Monday, November 23, 2015

හීලියම් කාර්




මෝටර් රතේ ඇත්තේ ඉන්ටර්නල් කොම්බශන් එන්ජිමකි. ඇතුලේ පත්තුවේ. ඉන් පිස්ටොන් ආදිය කැරකැවී රතේ ගමන් කරති.

අපි වගේ යමක්  කමක් නොදන්න උදවියට නම් හීලියම් කියන්නේ ඉනර්ට් ගෑස් එකකි. මෙලෝ රසක් නැත. මොන දේ කලත් ප්‍රතික්‍රියාවක් නැති යහපත් කල්ක්‍රියාවෙන් යුත් වායුවකි.  ගිනි නොගනී... ඉන්ටර්නල් කොම්බශන් වානා ය!

හැබැයි වාහනේ ඩිකියට හීලියම් පිරෙවුවොතින් නම් එය බර අඩු වායුවක් නිසා  ගුවනින් යාමට හැකි වනු ඇත.


ඉනර්ට් ගැස් දමා ඉන්ටර්නල් කොම්බ්ශන් එන්ජිම පත්තු කරන්නට සමත් රවීතුමා සහ ඔහු ගේ උපදේසක මනප්පුවාලා අයවැයෙන් හීලියම් වලින් දුවනා කාර් වලට සීයට සීයක බදු සහන දුන්නේය.

ස ර ස තුමා කොඳුරු තෙල් හත් පට්ටේ සොයාගෙන ඇත්තෙමි. දැන් සොයන්නේ අර ඉතුරු ටික ය!

තොපි චන්දේ දුන්නේ මෙවැනි කොමිටල් හාදයන්ට නේද?

1 comment:

  1. බුද්ධිමතුන්ගේ බුද්ධිමත් නියෝජිතයන්ගේ තරම.

    ReplyDelete