යහපාලනේට කඩේ ගොස් රනිල් වික්‍රමසින්හ මහතාව රටේ නායකයා කිරීමේ ජවිපෙ කොන්ත්‍රාත්තුව ඇරඹුනේ වික්‍රමසින්හලා ට සමාජීය වශයෙන් පෑහෙන දිසානායකලා අතට ජවිපෙ බලය මාරු වුනාට පසුව ය.
එම කර්තව්‍යයට බාදක බොහෝ විය. වික්‍රමසින්හ මහතා ගේ බටලන්ද ආදී පෙර වැරදිත්, ඔහු ගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ශ මහතා ඉදිරිපත්වී 88/89 භීම සමයේ ජවිපෙ තරුණ තරුණියන් බොහෙ දෙනෙක් ගේ ජීවිත බේරා දීමත් ඉන් ප්‍රදාන ම කාරනා විය.
එම කර්තව්‍යයට බාදක බොහෝ විය. වික්‍රමසින්හ මහතා ගේ බටලන්ද ආදී පෙර වැරදිත්, ඔහු ගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ශ මහතා ඉදිරිපත්වී 88/89 භීම සමයේ ජවිපෙ තරුණ තරුණියන් බොහෙ දෙනෙක් ගේ ජීවිත බේරා දීමත් ඉන් ප්‍රදාන ම කාරනා විය.
රනිල් වික්‍රමසින්හ මහතාට අලුත් ජවිපෙ අනුගාමිකයන් ගේ විශ්වාශය දිනාගැනීමට බාධකයක් වූ එම අවාසිදායක තත්වය කලමණාකරනය කිරීම සඳහා විදේශීය බුද්දි අන්ශ සහ රාජ්‍ය නොවන ව්‍යපාර රනිල් වික්‍රමසින්හ මහතාට සුදු හුණු ගෑමත් මහින්ද රාජපක්ශ මහතාට මඩ ගැසීමටත් බලවත් ව්‍යාපාරයක් ආරම්බ කලහ.
ඉන් එක ව්‍යාපෘතියක් වන්නේ විජේදාස ලියනාරච්චි නීතිඥ තුමා ගේ මරණයට මහින්ද රාජපක්ශ මහතා වග කිව යුතුය යන බේගලය සමාජ ගත කිරීමයි.
88/89 කාලයේ දී කුඩා දරුවන් ව හිටි වත්මන් ආවේගශීලි තරුණ පරපුර ගෙඩි පිටින් ම එම ගුලිය වැලැඳූහ!
ඉන් එක ව්‍යාපෘතියක් වන්නේ විජේදාස ලියනාරච්චි නීතිඥ තුමා ගේ මරණයට මහින්ද රාජපක්ශ මහතා වග කිව යුතුය යන බේගලය සමාජ ගත කිරීමයි.
88/89 කාලයේ දී කුඩා දරුවන් ව හිටි වත්මන් ආවේගශීලි තරුණ පරපුර ගෙඩි පිටින් ම එම ගුලිය වැලැඳූහ!
කණගාටුවට කාරණය නම් සිරිකොත කුස්සියේ සිට කුලියට මැල්ලුම් ලියනා ලියන අප්පුලා විසින් මේ දිනවලදී ද එම බේගලය, එනම් විජේදාස ලියනාරච්චි ගේ මරණයට මහින්ද රාජපක්ශ මහතා වග කිව යුතුය යන ගොබෙලියානු කතාව සමාජ ගත කිරීමට උත්සාහ කිරීමයි.
පසුගිය දිනෙක මා පොඩිබන්ඩා සහ ධර්මන් වික්‍රමරත්න මහතා ගේ අලුත් පොත ගැන ලියූ වියුනුවේ උගත් ඇනෝ මහත්මයෙක් ඒ පිලිබඳව අදහස් ආලෝචනය කලේය. ඔහු ගේ ආලෝචනත් එයට ලැබුනු පිලිතුරු කීපයකුත් පහත පල කරන්නේ සිරිකොත කුස්සියේ සිට කුලියට මැල්ලුම් ලියනා ලියන අප්පුලා සමූහය පිලිකුල් සහගතව හෙලා දැකිය යුතු ය යන යෝජනාවද සමගය!
පසුගිය දිනෙක මා පොඩිබන්ඩා සහ ධර්මන් වික්‍රමරත්න මහතා ගේ අලුත් පොත ගැන ලියූ වියුනුවේ උගත් ඇනෝ මහත්මයෙක් ඒ පිලිබඳව අදහස් ආලෝචනය කලේය. ඔහු ගේ ආලෝචනත් එයට ලැබුනු පිලිතුරු කීපයකුත් පහත පල කරන්නේ සිරිකොත කුස්සියේ සිට කුලියට මැල්ලුම් ලියනා ලියන අප්පුලා සමූහය පිලිකුල් සහගතව හෙලා දැකිය යුතු ය යන යෝජනාවද සමගය!
AnonymousDecember 22, 2016 at 6:52 AM
මෙහෙමයි සාරස,
නීතිඥ විජේදාස ලියනාරච්චි මරාදැමීමට කොහේවත් හිටපු මහින්ද රාජපක්ෂයෙක් ගාවාගෙන කෙබර කෙලිනු දැක මෙය ලිවීමට සිත්විය. නමුත් මා කිසිසේත්ම මරාවාදියෙක් නොවන අතර මරා බලය ලබාගත් 2005 - 2014 දක්වා කාලය තුල මරා සහ පවුල ගෝල හැත්තත් කළ කී දෑ අපේ බරපතල විවේචනයට ලක් වේ. නමුත්, 1988/89 මිනීමරුවෝ එවකට ජීවිත බේරාගැනිමට ක්‍රියාකල එවුන්ට බොරුවට මඩගැසීම අතිශය නින්දිතය. එබැවින් මගේ අදහස් පහත දක්වමි.
ජවිපෙ 88/89 දෙවැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවර රැසක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙයැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින්, හිතවතුන් සහ සහාය දක්වන්නන් බිය වැද්දීම්, බෝම්බ ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් ඇරඹිණි. මේවා සිදුකරන ලද්දේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම්වූ ප්‍රා, උකුස්සෝ, ස්‍රා, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධාන මගිනි. මෙමගින් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත්වීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවටද පත්විය.
මෙම ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී. පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිතිඥයින් හරහා හබයාස් කෝපුස් නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1990 මාර්තු වනවිට දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ හබයා කෝපූස් නඩු සංඛ්‍යාව 2,000කට ආසන්නය. නිදසුනක් ලෙස 1989 ප්‍රථම මාස 8තුළ පමණක් ඉදිරිපත්වූ හබයාස් කෝපූස් නඩු සංඛ්‍යාව 431කි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සමලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ධර්මන් වික්‍රමරත්න එහි සංවිධායක විය. සතියකට කිහිපවරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ.
ReplyDeleteනීතිඥ විජේදාස ලියනාරච්චි මරාදැමීමට කොහේවත් හිටපු මහින්ද රාජපක්ෂයෙක් ගාවාගෙන කෙබර කෙලිනු දැක මෙය ලිවීමට සිත්විය. නමුත් මා කිසිසේත්ම මරාවාදියෙක් නොවන අතර මරා බලය ලබාගත් 2005 - 2014 දක්වා කාලය තුල මරා සහ පවුල ගෝල හැත්තත් කළ කී දෑ අපේ බරපතල විවේචනයට ලක් වේ. නමුත්, 1988/89 මිනීමරුවෝ එවකට ජීවිත බේරාගැනිමට ක්‍රියාකල එවුන්ට බොරුවට මඩගැසීම අතිශය නින්දිතය. එබැවින් මගේ අදහස් පහත දක්වමි.
ජවිපෙ 88/89 දෙවැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවර රැසක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙයැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින්, හිතවතුන් සහ සහාය දක්වන්නන් බිය වැද්දීම්, බෝම්බ ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් ඇරඹිණි. මේවා සිදුකරන ලද්දේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම්වූ ප්‍රා, උකුස්සෝ, ස්‍රා, රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධාන මගිනි. මෙමගින් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත්වීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවටද පත්විය.
මෙම ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී. පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිතිඥයින් හරහා හබයාස් කෝපුස් නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1990 මාර්තු වනවිට දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ හබයා කෝපූස් නඩු සංඛ්‍යාව 2,000කට ආසන්නය. නිදසුනක් ලෙස 1989 ප්‍රථම මාස 8තුළ පමණක් ඉදිරිපත්වූ හබයාස් කෝපූස් නඩු සංඛ්‍යාව 431කි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සමලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ධර්මන් වික්‍රමරත්න එහි සංවිධායක විය. සතියකට කිහිපවරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ.
AnonymousDecember 22, 2016 at 6:56 AM
විජේදාස
ලියනාරච්චි උපන්නේ 1951 ජනවාරි 14වැනිදා වීරකැටිය බුද්ධියගමය. කෘෂි
ව්‍යාප්ති නිළධාරියෙකු වූ ඔහුගේ පියා ලියනාරච්චිගේ දොන් ජුවානිස්
අප්පුහාමිය. මව විදානගමගේ දොන් සිසිලියානාය. 14 දෙනෙකුගෙන් යුත් පවුලේ
7වැනියා වූ විජේදාස වීරකැටිය මහා විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ හෙතෙම 1969දී ගාල්ල රිච්මන්ඩ් විදුහලට
ඇතුල්වූයේ උසස්පෙළ හැදෑරීමටය. විජේදාස ජවිපෙ දේශපාලනයට යොමු වූයේ රිච්මන්ඩ්
විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී ගාල්ල පොලිස් කොට්ඨාශයේ ජවිපෙ ලේකම් කේ. එම්.
කමලබන්දුගේ 71 කැරැල්ලේ පන්තිවලට සහභාගි වෙමිනි. පක්ෂය වෙනුවෙන් ඔහුට කොක්ක
ගැසුවේ කමලබන්දුගේ සමීපතම සඟයෙකු වූ ගුණපාල ගුරුගේය. එයට රිච්මන්ඩ්
විදුහලේ සිසුන් 5 දෙනෙකුම එක්ව සිටියහ.
ජවිපෙ ඉහල නායකයෙකු වූ ඔහු කලක් ගුරුවරයෙකු සහ මහවැලි ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරු අංශයේ රැකියාවකද නිරතවූ අතර 1987දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.ජවිපෙ වේදිකාවේ ජනප්‍රිය කථිකයෙකුවූ අතර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයට ජවිපෙ ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කළේය. නිතිඥ විජේදාස උසාවි කටයුතු අවසන් වීමෙන් පසු නුගේගොඩ ගංගොඩවිලදී තංගල්ලෙන් පැමිණි පොලිස් පැහැරගනු ලැබුවේ 1988 අගෝස්තු 25වැනිදා පස්වරු 4ට පමණය. ඊට පසුදා එනම් අගෝස්තු 26වැනි සිකුරාදා පෝය නිවාඩුවක් යෙදී තිබූ බැවින් අගෝස්තු 25වැනිදා රාත්‍රී ගමේ නිවස බලායෑම ඔහුගේ අරමුණ විය. පැහැරගනු ලැබුවේ තංගල්ල පොලිස් අධිකාරි ධර්මදාසගේ උපදෙස් අනුව සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසකි. විජේදාස එතනින් මාතරටද පසුව තංගල්ල පොලීසියටද ගෙන ගියේය. විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. එම සිසුවා විසින් විජේදාසගේ පැහැරගැනීම දැනුම් නොදෙන්නට මෙම සිද්ධිය සදාකාලික අභිරහසක් වන්නට තිබිණි.
නිතිඥ සංගමය ගෙන ගිය දැවැන්ත උද්ඝෝෂණය හේතුකොට ගෙන නිතිඥ විජේදාස තංගල්ලේ සිට කොළඹට ගෙන ඒමට පොලිසියට සිදුවිය. ඔහු කොළඹට 1988 සැප්තැම්බර් 01වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ සපුගස්කන්ද පොලිසියේය. පසුව 1988 සැප්තැම්බර් 02වැනිදා රාත්‍රී 11.30ට කොළඹ මහ රෝහලේ 54වන වාට්ටුවට ඇතුලත් කරන ලදී. සැප්තැම්බර් 3වැනිදා අළුයම 12.55ට හෙතෙම මිය ගොස් තිබිණි. නිතිඥ විජේදාස ලියනාරච්චිගේ ඉළ ඇට 19ක් කැඩී ඇති බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල සිය ගණනකට අධික ගණනක් තිබූ බවට මරණ පරික්ෂණයේදී හෙළිවිය.
ජවිපෙ ඉහල නායකයෙකු වූ ඔහු කලක් ගුරුවරයෙකු සහ මහවැලි ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරු අංශයේ රැකියාවකද නිරතවූ අතර 1987දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.ජවිපෙ වේදිකාවේ ජනප්‍රිය කථිකයෙකුවූ අතර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයට ජවිපෙ ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කළේය. නිතිඥ විජේදාස උසාවි කටයුතු අවසන් වීමෙන් පසු නුගේගොඩ ගංගොඩවිලදී තංගල්ලෙන් පැමිණි පොලිස් පැහැරගනු ලැබුවේ 1988 අගෝස්තු 25වැනිදා පස්වරු 4ට පමණය. ඊට පසුදා එනම් අගෝස්තු 26වැනි සිකුරාදා පෝය නිවාඩුවක් යෙදී තිබූ බැවින් අගෝස්තු 25වැනිදා රාත්‍රී ගමේ නිවස බලායෑම ඔහුගේ අරමුණ විය. පැහැරගනු ලැබුවේ තංගල්ල පොලිස් අධිකාරි ධර්මදාසගේ උපදෙස් අනුව සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසකි. විජේදාස එතනින් මාතරටද පසුව තංගල්ල පොලීසියටද ගෙන ගියේය. විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. එම සිසුවා විසින් විජේදාසගේ පැහැරගැනීම දැනුම් නොදෙන්නට මෙම සිද්ධිය සදාකාලික අභිරහසක් වන්නට තිබිණි.
නිතිඥ සංගමය ගෙන ගිය දැවැන්ත උද්ඝෝෂණය හේතුකොට ගෙන නිතිඥ විජේදාස තංගල්ලේ සිට කොළඹට ගෙන ඒමට පොලිසියට සිදුවිය. ඔහු කොළඹට 1988 සැප්තැම්බර් 01වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ සපුගස්කන්ද පොලිසියේය. පසුව 1988 සැප්තැම්බර් 02වැනිදා රාත්‍රී 11.30ට කොළඹ මහ රෝහලේ 54වන වාට්ටුවට ඇතුලත් කරන ලදී. සැප්තැම්බර් 3වැනිදා අළුයම 12.55ට හෙතෙම මිය ගොස් තිබිණි. නිතිඥ විජේදාස ලියනාරච්චිගේ ඉළ ඇට 19ක් කැඩී ඇති බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල සිය ගණනකට අධික ගණනක් තිබූ බවට මරණ පරික්ෂණයේදී හෙළිවිය.
Sa rasaDecember 22, 2016 at 8:36 AM
//AnonymousDecember 22, 2016 at 6:52 AM//
ගරු කටයුතු උගත් ඇනෝ තුමනි,
විජේදාස ලියනාරච්චි මැතිතුමා ඝාතනය කිරීමේ සත්ය වග උත්තර කරුවන් හෙලිකරමින් ඔබ ලියූ කොමෙන්ටුවට බොහෝමත් ඉස්තූතියි....
එදා තම සටන් සගයන් මැරූ රාජිතලා සහ රනිල් ලා සමග යහන් ගතවීම සාදාරනීකරනය කිරීම සඳහා අනුර සහ විජිත හේරත් වැනි බිල්ලන් විසින් ගෙතූ කතාව පිලිබඳව සත්ය තත්වය කෙනෙකුට ඔබේ කොමෙන්ටුව කියවා අවබෝද කර ගත හැකියි
//විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. //
එම රාජකීය විද්යාලීය සිසුවා ගේ නම සමන්... ඔහු මගේ අසල්වැසි මා සමගම එකට පාසැල් ගිය මට වඩා වසර හතරක් පමන බාල කෙනෙක්... ඔහු ව නිදහ්ස් කලේ තන්ගල්ලට ගෙනිහින් ආපසු කොලඹ එන ගමනේ දී....
ගරු කටයුතු උගත් ඇනෝ තුමනි,
විජේදාස ලියනාරච්චි මැතිතුමා ඝාතනය කිරීමේ සත්ය වග උත්තර කරුවන් හෙලිකරමින් ඔබ ලියූ කොමෙන්ටුවට බොහෝමත් ඉස්තූතියි....
එදා තම සටන් සගයන් මැරූ රාජිතලා සහ රනිල් ලා සමග යහන් ගතවීම සාදාරනීකරනය කිරීම සඳහා අනුර සහ විජිත හේරත් වැනි බිල්ලන් විසින් ගෙතූ කතාව පිලිබඳව සත්ය තත්වය කෙනෙකුට ඔබේ කොමෙන්ටුව කියවා අවබෝද කර ගත හැකියි
//විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී අත්හරින ලදී. //
එම රාජකීය විද්යාලීය සිසුවා ගේ නම සමන්... ඔහු මගේ අසල්වැසි මා සමගම එකට පාසැල් ගිය මට වඩා වසර හතරක් පමන බාල කෙනෙක්... ඔහු ව නිදහ්ස් කලේ තන්ගල්ලට ගෙනිහින් ආපසු කොලඹ එන ගමනේ දී....
මහත්වරුණි... අප මේ සිද්දිය ගැන සාකච්චා කරමු!
සා රස තුමෝ..!! සුභ උදෑසනක්..!!
ReplyDeleteමේ කියන ලියනාරච්චි කියන නමවත් අහලා නැත. බලමු සන්වාදෙදි කරුණු දැනගන්න.
ජය සුභ..!!
ටිලාන් ආතල් අයියේ...
Deleteඔහේ බොහොම දහිරියවන්තව කට්ට කාලා අද්යාපනය ලබා ජීවත් වන බව බ්ලොගේක කියෙවුවා. ඔහේට ජයෙන් ජය ම වේවා.
දන්න කියන දෙයක් ඇදිලා ආවොත් ඔබතුමාත් සාකච්චාවට සාබාගී වෙන්න හිටන්!
ටිලාන් ආතර් වගේ අංකල්ලාත් විජේදාස ලියනාරච්චි වගේ උදවියව දන්නේ නැත්නම් මේ අපි වගේ ඒ-ලෙවල් කොල්ලෝ ඒ ගැන කොහොම දැනගන්න ද නේද, සාරස උතුමාණනි....?!?
Delete// ටිලාන් ආතර් වගේ අංකල්ලාත් විජේදාස ලියනාරච්චි වගේ උදවියව දන්නේ නැත්නම් මේ අපි වගේ ඒ-ලෙවල් කොල්ලෝ ඒ ගැන කොහොම දැනගන්න ද නේද, සාරස උතුමාණනි....?!? //
Deleteඒකනේ කියන්නේ මචන්!
අමුලික බොරු කීමත් , එම බොරු හිස්මුදුනෙන් ගෙන විශ්වාස කිරීමත් මෙතරම් දරුණුවට සිදුවූ කාලයක් ලංකා ඉතිහාසයේම නැත. හාස්‍යයට කාරණය එම බොරු විශ්වාස කර නැවත කටින් කට යවන්නේ මධ්‍යම පාන්තික යම්කිසි උගත්කමක් ලැබූ දැනුම් තේරුම් ඇතැයි කියනා සිංහල මිනිසුන් විසින් වීමයි. කටවහරට ටොයියන් වශයෙන් හඳුන්වන මේ මනුෂ්‍ය වෙෂධාරි තුච්ච නින්දිත කාලකන්නි ජඩ බලු තිරිසනුන් මෙසේ කරන්නේ ඇයි දැයි අපට නම් විමතියකි. මොවුන් හොරිකඩ බල්ලන්ට දා වී වයිශ්‍යාවන් විසින් වැසිකිලි වලවලට ප්‍රසුත කිරීම නිසා සිදුවූ වයර් මාරුවීමක් යයි නිගමනය කිරීම හැරුන කොට වෙනත් පහදා දීම ක් ද කිරීමට අපට නම් නොහැකිය.
ReplyDelete// අමුලික බොරු කීමත් , එම බොරු හිස්මුදුනෙන් ගෙන විශ්වාස කිරීමත් මෙතරම් දරුණුවට සිදුවූ කාලයක් ලංකා ඉතිහාසයේම නැත. //
Deleteසහතික ඇත්ත මහසොහොන් යකෝ!
ඕකට කියන්නෙ ටොයි සින්‍ඩ්‍ාරෝමය කියලයි.. හැදුනට පස්සෙ තර්ක ශක්තිය අඩුවෙලා මහින්ද භීතිකාවක් ඇතිවෙනවා....
Deleteමස්තිශ්කේ දිය වෙලා යන්වා හිටන්!
Deleteමරාගේ වයස, ලෙඩ රෝග එක්ක බලද්දී ඒ යකා තව අවුරුදු දෙකක් වත් අල්ලලා ඉදියි කියලා හිතන්න බෑ හිටං
ReplyDeleteමාර වැඩේ... දැන් අපි මොකද කොරන්නේ හිටන්???
Deleteසාරස,
ReplyDeleteලාංකීය ජනතාවගේ (විශේෂයෙන් සිංහලයින්ගේ) ස්මරණ ශක්තිය ද සාමාන්‍ය ලෙස ගත් කල ඒ හැටි හොඳ යැයි කිව නොහැක. ප්‍රභාකරන් ද සිංහලයාගේ මතකය ගැන අවඥා සහගතව කතා කලේ එබැවිනි.. විනිසුරුවනට ගල් ගැසූ යුගයක්; අධිකරණයේ දොර වැසූ යුගයක්; නීතිඥයනට හූ කියූ යුගයක් තිබිණි. ඇතැම් විට අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු අභියෝගයට ලක් කළ සමයක් ද පැවැතිණි. රටේ දේශපාලන නායකයන් ඊට සහාය දැක් වූ සමයක් ද තිබිණි. රටක ඉහළ ම නායකයා නීතියට එරෙහි ව සිය හෙංචයියන් හසුරවත් නම්; සාධාරණයක් හෝ යුක්තියක් හෝ එහි දී අපේක්ෂා කළ නො හැකි ය. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළ 1977-1994 සමය තුලදීද එබඳු දේ ඕනෑතරම් සිදු විය. රාජපක්ෂලාගේ 2004-2014 සමයද අවනීතික දේවලින් ගහණ වුණත් එය කිසිසේත්ම 1977-94 එජාප පාලන අශික්ෂිත අලුගෝසු යුගය තරමට නරක නොවූ බව මැදහත් සබුද්ධික ජනයා පිළිගනී.
නීතිඥ විජේදාස ලියනාරච්චි යනු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ ප්‍රකට නීතීඥයෙකි. ඔහු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඉදිරි පෙළ ක්‍රියාධරයකු ලෙස කටයුතු කළ අතර එය හේතු සාධකයක් කොට සිදු වූ අමානුෂික පොලිස් පහරදීමකින් ඔහුගේ මරණය වූ බව ද කුප්‍රකට ය. එවකට පොලිස් අධිකාරීවරයකු හැටියට කටයුතු කළ ඩග්ලස් පීරිස් මහතා ඉතා මෑතක දී පුවත්පතකට කියා තිබුණේ විජේදාස ලියනාරච්චි නීතිඥ මහතාගේ මරණය පොලිස් පහරදීමකින් සිදු වුව; තමා ඊට සම්බන්ධ නැති බව ය. කෙසේ වුව එම භීෂණ සමය තුළ සාමාන්‍ය නීතිඥයන් පමණක් නො ව; නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ ම නිලධාරීනට පවා යම් - යම් හිරිහැර විඳින්නට සිදු විණි.
නීතිය වල් වැදුණහොත් ඒ රට ඉදිරියට ගෙන යෑම අපහසු ය. නීතිය සියල්ලට ඉහළින් පැවැතිය යුතු යැයි කියනුයේ එබැවිනි. කොපමණ උස මිනිසකු වුව නීතිය පහළින් සිටින්නේ යැයි කියන කතාවෙහි තේරුම ද එය ම වේ. ස්වභාව ධර්මයේ නීතිය ඉබේ ක්‍රියාත්මක වේ. මිනිසාගේ කුසලා’කුසල කර්ම පල එසේ ක්‍රියාත්මක වන්නේ යැයි කියනු ලැබේ. එහෙත් ජීවමාන මිනිසාට සම්බන්ධ නීතිය එලෙස ඉබේ ක්‍රියාත්මක වන්නේ නැත. ඊට කිසිවකු ක්‍රියාත්මක විය යුතු ය. නැතහොත් පොදුවේ කිසියම් ආයතනයක් හෝ මණ්ඩලයක් නැතහොත් සංවිධානයක් ක්‍රියාත්මක විය යුතු ය. 1977 දී බිහි වූ එජාප ආණ්ඩුවේ නීති විරෝධී අත්තනෝමතික ක්‍රියා නැවැත්වීම සඳහා ශක්තිමත් සංවිධානයක් තිබුණේ නැත. ආයතනයක් තිබුණේ ද නැත. එදා මහින්ද රාජපක්ෂ මහතා නීතිඥයකු හා දේශපාලකයකු ලෙස එබඳු අශික්ෂිත අවිචාර සමයෙක නීතිය රැකීමට ක්‍රියාකල අයුරු ප්‍රශංශනීය වුවත් ඉන්පසුව බලය ලබාගත් පසු හාත්පසින් වෙනස් චරිතයක් බවට (විශේෂයෙන් 2010න් පමණ පසූ) පත්වූ බවද නොරහසකි.
Deleteකෙසේ නමුත් අතේ පැලවෙන අමු කෙබර වලින් ගහන වත්මන් හිරිකිත පාලනයට රෙදි නැතුව කඩේ යන ගමන් මෙබඳු අවලම් ගල් පැලෙන කෙබර සමාජගත කරන්නට තටමන කාලකණ්ණි අවලමුන් නූතන හඩ්සන් සමරසිංහලාටද ඉතිහාසය විසින් ලබා දෙන්නේ කුණු කාණු පමණක් බව සිහිතබා ගැනීම වටී.
ගරු ඇනෝ තුමනි,
Deleteඔබතුමා ගේ වියත් ආලෝචනයට මා හිස නමා එකඟ වෙමි!
මැල්ලුම් ලියන බ්ලොගය දැන් හිට්ස් සහ කමෙන්ට් නැතිව වේලෙනවාය. අනේ සාරස තුමෝ, උදව්වක් වශයෙන් ඒ පැත්තේ ගොහින් ඉස්සර වගේ කමෙන්ටුවක් දෙකක් දාන්නකෝ ප්ලීස්. දැන් නම් ඔබ තුමාගේ කමෙන්ට්ස් ඩිලීට් කරන එකක් නැහැ.
ReplyDeleteමීට,
ලන්ඩන් ගමයා.
බයිට් වීම කලාවක් නම් ඔහේ එහි පිකාසෝය ගමයෝ!
Delete:D
:D :D
විජේදාස ලියනාරච්චි සහෝදරයාට උපහාර පිණිස සමන්ත හේරත් සහෝදරයා විසින් විරචිත අපූරු පදවැලක්...!
ReplyDeleteඑකමත් එක දවසක
ජාතික රෝහලේ ඇඳක් මත
නිහඬ විය යුක්තිය...............
අවුට්විෂ්ක් වධකාගාර ගැන
බොහෝ වදවෙන අපි
මෙහේ වදකාගාර ගැන
වධකයන්
මිනී මරුවන්
ගැන
වගේ වගක්
නොගන්නා හැටියක්.........?
හතරට නමා කලු කෝට් එක
මල්ලක දමා එල්ලගෙන
බස් එකක එල්ලීගෙන
උසාවියකින් උසාවියකට
වදවිඳ මියගිය
සගයන්ට යුක්තිය සොය සොයා ගිය......
බෝඩිං මැදුරක
අනුන්ගේ ගෙදරක
ජීවිතේ වන්
තාවකාලික නැවතුමෙක
ලබන කෙටි නින්දක
සුව වින්ද හිතවත...........
වේදිකාවකින් වේදිකාවට
පහලට නොගත් අත් දෙක
ඈත බැල්මක
හුදෙකලාවක
රත්පැහැ ගැනුනු ඇස්දෙක
ලෙලව ලෙලවා උස් හඬින් නැඟුන
කටහඬ........
රහසක් නොවිය එවිපත
පෙලා සියොලඟ
තලා හදවත
හෙලා මිහිමත..........
කුමට මහ හඬින්
කෑ ගසනු
ඝෝෂක............?
උසාවිය කොහොමත් නිහඬය.....
අපිත් නිහඬය...............................
අදට් අනුර කුමාරලා දුක් වෙන්නේ තාජුඩීන් ලා ගැණ මිසක් විජේදාස ලියනාරච්චිලාගැන නෙවෙයි හිටන්!
Deleteසමන්ත හේරත් අප පාසැලේ මට එක් වසරක් ජේශ්ට පන්තියක හිටියා මතකයි!
/////අදට් අනුර කුමාරලා දුක් වෙන්නේ තාජුඩීන් ලා ගැණ මිසක් විජේදාස ලියනාරච්චිලාගැන නෙවෙයි හිටන්!////////
Deleteඒකනේ කරුමේ. ඇයි විජේදාසලා, වන්නිගමලා රගර් ගහලා නැද්ද..උන් කළුද....එල්ලෙ නොගහා රගර් ගැහුවා නම් අපිත් තාජුඩ්නිලා. තාජුඩින්ගේ ඝාතනය සේම අපේ ආනන්ද අයියාගේ මරනයත් ස්වාභාවික නොව, කුරිරු ඝාතනයන්ම්ය. ඒ විතරක් නොව නන්දන මාරසිංහ ඇතුලු තව අය බොහෝය.
සරස තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න. ඒ වගේම ත්‍රීමාලා විහිලුවට ගැනීමෙන් වලකින්න. මේ සියලු දේ හෙලා දකින්න. එකක් සුද්ධ කරන්න ගිහින් අර මොකකද දේ නොකරන්න. පින් පොතේ පව් කාරයොත්, පව් පොතේ අමුවෙන්ම ශුද්ධවන්තෝත් නොවන්න. අපි ඇත්ත කතා කරමු.
අරුණ,
Delete//තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න//පුළුවන් නම් , තාජුඩීන් ගේ මරනය ගැන දෙවන වරට පවතවන ලද JMO පරීක්ශන්යේ වාර්තාව ඔබ දන්නා JMO කෙනෙකුට දී ඔහුගේ අදහස ගන්න. ඔය රටේ කෙනෙක් නම් වඩා හොඳය එවිට ඔහු මරාවාදියෙක් හෝ බටලන්දේ-රනිල් වාදියෙක් විය නොහැකි බැවින්. විශේශයන්ම මරා දමා වම් ආසනයේ ගෙනැවිත් දකුනු ආසනයට මාරු කලා වැනි දෙයක් ගිනිගත් හෝ ගිනි තියූ වාහනයකින් ලබා ගත් අස්ති කොටස් බලා JMO කෙනෙකුට නිගමනය කල හැකිද යන්න විමසා බලන්න.
තාජුඩීන්ගේ මරනයත් කොබ්බෑකඩුව ගාතනය මෙන්ම දේශපාලන මෙවලමක් බව ඔබට තේරුම් යනු ඇත. කබ්බෑකඩුව ගාතන කොමිසමෙදී සාක්කි දුන් "රෝහිනි" ගේ චරිතය මෙහෙ රඟපාන්නේ කවුදැයි පහසුවෙන් සොයා ගත හැක
එහෙම කරන්න බැහැ Ano .. පට්ට සාදාරන "ඇත්ත කතා කරන" නිර්පාක්ෂික සුදුරෙදි පොරෝගෙන ඉන්න සීලවන්ත බුවෙක් කියල පෙන්නන්න කොච්චර ට්‍රයි කරත් මම එදා ඉඳලම ජනේලෙන් UNP යට පුක දෙන පිරිසිදු ටොයියෙක් . ඔය තාර්කික කතා , විශ්ලේෂණ මට අදාළ නැහැ. මගේ බයිබලේ ලංකා ඊ නිවුස්. එකේ යන කටකථා මට මගේ අප්පටත් වඩා විශ්වාසයි.
Deleteමරාට ගහන්න තියෙනවා නං මම දුවගෙන ඇවිල්ල අමුවෙන්ම ගහල යනවා. UNP ය ගූ නාගෙන හත් පොලේ ගාගෙන කිච වෙලා ඉන්න බව පේන තැනකදී UNP සක්කිලි හොදයි කිව්වොත් ගූ චාටර් වෙන හින්ද හෙමීට ඇවිල්ල ඔව් ඔව් කියල එත් මරාගේ වැරදි (කටකථා සහ ඔප්පු නොකළ පාදඩ ටොයි හිතළු ) මේවා කියල එතන මලපහ කරලා පුක පිහ ද දා ඈතට දුවනවා .. උඹලට මගේ ගේම තාම මීටර් උනේ නෑ නේද ??
මිට
අරුණ පෙරේරා
// සරස තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න. ඒ වගේම ත්‍රීමාලා විහිලුවට ගැනීමෙන් වලකින්න. //
Deleteසරස තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න. ඒ වගේම ත්‍රීමාලා විහිලුවට ගැනීමෙන් වලකින්න.
සාරසයාම පොස්ට් එක දාගෙන වැඩිහරියක් කොමෙන්ටුත් ඌම දාගන්නවා.
ReplyDeleteමිදි කවද්ද තිත්ත? නරි කියයි ද ඇත්ත?
Delete//සාරසයාම පොස්ට් එක දාගෙන වැඩිහරියක් කොමෙන්ටුත් ඌම දාගන්නවා. //
Deleteනැතුව නැතුව!
ඔහෙත් කොරලා බලන්නකෝ ඇනෝ....
මේකත් හරි විනෝදයි හිටන්!
සාරස මේ ගැන පෙරටුගාමී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා වැනි අය කරුණු දක්වා තිබේ.
ReplyDeleteඉන්ද්‍රානන්ද යුධ හමුදා පොලිසියට එක්වන්නේ 1987 දී. මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසැලේ මාස හතරක සහ නාරාහේන්පිට යුධ හමුදා පොලිසියේ මාස තුනක් වශයෙන් සත් මසක පුහුණුවෙන් පසු ඔහු යුධහමුදා පොලිස් මූලස්ථානයේ ඡායාරූප ශිල්පියෙකු ලෙස එක්විය. යුධ හමුදාවට සම්බන්ධ උත්සව, විසිර යෑමේ පෙළපාලි, යුධ හමුදාපතිගේ සංචාර, ආරක්ෂක ඇමතිවරයා සම්බන්ධවන උත්සව පමණක් නොව යුධ හමුදා ජේෂ්ඨ නිලධාරින්ගේ පවුලේ උත්සව වලටද සේවය ලබාදෙමින් ඔවුන් හා සමීප සම්බන්ධතා පවත්වාගැනීමට ඉන්ද්‍රානන්දට හැකිවිය.
ඔෆ්ස් කම්බයින් මෙහෙයුම් මධ්‍යස්ථානයට, ඉසුරුපාය හමුදා කඳවුර, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය, මත්තේගොඩ, ඔරුවල, කොළඹ තුරඟ තරඟ පිටිය, අතුරුගිරිය, කඩුවෙල ඇතුළු කිහිපයක හමුදා අනුඛණ්ඩ ස්වරූපයෙන් පවත්වාගෙන ගිය වධ කඳවුරුවල සිටි ජවිපෙ සැකකරුවන්ගේද ඡායාරූප ගනු ලැබුවේ ඔහු විසිනි.
හමුදාව සහ ජවිපෙ දෙකේම සිටි ඔහු වැනි අය මේ පිලිබඳ සත්‍ය වඩාත් පැහැදිලිව හෙළිදරව් කොට තිබේ.
Anonymous January 6, 2017 at 11:56 PM
Deleteයුධ හමුදාව තුළ ඉතා බරපතල වධ හිංසා වලට ලක්වෙමින් වසර 9ක කාලයක් සිරබත් කා (1989-1998) නිදහස්වීමෙන් අනතුරුව ජවිපෙ දේශපාලනයට යළි පූර්ණකාලීනව එක්වූ ඉන්ද්‍රානන්ද පසුව උතුරු මැද පළාත් සභාවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජවිපෙ පලාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් 2001 සිට 2008 ජුනි දක්වා වසර 8ක් කටයුතු කළේය. වර්තමානයේ ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වශයෙන් වාම දේශපාලනයේ පූර්ණකාලීනයෙකි.
ඉන්ද්‍රානන්ද සිල්වා යනු සිය ජීවිතය පරදුවට තබා රෝහණ විජේවීරගේ දේශපාලන න්‍යාය ඉහළින් ඔසවා තැබූ මිනිසෙකි. ඒ නිසාම වයස අවුරුදු 23දී යුධ හමුදා පොලිසියේ ඔහු දැරූ ලාන්ස් කෝප්‍රල් තනතුරේ රැකියාවද ඔහුට අහිමිවූ අතර අනේකවිධ තිරස්චින වධබන්ධනවලට මුහුණදීමටද සිදුවිය. ඔහු වධකාගාර, බන්ධනාගාර ගතකිරීම් හරහා අවසානයේ යුද්ධාධිකරණයෙන් සිරදඬුවම්ද විදි මිනිසෙකි. එමෙන්ම මරණයේ බිහිසුණු අත්දැකීම් දැක දැක උඩුගම්බලා පිහිනූ මිනිසෙකි. රෝහණ විජේවීර ඝාතනයකර දවා අළුකරමින් ජවිපෙ දේශපාලනය මහා සැඩ පහරකට ලක්වූ 1990 නොවැම්බර් 13න් පසුවද පක්ෂය රැකගැනීම උදෙසා ඒ රුදුරු සැඩපහරට කිසිදු දෙගිඩියාවක් නොමැතිව පැනපු මිනිසෙකු බවද අවිවාදිතය.
අජිත් පැරකුම්ලා වැනි සාමාන්‍ය ජවිපෙ සාමාජිකයන්ව සිට මොවුන්ට සාපේක්ෂව ඉතා සුලු වධයන්ට පමණක් ලක්ව නිදහස් වී දැනට හුදෙක් බඩගෝස්තරවාදී කුලී ලියන්නන් බවට පත්වී සිටින්නන් සමග සසඳන කල ඉන්ද්‍රානන්දලා කියන දෑ ගැන වඩාත් විශ්වාසය තැබිය හැකිය.
// අජිත් පැරකුම්ලා වැනි සාමාන්‍ය ජවිපෙ සාමාජිකයන්ව සිට මොවුන්ට සාපේක්ෂව ඉතා සුලු වධයන්ට පමණක් ලක්ව නිදහස් වී දැනට හුදෙක් බඩගෝස්තරවාදී කුලී ලියන්නන් බවට පත්වී සිටින්නන් සමග සසඳන කල ඉන්ද්‍රානන්දලා කියන දෑ ගැන වඩාත් විශ්වාසය තැබිය හැකිය. //
Deleteසහතික ඇත්ත!
වර්ෂ 1992 පමණ කාලය වනවිට යුධ හමුදාවේ ගල් පල්ලිය නමැති වධගෙයින් ඉවත්කර ඉන්ද්‍රනන්ද ද සිල්වා රඳවා සිටියේ මැගසින් බන්ධනාගාරය තුළයි. රෝහණ විජේවීර ඝාතනය සියැසින් දුටු සාක්‍ෂි තමන් සතුව ඇතැයි ඔහු ‛ලක්දිව’ පත්‍රයට ලියා එවීය. ඒ තොරතුරු බන්‍ධනාගාරයෙන් පිටතට ගත හැකි මගක් ගැන අපි කතා කළෙමු.
Deleteමැගසින් බන්‍ධනාගාරයේ සිරකරුවන් හමුවීමට වෙන් කළ කාලයේදී අපගේ ඇතැම් සගයන් සමග වූ කෙටි හමුවීම්වලදී ඔහු සිය සාක්‍ෂි විධිමත්ව ගොණු කළ හැකි මගක් පිළිබඳව කතා කළේය. නාරාහේන්පිට යුද හමුදා පොලීසියේ ඡායාරූප අංශයේ කැමරා ශිල්පියෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින් බොහෝ දෙනෙකුගේ වේදනාකාරී අවසන් මොහොත කැමරාවට නඟන ලද්දේ ඔහු විසිනි. සිය අපිළිවෙල මතකය අවුස්සමින් ඔහු ලියා එවන ලද තොරතුරු එක්කොට ජාත්‍යන්තර තලයේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හැකි වනු ඇතැයි අපි විශ්වාස කළෙමු.
ජවිපෙ සහ ආණ්ඩුවට තර්ජනයක් වන පිරිස් අමු අමුවේ සංහාරය සඳහා 1989 අගෝස්තු මාසයේදී පිහිටුවන යුද හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ (ඔප්ස් කම්බයින්) කටයුතු පිළිබඳවත්, රෝහණ විජේවීර, ඩී.එම්.ආනන්ද සහ එච්.බී.හේරත් ආදීන්ගේ මරණ පිළිබඳවත් ප්‍රමාණවත් තරම් සාක්‍ෂි ඔහු සතුව තිබිණ.
Deleteඑමෙන්ම 1994 නොවැම්බරයේ පළවූ පළමු ‛නියමුවා’ පත්‍රයේ සිරස්තලය බවට පත්වූයේ ඔහු විසින් හෙළිකරන ලද තොරතුරුය. අත්අඩංගුවට පත් වූ පසු තිඹිරිගස්යායේ යටාරෝ කැෆටේරියා හි පවත්වාගෙන ගිය හමුදා වධකාගාරයේ රඳවා සිටියදී ඔහු අත්දුටු භීෂණය වචනයෙන් වචනයට නගා ඔහු ලියා එවූ ලිපි තවමත් ඇතැමුන් සතුව සුරැකිව තිබේ. යටාරෝ වධකාගාරයේ දීර්ඝ කාලයක් රඳවා තබාගෙන අතිශය තිරිසන් ලෙස ලිංගික බලහත්කාරයනට සහ හිංසනයන්ට ලක්කිරීම හේතුවෙන් කතාකරගත නොහැකි ලෙස දැඩි කම්පනයට පත්ව සිටි තරුණියන් රැසක් පිළිබඳ ඔහු ලියා එවූ තොරතුරු දැන් ඉතිහාසයයි.
යුද්ධාධිකරණයක් විසින් ලබාදුන් දඬුවමට එරෙහිව ඉන්ද්‍රානන්ද ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව 1998 දී පමන ප්‍රකාශයට පත්කෙරුණි. ඒ වන විටත් අපි දේශපාලනිකව ජවිපෙන් වෙන්ව සිටියෙමු. ‛හිරු’ පත්‍රය ප්‍රකාශයට පත්කිරීම ඒ හේතුවෙන්ම නැවතී තිබුණි.
උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු පත් වූ බව මා දැනගත්තේ පුවත්පත්වලිනි. කර පියවූ මන්ත්‍රී ඇඳුමකින් සැරසුණු ඔහුගේ සේයාරුව ඒ කොහේ හෝ තැනක දුටු බවට මගේ මතකයේ තිබේ. බිහිසුණු සංහාරයන් පිළිබඳ වධහිංසා විඳිමින් ඔහු ආරක්‍ෂා කළ ඉතිහාසය දැන් සති අන්ත පුවත්පතක මාරක කතා අතිරේකයක් සරසන විශේෂාංගයකි. ඒ අතීත භීෂණය දැන් පහව ගොස් ඇතැයි සියල්ලෝ සිතන හෙයිනි. එහෙත් සත්‍යය එයම ද? අනාගතයේ කිසිදා මෙවන් භීෂණයක් ඇති නොවීමට වගබලා ගැනීම අප සැමගේ වගකිමක් බව අවධාරණය කර සිටිමි.
All the above comments are copied from Sunday Leader website comments. Sarasa himslef is just copying and posting his own site. What a shameless moron u are stupid dentist? You should be arrested and the same treatment given to Wijedasa L are suitable to u, what a freak u are u moron. Fuck you.
ReplyDeleteනරියෙකුත් කිව්වලු ඔහොම කතාවක්, හිහ් හිහ් හී. සොඋර් ග්‍රපෙස් (Sour Grapes)
Delete// All the above comments are copied from Sunday Leader website comments.//
DeleteReally?? pau nea?
// Sarasa himslef is just copying and posting his own site.//
Yes.. but how do you know?
// What a shameless moron u are stupid dentist? //
Very big one sir!
//You should be arrested and the same treatment given to Wijedasa L are suitable to u,//
Poor me.... please..let me find my egg shell to hide in....
// what a freak u are u moron. //
The nest you could get sir!!
//Fuck you. //
I don't mind having a good fcuk.... shame that you are a Sirikotha piss artist and cant enjoy a good fcuk!!
Go on ..enjoy Ranil's Havana Cigar!
සරසයෝ බොට පික්සුද ? අකිල සර් , සා-ගල සර් වගේ සුදු ගල් කෑලි ඉඳිද්දී .. සිරිකොතේ ලැට් සුද්ද කරන මුං වගේ එවුංට දෙයිද අපේ රනිල් අප්පෝ සුරුට්ටු උරන්න ??
Deleteබලාගෙන ගියාම එකත් ඇත්ත නේ?
DeleteAnonymousJanuary 7, 2017 at 12:12 AM
ReplyDeleteහිරිකොතේ දංකුඩ කන බත් බැලයෙක් ? එහා පුටුවේ ඉන්නෙ අජිත් ද? මාතලන්ද?
මූ කුස්සියේ මැල්ලුම් කපන එකාමද දන්නෙ නැහැ හිටන්!!!
Deleteගවපාලන අයියලට ගොඩක් රිදිලා වගේ සාර ස...
ReplyDeleteහිටු කියලා ඇනෝ ඇවිත් ගොමරිටි හලලා යනවා. හෙහ් හෙහ්...
කාටද ආඩම්බර ලොකු පුතා තුමෝ?
Deleteමටනම් ඔය පොත කියවන්නට උවමනාවක් නැති අතර පොත ගැන විස්තර දැන ගත්තේ WA විජේවර්ධන පොත අගේ කර ලියූ ලිපියකිනි.
ReplyDeleteUNPයේ හිටපු මන්ත්‍රිදූර අපේක්ෂක රවීන්ද්‍ර ප්‍රනාන්දුගේත් මෛත්‍රීට චන්දෙ දීම නිවන් දකින්නට යාමට සමාන කිරීමක් ලෙසත් දැක ලිපි ලියූ WA විජේවර්ධනගේත් දේශපාලන මධ්‍යස්තභාවය ගැන දන්නා නිසා ඔය පොත කියවීමට ඇති උවමනාව අඩුය.
මේ ගැන හොඳම විස්තරයක් බටලන්ද කොමිසම් වාර්ථාවේ ඇත. හිටපු පොලිස්පතිවරු මෙන්ම දැන අගමැතිතුමාද තම කැමැත්ත මත දුන් සාක්කි එහි ඇත. කියවා බලන්නෙකු කොමිසම අවසානයේ එලඹි නිගමන වලටම එලඹිය යුතු නොවේ.
මේ පොත ඇත්තේ ලංකාවේ සිටින තරමක් උගත් සමාජයේ මොල හදන්නටය. මේ සමාජයේ සිටින උද්දච්ච පන්ඩිතයන්ව මුරුන්ගා ගහේ නැග්ගවීමට හැකි ලේසිම ක්‍රමය නමේ අගට හෝ මුලට ගෞරවනාම ඇති කවුරුන් හෝ "වියතෙක්" යැයි ප්‍රසිද්ධ කෙනෙක් ලවා කියන දෙයක් කියවීමය.
// AnonymousJanuary 7, 2017 at 5:03 AM //
ReplyDeleteගරු ඇනෝ මැතිඳුනි,
ඉහත පින්තූරයේ ඇති පොත ගැන ඔබේ කොමෙන්ටුව නිවැරදි යැයි මා සිතනවා. මේ ලිපියේ අරමුණ එම පොත කියවන්න කියා ඉල්ලීම නොවේ... විජේදාස ලියනාරච්චි මරණය ගැණ කතිකාවතක් පවත්වමු යන්නයි.
ඔය පින්තූරය මට හමු වුනේ ලිපියට ගැලපෙන පින්තූරයක් සොයා අන්තර්ජාලය පීරද්දී. මා කලේ වරදක්.. ඒ ගැන සමාව අයදින අතර පින්තූරය ඉවත් කිරීමට කටයුතු යොදනවා.
WA විජේවර්ධනගේ ලිපියෙන් මට තේරුනු ආකාරය ඔය පොත ලියා ඇත්තේ මේ සිද්දිය විසඳුනු ආකාරය (පොලිස් අධිකාරී ධර්මදාසත් පහල පොලිස් නිලදාරීන් කීප දෙනෙකුත් වැරදිකරුවන් වීම ) ඉතාම නිවැරදියි කියා පෙන්වා රනිල්ව ශේප් කරන්න. ඒ ගැන පුලුවන්නම් ලිපියේ සටහන් දාන්න.
Deleteදැනට දැඩි නියඟයකට හසු වී ඇති මතුගම ගමයාගේ "සමාජවාදයෙන් යූ.ඇන්.පී. එකට" නමැති බ්ලොගයට සහයෝගය දැක්වීමක් ලෙස "මල්ලේ පොල්" පාඨකයනට එහි ගොස් කොමෙන්ටුවක් දෙකක් දමන ලෙස මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමි.
ReplyDelete// දැනට දැඩි නියඟයකට හසු වී ඇති මතුගම ගමයාගේ "සමාජවාදයෙන් යූ.ඇන්.පී. එකට" නමැති බ්ලොගයට සහයෝගය දැක්වීමක් ලෙස "මල්ලේ පොල්" පාඨකයනට එහි ගොස් කොමෙන්ටුවක් දෙකක් දමන ලෙස මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමි. //
Deleteඩේටා ගනන් යැවුවේ යූ ඇන් පී ආන්ඩුවය!
දැන් සිටින වෙන්ඩ පොෂ් සමාජවාදීන් හා වාමාන්ශිකයනුත්, නව ලිබරල් වාදීනුත් වැඩ කරන බව කියන්නේ තැන් දෙකක උනත් ඉන්නේ එක ගෙදරය. නිදියන්නේ එක ඇඳේය.
Deleteඅයිසෙ සාරස,
Deleteවෙන්ඩ පොෂ් සමාජවාදීන් හා වාමාන්ශික ගිරා පෝතක රිලා රැල මතුරන මාක්ස්වාදය කියන්නෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති මනස්ගාත බහුබූත ටිකක් විතරයි. ඔය කියන මාක්ස්වාද ලබ්බෙන් ගොඩනගපු කිසිම රටක් වත් අඩුම ගානෙ ගම්මානයක්වත් නැහැ.
ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදී සංකල්ප සහිත දැඩි ඒකාධිපති පාලනය නිසා බලගතු රුසියාවකුත් දෙං ක්ෂාඕ පෙං ගේ බුද්ධිමත් රාජ්‍ය ධනවාදී සංකල්ප නිසා ධනවත් චීනයකුත් ෆිදෙල් අල්‍යෙන්ද්‍රෝ කැස්ත්‍රෝ-රූස් සහෝදරයාගේ මහජන හිතමිත්‍රවාදී ක්‍රමය නිසා කියුබාවත් රැකුණා මිසක් ඔය කියන කෙහෙල්මල් මාක්ස්වාදය කියන විගඩමෙන්වත් ඕක මතුරන බහුතර වම්මුන් හෝ හිටපු වම්මුන් කියන කාලකණ්ණින් වත් ලෝකයට දුන් මෙලෝ මගුලක් නැහැ.
ලංකාවේ වම්මුන් කියාගන්නා/ හෝ හිටපු වම්මුන් කියන කාලකණ්ණින් එක්කෝ වාසුදේවගේ සිට වීරවංස දක්වා අපතයින් මෙන් පසුගිය අන්ත දූශිත රෙජීමයට කඩේ යති, නැතහොත් උන්ට නොදෙවෙනි වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමයට සොච්චමක් වෙනුවෙන් විළි ලැජ්ජා නැතුව හිරිකිත ලෙස කඹුරති. ජවිපෙ වැනි සටකපට කාලකණ්ණින් කිසිදා මේ පොළවේ බිහිකල නොහැකි මනෝරාජික සංකල්ප දෙසා බාමින් බලයේ සිටින එවුන් විවේචනය කරමින් කල් මරති. ඔන්න ඕකයි සැබෑ තත්ත්වය.
එකල 1988/89 යුගයේ පැවති ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දස දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ලදී. වධකාගාර ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය. කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ මාතර එළියකන්ද, පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව, මැදිරිගිරිය ඒකනායක, දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල හිල්ටොප්, ගාල්ල කොටිගල, කරන්දෙනිය උණගස්වල, කළුතර බෝඹුවල, මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, බතීගම වත්ත, කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, හපුතලේ බෙරගල සමර් ෆැසන් ඇඟළුම් කම්හල, නුවරඑළිය පුරහළ, පල්ලකැලේ කඳවුර අසළ ගඟෙන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, කුරුණෑගල වැහැර, ලිදුළ තේ කම්හල ආදී ස්ථාන කිහිපයකමය.
ReplyDeleteකොළඹ සහ ඒ අවට ප්‍රකට වධකාගාර පිහිටියේ කොළඹ යටාරෝ කැෆ්ටේරියාව, කොළඹ තුම්මුල්ල, කොළඹ රේස්කෝස් පිටිය, බියගම සපුගස්කන්දේ බටලන්ද, බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, කොළඹ සරසවි නීති පීඨය, කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, මත්තේගොඩ කඳවුර, මීරිගම යොවුන් නිකේතනය, පෑලියගොඩ පට්ටිය හන්දිය, කැස්බෑව, දෙමටගොඩ හරක් මඩුව, බොරැල්ල කනත්ත, මොඩර් ෆාම්පාරේ ගොල්ෆ් පිටිය, ජයවර්ධනපුර නේවාසිකාගාරය, ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව වැනි ස්ථානවලය.
Deleteසැබැවින්ම මෙම දුක්මුසු වධකාගාර නාටකයේ හද කම්පා කරවන එක් ආන්දෝලනාත්මක ජවනිකාවක් වූයේ බටලන්ද වධකාගාරයයි. එය පිහිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ බටලන්ද පිහිටි අක්කර 20ක පොල් ඉඩමකය. ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය පොහොර සංස්ථාව පිහිටවූ අතර ඒ සඳහා අවශ්‍ය යූරියා නිෂ්පාදන යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ කොලොන් සමාගමට පවරන ලදී. ඒ අනුව සපුගස්කන්දේ පිහිටි භූමියක් තෝරාගත් අතර විදේශීය කාර්මික විශේෂඥයින් සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ සිටිය යුතු බැවින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගමදී ඉදිකරන ලදී. සපුගස්කන්ද පොලිස් ස්ථානය, කිරිබත්ගොඩ බියගම මාර්ගයේ පිහිටා ඇති අතර එම හන්දියෙන් හැරී කිලෝමීටර් 2ක් යන විට බටලන්ද ගම හමුවේ. බටලන්ද නිවාස යෝජනා ක්‍රමය පිහිටා ඇත්තේ එහිය. මෙයට සාදා ඇති විවිධ වර්ගයේ නිවාස ඒකක 64ක් අයත්ය. කාර්යාල සංකීර්ණයක්, සමාජ ශාලා ගොඩනැගිල්ලක් සහ පිනුම් තටාකයක්ද එහි විය.
Deleteඒ වන විට රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාව අඛණ්ඩව අලාභ බැවින් එය ඈවර කිරීමට 1984දී කර්මාන්ත ඇමති සිරිල් මැතිව්ගේ යෝජනාවක් අනුව රජය තිරණය කළේය. එහෙත් ආධාර සැපයූ විදේශීය ආයතනය එයට මනාපය පළ කළේ නැත. නැවතත් එය 1986දී පෞද්ගලීකරණය කිරීම සඳහා එවකට කර්මාන්ත ඇමතිව සිටි ඩෙන්සිල් ප්‍රනාන්දු විසින් සංස්ථාවේ ඈවරකරු ලෙස අශෝක සේනානායක පත් කරන ලදී.
Deleteඉන්පසුව බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ සිටි විදේශික විශේෂඥයෝ අසූව දශකය මුල් භාගයෙන් ශ්‍රී ලංකාවෙන් බැහැර ගියහ. අනතුරුව නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සමහරක් ඉහළ නිළධාරින්ගේ පදිංචියට වෙන්විය. තවත් සමහරක් ගිවිසුම් මත විදුලි බල මණ්ඩලයේ සහ ඇල්පෙක්ස් පෞද්ගලික ආරක්ෂක සමාගමේ නිළධාරින්ට කුලි පදමක් මත ලබාදි තිබිණි. යුධ හමුදාවටද 1985දී යුධ හමුදා කඳවුරක් පිහිටුවීම සදහා කොටසක් නිල වශයෙන් මුදා හරින ලදී.
Deleteලංකාවේ පමනක් නොව ලෝක මානව සංහතිය මුහුණ දුන් බිහිසුණු කුරිරු රංගනයක යෙදුණු බටලන්ද වධකාගාරයේ ම්ලෙච්ඡ ජවනිකා ක්‍රමයෙන් අනාවරණය වන්නට විය. ඝාතකයින්ට දේශපාලනයේ අනුග්‍රහය ලැබෙද්දී එහි දුගඳ කැළණි මිටියාවත හරහා තන බිම් ඔස්සේද පැතිරිණි. ජනතාවගෙන් වසා තබන්නට වෑයම්කල රහස් සොබා දහමේ හාස්කමකින් මතු වූයේ පුදුමයක් මෙනි. ඒ බටලන්ද වධකාගාරයේ සිටි කිහිප දෙනෙක් එළියට පැන යාමෙන් පසු කල හෙළිදරව්වන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් නිසාය.
Deleteපසුකාලීනව 1994 වසරේදී බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණ බටලන්ද වධකාගාරය පිළිබදව සොයා බැලීමට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලදී. එම කොමිෂන් සභාව මගින් 1988 ජනවාරි 1වැනිදා සිට 1990 දෙසැම්බර් 31වැනිදා දක්වා රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබදව පරික්ෂණයක් සිදු කරන ලදී.
Deleteඑහි කටයුතු 1995 සැප්තැම්බර් 21 වැනිදා අධිකාර පත්‍රය අනුව ඇරඹූ අතර 1997 ඔක්තෝබර් මසදී නිමාවට පත්වී අදාල වාර්තාව ජනාධිපතිනිය වෙත 1998 මාර්තු 28වැනිදා භාර දෙන ලදී. කොමිෂන් සභාවේ රැස්වීම් කොළඹ මහාධිකරණ උසාවි අංක 2 පැවැත්වූ අතර සභාපතිත්වය දැරැවේ අභියාචනාධිකරණයේ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමය. සෙසු සාමාජිකයින් ලෙස මහාධිකරණ විනිසුරු නිමල් දිසානායකය.
කොමිෂන් සභාවට ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ මානව අයිතිවාසිකම් කමිටුවේ 1996 සභාපති ජනාධිපති නීතිඥ ආර්. අයි. ඔබේසේකර උපදේශකත්වයෙන් සහාය විය. සභාවේ ප්‍රසිද්ධ රැස්වීම් 1996 ජනවාරි 16 ආරම්භ වූ අතර දින 127ක් සභාව රැස්විය. පුද්ගලයින් 82කට සිතාසි භාරදෙනු ලදුව ඔවුහු කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියහ. අවසාන වාර්තාව පිටු 6,780ක් වූ අතර එය වෙලුම් 28කින් යුත්ත විය.
Deleteජනාධිපති පරික්ෂණ කොමිෂන් සදහා නෛතික බලය සැපයෙනුයේ 1948 අංක 17 දරණ කොමිෂන් සභා පනත මගිනි. මේ යටතේ ජනාධිපතිවරයාට විධායකයේ මුක්තිය මත කටයුතු කිරීමේ අභිමතානුසාරි බලයක් ඇත්තේය. පනතට අනුව කොමිෂන් පත්කිරීම, අහෝසි කිරීම, නියෝග පැනවිම, වාර්තාවන් ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීම, නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සදහා බලයක් ඇත. ජනාධිපති කොමිෂන් සභා ඉතිහාසයේ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව විසින් බණ්ඩාරනායක ඝාතනය පිළිබද 1963 ජුනි 18වැනිදා ස්ථාපිත කල විනිසුරු සැමුවෙල් ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුතු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක කොමිසම දක්වා දිවයයි. විනිසුරු එම්. සී සන්සෝනිගේ ප්‍රධානත්වයෙන් 1977 ජනවාර්ගික ගැටුම්කාරි තත්ත්වයන් පිළිබදව සොයා බැලීමට කොමිසමක් පත්කළේ 1977 නොවැම්බර් 9වැනිදාය.
මඩකලපුවේ කොක්කඩිචෝලේ 1991 ජුනි 21වැනිදා සිදුවූ සමූහ ඝාතන පිළිබද කොමිසමක් 2004 ජනවාරිද පත්කරන ලදී. පුද්ගල අතුරුදහන් කිරීම පිළිබදව 1991 ජනවාරි 11 වැනිදා පළමු කොමිසම ජනාධිපති ප්‍රේමදාස විසින් පිහිටුවන ලදී. එම කොමිසමේ විෂය පථයෙන් 1991ට පෙර සිදුවූ පුද්ගල අතුරුදහන්වීම් ඉහත් කොට තිබිණි. ජනාධිපති විජේතුංග විසින් පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබදව කොමිෂන් 3ක් 1993 අගෝස්තු 23වැනිදා පිහිටුවනු ලැබීය. පත්කල එවැනි කොමිෂන් සභා අතර විජය කුමාරතුංග, ඩෙන්සිල් කොබ්බෑකඩුව, ලලිත් ඇතුළත්මුදලි ඇතුළු කිහිපයක්ම විය.
Deleteබටලන්ද වධකාගාරයේ ප්‍රධාන සැකකරුවෙක් වූයේ කැළණිය කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් ලෙස කටයුතු කරමින් එයට නායකත්වය දුන් ඩග්ලස් පීරිස්ය. විභාගයෙන් අසමත්වීම හේතුවෙන් 1990 වනවිට පීරිස් සිටියේ ස්ථීර නොකල සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසය. ජේෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ විසින් 1989 නොවැම්බර් 25වැනිදා පොලිස් අධිකාරි තනතුරකට ඩග්ලස් පීරිස් උසස් කරන ලෙසට නිර්දේශ කරන ලදී. එයට හේතු ලෙස ලිපියේ දක්වා තිබුණේ ජවිපෙ දෙවනි කැරැල්ල පැවති කාලයේ එය ඉදිරියට යෑම වැලැක්වීමටත් කඩාකප්පල්කාරින් ඉවත්කොට දැමීමට වගකිවයුතු වන දේ සිදුකල යුතු බවය. ඩග්ලස් පිරිස්ට වැටුප් වර්ධක දෙකක් ලබාදෙන ලෙසට නිර්දේශය 1990 පෙබරවාරි 6වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමත විය. පත්විම 1988 ජුලි 20 වැනිදා සිට අතීතයට බලපවත්වන සේ ක්‍රියාත්මක විය. මෙම පත්වීමෙන් පොලිස් නිලධාරින් 130 දෙනෙකු ඉක්මවා ඔහු ජේෂ්ඨත්වයෙන් ඉහළ නැංගේය. පොලිස් සේවයේ එතෙක් සිදුකරන ලද දිගම දුර පැනීම එය විය.
මෙහිදී ඉවත්කොට දැමීම යනුවෙන් අදහස් කළේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමය. මෙම මනුෂ්‍ය ඝාතන හදුන්වනු ලැබුවේ 55එෆ්.එෆ් මරණ යනුවෙනි. අදාළ වචනයන්හි සාමාන්‍ය තේරුම නැතිකර දමනවා හෝ මරණයට පත්කිරීම බව ඩග්ලස් පීරිස් පිළිගත්තේය. ඉවත් කොට දැමීම යනු අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩාකප්පල්කාරින් ඝාතනය කිරීම බව එවකට සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා කොමිසමේදී පිළිගත්තේය. සිරුරු මත ටයර් දමා ගිනි තැබීම හැදින්වුයේ ටයර් සෑයවල් යන නමිනි.
Deleteඩග්ලස් පීරිස් හදිසියේම අතුරුදහන්ව කොමිසම ඉදිරියට පසුව ආවේ නැත. ඔහු තල්පාවිල විදාන කංකානම්ගේ විමලසේන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1996 ජුලි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ස්විස්ලන්තයට පැන ගියේය. කොමිසම හමුවේ සාක්කි දීමට පොලිස් පරික්ෂක පී. නිශ්ශංක කැඳවීමට ටික වේලාවකට පෙර නිශ්ශංක තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය.
කොමිසන් වාර්තාවේ ප්‍රකට ලෙසින් හෙළිවන අය අතර සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, සපුගස්කන්ද පොලිස් ස්ථානයේ කාර්යභාර්ය නිලධාරි වශයෙන් කටයුතු කල පොලිස් පරික්ෂක කිර්ති අතපත්තු, කැළණිය පොලිස් කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරියේ නලීන් දෙල්ගොඩ, කැළණියේ පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති වූ මෙරිල් ගුණරත්න, කැළණිය පොලිස් කොට්ඨාශයේ කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ කාර්යභාර නිළධාරි රංජිත් වික්‍රමසිංහද, බියගම ආසනය නියෝජනය කල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යෞවන කටයුතු සහ රැකිරක්ෂා ඇමති රනිල් වික්‍රමසිංහ විය.
Deleteනියෝජ්‍ය පොලිස්පති මෙරිල් පෙරේරාගේ සාක්ෂි අනුව රටේ පැවති තත්වය විශේෂ එකක් වූ අතර එය මැඩලීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවිය. පොලිස් කොට්ඨාශවල ප්‍රධාන පොලිස් ස්ථානයන්හි කඩාකල්පල් ක්‍රියා මර්ධන ඒකක පිහිටුවුයේ 1987දීය. නිලධාරින්ට සිවිල් ඇදුමින් සැරසී සිවිල් ලක්ෂණ දැරූ වාහන පවරාගෙන ගමන් කිරීමට බලය දෙනු ලැබීය. මෙම වාහන සමහරකට ලියාපදිංචි අංක නොතිබු අතර තිබුණේ ගරාජ් අංක පමණි. මෙම කණ්ඩායම් සෝදිසි කණ්ඩායම් ලෙස හැදින්විණි. ඒවා ප්‍රා, කොළ කොටි, කළු බළල්ලු, කහ බළල්ලු, දිවි මකුළුවා යන නම්වලින් හැදින්විණි. ඒවායේ ප්‍රධාන කාර්යය වූයේ කඩාකප්පල්කාරින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමය.
කැබිනට් අමාත්‍ය සහ එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග කොමිසම හමුවේ කියා සිටියේ ඔහු තුළ පැවති විශ්වාසයනම් කළු බළල්ලු ශ්‍රී ලංකාවේ පොලිසියේම සංවිධානයක් බවය. ඔහුගේ කැබිනට් සගයින් වන රනිල් වික්‍රමසිංහ සහ ජෝෂප් මයිකල් එම අදහසට එකඟවීම ප්‍රතික්ෂේප කලහ. ඩග්ලස් පීරිස්ගේ නිවස ඉදිරිපිටවූ ආරක්ෂක නිළධාරින් සිටි නිවසේ බිත්තිවල කළු බළල්ලු යන වචනය ලියා තිබිණි.
Deleteබටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක් රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී.
මේ මතුගම කුප්‍රකට එජාප කුලී ලියන්නකු වූ අජිත් පී. ජයසිංහ නමැති ප්‍රතිගාමී බඩගෝස්තරවාදියා නොව වෙනත් අජිත් ජයසිංහ කෙනෙකි. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(පාලන) 1990 පෙබරවාරි 13වැනිදා චක්‍රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස නියෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය කළහ.
Deleteබටලන්ද වධකාගාරයේ සැකකරුවන්ට කෘර, අමානුෂික සහ ආත්ම ගෞරවය කෙළෙසන වදදීම්වලට භාජනය කිරීම ඇතුළු වධ හිංසා දීමේ ක්‍රම ගණනාවක්ම සිදුවිය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂිකරුවන් බවට පත්වූ එහි රැඳවියන්ව සිට පලාආ සෞඛ්‍ය අමාතාංශයේ කම්කරුවෙකු වූ අර්ල් සුගී පෙරේරා, මහජන බැංකුවේ ලිපිකරුවෙකු වූ වාසල ජයසේකර, විදුලි ශිල්පියෙකු වූ මුදලිගේ බන්දුල, බෞද්ධ භික්ෂුවක වූ තිස්ස පලිපාන හිමි ඇතුළු කිහිපදෙනෙක්ද රැඳවියන්ට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය නිමල් අත්තනායකද මෙම කරුණු කොමිසම හමුවේ හෙළිදරව් කළහ.
එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්‍රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය. සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි.
Deleteරැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්‍ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්‍රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.
එම සාක්ෂිකරුවන් බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි. අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්‍ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්‍රමද ක්‍රියාත්මක විය. එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී.
ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්‍යාව 100කට අධිකය. පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.
මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්‍රේමලතාය.
ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ නිතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගොස්තු 25වැනිදා පස්වරු 4ට නුගේගොඩ ගංගොඩවිලදී පැහැරගෙන තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාසගේ තංගල්ලේ පිහිටි නිල නිවසේ තබාගත් අතර එහිදී වධ බන්ධනයට ගොඳුරු විය. ඒ පිළිබදව නැගුණු උද්ඝෝෂණය නිසා කොළඹට ගෙන ආ ඔහු 1988 සැප්තැම්බර් 1වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ බටලන්ද ක්‍රියාත්මක කරන කැළණියේ විශේෂ පොලිස් කණ්ඩායම යටතේ සපුගස්කන්ද පොලිසියේය. පසුව මරණයට පත්වූ ඔහුගේ ඝාතනය පිළිබද නඩු විභාගය 1989 දෙසැම්බර් මස ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ජුරි සභාවක් ඉදිරියේය. නඩු විභාගය අවසානයේ තීන්දුව 1991 ප්‍රකාශ කිරීමට පෙර අනපේක්ෂිත ලෙසින් තමන් ලියනාරච්චි පැහැරගෙන යාම සහ අයුතු ලෙස සිරකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව චූදිතයන් කියා සිටියේය. ඔවුන්ට නියම කරන ලද්දේ අත්හිටවූ සිර දඬුවම් පමණි. රහසිගත ස්ථනයකදී මියයන තෙක් ලියනාරච්චිට වධ හිංසා පමුණුවා ඇති බව හෙළිවිය. ඔහුට පහර දුන්නේ තංගල්ලේදිද සපුගස්කන්දේද යන ප්‍රශ්නයට උත්තර දිය හැක්කේ අදාළ සාපරාධි ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන්ට පමණක් බව බටලන්ද කොමිසමේ මතය විය.
Deleteජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්‍රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්‍රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය.
ප්‍රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය. එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසියේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.
එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන දෙල්ගොඩ කඳුබොඩ අඹ සෙවන නිවසේ පදිංචි උදයචන්ද්‍ර සහ රත්නචන්ද්‍ර යන ලියනගේ පවුලේ සහෝදරවරුන් දෙදෙනා 1989 ජුලි 7 පැහැරගෙන ගොස් බටලන්ද වධකාගාරයේ සිරකර තබාගෙන තිබිණි. ඒ පිළිබදව අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය. රත්නචන්ද්‍ර ලියනගේ මරාදමා තිබූ අතර බේරී ආ ඔහුගේ සොහොයුරා වූ උදයචන්ද්‍ර නඩු විභාගයේදි සාක්ෂි දුන්නේය. එය විභාග කල ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමආරච්චි මරණය සිදුකිරීමේ අරමුණින් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරුවූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරින් 5 දෙනෙකුට 2009 අගෝස්තු 26වැනිදා බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය.
Deleteබටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කියා සිටි කොමිසම අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපයට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය. ඉහත සදහන් බලය නොලත් රැස්වීම් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැදවීමේ ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සමඟ බේරිය නොහැකි ලෙස වෙළී පැටලී තිබෙන බව කොමිසම ප්‍රකාශ කර තිබේ.
බටලන්ද කොමිසම ප්‍රකාශ කල පරිදි සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් වික්‍රමසිංහ සහ කැළණිය කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ වෙනත් යටත් නිළධාරින් නිති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු අතර වරදට සහායවීම ගැන කිසිදු සැකයක් නැත.
Deleteබටලන්ද වධකාගාරය මුලින්ම වීඩියෝ ගත කිරීමට සහභාගි වූ එවකට ජනාධිපති ඒකකයේ මාධ්‍ය ඒකකයේ වසන්ත කුලතුංගට අනුව අදාළ විඩියෝව ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශකට භාර දී තිබේ. එහෙත් රජයේ රස පරික්ෂක බටලන්ද වධකාගාරය තිබූ භූමියට යනවිට තම කැමරාවට හසුවූ බටලන්ද වධකාගාරයේ ලේ පැල්ලම් සියල්ල මකා මඩ තවරා තිබු බව හෙතෙම කියා සිටියේය.
ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා රජයේ සංවිධානවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර තත්ත්වය කුමක් වුවත් වගකීමේ හැගීමෙන් යුත් රජයක් ඊට ප්‍රතිචාරය දිය යුත්තේ නීතියේ අධිපත්‍යයට සහ ආණ්ඩු කිරීම සිදුවිය යුත්තේ පිළිගත් වලංගු වන සම්මතයන්ට අනුකූලව බව කොමිසම අවධාරණය කර තිබිණි. මෙම කාල සීමාවේ පාලක පක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොලිසියේ කටයුතු වලට ක්‍රියාශීලිව සහභාගිවූ අතර ඇතැම් අවස්ථාවක පොලිසියේ කටයුතු මෙහෙයවූ බවට සඳහන් වාර්තාව එම කාලයේ සිදුවූ කරුණු පිළිබදව බටලන්ද සිද්ධිය එක් නිදසුනක් බවද කොමිසම කියා සිටියේය.
බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නිර්දේශ අතර මෙයද විය. “ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අපි නිර්දේශ කරමු.”
බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 1998 මාර්තු 27වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත භාරදෙන ලදී. වාර්තාව භාර දීම සදහා එදින පස්වරු 5.30ට වෙලාව ලබාදී තිබුණද ජනාධිපතිනිය පැමිණියේ පස්වරු 8.30ටය. කොමිසමේ සභාපති විනිසුරු ධර්මසිරි ජයවික්‍රම විසින් සංෂිප්ත විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
ජනාධිපතිවරුන් 6 දෙනෙක් විසින් වරින්වර ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවන්හි ලද ප්‍රගතීන් කුමක්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ එම කොමිෂන් සභා සියල්ලම ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක නොකල හුදෙක් නාමමාත්‍රික සහ නෛතික බලයක් ක්‍රියාවට නොනැගූ දේශපාලන ඇස් බැන්දුම් පමණක් වන බවය. මෙම සෑම කොමිසමකම නිර්දේශ පිළිබදව අදාළ ජනාධිපතිවරුන් විසින් නීතියේ මුලික මූලධර්මයක් වන වගකීමට බැදි සිටීම හෙවත් වගවීම පිළිබද දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්හැර දමා ඇත්තේය.
ගරු ඇනෝ තුමා අප සමග බෙදා හදා ගත් ඉහත කාරණා ගැන වැඩිදුර දන්න අය ඒ ගැන ලියනවා නම් බොහෙම වටිනවා!
Deleteසියලු දන්තයෝ කුණු නොවේය..
ReplyDeleteරනිල්ගේ තවත් පචයක් හෙළිදරව් වේ.....
ReplyDeleteItalian tyre giant distances itself from big Horana project
http://www.sundaytimes.lk/170108/news/italian-tyre-giant-distances-itself-from-big-horana-project-223365.html
ෆව් අෆ්ෆා..... රනිල් හාමු ඇදගෙන නාන නෑම දැක්කම ධුඛ හිතෙනවා, සරස තුමෝ.....
සරස තුමේ... පින්තුරය අපේකලේ ජපුරේ එක්කක්... මුලින්ම ඉන්නේ අපේ බැචෙක්... පොතට බර වුන... භාහිර දැනුම් බින්දුවේ... කමප්ස එක වහලා තිබු අන්තිම දවස වල මොලේට මැලේරියාව හැදිලා වගේ එකපාරම පෙරමුණට ආපු කෙනෙක්. සමහර අය මෙයා JVP කාරයෙක් විදිහට දකින්න බැලුවත්... JVP ගැන කිසිම කෙහ්ම් මලක් දැන්නං හිටියේ නෑ. හැබැයි පච් රණවකගේ හොඳ ලබ්බදිකයෙක් මොලෙන් නැතුව බොක්කෙන්ම... හිතන් ඉන්නේ පචයා කවදා හරි රජ වෙයි කියලා.
ReplyDeleteකොහොම වුණත ඔය කලේ ජපුර ක්‍රියාකාරී කමිටුවේ හිටපු නන්දේ , රනිල්, නෙල්සන්, බුරු ගාමිණි වගේ අද UNP පතාක යෝදයන් හැම වෙලවෙම් ට්‍රයි කොරේ... කුමන හෝ ලබ්බක් කොට පෙරා වල ඉන්න උන්ට වඩා අපි හොඳ JVP පොරවල් කියන එක මවා පන්නා.
ඒ දවස් වල සිරිකොතේ රැස්වීමකට ගියා කියලා අහිංසක කර කියා ගත නොහිකි මට්ටමේ හිටපු බැචාලා ගොන්නකට ජරා බකට දුන් මුන් අද GUNP අගුවේ ලගිනවා. ඒ ගැන නම් කියන්නත් ලැජ්ජයි.
Dr. Sarasa,
ReplyDeleteStill I see almost all the pro-UNP social media activists (popular bloggers who seems being paid for their job by pro-UNP funding organisations) hardly struggling to justify the stupid acts of current corrupted regime in Sri Lanka. However, I had to say honestly that I could not see any small reason to safeguard the current Wickramsinghe-Sirisena regime as they also taking the tracks of previous regime, even worse manner. Anyway we had to praise and thank to the Yahapalana Regime (hereafter YR) after two years that no one has been imprisoned of corruption, murder and abuse of power during the previous regime, persons who are supposed to be investigated by FCID go to FCID make complains of others, same set of corrupted ministers run the country. Even this port/harbour deal with China, I don't think any of the leaders had the need to negotiated terms in favour of Sri Lanka. If this port is such a flow, why would china buy it? it's still has not reached the break-even point and government very well knows it, but they never state that to the general public and as a result, the public is under the impression that the port is going to be a loss forever, which is not the case. Anyhow if our stupid governments are not capable of managing such assets they could have simply outsource the management to some efficient and effective SL company or management team whom are capable of doing so.
Back to the topic, two years back, the majority of social media users were rooting for Maithreepala Sirisena without expecting any financial or personal gain, now it has turned to the opposite, people who are pro-Malinda making much more louder sound and the table has turned but is it right for the YR to say all social media is bad and we control it just because people don't say what they wanna hear, it’s called hypocrisy, I can very well sense that this government today is not taking the path people wanted them to take, forget about the shitty things previous regime did, at least continue the good stuff they did like cleaning the roads and keeping the country neat and steady etc.
I’ve been fed-up with this shitty dramas such as asking us to pay our fair share of taxes while they stealing from EPF coffers to start their own media channel does not sound right isn't it? It’s so ironic that they had to use our own money to change our opinion about themselves. Every time I see the perpetual try-ad, I wonder why I still continue to pay taxes, I get that there could be imperfections but these are fundamentals they were supposed to act on as far I'm concerned the more agitated and frustrated the common public are the more they would lean towards changing the government like what happened two years back I have met with so many people who voted for the yahapalana clan now vouching to vote for Gota, if he contests for the next election. Thus if the government just like in the case of USA (Obama administration neglecting the majority white population) continue to disregard the wishes of common man there is a good change that he will come in to power and take off all the freedom that we have today. If that happens, kindly notice that it is nobody’s fault but the Yahapalana Regime’s because, when you are in power, you don't do what you are supposed to do but u waste your time doing stupid shit. Do you agree with me Dr. Sarasa aren’t you?
// AnonymousJanuary 7, 2017 at 10:26 PM //
DeleteDear Sir,
First let me thank you for your valuable comment!
Well, I feel that we Sri Lankans are being dragged in to an international conflict by our rulers. It is true that HE Mahinda Rajapakse got Chinese grants to develop the country and built Mattala airport and the Ruhunu Maagam Port. Yet he walked a fine balance on a tight rope when it comes to China and India.
Even with that sort of caution, India wa mad with MR and did everything to topple his government.
Now, current YR is doing stupid things and the worst thing they could do is to hand over the Rhunu Magam Port to Chinese.
India is mad and thy their level best to make another Arab spring here in Sri Lanka. True, the YR thinks that India could be happy when they also given KKS port and other stuff.
No way sir...!
India will have what the YR give them and still do everything under their power to make a mess in Sri Lanka,specially down south. They will try their level best to sabotage the day-to-day operations of Rhunu Magam Port.
Please do not forget that JVP high command is under the control of RAW and so is Hela Urumaya MP Mr Champaka Ranawaka. India also has access to respected Buddhist Prelates and could manipulate the thinking of majority Sri Lankans.
West is also not happy over Chinese acquisition of the Ruhunu Magam Port and would help India to sabotage Sri Lanka at all levels.
I feel very sad for my motherland Sir!
What a country is was under MR regime... with growth rate above 8%, new infrastructure coming up daily basis and clean roads and environment!
We are bound to lose all of the above and will have to face the worst!!!!!!
සාරස,
ReplyDeleteවිශේෂයෙන්ම කිව යුත්තේ 2015 දක්වා වූ යුගය තුළ ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා දේශපාලනය දැඩිලෙස මාධ්‍යකරණය යටතට පත් වී තිබුණු යුගයක් බවය. මාධ්‍යකරණයේ මෙම යුගයේදී සත්‍යය යනු මාධ්‍ය මගින් කරන ලබන ප්‍රබන්ධයක් බවට ම පත් වී තිබුණි. එකම බොරුව පුන පුනා කීමෙන් සත්‍යයක් බවට පත් කිරීමේ ගොබෙල්ස් න්‍යාය වඩාත් හොඳින් භාවිතා වූයේ මෙම කාලයේදීය. සත්‍යය යනු කුමක් ද යන්න ඇත්තෙන් ම වැදගත් වූයේ නැත. වඩා බලසම්පන්න වූයේ මාධ්‍ය විසින් පුන පුනා වාර්තා කරනු ලැබූ දෙයයි. කෙසේ නමුත් මෙම මාධ්‍ය මාෆියා යුගය අවසන් වෙමින් තිබේ. මීට වඩාත් ප්‍රබල මෙන්ම ආසන්නතම උදාහරණය ඇමෙරිකානු ජනපතිවරණයෙන් ට්‍රම්ප් ගේ ජය සිදුවූ අයුරු විග්‍රහ කර ගැනීමයි.
දැන් දැන් ජනතාව, විශේෂයෙන් වඩාත් දැන උගත් ජන කොටස් මාධ්‍ය වාර්තා වල තාර බර හැර සත්‍යය වටහා ගනිමින් සිටිති. අනෙක් අතින් බොරුව, මුලාව, ප්‍රෝඩාවම තම ජීවය කොට ගනිමින් පසුගිය අන්ත දූශිත මිනීමරු අශීලාචාර රාජපක්ෂ රෙජීමය ඒ පිහිටෙන් එලවා දමා බලයට පත්වී, එයින්ම බලය රැක ගැනීමට දත කන වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමයටද තමන්ගේ ආයුධ බැක්ෆයර් වෙමින් සිය විනාශයේ අවසන් හංස ගීතය ගැයීමට සිදුවී තිබේ. කෙසේ නමුත් අපට කීමට ඇත්තේ අසාර්ථක ඉහත රෙජීම දෙකටම වඩා යහපත් පාලනයක් මීළඟට උදාකර ගැනීමට අප කැපවිය යුතු බවය. මේ ගැන ඔබගෙන් වඩාත් විස්තරාත්මක සංවාදශීලී පෝස්ටුවක් බලාපොරොත්තු වෙමු.
//අන්ත දූෂිත යහපාලන රෙජීමයටද තමන්ගේ ආයුධ බැක්ෆයර් වෙමින් සිය විනාශයේ අවසන් හංස ගීතය ගැයීමට සිදුවී තිබේ. කෙසේ නමුත් අපට කීමට ඇත්තේ අසාර්ථක ඉහත රෙජීම දෙකටම වඩා යහපත් පාලනයක් මීළඟට උදාකර ගැනීමට අප කැපවිය යුතු බවය. මේ ගැන ඔබගෙන් වඩාත් විස්තරාත්මක සංවාදශීලී පෝස්ටුවක් බලාපොරොත්තු වෙමු. //
Delete+++++++++++++++
සාරස,
ReplyDeleteජවිපෙ නිර්මාතෘ විජේවීරයි දැන් දියවන්නාවේ ඉන්න උනුයි අතර කිසිම වෙනසක් නෑ. වෙනසක් උනානම් උනේ විජේවීරට හම්බ කරන්න අවස්ථාව නොලැබීම පමණයි.
ඔහු දේශපාලනයට ආවෙත් ඔහුට කෙල උන නිසා, හරි වැරදි කෙසේ වෙතත් පක්ෂයේ රීති වෙනස් කර ඔහු හිතවතෙකුගේ (ශාන්ත?) සහෝදරියට ලව් කරන්න. එතනින් පක්ෂේ මුල් බෙදීමක් උනා.
71 කැරැල්ල නැතිව ඔහුට චන්දෙන් එන්න පුළුවන් කම තිබ්බා පාර්ලීමේන්තුවට ටික කලක් උත්සාහ කලා නම්, නමුත් ඔහුට ඕනේ උනේ කියුබන් පන්නේ කැරැල්ලක් හරහා ඉක්මණින් රටේ බලය අලාගෙන ඒකාධිපති පාලන තන්ත්‍රයක් ගොඩනගන්න. 1971 අවාසනාවන්ත ලෙස කලින් දවසේ පටන් ගත්ත එකෙන් ආණ්ඩුව සුදානම් විමෙන් කැරැල්ල අසාර්ථක වෙන බව දැන දැනත් ඔහු එය නැවැත්තුවේ නැ.
තනිකර අසාර්ථක Plan B එකක් තිබ්බේ 71 දී, අඩුම ගානේ ලංකාවේ වනාන්තර කියන්නේ කොහොම ඒවාද කියල හිතුවනම්.
විජේවීරගේ උද්දච්ච කම හා හිනමානයේ අවසානයේ උනේ බිම්මට්ටමේ හිටපු අවන්කවම විප්ලවයට (රැවටුන) කැපුවුණ තරුණ පරම්පරාවක්, ගමනායක වගේ දක්ශයො ටිකක් බිලි දුන්න එක විතරයි.
හැබැයි අන්තිමේ අවුරුදු 20 ට පස්සේ එක දෙයක් ඔප්පු උනා, දැන් ජෙප්පෝ, විමල්ල, විජේසේකරලා, ගුණරත්නම්ල, ජාගොඩල විතරක් නෙවේ අනිත් උනුත්, සාමාන්‍ය සාමාජිකයන්ව ඉඳල එක්කො පාවාදීම් කරල හරි හමුදා නිලධාරීන්ගෙ අනුකම්පාවෙන් බේරිලා දැනට එජාපය/ විපක්ෂය වෙනුවෙන් හිරිකිත ලෙස කුලියට ලියන ලේඛකයන්/ එන්ජීඕ සාමාජිකයනුත් දිහා බැලුවම, බොහොම පැහැදිලිව පේනව 1989 සංහාරයෙන් පස්සෙ ඉතුරු උනේ කිසි වැදගැම්මකට නැති රොඩුබොඩු ටිකක් විතරයි කියල.
ඉහත කමෙන්ටුවක ඉන්ද්‍රානන්ද ද සිල්වා ගැන ලියා තිබුණු නිසා යමක් ලිවීමට සිත් විය. රෝහණ විජේවීර සිය නායකයා ලෙස සළකන ජාතික මට්ටමේ දේශපාලන ප්‍රවණතා තුනක් මෙරට පවතී.
ReplyDeleteඅප දුටු පරිදි මෙම ප්‍රවණතා තුනම ලිබියානු කැරලිකරුවන් විසින් අත් අඩංඟුවට ගැනීමෙන් පසු හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාපි මරා දැමීම දුටුවේ මානව හිමිකම් කෙළෙසීමක් ලෙස ය. මෙම ප්‍රණතාවන්ගෙන් සමහරක් ලිබියානු නායකයා ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හැදින් වූහ. ඊට හේතුව වශයෙන් දක්වන ලද්දේ අත් අඩංගුවට ගැනීමෙන් පසු කුමණ අපරාධයක් සම්බන්ධයෙන්
චෝදනා ලැබ තිබුණ ද ඕනෑම අයෙකුට අධිකරණය හමුවේ සිය නිර්දෝශීත්වය පෙන්වීමට අවස්ථාවක් තිබිය යුතුය යන අයිතිය යි.
නමුත් ලාංකීය දේශපාලනයේදී මෙම ප්‍රවණතා තුනම විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට දැරෙන උත්සාහය හැරුණ විට එම ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂනයක් ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම විජේවිරගේ දේශපාලනය විසින් ඝාතනයට ලක් වූ සිය හෝ දහස් ගණනාවක් වන විපාක්ෂික දේශපාලන ක්‍රියාධරයින් ගැන කතා කරන්නේ ද නැත.
විජේවීරගේ මරණය සිදු වූයේ 1990 නොවැම්බර් 13 දින දින අළුයම ය. නිරායුධව අත් අඩංගුවට පත් වූ ඔහු පසුව ඝාතනය කරන ලද බවට පොදු පිළිගැනීමක් මේ තාක් පැවැති නමුත් විජේවීරගේ මරණයට වගකිව යුතු හමුදා නිලධාරීන් කව්රුන්දැයි ඇසින් දුටු සාක්ෂිකරුවකු විසින් දිවයින පුවත් පතට හෙළිකරන ලද්දේ එකවට යුද හමුදා පොලීසියේ ලාන්ස් කෝප්රල්වරයකු වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා විසිනි. ඔහු පසුව උතුරු මැද පළාත් සභාවෙහි ජවිපෙ නියෝජනය කර අනතුරුව පෙරටුගාමීන් හා එක්විය. ඔහු විසින් විජේවීර ඝාතනය පිළිබඳව ඉතාමත් විස්තරාත්මකව එම ඝාතනය හෙළිදරව් කර ඇති බැවින් එම ප්‍රකාශයෙන් කොටස් කිහිපයක් උපුටා දැක්වීම වටී.
Delete‛‛මූලස්ථානයේ දෙවන තට්ටුවේ සම්මන්ත්‍රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක් විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්කා. එයාලා එක් සිවිල් පුද්ගලයෙක්ගෙන් (එනම් විජේවීරගෙන්) ප්‍රශ්න කරන ආකාරය මම දැක්කා.
‛‛ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය බව මට මතකයි. ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.
‛‛පස්සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ. ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. අපි යන්න කලින් ගොල්ෆ් පිට්ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ.
Delete‛‛යකෝ ඕකව උස්සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක් නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා’’
මෙම විස්තරය මේජර් ජෙනරල් සරත් මුණසිංහ විසින් ලියන ලද ‛‛අ සෝල්ජර්ස් වර්ෂන්’’ කෘතියේ එන විජේවීරගේ මරණය පිළිබද විස්තරය සමඟ සැසදේ. ස්ථානය, දිනය, වේලාව, පුද්ගලයින් යන සාධක කතා දෙකෙහි ම සමාන ය. ජෙනරල් සරත් මුණසිංහ විජේවීරගේ ඇස් බැඳ පැජරෝවක නංවාගෙන ගිය බව කියා කතාව නතර කරයි.
විජේවීරගෙන් ප්‍රශ්ණ කළේ තමා බව ප්‍රකාශ කරන ජේනරල් මුණසිංහ අමාත්‍ය රංජන් විජේරත්න ද ප්‍රශ්ණ කිහිපයක් අසන ලද බවත් සිය පොතෙහි සදහන් කරයි. නමින් සදහන් නොකර ද ඔහු එම අවස්ථාවෙහි පොලිස් අධිකාරී උඩුගම්පල ද එහි සිටි බව අඟවයි.
මෙම ඇසින් දුටු සාක්ෂිය කරුණු ගණනාවක් අනාවරණය කරයි.
Delete1. විජේවීර ඝාතන තීරණය ගෙන ඇත්තේ ඔහු අත් අඩංඟුවට ගත් මේජර් ජානක පෙරේරා විසින් නොව එවකට හමුදාපති වූ සිසිල් වෛද්‍යරත්න, මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු පිරිසකි.
2. ඔහුට වෙඩි තැබීමට පෙර වධහිංසා පමුණුවා තිබුණි.
3. ඔහු ආදාහනාගාරයට දමන ලද්දේ ප්‍රාණය නිරුද්ධවීමට පෙර ය.
4. මේජර් ජෙනරල් සරත් මුණසිංහ යම් යම් නිලධාරීන්ගේ නම් සදහන්
කිරීමෙන් වළකින පරිද්දෙන්ම ලාන්ස් කොපරල් ඉන්ද්‍රානන්ද ද සිල්වා ද
විජේවීරට වධ දී වෙඩි තබා පණ පිටින් ආදාහනාගාරයට දැමීමට වගකිව යුතු
ඉහළ නිලධාරියාගේ නම සදහන් කරන්නේ නැත.
විජේවීර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටි එකම දේශපාලනඥයා එවකට නව සමසමාජ පක්ෂයේ නායකයා වූ වාසුදේව නානායක්කාරය. ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි කවර නායකයකු හෝ එදා මෙදා තුර විජේවීර ඝාතනය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරනසේ කිසිදු ඉල්ලීමක් කර නැත.
විජේවීර ඝාතනය කිරීමෙන් පසු දින එනම් 1989 නොවැම්බර් 14වන දින පුවත්පත් සාකච්ජාවක් කැදවූ එවකට ආරක්ෂ අමාත්‍ය වූ රංජන් විජේරත්න කියා සිටියේ ජවිපෙ තොරතුරු ලබා ගැනීමට යම් ස්ථානයකට විජේවීර සහ එහි තවත් නායකයකු වූ එච්.බී. හේරත් රැගෙන යන ලද අවස්ථාවෙහි පිස්තෝලයක් ඇඳගත් හේරත් විජේවීරට වෙඩි තබා ඝාතනය කරන ලද බව යි. (අද දක්වාම නිරායුද මිනිසුන් මරා දමා රාජ්‍ය යන්ත්‍රය කියන කතාව මෙහි විවිධ අනුවර්ථනයන් ය).
Deleteනමුත් ඉහත කී ලිපියේ ම ඉන්ද්‍රානන්ද ද සිල්වා කියන්නේ එදින රැයෙහි ම තමා හේරත්ගේ ජයාරුපයක් ගැනීමට ගිය බවත් දරුණු ලෙස වධහිංසා පමුූනුවා තිබූ ඔහුගේ අත් එසවීමට පවා හැකි තත්ත්වයක් නොතිබූ බව ය.
''ඒ අතරේ එතැනට ආපු තවත් නිලධාරියෙක් හමුදාපතිවරයාට විශේෂ දුරකථන ඇමතුමක් ජනාධිපතිවරයාගෙන් තිබෙන බව කිව්වා. ඔහු ගියා ඒක ගන්න.......
ඒ අතරතුර කර්නල් මුතාලිෆ් මට තවත් රාජකාරියක් පැවරුවා..... පහළ කාමරයක ඉන්නවා එච්. බී. හේරත්. ඔහුගේත් ඡායාරූප ගන්න ඕන කියලා මට නියෝග කළා. මම එතැනට යනවිට ඔහු ඡායාරූප ගන්න පුළුවන් මට්‌ටමක හිටියේ නැහැ. හොඳටම වදදීපු මස් වැදැල්ලක් වෙලා. මම ඔහුව බිත්තියට හේත්තු කරල අත ගන්නකොට නැවත කඩා හැලුණා. අමාරුවෙන් ඔහුගේත් ෆොටෝ දෙක තුනක් ගත්ත මම ඉතා ඉක්‌මනට උඩට ගියා. උඩ මොනවද වෙන්නේ කියලා බලන්න........
හමුදාපති ජෙනරාල් සිසිස්ල් වෛද්‍යරත්න හා ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ටික වේලාවක් පැවතුණා. .....
ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය බව මට මතකයි....
ඉහළ නිලධාරීන් පස්‌දෙනා හා හමුදාපති අතර සාකච්ඡාව විනාඩි 10 කින් අවසන් වුණා. එළියට ආපු ඔවුන් පැජරෝ රථ දෙකක් ලෑස්‌තිකරන්න කියා අණ කළා. නායක සහෝදරයාව පහළ පෝටිකෝව යටට ගේන්න කියලත් කිව්වා...
ඒත් නායක සහෝදරයා මරාදමාවි කියල අපට එවෙලේ නිකමට වත් හිතුණේ නැහැ. මොකද ඊට පෙර එතැන පැවැති සාකච්ඡාව සාමාන්‍යයෙන් මරා දමන්නෙක් සමග කරන සාකච්ඡාවක් නොවෙයි.''
1971 දීත් 1988 – 1990 අතර තුර සන්නද්ධ බලයෙන් රාජ්‍ය අත්පත් කර ගැනීමට සිංහල විප්ලවවාදීන් දැරූ ප්‍රයත්න පරාජය විය. 1981 සිට 2009 දක්වා සන්නද්ධ
බලයෙන් වෙනම රාජ්‍යක් පිහිටුවා ගැනීමට දෙමළ විප්ලවාවදින් දැරූ ප්‍රයත්න ද එලෙසම පරාජය විය. (විප්ලවාවාදී යන වචනය මෙහිදී භාවිත කැරෙන්නේ සන්නද්ධ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යන අර්ථයෙනි). මෙම ප්‍රයත්න වෙනුවෙන් සිංහල සහ දෙමළ තරුණ පිරිස් සිරගත කරනු ලැබීමේ සිට වධහිංසාවන්ට ලක්වීම හරහා මරණය දක්වා ඇති තරම් වන්දි ගෙවූහ. මෙම සන්නද්ධ අරගලයන් පරාජය කිරීමේ දී ශ්‍රී ලංකා රාජ්‍ය යන්ත්‍රය පිළිගත් නීතියේ සීමාවන් අතිශය දරුණු ලෙස ඉක්මවා ගිය බව රහසක් නොවේ.
කතරගම රූ රුජින වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සහ ඇඹිළිපිටිය සමූහ ඝාතනය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් හැර අඩුම වශයෙන් රාජ්‍ය හමුදාවන්හි පමණ ඉක්මවා යෑම් ගැන කිසිදු පුළුල් සාකච්ජාවක් හෝ ශ්‍රී ලංකාවෙහි ඇති වී නැත. එහි විපාක අද දක්වාම අපි භුක්ති විදිමු. බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක් කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිබෙන්නේ එනිසා ය.
"...බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක් කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිබෙන්නේ එනිසා ය...."
Deleteඔබ මතු කරන්නේ මෙම ප්‍රශ්නයේ එක පැත්තක් පමණයි. මෙම සිංහල හා දෙමළ ත්‍රස්තවාදීන්ගේ (ඔබට අනුව විප්ලවවාදීන්ගේ) අතිශය ක්‍රැර ප්‍රචණ්ඩත්වයට ලක්වූ සාමාන්‍ය ජනතාවගේ ස්ථාවරය සෙමෙන් සමෙන් "කොහොමහරි, හොඳින් හෝ නරකින් මේක ඉවර කල යුතුයි!" කියන ස්ථාවරය වෙත පැමිණියා. මෙමෙ හේතුව නිසා අතිශය අසාධ්රනයි පෙනෙන ප්‍රේමවතී මනම්පේරි, ඇඹිලිපිටියේ සිසු සමුල ඝාතනය වැනි සිද්ධීන් හැරුනුකොට, විජේවීරගේ, ප්‍රබකර්න්ගේ හා පවුලේ අයගේ ඝාතනයන් සාමාන්‍ය ජනතාවව නිහඬව අනුමත කරනවා.
සිංහල ත්‍රසතවාදීන් විසින් හමුදා සෙබළුන්ගේ මව්-පියන් ඝාතනය කිරීම, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම, එම මල සිරුරු වලට පවා අගෞරව කිරීම, සාමාන්‍ය ජන ජීවිතය දැඩිලෙස අවුල් කිරීමට කටයුතු කිරීම, සාමාන්‍ය ජනතාවට ඔවුන්ව එපාවීමට හේතුවුනා. එසේම දෙමළ ත්‍රසතවාදීන් විසින් සාමාන්‍ය ජනතාව, විශේෂයෙන් බාල වයස්කාර දරුවන් බලනේ යුද්දෙට ගෙනගොස් ඝාතනය කරවීම, සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස යොදාගැනීම, මේ අතර සංවිධානයේ ඉහල නායකයන් හා ඔවුන්ගේ පවුල් ආරක්ෂා සහිතව විසීම නිසා ඔවුන්ද දැඩිලෙස අප්‍රසාදයට ලක්වුනා!
Delete"...බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක් කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිබෙන්නේ එනිසා ය...."
ReplyDeleteඔබ මතු කරන්නේ මෙම ප්‍රශ්නයේ එක පැත්තක් පමණයි. මෙම සිංහල හා දෙමළ ත්‍රස්තවාදීන්ගේ (ඔබට අනුව විප්ලවවාදීන්ගේ) අතිශය ක්‍රැර ප්‍රචණ්ඩත්වයට ලක්වූ සාමාන්‍ය ජනතාවගේ ස්ථාවරය සෙමෙන් සමෙන් "කොහොමහරි, හොඳින් හෝ නරකින් මේක ඉවර කල යුතුයි!" කියන ස්ථාවරය වෙත පැමිණියා. මෙමෙ හේතුව නිසා අතිශය අසාධ්රනයි පෙනෙන ප්‍රේමවතී මනම්පේරි, ඇඹිලිපිටියේ සිසු සමුල ඝාතනය වැනි සිද්ධීන් හැරුනුකොට, විජේවීරගේ, ප්‍රබකර්න්ගේ හා පවුලේ අයගේ ඝාතනයන් සාමාන්‍ය ජනතාවව නිහඬව අනුමත කරනවා.