Sunday, July 30, 2017

නිදහසට කාරනා උවමනාකර තිබේ!



නොට් සෝ ඔනරබල් අමාත්‍ය රවී කරුණානායක මහතා කුප්‍රකට භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවේදී අර්ජුර්න් ඇලෝසියස් ගෙන් කප්පම් වශයෙන් කොලඹ මොනාර්ක් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකෙන් පෙන්ත්හවුස් වර්ගයේ නිවාසයක් ලබාගත් බවද එහි මදිපාඩුව කොටි සන්විදානයේ යුරෝපා නායක එමිල් කාන්තන් ගේ ඤාතී ශ්‍රී කාන්තන් විසින් මෙරටට ගෙනා රුපියල් මිලියන 150 ක කලු සල්ලි වලින් පියවූ බවද සාක්ශි සහිතව හෙලි වූයේ සොරිසේන නම් ගුනමකු චක්කිලියා විසින් අටන්නට යෙදුනු කොමිසමක දීය.

 එහෙත්, එම බැඳුම්කර සිද්දිය වන විට මුදල් ඇමති රවී කරුණානයක වුවද, මහ බැන්කුව පැවතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ යටතේ බව ලබන බදාදා රවී තුමා විසින් කොමිසමට පැවසීමට නියමිත අතර, හොරකම සිද්ද කරණ ලද්දේ රවී කරුණානායකද වෙනෙත් බලගතු පුද්ගලයෙකුද යන්න එදාට හෙලි වීමට නියමිතය.

මෙවන් සංවේගජන්ක අවස්තාවක දී යහපාලනේ නම් කම්බා හොර රෙජීමයට චන්දය දුන් 62ලක්ශයක් පමණ වූ මොලයක් නැති බත් කන හරක් නැවත රැවටීමට අවශ්‍ය නිදහසට කරුණු සිරිකොත වාසී ඩිජිටල් සමාජ ජාලා අවකාශයේ Flower5 (Flower5 = මල පහ (c) සරස තුමා 2017 ) වපුරන කස්ටිය ගේ පාවිච්චිය සඳහා අවශ්‍ය වී තිබේ.

තෝරාගත් නිදහට කාරනා සඳහා හොඳ මුදලක් ගෙවන අතර චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාදිපති කාලේ ලාභ ලබමින් පවත්වාගෙන ගිය රාජ්‍ය ඉස්කාගාර සන්ස්තාව සහ ශ්‍රී ලන්කා රක්ශන සන්ස්තාව නොමිලේම තම දේසපාලන හෙන්චයියන්ට පවරාදී, රුපියල් බිලියන ගනනකට විකුණුවා වැනි නිර්මානාත්මක වැකි සඳහා විශේශ අවදානය යොමු කෙරේ!


අමතන්න, සිරිකොත බාරේ, කොස්තාපල් පුඤ්ඤසෝම.

 

Thursday, July 27, 2017

යහපාලනේ යහ ක්‍රියාවක් ලෙස කුඩුකාර තගාලා ලවා වර්ජකයන් ට පහරදීම සහ ටිප් ටොප් සිල්වා ලා

පෙට්‍රෝලියම් සේවක වැඩ වර්ජනයට රජන මුහුනදුන් ආකාරය ගැන යහපාලනේ හදන්න කඩේ ගිය චක්කිලින් ව්‍යග්‍රා ගහපු ව්‍යාග්‍රයෝ මෙන් සමාජ ජාලා වල වසුරු වපුරුවති.

ආන්ඩුව වැඩ පටන් ගත්තේ දැන් ය... ආන්ඩුවත් තිබෙන බව පේන්නේ දැන් ය රට බේරාගත් ජනාදිපතියාට අපගේ අහවල් එකය ආදී වශයෙන් යහපාලන චක්කිලි කොලොන්නාවේ කුඩු ගහන තගාලා දමා  වර්ජකයන් ට පහරදීම ගැන තම ප්‍රහර්ශය පලකරති. පෙට්‍රෝලියම් සේවකයෝ වර්ජනය කලේ අත්‍යාවශ්ය සේවා වලට යටත් වන ඉන්දන ටැන්කි ශ්‍රී ලන්කා රාජ්‍ය යටතේ තබාගැනීමට බව එම චක්කිලින් ට තේරෙන්නේ නැත.


 එක අතකට බලන විට බැඳුම්කර වන්චාව, කිරි ගවයන් වන්චාව, මත්තල ගුවන් තොටුපලේ ගබඩා කල වී එතනෝල් හදන්න විකුනා කල වන්චාව, රාජගිරියේ ගුවන් පාලම් කොමිස් වන්චාව, ඉන්දියන් ඇම්බියුලන්ස් කොමිස් වන්චාව, කොලඹ නුවර අදිවේගී මාර්ග කොමිස් වන්චාව ආදී වන්චාවල් පමනක් කරමින් හිටි ආන්ඩුව කුඩුකාර තග් කොල්ලන් පාරට බැස්සීම යමක් කලා යන කැටිගරියට එක් කල හැකි ක්‍රියාවකි.


ඒ අතර රාජ්‍ය කෘශි පර්යේශන ආයතනයක් වන මහඉලුප්පල්ලම කෘශි මධ්යස්තානය බන්ගලිදේසෙට වසර 150කට බදු දෙනවා කියන්නේ බොරුවට බව අපට විස්වාසය.

මහින්ද මහත්තයා වන්චා කලා කියා තග් ක්‍රියාවෙන් නැවත පන ලැබූ ඉඩියට්ටන් කියන්නේ වැලිසර ලක්ස්ප්‍රේ කර්මාන්තශාල කුණු කොල්ලෙට රජයෙන් ලබාගත්තු, විශාල ලාභ ලබන රාජ්‍ය ඉස්කාගාර සන්ස්තාව තුට්ටු දෙකට ලබා ගත්තු, මීමැස්සා ශ්‍රී ලන්කා රක්ශන සන්ස්තාව මුදල් නොගෙවාම රජයෙන් ඩැහැගත්තු හැටි ගැන හාන්කවිසියක් නොදොඩාම වීමත් සිනාවට කාරණයකි.

සමාජ ජාලා වල පොරක් වන තමන් නැත්නම් මේ රජය බලවත් අපහසුතාවයකට පත් වන බව එක්තරා පුද්ගලයෙකු පවසයි. එහි සත්‍ය අසත්‍යතාව සෙවීමට අප පාඨකයන් ට බාර කරමු.
ඒ අතරම මේ රටේ ආන්ඩු බලයට පත් වන අය තෝරන්නේ තමන් යැ‍යි ගොසා කරමින් සිටි ටිප් ටොප් සිල්වා ලා අපට අමතක නැති බවද කීමට කැමැත්තෙමු!

 රටට කෙලවිලා තියෙන්නේ විනයක් නැති නිසා යැ‍යි සම හරක් උම්බෑ කියන්නේ කුඩා කල විනය තකමින් පාසැළෙන් කැලේ පැන ජෙප්පන් ගේ පෝස්ටර් අලවමින්, බස් ගිනිතබමින් ට්‍රාන්ස්ෆෝමර් වල තෙල් බස්සමින්,  ජූ එන් පී කාරයන් ට ගල් කටස් ගස්සමින් සිදු කල ටාසන් ද අපේ මෑන් ක්‍රියා අමතක වෙලා බව අපට සහතිකය!!



Wednesday, July 26, 2017

RIP යහපාලනේ







චායාරූප ශෙහාන් ගුණසේකර





පොලිසිය බලා සිටිත්දී ම වර්ජකයන් ට පහරදීමට තගා ලා මෙහෙයවූ යහපාලනේ සැපද? 

වී අන්ගොඩ, පිරිමි මිසී, මැරිච්චි සෝබිත, අලුත් පරපුර, දබර අමිල, හරක් විජේසූරිය.... ඔහෙලා පැතූ සමාජය අන්න ආප්පසේන බිහි කොරලා හිටන්! 

RIP යහපාලනේ!!!







Sunday, July 23, 2017

සමාජ ජාලා පොල් පැලේ දෙසට හැරෙනා අගමැති ගවයා!

සමාජ ජාලා වල වසුරු වපුරවමින්, ෆේක් නිවුස් මවමින්, මොල සෝදමින්, තරුණ තරුණියන් මුලා කර බලයට ආ යහපාලනේ පොශ් සහ කරුණු කාරණා දන්නවා යැයි කියනා රනිල් වික්‍රමසින්හ අගමැති තුමා පොල් පැලේ දෙසට ඇදෙමින් සිටී.

28 වැනි ලෝ ඒසියා සමුලුවේ මුල් දෙසුම පවත්වමින් රනිල් තුමා අපට මතක් කලේ ෆේස් බූක් සහ අනෙකුත් සමාජ ජාලා පාලනයට කල් වෙලා පැමින ඇ
ත්දැයි එතුමාට පවසන ලෙස ය.


ලොක්කා ප්‍රශ්නේ අහුවේය. දැන් ඉතින් වසුරු වපුරන ෆේස් බුක් සහ සමාජ ජාලා පොරවල් අගමැතිතුමා ඇත්තක් නේද කියන්නේ මෙයා කියමින් අපට පොර ටෝක් දෙන්න එන කාලය වැඩි ඈතක නොවේ.
 සිරිකොත ලයින් එක අදිනා සමාජ ක්‍රියාකාරී පුද්ගලයන් ට ( ඒ කියන්නේ හරීන් ගෙන් දවසකට රුපියල් එක්දාස් හයසීයක් පඩි කන්නන් ට  ) උපදෙස් දෙමින්, ඔවුන් ව මෙහෙයවමින් අන්තර්ජාලයේ පොරවල් සේ හැසිරෙන බොරු ඉන්ජිනේරු බොරු මහාචාර්ය නීතිඥයා,  ඉන්දියා  ඉන්ජිනේරු   සහ ඉන්ජිනේරුත් නොවන, නීතිඥත් නොවනා හන්දියේ පුස් ඇටයා තුමා අගමැති තුමා ගේ මේ ප්‍රකාශය ගැන විද්වත් කතිකාවක් පවත්වනු ඇත. 

නුදුරු අනාගතයේදීම සෝ කෝල්ඩ් සිරිකොතවාසී ඩිජිටල් වැසියෝ ඉහත කී සමාජ ජාලා තුන් බෑ ජටිලයන් ගේ මෙහෙයවීම මත සමාජ ජාලා වල අගුණ දකිනු ඇත. සමාජ ජාලා පාලනයට නීති ගෙන ඒමේ වැදගත්කම අපට කියා දෙනු ඇත.

පාර්ලිමේන්තුව වසා වසා දමා සියලු නීති රීති තමන්ගේ තනි කැමැත්තට පැනවීමේ බලය (
The Enabling Act (German: Ermächtigungsgesetz)) ලබාගැණීමට හිට්ලර් තුමා අනුමැතිය ගත්තේ පාර්ලිමේන්තුවෙන් ම බව කරුණාවෙන් මතක් කර දෙන්නේ ඔබට කවදත් හිතැති සරස තුමා ය.

Thursday, July 20, 2017

වැඩබැරි ආන්ඩුව කොපිකැට් කිරීම සහ තවත් කතා

 Meme credit: No-PMC

කිසිම වැඩක් කිරීමට අසමත් වැඩබැරි ආන්ඩුව නොදන්න දේවල් කොපිකැට් කිරීමට ගොහින් ඊයේ  වරිගෙ නහගත්තේය. වෛද්‍ය ශිශ්‍ය නායකයෙකු වන රයන් ජයලත් මහතා ව උස්සන්නට සුදු වෑන් එකක  PRRA කාදරයන් කීපදෙනෙකු එවන්නට ආන්ඩුව කටයුතු කර තිබුනි. ආන්ඩුව සේම වැඩබැරි පොලිස් කෝලම විසින් සුදු වෑන් කේස් එක අලකරගෙන නාගත්තේය. සියලු කාඩරයන් ගේ පින්තූර රූපවාහිනී මාද්‍යයේ පල විය. 

මාද්‍ය හමුවට පැමිනි ආන්ඩුවේ නොවනා දේශපාලකයන් ට ලකුණු ලබා දෙමින් කොපි කැට් සුදු වෑන් සන්නිය නිමා විය.

මේ සිද්දියට දිනකට පෙර රිශාඩ් බදියුද්දීන් ඇමති යටතේ පවතින ස තො ස ආයතනය කොකේන් තොගයක් ආනයනය කරද්දී එහි සීනි කිලෝ 160 පමන තිබී අසුවිය. මහින්ද මහත්තයාගේ කාලේ මේවා වුනානම් රූපවාහිනී දෙදරවා වොයිස් කට් දෙන ඇන් ජී ඕ සිසිල් සමාජ හිවල් හාදයෝ තාම ඒ ගැන නිහඬය.

නෙවිල් හතර රියන් සයිටම් කිරිහරකා ගේ පස්ස පැත්ත තියාගෙන තිබියදී දෙරියන් රාජිත විසින් එලදෙන ගේ හිස පැත්ත බාර ගත්තේද ගිය සතියේ ය.



 ආප්පයා අපායට පර්මනන්ට් රෙසිඩන්ට් වීසා ලබා එහි  යන්නට සුවාසේ අදිමින් ඉන්නා අතර මහින්ද මහත්තයා කෝචොක් එකක් ලෙස එතුමා ගේ ව්‍යායාම පින්තූරයක් මාද්‍යයට නිකුත් කර තිබුනි. ආප්පයෝ, මේ ව්‍යන්ගාර්තයෙන් දක්වන්නේ උඹ පැරදුනාම වවුලෙකු ලෙස කකුල් වලින් එල්ලන බව ය! දැන්ම කරනා පින්කමක් කරගනින් හිටන්.

Tuesday, July 18, 2017

තුන් බෑ ජටිල කතා වස්තුව




නෝනාවරුනි, මහත්වරුනි, අයියේ අක්කේ, නන්ගියේ මල්ලියේ, සරස තුමා අද ඔබ අමතා කතා කරන්නේ හෙල සමාජ ජාලා භාවිතයේ හැසිරවීම සහ අධිපතිවාදය අරමුණු කරගත් පඟර නැට්ටන් තුන් දෙනෙකු ගැනයි.

මේ තුන් දෙනාම ශ්‍රී ලාන්කික විසිල් සමාජයේ පතාක යෝදයන් ය. අන්තර්ජාල, විදුලි සන්දේශ සහ නැගී එන තාක්ශනය පිලිබඳ ඔස්තාද් ලා ය.

මේ තුන්කට්ටුවේ නායකයා ශ්‍රී ලාන්කීය විශ්ව විද්යාලයක විද්‍යා පීටයක ඉගෙන උපාදිය සම්පූර්ණ කිරීමට පෙර ටිකට් කපා ගත්, පසුව නීති විද්යාලයෙන් සමත් ව මුල් උපාදිය නැතිව පශ්චාත් උපාදි ලබාගත් හාදයෙකි. මොරටුව විශ්වවිද්යාලේ සම්මානිත මහාචාර්‍ය වරයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. මොරා හී නී
තිය උගන්නවාදැයි සරස තුමා නොදනී!! 

විදේසයක සිට රැකියාවක් හොයාගෙන මන්ගල සමරවීර හරහා ලන්කාවට පැමිනි මේ හාදයා හැම ආන්ඩුවකම කකුලක් තියා ගෙන සිටිනා ශ්‍රී ලන්කා සිවිල් සමාජ පොරකි.

නව තාක්ශනයේ ආදි කතෘ ලෙස පෙනී සිටිනා අනෙක් හාදයා පරිගනකය කියා එකක් තියෙනවාය ඒක ෆුල් මාවලස් ය ආදී වශයෙන් ඉන්ග්‍රීසි සඟරා වල පල වූ තාක්ශන කතා සින්හල පත්තර වලට පරිවර්තනය කර සමාජයේ පොරක් වූවෙකි. උසස් පෙල ලයිට් කණු හතර නිසා විශ්ව විද්‍යාල අද්‍යාපනය නොලැබුවද, පරිගණක විද්යා තාක්ශණය පිලිබඳ උපාදිදාරී ඉන්ජිනේරුවන්ටත් තාක්ශනය කියමින් විද්‍යා ප්‍රබන්ද කියා දෙන උපදේශන මන්ඩල වල කරක් ගසමින් නැති දැනුම බෙදා දෙන්නෙකි. හන්දියක් හන්දියක් ගානේ "ගරු සරු නැති සමාජයක්" බිහි කරනා ආකාරය ගැන කියා දෙන්නෙකි. 

තුන්වැන්නා ද අනෙක් දෙදෙනාට ම ගැලපෙන ඉන්දියාවෙ ඉන්ජිනේරු උපාදිය ලැබුවෙකි. සයිටම් දොස්තරලා ට ඉස්පිරිතාල නොලැබෙන්නා සේ ඉන්දියානු ඉන්ජිනේරුවන්ටත් ජොබ් නැ
ති ලන්කාවේ ඇන් ජී ඕ වල පිහිනමින් ගානක් කපා ගන්නෙකි.

තමන් හට නැති ගරු සම්මාන අනෙකුන් හටත් නැති කිරීමට දිවුරා ශපත කරගෙන සිටිනා මේ තුන් බෑ ජටිලයෝ, තමන් හට පිලිගත් අද්‍යාපනයක් නැති නිසාම පිලිගත් අද්‍යාපනයක් නොලද්දන් තමන් ගේ ගෝලයන් ලෙස බඳවාගෙන සින්හල සමාජ ජාලා හසුරවති. රාජපක්ශ භීතිකාවෙන් පෙලනා මොවුන් පසුගිය චන්ද කාලවලදී ක්‍රියා කල ආකාරය ජුගුප්සාජනකය!
පසුගිය මල්ලෙපොල් වියුනු සටහනට එක් වූ ආලෝචනයක් මෙහි පල කරන්නේ මේ තුන් බෑ ජටිලයන් ගැන තවදුරටත් කරුනු කාරනා කියාදීමට ය!

1/2

බළලුන් ලවා කොස් ඇට බාවන දෙබිඩි තුන් කට්ටුව

අතිගරු සරසතුමනි,

ඔබතුමා ඉතා වැදගත් මාතෘකාවක් කතිකාවට ගෙන ඇත. බළලුන් ලවා කොස් ඇට බාවන තුන් කට්ටුවක් ගැන ලියන්නට අපි ද සිතා සිටියෙමු. තුනලංකා අපැජා වැනි මුග්ධයන් පසුපස සිට, රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය මඩ ව්‍යාපෘතිය මෙහෙයවන්නන් ඔය තුන් කට්ටුවට අයත් බව රහසක් නොවේ. පසුගිය සමයේ තුනලංකාවේ කමෙන්ට්ස් අඩුවන විට බ්ලොග්කරුවාට වඩා කලබල වූයේ තුන්කට්ටුවය. එක් අයෙක් තුනලංකාවේ එට්කා පච ලිපියක් කවදාවත් නැතිව මහ රූ යාමයේත් රීට්වීට් කළේය. ‘උද්දච්චකම අතහැර සරසා වගේ පාඨකයන්ට ගෞරව කරපිය’ යන දැඩි අවවාදය තුනලංකා අපැජාට දෙන්නට තරම් තුන්කට්ටුව කලබල වී ඇත.

එකෙක් ⁣එක වැඩක් හෝ හරියට නොකළ එහෙත් හැම වැඩේටම අත ගහන උසස් පෙළවත් හරි හැටි සමත් නොවූ සැබෑ පුස්සෙකි. දැනුම සඳහා ප්‍රවේශය සීමාකාරී වූ අතීත යුගයක තානාපති කාර්යාල ආශ්‍රිත මධ්‍යස්ථානවල කැරකි කැරකී සඟරාවල පළ වූ දෑ මොහුට තේරෙන තරමට සිංහලයට නඟා අම්බලම් තීරූවලට ලියූ මොහු දැනුම මැජික් නොවන වර්තමාන යුගයේ දී අතීත කාර්යයම කර ගෙන යයි. සේපාල් අමරසිංහ සහෝදරයාගේ වචනවලින් කියන්නේ නම් මොහුගේ මූට්ටුපීස් මාස්ටර්සීස් මාට්ටුපීස් වී දැන් බොහෝ කල්ය. මොහු මේ මෑතක දී රජරට වකුගඩු රෝගය ගැන නොදන්නා කර්මාන්ත කරන්නට ගොස් නා ගත්තේය (පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් සහ සීකේඩීයූ අතර වෙනස නොදන්නා, සර් ජෝන්ට ⁣බුදුගුණ ආරෝපණය කරන්නට තතමන කැනඩා පිසියොතෙරපිස් හොර මනෝ වෛද්‍ය විශේෂඥට වඩා නම් මොහු යමක්කමක් දනියි). මොහුගේ අතීත ක්‍රියා ගැන පූර්ණ වාර්තාවක් අපි වෙන ම ලිපියක් ලෙස ඉදිරියේ දී පළ කරන්නෙමු. මොහු වීකේඑස්ට එදවස ගැසූ මඩ ගැන මතකය අපේ හිත්වල තවමත් පවතී. වීකේස් යනු මොහු වැනි නූගතකු නොවන බව ශාස්ත්‍රාලීය වියත්තු දනිති.

තවකෙක් තූත්තිකුඩියෙන් තමා ඉංජිනේරු උපාධියක් ලැබූ බව කියන මෙලෝ හසරක් හරි හැටි නොදන්නා උපන් ගෙයි හීනමානකාරයෙකි. ඒ හාදයාට ඇති පුස් සුදුසුකම ඇණ මුරිච්චි තදකිරීමේ වෝකර් මහාචාර්ය අජිත් පැරකුම් ජයසිංහට වුව ඉන්දියාවෙන් පහසුවෙන් ලබා ගත හැකි එකකි. මොහු සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ සත්ගුණවත් සාධාරණ-කොටෙක් ලෙස ය. එහෙත් මොහු අන්තිම කුහක නරුමයෙකි. රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක ප්‍රධාන සැලසුම්කරුවා මොහුය. අතිගරු සරසතුමා මොහු පිළිබඳ සංවාදයක් ඇරඹීම ඉතා හොඳය. තමන් ඇටයක් නොදන්නා ඇටමික් එනර්ජි ගැන මොහු කළ කී දෑ ද කීර්තිමත් කොළඹ විශ්වවිද්‍යාලය කළ එක් ගොන්කමක් ගැන ද අප කලක සිට තොරතුරු සංචිත කර ඇත. මෙම තූත්තිකුඩි දෙබිඩ්ඩා ගැන අපි ඉදිරියේ දී ලිපි දෙකක් ලියන්නට බලාපොරොත්තු වෙමු.

අනෙකා නම් සුදුසුකම් ඇති පැරණි යාළුවෙකි. ඔහුට බුද්ධියක් ඇත. අතීතයේ දී ශාස්ත්‍රීය යමක් කතා කළ හැකි සොඳුරු සංවාදශීලී මනුෂ්‍යයෙකි. එහෙත් දැන් ඔහු වැඩ කරන්නේ සුෂුම්නාවේ පහළ කොටසෙන් පමණක් තීරණ ගැනීමෙනි. ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි. විද්‍යාපීඨ පරිශ්‍රයේ සැරිසැරූ චරිත ගැන අප පෙර ද ලියා ඇත. ඇත්තටම අතිගරු සරසතුමනි, නීති ක්ෂේත්‍රය යනු අතීතයේ දී ශාස්ත්‍රීයව අනාථ වන චරිතවලට ගැලවුම් දේශයක් වැනිය (මුලින් පැවසූ සුදුසුකම් නැති අවිද්‍යා මාධ්‍ය බකපඬියාත් කාලයක් නීතිය කරන්න ගිය බව මතක් කර ගන්න). අප එසේ පවසන්නේ රෝඩ්ස් ශිෂ්‍යත්වලාභී ගාමිණි ලක්ෂ්මන් වැනි නීති ශාස්ත්‍රවන්තයන්ට ද නීතිඥ පී. ඒ. ජයකුංග වැනි වැදගත් නීති වෘත්තිකයන්ට ද නිසි ගෞරව කරමිනි. කෙසේ වෙතත් විද්‍යාපීඨ භූමියේ නොවැඩුණු ජීවය නීති විද්‍යාලයේ දී පණනල අල්ලා ගත්තේය. එය කැනඩාවේ දී අතුඉති ලා වැඩිණි. එහෙත් ඔය මහාචාර්ය පට්ටම නම් වෙනම කතාවකි. අපේ චන්ද්‍රීකා මැතිනිය සාමයේ දූතිකාව ලෙස ලක් දෙරණේ මතු වූ සමයේ මාධ්‍යයෙන් මතු කළ බුද්ධිමතුන් රෑනක් බිහි වූ බව අතිගරු සරසතුමාට මතක ඇති. ඒ වන විට එංගලන්තයට වී සර් ජෝන් බර්ට්ට බීබීසිය ගොඩ ගන්නට උපදෙස් දෙමින් සිටි (හිනාත් යනවා අතිගරු සරසතුමා මේවා ලියනකොට!) දර්ශන විශාරද වසන්තා (දේශපාලන මතය කුමක් වුණත් වසන්ත රාජා උගතෙක්), එලොව ගිහින් මෙලොව පැමිණි මහපොළ ශිෂ්‍යත්වලාභී පරණේ, යොහාන් ගල්තූන්ටත් ගැටුම් සමථනය ඉගැන්වූ ශිරාල් (ඡන්ද කෙරුවාවකට ගොස් දෑවැද්දට ලැබුණ ඉඩමත් නැති කර ගත්තා නොවැ!) ආදීන් අතර එක් අයෙකි අන්තර්ජාලය ගැන මැජික් කතා කියන්නකු ලෙස පැමිණි අප පෙර කතා කරමින් සිටි තැනැත්තා. ඇත්තෙන්ම ඔහුට සම්මාන මහාචාර්යකමක් ලැබුණේ එම රංගනයන්ට පසුව මොරටුවෙනි. එහෙත් මොහු මහාචාර්ය සුනිල් ස්ටැනිස්ලව් වික්‍රමසූරිය පන්නයේ අතිවිශිෂ්ට මහාචාර්ය චරිතයක් නොවේ (සේවාර්ජිත නැති නම් විශ්‍රාම ගෙන ගෙදර යන දාට ආපසු දීලා යන මහාචාර්ය තනතුරු ගැන අප නොදන්නවා ද කියා අපේ අතිගරු සරසතුමා දන්නවා නොවැ).
ctd…
ReplyDelete
2/2

අතිගරු සරසතුමනි, ඔය තැනැත්තාගේ දිව ඕනම පැත්තකට හොඳට නැවෙන එකකි. අඹ කාලයට අඹ ද රඹුටන් කාලයට රඹුටන් ද කීවා සේ චන්ද්‍රිකා කාලයට චන්ද්‍රිකාය; මහින්ද කාලයට මහින්දය; සිරිසේන කාලයට සිරිසේනය. 2020 වන විට මොහු මොකක් හෝ විසුළු න්‍යායක් හදා ගෙන රූපාන්තරණය වන බව අපි කැට තබා පවසමු. එතකොට ඉතිං එට්කාවේ පව් ටික සමන් කැලේගමගේ (සමන්ගේ පියා ජයන්ත පුරෝගාමී ශාස්ත්‍රවන්තයෙකු බව අතිගරු සරසතුමා දනී) අක්‍රිය ගිණුමට දාන්න බැරියැ. ඔක්ස්ෆර්ඩ් වගේ ද සයිමන් ෆ්‍රේසර්! මොහුගේ ඉන්දියානු-බංගලි වාද ගැන ලිපියක් ලියන්නේ ද නැති ද යන්න පසු ව තීරණය කරමු.

අතිගරු සරසතුමනි ඇත්තෙන්ම ඔබතුමා ද අපි ද මේවා ලියන්න අකැමැති වෙමු. ඔබතුමාට ද අපට ද මේවා ලියනවාට වඩා වෙනත් වැඩ තිබේ. එහෙත් අපේ ජන්මභූමිය වූ ශ්‍රී ලංකාවට වින කරන්නට වැඩ කරන දෙබිඩ්ඩන්ට එරෙහිව ඔබතුමා අරඹා ඇති ශ්‍රේෂ්ඨ අරගලයට දායක වීම අපගේ ඵෙතිහාසික කාර්යභාරයකි. විශේෂයෙන්ම ඔය බොහෝමයක් දෙබිඩි චරිත අතීතයේ දී අප සමීපව ඇසුරු කළ අයය. ඔවුන් බොහෝ දෙනෙකු තුළ සුන්දර මිනිස්සු සිටිති. එහෙත් අවාසනාව ඒ සුන්දර මිනිසුන් නිදි වැදී සිටීම ය.

අතිගරු සරසතුමනි, හදවතින් අප යුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ!


තුන්කට්ටුවට එරෙහිව විශේෂ බලකාය
(නිශ්චිත කාර්යසාධනය අවසන ස්ථිරවම විසුරුවා හැරේ)




මගේ කතාව මෙයින් අවසාන නොවේ.

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

Sunday, July 16, 2017

යහපාලනේට එලුවාත් රැවුල පාන්නට පටන්ගනී....

නිවටයෙකු දුටුවාම නෝන්ජල් සතෙකු වන එලුවාද රැවුල පානා බව ජනවහරේ සඳහන් වේ.

ඒ බස පසක් කරමින් පසුගියදා සියඹලාන්ඩුව කරනා යහපාලනතන්ත්‍රේ ඇමැති හා උපඇමැති බානක් වන ජෝන් සෙනෙවිරත්න හා නිශාන්ත මුතුහෙට්ටිගොම මහතානන් විසින් තමන් සියඹලාන්ඩුව අතහැර මැදමුලනට නැවත  සන්ක්‍රමණය කරනා බව මාධ්‍යයට පවසූහ.

 ඊට කලින් දවසේ මාධ්‍යයේ පල වූවේ අනේ දෙසැම්බර් 31 දා වෙනකන් යන්න එපෝ කියා සොරිසේන ජනදිපති කරනා කන් කෙඳිරි ගෑමකි.

අමාරුවෙන් CIA සන්විදානයෙන් හා RAW සන්විදානයෙන් මුදල් අරගෙන ක කුමන්ත්‍රන්යෙන් බිහි වූ සියඹලාන්ඩුව කඩා වැටෙනවා දකිනා විසිල් සමාජේ ලොන්ත පෝල් පොරවල් වන රොහාන් සමරජීව අනේ ඉතින් මම නම් මේ සියඹලාන්ඩුවට සපෝට් කලේ එයාලගේ ප්‍රොගොතිසීලී ප්‍රොතිපත්ති ප්‍රකාසනේ කියවලාය නැත්නම් මගේ බල්ලාවත් යහපාලනේට සපෝට් කොරන්නේ නැත ආදී වසයෙන් පුවත්පත් සාකච්චා ලබා දීලා ය. එවැනිම ලොන්ත පෝලියක් වන තිසරණී ගුණසේකර ද එවැනිම ආර්ටිකල් එකක් ප්‍රසිද්ද කොරලා ය. 

තව ඩින්ගකින් වැල යන පැත්තට මැස්ස ගැසීමට සමත් සිවුමන්සල පුස් ඇටයා තුමා  "උසස් පෙල අසමත් පුරවැසි ඩිජිටල් මාධ්ය්කරනයේ මහින්ද ලකුණ" ගැනද බානක වෙට්ටුගොම තුමා "අමුවෙන් කෑම" හෙවත් Eating RAW ගැන  වචන සුවල්පයක් පැවසුවොත් පුදුම නොවනා මෙන් සරස තුමා මල්ලෙපොල් පාඨකයන් ගෙන් ඉල්ලා සිටී.