වපුරා ( ඒ මදිවාට සම්මානත් ලබා දී ) පත් කොරගත් වැඩ බැරි ටාසන් ලා ගෙදර යවමු!
නීතිඥ විජේදාස ලියනාරච්චි මරාදැමීමට කොහේවත් හිටපු මහින්ද රාජපක්ෂයෙක් ගාවාගෙන කෙබර කෙලිනු දැක මෙය ලිවීමට සිත්විය. නමුත් මා කිසිසේත්ම මරාවාදියෙක් නොවන අතර මරා බලය ලබාගත් 2005 - 2014 දක්වා කාලය තුල මරා සහ පවුල ගෝල හැත්තත් කළ කී දෑ අපේ බරපතල විවේචනයට ලක් වේ. නමුත්, 1988/89 මිනීමරුවෝ එවකට ජීවිත බේරාගැනිමට ක්‍රියාකල එවුන්ට බොරුවට මඩගැසීම අතිශය නින්දිතය. එබැවින් මගේ අදහස් පහත දක්වමි.
ජවිපෙ 88/89 දෙවැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවර රැසක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙයැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින්, හිතවතුන් සහ සහාය දක්වන්නන් බිය වැද්දීම්, බෝම්බ ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් ඇරඹිණි. මේවා සිදුකරන ලද්දේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම්වූ ප්‍රා, උකුස්සෝ, ස්‍රා, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධාන මගිනි. මෙමගින් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත්වීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවටද පත්විය.
මෙම ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී. පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිතිඥයින් හරහා හබයාස් කෝපුස් නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1990 මාර්තු වනවිට දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ හබයා කෝපූස් නඩු සංඛ්‍යාව 2,000කට ආසන්නය. නිදසුනක් ලෙස 1989 ප්‍රථම මාස 8තුළ පමණක් ඉදිරිපත්වූ හබයාස් කෝපූස් නඩු සංඛ්‍යාව 431කි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සමලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ධර්මන් වික්‍රමරත්න එහි සංවිධායක විය. සතියකට කිහිපවරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ.